නෙතඟ ගිලිහුනු කඳුලු වැල්
මුවග පොපියන සිනා මල් වී
පිපෙන දිනයක
සිඟිති නගේ මලේ...
නෙතු කඳුළු පිසදා
දෙතොලඟ වචන පොඩි රන්දා
කතා කරපන් ලෝකයට
නිදා සිටිනා ඇස් කන් පියා...
සිතුවම් කරපන් කඳුළු සායමෙන්
ජීවන සිත්තම නුඹගේ
දිනයක තුටු කඳුළු වසින තුරු
සිඟිති සිත් දවනා
ගිනියම් වු සිතුම් රැල් නසා
දිනා ලෝකය යම් දිනක
සිනාවෙයන් එක්ව
අත් පටලලා....
පින්තූරු අනුග්‍රහය: http://www.realworldimage.com
දිනූ ලෝකයේ එක්ව අත් පටලලා සිනාවෙන එම දිනය කවදා උදාවෙයිද???
ReplyDeleteඒ දවස එකනම් අපිත් උදව් කරමු නේද?
Deleteකුරිරු ලෝකය වෙත
ReplyDeleteඔබ නො ඒවි නම්
ඔබේ සිනා වැල්
සදා මුවගේ රැඳෙනු ඇත...
ඇත්තම ඇත්තයි
Deleteදුක හිතෙනවා ඒ පුංචි මූනු පොඩ්ත්ත දැක්කාම.
ReplyDeleteමේ පොඩ්ත්තිව නම් මම හොයාගත්තෙ හයිටි වලින්..
Deleteඒත්..ඇත්තටම ඔවුන්ට ජීවිතේ කවදකමහරි හිනාවෙන්න දවසක් උදා වෙයිද?
ReplyDeleteසමහර වෙලාවට සිනාවෙන එක ගැන එයාලට අමතක වුනු දවසක..
Deleteඑහෙම දවසක් උදා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු අක්කේ..
ReplyDeleteඅපිටත් මොනවහරි කරන්න පුළුවන් නම්...
Deleteඑහෙම දවසක් කවදාවත්ම ඒවිද කියල හිතෙනවා..........
ReplyDeleteඒකට වගකියන්න ඕනෙත් වැඩිහිටි අපිම නේද?
Deleteඑහෙම දවසක් උදාවෙන්නම ඕනෙ ඒ අහිංසක ජීවිත වලට..
ReplyDeleteඒත ඇත්ත හිතූ...
Delete"නැති බැරි කම හතර අතේ පාවෙනවා සුලඟවගේ"
ReplyDeleteමේ ප්‍රේමකතා නවතා මොහොතක් අපි අවට බලමු ඇස් ඇරලා..
හ්ම්..මේ විදිහට ගියොත් ප්‍රේම කතා ඉවර වෙන පාටක් නෑ..
Deleteමේ පින්තූරේ ඕන උනත් අපිට ගන්න වෙන්නෙ සල්ලි ගෙවලා. ඒත් මේ පොඩි එකා ඒවා දන්නෙ නෑ!!!!!
ReplyDeleteපොඩි එකා දැනගත්තත් කරන්න දෙයක් තියනවද බුද්ධි...?
Deleteඒ අතින් බැලුවත් එයා වගේම අපිත් අසරණයි..
එහෙවු දවසක් ලගදීම උදා වේවා.........
ReplyDeleteම්..මමත් ඔයත් එක්ක එකතුවෙලා ප්‍රාර්ථනා කරනවා
Deleteහැමෝම වගේම මමත් ඒ දවස එනකන් බලාගෙන ඉන්නේ.
ReplyDeleteම්..බලා හිදිමු අපි දෑස් දල්වා..
Deleteලස්සනයි අක්කේ...
ReplyDeleteස්තුතියි මලේ..මේ සීරීස් එකේ කවි තව ටිකක් තියනවා..
Deleteඔන්න මතක් කරගන්නත් එක්කම ඔයාගේ බ්ලොග් එකේ මුලටම ගිහින් ආවා අක්කේ
ReplyDeleteකොහොම වුනත් ගොඩක් ස්තුතියි..අනේ මන්දා විභාගෙ ළං වෙද්දි ඔයත් කරන වැඩ..!!
Deleteඑහෙම දවසක් එනකන් අපිත් බලාගෙන ඉන්නවා.
ReplyDeleteඅපි මහන්සි වුනේ නැත්තං එහෙම දවසක් එයිද දන්නෑ මලේ.
Delete