කලින් ලිපියෙන් අපි අන්තිමට කතා කලේ වරප්‍රසාද්ගේ සිහිනය සාර්ථක වුනු හේතු ගැනයි. අද අපි මෙතෙක් දිනක් අපි සමඟ සිටි වරප්‍රසාද්ට සමුදෙමු.
තමන්ගේ සිහිනය වෙනුවෙන් කැපවූ මේ අධිෂ්ඨානශිලි මිනිසා තමාගේ ලියුම්, ආයාචනා, අමතන්නට හැකි වූ ප්‍රසිද්ධ දේශන මගින් නිතරම අන් අයගේ සහය ලබා ගැනීමට සමත් වූයේය. ඔහුගේ සිහිනය දුටු සැවොම ඔහුට උදව් කිරීමට පෙළඹුනහ. ඔහු කියනා ලෙස “රට වෙනුවෙන් යමක් කිරීමට පිපාසාව තියන මිනිසුන් මට දැනෙනවා.!“
ඔහු තම ආයතනයට සේවකයින් තෝරාගනිද්දී පළමුවෙන්ම සලකා
බලන්නේ ඔවුන්ගේ ආකල්ප හා දියුණුවීමට ඇති අශාවයි. එනිසා ඔහුගේ සේවකයෝ ආයතනයේ
දියුණුවෙන් වැඩි කොටසකට වග කියති. ඔහු කියනා ලෙස ඔහු ජීවතාක්ෂණඥයකු හෝ විශේෂඥයකු
නොවේ. ශාන්තාහි බොස්ලා හෝ නායකයින් නැත. ඇත්තේ සමාන මිනිසුන් පමණි. ඔහුගේ සේවකයෝ
එසේ කියති. සේවක කණ්ඩායම් ආයතනයේ වර්ධනයට ලාභය බෙදාගැනීමට කොටස් නිකුතුවට ක්‍රියාකාරී
ලෙස දායක විය. “අප හැමෝටම සාමාජීය වගකීමක් ඇත. එය ඉටුකිරීමට අපි බැඳී සිටිමු.“ වරප්‍රසාද්
එසේ කියයි.
ශාන්තා බයෝටක්නිත් අත්දැකීම
නවසොයාගැනීම් සඳහා පුරෝගාමී වීම මගින් ඔබට කියන්නේ මොනවාද?
ඔබ සේවය කරන ක්ෂේත්‍රයේ හැමෝම ‘වෙන්න බැරි යැයි සැලකෙන‘ දේවල් මොනවාද? අන් අය එසේ සිතන්නේ ඇයි? පරණ අමිහිරි අත්දැකීම් නිසාද? ඒවා කාගේ අත්දැකීම්ද? බොහෝ වෙලාවට මෙම විය නොහැකි දේවල් නිකම් හිතළු මත පදනම් වූ ඒවා මිසත සැබෑවට යමක් අත්හදා බැලීමට ගොස් ලබාගත් අත්දැකීම් මත පදනම් වූ ඒවා නොවේ. අද කාලයේ විය නොහැකි දේ යැයි යමක් තිබේද? එසේ නම් එය කිරීමට මාර්ගයක් සොයන්න. එය අදම අත්හදා බලන්න. මේ මාසය තුලදී “කළ නොහැකි“ යැයි විශ්වාස කරන දේවල් තුනක්වත් කිරීමට උත්සාහ කරන්න.
ඔබ සේවය කරන ක්ෂේත්‍රයේ හැමෝම ‘වෙන්න බැරි යැයි සැලකෙන‘ දේවල් මොනවාද? අන් අය එසේ සිතන්නේ ඇයි? පරණ අමිහිරි අත්දැකීම් නිසාද? ඒවා කාගේ අත්දැකීම්ද? බොහෝ වෙලාවට මෙම විය නොහැකි දේවල් නිකම් හිතළු මත පදනම් වූ ඒවා මිසත සැබෑවට යමක් අත්හදා බැලීමට ගොස් ලබාගත් අත්දැකීම් මත පදනම් වූ ඒවා නොවේ. අද කාලයේ විය නොහැකි දේ යැයි යමක් තිබේද? එසේ නම් එය කිරීමට මාර්ගයක් සොයන්න. එය අදම අත්හදා බලන්න. මේ මාසය තුලදී “කළ නොහැකි“ යැයි විශ්වාස කරන දේවල් තුනක්වත් කිරීමට උත්සාහ කරන්න.
වරප්‍රසාද් ජනපති අතින් තිළිණ ලබමින්.. |
ඔබ මේ දක්වා කෙතරම් බැරූරුම් දේවල්වටල අපහසුතාවයන්ට එරෙහිව සටන් කර තිබෙනවාද? ඔබ සිතාගෙන සිටි විශ්වකර්ම අදහස් කීයක් සමාජයෙන් එල්ලවන පිඩනය නිසා ඉබිකටුවට රිංගාගත්තාද? මේ පීඩනය එල්ල වුනේ කොතනින්ද? එකිනෙකාගෙන්ද?,ආයතනවලින්ද?, ක්ෂේත්‍රයෙන්ද? මුළු රටෙන්මද? එසේත් නැත්නම් සංස්කෘතියෙන්ද?
මේක මේ ක්‍රමයේ වැරුද්දක් යැයි කනිපින්දම් කිය කියා සිටීමෙන් කිසිවකුට සත පහකවත් වැඩක් වෙන්නේ නැත. අළුත් දෙයක් සිතනා හැම විටම සමාජයෙන් පීඩනයක් එල්ල වීම ස්වාභාවිකය. එය බලාපොරොත්තු විය යුතුය. ඒ හා සටන් කිරීමට මාර්ගයක් අප සොයාගත යුතුය.
ඔබ හා ඔබේ වටිනා සිහිනයෙන් නිර්මාණය කරන්නට උත්සාහ කරන අළුත් ලෝකයත් අතර ඇත්තේ පෙර කියන ලද බල පහේ විවිධ ස්වරූපයන් වේ. මේ හා සටන් කරන්න. එවිට ඔබ පතනා සිහින ලෝකය ඉබේම සැබෑවනු ඇත. වරප්‍රසාද් සටන් කලේ මුහුණ දිය හැකි දුෂ්කරම බල දෙකක් සමගය. ඒ රටෙන් හා සංස්කෘතියෙන් එල්ලවූ පීඩනයයි.
වරප්‍රසාද්ට දිනිය හැකි වූවා නම් ඔබටද දිනන්ට හැකිය. අදම ඔබේ සිහිනය ගොඩනගන්න අරඹන්න.
මේක මේ ක්‍රමයේ වැරුද්දක් යැයි කනිපින්දම් කිය කියා සිටීමෙන් කිසිවකුට සත පහකවත් වැඩක් වෙන්නේ නැත. අළුත් දෙයක් සිතනා හැම විටම සමාජයෙන් පීඩනයක් එල්ල වීම ස්වාභාවිකය. එය බලාපොරොත්තු විය යුතුය. ඒ හා සටන් කිරීමට මාර්ගයක් අප සොයාගත යුතුය.
ඔබ හා ඔබේ වටිනා සිහිනයෙන් නිර්මාණය කරන්නට උත්සාහ කරන අළුත් ලෝකයත් අතර ඇත්තේ පෙර කියන ලද බල පහේ විවිධ ස්වරූපයන් වේ. මේ හා සටන් කරන්න. එවිට ඔබ පතනා සිහින ලෝකය ඉබේම සැබෑවනු ඇත. වරප්‍රසාද් සටන් කලේ මුහුණ දිය හැකි දුෂ්කරම බල දෙකක් සමගය. ඒ රටෙන් හා සංස්කෘතියෙන් එල්ලවූ පීඩනයයි.
වරප්‍රසාද්ට දිනිය හැකි වූවා නම් ඔබටද දිනන්ට හැකිය. අදම ඔබේ සිහිනය ගොඩනගන්න අරඹන්න.
පසුවදන:
අද වරප්‍රසාද් කොහිද?
කන්දක් නැග අවසාන වන විට පල්ලමක් හමුවේ. වරප්‍රසාද් කන්ද තරණය කල හැටි හා ඔහු පල්ලමේ පහසුවෙන් රූටා එද්දි අප ඔහු ගැන කතා කලෙමු. එහෙත් පල්ලමෙන් පසු නැවතත් කන්දක් හමුවන බව ස්ථිරය. අවාසනවට අපේ කතා නායකයාට එම කන්ද පහසුවෙන් තරණය කල නොහැකි විය. බහුජාතික බූවල්ලෙක් 2009 දී ශාන්තා ඩැහැගත්තේය. වරප්‍රසාද් දැන් ශානතාහි නොවන බව නම් සහතිකය. එහෙත් එතනින් එහාට දෙයක් කීමට මමද නොදනිමි. අද (2012දී) ශාන්තා සැනොෆි නම් ප්‍රංශ බහුජාතික සමාගමේ ඉන්දියානු හස්තය ලෙස ක්‍රියා කරයි.
වරප්‍රසාද්ගේ උත්සාහය ගැන
කිහිපවරක් මම කොමෙන්ටුවල කියා ඇති පරිදි වරප්‍රසාද්ගේ උත්සාහයට මම අතිශය ප්‍රශංසා කරමි. ලෝකය ඉදිරියට යන්නේ ඔහු වැනි මිනිසුන් නිසාය. එහෙත් ඔහුගේ අරමුණු 100%ක්ම යහපත් යැයි කීමට මම උත්සාහ නොකරන්නේ ඔහුගේ සිහිනයේ බැරෑරුම් බව නිසාමය. ඖෂධයක් යනු තණ අග පිණි බිඳු වැනි මිනිස් ජීවිත තණ අගම රඳවා ගන්නා මැජික් යෂ්ඨියයි. මිලට වඩා එහි තත්ත්වය නිතරම පෙරට එයි. මිල අඩුවන තරමට බෙහෙතේ අගයද අඩුවන බව අපි කවුරුත් දන්නා සත්‍යයකි. එස්පීසී ලූස් පැරසිටමොල් වෙනුවට අපි කවුරුත් පැනඩෝල් ළඟ තබා ගනිමු. ඒ එස්පීසී පැරසිටමෝල් සත ගණනක් වන නිසාය. බොහෝ කල් තබාගත නොහැකි නිසාය. මෙවන් කරුණු අටෝරාසියක් නිසා වරප්‍රසාද්ගේ සිහිනය ගැන මට නම් ගැටළු ඇත. එහෙත් බොහෝ ඉන්දියානුවන් මෙන් තමන්ගේ රට ගැන ඇති ආඩම්බරය එනිසා ඔවුන් ජයගන්නා අභියෝග ගැන කීමට වචන නැත. එතරම් ප්‍රශංසනීයය.
පරිවර්තනය ගැන
මගේ බ්ලොග් අඩවියේ ලියැවෙන්නේ මට හමුවූ ලස්සන දේ ගැනය. මගේ නිර්මාණවලට වඩා මෙහි ඇත්තේ කතෘ අගය කරමින් ලියා ඇති අනුන්ගේ නිර්මාණය. මෙම ලිපි පෙළද ඒ ගණයට අයත්වේ. මින් පෙර ලියූ සුරංගනා කතාවට ප්‍රතිචාර බොහෝ විය. එහෙත් මෙම පෝස්ටු පෙළට මෙතරම් ප්‍රතිචාර ලැබේයැයි මම සිහිනෙන් හෝ නොසිතුවෙමි. බොහෝ පින් මේ පැත්තේ ආවාට!. ඔබ සැම මෙම ලිපිපෙල කියවා ලබාගන්නා සියළු රසයන්ගේ ස්තුතිය මුල් කතෘ පොරස් මුන්ෂි වෙත ලැබිය යුතු අතර සියළු දෝශ මගේ ගිණුමට බැර විය යුතුය. මන්ද වරප්‍රසාද් මෙන් මමද ජීවතාක්ෂණය ගැන මළපොතේ අකුරක් දන්නේ නැති බැවිනි. එනිසා මෙම ලිපියේ පරිවර්තනය කරද්දී මධුර (http://maduraonline.com/dictionary/) දුන් සයෝගය ගැන ලියුවේ නැත්නම් මමද ගුණමකුවෙක් බවට පත්වේ. දිව අග තියන සිංහල තේරුම් සුවර් කර දුන්නේ ඔහු බව නම් නොකියාම බැරිය.
අවුරුදු තෑග්ග
කියවා බොහෝ කල් ගතවී තිබුනද පෝස්ටු 50 හා අවුරුදු තෑග්ග ලෙස මෙය දීමට සිතුනේ අළුත් අවුරුද්දේ ඔබ දකින සිහිනයන් නින්දේදීම අමතක වීමට නොදී සැබෑ ලොවේදී පණ ගැන්වීමට හැකියාව ලැබෙන්නටය.
ඉමේජ් විජට්ටුව
[2012-04-23]මේ ලිපිපෙළට ආදාල ඉමේජ් විජට්ටුවකට ගැලපෙන ලස්සන පින්තූරයක් සාදා මා වෙත එවූ සයිබර් යායේ බුද්ධිට නොවක් ස්තුතිය. දකුණු පැත්තේ තියන විජට්ටුව මත ක්ලික් කිරීමෙන් ලිපි පෙල දිගටම කියවන්නට පුළුවනි.
ඉමේජ් විජට්ටුව
[2012-04-23]මේ ලිපිපෙළට ආදාල ඉමේජ් විජට්ටුවකට ගැලපෙන ලස්සන පින්තූරයක් සාදා මා වෙත එවූ සයිබර් යායේ බුද්ධිට නොවක් ස්තුතිය. දකුණු පැත්තේ තියන විජට්ටුව මත ක්ලික් කිරීමෙන් ලිපි පෙල දිගටම කියවන්නට පුළුවනි.
ප/ලි
එන්නට ඉසිඹුවක් සොයාගැනීමට බැරිවුනත් සයිබරයේ සිහින අවුරුදු උළෙලට මගෙනුත් සුභ පැතුම්!
පින්තූර අනුග්‍රහය: http://kamyabology.com/shantha/
පරිවර්තනය නම් මල් හතක් බව නොකියා ම බැරිය, එසේ නොමැති නම් වරප්‍රසාද් ගේ කතාව මෙතරම් රසවත් එකක් නොවනු ඇත. එසේ ම වරප්‍රසාද් උගන්වන පාඩම් ගුරුවරයෙකුට පන්තියකදී කියාදිය නොහැකි ඒවා බව මටනම් සක්සුදක් සේ පැහැදිලි ය. ස්තූතියි අක්කේ මේ කතාව මේ තරම් අපූරුවට අපට කිව්වට!
ReplyDeleteමමයි එක!
Deleteතැන්කූ මලේ..
Deleteහැමදාම මේ පැත්තෙ ඇවිත් චියර් කලාට..
තවත් මේ වගේ ඉන්දියානුවො 10 දෙනෙක් ගැන මේ පොතේ තියනවා..පුළුවන් වෙලාවක කියවන්න..
අක්කගේ අවුරුදු තෑග්ග තමා හොඳම...!
ReplyDeleteඒත් මේ වගේ දේවල් අවුරුද්දට විතරක් නෙවෙයි, අනිත් ඕනේ මාසෙකට හොඳටම ගැලපෙනවා... ඒක නිසා මේ වගේ තවත් දේවල් බලාපොරොත්තු වෙනවා...!
හීනයක් ගැන ලස්සනට පාඩමක් කියලා දුන්නට ස්තූතියි ගොඩක්...!
තැන්කූ මලේ..
Deleteහැමදාම තෑගි දුන්නමත් අගයක් නැතුව යනවනෙ..හිකස්..එනිසා මේ වගේ ඒවා විශේෂ දවස්වලට විතරයි..
මෙතරම් දෙයක් කළ මිනිසා, එතරම් පහසුවෙන් පරාජය වූයේ ඇයි ? තමන් මහන්සියෙන් ගොඩනගාගත් අධිරාජ්‍යය වෙනකෙනෙකුට ගිල ගැනීමට ඉඩදී ඇත්තේ මන්දැයි යන්න මටනම් ගැටලුවකි.
ReplyDeleteබෙහෙතක ගුණාත්මක බාවය හා මිළ අතර ඔබ දකින සබඳතාවය 100% නිවැරදියැයි මට නොසිතේ.. ඔබ දන්නා පරිධි බොහොමයක් වූ බෙහෙත් නිපදවෙන්නේ ලාභයම අරමුණු කරගත් බහුජාතික සමාගම් අතිනි. ඔවුන් ඉතා අඩු මිළට දිය හැකි බෙහෙත් පවා ඉතා ඉහල මිළක් නියම කොට අලෙවි කරන බව නොරහසකි. මා දන්නා පරිධි සේනක බිබිලේ මහතා සිය ජීවිතය කැප කළේ මේ මංකොල්ලයට එරෙහි වීමටයි. ( පුළුවන්නම් ඔහු ගැනත් ලියන්න ). ගුණාත්මක බාවයෙන් අඩු බෙහෙත් වල මිල අඩු විය හැකි වුවද සෑම විටම මිළෙන් අඩු බෙහෙත් බාලයැයි මට නොසිතේ.
පරස්පර විරෝධී අදහස්වලින් මේ කතිකාවතට ලැබෙන ආලෝකය නිමක් නෑ..
Deleteමගේ අදහසට මුල් වුනේ මේ පහත ලින්කුවයි
http://articles.economictimes.indiatimes.com/2011-06-03/news/29617115_1_sanofi-pasteur-vaccines-division-promising-vaccine
ඔබගේ කතාව යම් තාක් දුරට ඇත්ත සෙන්නා.. ඒත් පහුගිය කාලයේ ඉන්දියාවෙන් ගෙන්වූ එන්නත් නිසා ඇතිවූ කලබගෑනිය ඔබටත් මතක ඇති.
මගේ තර්කයේ පදනම එයයි..
ස්තුතිය් ඔබගේ අදහසට..
සේනක බිබිලේ වෙදැදුරු ගැන මා මුලින්ම ඇසුවේ ඉසිවර අසපුව ටෙලියෙන්..විදුසර පුවත්පතේ පළවූ ලිපි කීපයක් හැරෙන්න මා ඔහු ගැන දන්නෑ..ඔහු ගැන බොහෝ තොරතුරු දැනගන්න ලැබුනොත් අනිවා බෙදාගන්නම්..
හරිම වටින කතාවක් රූ....
Deleteමම සෙන්නාගෙන් ඉල්ලන්න හිටියෙ සේනක බිබිලේ ගැන පුළුවන් විස්තරයක් හොයලා පළ කරන්න කියලා.... දෙන්නගෙන් කවුරු හරි කමක් නෑ ලියමුද බලන්න.... බෙහෙත් ගැන කියනකොට ඒ නම මතකෙට එන එක වලක්වන්න බෑ....
තැන්කූ මියුරු..
Deleteබලමු බලමු..විස්තරේ දැනගත්තොත් අනිවා ලියන්නම්..
Miyuru, අපි ඒක රූටම පවරමු...මෙයා චරිතාපදාන වලට හපනියක් බව මේකෙන් මොනවට ඔප්පු කලා.
Deleteමම පොඩිකාලේ වරද්දන්නැතුවම කියෙව්වා විදුසරේ සේනක බිබිලේ මහත්තයා ගැන ගිය කතාව. රූ කොහොම හරි විස්තර ටික හොයාගන වැඩේ දෙන්න කියා ඉල්ලා සිටිනවා.
අපි වෙනුවෙන් යමක් කරපු අපේ මිනිහෙක් ගැන ලියන එකත් පිනක්.
ඇත්තටම මේ විස්තරේ වටිනවා අක්කේ..අදිශ්ඨානය් අමිනිස්සුන්ව සාර්ථකත්වයට අරන් යනවා..
ReplyDeleteඅවුරුදු තෑග්ගනම් ආසාවෙන් බාර ගත්තා.. ජීවිතේ වෙනස් කරගන්න ඉන්න මං වගේ අයට මේකේ ආදර්ශ බෝහොමයි..
තැන්කූ මලේ..
Deleteඔයා ජීවිතේ සිහිනය කුමක් වුනත් ඒ වෙනුවෙන් නොනැවතී සටන් කරන්න පුළුවන් වෙන්න කියලා මම සුභ පතනවා..
උත්සාහවන්තයා ජය ගනී.. වරප්‍රසාද් බඳු මිනිසුන් ල0කාවේද දුසිම් ගණනින් බිහිවේවායි පතමි.. ලීපි පෙලේ මුල ටික කියෙව්වත් මැද ටික මිස් උනා. දැන්මම ඒ ටිකත් කියවමි..
ReplyDeleteමමත් එහෙම ප්‍රාර්ථනා කරනවා තොටියා ස්තුතියි
Deleteහොඳ අවුරුදු තෑග්ගක්!!! පනහටත් සුබ පැතුම්...:)
ReplyDeleteතැන්කූ ..දැන් නම් පනහ 60ත් වෙලා..:)
Deleteඔය කොටු ඇතුළේ ලියපුවා ලියුවෙත් අක්කමද?
ReplyDeleteබොහොම වටිනා ලිපි පෙළක්.. ඔන්න අද නම් ඉවරටම ඉවරයිනෙ..
බලමු අපිත් යමක් කරන්න උත්සාහා කරලා..
නෑ..හරී
Deleteමේ ටිකත් පොතේම තමයි තිබුනෙ..ඒක තමයි ඒ පොතේ විශේෂත්වය..
ඔයාගෙ උත්සාහයට කලින්ම සුභ පැතුම්!
වරප්‍රසාද් ගැන ඔබ ලියූ හැම පෝස්ට් එකක්ම අවසානය දක්වාම ඉතා අවධානයෙන් කියෙව්වා. මේ කතාව හරිම වැදගත් අපේ රටට. මොකද අපේ අයගේ ආකල්ප තවමත් තියෙන්නේ වෙනස් කළ යුතු ස්ථානයක.
ReplyDeleteකොහොම වුණත් මට නම් හිතෙන්නෙ මේවගේ ලිපි අපේ ආකල්ප සහ දැනුම වර්ධනයටත් හොඳයි. මේක හොඳ "මෝටිවේෂන්" එකක්.
රූ.. ස්තුතියි ඔබට මේ දැනුම බෙදාගත්තාට
ස්තුතියි දයානන්ද..
Deleteඔබගේ සරු අදහස් ලොකු ආලෝකයක් ගෙනාවා ලිපි පෙළට..
බොහොම ස්තුතියි ඔයාට මේ කතාව අපිට කිව්වට. ඒ වගේම 50 වන පෝස්ටුවටත් සුබ පැතුම්.
ReplyDeleteස්තුතියි සයු..
Deleteපරණ ඒව ටිකත් කියෙව්වා නේ..
කලෙකින් කියොපු හොඳ පරිවර්ථනයක්.
ReplyDeleteඑස්පීසී පැනඩොල් කතාව නම් බොහෝ තැන් වලදි නිවැරදි නැ කියලයි මට හිතෙන්නෙ.
වරප්‍රසාදුත් අන්තිමට සෙකන්ඩ් උනා වගේ නේද?
හොඳ පරිවර්ථනයක්! තැන්කෝ මෑම්!!!!
තැන්කෝ සර්!
Deleteඔයාගෙ අදහස මම පිළිගන්නෙ නැතත් අගය කරනවා. ඒත් ඒක මම උදාහරණයකට ගත්තා විතරයි..අර බලංගොඩ මානවයගෙ තාත්තා වගේ..!!
වරප්‍රසාද් සෙකන්ඩ් වුනා කියලා හිතන්න එපා බුද්ධි..සුරංගනා කතා වගේ මටත් මේ පසු වදන නොලියා ඉන්න තිබුනා..එතකොට සියල්ලෝම ඉක්බිති සතුටින් ජීවත් වුනා කියන්න පුළුවන් නෙව..
ඒත් සැබෑ ජීවිතේදි එහෙම වෙන්නෙ නෑ..අපි සිහින මවනවා උත්සාහ කරනවා පරදිනවා ආයෙත් උත්සාහ කරනවා දිනනවා ඒත් පරදින දවසක් එන්නත් පුළුවන්. ජීවිතේ ලස්සන වෙන්නෙ මේ දිනුම් පැරදුම් ඔක්කොම එක්ක..
ඒක නිසයි මම මේ පරිවර්තනය අගට මේ කෑල්ල එකතු කලේ..ඒත් දැන් හිතෙනවා මේ කොමෙන්ට් එකේ ලියපු දේත් සෙන්නට උත්තර දීපු කොමෙන්ට් එකේ ලියපු දේත් පෝස්ටුවෙම ලියන්න තිබුනා කියලා..
කොහොම වුනත් මට ඕන වුනේ නවකතාවක හරි කෙටිකතාවක වගේ හරි අපේ ජීවිත කතාව එක තැනකින් ඉවර වෙන්නෙ නෑ කියන්න..කවුද දන්නෙ වරප්‍රසාද්ට ආපහු තරහ ගිහිල්ලා වෙන වැඩක් පටන් ගනීද කියලා..ඒ ගැන අහන්න ලැබුනොත් මම අනිවා මේ පෝස්ටුවෙ අප්ඩේට් එකක් දාන්නම්..
ස්තුතියි බුද්ධි හැමදාම මේ පැත්තෙ ඇවිල්ලා මට මුරුංගා ගහ මුදුනෙන් බහින්න දුන්නෙ නැතුවට..දැන් මේ කතාව ඉවර නිසා මම දැන් නිදහසේ ගහෙන් බහින්නයි යන්නෙ..හික්ස්
ආ තව එකක් මම යැවූ ඊමේලයට තාමත් ප්‍රතිචාරයක් නෑ..මගේ බෙල්ලත් අර කේවට්ටගෙ වගේ වෙලා ඊමේල් එක එනකම් බලා ඉඳලා..:D
(විහිළුවට කිව්වෙ..ඔයා සීරියස් ගන්න එපා..)
ඇත්ත.ඇත්ත!! :D
Deleteමං හිතුවේ මේල් කතාව හීන්සිරුවේ මඟ ඇරියා කියලා. මම දැන් එවන්නම් වරාගේ මෙව්වා එකක්' ඒක දාලා මේ ලිපි පෙල වර්ග කරන්න (ඔබ තුමී කැමතිනං....):)
අප්පද බොල මෙයා ගෑල්ලමයෙක් නේද.. සොරි මම කොල්ලෙක් කියල හිතං කලින් කමෙන්ටු දැම්මේ.. :(
ReplyDeleteරෑ, රෑ සරනි, දිනේෂ් ගේ බ්ලොග, සහ වර්ණා මට ඕවා පැටලෙනවා :((
සෑමා නම් ටියුබ් ලයිට් බව නොකියාම බැරිය..හපොයි..
ReplyDeleteමේ ගෑල්ලමයි පිරිමිලමයි ප්‍රශ්නෙ විසඳුනේ කොයි කාලෙද?
කමක් නෑ කොහොම හරි හිතාන මේ පැත්තෙ ආව එක වටිනවනෙ..වෙල්කම්
- රූ-
රූ....ප්‍රථමයෙන්ම ඔබට බොහොම ස්තුතියි. මේ විදියට අපිව දැනුවත් කිරීම පිලිබදව. එකින් එක පොස්ටුවට කමෙන්ට්ස් දැම්මේ නැත්තේ එක හුස්මට කියවාගෙන ගිය හින්දයි. ඒ තරම්ම රසවත් සහ ප්‍රයෝජනවත්. මම කියවපු තවත් හොදම චරිතාප්‍රදානයක්. නමුත් තමුන් හමුවේ පැමිණි සියලුම අභියෝග ජයගත් ධෛර්යවන්ත මිනිසා අවසානයේදී පරාජය වුනු එක ගැන තමයි කණගාටුවට කරුණ.
ReplyDeleteතව තවත් මෙවන් ලිපි ලිවීමට ශක්තිය ධෛර්යය ලැබේවා.............
( මමත් මුලදී හිතුවේ රූ... කොල්ලෙක් කියල පස්සේ තමයි ටියුබ් ලයිට් එක ඔන් වුනේ. )
ස්තුතියි තිවංක මේ පැත්තෙ ආවාට..සාදරයෙන් පිළිගන්නවා ඔන්න..
ReplyDeleteඅපි කියවන සාම්ප්‍රදායික චරිතාපදාන වලින් වෙනස් වෙලා අළුත් විදිහට ලියන්නයි ඕන වුනේ..මේ පොත කියවන්න අපිට බලකරපු කළමණාකාරතුමිය ඒ ගැන ගොඩක් හිතන්න ඇති..
ම්..ඔයාගෙ නැවතිලා තියන බ්ලොග් එකත් ලියන්න සුභ පැතුම්..