Thursday, April 19, 2012

සිහිනය සැබෑ කරගත් කුකුල් කේන්තිකාරයා 7

පූර්විකාව  
 කලින් ලිපියෙන් අපි  කතා කලේ වරප්‍රසාද් මාකටින් මාෆියාව සමඟ සටන් කොට ජයගත්  අයුරුයි. එහිදී ඖෂධ බෙදාහැරීම් කොම්පැනියක් වරප්‍රසාද්ගේ ශන්වැක් සඳහා ආදායම් ප්‍රක්ෂේපණයක් ඉදිරිපත් කලා ඔබට මතක ඇති.

//ප්‍රධාන පෙලේ ඉන්දියානු ඖෂධ බෙදාහැරීම් සමාගම් සියල්ල පැවසුවේ බහුජාතික සමාගම් සියල්ල එන්නත රුපියල් 520ට මිල කොට ඇති බැවින් උපක්‍රමශීලීව ශන්වැක් රුපියල් 519ට මිල කල යුතු බවය. ඊළඟ අවුරුදු තුන සඳහා ප්‍රක්ෂේපණය කරන ලද විකිනුම් ආදායම වූයේ රුපියල් ලක්ෂ 50, ලක්ෂ 75 සහ එක් කෝටියකි. මෙවන් අගයකට පැමිණියේ ඇයි දැයි වරප්‍රසාද් ඇසූවිට ඔවුන්ගේ පිළිතුර වූයේ අත්දැකීම් අනුව අළුත් නිශ්පාදනයක් විකුණා ලබාගත හැකි උපරිම මුදල මෙය බවයි//
           මාකටින් මාෆියාව ජයගත් ශන්වැක් බී හි සත්‍ය  ආදායම් වාර්තා දැනගන්න ඔබ කැමතිද?               
       රුපියල් 50 බැගින් එන්නතක් විකිනු ශාන්තා බයෝටෙක් පළමු මාස හය ඇතුළතදී රුපියල් කෝටි 8ක ආදායමක් වාර්තා කළ අතර පළමු අවුරුද්ද තුල එය කෝටි 23ක් විය. දෙවන හා තෙවන අවුරුදු තුල ආදායම පිළිවෙළින් කෝටි 32ක් හා 36ක් විය. 2009 මාර්තු වන විට ඔවුන් කෝටි 210ක ආදායමක් බලාපොරොත්තු වූහ!              
           ප්‍රතිශක්තීකරණය වූ මිනිසුන් සංඛ්‍යාන 80000 සිට මිලියන 100 දක්වා ඉහල ගියේ වසරක් ඇතුලතය. ශන්වැක් බී එන්නතෙහි වර්තමාන මිල රුපියල් 15ක් බවට පත් වූයේ වරප්‍රසාද්ගේ නොනවතින සිහිනය නිසාය.





පවතින පරිසරය තුල අළුත් අදහසක් රිංගවීමට වෑයම් කරද්දී විය හැකි දේවල් දෙකක් ඇත. පවතින පරිසරය තමන්ට ගැලපෙන ලෙස අළුත් අදහස වෙනස් කිරීමයි. එයින් අදහසේ අළුත් නැවුම් බව නැතිවී යයි. අනෙක නම් නොගැලපෙන බැවින් පරිසරය අළුත් අදහස ප්‍රතික්ෂේප කිරීමයි. නමුත් අභියෝගය වන්නේ ඔබේ පවතින පරිසරය තමන්ගේ විප්ලවීය අළුත් අදහසට හැඩ ගැසීමට සැලැස්වීමයි. එය ඊළඟ පරම්පරාවේ සොයාගැනීම් වල ලක්ෂණයයි. පසුගිය අත්දැකීම් වලට අනුව බෙහෝ නව සොයාගැනීම් අසාර්ථක වන්නේ මෙම අළුත් පරම්පරාවේ සිතුවිලි එනම් අළුත් අදහසට අනුව පවතින පරිසරය වෙනස් කිරීම ගැන නොසිතීම නිසාය. මෙනිසා ඔබගේ අළුත් අදහස් මකර කටේ නතර වූ වාර ගණන කොතෙක්ද? එසේ වූයේ ඇයි? තවත් ඉදිරියට සිතුවොත් ඔබට පරිසරය වෙනස් කල හැකි විප්ලවීය සිහිනයක් ගොඩ නගා ගත හැකි වනු ඇත.


            වරප්‍රසාද් මෙසේ කියයි.“ අනිත් ඉන්දියානු ඖෂධ සමාගම් මෙන් මම පරිසරය වෙනස් කිරීම කල නොහැක්කක් යැයි සැලකුවේ නැහැ. එම නොසැලකිල්ල මගේ වාසියට හැරුනා.“
වැඩෙහි නිරතව..
          මේ වන විට ශන්වැක් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා ඇති අතර ඇමරිකාවේද විකිණෙයි. ප්‍රථම වරට ඉන්දියාවේ ඖෂධයක් ලෙස හෙපටයිටිස් බී සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත වූයේ  ශන්වැක් එන්නතයි. මේ දක්වා එලෙස සුදුසු කම් ලබා ඇත්තේද  ඖෂධ හතරක් පමණි. එකක් ඇමරිකාවෙන්ද දෙකක් කොරියාවෙන්ද අනෙක බෙල්ජියමෙන්ද නිපදවනු ලබයි. එක්තරා අවධියක යුනිසෙෆ් සඳහා අවශ්‍ය එන්නත් වලින් 52%ක් සැපයුවේ ශාන්තා මගිනි. මේ සියල්ල ගත් කල වරප්‍රසාද් දැන් වාසනාවන්ත මිනිසෙකි. ඔහු විය නොහැකි යැයි පෙනුනු අධි තාක්ෂකින එන්නතක් ඉන්දියාවේ නිපදවූවේය. එයට අමතරව එය ලෝකයේම පිළිගැනීමට ලක් විය. ඔහු බැරි යන මිත්‍යා බාධක බිඳ දමා ඉදිරයට පැමිණ ජයග්‍රහනය කලේය. මෙය හොඳින් ක්‍රියා කරන ඉන්දියාවේ කුඩා ඖෂධ සමාගම් සඳහා මනා ආදර්ශයක් සපයයි. දැන් ඉන්දියාවේ මෙම එන්නත් වේලක  මිල රුපියල් 780 සිට රුපියල් 20 දක්වා පහළ බැස තිබේ. වරප්‍රසාද් දැන් සෑහීමකට පත් විය යුතු වුවද එසේ නැත. 

 “නමුත්..මගේ අරමුණ වන්නේ හෙපටයිටිස් බී ඉන්දියාවෙන් සහමුලින්ම එළවා දැමීමයි. එය ජයගන්නා තුරු මම සෑහිමකට පත් නොවෙමි.“
          මේ අතරේ දී මේ කුකුල් කේන්තිකාරයා ඊළඟ සටනට එකතු විය. ඒ මාරාන්තික පිළිකාවට විරුද්ධවය. එම සටනේ අරමුණ වූයේ ඉන්ටෆෙරොන් එන්නත් වල මිල පහත දැමීමයි. එමගින් දැනට රුපියල් 4000ක් පමණ වන බෙහෙත් වඩිය රුපියල් 400කට අඩු කිරීමට ඔහු බලාපොරොත්තු විය. පෙර මුහුණ දුන් වර්ගයේ ගැටළු නැවත නැවතත් විසඳීමට සිදුවිය. නිල බලය, හණමිටි අදහස්, දරදඬු සිත් සහ ස්ථාපිත වෙළඳපලවල් හා හඹා එන තරඟකරුවන් සමඟ ශන්ෆෙරොන් අන්තිමේදී වෙළඳපළට නිකුත් විය.ශාන්තා සමාගමට අනුව ශන්‍‍ෆෙරොන් ලෝකයේ දැනට තිබෙන යීස්ට් මුල් කොට ගෙන නිපදවන ලද එකම එන්නත වන අතර එනිසා අනෙක් ඊ කොලයි ඖෂධ වලට සාපේක්ෂව  අතුරු ආබාධ අඩු යැයි සැලකේ.
ශාන්තා හි සාමාජිකයින්

මෙතරම් දේවල් අත් කර ගත් ශාන්තා සාමාගමේ සැකැස්ම කෙලෙසද? සමාගම මෙතරම් ඉහල තලයකට ගෙන ආ මිනිසුන් කොයි වගේද?


         උදාහරණයක් ලෙස ශාන්තාහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ කේ.වී. සුධිර් ගනිමු. ඔහු ඔස්මනියා විශ්ව විද්‍යාලයේදී ශානතා වෙත එකතු වූ පළමු විද්‍යාඥයන් හතර දෙනාගෙන් එක් අයෙකි. ජීව තාක්ෂනවේදියකු හා ආචාර්යවරයකු ලෙස බොහෝ වෙනත් අවස්ථා තිබුනද ඔහු ශාන්තා තෝරා ගත්තේය. ඔහුගේම වචන වලින් හේතු කියතොත්;
“ මම පෙරදිත් කැරළිකරුවෙක්. මට එකම ආයතනයක බොහෝ කාලයක් වැඩ කර දැතිරෝදයක දැත්තක් වී මගේ අනන්‍යතාවය නැති කරගැනීමට මට අවශ්‍ය වුයේ නෑ. එනිසයි මම ශාන්තා තෝරාගත්තේ. මට වෙනසක් කිරීමට හා වෙනසක හවුල් කරුවකු වීමට අවශ්‍ය වුනා.“
        ඔහු වැඩ ආරම්භ කරද්දී ඔහුට මගපෙන්වීමට කිසිවෙකු නොවීය. ගෙනත් තිබූ යන්ත්‍ර අධි තාක්ෂනික වර්ගයේ එවා වූ අතර කිසිවෙකු ඒවා මින් පෙර දැක තිබුනේවත් නැත. සුධීර් ඔහුගේ සගයන් සමඟ අත්පොත් කියවා එම යන්ත්‍ර ඔවුන් විසින්ම සවිකරගත්හ. සෑම දෙයක්ම බින්දුවේ සිට පටන් ගැනීමට සිදුවී තිබින.
       ශාන්තා තම නිශ්පාදන මෙහෙයුම් අරඹන විට, සම්මුඛ සාකච්ජා මගින් තෝරාගත් පළමු විද්‍යාඥයන් කණ්ඩායම වැඩ බාර ගැනීමට පැමිණියේ නැත. ඔවුන්ට ශාන්තා තමන්ගේ බලාපොරොත්තු වූ තරමට නොගැපුනා හෝ ශාන්තාහි අභියෝගය පිළිගැනීමට අකමැති වූවා හෝ වන්නට ඇත. එය නොසලකා පැමිණි සිව්දෙනා අභියෝගවලට ලැදි, නැවුම් අත්දැකීමක ආශ්වාදය සොයා පැමිණයවුන්ය. ඔවුන්ට අවැසිවූයේ “ඉන්දියාවේ මෙතෙක් නොකරපු දෙයක් කිරීමටය.“





ඔබගේ මුල්ම සහායකයින් ආධාර කරුවන් කිසිදා අවතක්සේරු නොකරන්න. ඔබ මුලින් බලාපොරොත්තු වූයේ ඔවුන් නොවන්නට පුළුවන. සමහර විට ඔවුන් ඔබගේ පළමු හෝ දෙවන තේරීමද නොවිය හැකිය. එහෙත් ඔබ යමක් ආරම්භ කරන විට ඔවුන් ඔබ කරා පැමිණියේ මහත් අවදානමක් හිතේ දරාගෙන බැවින් ඔවුන්ගේ වටිනාකම මිල කල නොහැකිය. සුපුරුදු කක්ෂයෙන් මිදී විප්ලවකාරී මඟකට යද්දී දක්ෂතාවයට වඩා අභිප්‍රාය අශාව වැදගත්වේ. බාධක කම් කටොළු ජයගැනීමට අභිප්‍රාය අත්‍යවශයය. මුල් සහායකයින් ඔබ වෙත පැමිණියේ ඔබේ සිහිනය කෙරහි ඇති අශාව අභිප්‍රාය නිසාය ඔබට ඔවුන්ගේ අභිප්‍රාය කිසිදාක වෙනත් දෙයකට හුවමාරු කරගත නොහැකි වනු ඇත. ඔවුන් දක්ෂතමයින් නොවන්නට බොහෝ ඉඩ තිබේ. එහෙත් ඔවුන් දක්ෂතමයන් සඳහා අවස්ථාව ලබා දීමට කටයුතු කරනු ඇත. ඔබට අභිප්‍රායද දක්ෂතාවයද යන දෙකෙන් එකක් තෝරාගැනීමට සිදුවුවහොත් දෙවරක් නොසිතා අභිප්‍රායතෝරාගන්න. එය ඔබට වාසනාව ගෙන දෙනු නොඅනුමානය.

           ශාන්තාහි සුධීර්ට තව කීමට ඇත්තේ මොනවාද? වරප්‍රසාද් නම් සටන් කාමියා තමන්ගේ සාර්ථකත්වය ගැන කියන්නේ මොනවාද? ඒ ගැන අපි ඊළඟ කොටසෙන් බලමු.
        අද නම් මට ඔයාලත් එක්ක රහසක් බෙදා ගන්න තියනවා. ඒ මේ කුකුල් කේන්තිකාරයා ගැන තව ලිපි දෙකක් විතරයි තියෙන්නෙ කියලා. ඔන්න කාටවත් කියන්න එපා හොඳේ :) 

පින්තූරු අනුග්‍රහය: http://indiatoday.intoday.in/story/Cancer+combat+club/1/1322.html 
http://healthandmedicines.blogspot.com/2009_07_01_archive.html

20 comments:

  1. කෝ ව්‍යාපාරික අරමුණු අත්තෙම නැහැනෙ... 20ටම අඩුකරලා.. අනිත් එක ව්‍යාපාරික අරමුණු තියනවනම් ලෙඩේ නැතිකරන්ඩ හදන්නෑ නේද, වවාගන කනවා මිසක්.. අර ලංකාවෙ තිබුන යුද්දෙ වගේ...

    ඇත්තටම ඔබ මේක ලියන විදිහ හරි සරලයි, පැහැදිලියි.. එක දිගට කියවගන යන්ඩ පුලුවන්..

    මේකෙන් පස්සෙ.. මේ ජාතියෙ වෙනත් වැඩක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා..

    ජය !!!!

    ReplyDelete
    Replies
    1. මම මේ ගැන හිතන දේ අන්තිම ලිපියෙන් කියන්නම් සෙන්නා..ඒත් ඔයාට කැමති විදිහට හිතන්න නිදහස තියනවා..ඔයාගෙ වගේ අදහස් වලින් තමා මේ පෝස්ටුවට වටිනාකමක් එකතු වෙන්නෙ..

      ස්තුතියි සුභ පැතුමට..
      එකම දේ එක දිගට ලියන්න ගිහාමත් එපා වෙනවනෙ..මේ මාසෙටනම් ඔච්චරයි අප්පා..ආය නම් බෑ..ඊළඟ මාසෙ බලමුකෝ..:)

      Delete
  2. hama dama mamath innawa aluth widihata hithana minissu abiyoga jayagannawamai...obata jaya

    ReplyDelete
    Replies
    1. මෙන්න ලින්ක්, කැමති එකක් තෝරගන ඉතින් ලියමු සිංහලෙන්..

      http://unicode.malindaprasad.com/
      http://www.google.com/transliterate/sinhalese
      http://subasa.lk/keyboards/phonetic.php
      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html

      Delete
    2. @කුමාර,
      ස්තුතියි..
      හැමදාම අභියොගයක් වෙන්න පුළුවන් දේ හිතන්න කරන්න ඕන ශක්තිය ඔයාටත් ලැබෙන්න...

      @සෙන්නා,
      ස්තුතියි ලින්ක් ටිකට අපි බලමු කුමාර මේවා පාවිච්චි කරයිද කියලා..;)

      Delete
  3. ගත හැකි ආදර්ශ බෝමයි.

    ReplyDelete
    Replies
    1. ම්..අපි බලමු අපිට කොච්චර වෙනසක් කරන්න පුළුවන්ද කියලා..

      Delete
  4. මිනිස්සු ගැනම් විතරක් හිටපු නිසා මෙහෙත් මේ තරම්ම අඩුවෙන් දීලා තියෙන්නේ.. අන්න ඒ කාරණාව අගය කරන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ඒත් මලේ අමතක කරන්න එපා මේ ඖෂධ කියලා..
      කොහොම වුනත් ඔහුගේ උත්සාහය මමත් අගය කරනවා..

      Delete
  5. //දැතිරෝදයක දැත්තක් වී මගේ අනන්‍යතාවය නැති කරගැනීමට මට අවශ්‍ය වුයේ නෑ//

    නියම මනුස්සයෙක් නේ (මුල් ලිපි තාම කියවලා නෑ. බලන්න ඕන).

    ReplyDelete
    Replies
    1. ගොඩක් ආයතනවලට පුද්ගලයාගේ වටිනාකමක් නෑ තනතුරේ මිස..

      Delete
  6. නියම මිනිහෙක් කියලා තමා කියන්ට තියෙන්නේ.
    (රහසින් ) අර උඩ කියලා තියෙන රහස ඇත්තද? :)

    ReplyDelete
    Replies
    1. (රහසින්) හ්ම්..සත්තම සත්තයි..තව දෙකයි..එතකොට ඉවරයි..

      Delete
  7. //ඔබගේ මුල්ම සහායකයින් ආධාර කරුවන් කිසිදා අවතක්සේරු නොකරන්න.
    මේනම් නියම අදහසක්. ඒ අය තමයි ඇත්තම උදව්කාරයෝ! අපූරූ ශක්තියක් සහිත මනුස්සයෙක්. ඒ වගේ ම ලිපි පෙළත්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලහිරු..
      කවදාවත් අපි මුල අමතක කරන්න හොඳ නෑ..

      Delete
  8. උත්සාහය තියෙනවනම් කැපවීම තියෙනවනම් ලෝකයේ බෑ කියල දෙයක් නැති බව වරප්‍රසාද් පෙන්නුවා
    අනික තමයි කන්න දුන් අත හපා කෑවෙත් නෑ නැග්ග ඉණිමගට පයින් ගැහුවෙත් නෑ අන්න මිනිස්සු. කන්ද මුදුනට ගිහින් බිම බැලුවාම කන්ද පාමුල ඉන්න අයත් පේන්වා.. වරප්‍රසාද් සුන්දර මිනිසෙක්

    ReplyDelete
    Replies
    1. වරප්‍රසාද්ගේ මේ ගතිගුණ නම් මමත් අගය කරනවා..ස්තුතියි ඔබට..

      Delete
  9. ඉන්දියානු‍වෝ කිව්වම බෙහෙත් ගෙවල් වලත් හදන පොරවල්. අපිට බොහොමයක් බෙහෙත් එන්නේ ඉන්දියාවෙන් නොවැ.. (මේ ටික පෝස්ටුවට අදාල නැහැ. නිකන් කිව්වේ)

    රූ වැදගත් ලිපියක්.. ජය !

    ReplyDelete
    Replies
    1. හුටස් මේක අර කතාව නේද? පැටලුනා.. අද පෝස්ටුවෙන් තමා මතක් වුනේ..

      Delete
    2. ඔයාගෙ අදාල නෑ කිව්ව කතාවට මමත් 100% එකඟයි..ඒක අදාල නැත්තෙමත් නෑ..ඒ ගැනත් අන්තිම පෝස්ටුවෙන් කියන්න හිතාගෙන ඉන්නවා..

      ඊළඟ ලිපියත් දැම්මා බලන්නකෝ..

      Delete