Wednesday, January 25, 2012

තරහා ගියාම කෑ ගහන්නේ ඇයි?

සරසවි ජීවිතේ අවුරුදු තුනක්ම රූ හිටියෙ හොස්ටල්වල. පේරාදෙණිය සරසවියෙ නේවාසිකාගාර ජීවිතේ කියන්නෙත් අපූරුම කතන්දර ගොඩක්. මේ නේවාසික ජීවිතේ අපූරු සිදුවීමක් එක්ක අළුත් දෙයක් බෙදාගන්න ලියපු පෝස්ටුවක්

විවිධ නම් වලින් හදුන්වපු නේවාසිකාගාර අතරෙ රූ අවසාන අවුරුදු දෙකම නැවතිලා හිටියෙ පොඩි කඳු ගැටයන් උඩ පිහිටලා තිබුන සංඝමිත්තා ශාලාවෙ. මිත්තා කියල ප්‍රසිද්ධ මේ නේවාසිකාගාරය පේරාදෙණිය සරසවි ගෘහ නිර්මාණ ශිල්පය හොඳින් පිළිඹිඹු කරන, ලොකු මැද මිදුලක් තියන තෙමහල් ගොඩනැගිල්ලක්.

Thursday, January 19, 2012

කඳු කතා 1: කන ළඟින් කෝච්චිය යෑම..

පේරාදෙනිය සරසවි ජීවිතේ එහේ ඉගෙන ගත්ත කාටවත් අමතක නොවෙන දෙයක්. ලස්සන පරිසරය වගේම සීතල දේශගුණය අපි කාගෙත් හිත්වල නැවුම් බවක් ඇති කලා. රූගෙ සරසවි ජීවිතේ ලෙංගතු නවාතැනක් වුනේ සරසවි ගවේශකයන්ගේ ඇසුර. ගඟේ වම් ඉවුරෙ ඉගෙන ගත්තත් ලැබුනු හැම ඇසිල්ලකම රූ දුවගෙන ගිහිල්ලා නතර වුනේ දකුණු ඉවුරෙ තිබුනු ගවේශකයන්ගේ තිප්පලවල්වල. හැමෝම දන්න WUS වල, විද්‍යා පීඨෙ පඩිපෙල, පිට්ටනිය ඒවයින්  කීපයක්. හැම සති අන්තයකම කොහේ හරි කන්දක් බඩ ගෑවත් තාමත් රූට ගහක් කොළක් සතෙක් සිව්පාවෙක් අඳුර ගන්න නම් බෑ. (ඉදහිට කපුටෙක් වගේ සතෙක් කෑ ගැහුවොත් මිසක්). ඒත් මේ   කඳු බඩගෑම් වලින් රූ බලාපොරොත්තු වුනේ මිතුරු කම් හා ලංකාවෙ ලස්සන බලාගන්න එක විතරයි. ගවේශකයන් එක්ක තිබුන මේ ඇසුර නිසා තවත් බ්ලොග් එකක් ලියන්න තරම් කතා ගොඩක් අපේ මතක වල ඉතුරු වෙලා තියනවා කියලා දැනුනෙ මේ ළඟදි දවසක ඔවුන් එක්ක ඒකාත්මික වෙන්න අවස්ථාවක් ලැබුන නිසා. දැන් ගවේශක සංගමය කරගෙන යන නංගිලා මල්ලිලා කිහිප දෙනෙක් එක්ක ආපහු කතා කරන්න,හිනාවෙන්න ලැබුන නිසා රූ ගෙ හිත ආපහු අතීතයට ගියා.

Sunday, January 15, 2012

පෙරළිය ඇරඹෙන්නේ මිමිනීමකිනි..Change begins with a whisper

             රූ පුංචි කාලෙ බලා ගත්තෙ ඒ දවස්වල ගෙදර නැවතිලා හිටිය අක්කලා. ඒ රූගෙ අම්මා සතියෙ දවස් පහේම වැඩ කරලා ගෙදර එන්නෙ පරක්කු වෙලා නිසා. පුංචි කාලෙ ඉදන්ම අපි දවල් දවසම ගෙව්වෙ එයාලත් එක්ක. එයාලා මාවයි මල්ලිලයි බලාගන්න නැවතිලා හිටියෙ පඩියට කියලා පස්සෙ තේරුම් ගියත් එයාලට අක්කා කියලා කතා කරන්න තමන්ගෙම පවුලෙ කෙනෙකුට වගේ සලකන්න රූ පවුලෙ කවුරුත් පසුබට වුනේ නෑ.
රන් මැණිකා අක්කා, අසෝකා අක්කා, දෙමළ ආච්චි වගේ කටට හුරු නම් වලින් අපි එයාලට කතා කලා වගේම කන බොන දේවල් නිදාගන්න දේවල්වලින් කිසිම අඩුපාඩුවක් කලේ නෑ.මට දැනුනු විදිහට මේ වගේ ‍ගෙදර වැඩ කරන අයට සලකන එක ලාංකීය අපේ පුරුද්දක්. රූ ගෙ යාළු අක්කාකෙනෙක් ගේ ගෙදර වැඩ කරන සර්වන්ට්ගේ කාමරේ ඉස්සර රූගෙ බෝඩිම් කාමරේටත් වැඩිය සුඛෝපභෝගී කියලයි එහෙ ගිය වෙලාවෙ රූට හිතුනෙ.

Friday, January 13, 2012

දිනපොතෙන් 2: කතා බස්

මම පොඩි කාලෙ ඉදන්ම රේඩියෝ අහන්න ආසයි. ළගම නෑයෙක් නොවුනත් මම සිරස රේඩියෝ එක පටන් ගත්ත කාලෙ ඉදන්ම අහනවා. 
හොඳ නරක ගැන විචාරය නොකරත් සින්දු කතා වලට වැඩිය වෙළඳ දැන්වීම් ගියත් අදත් මීටරේ කැරකෙන්නෙ සිරස රේඩියෝ එකට. 
මේ කතා දෙක වගේ ඒවා දැන් නම් රේඩියෝ එකෙන් ඇහෙයි කියල බලාපොරොත්තු වෙන්න බැරි වුනත් එකිනෙකට කොහොමත් සම්බන්ධයක් නැතත් මගේ දිනපොතේ ලියල තියන මේ කතාවලට මම ආසයි.

Monday, January 9, 2012

දත විලිස්සන E නොම්මර

            ඉස්සර කාලේ එළවළු,පළතුරු,කෑම ජාති සුලභ නිසා කෑම කල්තියා ගැනීමේ ක්‍රම ඕනෙ වුනේ නෑ. ඒත් අපේ ජීවින රටා වෙනස් වීමත් එක්ක කෑම වර්ග කල්තබ ගන්න අවශ්‍ය වෙලා තියනවා.ඉතින් මේ ආහාර රස ගැන්වීමට කල් තබා ගැනීමට වෙළඳ පලට ගැලපෙන ලෙස සකස් කිරීමට පාවිච්චි කරන රස කාරක ගැනයි අද පෝස්ටුව.