Thursday, May 31, 2012

සිනෙ රූ: දඟකාර හාදුව 4

පහන්දිගේ දිනපොතේ පරණ පිටු
සෙනුක් ගේ දිනපොතේ පරණ පිටු

අද විසි හත් වෙනිදා
       ඊයෙ වෙච්ච සිද්ධිය තාමත් කාටවත් අමතක වෙලා නෑ වගේ. මුළු ඉස්කෝලෙම කතා වෙන්නේ ඒ ගැන. ඒ කෙල්ල යන හැම තැනම කට්ටිය හිනාවෙනවා මම බලාගෙන. එක අතකට පව් කියලත් හිතෙනවා. ඒත් ඒ ළමයා මේකෙන් පාඩමක් ඉගෙන ගන්න පාටක් නම් පේන්න නෑ. මේ වගේ දේවල්වලින් වෙන්නෙ මගේ සාමාන්‍ය ජීවිතේ වෙනස් වෙන එක. ඒක නම් හරිම එපා කරපු දෙයක්. 
       අද හවස අපේ අම්මා කාමරේට ඇවිත් නිවේදනයක් නිකුත් කලා. හෙට ඉඳන් මල්ලි මගේ කාමරේට එනවලු. හෙට ඉඳන් අපේ ගෙදරට අමුත්තො දෙන්නෙක් පදිංචි වෙන්න එනවලු. මල්ලිගේ කාමරේ කාමරේට ඒ යාළුවගෙ දුවට දෙන්න වෙනවලු. මේක නම් හරිම අසාධාරණයි. අපිටත් ඉන්න ඉඩ නැතුව ඉන්න එකේ අම්මලා මේ තීරණේ ගන්න කලින් අහන්න තිවුනා. අපේ අම්මගේ මේ හිතුවක්කාර තීරණ නම් මට දැන් ඇතිවෙලා තියෙන්නෙ. කොච්චර කිව්වත් එයා තමයි හරි.  

Tuesday, May 29, 2012

සිනෙ රූ: දඟකාර හාදුව 3

සෙනුක්ගේ දිනපොත
අද විසිපස් වෙනිදා
        මේ දවස්වල ඉස්කෝලෙ ඉන්න ළමයින්ට පිස්සු හැදිලා වගේ. වයසෙ වැරැද්ද! පිස්සුවෙන් වගේ ගෑනු ළමයි පිරිමි ළමයි යාළු වෙනවා කෝලම් කරනවා එක විකාරයි. මේ වයසෙ අය මෙහෙම හැසිරෙනවා කියලා සිග්මන් ෆ්‍රොයිඩ් කියලා තිවුනා එයාගෙ ප්‍රධාන සොයාගැනීම් වලදි. එක එක ජීවින්ගේ පැවැත්ම ගැන ලියවුනු පොත් ටිකක් ආපහු හොයාගෙන කියවන්න ඕන. අපේ පුස්තකාලෙ තියන පොත් ගොඩක් මම දැනටමත් කියවලා තියන නිසා ඒ පොත් ගැන හොයන්න තැනක් බලන්නත් ඕන. මේ ඔක්කොම අටමගල් අද ලියන්න වුනේ පුංචි සිද්ධියක් නිසා.

Sunday, May 27, 2012

සිනෙ රූ: දඟකාර හාදුව 2

දින ෙපාතේ පරණ පිටු..
අද විසි තුන්වෙනිදා
       මමත් මීනුත් සොනුත් චිත්‍ර කාමරේ හිටියෙ හංසයෝ නාට්‍යයේ ඇඳුම් ලෑස්ති කර කර. මට තිවුනෙ හංසයගෙ පියාපත්වල පිහාටු අලවන්න. ඒත් මම තාමත් හිටියෙ සෙනුක්ගෙ ආදරේ ගැන හීන මවමින් හීන ලෝකෙ.
       සෙනුක් ගැන කොච්චර හිතුවත් ඉවර වෙන්නෙ නෑ. ඒත් සෙනුක් මම මේ ලෝකෙ ඉන්නවද කියලවත් දන්නෙ නෑ. ඒකෙන් මට මාවම එපා වෙලයි තිවුනෙ.
“ඔය දැන් ඔයාගෙ ආදරේ සෙනුක්ට කියන්න ඕන.“ සෝනු කිව්වෙ මගේ දුක්බර මූණ දැකලා.
“ආදරේ කියන්න..හ්ම්..“.මම උත්තර දුන්නෙ එච්චර විශ්වාසෙකින් නෙවි.

Friday, May 25, 2012

සිනෙ රූ: දඟකාර හාදුව 1

පහන්දිගේ දිනපොත

අද විසි දෙවනිදා.

            “ඒ පරිසරය දෙව්ලොවක් තරමට ලස්සනයි. ගස්වැල් එකිනෙකාට හිනාවෙනවා වගේයි පෙනුනෙ. ඒ ගස් අතරෙ බිම තිවුන පඳුරක ලස්සන ලා දම් පාට මල් පොකුරක් පිපිලා තිවුනා. එක පාරටම ඒ දම් පාට මල් පොකුර ළඟට රෝස පාට මුහුණක් පාත් වුනා. හීනියට මල් පොකුර සිපගන්න කොට ඒ ලස්සන ඇස්දෙක පියවුනා මම දැක්කා. එයාගෙ ලස්සන කූරු කොණ්ඩෙන් බාගයක් නළල වසාගෙන තිවුනෙ.  ඒ උස සුදු කඩවසම් පිරිමි ළමයා වෙන කවුරුත් නෙවෙයි මගේ සිහින කුමාරයා සෙනුක් කියලා දැනගත්තම මට දැනුනෙ ඉවසිල්ලක් නැති සතුටක්. මම හිටියෙ ඒ ලස්සන වනාන්තරයේ උසම උස ගහක් යට.

Sunday, May 20, 2012

සැනසුම...

දින 

හත්සිය තිහක් 

තිස්සේ

සෑම උදයකදී

නුඹ පසෙක සිට 

පිබිදෙන සඳ

දැනුනි 

ලෝකයම දිනූ ලෙස...


Tuesday, May 15, 2012

දිනපොතෙන් 5: තත්පර විස්සක් ජීවිතය ගැන..

           තමන්ගේ මරණයට දින කිහිපයකට පෙර මිනිසෙක් තමන්ගේ දරුවන් ළඟට කැඳවා මෙසේ කීවේය.
“මරණය ඊළඟ ලෝකයට යෑමට ඇති එකම මාර්ගයයි. මම මැරෙද්දී අනිත් අයට උදව් කරන එක කොච්චර වැදගත්ද කියලා පෙන්නන්න සළකුණක් එවන්නම්. මම මැරුණාම ආදාහනය කරලා අළු ටික මගේ ආසම සංගීතය වාදනය කරන ගමන් ගඟේ පා කරලා හරින්න. “
            ඊට දින දෙකකට පසු ඔහු මිය ගියේය. ඔහුගේ මිනිය ආදාහනය කොට අළු බඳුනත්, සංගීත පටයත්, කැසට් රෙකෝඩරයත් රැගෙන ඔහුගේ දරුවන් ගං වෙරළට ගියහ. අළු බඳුන ඇරීමට කොපමණ තැත් කලත් එහි මූඩිය කිසිවෙකුට විවෘත කල නොහැකි විය. දරුවන් අසරණව වට පිට බලද්දී ගං ඉවුරේ ඇවිදමින් සිටි සිඟන්නෙක් ඔවුන් වෙත පැමිණියේය.
“මොනවහරි ප්‍රශ්නයක්ද?“
“අපි පියාගේ අළු ගඟේ පා කරන්න ආවේ. ඒත් මේ පියන අරින්න බෑ.“ දරුවන් අළුබඳුන දක්වමින් පැවසූහ.
ඔහු හොඳ මිනිසකු විය යුතුයි. මට මේක දැන් ලැබුනේ.
අත තිබුනු ස්කුරුප්පු නියන දක්වමින් සිඟන්නා කීවේය.


උපුටාගැනීම: http://paulocoelhoblog.com/2011/07/06/the-screwdriver/


      අප අතරින් වෙන්ව ගිය ඔබ්සර්වර් බ්ලොග් සහෘදයාට මේ සටහන උපහාරයක් වේවා.!

Saturday, May 12, 2012

පිඬු සිඟා වැඩීම හා කාලාම සූත්‍රය

        වෙනදා වගේම මම කඩේට ගොඩ වැදුනෙ ගන්න ඕන බඩු ලිස්ට් එක හිතෙන් කට පාඩම් කරමින්. වෙසක් නිවාඩුව පටන් ගන්නෙ අනිද්දා. හෙට අනිවාර්යෙන්ම ඔෆිස් එකේ වැඩ වැඩි දවසක් නිසා හෙට බඩු ටික ගන්න වෙනවා බොරු. දැනටමත් රෑ වී ඇති නිසා කඩේ ඇන්ටි කඩේ වහන්න බලන් ඉන්නවාත් සිකුරුය. හිතේ එකී මෙකී නොකී දේවල් කරනම් ගහද්දී මම කඩේ ඇතුලට ගියේ අයි ශොපින් පාරක්ද දමාගෙනය.

“ඇන්ටි අද සෙනඟ අඩුයි නේද?“
“හිටියා මිස්. මිස් ආවෙ හොඳ වෙලාවට..දැන් ඉතින් නිදහසේ බඩු ටික කිරලා දෙන්න පුළුවන්.“
        මම මිසිස් වුවද මම කවදාවත් ඇන්ටීට ඒ ගැන කියන්නට නොගියේ ඇයි කියා මම තවමත් කල්පනා කරමි. 
“මිරිස් තුනපහ කුඩු ග්‍රෑම් සීය ගානෙ ..ම්..ලුණු පැකට් එකයි...“මම බඩු ලැයිස්තුව කියාගෙන ගියෙමි. 
“මිස් පිඬු සිඟා වඩින උත්සවේට මොනවත් ගන්නැද්ද?“ මල්ලට බඩු එකතු කරන ගත්මන්ම ඇන්ටී මගෙන් ඇසුවාය. 
“මොකද්ද ඇන්ටි කිව්වෙ..මට ඇහුන්නෑ!“
    ඇන්ටී කිව්වේ මොකක්දැයි හරියටම තේරුම් ගැනීමට නම් මට නැවතත් එය ඇසිය යුතුව තිබිනි. 
“අර ලොකු නුග ගහ ගාව වංගුව ළඟ තියන පන්සලේ හාමුදුරුවරු පිඬු සිඟා වඩිනවා හෙට. උදේම වඩීවි මයෙ හිතේ. මේ හරියට එනකොට හතවිතර වෙයි. දහ නමක් වඩිනවා කියලයි කියාගෙන ගියේ.“
“ආ එහෙනම් මොනවා හරි එළවළු ටිකකුත් ගන්න වෙයි ඇන්ටි..ගෙදර තියන ඒවා මදි දහ නමකට දානෙ දෙන්න නම්. බත් උයලා එක එළවළුවක් හැදුවාම ඇති නේද ඇන්ටි.මම කවදාවත් එහෙම පිඬු  සිඟා වඩින හාමුදුරු නමකට දානෙ දීලා නෑ. “
“ආ..මොනවත් උයන්න ඕන නෑ. ඔය මොනවහරි පිරිකරට දුන්න නම් හරි. ඊටත් ඔච්චර උදෙන් උයන්න පුළුවන් කාටද? හෙට ඉතින් වැඩ කරන දවසක්නෙ. “
“ඒත් ඇන්ටි එහෙම හරි නෑනෙ. ඊටත් මම එහෙම දානයක් තනියම හරිගස්සලා නැති නිසා දුන්න නම් හොඳයි කියලා හිතෙනවා. මොනවද එළවළු තියෙන්නෙ අළුත් ඒවා?“ මම ඇසුවෙමි.
“නෑ මේකයි හාමුදුරුවො වඩින්නෙ අර ලොකු ජීප් වල පිටිපස්සෙ ඉඩ තියන එකේ පුටු දාලා වාඩි වෙලා. කොහොමත් ඒ වෙලාවට එනවුන්ස් කරගෙන යයි. හාමුදුරුවො ඔය මොනවා හරි සුළු දෙයක් නේ බලාපොරොත්තුවෙන්නෙ. සබන්, දත්බෙහෙත් තුවා වගේ මොනව හරි. කවුරුත් කෑම නම් දෙන්නෑ“. 
“ඒ වුනාට ඇන්ටි මේ පිඬු සිඟා වැඩීමක්නෙ. නමේම තියනවනේ හාමුදුරුවන් කෑම ඉල්ලනවා කියලා. එහෙනම් මේක වෙන මොකක් හරි වෙන්නැති.“
“දැන් කාලෙ කවුද මිස් පිඬු සිඟාවඩින්නෙ. ඊටත් ඔච්චර ගානකට මොනව හරි හදන එකත් ලේසිද? මම ඕක නිසාම අළුත් තුවා ටිකක් ගෙන්න ගත්තා මිස්ටත් දෙන්නද? “
“නෑ.. ඇන්ටි ඕන නෑ..මම මේ කල්පනා කලේ බුදුහාමුදුරුවො දන්නවනම් කියලා.“
“ඇයි මිස් ඒ?“
“නෑ. ඇන්ටි බණට අහලා තියනවද දන්නෑ අර දෙව්දත් හාමුදුරුවො බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලීම් පහක් කලා සංඝ භේදය ඇති කරන්න කලින්. “
“ඔව් ඉතින්.“ කඩේ ඇන්ටී අලගු තැබුවාය. 
“ඒකෙ එකක් තියනවානෙ භික්ෂුව ජීවිතාන්තය දක්වා පිණ්ඩපාතික විය යුතුයි කියලා. ඒත් බුදුහාමුදුරුවො ඒක ප්‍රතික්ෂේප කලේ ඇයි කියලා මම තාමත් කල්පනා කරනවා.“
“බඩු ටිකේ ගාණ කීයද ඇන්ටි?“