කලින් ලිපියෙන් අපි අන්තිමට කතා කලේ වරප්‍රසාද්ගේ සිහිනය සාර්ථක වුනු හේතු ගැනයි. අද අපි මෙතෙක් දිනක් අපි සමඟ සිටි වරප්‍රසාද්ට සමුදෙමු.
තමන්ගේ සිහිනය වෙනුවෙන් කැපවූ මේ අධිෂ්ඨානශිලි මිනිසා තමාගේ ලියුම්, ආයාචනා, අමතන්නට හැකි වූ ප්‍රසිද්ධ දේශන මගින් නිතරම අන් අයගේ සහය ලබා ගැනීමට සමත් වූයේය. ඔහුගේ සිහිනය දුටු සැවොම ඔහුට උදව් කිරීමට පෙළඹුනහ. ඔහු කියනා ලෙස “රට වෙනුවෙන් යමක් කිරීමට පිපාසාව තියන මිනිසුන් මට දැනෙනවා.!“
ඔහු තම ආයතනයට සේවකයින් තෝරාගනිද්දී පළමුවෙන්ම සලකා
බලන්නේ ඔවුන්ගේ ආකල්ප හා දියුණුවීමට ඇති අශාවයි. එනිසා ඔහුගේ සේවකයෝ ආයතනයේ
දියුණුවෙන් වැඩි කොටසකට වග කියති. ඔහු කියනා ලෙස ඔහු ජීවතාක්ෂණඥයකු හෝ විශේෂඥයකු
නොවේ. ශාන්තාහි බොස්ලා හෝ නායකයින් නැත. ඇත්තේ සමාන මිනිසුන් පමණි. ඔහුගේ සේවකයෝ
එසේ කියති. සේවක කණ්ඩායම් ආයතනයේ වර්ධනයට ලාභය බෙදාගැනීමට කොටස් නිකුතුවට ක්‍රියාකාරී
ලෙස දායක විය. “අප හැමෝටම සාමාජීය වගකීමක් ඇත. එය ඉටුකිරීමට අපි බැඳී සිටිමු.“ වරප්‍රසාද්
එසේ කියයි.
ශාන්තා බයෝටක්නිත් අත්දැකීම
නවසොයාගැනීම් සඳහා පුරෝගාමී වීම මගින් ඔබට කියන්නේ මොනවාද?
ඔබ සේවය කරන ක්ෂේත්‍රයේ හැමෝම ‘වෙන්න බැරි යැයි සැලකෙන‘ දේවල් මොනවාද? අන් අය එසේ සිතන්නේ ඇයි? පරණ අමිහිරි අත්දැකීම් නිසාද? ඒවා කාගේ අත්දැකීම්ද? බොහෝ වෙලාවට මෙම විය නොහැකි දේවල් නිකම් හිතළු මත පදනම් වූ ඒවා මිසත සැබෑවට යමක් අත්හදා බැලීමට ගොස් ලබාගත් අත්දැකීම් මත පදනම් වූ ඒවා නොවේ. අද කාලයේ විය නොහැකි දේ යැයි යමක් තිබේද? එසේ නම් එය කිරීමට මාර්ගයක් සොයන්න. එය අදම අත්හදා බලන්න. මේ මාසය තුලදී “කළ නොහැකි“ යැයි විශ්වාස කරන දේවල් තුනක්වත් කිරීමට උත්සාහ කරන්න.

| වරප්‍රසාද් ජනපති අතින් තිළිණ ලබමින්.. |
ඔබ මේ දක්වා කෙතරම් බැරූරුම් දේවල්වටල අපහසුතාවයන්ට එරෙහිව සටන් කර තිබෙනවාද? ඔබ සිතාගෙන සිටි විශ්වකර්ම අදහස් කීයක් සමාජයෙන් එල්ලවන පිඩනය නිසා ඉබිකටුවට රිංගාගත්තාද? මේ පීඩනය එල්ල වුනේ කොතනින්ද? එකිනෙකාගෙන්ද?,ආයතනවලින්ද?, ක්ෂේත්‍රයෙන්ද? මුළු රටෙන්මද? එසේත් නැත්නම් සංස්කෘතියෙන්ද?
මේක මේ ක්‍රමයේ වැරුද්දක් යැයි කනිපින්දම් කිය කියා සිටීමෙන් කිසිවකුට සත පහකවත් වැඩක් වෙන්නේ නැත. අළුත් දෙයක් සිතනා හැම විටම සමාජයෙන් පීඩනයක් එල්ල වීම ස්වාභාවිකය. එය බලාපොරොත්තු විය යුතුය. ඒ හා සටන් කිරීමට මාර්ගයක් අප සොයාගත යුතුය.
ඔබ හා ඔබේ වටිනා සිහිනයෙන් නිර්මාණය කරන්නට උත්සාහ කරන අළුත් ලෝකයත් අතර ඇත්තේ පෙර කියන ලද බල පහේ විවිධ ස්වරූපයන් වේ. මේ හා සටන් කරන්න. එවිට ඔබ පතනා සිහින ලෝකය ඉබේම සැබෑවනු ඇත. වරප්‍රසාද් සටන් කලේ මුහුණ දිය හැකි දුෂ්කරම බල දෙකක් සමගය. ඒ රටෙන් හා සංස්කෘතියෙන් එල්ලවූ පීඩනයයි.
වරප්‍රසාද්ට දිනිය හැකි වූවා නම් ඔබටද දිනන්ට හැකිය. අදම ඔබේ සිහිනය ගොඩනගන්න අරඹන්න.

පසුවදන:
අද වරප්‍රසාද් කොහිද?
කන්දක් නැග අවසාන වන විට පල්ලමක් හමුවේ. වරප්‍රසාද් කන්ද තරණය කල හැටි හා ඔහු පල්ලමේ පහසුවෙන් රූටා එද්දි අප ඔහු ගැන කතා කලෙමු. එහෙත් පල්ලමෙන් පසු නැවතත් කන්දක් හමුවන බව ස්ථිරය. අවාසනවට අපේ කතා නායකයාට එම කන්ද පහසුවෙන් තරණය කල නොහැකි විය. බහුජාතික බූවල්ලෙක් 2009 දී ශාන්තා ඩැහැගත්තේය. වරප්‍රසාද් දැන් ශානතාහි නොවන බව නම් සහතිකය. එහෙත් එතනින් එහාට දෙයක් කීමට මමද නොදනිමි. අද (2012දී) ශාන්තා සැනොෆි නම් ප්‍රංශ බහුජාතික සමාගමේ ඉන්දියානු හස්තය ලෙස ක්‍රියා කරයි.
වරප්‍රසාද්ගේ උත්සාහය ගැන
කිහිපවරක් මම කොමෙන්ටුවල කියා ඇති පරිදි වරප්‍රසාද්ගේ උත්සාහයට මම අතිශය ප්‍රශංසා කරමි. ලෝකය ඉදිරියට යන්නේ ඔහු වැනි මිනිසුන් නිසාය. එහෙත් ඔහුගේ අරමුණු 100%ක්ම යහපත් යැයි කීමට මම උත්සාහ නොකරන්නේ ඔහුගේ සිහිනයේ බැරෑරුම් බව නිසාමය. ඖෂධයක් යනු තණ අග පිණි බිඳු වැනි මිනිස් ජීවිත තණ අගම රඳවා ගන්නා මැජික් යෂ්ඨියයි. මිලට වඩා එහි තත්ත්වය නිතරම පෙරට එයි. මිල අඩුවන තරමට බෙහෙතේ අගයද අඩුවන බව අපි කවුරුත් දන්නා සත්‍යයකි. එස්පීසී ලූස් පැරසිටමොල් වෙනුවට අපි කවුරුත් පැනඩෝල් ළඟ තබා ගනිමු. ඒ එස්පීසී පැරසිටමෝල් සත ගණනක් වන නිසාය. බොහෝ කල් තබාගත නොහැකි නිසාය. මෙවන් කරුණු අටෝරාසියක් නිසා වරප්‍රසාද්ගේ සිහිනය ගැන මට නම් ගැටළු ඇත. එහෙත් බොහෝ ඉන්දියානුවන් මෙන් තමන්ගේ රට ගැන ඇති ආඩම්බරය එනිසා ඔවුන් ජයගන්නා අභියෝග ගැන කීමට වචන නැත. එතරම් ප්‍රශංසනීයය.
පරිවර්තනය ගැන
මගේ බ්ලොග් අඩවියේ ලියැවෙන්නේ මට හමුවූ ලස්සන දේ ගැනය. මගේ නිර්මාණවලට වඩා මෙහි ඇත්තේ කතෘ අගය කරමින් ලියා ඇති අනුන්ගේ නිර්මාණය. මෙම ලිපි පෙළද ඒ ගණයට අයත්වේ. මින් පෙර ලියූ සුරංගනා කතාවට ප්‍රතිචාර බොහෝ විය. එහෙත් මෙම පෝස්ටු පෙළට මෙතරම් ප්‍රතිචාර ලැබේයැයි මම සිහිනෙන් හෝ නොසිතුවෙමි. බොහෝ පින් මේ පැත්තේ ආවාට!. ඔබ සැම මෙම ලිපිපෙල කියවා ලබාගන්නා සියළු රසයන්ගේ ස්තුතිය මුල් කතෘ පොරස් මුන්ෂි වෙත ලැබිය යුතු අතර සියළු දෝශ මගේ ගිණුමට බැර විය යුතුය. මන්ද වරප්‍රසාද් මෙන් මමද ජීවතාක්ෂණය ගැන මළපොතේ අකුරක් දන්නේ නැති බැවිනි. එනිසා මෙම ලිපියේ පරිවර්තනය කරද්දී මධුර (http://maduraonline.com/dictionary/) දුන් සයෝගය ගැන ලියුවේ නැත්නම් මමද ගුණමකුවෙක් බවට පත්වේ. දිව අග තියන සිංහල තේරුම් සුවර් කර දුන්නේ ඔහු බව නම් නොකියාම බැරිය.
අවුරුදු තෑග්ග
කියවා බොහෝ කල් ගතවී තිබුනද පෝස්ටු 50 හා අවුරුදු තෑග්ග ලෙස මෙය දීමට සිතුනේ අළුත් අවුරුද්දේ ඔබ දකින සිහිනයන් නින්දේදීම අමතක වීමට නොදී සැබෑ ලොවේදී පණ ගැන්වීමට හැකියාව ලැබෙන්නටය.
ඉමේජ් විජට්ටුව
[2012-04-23]මේ ලිපිපෙළට ආදාල ඉමේජ් විජට්ටුවකට ගැලපෙන ලස්සන පින්තූරයක් සාදා මා වෙත එවූ සයිබර් යායේ බුද්ධිට නොවක් ස්තුතිය. දකුණු පැත්තේ තියන විජට්ටුව මත ක්ලික් කිරීමෙන් ලිපි පෙල දිගටම කියවන්නට පුළුවනි.

ප/ලි
එන්නට ඉසිඹුවක් සොයාගැනීමට බැරිවුනත් සයිබරයේ සිහින අවුරුදු උළෙලට මගෙනුත් සුභ පැතුම්!
පින්තූර අනුග්‍රහය: http://kamyabology.com/shantha/