ඔහුගේ අභියෝගය පිළිගන්නට සිතූ මම නැගිට වට පිට බැලුවේ මෙතෙක් නොදැකපු මුහුණක් අඳුනා ගන්නට. එක්වරම සුමුදු අතක් මගේ උරහිසේ වැදුනා. මම හැරී බලන විට දුටුවේ රැලි ගැසුනු වයැසිති ආච්චි කෙනෙක්.ඇගේ වත මිතුරු සිනාවකින් සැරසී තිබුනා.
“හායි, මම රෝසි.මට දැන් අසූ හතක්. මම ඔයාට හග් එකක් දුන්නට කමක් නැද්ද?“
මට එකවරම සිනහා ගියා.
“ඔව් ඇත්තෙන්ම මොකද බැරි?“
ඇය මා වැළඳගත්තේ ඇගේ මිතුරු සිනාව වැනිම ප්‍රීතියකින්.!!
“ඔයා මෙච්චර කලින් ඇයි ඉස්කෝලෙට ආවේ? මේ වගේ ලාබාල අහිංසක වයසකදි?“ මම ඇසුවා. ඇයත් විහිළුවෙන්ම මෙසේ පැවසුවා.
“මම ආවේ පොහොසත් කොල්ලෙක් දාගෙන කසාද බැඳලා ළමයි කිහිපදෙනෙක් හදන්න...!!“
“ඇත්තට?“ මම බොරු පුදුමයක් පෙන්නුවා.
අපි දෙදෙනාගේම සිනහව එළියට පැන්නේ එකවිටමයි. මෙතරම් වයසකදී ඉගෙන ගන්න ඇයට අවැසි ඇයි යන්න නිතරම මට ඇතිවුනු ප්‍රශ්නයක්.
“මම හැම තිස්සෙම උපාධියක් ගන්න සිහින මැව්වා. දැන් මම ඇත්තටම උපාධියකට ඉගෙන ගන්නවා.“
ඇය පැවසුවේ ඇගේ සුපුරුදු සිනහව අතරින්. එදා පන්තිය ඉවර වුනාම අපි එකටම කැන්ටිමට ගොස් චොකලට් මිල්ක්ෂේක් බිව්වා. අපි මිතුරන් වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ.
ඉතිරි මාස කිහිපයේදිම අපි පන්ති ගියේ එකට. ඇගේ නන්ස්ටොප් කතාවට මම ආකර්ෂනය වුනේ නිතැතින්ම. ඇගේ ජීවිත කාල මැසිමෙන් නැගුනු ජීවන පරිචය මාව පුදුමයට පත්කලා.
අවුරුද්දක් පුරා දිවුනු පාඨමාලා කාලය කුල රෝසි සරසවිය පුරා ප්‍රසිද්ධ වුනු එක අරුමයක් නොවේ. ඇයට ලෙහෙසියෙන් මිතුරන් ඇති කරගැනීමේ හැකියාවක් තිබුනා. ඇය ලස්සනට අඳින්නට අශා කලා. ඇගේ මිතුරු මිතුරියන්ගේ ආකර්ෂණයෙන් ඇය බොහෝ සතුටට පත්වුනා.
සමාසිකය අවසානයේ අපි රෝසිට ආරාධනා කලා කතාවක් කරන්නට. ඇය එදා අපට කී දේ කවදාවත් අමතක වෙන්නැති වේවි. ඇයව අඳුන්වා දුන්නාට පසු ඇය සෙමෙන් සෙමෙන් වේදිකාව මතට පිය මැන්නා. ඇය සූදානම් වී තිබූ කතාව කරන්නට ඇය පටන් ගන්නවාත් එක්කම ඇගේ සටහන් ටික බිම වැටුනා. මහත් අපහසුතාවයකට පත් වුනු ඇය මයික්‍රෆෝනය ඉදිරියට නැමී මෙසේ පැවසුවා.
“මට සමාවෙන්න මම අද ටිකක් කලබලයි. මම මේ දවස්වල බියර් නොබී විස්කි බොන පටන් ගත්තනේ..ඒකයි..කොහොම වුනත් මම පුරුදු වෙච්චි කතාව කියන්න ගියොත් සෑහෙන වෙලාවක් යන නිසා මම දන්න මගේ කතාව කියන්නම්.“
අපි හැමෝගෙම සිනහව මැද්දෙන් ඇය උගුර පාදා කතාව පටන් ගත්තා.
“අපි සෙල්ලම් කරන එක නවත්තන්නේ අපි වයසට ගිය නිසා නෙවි අපි වයසට යන්නේ අපි සෙල්ලම් කරන එක නවත්තන නිසා....“
“හැමදාම තරුණව වීම සතුටින් සිටීම සාර්ථක වීම පසුපස ඇත්තේ පොඩි රහසක්. ඔයාලා හැමදාම සිනහා වෙලා ඉන්න. සිනහා වෙන්න පුළුවන් විහිළුවක්, හැමදාම හොයාගන්න. ඒ එක්කම ඔයාලාව ජීවත් කරවන්න පුළුවන් සිහිනයක් තියාගන්න. ඔයාලා ගාව සිහිනයක් නැති වුනු දාට ඔයාලා ජීවත් වුනත් මැරුනා වගේ. අපි අවට ජීවත් වෙන බොහෝ මිනිසුන් ඇත්තටම මැරිලා එයාලා නොදැනුවත්වම.“
“වයසට යාම හා වැඩිහිටියෙක් වීම අතර ලොකු වෙනසක් තියනවා. ඔයාගෙ වසය 19ක් නම් අවුරුද්දක් මොකුත් ප්‍රයෝජනවත් වැඩක් නොකර මුලු කාලෙම ඇඳේ හිටියත් ඔයාගේ වයස අවුරුදු 20ක් වේවි. මට අසූ හතක් වයසෙදි මම මොකුත් නොකර අවුරුද්දක් ඇඳේ හිටියොත් ඊළඟ අවුරුද්දෙදි මට අසූ අටක් වේවි. අපි හැමෝම වයසට යනවා. ඒකට විෂේශ දක්ෂතාවයක් හැකියාවක් ඕන වෙන්නෙ නෑ.
“ඒත් වැඩිහිටියෙක් වෙනවා කියන්නෙ සෑම වෙනසකදීම සතුටු වෙන්න දියුණු වෙන්න අවස්ථාවක් හොයා ගන්න එක. පසුතැවිල්ලක් නැතිව ජීවත් වෙන එක. වයසක අපි කරපු දේවල් ගැන පසුතැවෙන්නෑ. ඒත් අපි දුක් වෙන්නේ අපිට කරන්න බැරිවුනු දේවල් ගැන. මරණයට බය වෙන්නේ පසුතැවෙන මිනිසුන් පමණයි. “
ඇය ඇගේ කතාව අවසන් කලේ ජයග්‍රාහීව “THE ROSE“ගීතය ගායනා කිරීමෙන්.ගීයේ පදවැල හොඳින් ඉගෙන ගන්නැයි ඇය අපෙන් ඉල්ලා සිටියා. අවුරුද්ද අවසානයේ ඇය උපාධියක හිමිකාරියක් වුනේ ඇගේ මේ දිදුලන ආකල්පය නිසා.
උපාධි ප්‍රදානෝත්සවයෙන් සතියකට පසු ඇය සතුටින් මෙලොව හැරගියා. දෙදහසකට අධික සරසවි සිසුන් පිරිසක් ඇගේ අවමංගල උත්සවයට සහභාගි වී සිටියා. අපි සිහින දකිනා දේ වෙනුවෙන් ක්‍රියා කරන්න කවදාවත් පරක්කු නැති බව උදාහරණයකින්ම පෙන්වූ මේ අරුම පුදුම කාන්තාව වෙනුවෙන් අවසන් ගෞරව පුද කරන්නට ඒ කිසිවෙකුත් පසුබට වුනේ නැහැ. මතක තියා ගන්න.
වයසට යාම අනිවාර්ය වුනත් වැඩිහිටියෙකු වීම ඔබගේ මනාපයට තෝරාගතහැකි දෙයක්..............
රූ සටහන:
Amanda McBroom අතින් ලියැවී Bette Midler ගේ මියුරු කටහඬින් ගීතවත් වුනු The Rose (song) පොප් ගීය අපට ආපහු හිතන්න දෙයක් ඉතිරි කල ගීයක්.
මේ සටහන ලියැවුනේ හැමදාමත් ලස්සන ඊ ලියුම් බෙදාගන්න උදිතාගේ ඊයක් ඇසුරින්. එනිසා පොස්ටුව ඇයට තෑග්ගක් ලෙස..
පසු සටහන-31/03/2013
“අපි සෙල්ලම් කරන එක නවත්තන්නේ අපි වයසට ගිය නිසා නෙවි අපි වයසට යන්නේ අපි සෙල්ලම් කරන එක නවත්තන නිසා....“ මේක නියම කියමනක්.
ඊයේ පොඩි උත්සවයකට සහභාගී වුනා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්මය කතාවක් කළා. හැමෝම එතුමාගෙන් අහනවලු "මෙච්චර හොඳට සතුටෙන් නිරෝගිව ජීවත් වෙන රහස මොකක්ද කියලා" එතකොට එතුමා හිනා වෙලා කියනවලු "උපන් දා ඉඳන් හුස්ම ගන්න අමතක නොකරපු එකලු හේතුව" කියලා
ඊට පස්සේ වැදගත් කරුණු 5 ක් කිව්වා සතුටෙන් ජීවත් වෙන්න. A,B,C,D,E,
A - Avoid
B - Be
C - Cut down
D - Don't
E - Eat
A - Avoid alcohol
B - Be active
C - Cut down Sugar, Salt, Fats
D - Don't smoke
E - Eat Fruits & Vegetables
පසු සටහන-31/03/2013
“අපි සෙල්ලම් කරන එක නවත්තන්නේ අපි වයසට ගිය නිසා නෙවි අපි වයසට යන්නේ අපි සෙල්ලම් කරන එක නවත්තන නිසා....“ මේක නියම කියමනක්.
ඊයේ පොඩි උත්සවයකට සහභාගී වුනා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්මය කතාවක් කළා. හැමෝම එතුමාගෙන් අහනවලු "මෙච්චර හොඳට සතුටෙන් නිරෝගිව ජීවත් වෙන රහස මොකක්ද කියලා" එතකොට එතුමා හිනා වෙලා කියනවලු "උපන් දා ඉඳන් හුස්ම ගන්න අමතක නොකරපු එකලු හේතුව" කියලා
ඊට පස්සේ වැදගත් කරුණු 5 ක් කිව්වා සතුටෙන් ජීවත් වෙන්න. A,B,C,D,E,
A - Avoid
B - Be
C - Cut down
D - Don't
E - Eat
A - Avoid alcohol
B - Be active
C - Cut down Sugar, Salt, Fats
D - Don't smoke
E - Eat Fruits & Vegetables
ස්තුතියි පැතුම්..
ස්තුතියි සිත්තමී...
ඇතැමෙකුට ආදරය ගංගාවකි
මෘදු පරඬැල් ගිලගන්නා.
ඇතැමෙකුට ආදරය පිහි තලයකි
ආත්මයේ රුධිරය විසිරුවනා.
ඇතැමෙකුට ආදරය කුසගින්නකි
නොනැවතී වේදනා ගෙන දෙනා.
මා දකිනා ආදරයනම් සුවඳැති මලකි,
එහි බීජය ඔබය, ඔබ පමණමය සැමදා.
බිඳී යන්නට බියැති හදවතයි
රඟන්නට පා නොසොල්වන්නේ.
අවදි වන්නට බියැති සිහිනයයි
අවස්ථා මගහරින්නේ.
සිතක සොඳුරු බව නොදන්නායි,
පරිත්‍යාගය නොහඳුනන්නේ,
මියෙන්නට බියැති ආත්මයයි
ජීවතය විඳින සැටි නොදන්නේ.
රාත්‍රියේ හුදෙකලා බව රජයන මොහොතේ
මාවත බොහෝ දුරැති වන සඳ,
ආදරය හිමි වන්නේ
වාසනාවන්තයාටත් ශක්තිවන්තයාටත් පමණකැයි
ඔබට සිතෙනා විට,
සිහිපත් කරගන්න
ශිශිරයේ ඝනැති හිම තලා පතුලේ
සැඟවී ඇති බව
හිරුට පෙම් බැඳි බීජයක්
වසන්තයේදී රෝස මලක් වී හිනැහෙන.
ela...
ReplyDeleteada idala mamat oyage blog rasikayak.
Jayawewa
ස්තුතියි සංජීව..මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා...
Deleteනියමයි රෑ.... උදිතගේ තෑග්ග අපටත් රසවත් වුණා.
ReplyDeleteඇයි මචං රෑ නියමයි කිව්වේ? මොකුත් විශේෂ දෙයක් වුනාද? කවදා විතරද උඹ ගෙදර යන්න හිතාගෙන ඉන්නෙ? :D :D
Delete@නලින්,
Deleteස්තුතියි නලින්..ඔබ මෙය රසවිඳි බව ඇසීමත් සතුටක්..
@ඩූඩ්,
ඔයා පුදුම වෙයිද මන්දා මටත් ඔය රෑ රූ පටලැවිල්ල තියනවා කියලා දැනගත්තාම..!!
මගේ පනස්වෙනි පෝස්ටුවට ආපු කස්ටියට නම් කේස් එක මතක ඇති..නිවාඩු වෙලාවක ඒකේ කොමෙන්ටු ටික බලන්නකෝ..
මේ වගේ අය මේ පැත්තේ නම් ඕනි තරම් ඉන්නවා.
ReplyDeleteසම්පූර්ණ ඇත්ත කතාව.:)
ඔයාව අඳුනගත්තු දවසේ මට ඒ ගැන ප්‍රත්‍යක්ෂ වුනා :D
Deleteඔයා ඒ වෙලේ කීවේ ඔය වගේ කතා නෙමේනේ ...
Delete"ඔයා හරි ලඳ බොලඳයි. සුකුමාලයි. නිල් නෙලුමක් වගේ ලස්සනයි. ජීවිතේ කවදාවත් ඔයාව මට අමතක වෙන්නේ නෑ වගේ ඒවනේ..."
හී හී හී හී...
කට කට!
Delete@පොඩ්ඩි,
Deleteලංකාවෙ නම් මෙහෙම අය අඩුයි පොඩ්ඩි..ඒ සාම්ප්‍රදායිකව හිතන නිසා වෙන්නත් ඇති...
@බුද්ධි,
ඔයා පොඩ්ඩිට එක එක ඒවා කියලා කෝචෝක් කරන්න එපා අනේ..නැන්දගෙන් ගුටිකාලා මදි වෙලාද?
නියමම නියමයි...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තුතියි රජතුමනි..
Deleteඅවුරුදු ගණන් වලින් හිතේ වයස මනින්න බෑ. 35 කෙනෙක් හිතින් වයසට ගිහින් නම් කරන්න දෙයක් නෑ. 85 කෙන හිතින් තරුණයි ඒ කෙනා හැමදාම තරුණ ජීවිතේ සතුට විඳින කෙනෙක්. වටිනා ලිපියක් රූ!
ReplyDeleteස්තුතියි ගිම්..වයසත් එක්ක වැඩිහිටියෙක් වෙනවද කියන එක තෝරාගැනීමක් වෙච්ච එක කොච්චර දෙයක්ද කියලා හිතුනා මේ ඊමේල් එක දැක්කාම..
Deleteසෑහෙන හිතට දැනුනු කතාවක්
ReplyDeleteස්තුතියි රොබින්..හිතට දැනුනා වගේම හිතට ගන්නත් උත්සාහ කරන්න යාළු..
Deleteමේ වගේ කතන්දර ටිකක් කියවන්න කැමතියි! මේ කතාව නම් ටිකක් විතර සාම්ප්‍රදායික ගතියක් තිබුනත් මේ වගේ අපූරු කතා තියෙනවා. රූත් කියවලා ඇති. සමහර කතා කියවලා ඉවර වෙද්දි සිතුවිලි සම්පූර්ණයෙන් ම වගේ වෙනස් වෙනවා.
ReplyDeleteසමහර කතා කියවලා ඉවර වෙද්දි සිතුවිලි සම්පූර්ණයෙන්ම වෙනස් වෙන කතාව ඇත්ත බුද්ධි...උදාහරණයක් විදිහට අර කැප්රෝල් ජාතක කතාවම ගන්නකො බලන්න..මීට පස්සෙ කැප්රෝල් තුවක්කුවක් දැක්කත් අපි බලන්නෙ වෙනස් විදිහටනේ...!!
Deleteමේ වගේ කතා එකතු කරපු පොත් සීරිස් එකක් තියනවා කියලා බුද්ධි දන්නවද? ඒවා නම් කරලා තියෙන්නෙත් ‘අසිනි සිරිනි‘ කියලා..දැන් ඉතින් මගේ බ්ලොග් එකේ නම හැදුන හැටි ආයෙත් අහන්න දෙයක් නෑනේ..:)
අසිනි සිරිනි ඊලගට ළගම පොත් කඩෙන් මගේ ගෙදරට......
Delete//දැන් ඉතින් මගේ බ්ලොග් එකේ නම හැදුන හැටි ආයෙත් අහන්න දෙයක් නෑනේ..:)// මේ ටික මම දැක්කෙ නෑ :D
හැබැයි වයසට ගියාම තමන්ට කරන්න බැරි වුන දේවල් තරුන කස්ටිය කරනකොට ඉරිසියා කරන වයසක උදවියත් නැතුවම නොවේ.
ReplyDeleteමේක නියම කතන්දරයක් !
ජය !
හික්ස්..සහතික ඇත්ත සෑම්..ලංකාවෙ නම් ඒ වගේ අය වැඩිද කොහෙද...
Deleteඅපේ HR බොස් දවසක් ඇවිල්ලා මේ සංසිද්ධිය හඳුන්වන්නෙ Baby boomers Vs. X Generation කියලා දීලා ගියා..ඒත් ඉතින් කොම්පැනිවල වැඩ කරද්දි තමයි මේක හොඳටම දැනෙන්නේ..!!
මම එක දවසක් කියෙව්වා අවුරුදු 90ක ඉන්දියන් සීයා කෙනෙක් පී එච් ඩී එකක් කරනවා කියලා.මට පුදුමත් හිතුනා. අවුරුහ්ඩු 90ක් වගේ වයසකදී මතක ශ්ක්තියේ දුර්වල කමත් එක්ක මොන තරම් කැපවීමක් ආත්මශක්තියක් ඕනෙද පී එච් ඩී එකකට ඉගෙන ගන්න. ඒත් ඉතින් හිත ඇත්නම් පත කුඩාද කියලා කතාවක් තියෙනවනේ...
ReplyDeleteආදර්ශමත් කතාවක් රූ. ස්තුතියි අපිත් එකක බෙදා ගත්තට..
ස්තුතියි ලිහිණි මේ එකතු කිරීමට...
Deleteජීවිතේ විවිධත්වයක් ඇතුව ජීවත් කරවන්න පුළුවන් නම් අපිට වයසට නොයා ඉන්න පුළුවන් වේවි..
ඇයි ඔයා 40ත් පැනලා MSc. එකක් කරන්නේ. අන්න ඒ වගේ තමා.
Deleteඇනෝ,
Deleteලිහිණි ගැන “ගොඩක්“ දන්න කෙනෙක් පාටයි..:P
වටිනා කියන කතාවක් රෝසි අපිට කියනවා. කොටින්ම ඔය සමහරක් අපිට දැන් වයසයි කියලා හැමදේම අතෑරලා දාන අයට( මම එහෙම නෙමෙයි ඔන්න)
ReplyDeleteරංගිගෙ කතන්දර කියෙව්වාම නම් ඔයත් රොසිගෙ ජාතියෙ කෙනෙක් කියලා තමයි හිතෙන්නෙ..ඔයා සම්ප්‍රදායික විදිහට වසයට යන මනුස්සයෙක් නම් නෙවි ඔන්න..:D
Deleteකතාව ලියල තියන විදිය ගොඩක් ලස්සනයි. රූ ලියන ඒවායින් මේ ජාතියේ ඒවාට මම ගොඩක් කැමතියි.. අර "තරු පාට නිලට" සින්දුවට ලියල තිබුන කතාව වගේ ඒවා.
ReplyDeleteස්තුතියි සයු..
Deleteසින්දු ගැන ලියද්දි කතාවක් එකතු කරන්නෙ බ්ලොග් අවකාශයේ තියන සම්මතයන් සමඟ ඉන්න ඕන කියලා හිතෙන නිසා..සින්දු ගැන ගොඩක් ලස්සනට ලියන අය ඉන්න අතරේ මට එයාලා වගේ ලියන්න බැරි නිසා පුළුවන් විදිහට ඒ වගේම රසවත් වෙන්න ලියන්න තමයි උත්සාහය...
ඔයා තරුපාට නිලට කතාවට ආසා වුනා නම් වෙලාවක් තියන වෙලාවට ගී සිරිනි සීරීස් එකේ පළවෙනි පෝස්ටුව කියවන්න...
සිංදුව නම් මම අහුවේ අද.. කතාවත් එක්ක ඒක හොදටම රසවින්දා.. ලස්සනයි රූ අක්කේ..
ReplyDeleteස්තුතියි මල්ලි...
Deleteසින්දුවේ පද පේලිය හරිම අරුත්බරයි..
සින්දුව ගැන නම් මමත් අදමයි ඇහුවෙ... මේ වගේ ජීවිතේට වටිනා යමක් එකතු කරන සටහන් වලට මම කැමතියි. ස්තූතියි අක්කේ!
ReplyDeleteස්තුතියි ලහිරු..
Deleteමට නම් ප්‍රශ්නෙ තියෙන්නෙ මේ වගේ සටහන් වලින් කියවන ඒවා ඉක්මනට අමතක වෙනවනේ..!!
ස්තුතියි මේ සටහන බෙදාගත්තට
ReplyDeleteස්තුතියි ලොකු ජොන්...
Deleteමේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..
මම බැලුවා රූ අක්කගෙ කැම්පස් ජීවිතයේ සිද්ධියක්ද කියලාත්.. වයසත් ටිකක් ඒ ළඟින් යන හින්දා තමයි ගොඩක්ම රැවටුනේ..
ReplyDeleteහැමෝටම ආදර්ශයට ගන්ඩ පුළුවන් කතාවක්.. ඔය වගේම කොච්චර වයස ගියත් හිතින් තාමත් තරුණ චරිත බ්ලොග් අවකාසෙත් ඉන්නවනෙ..
වයස ළගින් යන හින්දා කිව්වෙ මොකද්ද? මට තේරුනේ නෑ..!!
Deleteෂ්..කට කට බ්ලොග් අවකාශෙ වයසක අය ඉන්නවා කිව්වොත් හරීගේ බෙල්ල ගැලවිලා යන්න පුළුවන්..!!
ම් ගොඩක් වෙලාවට ඒ වගේ උදවියගේ සටහන් වල තියෙන්නෙ පුදුම රසයක්..
ආහ් ඔයා රෝසිද ? මම හිතන් හිටියෙ රූ සිරිනි කියලා..
ReplyDeleteමට හරි පුරස්නයක් ඇයි රෝසි උපාධියකට එච්චර වෙහෙසුනේ කියලා ඒකෙන් පලක් නැතුව..
මම රූ තමයි ඒත් මේ රොසි ගැන කතාවක් තේරුනාද? කෝචෝක් කරන්න එපා කොල්ලෝ!!!
Deleteඋපාධියක් කරන්නෙ පල ප්‍රයෝජං ගන්නම නෙවි සෙන්නා..ඔයා දන්නවද දන්නෑ සමහර අය ඉන්නවා ඉගෙන ගන්න ආස කරන ඒක විනෝදාංශයක් කරගන්ත..ඉතින් ඉගෙන ගන්න එකෙන් තමයි එයාලට සතුටක් දැනෙන්නෙ ඒක නිසා රෝසිගෙ උත්සාහය අගය කරන්න ඕන..
වෙලාවකට හිතෙනවා මමත් ඒ ජාතියෙද කියලා..
ඔහොම කෙනෙක් ලංකාවෙත් උපාදියක් ගත්ත බව පත්තරෙන් දෙකලා මම හරිම සතුටු වුනා.
ReplyDeleteරූ මේක හරිම ලස්සන කතාවක්. හරියට අර චිකස් සුප් සීරීස් එකට ගැලපෙන එකක්.
ලංකාවේ මෙහෙම දෙයක් වුනා කියලා අහන්න ලැබීමත් සතුටක් හෙන්රි..
Deleteමමත් හිතන්නෙ මේ කතාව චිකන් සුප් සීරිස් එකෙන් ගත්ත එකක් තමයි..උඩ බුද්ධිගෙ කොමෙන්ටුවට දීලා තියන උත්තරේ බලන්නකෝ..
“අපි සෙල්ලම් කරන එක නවත්තන්නේ අපි වයසට ගිය නිසා නෙවි අපි වයසට යන්නේ අපි සෙල්ලම් කරන එක නවත්තන නිසා....“ මේක නියම කියමනක්.
ReplyDeleteඊයේ පොඩි උත්සවයකට සහභාගී වුනා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්මය කතාවක් කළා. හැමෝම එතුමාගෙන් අහනවලු "මෙච්චර හොඳට සතුටෙන් නිරෝගිව ජීවත් වෙන රහස මොකක්ද කියලා" එතකොට එතුමා හිනා වෙලා කියනවලු "උපන් දා ඉඳන් හුස්ම ගන්න අමතක නොකරපු එකලු හේතුව" කියලා
ඊට පස්සේ වැදගත් කරුණු 5 ක් කිව්වා සතුටෙන් ජීවත් වෙන්න. A,B,C,D,E,
A - Avoid
B - Be
C - Cut down
D - Don't
E - Eat
A - Avoid alcohol
B - Be active
C - Cut down Sugar, Salt, Fats
D - Don't smoke
E - Eat Fruits & Vegetables
ස්තුතියි පැතුම් එකතු කිරීමට..මම මේ කරුණු ටික පෝස්ටුවට ඇතුල් කලා ඔන්න..
Deleteඅපේ පැත්තේ කෙනෙක් ඉන්නවා දැන් එයාට වයස 50 ක් වගේ වෙනවා ගිය අවුරුද්දේ A/L කළා. මොකද එයාට හරි වයසේදී කරන්න බැරි වුන නිසා.
ReplyDeleteඒ ලෙවෙල් කරනවා කියන එක නම් පණ යන වැඩක් නේ..එයාට අමතුවෙන් තෑග්ගක් දෙන්න වටිනවා අප්පා..
Delete"අපි සෙල්ලම් කරන එක නවත්තන්නේ අපි වයසට ගිය නිසා නෙවි අපි වයසට යන්නේ අපි සෙල්ලම් කරන එක නවත්තන නිසා....“
ReplyDeleteමේ කතාව නම් සම්පූර්ණ ඇත්ත. ඒත් රෝසිලා වගේ අය හමුවෙන්න කලාතුරකින්..
රූගේ.. මේ සටහන තුලින් ඉනගන ගන්නට ඇති දේ බොහොමයි
ඒක ඇත්ත..රෝසිලා වගේ අය හමුවෙන්නෙ කලාතුරකින් නිසා අපිටත් ඒවගේ වෙන්න පුළුවන් නම් කියලා හිතෙන්නේ..
Deleteස්තුතියි ඔබට..
mamath dakala thiyenawa wayasa giyata hoyanna bari aya. aththatama eyala godak welawata sathutin hina wela innawa. sathutin innawa nam hamoma nirogiwa idi thamai. rosi achchi nathi wela thiyenne hoda adrshayak dila. eka apith ekka beda gaththata sthuthi. goda dawasakin awe me paththata.
ReplyDeleteස්තුතියි නංගි බබා එකතු කිරීමට...
Deleteදැන් නම් සිංහලෙන් ටයිප් කරන්න පටන් ගන්න කාලේ හරි යාළු...!!
කාලෙකින් මේ පැත්තෙ ආවාටත් ස්තුතියි ඔයාට කියන්න මමත් මේ පැත්තෙ ආවේ කාලෙකින් තමයි..!
වයසට ගියා කියල සීමාවකට කොටු නොවී ඉන්න පුළුවන් අය හැමදාම සතුටෙන් ඉන්නවා. හුඟ දෙනෙක් වයසට යන්නේ හිතෙන්.
ReplyDeleteඒක ඇත්ත චන්දන..ගොඩක් අය වයසට යන්නේ හිතින් තමා..අපි හිතන විදිහ වෙනස් කරගන්න පුළුවනුත් ඔයාට තමයි...
Delete//වයසට යාම අනිවාර්ය වුනත් වැඩිහිටියෙකු වීම ඔබගේ මනාපයට තෝරාගතහැකි දෙයක්..............//
ReplyDeleteහරිම සිත් ඇදගන්නා කතාවක්. මේ වගේ කතාවක් බෙදා ගැනීම ගැන රූ-සිරිනිට ස්තූතියි.
ස්තුතියි කතුවරී..බ්ලොග් ලෝකෙට වගේම මගේ බ්ලොග් එකටත් සාදරයෙන් පිළිගන්නවා..
Deleteදිගටම ලියන්න සුභ පැතුම්..