ශාන්තා බයෝටෙක් අද.. |
මෙතුවක් කල් දුරකථනයෙන් පැවැත්වූ සබඳකම් වලට නව මානයක් ගෙනෙමින් 1993 මුලදී වරප්‍රසාද්ට ආචාර්ය ගුන්තක මුණ ගැසීමට අවස්ථාව උදාවිය. ව්‍යාපාරයේ
විස්තර ඇසූ ආචාර්ය ගුන්තක ඒ ගැන කෙතරම් පැහැදුනේද යත් ඔහුට තව තවත් උදව් කිරීමට
පොරොන්දු විය. මොහොතකට සිතන්න ජීවතාක්ෂනය හෝ ඖෂධ නිපදවීම ගැන මළපොතේ අකුරක් නොදත්
වරප්‍රසාද්ට ලෝකයේ පිළිගත් නොබෙල් ත්‍යාග තේරීම් කමිටු සාමජික විද්‍යාඥයකුගේ
පැහැදීමට ලක්වීම තරම් පුදුමයක්! ආචාර්ය ගුන්තක වරප්‍රසාද්ගේ කටයුතු සඳහා
කොලොම්බියාවේ ඔහුගේ විද්‍යාගාරයේ පහසුකම් ලබාදුන්නේය.
1993 අගෝස්තුවේදී ආචාර්ය ගීතා ඔස්මනියා විශ්ව විද්‍යාලයෙන් නිවාඩුගෙන ආචාර්ය
ගුන්තකගේ විද්‍යාගාරය බලා පිටත් වූවාය. ඇය හෙපටයිටිස් බී වෛරසයේ මතුපිට වසා ගන්නා
කවරය නිර්මාණයට දායක වන ප්‍රතිදේහය (Surface
Antigen) වෙන්කර ගැනීමට තම පර්යේෂන කටයුතු මෙහෙය වූවාය. ඇය මෙවැන්නක් කවදාවත් කර
නොතිබූ අතර අනිත් අතට වරප්‍රසාද් ඇය කෙරෙහි පූර්ණ විශ්වාසය තැබුවේය.
සාමාන්‍යයයෙන් සියළුම එන්නත් තුල මෙම ජානය අඩංගු වූ අතර ශරීරයේ ප්‍රතිශක්තිකරණ
පද්ධතිය වෛරසය විනාශ කිරීමට පණ ගැන්වූයේ මෙම ජානයේ බලපෑම මගිනි. මෙහිදී අභියෝගය
වන්නේ මෙම ප්‍රතිදේහ ජනකය වෛරසයෙන් වෙන් කරගෙන වෙනත් ජීව වස්තුවක රෝපණය කිරීමයි.
මෙම රෝපණයේදී වෛරසය නොමැතිව ප්‍රතිදේහ ජනකය පමණක් නිපදවිය යුතු වීමයි. මෙමගින් ශරීරය තුල ඇති පදම් ප්‍රතිදේහ නිපදවීමට උත්තේජනය කරන අතර පසුකලෙක හෙපටයිටිස් බී වෛරසය
සිරුරට ඇතුළු වූවොත් ඒවා විනාශ කරනු ඇත.මෙම තාක්ෂණයේදී ජීව වස්තු දෙකක- දායකයකයා
හා බැක්ටීරියාවක ජාන (DNA) එකතු කිරීම මගින්
බැක්ටීරියාවට අළුතෙන් ජාන ගුණාංගයක් ලැබෙන අතර ඒ වෛරසය වෙනුවෙන් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණයක්
ගොඩ නැගේ.
අළුතෙන් සොයාගත් තාක්ෂනයක් වූ මේ සඳහා කෙරී ඇති පර්යේෂන අවම මට්ටමේ
පැවතීම අභියෝගයක් නොවූවා නොවේ. මෙවන් ඖෂධයක් නිපදවීම සඳහා තියරිය දැන සිටියද, සැබෑ
නිශ්පාදන ක්‍රියාවලිය තවමත් රහසකි.
මාස හතරක් ගෙවී ගියේය. ප්‍රතිදේහ ජනකය වෛරසයෙන් වෙන් කර ගත් අතර 1993
දෙසැම්බර් මසදී ආචාර්ය ගීතා නැවත ඉන්දියාවට පැමිණියාය.
අළුත් දෙයක් ප්‍රතිඵල ක්ෂණික ආප්ප මෙන් පණ ගැන්වෙන්නේ නැත. කල් ගත වන විට මුලදී තිබූ ජවය රැක ගැනීමටද අපහසුය. වරප්‍රසාද්ට ඒ මන්දෝත්සාහීබවට එරෙහිවද සටන් කිරීමට සිදුවිය.
වරප්‍රසාද්ට නම් පර්යේෂන එහි වාඩුව ගනිමින් සිටියා මෙන් දැනී තිබුනේය. වසර
දෙකක් ගතවුවද අතැති මුදල් දියවී ගියද තමන්ගේ පියාගේ ඉඩම් එකිනෙක විකිණුනද කාලයද
මුදල්ද තවත් මදිපාඩුය. මුදල් සොයා වරප්‍රසාද් තැනින් තැනට ගියේය.ඒ වන විට කිසිම
ඉන්දියානු බැංකුවක් ජීවතාක්ෂනය යනු සුදුද කලුද කියාවත් දැනගෙන නොසිටියහ. එක් ජාතික
බැංකුවක සභාපතිවරයෙකු
“මගේ කාලය නාස්ති නොකර තොලොංචිවෙයන්“
යැයි කීවේය. ප්‍රාග්ධන
ජාවාරම්කරුවෝ ව්‍යාපාරයේ ලොකු හිමිකම් ඉල්ලූ අතර එයට එකඟ වූවානම් වරප්‍රසාද්ට පඩි
ලබන සේවකයකුට වඩා වැඩි දෙයක් නොලැබෙන්නට ඉඩ තිබිණි. සෑම දොරක්ම වැසී ඇති බව වරප්‍රසාද්ට
දැනුනද ඊළඟ පියවර සඳහා ජීවාණුහරණය කරන ලද කාමර,අධිතාක්ෂණික උපකරණ හා විද්‍යාගාරයක් සඳහා අවශ්‍යව
තිබුනි.
සියල්ලම සිසිර සෘතුවේ මීදුම මෙන් නොපැහැදිලි වන්නට පටන් ගත්තේය. මෙතරම්
උත්සාහ කලද වරප්‍රසාද් සහ ඔහුගේ ව්‍යාපෘතිය අමාරුවේ වැටී ඇත. එහෙත් සාමාන්‍යයයෙන්
සිදුවන පරිදි නොසිතූ තැනකින් උදව් ලැබුනේය. ඕමානයේ විදේශ ඇමතිවරයා ආයෝජනය කිරීම
සඳහා ව්‍යාපාර අවස්ථා සොයන්නට වූ අතර ඔහුගේ නියෝජිතයා වූ කලීල් මහතාට වරප්‍රසාද්ගේ
සිහිනය ගැන ආරංචි වී තිබුනි. ඔවුන් මුම්බායේදී මුණ ගැසුනහ. සමාජ මෙහෙවරක් සඳහා
වරප්‍රසාද්ගේ කැපවීම කලීල්ගේ සිත් ඇදගත්තේය.
තමන්ගේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා වරප්‍රසාද් මෙතුවක් කල් කල කී දෑ හා
ඒවායේ ගුණාත්මක තත්වය ගැනද කලීල් පැහැදුනේය. ඕමාන් විදේශ ඇමතිවරයා රුපියල් ලක්ෂ
190ක් ආයෝජනය කල අතර ඕමානයේ බැංකුවෙන් ලිහිල් කොන්දේසි මත ණය ආධාරයක්ද සූදානම් කර
දුන්නේය. වරප්‍රසාද් තම උපරිම වේගයෙන් ක්‍රියාත්මක වූ බැවින් මුදල් ඔහු වෙත ගලා
ආවේය.
වරප්‍රසාද් වැනි විප්ලවීය සොයාගැනීම් කරන්න් සෑම දොරකටම තට්ටු
කරති;විශ්වයේ කුඩා වෙනසක් කිරීම වෙනුවෙන් මිනිසුන් හමුවී ඔවුන් පොළඹවා ගන්නට
පහදවා ගන්නට උත්සාහ කරති. එයින්ම ගතිබලය (momentum) ඇතිවන අතර නොහැකි දේවල් සිදුවීමට
පටන් ගනී. සමහරුන්ට එය අහම්බයක් ලෙස හෝ වාසනාව ලෙස පෙනීමට ඉඩ ඇත.
නිදා සිටියදී දකින සිහින රෝස මල් යහනාවකින් කෙළවර වුවද සැබෑ ලොවේදී එසේ වන්නේ නැත. වරප්‍රසාද්ට අවැසි මුදල් ලැබුනද එක් රැයකින් සිහිනය එළිවුනේ නැත අපි ඒ ගැන ඊළඟ කොටසෙන් කියවමු.
පින්තූරු අනුග්‍රහය: http://www.nature.com/nbt/journal/v25/n4/full/nbt0407-403.html
විටෙක ඇද වැටුනා සැබැයි.
ReplyDeleteඑහෙත් අප නතරව යා යුතුයි
ඔව් ඒ ගමන අප යා යුතුයි
යා යුතුයි යා යුතුයි..
මේ රත්න ශ්‍රී විජේසිංහ ලියූ කවියක කොටසක්..වරප්‍රසාද් හරියට ඒ වගේ වැටි වැටී නැගිටපු කෙනෙක්.ඕමාන් විදේශ ඇමති හැරුනු විට ඔහුගේ සහයට වැඩි පිරිසක් ඉන්දියානුවෝ ඉඳලතියෙන බවනම් පැහැදිළියි
ම්..ස්තුතියි අදහසට..
Deleteරත්න ශ්‍රී ගේ පද පේලි ටික මෙයට හොඳින් ගැලපෙනවා..කිසිවිටෙක උත්සාහය අත නොහැරිය යුතුමයි..
හපොයි.. මේ කතාව ඉවර නැද්ද?
ReplyDeleteමම හිතුවෙ 4න් ඉවර වුනා කියලා... :)
දිගටම ලියන්න..
ඔයා නොමග ගිහිල්ලනෙ..මම හිතාන ඉන්නෙ අතිනුත් කෑලි දාලා මුළු මාසෙම මේක අදින්න..හික්ස්..
Deleteතව ටිකක් තියනවා ඉවර වෙන්න..
වරප්‍රසාද්ට දක්ෂයක් එකතු උනත් යන්න උන ගමන ලේසි පහසු එකක් වෙලා නෑ.. බලමුකො අනිත් ටිකත්..
ReplyDeleteම්..උත්සාහයයි කැපවීමයි තමයි වැදගත්ම..
Deleteඔන්න ඊළඟ කොටසත් දැම්මා..
//නිදා සිටියදී දකින සිහින රෝස මල් යහනාවකින් කෙළවර වුවද සැබෑ ලොවේදී එසේ වන්නේ නැත//
ReplyDeleteමොන තරම් ඇත්ත කතාවක්ද?
තට්ටු කරන්නාට දොර ඇරේ කියන කතාවත් මතක් උනා කියවගන යද්දි.
ටොක් ටොක් ටොක්!
Delete@පොඩ්ඩි,
Deleteම්..වැඩේ තියෙන්නෙ ඇත්ත ලෝකෙ ඉද්දි හීන දකින්න අමාරු එක තමයි..
@බුද්ධි,
පොඩ්ඩි ඔයාගෙ යාළුවෙක් නිසා හොඳයි නැතුව ඔය දන්නැති දොරවල් වලට නම් තට්ටු කරන්න එපා හොඳේ..හික්ස්
අළුත් දෙයක් ප්‍රතිඵල ක්ෂණික ආප්ප මෙන් පණ ගැන්වෙන්නේ නැත. කල් ගත වන විට මුලදී තිබූ ජවය රැක ගැනීමටද අපහසුය. වරප්‍රසාද්ට ඒ මන්දෝත්සාහීබවට එරෙහිවද සටන් කිරීමට සිදුවිය. - මේ කාගේ අදහස්ද?
ReplyDelete.............
ටිකක් දිගට ලියන්ඩකෝ අප්පා... හරිබරි ගැහිලා කියවන්ඩ යද්දිම මෙන්න කතාව ඉවරයි.....!
ඔන්න දිගගගගගග.. කෑල්ලක් දැම්මා බලන්නකෝ..
Deleteඔය වගේ අදහස් වෙන කාට පහළ වෙන්නස මේ මම තුමියටම මිසක්..:D
(ඇත්තටම ඒ කෑල්ල අතින් දාපු එකක් :))
ඇත්තට දම්පාට කොටුව අස්සෙ තියෙන අදහස් ඔයාගෙද! සිරා!!!
Deleteඅයියෝ ඕකනෙ කියන්නෙ ඔයාට විහිළුවක්වත් තේරෙන්නෑ..හික්ස්..
Deleteනෑ බුද්ධි දම්පාට කොටුව ඇතුලෙ තියෙන්නෙ ඊට කලින් ජේද වලින් කියැවුනු දේ ජීවිත වලට ඇප්ලයි කරගන්නෙ කොහොමද කියලා..
ඒකත් ප්ලෑනෙම (සොරි පොතේම) කෑල්ලක්..ඉඳලා හිටලා රසවත්වෙන්න මමත් අතින් පොඩි පොඩි කෑලි දානවා අජිනමොටෝ වගේ..
ඔක්කොම කියෙව්වා...සුපිරි ඈ... :-)
ReplyDeleteතැන්කූ මේ පැත්තෙ ආවාට..
Delete