“කෝච්චිය තාම කොටුවෙන් පිටත් වෙලා නෑ..අයියෝ දැන් වෙලාව කීයද?අද නම් අපේ ගමන යන්න වෙන්නෑ.“
ඒ හඬ ඇසුනේ අංජුගෙන්. එදා සිකුරාදා දවසක්. හරියටම කියනවා නම් රේල් පාර දිගේ කැරට් කකා ආ ඔසාමා හා කැසාගේ කතාව සිදුවීමට හරියටම සති දෙකකට පෙර සිකුරාදා. එදාත් රෑ 7ට අපි සරසවියේ WUS වලට (වල කියන්නෙ මේකෙ නාට්‍ය පුරුදු වෙන්න උත්සව තියන්න රැස්වීම් තියන්න පොඩි වේදිකාවක් හදලා තියන නිසා.) එකතු වුනේ ග්‍රේට් වෙස්ටන් කන්ද නගින්නයි. සුපුරුදු විදිහට කොළඹ -බදුල්ල තැපැල් කෝච්චියේ නැගලා නානුඔයෙන් බහින්නයි අපේ අදහස වුනේ. පුරුදු පරිදි මමත් නීනුත් හොස්ටල් එකෙන් පැනගත්තෙ හවස 6ට විතර. සුපුරුදු විදිහට පොතේ අත්සන් කරලා සිකුරුටි අන්කල්ට බටර් පාරක් ගාලා (රෑ 6න් පස්සෙ හොස්ටල් එකෙන් එළියට යනවනම් ශාලාධිපතිතුමියගෙන් අවසර ගන්න ඕන.ඒත් අපි එළියට යන්නෙ පුරුදුවෙලා හිටියෙ මේ විදිහට) අපි දෙන්නා කතා බස්එකේ පයින්ම WUS වලට යද්ද හය හමාරට විතර ඇති. එතකොටත් කීපදෙනෙක්ම සෙට්වෙලා තේ බොනවා.කොළඹ- බදුල්ල තැපැල් කෝච්චිය සරසවි උයන ස්ටේෂන් එකට එන්නෙ රෑ 10කුත් ගානට. ඈනුම් ඇර ඇර කට්ටියම තැන් තැන් වලට වෙලා කතා කර කර හිටියෙ ට්‍රිප් එක යන්න හැමෝම එකතු වෙනකම්.
“කට්ටියම මෙහාට එන්න.“ ඒ නඩේ ගුරාගෙ විධානය.
ඒ අවුරුද්දෙ සරසවි ගවේශකයන්ගෙ සංගමේ සභාපති වුනේ අප්පු අයියා. ඉංජිනේරු පීඨයේ හතරවෙනි අවුරුද්දෙ හිටපු අප්පු අයියා සංගමේ සභාපති වෙලාත් ඉසිලුවෙ ලේසි පාසු වගකීමක් නෙවි. සරසවියේ පීඨ හැමඑකකින්ම එකතුවෙන කඳු බඩගාන්නො ලාහට ගෙම්බො එකතු කරනවා වගේ එකතු කරගෙන සතියකට සැරයක් මොකක් හරි කන්දක් බඩගාන්න යන එක ලේසි පාසු වැඩක් නම් නෙවි.
“අද ඔයාලා හැමෝම එකතු වෙලා ඉන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රේට්වෙස්ටන් කන්ද නගින්න. අපි රෑ කෝච්චියේ ගිහින් නානුඔයේ බැහැලා...“ අප්පු අයියා හිමින් සැරේ කියවගන ගියේ සුපුරුදු උපදෙස් මලාව.
කොහාම වුනත් දවස් දෙකේ හයික් එකක් ලේසි වැඩක් නෙවි. උදේ ගිහින් හවස එනවට වඩා මහන්සියි. ඒක අපි හැමෝම අත්දැකීමෙන්ම දැනගෙන හිටියා. ඒ එක්කම නඩේගුරා වුනු අප්පු අයියගෙ කරපිට පැටවිලා තියෙන්නෙ එසේ මෙසේ වගකීමක් නොවන බවත් අපි නොදැන හිටියා නෙවෙයි.
“වැදගත්ම දේ මේකයි. අපේ එක්කෙනක් කලින් සරසවි උයන ස්ටේශන් එකට ගියා විස්තර දැනගෙන එන්න. ඒත් දැනගන්න ලැබුනෙ කොච්චිය කොටුවෙන් පිටත් වෙලා නෑ කියලා. ඒත් අපි කෝකටත් ස්ටේශමට යමු. ගිහිල්ලා බලමු මොකද කරන්න පුළුවන් කියලා.“
අපේ ඉවසීමත් ටිකින් ටික අඩු වුනත් අපිට තිබුනෙ නඩේගුරා කියන දේට පිටින් යන්න කවුරුත් එඩිතර වුනේ නෑ.
“අද කෝච්චිය එන පාටක් නෑ වගේ. අපි බස්එකේ යමු වැලිමඩට. එතනින් වාහනයක් අරන් හරි යන්න පුළුවන්නෙ.වැලිමඩ බස්එක පේරාදෙනිය හන්දියට එනවා එකොලහට දොලහටට විතර“ ඒ වෙලාවට තිබුනු හොඳම තීරණය අරගෙන අප්පු අයියා හැමෝටම කිව්වා.
“අප්පු අයියගෙ ගෙවල් වැලිමඩ. එයා නිතරම යන්නෙ ඒ බස් එකේ නිසා බස්එකේ ඩ්‍රයිවර් අඳුනනවා ඇති.“ අපි කතා වුනේ එහෙම.
කට්ටියම බඩුමලු කරගහගෙන පේරාදෙණිය හන්දියට යන්න පිටත් වුනා. මහ රෑ කෘෂිපීඨය මැදින් ගලහ හන්දියට ඇවිත් එතනින් පාර දිගේ අපි ගම්පල පාරේ බස්හෝල්ට් එකට එද්දි රෑ 11ට කිට්ටු කරලා තියෙන්න ඇති. නිදාගෙන හිටිය බල්ලො කීප දෙනෙක් ඇරුනාම බස්හෝල්ට් එකේ කවුරුත් නෑ. අපේ කෑගැහිල්ලට ඇහැරුණු බල්ලො සෙට් එක මහරෑටවත් නිදාගන්න දෙන්න බැරි ඇයි කියලා අහන්න වගේ අපි වටේ කැරකිලා ටික වෙන පැත්තකට ගියා.
වෙලාව මිනිත්තුවෙන් මිනිත්තුව ගතවෙලා ගියත් බස්එක තියා හෙවනැල්ලක්වත් පේනන නෑ.
බස්හොල්ට් එක දවල්ට පේන විදිහ.. |
තවත් වෙලාව ගියත් බස් එක නෑ. හැමෝගෙම සද්ද පෙට්ටි වැහිලා. වටපිට බලපු මට හිනාගියෙ අංජුව දැකලා. පිටේ එල්ලන් හිටිය බෑග් එක පාර උඩ තියලා ඒක කොට්ටයක් කරගෙන මනුස්සයා නිදි!!
මහන්සියට කියාපු විසඳුම ඒක කියලා මගේ මොළේටත් වැටහෙන්න ගියේ සුළු වෙලාවයි. පාර අයිනෙ වාඩි වෙලා හිටිය අපි හැමෝම ඒ විදිහට නිදාගෙන අහසේ තරු ගනින්න පටන් ගත්තා.
“ නැගිටපල්ලා නැගිටපල්ලා යකෝ.අන්න බස් එක එනවා.අපෝ මුන්ට නිදාගන්න තියනවා නම් පාරෙ හරි කමක් නෑ“
අපිත් දඩි බිඩිගාලා නැගිට ගෙන බස්එක එන පැත්ත බැලුවා. අනේ අර එන්නෙ දිලිහි දිලිහි! “වාඩිවෙලා යන්න නම් හම්බෙන්නෑ. ඒත් නැගගන්න පුළුවන් වුනොත් ඒ ඇති“ අප්පු අයියා ඉස්සරහට ගියේ එහෙම කියාගෙන. එයාව දැකේකොත් ඩ්‍රයිවර් අනිවා බස්එක නවත්තයිනෙ.
බස් එක ටිකෙන් ටික මේ පැත්තට එනවා. අපිව දැක්කා විතරයි බස්එකේ ඩ්‍රයිවර් ෆ්ලෑෂ් කරලා ලොකු හොන් පාරක් ගහගෙන වේගෙ වැඩි කරලා.
බස්එක වෙනදා අනිවාර්යෙන්ම නවත්න හොල්ට් එකේ නවත්තනවා තියා හිතන්නෙවත් නැතුව ගියා කියලා අපිට තේරුනෙ තත්පර ගානක් ගියාටත් පස්සෙ. හැබැයි ඒ වෙනකොටත් බස්එකේ කට කපලා එකයි සෙනඟ.!
ටිකක් ඉස්සහට ගිහින් හිටපු අප්පු අයියා ආපහු ආවෙ තරහින්.
යකෝ ඌ මට හෝන් එකකුත් ගහනෙනෙ ගියේ.!!
නිදිමතේ හිටපු අපි හැමෝටම බකස් ගාලා හිනාගියා.
“දැන් ඉතින් මොනවා කරන්නද? ආපහු යමල්ලා හොස්ටල් එකට..“
“උඹට පිස්සුද බං..මම වින් එකො ඔක්කොටම පොරටොක් දීලා ආවෙ.කන්දක් නගිනවා කියලා ආපහු කලිසමක් ඇඳගෙන පුළුවන්ද මේ රෑ ජාමෙ හොස්ටල් යන්න.“ ඒ සාලිඅයියෝ අපිව නම් මේ වෙලාවෙ ඇතුළට ගන්න එකකුත් නෑ.ඒ කෙඳිරිය අංජුගෙන්.
“එහෙනම් අපි ආපහු WUS යමුකො මොකද කරන්න පුළුවන් බලන්න.“ අප්පු අයියා කිව්වෙ කල්පනා කරමින්.
WUS වල |
කොහොම හරි සමහරුන්ට නම් ඒ ඩිංගට ග්‍රේට්වෙස්ටන් කන්ද නගිනවා හීනෙනුත් පෙනිලා තිවුනා ඔන්න!!
කට්ටියම කැන්ටිම ලඟ තිබුන බාත්රූම් වලින් මූණකට සෝදගෙන ආපහු සෙට්වුනේ මොකද කරන්නෙ කියලා බලන්න. ඒත් ඒ වෙනකොට අප්පු අයියා ප්‍රමුඛ එයාගෙ ගෝල බාලයො සෙට් එක උදේට මොනවද කරන්නෙ කියලා තීරණය කරලයි තිබුනෙ.
ඒ අනුව අපි හැමෝම හයර් එකට කතා කරගත්ත බස් එකක බතලේගල කන්ද නගින්න පිටත් වුනා. නුවර ඉදන් කොළඹ එන කාටවත් කඩුගන්නාව හරියෙදි පේන බතලේගල කන්ද අමතක නැතිව ඇති කියලා හිතනවා. සාමාන්‍යයෙන් කඳු බඩගාන සංගමේ අපි කවදාවත් ඔය කන්ද නගින්න කියලා හිතන්නෙවත් නෑ. මොකද ලොකු ලොකු කඳු නගින අපිට ඔය කන්ද හූනු බිජ්ජක් වගේ පේන හින්දා!!
වාසනාවකට එක කන්දක් නගින්න බැරිවුනොත් නගින්න පුළුවන් කඳු අටෝරාසියක් වටකර ගත්ත සරසවියක හිටපු නිසා අපි ඒ සති අන්තෙ සතුටින් ගත කලා. මොන කන්ද නැතිවුනත් සරසවිය පිටිපස්සෙ හන්තාන හරි තියනවා නොවැ දුවගෙන ගිහිල්ලා නගින්න!
මේ අල්ලපනල්ලෙ කොහොම හරි ඉස් ඉස්සෙල්ලම කඳු නගින්න ආපු සාලිට මේ බතලේගල බැරිවුනා කියලා කියන්නෙ නම් කණගාටුවෙන්. ඒ අපි හැමෝම මූණ කට සෝදගෙන ලෑස්තිවෙලා බස්එකට නගිනකනුත් මේ මනුස්සයා ටොයිලට් එකේනෙ ඉඳලා තියෙන්නෙ.
කඳු බඩ ගාන අතරෙ සිදුවුනු රසමුසු සිද්ධි ගොඩාක් අතරෙ අද නම් මේ පෝස්ටුව අකුරු කලේ හිතේ ලොකු දුකක් තියාගෙන.මේ පොස්ටුව අදට මාසෙකට කලින් අපි අතරෙන් වෙන්ව ගිය අප්පු අයියා වෙනුවෙන්.
නිල්ල පිරුණු කඳු මුදුන් මතින්
එක්ව නැගුන මිතුදම
සිහියට නැගේ නොයෙක් වර
පරණ මතක හිත් අගින්
එබිකම් කරන ඇසිල්ලකම...
නෙතු මුලින් පැමිණි කඳුළ
යළිදු අග නවත්වාම
පැන එයි ඒ මිහිරි මතක
යළිදු වතාවක්
නුඹ ගැනම..
දිවියේ නොතිර බව
යළිදු පසක් කර අප හට
හැරදා ගියද නුඹ
කිසිදා හැර නොයන
අප මතක අතරේ
රැදෙනු ඇත හැමදාම...
2012-05-01: කවදාවත් දැකලා නැති අහලා නැති සහෘදයෙක් ගැන බ්ලොග් පෝස්ට් එකකින් කියවලා ඔහුට නිවන් සුව පතන්නට එකතු වුනු යාළුවො හැමෝටම ගොඩක් පින්..සමහර වෙලාවට සිංහල බ්ලොග්කරණය මේ තරම් දුර එන්න අනුන්ගේ හැඟීම් දැනීම් වලට ඔයාලා හැමෝගෙම සංවේදී බව ඉවහල් වෙන්න ඇති...
පින්තූරය: http://www.panoramio.com/photo/58474948 හා මූණු පොතෙන්
එතකොට ඔයා ග්‍රේට්වෙස්ටර්න් වෙනුවට නැග්ගේ බතලෙගලද? අනේ මටත් කඩුගන්නාව පහු කරන හැම වෙලාවෙම ඕකට නගින්න ආසා හිතෙනවා. ඒ දුක වැඩි එව්න තරමට මම අම්බලම හරියේ තියෙන රෙස්ටොරන්ට් එකට වෙලා කන්ද පහලා බලාගෙන හැමදාම බඬඉරිඟු කනවා. එතකොට බතලේගල නැග්ගා වගේ හිතට දැනෙනවා. :P
ReplyDeleteමගෙත් ආසම විනෝදාංශයක් තමයි හයික්. ඒ කාලේ නම් ඇල්ප්ස් (97)3000මීටර් ) ත් ගිහින් තියෙනවා. ඒත් අන්තිමට ජනවාරි මාසේ සීගිරිය නගිද්දි මහන්සියි වගේ හිතුනා. සමහර විට සෙනඟ වැඩියෙන් හිටපු හින්දද දන්නෙත් නෑ.
අපි පස්සෙ දවසක ආපමු ග්‍රේට් වෙස්ටන් නැංගා..ඒ ගැන තමා කඳු කතා එක ලියවුනේ..
Deleteඈතට පේනවා වගේ බතලේගල කන්ද ලස්සන කන්දක් නම් නෙවි. සෑහෙන දුරක් යනකම් ගෙවල් තියනවා..දිගටම මානා කැලේ..නගින්න ලේසි නෑ.
ඔයා ඇල්ප්ස් කන්ද නැගලා තියනවා කියපු ගමන්ම ඔන්න ඔයා මගේ වීරයෙන් වුනා..!!
මගෙත් හීනයක් ඒක..ස්තුතියි රංගි..
අන්තිමේ නගින්න ගියේ කොහේද නැග්ගේ කොහේද.. සුන්දර අත්දැකීම්..
ReplyDeleteඅන්තිමේ ටිකක් දුක හිතුනා.. අප්පු අයියට නිවන් සුව පතනවා..
නඩේ ගුරා හොඳ නම් කොහේ ගියත් හොඳ ෆන් එකක් ගන්න පුළුවන්..
Deleteස්තුතියි මලේ..
බතලේගල හරි නැග්ගනම් ඒ ඇති :) අප්පු අයියා ගැන දුකයි. ඔහුට නිවන් සුව. මොනවා වෙලාද හදිසියේ නැති වුනේ?
ReplyDeletecancer
Deleteඇනෝ කිව්වා හරි සයු..
Deleteඅප්පු අයියා නැතිවුනේ මොලේ පිළිකාවකින්..මතක් වෙන හැම වෙලේම ගොඩක් දුක හිතෙනවා..
කන්දක් නගින්ටම හිතුනා ඔයාගේ කතාව දැකලා. හරිම සුන්දර අතීතයක්!!!
ReplyDeleteඅප්පු අය්යා පව්. කතාවේ අන්තිම හරිය දැක්කාම දුක හිතුනා. ඔහුට නිවන් සුව පතනවා.
ලංකාවෙ නම් නගින්න කඳු එමටයි..
Deleteවෙන එකක් නගින්න බැරිවුනොත් කියන්න මම ඔයාව හන්තානෙ හරි එක්කන් යන්නම්..:)
අප්පු අයියාට නිවන් සුව අත්වේවායි පතන්නෙමු !!1
ReplyDeleteපෝස්ට් එකේ මුලදි තිබ්බ සතුට අඟ වෙනකොට හිතේ කොනකවත් නෑ. මොනා උනත් මේ අපේ අයියා කෙනෙක් නේ කියන හැඟීම හිතට ආවා.
ඔව් මලේ..අප්පු අයියා මම දැකපු දක්ෂ නායකයෙක්.හරිම නිහඬ චරිතයක් ඒත් අපි හැමෝම එයාට ගෞරව කලා..
Deleteකඳු නැග්ග කතාව තේරනා... අප්පු අයියගේ කතාව ටිකක් හිතා ගන්න අමාරුයිනේ...! මිත්‍රයෙක් වෙන්වුනාම දැනෙන දුක ටිකක් වැඩියි තමා.
ReplyDeleteම්..සමහර වෙලාවට බ්ලොග් එකක් තියන එකේ වාසිය ඒකයි..දුක බෙදාගන්න පුළුවන්නේ ..ස්තුතියි මලේ..
Deleteබතලේගල නං අපිත් ගියා.. එල පොට් එක
ReplyDeleteඅප්පු අයියාට නිවන් සුව !!!!!
ම්..අපි නැග්ග අනිත් කඳු තරම් නම් ලස්සන නෑ...පුළුවන් නම් ඒ ළඟ තියන අලගල්ල කන්දත් නගින්න..
Deleteකඩුගන්නාවෙදි බතලේගල කන්ද දකිනවා.ඒත් කවදාවත් ගිහින් නෑ. අප්පු අයියා සහෘදයාට නිවන් සුව පතමු. අකල් වියෝවක්.
ReplyDeleteබතලේගල කඩුගන්නාවට හොඳට පෙනුනට ඒකට නගින්න මාවනැල්ලෙ හෙම්මාතගමට යන්න ඕනෑ..බතලේගල නගින්න අමාරු නෑ..දිගටම පාර තියනවා..පුළුවන් වෙලාවක යන්න බලන්න..
Deleteසුන්දර අතීත මතකයක්..... කන්දක් නගින්න ආස හිතුනා....
ReplyDeleteඅප්පු අය්යට නිවන්සුව ලැබේවා!!!
ස්තුතියි මේ පැත්තෙ ආවටත් කොමෙන්ටුවටත්..
Deleteමම හිතන්නේ මම නම් නැගල ඇත්තේ බහිරව කන්ද විතරයි වෙන්න ඕන... මෙහෙ කඳු නෑනේ නගින්න... ඇතාගලටත් සෑහෙන්න දුරයි...
ReplyDeleteඅප්පු අයියා ඉන්න තැනක හොඳින් සිටීවා කියා මාත් ප්‍රාර්ථනා කරනවා....
හොඳ යාළුවො සෙට් එකක් හිටියොත් කඳු නගින වැඩේ නැගලා යනවා..
Deleteස්තුතියි නගේ..
අකල් මරණයක් ඇසීම දුකක්.
ReplyDeleteවිශේෂයෙන්ම දැන් තරුණ මරණ නතරවෙලා තියෙන කාලේ!
නොදුටු පීඨ සගයාට සදා සුව පතමි!
//තරුණ මරණ නතර වෙලා තියන කාලේ//
Deleteමේ ගැන නම් මට අදහසක් නෑ කතන්දර..
වල තියෙන්නෙ ආට්ස් ෆැකල්ටියේ ද? ගිය අවුරුද්දේ මැච් එකකට ඇවිත් ඔය හරියෙන් ගියා වගේ මතකයි. අපි මේ අදත් රවුමක් ගිහින් ආවා දූවිලි ඇල්ල බලන්න. කොහොම උණත් අප්පු අයියාගේ අකල් මරණය නම් හිතට දුකක්. නිවන් සුව පතමි මමත් ඔහුට!
ReplyDeleteම්..ඔව් ලහිරු..ඔයා ක්‍රීඩාගාරයට ආවා නම් ඒ ළඟ තියන කැන්ටින් එක ළඟ තමයි WUS වල තියෙන්නෙ.
Deleteඒත් පේරාදෙනියෙ ප්‍රසිද්ධ වල (සරච්චරන්ද්‍ර එළිමහන් රංග පීඨය) තියෙන්නෙ නම් ගොඩක් එහා..
පියේහි විප්පයෝගෝ දුක්ඛෝ.......
ReplyDeleteමිතුරාට නිවන් සුව පතනවා අක්කේ.
කලින් කිව්වා වගේ කඳු නගින්න යන්න බැරි වුණු එකේ ඒ ගැන කියවන එක හරි ඉතින් කරනවා
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි තමා මල්ලි..
Deleteස්තුතියි කමෙන්ටුවට..
ඔබේ සගයා අප්පුට නිවන් සුව පතමි!!
ReplyDeletehenryblogwalker the Dude
ස්තුතියි හෙන්රි
Deleteඑයා හොඳ තැනක ඉපදිලා ඇති කියලා හිතනවා..
හොද කට්ටක් කාල තියෙන්නෙ.
ReplyDeleteඅප්පු අයියාට නිවන් සුව...
ඒක නම් ඇත්ත නිසූ..
Deleteඒත් දැන් නම් මතක් වෙනකොටත් හිනායනවා..කාපු කට්ට ගැන..
අයියෝ මම හිතුවේ මේක කොටස් වශයෙන් යන කතාවක තුන්වෙනි එකක් කියලා. ඒකයි කියවන්නැතුව හිටියේ..
ReplyDeleteඅප්පු අයියගේ මතු ජීවිතේ යහපත් එකක්ම වේවා !! සසරේ මතු දිනක උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා !!
මේ වගේ ඒකාංගික කතා සීරීස් ගොඩක් තියනවා මගේ බ්ලොග් එකේ..දකුණු පැත්තෙ තියන ලේබල් ටික බලන්නකෝ..
Deleteරූ නගේ,
ReplyDeleteඅලගල්ලත්, බතලේගලත් තරණය කරලා තිබුනාට ග්‍රේට් වෙස්ටර්න් තරණය කරන්න නම් මටත් ලැබුනේ නැහැ.(ඉදිරියේදී පුළුවන් වේවිදැයි කියන එකත් සැකයි ඕං.)
කොහොම වුනත්,
ඇට්ටිත් වැටෙනවා, කුරුම්බත් වැටෙනවා, කලටිත් වැටෙනවා,පොලුත් වැටෙනවා...., ඕක තමයි ජීවිතේ.
කොහොම වුනත් අප්පු මලයාට සසර සැරිසරනතුරු මෙවන් අකල් මරණ වලට ලක්වන්නට සිදුනොවේවා !
ග්‍රේට් වෙස්ටන් ටිකක් විකර අමාරු හයික් එකක්..උත්සාහය අතාරින්න එපා..
Deleteඔබගේ පැතුමට මමත් එකතු වෙනවා...
අතීතයේ සුන්දර අත්දැකීම් ලස්සනයි රු...බතලේගල කන්ද අපිට ගොඩාක් කිට්ටුම කන්දක්...ඒ උනාට මම නැගලා නැ තව....
ReplyDeleteකතාවේ අන්තිම හරිය දැක්කාම දුක හිතෙනවා. අප්පු අය්යට නිවන් සුව පතනවා.
ස්තුතියි ෆාතිමා මේ පැත්තෙ ආවාටත් කොමෙන්ටුවටත්..
Deleteජීවිතේ හැටි එහෙම තමයි නේද?
ස්තුතියි ෆාතිමා මේ පැත්තෙ ආවාටත් කොමෙන්ටුවටත්..
Deleteඔයාගෙ සිංහල බ්ලොග් එක පටන් ගන්න කම් ආසාවෙන් බලාන ඉන්නවා..
ඔය බස් හොල්ට් එක දැක්කමයි මත උනේ. අපි හන්තාන තක්ෂිලාවට ආපු මුල් කාලෙ දවසක ඔතන තියන හෝටලයෙන් කාල හොඳවයින් බඩේ අමාරුවක් හදා ගත්තා. ඊට පස්සෙ නම් ඒකෙ පස් පෑගුවෙ නෑ.. තාම ඒ හෝටලේ තියනවද මන්දා..
ReplyDeleteජීවිතයේ අනියත බව සැමට පසක් කරමින් වියෝවුන අප්පු සහෝට නිවන් සුව පතනව.. මෙවන් අකල් මරණයක් මතු උපදින කිසිදු භවයක නොමවේවා..!
පේරාදෙණියෙ කඩවල් ගැන නම් බ්ලොග් එකක් පිරෙන්න ලියතෑකි..පළවෙනි අවුරුද්දෙ දෙවනි අවුරුද්දෙ එක්ස්පෙරිමන්ට් කරලා අපි හොයාගත්තා කැම්පස් එකේ කැන්ටින් කඩවල්වලට වඩා හොඳයි ලේසියි ලාභයි කියලා..ඊට පස්සෙ නම් ඔය කඩවල් පැත්තෙ පස් පෑගුවෙ නෑ..
Deleteඅප්පු අයියාට නිවන් සුව ලැබේවා..!!!
ReplyDeleteඔබගේ පැතුමට මමත් එකතුවෙනවා..
Deleteඅපිත් ඕලෙවල් ඉවර වෙලා කෝච්චියේ ට්‍රිප් ගියපු කාලේ මතක් වුනා ආයෙත් ඒ කාලේ එන්නේ නැහැ.
ReplyDeleteතරුනයෙක්ගේ අකල් වියෝවගන අපිටත් ගොඩාක් දුකයි.ඔහුට නිවන්සුව!!.
අනේ මන්දා අපි හැමදාම පොඩි කාලෙට කැමති ඇයි කියලා..
Deleteඅප්පු අයියාට නිවන් සුව පතනවා..
ReplyDeleteමාත් ආසම වැඩක් තමා කඳු නගින එක.. කොච්චර මහන්සි වුනත් උඩට ගියාම දැනෙන්නේ පුදුම සතුටක්..
කකුල් කඩිත්තුව හැදෙන කල්ම නැගලත් ආපහු කඳු නගින්න හිතෙන්නෙ ඒකයි ප්‍රාර්ථනා..කන්ද උඩට ගිහාම දැනෙන හැඟීම විස්තර කරන්න බෑ..
ReplyDeleteස්තුතියි මේ පැත්තෙ ආවාට..