Friday, July 4, 2014

වෙනසට එරෙහිව- ටයිටන් විප්ලවය 6

පළමු කොටසට
මෙතෙක් කතාව...

     මේ ඉන්දියාවේ ටයිටන් ඔරලෝසු සමාගමේ විප්ලවීය නිර්මාණයක් වූ ලොව සිහින්ම ජලප්‍රතිරෝධක ඔරලෝසුවේ කතාවයි. ස්වදේශීයත්වය අගයමින් සංවර්ධිත රටවල් කෙරෙහි වූ සෙය්‍ය මාන ආකල්පය ජයගනිමින් තම රට තුල නිපදවූ විස්මිත නිර්මාණයක කතාවයි.  
lifestyle.pricedekho.com

අභියෝගය ජය ගැනීම; ඔරෙලෝසු ආවරණය 
       
ඔරලෝසු චලිතය නිර්මාණය වූ අවසන සර්සස් දේසයි මෙම ආවරණය පිළිබඳ අභියෝගය ජය ගැනීමට ඉංජිනේරු අංශ ප්‍රධානී බී.වී නාගරාජ්හට පැවරුවේය. මිමි 1.15ක් සිහින් තමන්ගේ වැඩකරන ආකෘතිය රැගෙන නාගරාජ් හා ධ්වරකාන්ත් සුප්‍රසිද්ධ ඔරලෝසු නිශ්පාදකයන්ගේ ප්‍රදර්ශනයකට යෑමට තීරණය කළහ. ස්විට්සර්ලන්තයේ බැසෙල් හි පැත්නවුනු මේ ප්‍රදර්ශනයේදී තමන් වෙහෙස වී තැනූ ඔරලෝසු යාන්ත්‍රණය සඳහා ජල ප්‍රතිරෝධක ආවරණයක් සොයාගත හැකි වේ යැයි ඔවුහු විශ්වාස කළහ. අන් සැවොම සේම ඔවුනුත් ඔරලෝසු කප්පිත්තන් සිටින්නේ ස්විස් රටේ බව විශ්වාස කළහ. බී.වී. නාගරාජ්ගේ වචන වලින් කිවහොත් 

“ලෝකයේ ඔරලෝසු තාක්ෂණයේ ගුණාත්මකබව, නිමාව,විලාසිතාවන්, විශ්වාසනීයත්වය සියල්ල සංසන්දනය කරන්නේ ස්විස්ට්සර්ලන්තයේ ඔරලෝසු සමඟ. කවුරු හරි කීවොත් ඔබගේ නිර්මාණය ස්විස් නිර්මාණයක් තරමටම අගෙයි කියලා ඒක තමයි කෙනෙකුට ලැබෙන්න පුළුවන් ඉහලම ප්‍රසංශාව“

      ස්විස් ඔරලෝසු තාක්ෂණය ගැන මේ පැතිරගොස් තිබුනු පුහු කීර්තිය නිසා ධ්වරකාන්ත් හා නාගරාජ් තමන්ගේ ඔරලෝසු යාන්ත්‍රණයට ස්විස් වැඩකරුවන් ජල ප්‍රතිරෝධක ආවරණයක් සොයා දෙතැයි විශ්වාස කළහ. නමුත් ස්විට්සර්ලන්තයේදී ඔවුන්ගේ බලාපොරොත්තු බරපතල ලෙස සුන්විය. නාගරාජ් මේ ගැන අදහස් දැක්වූයේ මෙසේයි. 

“අපි එහේ ගිහිල්ලා ඔරලෝසු නිෂ්පාදකයින් කිහිප දෙනෙකුටම අපේ සිහින් ඔරලෝසු යාන්ත්‍රණය පෙන්නුවා. ඔවුන් අහපු පළවෙනි ප්‍රශ්නය වුනේ “මොකක්, ඔයාලා මේක හැදුවද?“ කියලයි. අපි මේකට මිමි 3.5 ගණකම තියන ජල ප්‍රතිරෝධක කවරයක් ඕන කිව්වාම  කීපදෙනකේම ඇහුවා අපිට පිස්සුද කියලා. සමහරු අපේ ආකෘතිය එයාලගේ වැඩපොළට අරං ගිහින් ආපහු අරන් ආවා ඒක කරන්න බෑ කියලා. අපි සමහර ආයතනවල ඉහලම ප්‍රධානියා පවා මුණ ගැහුනා මේකට විසඳුමක් හොයාගන්න. එයාලා ගොඩක් පුදුම වුනා ඉන්දියානු සමාගමක් ඉස්සෙල්ලාම මේ වැඩේට අතගහපු එක ගැන. අපිට පුදුම හිතුනේ එයාලා මේක කරන්න බෑ කියලා කියපු එක ගැන. මේ වැඩේට ගොඩක් කොටස්වල සැකැස්ම හිතාගන්න බැරි විදිහට වෙනස්කරන්න වෙන නිසා එයාලා වැඩේට අතගහන්න ලෑස්ති වුනේ නෑ.“

            ස්විස් ජාතිකයන්ට ඔරලෝසු යාන්ත්‍රණය මුල සිට නිර්මාණය කල හැකි වුවද ඒ වටා ජල ප්‍රතිරෝධක ආවරණයක් නිර්මාණය කරන්නට නොහැකි විය. 
www.pmwf.com

මෙම ආවරණය අභියෝග තුනක් එකවර ජයගත යුතු විය. 
  • පළමුව මුළු ගනකම මිමි 3.5ක් වන අයුරින් ආවරණය බොහෝ තුනී විය යුතුය.
  • එය ජල ප්‍රතිරෝධක විය යුතුය
  • තෙවනුව එය මනබඳනා නිමාවකින් යුතු විය යුතුය. 
      මෙම කාර්යයන් සියල්ල තෘප්තිමත් කරන්නට නම් ඔරලෝසු ආවරණයයේ ප්‍රධාන කොටස් තුන සඳහාම විප්ලවීය වෙනසක් අවැසි විය. එනම් වීදුරු මුහුණත, පිටුපස කවරය, ක්‍රවුනය (කටු සීරුමාරු කිරීම සඳහා පැත්තෙන් ඇති යතුර) යි.
      උදාහරණයක් ලෙස වීදුරු මුහුණත සලකන්න. සමාන්‍යයයෙන් එය මිමි 1-1.2 අතර ගණකමකින් යුතු වේ. එහෙත් මුළු ඝනකම මිමි3.5 ඉලක්කය සපුරාගන්නට මෙම වීදුරු මුහුණත  උපරිම ලෙස මිමි 0.3ක් ඝණකම් විය යුතු විය. එය සමාන වනුයේ පත්තර පිටු තුනක ඝණකමටය. 
       බලාපොරොත්තු සුන්වූ ධ්වරකාන්ත් හා නාගරාජ් සියරට බලා ආපසු පැමිණ සර්සස් දේසයි වෙත සිදුවූ සියල්ල වාර්තා කර සිටියහ. දේසයි ඔහුගේ ජනප්‍රියම ප්‍රශ්නය ඔවුන් වෙත පෙරළා යොමු කලේය.
“ඇත්තද? දැන් අපි මේකට මොකද කරන්න ඕනෑ? කොහොමද ප්‍රශ්නේ විසඳන්නේ?“
“ස්විස්කාරයන්ට කරන්න බැරි නම් අපි මෙහේ මේක හදමු. එයාලට බැරිවුනාට අපිට පුළුවන්“ ඔවුහු පිළින දුන්හ. 
“හරි එහෙනම් අපි ඒක කරලා පෙන්නමු.“ දේසයි තීන්දු කලේය. 

     දේසයි මේ ගැන විශ්වාසයෙන් යුතු වුවද ආයතනයේ අන් අය මේ ගැන සැකකලහ. මෙවන් සුවිසල් අභියෝගයක ප්‍රථිඵල පෙන්වන්නට කල් ගත වූ බැවින් අන් අය තමන්ගේ අවසාන නිගමනය ප්‍රකාශ කලහ. සරදමකට මෙන් ඔවුන් හේතු දැක්වූයේ

“ස්විස් ජාතිකයින්ට කරන්න බැරි දේවල් අපි කොහොමද කරන්නේ. අන්තිමට අපිට ලෝකයා අනිත් පැත්තෙනුත් හිනාවෙයි“ යනුවෙනි. 
 සමහර අවස්ථාවන්හිදී මෙවන් සරදම් මෙවන් හේතු අප යන ගමනේ වේගය අඩාල කරවයි. අපි දක්ෂ නම් එවන් සරදම් අපේ ගමනට ශක්තියක් කරගත හැකි වනු නිසැකය. ටයිටන්හි සිදුවුනේ දෙවැන්නයි. 

බොහෝ වෙලාවට මෙම ශක්ති උරාබොන්නන් ශක්ති ජනනය කරන්නටද ඉවහල් වේ. ඒ එවා එකම කාසියක දෙපැත්තක් මෙන් එකිනෙකට බැඳීපවතින බැවිනි. ඔබට ඔබගේ අභියෝගය ඒ වෙනුවෙන් කැපවීමට අවැසි කාරණය ගැන සැක සංකා ඇති නම් ඔබ අධෛර්ය වන්නේ‍ කුමකින්දැයි සොයා බලන්න. එය තමන්ගේ දෑත් ශක්තිමත් කරන්නක් බවට පත්කරන්නේ කෙසේදැයි සිතන්න. 


නාගරාජ්ට තමන්ගේ කණ්ඩායම ධෛර්මත් කර හැකි වූවාද? ඉතිරිය ඊළඟ කොටසින්.