චින්තන
චුයින්ගම්
බුලත්විට
බ්රේස්ලට්
ආශ්චර්යය
දුටු ගැමුණු
පරාක්රමබාහු
අචාර්ය
අබා
පබා
මෙගා
කිරිපිටි
හාල්
පොල්
එළවළු
ගෑස්
මයිටා
දෙමුහුන් හරක්
අර බද්ද
මේ බද්ද
අහේනියටම
මල බද්ද
දාහ දාහ
අටදාහ
සීයට පහ
ආයුබෝවේවා
සාදුකින් පෙළෙන වුන්
දැන් ඉතින් අඬපියව්
-අංගොඩ ළමයා.
රූ ගේ සටහන:
කෑම ඔතාගෙන ආපු ලංකාදීප පත්තෙරේ දිනේ තියන කෑල්ල ඉරිලා ගිහින්. ඒත් මේ කවිය උපුටා දක්වලා තිවුන ලිපියෙ කියවුනේ මෙම කවියෙන් ධ්වනිතාර්ථ වෙන කවියාගේ ප්රශස්ත හැකියාව සම්මානයට ලක් නොවුන එක ගැන.
සම්මානයකට වඩා කවියෙකුට වටින්නෙ තමන්ගෙ කවිය වැඩි දෙනෙක් කියවන එක නිසා කවියෙ කතෘ කවුද කියලා නොදන්නවා වුනත් මම මේක බ්ලොග් එකේ අකුරු කරන්න සිතුවා.
කාට හරි පුළුවන්නම් මේ කවිය ලිව්වෙ කවුද කින්ද මන්ද කියලා ලියලා යන්න.