කලින් පෝස්ටුවේ අපි කතා කලේ වරප්‍රසාද්ගේ සිහිනය ඉපදුනු හැටියි. ඔහු ඉන්පසු ක්‍රියා කල හැටි අපි අද කතා කරමු.
වරප්‍රසාද් හෙපටයිටිස් බී ගැන මුල්වරට ඇසුවේද ජිනීවා වලදීය. ආපසු ඉන්දියාවට
පැමිණෙන ඔහු රෝගයේ බරපතල බව ගැන කරුණු රැස් කලේය. රැස් කල කරුණු අනුව හෙපටයිටිස්
බී එන්නත ඉන්දියාවේ සෑදීමට ඔහු තීරණය කලේය. ඒ සඳහා ලේසිම හා පහසුම ක්‍රමය වූයේ
තාක්ෂන හුවමාරු වැඩපිළිවෙලකි. ආපසු ඇමරිකාවේ ජීවත් වූ තමන්ගේ ඥාති සොයුරන් නැවත හමුවූ
ඔහු මේ සඳහා ආයතනයක් සොයා දෙන්නැයි ඉල්ලුවේය.ඔවුන් ඔහුව බටහිර කැලිෆෝනියාවේ තිබූ
ප්‍රසිද්ධ ජාන ඉංජිනේරු ආයතනයකට යොමු කර වූහ.
වරප්‍රසාද් එහි ගියමුත්, සුපුරුදු පරිදි ඔහුට බටහිර ඇමරිකාවේදී රතු
ඉන්දියානුවන් හමුවූයේ නැත. එහෙත් මේ තාක්ෂනය ඉන්දියානුවන්ට ඉගෙන ගැනීමට බැරි තරම්
සංකීර්ණ දරා ගැනීමට බැරි තරම් මුදල් වැයවෙන්නක් බව කීවෙකු ඔහුට හමුවිය.
“ඔයා ඔච්චර දඟලන්නෙ ඇයි? මිනිසුන් කීපදෙනෙකුගේ මරණය ඉන්දියාවට එතරම් දෙයක් වෙන්න බෑ.“
ඔහු තවදුරටත් කීවේය. වරප්‍රසාද් කලින් වූ සිදුවීමට කේන්ති ගොස් සිටියේ නම්
මේ සිදුවීම මල පැනීමක් බවට පත්ව තිබුනි. කනින් දුම් දාමින් නැගිට සිටි ඔහු තමන්
වසර දෙකක් ඇතුලත ඉන්දියාවේදී එන්නතක් නිපදවා ඉන්දියානුවන්ට ඉන්දියාවේදී කල හැකි දෑ
පෙන්වන බව ඔහුට කීවේය.
නැවතත් නිව් ජර්සි බලා ගිය ඔහු තම යහළුවන්ගෙන් හා ඥාති සොයුරන්ගෙන් ඉල්වූයේ
ඇමරිකාවේ සේවය කරන ජීව තාක්ෂණය අකුරක් හෝ දන්නා ඉන්දියානුවන් මුණගස්වන ලෙසය. ඔවුන්
ඔහුගේ ඉල්ලීම ඉටුකලහ. තිහක් හෝ හතලිහකින් සමන්විත වූ මේ රැස්වීමේදී තමන් මේ ව්‍යාපෘතිය
සඳහා වෙහෙසෙන්නේ ඇයි දැයි අවංකව පැහැදිලි කල වරප්‍රසාද් ඉන්දියාවේ ඉතිහාසය වෙනස්
කිරීමට දායක වන්නැයි රැස්ව සිටි පිරිසෙන් කාරුණිකව ආයාචනය කලේය. ඔහුට ඉන්දියාවෙන්
හෙපටයිටිස් බී වසංගතය තුරන් කිරීමට අවශ්‍ය වී තිබුනි.
ඔහුගේ කාරුණික ආයාචනය බොහො දෙනෙකුගේ සිත් ඇද ගැනීමට සමත් වුවද වරප්‍රසාද්
ඉන්දියාවේදී අධි තාක්ෂනික r-DNA අඩංගු එන්නතක් නිපදවීමට
බලාපොරොත්තු වන බව ඇසූවිට සැවොම සිනා සීමට පටන් ගත්තෝය. ඒ සිනහව ඇසූ වරප්‍රසාද්ට
යක්ෂයා ආරූඬ විය.
“තමුසෙලා මොන වගේ ඉන්දියානුවොද? තමුසෙලා ඉන්දියාවෙ ඉගෙන ගෙන තාමත් තමන්ගෙ
ඕනෑ එපාකම් ඉන්දියාවෙන්ම බලාපොරොත්තුවෙනවා. ඇයි තමුසෙලා තමන්ගෙ රටට මොනවා හරි
දෙන්න උත්සාහ කරන්නැත්තෙ? ඉන්දියාවෙන් තමුසෙලට ඕනෙ අච්චාරුයි චටිනියි විතරද?“
විප්ලවකාරී සොයාගැනීම් කරන්නෙකුගේ මූලික ලක්ෂණයක් වනුයේ මිනිසුන්ගේ හැඟීම් වලට සිතුම්
පැතුම් වලට ඇමතීමට ඇති හැකියාවයි. එනයින් තමන්ගේ අරමුණ කරා යාමට ඔවුන්ගේ සහය
ලැබීමට ඇති හැකියාවයි. ඔහු මිනිසුන්ගේ තර්කානුකූල බුද්ධිය අභිබවා ගොස් හැඟීම්
වලට ආයාචනා කරයි. වරප්‍රසාද් මෙසේ කරද්දී ස්ටීව් ජොබ්ස්ද වෙනත් ආකාරයකට මෙය
ක්‍රියාවකට නැගුවේය. ජොන් ස්කලීගේ ප්‍රශ්නයකට පිළිතුරු ප්‍රශ්නයක් අසමින්
ස්ටීව් ජොබ්ස් මෙසේ කීවේය. ඔබට සීනි කවලං වතුර විකුණමින් සැමදා ඉන්නවාද
නැත්නම් ලෝකය වෙනස් කිරීමට අවශ්‍යද?
වරප්‍රසාද්
තම සිහිනය සුළුවට සිතුවේ නැත. මුළු හදින්ම ඒ ගැන සිතද්දී ඔහුගේ මොළය ඒ සිහනය
වෙනුවෙන් කැපවුනේය. තමත් සිත් කිහිපයක්ම තම යහපත් අරමුණ වෙත නම්මා ගැනීමට
ඔහුට හැකි වූයේ ඒ නිසාය. අනික් අතට ගත් කල අපි බොහෝ දෙනෙක් අපේ සිහින ගැන
ලොකුවට සිතමු. එහෙත් එය ටික කාලයක් ගතවෙද්දී පරණව උක් දණ්ඩක් සේ වියළී යයි. බිත්තියේ
තවත් එක් ගඩොලක් පමණක්ම වෙයි.
- ඔබගේ සිහිනය කොහෙද?
- ඔබගේ ආශාව මොකද්ද?එය තවමත් පවතිනවාද?
- ඔබ ඒ ගැන සිතමින් ක්‍රියාත්මක වෙනවාද?
වරප්‍රසාද් තම සිහින ප්‍රාසාදයේ පදනම දමා ගඩොලින් ගඩොල බිත්ති බැඳීම ඇරඹුවේ මින් පසුවයි. ඒ ගැන අපි ඊළඟ කොටසින් කියවමු.
පින්තූර අනුග්‍රහය: http://beauty-healthcare.blogspot.com/2011/01/hepatitis-b-treatments-hepatitis-b-cure.html
පින්තූර අනුග්‍රහය: http://beauty-healthcare.blogspot.com/2011/01/hepatitis-b-treatments-hepatitis-b-cure.html
මමයි එක.. ඇත්තට ම ලෝකේ වෙනස් කරපු කිසි ම කෙනෙක්ට ඒ දේ කරන්න යන්න උනේ මල් අතුරපු මාවතක නෙවෙයි. ඒ වගේමයි. දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන ඉන්න කෙනෙක්ට එහෙම දෙයක් කරන්න තරම් ශක්තියක් කවදාවත් ලැබෙන්නේ නෑ.. ගත යුතු දෙයක් තියෙනවා.. එල!
ReplyDelete//දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන ඉන්න කෙනෙක්ට එහෙම දෙයක් කරන්න තරම් ශක්තියක් කවදාවත් ලැබෙන්නේ නෑ//
Deleteසහතික ඇත්ත සහෝ..
අපි හැමතිස්සෙම ශේප් න්‍යායනේ..
කොහොමත් මේ වගේ දෙයක් ගැන ඕනම කෙනෙක් මුලින්ම කියද්දී මිනිස්සු ඔහු දිහා බලන්නේ හාස්යයෙන්..
ReplyDeleteවිශේෂයෙන්ම අහලා බලලා නැති දෙයක් කරන්න යද්දි වැඩියෙන්ම බාල්දි පෙරලන්නෙ ළඟම අය..
Deleteඅපරාදේ කියන්ට බෑ මොනවා කීවත්, මේ ගොල්ලෝ හරිම දක්ෂ උදවිය...:)
ReplyDeleteමමත් ඒක නම් අගය කරනවා පොඩ්ඩි..
Deleteඑයාලා හිතල විතරක් නවතින්නෙ නෑ..
හොද දෙයක් කරන්ට තියෙන අමාරුව තේරෙන්නේ ඒ දේ කරන්න ගියාම..
ReplyDeleteජය !
එල එල... ඊලග කොටසත් අනිවාර්යෙන් කියවන්න එනවා.....
Delete@සෑම්,
Deleteඒක ඇත්ත..කරන්න අමාරු නිසා වෙන්නැති ඒවා හොඳ දේවල් වෙන්නනෙත්..
@තොටියා,
ඔන්න ඊළඟ කොටසත් දැම්මා..බලන්නකෝ..
මෙන්න ඉන්දියන් කාරයෝ.. වරප්‍රසාද්වගේ හිතන එකෙක් හරි අපිට ඉන්නවනම් මොනවද කරන්න බැරි.
ReplyDeleteඅපේ රටේ මේවගේ දෙයක් කරන්න ගියොත් බලන්නෙ "මට මේකෙන් කීයක් ශම්බවෙනවද?" කියලා
ඒක ඇත්ත..
Deleteඅපේ රටේ නම් සිද්ධවෙන්නෙ එහෙම හිතන කෙනාවත් අධෛර්ය කරන එක..
පළවෙනි දම්පාට කොටුවේ තියෙන දේ මට දැනිලා තියෙනවා.
ReplyDeleteහුගක් අයට බෑ මිනිසුන්ගේ හැඟීම් වලට සිතුම් පැතුම් වලට අමතන්න. මටත් බෑ. එතනයි වෙනස තියෙන්නෙ.
...................
අනේ මන්දා වරප්‍රසාද් ගැන මෙච්චර දන්න කෙල්ලට බෑනෙව කොලයක් අරගෙන බලිකුරුට්ටක් අඳින්න...අනේ මන්දා!
බුද්ධි කොළුවට අනිත් අයගෙ සිතුම් පැතුම් වලට අමතන්න බෑ කියන එක මම නම් පිළිගන්නෑ..ඒ මම ඔය අහා ඇවිත් යන නිසා..
Deleteබලිකුරුටු ගැන නම් කියන්න තියෙන්නෙ ඊයෙ මම් මහන්සි වෙච්ච විදිහට රූ චිත්‍ර ඇඳපු හැටි කියලා රූ මහත්තයයි රූ මල්ලියි දෙන්නම බ්ලොග් එකක් පටන් අරන් ලියයි කියලා..පැය ගාණක් මම නටපු නැටිල්ලෙ හැටියට ඒ දෙන්නත් හරියට විස්සෝප වුනා ඒ උත්සාහයෙ අවුට්පුට් එකක් නැති එක ගැන..හික්ස්..
බලමු බලමු තාම උත්සාහය කරලා ඊළඟ සැරේවත්..
සික්....ඔයාව කව්රු හරි නොමග යවලා. කව්ද අවුට් පුට් එකක් ඉල්ලුවේ.... සිත්තරේ තිබ්බනං හොඳටම ඇති. දැං ඉතිං මක් කොරන්නද හෙට උදේම ප්‍රදර්ශනේ පටන් ගන්නවනේ...:P
Delete