Saturday, April 7, 2012

සාමාන්‍ය බුද්ධිය ගැන ‘ලු‘ කතන්දර දහයක් සහ තවත් කතාවක්..

පළවැනි කතන්දරය
මේ  දිනවල සිංහල බ්ලොග් අවකාශයේ වැඩි පුර කතාවෙන්නේ බිග් මෑඩ් පිල් ගැජට් එක ගැනය. ඒ ගැන කිව්වාට යුරෝ දෙකේ වීරයාට බොහෝ පින්ය. ඒ ගැජමැටික් එකෙන් අපි කියන දේවල් ටයිප් කරලා දෙනවාය. ඊට එහාට ගොස් අපි කියන ඒවා කරලා දෙන ගැජමැටික් වලට අපි කියන්නේ රොබෝ බබලා කියාය. ඒත් අපිට කරන්න දේවල් කියලා දෙන ගැජමැටික්ද දැන් දැන් ජනප්‍රිය වී ඇත. පාර හොයාගන්න සොෆ්ට්වෙයා හාඩ්වෙයා වැඩකෑලි දැන් මේ පුංචි මුතු ඇටයේද ප්‍රසිද්ධය. මේ ළඟදී රූගේ යාළුවෙකු අවුරුදු විසිගාණක්ම තිස්සේම විඩින් විඩේ ගිය තම මහගෙදරට යන පාර සුවර් කර ගත්තේ ගූග්ල් මැප් වලට පින්සිදු වන්නටය. මීට අමතරව අතේ ගෙනයා හැකි හෝ වාහනේට සවිකරගත හැකි සැටලයිට් නැවිගේශන් සිස්ටම් හා එකී මෙකී නොකී ගැජමැටික් අටෝ රාසියක් ඇත. ඒ අපේ ජීවතේ පහසු කරදෙන්නටය. මේ වගේ ගැජමැටික් නිසා මිනිස්සු මොළයෙන් කියන දේට වඩා ගැජමැටික් කියන දේ ගැන විශ්වාස කරන්නට ගොස් අමාරුවේ වැටෙති. පහළ තියන කතන්දර ඒ අමාරුවේ වැටීම් ගැන මට ආපු මේල් එකකින් කොපි කර පරිවර්තනය කරපු ඒවාය. මේවා කතන්දර පමණක් බැව් කරුණාවෙන් සලකන්න.

දෙවනි කතන්දරය

ජපානයේ ඉඳන් රටතොට බලන්නට ඕස්ට්‍රේලියාවට ආපු මිනිස්සු තුන්දෙනෙක් වාහනේ ජීපිස් සිස්ටම් එකට අනුව “ඉදිරියටම ධාවනය කරන්න“ කියලා කියපු නිසා මහ මුහුදේ වෙරළ පහු කරගෙන තවත් ටිකක් දුර ගිහිල්ලාලු. ටිකක් වෙලා ගියාට පස්සෙ තමයි තේරිලා තියෙන්නෙ මේ ඉන්නෙ මුහුද මැද කියලාලු. වාහනේ මුහුදෙ දාලා ආපහු එන්න එද්දි වටේ පිටේ මිනිස්සු හූ තිය තිය හිනාවෙලාලු. පින්තූරෙ බලන්නකෝ.


තුන්වෙනි කතන්දරය
ඇමරිකවේ ඉන්නා ගෑල්ලමයෙකුට ලැබුණු ජෝක් ඊ මේලයකින් කියැවුනේ මෙවැන්නකි.
"When I’m bored, I send a text to a random number saying ‘I hid the body, now what?’
ගෑණු ළමයා ඒ වෙලාවේ වැඩක් නැතුව සිටි නිසා මේ විදිහට අහඹු නොම්මරේකට මේ එස් එම් එස් පණිවිඩය යැව්වාම ඒක ලැබී තිබුනේ පොලිසියක මහත්තයෙකුටලු.


පස්වැනි කතන්දරේ පින්තූරේ
හතරවැනි කතන්දරය
සංචාරක පිරිසක් එංගලන්තයේ සිට ප්‍රංශය දක්වා චාරිකාවක රැගෙන යෑමට සිටි බස්රථයේ රියදුරු මහතා වැරදියට සැට් නැව් ප්‍රෝග්‍රෑම් කර තිබූ නිසා එම චාරිකාව අවසාන වූයේ බෙල්ජියමේදිලු.

පස්වැනි කතන්දරය
තුර්කියේ ලොරි රියදුරු මහත්තයෙකුට යන්න ඕනෑ වී තිබුනේ ජිබ්‍රෝල්ටා (ස්පාඤ්ඤයේ) වෙතටය. තමන්ගේ ලොරියේ සැට් නැව් ඒ සඳහා ප්‍රෝග්‍රෑම් කල පසු ඔහු ඒ ගොස් තිබුනේ කිලෝමීටර් දෙදාහක් එහායින් ඒ නමින්ම තිබූ එංගලන්තයේ පුංචි ගමකටලු.

හයවැනි කතන්දරය
හොංකොං දේශයේ පලතුරු වෙළඳ සැලකින් ඩොලර් දෙකක් වටිනා පලතුරු දහයක් මිලට ගත් අයෙකු ඩොලර් විස්සක් දිගු කලද ඒ ගැන විශ්වාස නොකල කඩේ ඇන්ටී තමන්ගේ කැල්කියුලේටරයෙන් දෙක දහවතාවක් එකතු කරීමට පටන් ගත්තාය. මගදී එකතු කිරීම වැරදී දෙතුන් වතාවක්ම මේ විදිහට එකතු කරන්න වුනාලු.

හත්වැනි කතන්දරය

හත්වැනි කතන්දරේ පින්තූරේ

හත්වැනි කතන්දරය කියනවාට වඩා මේ පින්තූරය බලලා තේරුම් ගන්න එක ලේසියිලු.







අටවෙනි කතන්දරය
ඉන්දියාවේ මෑතකදී සිදුකල සමීකෂණයකින් කියැවුනේ වැසිකිළියක් ඇති නිවෙස් ගණනට වඩා ජංගම දුරකථනයක් ඇති නිවෙස් ගණන බොහෝ වැඩි බවය. මේ සමීක්ෂනයට අනුව තාමත් බොහෝ දෙනා මළපහ කරන්නේ එළිමහනේලු. තමන් දුකසේ හරි හම්බ කරගත් සල්ලි වැසිකිළියක් හදා ගන්නට නොව ජංගම දුරකථනයක් හෝ ඊටත් එහා ගිය ගැජමැටික් සඳහා වියදම් කිරීම විලාසිතාවක්ලු. හස්බන්ඩ්ගේ ගෙදරට පැමිණි අළුත් මනාලියක් තමන්ගේ ස්වාමියාගෙන් මෙසේ ඇසුවාලු.
“අනේ රවි මම මෙහෙට බොහොම කැමතියි. වයි ෆයි, ෆ්ලැට් ස්ක්‍රීන් ටීවී, ස්ටීරියෝ සවුන්ඩ් සිස්ටම් ගොඩක් ජාති තියනවා. ඒත් කෝ ටොයිලට් එක?!!“
“ඇයි ඔයා හිතුවද මම කෝටියක් හම්බ කරනවා කියලා. අපි වගේ එළියට යන්න අනේ...!!“


ඇබකස් එක
නමවෙනි කතන්දරය
හොංකොං බිස්නස් කාරයෙකු චීන බිස්නස්කාරයෙකු හමුවෙන්නට ගියේ ගනුදෙනුවක් කතා කරගන්නටය. හොංකොං කාරයා ගනුදෙනුවේ ගණං මිනුම් කැල්කියුලේටරයෙන් හදා පෙන්වූ විට චීනා තමන්ගේ ඇබකස් එක ගෙන ගාණ ආයෙත් හැදුවාලු. පුදුමයකට මෙන් උත්තරේ වෙනස්වූ විට සොයා ගත්තේ කැල්කියුලේටරයේ මයික්‍රෝචිප් එකේ වරදක් තියන බවලු.


දහවෙනි කතන්දරය
දහවෙනි කතන්දරේ පින්තූරේ

සමහර වෙලාවට අපි මොලේ පාවිච්චි නොකරන එක යහපතටද හේතු වේලු. මේ පින්තූරයේ තරුණයා ජාතිවාදී ප්‍රකාශන කලා යැයි අත්අඩංගුවට ගැනීමට බැහැනොවැ.






තවත් කතාව
රූ  හට ජීවිතේ මුණ ගැහුනු  ලස්සන අපූරු දේවල් ගැන ලියන්නට පටන් ගත් ලියවිල්ලට දැන් පෝස්ටු පනහක්ය. මේ දක්වා රූ එක්ක එකට හිටිය යාළුවො හැම දෙනාටම ගොඩක් ස්තුතියි කියලා කියමි. පනස් එක් වැනි පොස්ටුවේ ඉඳන් තවත් පොස්ටු කීපයක් වෙනස් විදිහට හිතපු ඉන්දියානු මනුස්සයෙක් ගැන ඔයාලට කියවන්න ලැබේවි. අළුත් අවුරුද්දට මගෙන් ලැබෙන තෑග්ග ඒකයි ඔන්න.

53 comments:

  1. KILL ALL THE JUICE DUDES!
    henryblogwalker the Dude

    ReplyDelete
  2. ඔන්න අපි බලාගෙන ඉන්නවා තෑග්ග ගන්න..

    අපේ ඇමරිකාව කොන්ඩම් කරපු උද්ඝෝෂණය මතක් වුනා..

    ReplyDelete
    Replies
    1. ඔයාටත් මේ පැත්තෙ ආවොත් තෑගි ගන්න පුළුවනි..
      ලෝකෙ කොහේ කොහොම හිටියත් කොමන් සෙන්ස් නැතුව බෑ හරී..

      Delete
  3. බොග් තීම් එකත් වෙනස්වෙලා, හැබෑම වෙනසක් වෙන්න යනවා වගේ! සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලහිරු..
      ම්..සෑහෙන්න මහන්සි වුනා අප්පා..එපා වෙනවා..

      Delete
  4. 50ට ජයවේවා...! තව පෝස්ට් ගොඩක් ලැබෙන්න කාලය හම්බුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අදහස් තිබුනට ලියාගන්න කාලයනේ නැත්තේ.. නේද....

    අළුත් අවුරුදු තෑග්ග ඉක්මනට හම්බුවේවා..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රන් මාළුවෝ..
      පොස්ටු 50ටම වගේ ඔයත් ආවනේ..ඒකටත් බොහොම පින්..

      අවුරුදු තෑග්ග..හිත පිනෙව්වෙ නැතත් ඉගෙන ගන්න දෙයන් නම් තියෙයි අනිවාර්යෙන්ම..

      Delete
  5. මම නං ලගදී ආවේ..... ඕන්නං දෙතුන් දොහක් මේ පැත්තෙ එන්ඩ ඇති.... ආගන්තුක සත්කාර හොඳයි වගේ... වටින කියන ඒවා පෙන්නලා දුන්නනේ... දිගටම එන්ඩ බලනවා... දිගටම මේ විනෝදාංශය කරගෙන යන්න හිතේවා! කාලය ලැබේවා! ගැජමැටික් එකේ අවුලක් නෑ නේද.... වොරන්ට් පීරියඩ් එකේ අවුලක් උනොත් අපි අලුත්ම එකක් ගෙදෙට්ටම ගෙනැල්ලා දෙනවා හොදේ!

    ReplyDelete
    Replies
    1. ම්..ඔයා ආගන්තුක සත්කාර බලං එන්න එපා හොඳේ හැමදාම නෑ හැමතැනම නෑ..
      ගැජමැටික් එක ගැන..හ්ම්..මොනවා කියන්නද අපි..

      ප/ලි:
      දවසක් මම අපේ කස්ටමර් කෙනෙකුට කිව්වා අපි හොඳ වොරන්ටි සර්විස් එකක් දෙනවා කියලා..ඒ මනුස්සයා ගත් කටටම කියාපි ඇයි ඔයා කැඩිච්ච බඩුද විකුණන්නේ කියලා..හික්ස්..

      Delete
  6. අප්පච්චියේ ලොකු වරදක්! බ්ලොග් එකේ නම රෑ සිරිනිද රූ සිරිනිද.... අලුත් එකට මාරු වෙද්දි අවුලක් වෙලා නේද? අපිට රෑට නං එන්ඩ බෑ ගැල්ලමයිගෙ ගෙවල් ඔල....

    ReplyDelete
    Replies
    1. @ බුද්ධි,
      කෝ කෝ මට පේන්නෑනේ..;)
      රූට රූට ගෑල්ලමයින්ගෙ බ්ලොග් පැත්තෙ ඇවිල්ලා හාමිනේගෙන් ගුටි කන්නයි වෙන්නෙ ඔන්න..:D

      @චතුරංග
      බුද්ධි කොළුවට හිනාවෙනවා නෙවියි ඔන්න..

      Delete
  7. ඇයි මේ " රූ සිරිනි" "රෑ" වෙලා කාලයේ ප්‍රශ්නයක්ද?

    ඕනෑවට වැඩිය නැවිගේෂන් වගේ ගැතමැටික්ස් ගැන නොහිතා අර පුරුදු සිතියමත් ළඟින් තියාගත්ත නම් හොඳයි.

    අටවෙනි කතාව අපේ අල්ලපු රට ඒකනම් නියමයි

    ReplyDelete
    Replies
    1. හයියෝ පැය ගාණක් මොනිටරේ ඉස්සරහ ඔළුව කරක කරකා හිටියත් මට පෙනුනේ නෑ නොවැ අවුල..සාමාන්‍ය බුද්ධිය කියන්නෙ ඕකට තමයි..එක්කො කමක් නෑ හොඳ යාළුවො ටිකක් ඉන්නවනේ වැරදි පෙන්නලා දෙන්න..

      සිතියම් කතාව නම් මටත් හිතිලයි තියෙන්නෙ අප්පා මේ ගැජමැටික් අපි නොමග යවනවා...

      අල්ලපු රටට හිනා වෙන්න එපා අනේ..

      Delete
  8. 50ට ජය
    අවුරුදු තෑගි ගන්න මග බලන් ඉන්නෙ..........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩාක්..
      අවුරුදු තෑගි තාම මග..!!

      Delete
  9. Replies
    1. ගොඩක් ස්තුතියි..
      ඉඳල හිටලා පුළු පුළුවන් වෙලාවට මේ පැත්තෙ එන යාළුවෙක්නෙ...

      Delete
  10. සුභ පැතුම් අක්කේ.. අවුරුදු තෑගි ගේනකම් බලාගෙන ඉන්නවා.. නැවිගේශන් සිස්ටම් ගැන කියන්න දෙයක් නෑ.. ඒවා පෙන්නන්නේ වැරදි පාරක්.. අත්දැකීමෙන් කියන්නේ..

    ReplyDelete
    Replies
    1. ග්‍රාසි ග්‍රාසි..
      හැමදාම මේ පැත්තෙ ඇවිල්ල යනවාට ඔයාටත් ගොඩක් පින්..
      අවුරුදු තෑගි ගන්නත් එනවා නේද?

      නැවිගේශන් සිස්ටම් ඔය පැත්තෙත් වැරදිද අප්පා..එහෙනම් ඉතින් රස්තියාදු ගහන්න සිතියමක් තමා ගන්න වෙන්නෙ..

      Delete
  11. සුභ පැතුම් අක්කෙ!!!අවුරුදු තෑගි මටත් හම්බෙයි නෙ??

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිතූ..
      අවුරුදු තෑගි නේද? අනිවා දෙනවා..

      Delete
  12. පනහක්ද ??? ජයවේවා . . .

    ReplyDelete
    Replies
    1. හ්ම්..තැන්කූ තැන්කූ..

      Delete
  13. දේවි බාලිකා එකේ ඉගෙනගත්ත මගෙ මිතුරියො දෙන්නෙක් මොකද්දෝ ගැජමැටික් එකක ආදාරයෙන් BMICH එක හොයාගෙන ඇවිදලා. ඉස්කෝලෙ ගාව ඉදල BMICH එකට යන්න පැය තුනකට කිට්ටු වෙලාවක්ගිහිං තිබ්බා.

    ටෘ ස්ටෝරි

    ReplyDelete
    Replies
    1. හාපො පයින් ආවත් පැය බාගයක් යන්නැති ගමන..ළඟ පාත හිටපු ත්‍රීවිල් අයිය කෙනෙක්ගෙන් ඇහුවත් කියයි පාර නම්..මම නම් හැමදාම විස්වාසෙ තියන නැවිගේශන් ට්‍රික් එක ඒකයි..

      Delete
  14. පණහට සුභපැතුම්...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බීට්ල්..මේ පැත්තෙ ගොඩවැදුනටත් කොමෙන්ටුවටත්..

      Delete
  15. හැම දේම වෙනස් වෙලාලු. බ්ලොග අදුර ගන්න බැරුව ගියාලු.

    ජයෙන් ජය පතනවලු !

    ReplyDelete
    Replies
    1. හයියෝ සල්ලි..ඔයා ජය පතලා තියෙන්නේත් ලු කාරයෙන්නේ..!!
      හික්ස්..ස්තුතියි සෑම්..

      Delete
  16. සුභ පැතුම්.. මගෙත් පෝස්ට් 50 සම්පුර්ණ වුනේ මේ ලඟදි... ඒත් මට එක අමතක වුනා නේ.. පනහ නම් එල!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔයාටත් රිටන් සුභ පැතුම්..!!

      Delete
  17. චහ් අලුත් අවුරුද්දට සූට් එහෙකුත් හම්බෙලා
    රෑ-රූ හබය එකොලොස්වෙනි කථාව නොවේවා :-)

    ReplyDelete
    Replies
    1. ගොඩක් තැන්කූ මේ පැත්තෙ ආවටත්..පළවෙනි කොමෙන්ටුව දාපු යාළුවෙක් පනස්වෙනි එක වෙනකම් ඉන්නවා කියන්නෙ ලොකු දෙයක් මට නම්..ස්තුතියි තිස්ස ඔබට..

      හ්ම්..අළුත් ඇඳුම ගැනනම් කියන්න තියෙන්නෙ පැය ගාණක් මහන්සිවෙලා හදලත් මට මේක පෙනුන්නෑ නොවැ..
      එකොලොස්වෙනි කතාවක් නෑ ඔන්න එහෙනම්..

      Delete
  18. අනිත් ඒවානම් මංදා.. අටවෙනි එකනම් පට්ට ඇත්ත බවට මම සහතික.

    ReplyDelete
    Replies
    1. හයියෝ අල්ලපු රටේ ලොකු අයියලාට කොචෝක් කරන්න එපා සෙන්නා..
      නරක ගති දාහක් තිබුනත් ඒවා ඔක්කොම අමතක කරන්න පුළුවන් එයාලගෙ එක හොඳ ගතිගුණයක් තියනවා..ඒ ගැන කතාව ඊළඟට..

      ස්තුතියි

      Delete
  19. අර්ධ ශතකය වාර්තා කිරීම වෙනුවෙන් රූ සිරිනී වෙත උණුසුම් සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විසිතුරු..ගොඩාරියක්..

      Delete
  20. මගෙත් සුබ පැතුම් රූ...ඔයා රෑ නෙමේනේ. රූනේ. :D:D:D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි..ගොඩාාාරියක් මේ පැත්තෙ නිතරම එනවට..
      නෑ අනේ මේ පොඩි පටලැවිල්ලක් වුනා අළුත් ඇඳුමට මාරු වෙද්දි..අපි ඉතින් මහ ලොකු සොෆ්ට්වෙයා වැඩ කෑලි දන්නෑනෙ..

      Delete
  21. කාලෙකින් මේ පැත්තේ පස් පාගන්න බැරි වුනානේ බැලින්නම් අක්කා බ්ලොග් ගෙදරට තීන්ත එහෙම ගාලා අළුත් ඇඳුම් අන්දලනේ.... මාර ලස්සනයි ඇහැට මාර සනීපයි.... කතා ටික නම් සුපිරි කොහෙන් හොයාගත්තද මංදා... පනහට සුභ පැතුම් අක්කෝ... නැවිගේෂන් සිස්ටම් කියවද්දි මතක් වුනේ මගේ යාළුවෙක් ලංකාවේ මැප් එකක් ඩවුන්ලෝඩ් කරන් අනුරාධපුරේ ගිහින් තිබුන කතාවක්

    ReplyDelete
    Replies
    1. තැන්කු මලේ සුභ පැතුමට...
      ඇඳුම ගැන නම් තවත් පොස්ටුවක් ලියන්න තරමට නැටුවා. අන්තිමට ඔන්න ඔහෙ ඕන එකක් කියලා මේක දාලා දැම්මා..

      යාළුවගෙ කතාවත් ලියන්නකෝ බලන්න..

      Delete
  22. දන්නෙම නැතුව 60 ක් වෙලා නේද? සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. 60ක්? හ්ම්..තැන්කූ කතන්දර
      ඔයා කතන්දර ලියන විදිහ අපි හැමෝම මෝටිවේට් කරනවා මම හිතන්නෙ..
      තැන්කූ වේවා..ආයෙත්..

      Delete
  23. 50 ට ජය වේවා. තෑග්ග ඉක්මනට ඕනේ හොඳේ

    ReplyDelete
    Replies
    1. අනිවා අවුරුද්දට කලින් දෙනවා..

      Delete
  24. අයියෝ ටිකක් ලේට් වුනා එන්න...
    මගෙන් හද පිරි සුභ පැතුම් ඔන්න,,,....
    ඇත්තටම ආස විස්තර ටිකක් දාලා... නියමයි

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි :)

      Delete
  25. 50 වෙනි පොස්ට් එකට මගෙත් සුභ පැතුම්. කතා සියල්ලම නියමයි.

    ReplyDelete
  26. මරු කතා සෙට් එක !!!!

    ReplyDelete