Monday, April 16, 2012

සිහිනය සැබෑ කරගත් කුකුල් කේන්තිකාරයා 4

කලින් ලිපියෙන් අපි වරප්‍රසාද් තමන්ගේ සිහින ගොඩ නගන්නට ගඩොල් එකතු කල සැටි අපි දුටුවෙමු. අද පෝස්ටුව ඔහු තම සිහිනය ඉන්දියාවට රැගෙන ඒම ගැනයි.

           වරප්‍රසාද් නැවත ඉන්දියාවට පැමිණියේ කුඩා මුදලක් හා ලොකු සිහිනයක් අතැතිවය. මෙම සිහිනය සැබෑ කරගැනීමට හැකි මිනිසුන් සෙවීම ඊළඟ අභියෝගයයි. මීට කලින් මේ ගැන සිතා වත් නැති දෙයක් කිරීමට මිනිසුන් එකතු  කරන්නේ කෙසේද? තමන්ගේ සිහිනය සඳහා ඔවුන්ගේ ශ්‍රමය මිලට ගන්නේ කෙසේද? මේ ගැන පුහුණු වූවන් සිටින එක ගැන පවා සැක සහිතය. ඔහු ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවරයෙකි. ජීවතාක්ෂණය ගැන අකුරක්වත් ඔහු දැන සිටියේ නැත. එහෙත් එය ඔහු නවතාලූයේද නැත.
            ඔහු මේ ගැන දන්නා මිනිසුන් හා ආයතන සොයා රට වටේ ගියේය. හයිඩ්‍රාබාද් හි ඔස්මනියා විශ්ව විද්‍යාලයට ඔහු ගොඩ වැදුනේ මේ එක ගමනකදීය. එහි උපකුලපති ආචාරය මල්ලා රද්දි ඔහුගේ සිහිනයට, ලාලසාවට ජවයට වශී විය. වරප්‍රසාද්ට අවශ්‍ය පර්යේෂණ පැවැත්වීම සඳහා විශ්ව විද්‍යාල රසායනාගාර භාවිත කිරීමට ඔහුට අවසර ලැබිණ. ඒ සඳහා වරප්‍රසාද් ලක්ෂ 5ක් යොදවා විද්‍යාගාරය දියුණු කළ යුතු විය. ප්‍රතිලාභ වශයෙන් මුළු විද්‍යාගාරයේම පහසුකම් භාවිතා කිරීමට ඉඩ ලැබිනි. මසකට රුපියල් 20,000ක් පමණ වැය කල යුතු වූ ආයෝජනයක ප්‍රතිලාභ එක්වර ලක්ෂ පහක් පමණක් වියදම් කිරීමෙන් වරප්‍රසාද්ට ලබා ගත හැකි විය. 
ඔස්මනියා විශ්ව විද්‍යාලය
            ඔස්මනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂන කරමින් සිටි ආචාර්ය ගීතා ෂර්මා වරප්‍රසාද්ට මුණ ගැසුනේ මේ අතරය. ඇයට මින් පෙර නිව්යෝක් හි රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් හා ආචාර්යවරුන් සමඟ එකට පර්යේෂන කොට අත්දැකීම් තිබිණි. ඇගේ පර්යේෂන පදනම් වී තිබුනේ මිනිස් සිරුර තුල වෛරස සෛල ගුණනය වීම අඩපණ කරනා ප්‍රෝටීනයක් පිළිබඳවය. එමගින් ශරීරයේ ප්‍රතිශක්තීකරණ හැකියාව ඉහල නැංවීමට හැකි විය. ඇය මේ ගැන වරප්‍රසාද්ට කීවේ ඔහුගේ සිහිනය සැබෑ කරගැනීමට මෙම උපක්‍රමය භාවිත කල හැකි බව විශ්වාස කරමිනි.   
            එදින සාකච්ජාව නිමවුනේ හෙපටයිටිස් බී සුවකිරීම සඳහා ඉහත කී ප්‍රෝටීනය භාවිතා කල හැකිද යන්න සෙවීමට ව්‍යාපෘතියක් ඇරඹිමෙනි. ඇයට අවශ්‍ය සහාය ලබා දීමට වරප්‍රසාද් එකඟ විය. ආචාර්ය ගීතා වරප්‍රසාද් විසින් ඇරඹු විද්‍යාගාර කාර්යයන් අධීක්ෂනය කලාය.
             ආචාර්ය ගීතා වරප්‍රසාද්ට හමුවූ පළමු හා වඩාත්ම කැපවුණු සහයට ඩැනී බව අවිවාදිතය. ඇගේ සහාය මේ ව්‍යවසායකයාට ලැබුනේ ඔවුන් දෙදෙනාගේම සිහින මෙම ව්‍යාපෘතිය මගින් සාධනය කොටගත හැකි වූ නිසාය.





ආචාර්ය ගීතාට තමන්ගේ සිහිනය සාධනයට අවැසි නිදහස ලබා දුන් බැවින් වරප්‍රසාද්ට ඔහුගේ සිහිනය සැබෑ කර ගැනීමට ඇගේ සහය ලැබුනි. වරප්‍රසාද් සහවක සබඳතාවයක් නිර්මාණය කලේය. විප්ලවාදී සොයාගැනීම් කරන්න් මෙම සහජීවී සම්බන්ධතා නිර්මාණය කරගන්නේ සහායකයින් ආකර්ෂනය කර ගැනීමටය. ඔවුන් අන් මිනිසුන්ගේ සිහින තමන්ගේ සිහින සමඟම සැබෑවෙන ලෙස ක්‍රම සහ විදි නිර්මාණය කරයි. ඔවුන්ගේ සිහිනය සැබෑවන අයුරු පෙන්වා දුනහොත්  ඒ මිනිසුන් තමන්ගේ සිහිනය සැබෑ කරගැනීම සඳහා ඔබ සමඟ ලෝකාන්තයට හෝ ගමන් කරනු ඇත.
                    ආචාර්ය ගීතා විද්‍යාගාර සේවය සඳයා විද්‍යාඥයින් හා ජීව තාක්ෂනවේදීන් බඳවා ගත්තාය. අවශ්‍ය උපකරණ සඳහා ලැයිස්තු සෑදුවාය. අවශ්‍ය යන්ත්‍ර එකින්එක පැමිණයද කණ්ඩායමට උදව් හා මාර්ගෝපදේශ අවශ්‍යව පැවතින. වසර 1992 අග භාගය වෙද්දී තමන්ගේ ඥාති සහෝදරයන්ගේ උදව්වෙන් වරප්‍රසාද් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ විශිෂ්ඨ ජීව තාක්ෂණ විද්‍යාඥයකු වූ ආචාර්ය ගුන්තක රාමි රද්දි දැන හඳුනා ගත්තේය. ඔහු හා ටෙලිෆෝනයෙන් කතා කල වරප්‍රසාද් ඉන්දියාවේ පර්යේෂන කණ්ඩායම සඳහා උදව් කිරීමට කැමති කරවා ගත්තේය. ඔහුගේ උදව් හා කැපවීම කොතෙක්ද යත් ආචාර්ය ගුන්තකගේ බිරිඳ ඉන්දියාවට ගන්නා ලද ඇමතුම් සඳහා වන ගාස්තු ගැන වරප්‍රසාද් සමඟ නිතර මැසිවිලි නැගුවාය.
               වරප්‍රසාද්ගේ සහයට එකින් එකා එකතු විය. ඔහුගේ දැක්මේ ඇති සුවිශේෂි නිර්භීත බව හා කැපවීම මිනිසුන්ගේ ගෞරවයට පාත්‍රවිය. ශාන්තා බයෝටෙක්නික් 1993 වන විට තමන්ගේ දෙපයින් නැගී සිටීම ආරම්භ කලේය. ව්‍යාපාරයේ නම තබනු ලැබූයේ සමාජ මෙහෙවරක් ඉටු කල හැකි ව්‍යාපාරයක් සඳහා සෑම විටම වරප්‍රසාද් ධෛර්යයමත් කල ඔහුගේ මව සිහි වීමටය
              සිත ඇති මිනිසෙකුව අන් සියල්ල ඉටු කර ගත නොහැකි දේවල් නොවේ. වරප්‍රසාද් තමන්ට අවැසි තාක්ෂණය සොයාගත්තේ කෙසේද? අපි ඊළඟ ලිපියෙන් ඒ ගැන කතා කරමු. 

පින්තූරු අනුග්‍රහය: http://www.skyscrapercity.com/showthread.php?t=444913

28 comments:

  1. honda lipiyak wikara blog atara honda utsahayak

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුමාර මේ පැත්තෙ ආවාට..
      නිදහසේ ලියන්න තියන ඉඩ තමන්ට කැමති විදිහට පාවිච්චි කරන්න හැමෝටම අයිතියක් තියන නිසා මම හිතන්නෙ අපි බ්ලොග් කියවන්න ඕන ලේඛකයාගේ ඒ අයිතියට ගරු කරමින්..

      Delete
  2. ඇත්තට කෙහෙන්ද බං මෙච්චර විස්තර ?

    ජය !

    ReplyDelete
    Replies
    1. අයියෝ ඔයාට පූර්විකාව මගෑරුනද?
      ආපහු ඒ පැත්තෙ ගිහිල්ලා එන්නකෝ..

      Delete
  3. ඔය කිව්වා වගේ මාර විස්තරයක් නේ....

    ReplyDelete
  4. ලිපි මාලාව නියමයි..

    වරප්‍රසාද්ට උත්සාහවන්තකම වගේම සල්ලිත් තිබිලනෙ..

    ReplyDelete
    Replies
    1. වරප්‍රසාද්ට අපිට සාපේක්ෂව නම් සල්ලි තියෙන්න ඇති ඒත් මේ වගේ අදහසක් ක්‍රියාත්මක කරන්න නම් සල්ලි තිබුනා කියන්න අමාරුයි..
      ඊළඟ කොටසත් බලන්නකෝ..

      Delete
  5. මම මෙච්චර කල් රූ ගේ බ්ලොග් එක ෆොලෝ කරනවා කියලනේ හිතාගෙන හිට්යේ :ඔ පෝස්ට් තොගයක්ම මග ඇරිලා නේ..

    ReplyDelete
    Replies
    1. ඕ..ස්තුතියි බ්ලොග් එක ෆලෝ කරාට..
      පරණ ඒවත් කියවලා එන්නකෝ..

      Delete
  6. බලමු ඊ ලගට මොකද වෙන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඊළඟ එකත් දැම්මා මලේ ..බලන්නකෝ..

      Delete
  7. ඒ සඳහා වරප්‍රසාද් ලක්ෂ 5න්, මෙතන අල්කයන්න වෙන්න ඕනේ නේද?

    එහෙමනම් ඒක හදලා දාන්න. මොකද මේ ලිපි පෙල අද කියවලා අහක දාන විදිහෙ කල් ඉකුත් වෙන ලිපි පෙලක් නොවෙයිනෙ. පුලුවන් නම් මේ කතා මාලාව ඉවර උනාම බ්ලොග් එකේ වෙනම ලින්ක් එකක් දාන්න මේ සීරිස් එක කියවන්න කැමති අයට....

    ReplyDelete
    Replies
    1. ස්තතියි බුද්ධි..හැමදාම ඇවිත් මගේ වැරදි පෙන්නලා දෙනවට..හැබැයි කොචොක් කරන්න ඔට්ටු නෑ ඔන්න..හික්ස්...

      ම්..ලේබල් කරලයි තියෙන්නෙ..ඒත් ඔය සොෆ්ට්වෙයා කෑලි මම් දන්නෑ අප්පා..ස්තුතියි අදහසට..රූ මහත්තයට හරි මල්ලිට හරි කියලා බලන්නම්කෝ..

      Delete
  8. වරප්‍රසාද් ඉන්දියාවම අලුතින් නිර්මාණය කරනවා කියල හිතෙනවා මේක කියෙව්වම.උත්සාහයයි කැපවීමයි කියන්නේ මේකයි. මේ ලිපි පෙලේ අගයනම් නිම ක් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්පෑම් එකේ තිබිලයි හොයා ගත්තෙ..සමාවෙන්න..

      වරප්‍රසාද් වගේ ඉන්දියානුවො කීපදෙනෙක්ම මට මුණ ගැහිලා තියනවා (වරප්‍රසාද් නම් හම්බවෙලා නෑ!)
      ඉන්දියාව මෙච්චර දියුණු වීම පුදුමයක් නෙවි..
      ස්තුතියි ඔබට හැමදාම ඇවිත් සරු අදහසක් දීලා යනවට..

      Delete
  9. තව පොඩ්ඩෙන් මේක මග ඇරෙනවා. මේ කතාව නම් හරිම හොඳයි. හොඳ ආදර්ශමත් කතාවක්!!!

    ReplyDelete
    Replies
    1. අපි එක එක්කෙනාට මේ වගේ කතා දැනෙන විදිහ වෙනස් පොඩ්ඩි..
      ඒත් සිහින දකින්න ඒ වෙනුවෙන් කැපවෙන්න සීමා මායිම් නෑ..

      Delete
  10. 3 යි 4 යි දෙකම එකට ඇදලා දැම්මා...

    ඔබේ මේ උත්සහය ප්‍රශන්සනීයයි. ලියලා තියන විදිහත් ගති..

    වරප්‍රසාද් රද්දි ( මම දන්න විදිහට ඔවුන් මේ නම හසුරුවන්නෙ " රෙඩ්ඩි " කියලා ) සහ මල්ලා රද්දි, හමුවීම අහම්බයක්ද, නැත්නම් ඔවුන් ඥාතීන්ද ?

    මේක කියෙව්වම මටත් කාට හරි බැනලා වැඩක් පටන් ගන්ඩ හිතුනා.. :-)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා..මේක පරිවර්තනයක් කියලා ඔයා පළවෙනි ලිපියෙන් කියෙව්වනේ නේද?
      ඔයා කියපු විදිහ හරි...ඒ නම කියවෙන්නෙ එහෙම තමා..ඒත් සිංහලෙන් ඒක කියද්දි අප්සට් නිසයි රද්දි කියලා කියන්නෙ..

      වරප්‍රසාද්ට රද්දි නම තියන කට්ටියගෙන්ම උදව් ලැබෙන්නෙ ඇයි කියලද හිතන්නෙ? ඉන්දියාවෙ කුල වාදය මෙතනත් පේනවා..එකම කුලේ නම් උදව් ලැබෙනවා වැඩියි..මම මේක හරියට ඉන්දියාවේ ව්‍යාපාර ප්‍රජාව තුල දකින දෙයක්..

      කාට හරි බැනලා වැඩේ පටන් ගත්තට කමක් නෑ..ඒත් ගුටි කාලා ඉස්පිරිතාලෙ යන්න වුනොත් මම නෑ ඔන්න..හික්ස්..

      Delete
  11. ගොඩාක් ලස්සනයි අක්කේ :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නගේ..
      මෙච්චර කල් කොහෙද ගිහින් හිටියෙ..?

      Delete
  12. මං මේ චරිතාපදානයට ගොඩක් කැමතියි.

    ReplyDelete
  13. මං මේකට කමෙන්ට් එකක් දැම්මා මොකද ඒකට වුනේ කියල හිතාගන්න බෑ.
    ඒ කොහොම වුණත් වරප්‍රසාද්ගෙ කැපවීමයි උත්සාහයයි. ආදර්ශයට ගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්න උඩ තියනවා..
      ස්තුතියි ආයෙත් ආවාට..

      Delete
  14. ගන්න දේවල් නම් ගොඩයි, ඒත් තව ටික වෙලාවකින් අමතකවෙයිද කියලා තමයි බය. වටින කතාවක් අක්කේ!

    ReplyDelete
    Replies
    1. අමතක වෙන්නෙ භාවිතාව නැති නිසා..
      ඒක නිසා කතාවක් විදිහට මේක රසවිදින්නකෝ..

      Delete