Showing posts with label රූ කතා. Show all posts

Wednesday, April 10, 2013
මුහුදු ලිහිණියා සහ මීයා..
කළු මුහුදු වෙරළ උඩින් පියාසර කරමින් සිටි මුහුදු ලිහිණියෙක් වෙරළේ සිටි මීයකු දුටුවේය. මීයා දැකීමෙන් පුදුමයට පත් ඌ හනිකට අහසින් බිමට පාත්වී මීයාගෙන් මෙසේ ඇසුවේය.
“කෝ තමුසෙගේ පිහාටු?“
එකම භාෂාව කතා නොකල බැවින් මීයාට මුහුදු ලිහිණියා කී කිසිදෙයක් තේරුනේ නැත. එහෙත් තමන් ඉදිරියේ සිටිනා මේ අපූරු සතා දෙස ඌ විස්මිත දෑසින් බලා මෙසේ තමාටම කොඳුරාගත්තේය.
“පව්. මූට මොකක් හරි ලෙඩක් වෙන්න ඕන. බලන්නකො උගේ ඇඟෙන් කැත ලොකු කෑලි දෙකක් එල්ලෙන හැටි.“
තමන්ගේ පිහාටු දෙක දුකෙන් බලා සිටිමින් නිශ්ශබ්ද මීයා දුටු මුහුදු ලිහිණියාගේ හිත අනුකම්පාවෙන් පිරි ගියේය.
“පව්. අසරණයා. මොකෙක් හරි මුගේ පිහාටු පැහැරගෙන ඌව බීරි කරලත් ගිහින් වගේ.“
මීයාගේ යහපත සිතූ මුහුදු ලිහිණියා තම තුඩින් මීයා රැගෙන අහසේ චාරිකාවක් රැගෙන ගියේය.
“අඩුම ගානේ ඌට පාළුව හරි මගෑරෙයිනේ. පව්. පරණ මතකයේ පොඩ්ඩක් හරි ඉන්න පුළුවන් වේවිනේ. “
අහසේ තැනින් තැන මීයාව රැගෙන යද්දී ලිහිණියා සිතුවේය. පසුව පරිස්සමෙන් මීයාව සිටි තැනම තබා ලිහිණියා පියාඹා ගියේය.
මාස කිහිපයක් තිස්සේ මීයා ජීවත් වූයේ අසතුටිනි. ඉතා ඉහලින් පියාසර කැරමින් ලෝකයේ විශාල බව හා ලස්සන දුටු මීයා තමන් දැන් ගතකරන ජීවිතය ගැන දුක් වුනේය.
කාලය ගතවත්ම ඌ තමන් මීයෙක්ම පමණක් බව වටහා ගත්තේ ඒ මී බවට හුරුවිය. තමන් අහස් ගමන නැමැති හාස්කම සිහිනෙන් දුටු මුදු සුවඳක් පමණ ලෙස උගේ සිතේ තැන්පත් විය.
උපුටාගැන්ම: http://paulocoelhoblog.com/2013/04/10/the-seagull-and-the-mouse/
පින්තූරු අනුග්‍රහය: http://pedantia.deviantart.com/art/Mouse-and-seagull-141808893
Wednesday, April 3, 2013
ගණන්කාරයින් කොහිද?...මෙහි එන්න...!!
http://read.bi/14pv3cB
රූ සටහන:
කරකවලා අතෑරපු ප්‍රශ්න 12ක්..ගණන් කාරයන්ට නම් තේරේවි!!
Sunday, December 30, 2012
සීනි තියෙන්නෙ කන්න විතරද?
මීට කලිනුත් මම හිඟුරාන සීනි කම්හලට ගියපු වෙලාවෙ කූඹි කන්න කැමති දුඹුරු සීනිද සුදු සීනිද?... කියලා පෝස්ටුවක් දැම්මා මතක ඇති. සෙවනගල සීනි කම්හල රජය යටතේ යළි පණ ගැන්වෙද්දි එහේ යන්න අවස්ථාවක් ලඟදි ලැබුනා. කම්හලේ දැන්වීම් පුවරුවෙ දාලා තිබුන මේ විස්තර ටිකට හිත ගියපු නිසා මම ඒවා බෙදාගන්න හිතුවා.
සීනි වල ඉතිහාසය සරල නොවේ. ආදී චීන වැසියන්ගේ සිට බ්‍රිතාන්‍ය යටත් විජිතයන්හි සුදු රත්තරන් බවට පත් වීම දක්වා වන සංකීර්ණ කතන්දරයක් ඒ පිටුපස ඇත.බටහර රටවල්වල ප්‍රධාන ආහාර වේලේ අංගයක් බවට පත් වී ඇති සීනි, රාත්තල් පහේ බෑගයක සිට කෝපි කෝප්පයකට හෝ බිස්කට්ටුවක මුදුනතට එකතුවන්නට බලා සිටී.

Monday, July 2, 2012
ඊයා මේ මොනවද මේ..!!
“අක්කෙ අපි xxxx ශිෂ්‍ය සංගමෙන්. අපේ සාහිත්‍ය උළෙලට පොඩි උදව්වක් කරන්න.“
සපත්තු කුට්ටමක් ගැනීමේ පරම චේතනාවෙන් නුගේගොඩ හන්දියේ කඩවල රස්තියාදු වෙද්දි ඉස්සරහට ආපු මල්ලි කෙනෙක් පාර හරස් කලා. එයාගෙ අතේ තිබුනෙ පොත් සලකුණු මිටියක්.
“කවද්ද මල්ලි උත්සවේ තියෙන්නෙ? “
අහන ගමන් මම බෑග් එක පීරුවෙ පර්ස් එක හොයාගන්න වගේම අතීත සිද්දියක් මතක්වෙලා ආපු හිනාව වහගන්න.අතේ තිබුන ලොකුම කොලේ මල්ලිට දීලා බුක් මාක් එකක් නොගෙනම මම ආපහු රස්තියාදුව ඇරඹුවෙ අර කියපු සිද්ධියේ මතක සටහන එක්කයි. මේ වගේ පාරට බැහැලා සල්ලි එකතු කරපු නැත්නම් හොස්ටල්වල කාමර ගානෙ ගිහින් බුක්මාක් එකක් හරි පින්තූර පොස්ට් කාඩ් එකක් විකුණුලා සල්ලි හොයපු සුන්දර සරසවි ජීවිතේ මොහොතකට මගේ මතකය ඇදිලා ගියේ නොදැනුවත්වම.

*****
Saturday, May 12, 2012
පිඬු සිඟා වැඩීම හා කාලාම සූත්‍රය
වෙනදා වගේම මම කඩේට ගොඩ වැදුනෙ ගන්න ඕන බඩු ලිස්ට් එක හිතෙන් කට පාඩම් කරමින්. වෙසක් නිවාඩුව පටන් ගන්නෙ අනිද්දා. හෙට අනිවාර්යෙන්ම ඔෆිස් එකේ වැඩ වැඩි දවසක් නිසා හෙට බඩු ටික ගන්න වෙනවා බොරු. දැනටමත් රෑ වී ඇති නිසා කඩේ ඇන්ටි කඩේ වහන්න බලන් ඉන්නවාත් සිකුරුය. හිතේ එකී මෙකී නොකී දේවල් කරනම් ගහද්දී මම කඩේ ඇතුලට ගියේ අයි ශොපින් පාරක්ද දමාගෙනය.
“ඇන්ටි අද සෙනඟ අඩුයි නේද?“
“හිටියා මිස්. මිස් ආවෙ හොඳ වෙලාවට..දැන් ඉතින් නිදහසේ බඩු ටික කිරලා දෙන්න පුළුවන්.“
මම මිසිස් වුවද මම කවදාවත් ඇන්ටීට ඒ ගැන කියන්නට නොගියේ ඇයි කියා මම තවමත් කල්පනා කරමි.
“මිරිස් තුනපහ කුඩු ග්‍රෑම් සීය ගානෙ ..ම්..ලුණු පැකට් එකයි...“මම බඩු ලැයිස්තුව කියාගෙන ගියෙමි.
“මිස් පිඬු සිඟා වඩින උත්සවේට මොනවත් ගන්නැද්ද?“ මල්ලට බඩු එකතු කරන ගත්මන්ම ඇන්ටී මගෙන් ඇසුවාය.
“මොකද්ද ඇන්ටි කිව්වෙ..මට ඇහුන්නෑ!“
ඇන්ටී කිව්වේ මොකක්දැයි හරියටම තේරුම් ගැනීමට නම් මට නැවතත් එය ඇසිය යුතුව තිබිනි.
“අර ලොකු නුග ගහ ගාව වංගුව ළඟ තියන පන්සලේ හාමුදුරුවරු පිඬු සිඟා වඩිනවා හෙට. උදේම වඩීවි මයෙ හිතේ. මේ හරියට එනකොට හතවිතර වෙයි. දහ නමක් වඩිනවා කියලයි කියාගෙන ගියේ.“
“ආ එහෙනම් මොනවා හරි එළවළු ටිකකුත් ගන්න වෙයි ඇන්ටි..ගෙදර තියන ඒවා මදි දහ නමකට දානෙ දෙන්න නම්. බත් උයලා එක එළවළුවක් හැදුවාම ඇති නේද ඇන්ටි.මම කවදාවත් එහෙම පිඬු සිඟා වඩින හාමුදුරු නමකට දානෙ දීලා නෑ. “
“ආ..මොනවත් උයන්න ඕන නෑ. ඔය මොනවහරි පිරිකරට දුන්න නම් හරි. ඊටත් ඔච්චර උදෙන් උයන්න පුළුවන් කාටද? හෙට ඉතින් වැඩ කරන දවසක්නෙ. “
“ඒත් ඇන්ටි එහෙම හරි නෑනෙ. ඊටත් මම එහෙම දානයක් තනියම හරිගස්සලා නැති නිසා දුන්න නම් හොඳයි කියලා හිතෙනවා. මොනවද එළවළු තියෙන්නෙ අළුත් ඒවා?“ මම ඇසුවෙමි.
“නෑ මේකයි හාමුදුරුවො වඩින්නෙ අර ලොකු ජීප් වල පිටිපස්සෙ ඉඩ තියන එකේ පුටු දාලා වාඩි වෙලා. කොහොමත් ඒ වෙලාවට එනවුන්ස් කරගෙන යයි. හාමුදුරුවො ඔය මොනවා හරි සුළු දෙයක් නේ බලාපොරොත්තුවෙන්නෙ. සබන්, දත්බෙහෙත් තුවා වගේ මොනව හරි. කවුරුත් කෑම නම් දෙන්නෑ“.
“ඒ වුනාට ඇන්ටි මේ පිඬු සිඟා වැඩීමක්නෙ. නමේම තියනවනේ හාමුදුරුවන් කෑම ඉල්ලනවා කියලා. එහෙනම් මේක වෙන මොකක් හරි වෙන්නැති.“
“දැන් කාලෙ කවුද මිස් පිඬු සිඟාවඩින්නෙ. ඊටත් ඔච්චර ගානකට මොනව හරි හදන එකත් ලේසිද? මම ඕක නිසාම අළුත් තුවා ටිකක් ගෙන්න ගත්තා මිස්ටත් දෙන්නද? “
“නෑ.. ඇන්ටි ඕන නෑ..මම මේ කල්පනා කලේ බුදුහාමුදුරුවො දන්නවනම් කියලා.“
“ඇයි මිස් ඒ?“
“නෑ. ඇන්ටි බණට අහලා තියනවද දන්නෑ අර දෙව්දත් හාමුදුරුවො බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලීම් පහක් කලා සංඝ භේදය ඇති කරන්න කලින්. “
“ඔව් ඉතින්.“ කඩේ ඇන්ටී අලගු තැබුවාය.
“ඒකෙ එකක් තියනවානෙ භික්ෂුව ජීවිතාන්තය දක්වා පිණ්ඩපාතික විය යුතුයි කියලා. ඒත් බුදුහාමුදුරුවො ඒක ප්‍රතික්ෂේප කලේ ඇයි කියලා මම තාමත් කල්පනා කරනවා.“
“බඩු ටිකේ ගාණ කීයද ඇන්ටි?“

Saturday, April 7, 2012
සාමාන්‍ය බුද්ධිය ගැන ‘ලු‘ කතන්දර දහයක් සහ තවත් කතාවක්..
පළවැනි කතන්දරය
මේ දිනවල සිංහල බ්ලොග් අවකාශයේ වැඩි පුර කතාවෙන්නේ බිග් මෑඩ් පිල් ගැජට් එක ගැනය. ඒ ගැන කිව්වාට යුරෝ දෙකේ වීරයාට බොහෝ පින්ය. ඒ ගැජමැටික් එකෙන් අපි කියන දේවල් ටයිප් කරලා දෙනවාය. ඊට එහාට ගොස් අපි කියන ඒවා කරලා දෙන ගැජමැටික් වලට අපි කියන්නේ රොබෝ බබලා කියාය. ඒත් අපිට කරන්න දේවල් කියලා දෙන ගැජමැටික්ද දැන් දැන් ජනප්‍රිය වී ඇත. පාර හොයාගන්න සොෆ්ට්වෙයා හාඩ්වෙයා වැඩකෑලි දැන් මේ පුංචි මුතු ඇටයේද ප්‍රසිද්ධය. මේ ළඟදී රූගේ යාළුවෙකු අවුරුදු විසිගාණක්ම තිස්සේම විඩින් විඩේ ගිය තම මහගෙදරට යන පාර සුවර් කර ගත්තේ ගූග්ල් මැප් වලට පින්සිදු වන්නටය. මීට අමතරව අතේ ගෙනයා හැකි හෝ වාහනේට සවිකරගත හැකි සැටලයිට් නැවිගේශන් සිස්ටම් හා එකී මෙකී නොකී ගැජමැටික් අටෝ රාසියක් ඇත. ඒ අපේ ජීවතේ පහසු කරදෙන්නටය. මේ වගේ ගැජමැටික් නිසා මිනිස්සු මොළයෙන් කියන දේට වඩා ගැජමැටික් කියන දේ ගැන විශ්වාස කරන්නට ගොස් අමාරුවේ වැටෙති. පහළ තියන කතන්දර ඒ අමාරුවේ වැටීම් ගැන මට ආපු මේල් එකකින් කොපි කර පරිවර්තනය කරපු ඒවාය. මේවා කතන්දර පමණක් බැව් කරුණාවෙන් සලකන්න.

Wednesday, February 22, 2012
අඩුම තරමේ නිදා ගන්නවත් දෙන්න..At least I want to Sleep
බෑං..
හොස්ටල් කාමරයේ චිප් බෝඩ් බිත්තිය දෙදරුම් කෑවා. මමත් මගේ යාලුවත් කරපු වැඩේ නතර කළේ ගැස්සිලා ගිහිල්ලා.
ඒ අපි සරසවියෙ පළවෙනි වසර ගත කරපු කාලෙ. අපි නැවතිලා හිටියෙ අර කතන්දරගෙ පොස්ට් එකෙන් කියපු රාමනාදන් ශාලාවෙ. නේවාසිකාගාරයේ ළමයින්ට ඉන්න ඉඩ මදි වුණාම උඩම තට්ටුවේ තිබුනු පොදු ශාලාව අඩි දහයේ දහයේ වගේ කෑලි 16කට විතර ප්ලයිවූඩ් බෝඩ් වලින් වෙන් කරලා කාමර දාසයක් හදලා තිබුනා. මේ කාමර කුකුළ් කොටු වලින් වෙනස් වුනේ ලොකු නිසාත් වීදුරු දොර නිසාත් විතරයි.
කොමන් රූම් එක බෙදපු නිසා සී ආර් කියලා නම් කරපු ඒ කාමරවල එක කාමරේ තුන් දෙනා ගානෙ ගාල් වෙලා අපි හැමෝම අකුරු කරපු කාලෙ නම් හරිම සුන්දරයි. සී ආර් කාමර වල ඉන්න අයට එක එක්කෙනාට කතා කරන්න අනිත් කාමර වලට යන්න ඕන වුනේ නෑ. කාමරේ ඉදන් කෑ ගැහුවාම අනිත් කාමර 15ටම ඇහෙනවා. ඒ කාමරේට වාත්රාශය එන්න ගහල තිබුනු කම්බි දැල් නිසා. අපි මේ කාමර වල ඉන්න කාලෙ අපේ බැච් එකේ අය අපිට කිව්වෙ සී ආර් ගැන්සිය කියලා. සී ආර් කාමර වල ඒ අවුරුද්දෙ හිටියෙ අපේ පීඨෙ කට්ටිය විතරමයි. මොකද වෙන පීඨවල කට්ටිය ඇවිල්ලා සතියක් යනකොට සබ්වෝඩන්ට කියලා මාරුවෙලා යනවා අපේ කචකචේ ඉවසන්න බැරිව. මේ කච කචේ කොච්චරද කියනවා නම් මේ පොදු ශාලාවට අල්ලපු කොටසේ තිබුනු නිල නිවාසේ හිටිය සබ්වෝඩන් මැඩමුත් ඇවිල්ලා කියලා යනවා අනේ ළමයිනේ සද්දෙ වැඩී කියලා.
අද කතාව කියන්න යන්නේ මේ සද්දෙ නිසා අපේ යාළුවෙකුට වුනු සිද්දියක් ගැන.
හොස්ටල් කාමරයේ චිප් බෝඩ් බිත්තිය දෙදරුම් කෑවා. මමත් මගේ යාලුවත් කරපු වැඩේ නතර කළේ ගැස්සිලා ගිහිල්ලා.
![]() |
මේ තමා රාමනාදන් ශාලාව |
කොමන් රූම් එක බෙදපු නිසා සී ආර් කියලා නම් කරපු ඒ කාමරවල එක කාමරේ තුන් දෙනා ගානෙ ගාල් වෙලා අපි හැමෝම අකුරු කරපු කාලෙ නම් හරිම සුන්දරයි. සී ආර් කාමර වල ඉන්න අයට එක එක්කෙනාට කතා කරන්න අනිත් කාමර වලට යන්න ඕන වුනේ නෑ. කාමරේ ඉදන් කෑ ගැහුවාම අනිත් කාමර 15ටම ඇහෙනවා. ඒ කාමරේට වාත්රාශය එන්න ගහල තිබුනු කම්බි දැල් නිසා. අපි මේ කාමර වල ඉන්න කාලෙ අපේ බැච් එකේ අය අපිට කිව්වෙ සී ආර් ගැන්සිය කියලා. සී ආර් කාමර වල ඒ අවුරුද්දෙ හිටියෙ අපේ පීඨෙ කට්ටිය විතරමයි. මොකද වෙන පීඨවල කට්ටිය ඇවිල්ලා සතියක් යනකොට සබ්වෝඩන්ට කියලා මාරුවෙලා යනවා අපේ කචකචේ ඉවසන්න බැරිව. මේ කච කචේ කොච්චරද කියනවා නම් මේ පොදු ශාලාවට අල්ලපු කොටසේ තිබුනු නිල නිවාසේ හිටිය සබ්වෝඩන් මැඩමුත් ඇවිල්ලා කියලා යනවා අනේ ළමයිනේ සද්දෙ වැඩී කියලා.
අද කතාව කියන්න යන්නේ මේ සද්දෙ නිසා අපේ යාළුවෙකුට වුනු සිද්දියක් ගැන.
Wednesday, January 25, 2012
තරහා ගියාම කෑ ගහන්නේ ඇයි?
සරසවි ජීවිතේ අවුරුදු තුනක්ම රූ හිටියෙ හොස්ටල්වල. පේරාදෙණිය සරසවියෙ නේවාසිකාගාර ජීවිතේ කියන්නෙත් අපූරුම කතන්දර ගොඩක්. මේ නේවාසික ජීවිතේ අපූරු සිදුවීමක් එක්ක අළුත් දෙයක් බෙදාගන්න ලියපු පෝස්ටුවක්
විවිධ නම් වලින් හදුන්වපු නේවාසිකාගාර අතරෙ රූ අවසාන අවුරුදු දෙකම නැවතිලා හිටියෙ පොඩි කඳු ගැටයන් උඩ පිහිටලා තිබුන සංඝමිත්තා ශාලාවෙ. මිත්තා කියල ප්‍රසිද්ධ මේ නේවාසිකාගාරය පේරාදෙණිය සරසවි ගෘහ නිර්මාණ ශිල්පය හොඳින් පිළිඹිඹු කරන, ලොකු මැද මිදුලක් තියන තෙමහල් ගොඩනැගිල්ලක්.

Monday, January 9, 2012
දත විලිස්සන E නොම්මර
ඉස්සර කාලේ එළවළු,පළතුරු,කෑම ජාති සුලභ නිසා කෑම කල්තියා ගැනීමේ ක්‍රම ඕනෙ වුනේ නෑ. ඒත් අපේ ජීවින රටා වෙනස් වීමත් එක්ක කෑම වර්ග කල්තබ ගන්න අවශ්‍ය වෙලා තියනවා.ඉතින් මේ ආහාර රස ගැන්වීමට කල් තබා ගැනීමට වෙළඳ පලට ගැලපෙන ලෙස සකස් කිරීමට පාවිච්චි කරන රස කාරක ගැනයි අද පෝස්ටුව.
Saturday, December 31, 2011
Minus One...එකක් අඩුවෙන්..

Saturday, December 10, 2011
කූඹි කන්න කැමති දුඹුරු සීනිද සුදු සීනිද?...
පෝස්ටුවේ නම මෙහෙම දැම්මට මේ කතාවට කූඹි සමඟ සම්බන්ධයක් නැත. සීනි කියනා හැම විටම මට මතක් වන්නේ දෙක වසර පොතේ අන්තිමට වාගේ තිබූ තාලයට කිවහැකි කවිපන්තියයි. කළුකූඹි රැලක පින්තූරයකින් හැඩවී තිබූ ඒ කවි පන්තිය සති ගණනක් තිස්සේ මතක් කලත් මතකයට එන්නේ නැත. සීනි ගැන කියැවෙන මේ කතාවේ වැල්වටාරම පසෙක ලා අපි මාතෘකාවට බහිමු.
සීනි ස්ඵටික කාබෝහයිඩ්ර ලෙස හැඳින්විය හැකි අතර අප දන්නා පරිදි දුඹුරු සීනි හා සුදු සීනි වශයෙන් දෙවර්ගයක් වේ. දුඹුරු සීනි මිලෙන් වැඩි අතර සුදු සීනි ලාභය. සීනි දුඹුරු වන්නේත් සුදු වන්නේත් කෙසේදැයි දැන් බලමු.
සීනි සාදන්නේ උක් ගසේ යුෂ (පැණි) වලිනි. (මීට අමතරව බීට් යුෂවලින්ද සීනි සාදනු ලැබේ. උක් හොඳින් වැවෙන අපේ රට වැනි ඝර්ම කලාපීය රටවල් උක් භාවිතා කර සීනි සාදා ගනිති). හොඳින් පැසුනු උක් ගස් රෝලර් මෝල් ගනනාවක් අතරින් යවා පැණි පෙරාගෙන එම පැණි සීනි සෑදීමේ ක්‍රියාවලියට භාජනය කර සීනි ලබා ගනී. උක් පැණිවල මූලික වශයෙන් පවතින ෆ්රුක්ටෝස් (Fructose) සීනි යනුවෙන් හඳුන්වන සුක්රෝස් (Sucrose) බවට පත්.කරගැනීමෙ මෙම ක්‍රියාවලියේදී සිදුවේ.
සීනි වල දුඹුරු පැහැයට හා පැණි රසයට හේතු
1. සීනි සෑදීමේ ක්‍රියාවලියේදී ෆ්රුක්ටෝස් Fructose සියල්ල සීනි බවට පත් නොවීම නිසා බර අනුව 3-6% අතර ප්‍රමාණයක් අපද්‍රව්‍ය ෙලස පවතී.
2. ෆ්රුක්ටෝස් පැණි රසයෙන් වැඩිම සීනි වර්ගය නිසා සුදු සීනිවලට වඩා දුඹුරු සීනි පැණි රසයෙන් වැඩිය.
දුඹුරු සීනි යනු සීනි නිෂ්පාදන ක්‍රියාවලියේ අතරමැද ප්රතිඵලයකි. කෙසේ නමුදු දුඹුරු සීනි ජලාකර්ෂක (hygroscopic) බවින් වැඩි බැවින් කල්තබා ගැනීම අපහසු අතර මිල වැඩි වීමේ හේතුවද එයයි.
සුදු සීනි සාදන අයුරු
දුඹුරු සීනි බවට පත්කර ගත් උක් යුෂ තවදුරටත් පිරිපහදු කිරීමෙන් සුදු සීනි ලබා ගත හැක. මෙසේ පිරිපහදු කිරීමේදී සිදුවන්නේ දුඹුරු සීනි වල ඇති ෆ්රුක්ටෝස් තවදුරටත් සුක්රෝස් බවට පත්වීමයි. කාබන් ඩයොක්සයිඩ් වායුව තුලින් යැවීමෙන් පිරිපහදු වන දුඹුරු සීනි සක්‍රිය කල කාබන් (Activated Carbon) කුළුණු හරහා යැවීමේන් සුදු වර්ණය (Decolourisation) ලබා ගැනීමෙන් සුදු සීනි බවට පත්වේ.
සුදු සීනි බොහො කර්මාන්තවලට (උදා: සිසිල් බීම, බේකරි) අමුද්‍රව්‍ය බවට පත්වන අතර ලෝකයේ සීනි නිෂ්පාදනය වැඩිම රට බ්‍රසීලයයි.
ප/ලි:
ලංකාවේ සීනි නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති විටක කලෙක සිට වසා දමා තිබූ හිඟුරාන සීනි කම්හල නව වසරරේදී ආරම්භ කරන බව දැක ගැනීමට ලැබුනා. කෘෂිකර්මය, කීට විද්‍යාව, ඉංජිනේරු ශිල්පය, කළමනාකරණය ආදී විෂය ක්ෂේත්‍ර රැසක ලාංකීය වෘත්තීයවේදීන් එකට එක්ව ආරම්භ කල උත්සාහයට රූගෙන් සුභ පැතුම්. ඒ එක්කම ලිපියට කරණු දුන් එම කම්හලේ නිශ්පාදන කළමණාකාරතුමාට ස්තුතියි.
ප/ප/ලි
කූඹි දුඹුරු සීනි කෑවද සුදු සීනි කෑවද ලැබෙන කැලරි ප්‍රමාණය බොහො දුරට එක සමාන බව සලකන්න.
ආශ්රිත වෙබ් අඩවි:
http://en.wikipedia.org/wiki/Brown_sugar
http://en.wikipedia.org/wiki/Sugar
http://www.sucrose.com/lref.html
![]() |
http://chageen.teamchad.org/images/Ants3.jpg |

http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3c/Sucre_blanc_cassonade_complet_rapadura.jpg/645px-Sucre_blanc_cassonade_complet_rapadura.jpg |
ලංකාවේ සීනි නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති විටක කලෙක සිට වසා දමා තිබූ හිඟුරාන සීනි කම්හල නව වසරරේදී ආරම්භ කරන බව දැක ගැනීමට ලැබුනා. කෘෂිකර්මය, කීට විද්‍යාව, ඉංජිනේරු ශිල්පය, කළමනාකරණය ආදී විෂය ක්ෂේත්‍ර රැසක ලාංකීය වෘත්තීයවේදීන් එකට එක්ව ආරම්භ කල උත්සාහයට රූගෙන් සුභ පැතුම්. ඒ එක්කම ලිපියට කරණු දුන් එම කම්හලේ නිශ්පාදන කළමණාකාරතුමාට ස්තුතියි.
ප/ප/ලි
කූඹි දුඹුරු සීනි කෑවද සුදු සීනි කෑවද ලැබෙන කැලරි ප්‍රමාණය බොහො දුරට එක සමාන බව සලකන්න.
ආශ්රිත වෙබ් අඩවි:
http://en.wikipedia.org/wiki/Brown_sugar
http://en.wikipedia.org/wiki/Sugar
http://www.sucrose.com/lref.html
Sunday, November 27, 2011
60kmphට වැඩියෙන් හැටට හැටේ...
මීට මාසෙකට විතර කලින් දක්ශිණ අධිවේගී මාර්ගයේ ගාල්ලට යන්න අවස්ථාවක් ලැබුනා.(කාලෙකින් ලැබෙන වෘත්තිය වරප්‍රසාදයක් කියල කිව්වොත් හරි). දැන් ඉතින් අධිවේගී මාර්ගය මහජනතාවට පාවිච්චි කරන්න පුළුවන් නිසා අවට සිරි පෙනෙන මේ පිනතූර ඔයාලටත් බලන්න පුළුවන්.
ප/ලි
*සමහර පින්තූර බොඳවෙලා වගේ පෙනෙන්නේ බසයේ යනවිට ගත් නිසා.
* අන්තිම පින්තූරේ මුහුදු තීරය අධිවේගී මාර්ගයේ ගාල්ල හුවමාරුවේදී දක්නට ලැබෙන මුහුදු තීරයයි.
* රූ කොහොමත් මාර්ග විශේෂඥයෙක් නොවන නිසා අධිවේගී මාර්ගය ගැන කිවහැක්කේ එය ලස්සන පරිසරයක සාදා තිබෙන බව පමණි.
ලංකාවේ පළමු අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සැමට ආරක්ශාකාරී ගමනකට සුභ පැතුම්!
Wednesday, November 16, 2011
කමිං...Come In...
පළවෙනි කතාව
මේ සිද්දිය සිද්ද වෙලා තියෙන්නෙ පිටරටක ඉගෙන ගන්න ගිය යාළුවෙකුට (ගෑනු ළමයෙකුට). මෙයාලා කට්ටිය සෙට් වෙලා තවත් ඒ රටේම පිරිමි යාළුවෙක් හම්බවෙන්න එයාගෙ බෝඩිමට ගිහිල්ලා. ගෙවල් කිව්වට ඒවා එක කාමරයක් බාත්රූම් එකක් තියන පොඩි අපාට්මන්ට් ටයිප් ඒකක්. ගෙදර දොර ගාවට ගිහිල්ලා බෙල් එක ගහපුවාම මේ කට්ටියට ඇහිලා තියනවා ඇතුලෙ යාළුවා හයියෙන් කෑ ගහනවා.
ඇතුලට එන්න කියලනෙ කිව්වෙ කියල හිතාන ලොක් කරල නැතිව තිබ්බ දොර ඇරගෙන මේ කට්ටිය ඇතුලට ගිහිල්ලා.
අනේ එතකොට යාළුවා ඉදල කියෙන්නෙ ඇඳුම් මාරුකර කර දොර අරින්න එන ගමන්.කමිං කියල තියෙන්නෙ coming (එනවා) කියන තේරුමෙන්ලු.ඇතුලට ගියපු අයට පොළව පලාගෙන යන්න හිතුනලු...
දෙවෙනි කතාව
මේ සිද්දිය වුනේ දර කපන්නගෙ කතාව කියල දුන්නු බොස්ටයි මට ඩ්‍රයිවින් උගන්නපු බොස්ටයි අල්ලපු රටේ සම්මන්ත්රණයකදි..හැමෝම දන්නවනේ අපේ අසල්වාසී රටේ අයගේ ඉංග්‍රීසි උච්චාරණය ටිකක් අමුතුයි කියලා. සම්මන්ත්‍රණය කරගෙන යද්ද් බොස්ල දෙන්නා මෙහෙම කථා වෙනවලු..
මෙහෙම දෙන්නා ටික වෙලවෙක් හොඳට අහගෙන ඉන්නකොට තමයි මීටර් වෙලා තියෙන්නෙ අරලිය අරලිය කියලා ඇහිලා තියන්නෙ Earlier කියන එකට කියලා.
ප/ලි/
එකම වචනෙ වුනත් වෙනස් විදිහට කියලා තේරුම වෙනස් කරන්න පුළුවන්. වෙනස් ජාතීන් තමන්ට හුරු විදිහට වචන උච්චාරණය කරන නිසා සමහර වෙලාවට අපි මඤ්ඤං වෙනවා. විශේෂයෙන් මැලේසියානු ජාතිකයො ඉංග්‍රිසි කතාකරන කොට හැමවෙලේම ලා කියල අගට එකතු කරනවා
ඕකේ ලා
යූ කැන් ලා
ටිකක් වෙලා යනකෙට තමයි සෙට් වෙන්නෙ මේලා අහන්නෙලා ප්රශ්නයක්ලා කියලා..!!! මැලේසියාවෙ කට්ටියක් එක්ක වැඩ කරපු දවස්වල අපි ඔෆිස් එකෙත් සිංහල කතා කලේ අගට ලා දාලා:)
භාෂාව තේරුම් ගන්න විදිහ අනුව ගොඩක් දේවල්වල තේරුම වෙනස් වෙනවා. පහුගිය මාසෙම වගේ රූ කරපු පැවරුම නාගන්න මූලිකම හේතුවක් වුනේ ඉංග්‍රීසි තේරුම් නොගැනීම.එයාල කියන දේ මට නොතේරීමත් මම කියන දේ ඔවුන්ට නොතේරීමත්. මේ නිසා ව්‍යාපෘතිය කරපු නිරිතදිග ආසියාවෙ රටක මිනිස්සුන්ගෙ අම්මල තාත්තල පවා අපෙන් හොඳටම බැනුම් ඇහුවා මදි නොකියන්න. ඒත් වැඩැක් තියේයැ බනින එකත් තේරෙන්නෑ නෙ..!! දවස් 2-3කින් ඉවර කරන්න තිබුන වැඩේ සති 3-4ක් ගිහිල්ලත් තාම ඉවර නැත්තෙ මේ භාෂා ප්‍රශනේ නිසා.
මේ සිද්දිය සිද්ද වෙලා තියෙන්නෙ පිටරටක ඉගෙන ගන්න ගිය යාළුවෙකුට (ගෑනු ළමයෙකුට). මෙයාලා කට්ටිය සෙට් වෙලා තවත් ඒ රටේම පිරිමි යාළුවෙක් හම්බවෙන්න එයාගෙ බෝඩිමට ගිහිල්ලා. ගෙවල් කිව්වට ඒවා එක කාමරයක් බාත්රූම් එකක් තියන පොඩි අපාට්මන්ට් ටයිප් ඒකක්. ගෙදර දොර ගාවට ගිහිල්ලා බෙල් එක ගහපුවාම මේ කට්ටියට ඇහිලා තියනවා ඇතුලෙ යාළුවා හයියෙන් කෑ ගහනවා.
කවුද ? .(සිංහලෙන් නෙවේ..!!) .ඉතින් ගියපු අය අඳුන්නල දීපුවහම මෙයාලට ඇහුනලු මෙහෙම.
කමිං.
අනේ එතකොට යාළුවා ඉදල කියෙන්නෙ ඇඳුම් මාරුකර කර දොර අරින්න එන ගමන්.කමිං කියල තියෙන්නෙ coming (එනවා) කියන තේරුමෙන්ලු.ඇතුලට ගියපු අයට පොළව පලාගෙන යන්න හිතුනලු...
![]() |
Picture courtesy :http://www.cartoonstock.com/ |
මේ සිද්දිය වුනේ දර කපන්නගෙ කතාව කියල දුන්නු බොස්ටයි මට ඩ්‍රයිවින් උගන්නපු බොස්ටයි අල්ලපු රටේ සම්මන්ත්රණයකදි..හැමෝම දන්නවනේ අපේ අසල්වාසී රටේ අයගේ ඉංග්‍රීසි උච්චාරණය ටිකක් අමුතුයි කියලා. සම්මන්ත්‍රණය කරගෙන යද්ද් බොස්ල දෙන්නා මෙහෙම කථා වෙනවලු..
“මම හිතාන ආවෙ මේක තාක්ෂණික සම්මන්ත්‍රණයකට කියලනේ බලපුවාම තේරෙන්නැති බයොලොජිත් තියනවා වගේ“
“මටත් මීටර් වුනා.මෙයාලා මොනවද මේ අරලිය ගැන නිතරම කියන්නේ.“
“මටත් හිතාගන්න බෑ අරලියත් එක්ක මේ මාතෘකාවට සම්බන්දේ කියලා.“
“පොඩ්ඩක් ඉන්නකෝ ආයෙත් අහලා බලමු.“
ප/ලි/
එකම වචනෙ වුනත් වෙනස් විදිහට කියලා තේරුම වෙනස් කරන්න පුළුවන්. වෙනස් ජාතීන් තමන්ට හුරු විදිහට වචන උච්චාරණය කරන නිසා සමහර වෙලාවට අපි මඤ්ඤං වෙනවා. විශේෂයෙන් මැලේසියානු ජාතිකයො ඉංග්‍රිසි කතාකරන කොට හැමවෙලේම ලා කියල අගට එකතු කරනවා
ඕකේ ලා
යූ කැන් ලා
ටිකක් වෙලා යනකෙට තමයි සෙට් වෙන්නෙ මේලා අහන්නෙලා ප්රශ්නයක්ලා කියලා..!!! මැලේසියාවෙ කට්ටියක් එක්ක වැඩ කරපු දවස්වල අපි ඔෆිස් එකෙත් සිංහල කතා කලේ අගට ලා දාලා:)
භාෂාව තේරුම් ගන්න විදිහ අනුව ගොඩක් දේවල්වල තේරුම වෙනස් වෙනවා. පහුගිය මාසෙම වගේ රූ කරපු පැවරුම නාගන්න මූලිකම හේතුවක් වුනේ ඉංග්‍රීසි තේරුම් නොගැනීම.එයාල කියන දේ මට නොතේරීමත් මම කියන දේ ඔවුන්ට නොතේරීමත්. මේ නිසා ව්‍යාපෘතිය කරපු නිරිතදිග ආසියාවෙ රටක මිනිස්සුන්ගෙ අම්මල තාත්තල පවා අපෙන් හොඳටම බැනුම් ඇහුවා මදි නොකියන්න. ඒත් වැඩැක් තියේයැ බනින එකත් තේරෙන්නෑ නෙ..!! දවස් 2-3කින් ඉවර කරන්න තිබුන වැඩේ සති 3-4ක් ගිහිල්ලත් තාම ඉවර නැත්තෙ මේ භාෂා ප්‍රශනේ නිසා.
Wednesday, November 9, 2011
දර කපන්නාගේ කථාව
ඔන්න එකෝමත් එක කාලෙක හිටියලු දර කපන්නෙක්. ඒ කියන්නේ එයා කැලේට ගිහිල්ලා ගස් කපලා දර හොයාගෙන එනවා. එය සතුටින් සමාදානෙයෙන් ජීවත් වෙද්දි දවසක් එයාට කෝල් එකක් ආවා සම්මුඛ පරීක්ෂනයකට. ලොකු කොම්පැණියක ප්‍රධාන දර කපන්නා වෙන්න තමයි ඉන්ටවීව් එක. දරකපන්නා ඉතින් ගිහිල්ලා බැලුවලු රස්සාව හොඳද කියලා. දීමනාවත් හොඳ නිසා එයා රස්සාවට යන්න තීරණය කලා.
පළවෙනි දවසෙම ගිහින් වැඩ බාරගත්තාම දර කපන්නට ටාගට් එක හම්බ වුනා. පුළුවන් තරම් ගස් කපන්න ඕනි අඩුම ගානෙ දවසට ගස් 50ක් වත් කපන්න ඕනි. ඉතින් ඇග්රිමන්ට් එහෙම අත්සන් කරලා දර කපන්නා වැඩ පටන් ගත්තා එයාගෙ පොරවෙන්. එයා දවසට කපපු ගස් ප්‍රමාණයන් පහත පින්තූරෙන් පෙන්නනවා.
දැන් මැනේජ්මන්ට් එකට ලොකු අවුලක්. මෙච්චර මහන්සි වෙන දරකපන්නාගේ ප්‍රතිඵල නැත්තෙ ඇයි කියලා. දරකපන්නත් දාඩිය පෙරාගෙන ගස් කැපුවත් හැමදාම කපන්න පුළුවන වෙන ගස් ගාන එන්න එන්න අඩුවෙනවා. මානව සම්පත් විශේෂඥයොයි අර විශේෂඥයොයි මේ විශේෂඥයොයි හැමෝම එකතුවෙලා බර සාකච්චාවල් මේ ගැන. අන්තිමට බැරිම තැන හැමෝම දරකපන්නා ගෙනල්ලා ප්‍රශ්න කලා.
“දරකපන්නානෙනි, ඔබගේ කාර්ය සාධනය දිනෙන් දින පහළ යමින් පවතී. එයට හේතුව කුමක්ද? අපේ කොම්පැනියෙන් සිදුවූ අඩුපාඩුවක්ද?“
ප.ලි.
මේ කතාව කිව්වෙ අපේ ලොකු බොස්. අපේ කස්ටමර්ලට සපෝට් කරන ඉංජිනේරුතුමා වැඩ බාරගන්න දවසේ අපි තුන් දෙනා තියපු මීටිමේදි. මේ කතාව කියලා ඉවර වෙලා බොස් කියනවා මම කියකම් ඉන්නෙ නැතිව පොරව මුවහත් කරගන්න තැත්නම් කොච්චර මහන්සි වුනත් ප්‍රතිඵලයක් නැතිවෙයි කියලා. ගොඩක් වෙලාවට අපි දෙන්නා එකට වැඩ කරන්න සෙට් වෙන නිසා අපි මේ කථාව නිතරම මතක් කරනවා.
වෙලාවට පොරව මුවහත් කරගත්තෙ නැති නිසා අපි දෙන්නම පහුගිය මාසෙම කරපු ව්‍යාපෘතිය හොඳටම නාගත්තා. දැන් නම් සිස්ටම් එක 85%ක්ම වැඩ නිසා අවුලක් නෑ. මේ කථාව බ්ලොග් යාළුවොත් එක්ක බෙදාගන්න හිතුවෙ මේ නිසයි.
![]() | |
|

අනේ නැහැ ආයිබොවන්ඩ..මේ වැඩ අස්සේ මට පොරව මුවහත් කරගන්න බැරිවුනානෙව...
මේ කතාව කිව්වෙ අපේ ලොකු බොස්. අපේ කස්ටමර්ලට සපෝට් කරන ඉංජිනේරුතුමා වැඩ බාරගන්න දවසේ අපි තුන් දෙනා තියපු මීටිමේදි. මේ කතාව කියලා ඉවර වෙලා බොස් කියනවා මම කියකම් ඉන්නෙ නැතිව පොරව මුවහත් කරගන්න තැත්නම් කොච්චර මහන්සි වුනත් ප්‍රතිඵලයක් නැතිවෙයි කියලා. ගොඩක් වෙලාවට අපි දෙන්නා එකට වැඩ කරන්න සෙට් වෙන නිසා අපි මේ කථාව නිතරම මතක් කරනවා.
වෙලාවට පොරව මුවහත් කරගත්තෙ නැති නිසා අපි දෙන්නම පහුගිය මාසෙම කරපු ව්‍යාපෘතිය හොඳටම නාගත්තා. දැන් නම් සිස්ටම් එක 85%ක්ම වැඩ නිසා අවුලක් නෑ. මේ කථාව බ්ලොග් යාළුවොත් එක්ක බෙදාගන්න හිතුවෙ මේ නිසයි.
Sunday, October 30, 2011
මේ නියමයන් පරීක්ෂා කර බලා තිබේද..?
මේකත් මම උපුටා ගත්තෙ මට ආපු ඊයකින්...
1. ලොරන්ස්ගේ යාන්ත්‍රික පිළියම් නියමය
සෑම යාන්ත්‍රික දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්‍රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී.
------------------------------------------------------------------------------------------------------

3. කොවෑක්ගේ න්‍යාය
වැරදි නම්බරයක් ඇමතීමේදී කාර්යබහුල නාදය කිසිවිටෙක නොඇසෙයි.

5. ඕ බ්‍රයන්ගේ විචලන නියමය
ඔබ සිටිනා පෝළිම මාරුකලහොත් ඔබ සිටි පෝළිම දැන් සිටිනා පෝළිමට වඩා වේගයෙන් ඉදිරියට යයි.

7. රූබිගේ සමාසද සිද්ධාන්තය
ඔබ දන්නා කිසිවකු මුණ ගැසීමේ සම්භාවිතාව ඔබ කවුරුත් නොදකීවායි පතන අවස්ථාවකදී ඉහල යයි.
------------------------------------------------------------------------------------------------------
------------------------------------------------------------------------------------------------------
9. සැඩ්‍රාගේ ජීවමිති නියමය
කැසීමේ සැරබව අදාල ස්ථානයට අත පෙවීමට ඇති දුරට සමානුපාතික වේ.
------------------------------------------------------------------------------------------------------
------------------------------------------------------------------------------------------------------
11. ඕවන්ගේ නියමය
උනුසුම් කෝපි/තේ කෝප්පයක් රසවිදීමට සැරසෙද්දී එය නිවෙනතුරු කිරීමට ලොක්කා වැඩක් පවරනු ඇත.
------------------------------------------------------------------------------------------------------
------------------------------------------------------------------------------------------------------
![]() |
http://liftright.net/dirtyhands.jpg |
සෑම යාන්ත්‍රික දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්‍රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී.
------------------------------------------------------------------------------------------------------
![]() |
http://us.cdn3.123rf.com |
2. ඇන්තනිගේ කම්මල් නියමය
ආයුධයක් බිම වැටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරළී යයි.
------------------------------------------------------------------------------------------------------
![]() |
http://pinknpurplelizard.com/blog/wp-content/uploads/ |
වැරදි නම්බරයක් ඇමතීමේදී කාර්යබහුල නාදය කිසිවිටෙක නොඇසෙයි.
------------------------------------------------------------------------------------------------------
![]() |
http://www.beadelltours.com.au/images1/flat_tyre.jpg |
4. කැනන්ගේ කර්මවාදය
අද වැඩට වාර්තාකිරීමට පමාවූ හේතුව ලෙස වාහනයේ ටයරයේ හුළං යෑම යැයි කරණු ඉදිරිපත් කළහොත් පසුදින සත්‍යවශයෙන්ම වාහනයේ ටයරයේ සුළං යනු ඇත.
------------------------------------------------------------------------------------------------------
5. ඕ බ්‍රයන්ගේ විචලන නියමය
ඔබ සිටිනා පෝළිම මාරුකලහොත් ඔබ සිටි පෝළිම දැන් සිටිනා පෝළිමට වඩා වේගයෙන් ඉදිරියට යයි.
------------------------------------------------------------------------------------------------------
![]() |
http://solodialogue.files.wordpress.com |
6. බෙල්ගේ නියමය
ඔබ නානකාමරයේ සිටින විට දුරකථනය නාදවීමේ සම්භාවිතාව ඉහල යයි.
------------------------------------------------------------------------------------------------------
![]() |
http://www.cartoonstock.com/lowres/amc0684l.jpg |
ඔබ දන්නා කිසිවකු මුණ ගැසීමේ සම්භාවිතාව ඔබ කවුරුත් නොදකීවායි පතන අවස්ථාවකදී ඉහල යයි.
------------------------------------------------------------------------------------------------------
![]() |
http://austincomputerrepairx.com/wp-content/uploads |
8. විලොබීගේ නියමය
ඔබ මැසිම වැඩ කරන්නේ නැති බව ඔප්පු කිරීමට තැත් කිරීමේදී එය වැඩ කරයි.
------------------------------------------------------------------------------------------------------
![]() |
http://pigjockey.com/wp-content/uploads/2010/03/ |
කැසීමේ සැරබව අදාල ස්ථානයට අත පෙවීමට ඇති දුරට සමානුපාතික වේ.
------------------------------------------------------------------------------------------------------
![]() |
http://thedevilspitchfork.files.wordpress.com/2011/04/seat-2.jpg |
10. බ්‍රෙඩාගේ නීතිය
සෑම අවස්ථාවකදීම බිත්තියට ළඟ අසුන් ගැනීමට නියමිත අය පැමිණෙන්නේ අවසානයටය.
------------------------------------------------------------------------------------------------------
11. ඕවන්ගේ නියමය
![]() |
http://static4.depositphotos.com |
------------------------------------------------------------------------------------------------------
![]() |
http://3.bp.blogspot.com/ |
12. වූලිගේ නියමය
ඔබ බොහෝ රෑ වන තුරු වැඩ කරන කිසිම දවසක ලොක්කා නොසිටින නමුත් ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔහු අනිවාර්යෙයන්ම ළඟ සිටියි.
------------------------------------------------------------------------------------------------------
Friday, October 14, 2011
Techno 2011| තාක්ෂණික හා ඉංජිනේරු ප්‍රදර්ශනය
ඔන්න මේ සැරෙත් Techno 2011 තිබිලත් ඉවර වුනා. හැමදාම වගේ අපිත් ප්‍රදර්ශන කුටියක් දැම්මා. මේ සැරේ අපේ බොස් හිටියේ නැති නිසා දවස් 3ම අදින්න වුනේ මට. හැමදාම රෑ 9ට විතර ගෙදර එද්දි කකුල් දෙකට හොඳ ගණන්. අපරාදෙ කියන්න බෑ මේ ළමයා ඉන්න නිසා අනික් අය පාඩුවේ ප්‍රදර්ශනය පුරා ඇවිද ඇවිද සිත්සේ සතුටු වෙවී හිටියා. ඉවසල ඉවසල බැරිම තැන දෙතුන් දෙනෙක් අල්ලලා අපේ කුටියට තියලා බැදලා මම ගියා අනෙක් කුටි බලන්න.
වැදගත් කියලා දැනෙන ඔක්කොම බලන්න බැරිවුනත් පොඩි කතා ටිකක් හම්බ වුනා ඔයාලත් එක්ක බෙදාගන්න.
මේ තියෙන්නෙ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රදර්ශන කුටියේ තිබූ පොඩි ගැජට් එකක්.මේකෙන් කරන්නෙ ජල නල වල තියන කාන්දු හොයන එක. වැඩිපුරම සද්දෙ ඇහෙන තැන හොයලා වතුර කාන්දුවෙන තැන හරියටම හොයා ගන්න තමයි මේක හොයාගන්නෙ. අපේ ගෙවල්වලත් වතුර කාන්දුවක් තියනවානම් මණ්ඩලේට පොඩි ගානක් ගෙවලා මේ උපකරණය ගෙන්නගෙන හරියටම තැන හොයාගන්න පුළුවන්. මේ තියෙන්නෙ ඒක පාවිච්චි කරන විදිහ පෙන්නන එකක්.
----------------------------------------------------------------------------------------------------------------------------------
ඔයාලත් කැමතිද ගෙදරදිම පොල්තෙල් හදාගන්න. මේ ගැජට් එක තිබුනෙ ජාතික ඉංජිනේරු හා පර්යේෂණ ආයතනයේ (NERD) ප්‍රදර්ශන කුටියේ. මේක පාවිච්චි කරන්නෙ මෙහෙමයි.
-------------------------------------------------------------------------------------------------------------------------------------
මේ තියෙන්නෙ කැළණිය කැම්පස් එකේ කස්ටිය හදපු ඉලෙක්ට්‍රොනික ආර්ද්‍රතාමානයක්. තේ කර්මාන්තශාලාවලට යෝජනා කරපු මේ නිර්මාණය පරිගණකය සමඟ සන්නිවේදනය කරන්නත් සමත්.
----------------------------------------------------------------------------------------------------------
මේ තියෙන්නෙත් අපූරු නිර්මාණයක්. මේ දවස්වල ක්ෂේත්රයේ වැඩිපුර කථා කරන බලශක්තිය ඉතිරි කරන්න හදපු එකක්. මේවා වහලේ හයිකරලා ස්වාභාවික හිරුඑළිය සේවාස්ථානය ඇතුළට ගෙන්න ගන්න පුළුවන්. (වෙළඳ කුටියකින් ගත්ත නිසා මම කුටියේ නම කියන්නෑ)
-------------------------------------------------------------------------------------------------------------
මේ දවස්වල පොල් ගණන් සාපේක්ෂව බැහැලා නිසා පොල් ලෙලි ගහන අයට ආයෝජනය කරන්න පුළුවන් ගැජට් එකකුත් දැක්කා. මේකෙන් පොල් ගෙඩි දවසට 2500-3000ක් දක්වා ලෙලි ගසාගන්න පුළුවන් කියලා දැනගන්න ලැබුනා.

මේ තියෙන්නෙ කොළඹ වරායෙ ජැටිය (හෝව්... පොඩි මොඩල් එකක්)
වරාය අධිකාරියෙ ප්‍රදර්ශන කුටියෙ තමයි මම මේක දැක්කෙ. මේ දවස්වල සිදුවෙන අළුත් වරාය ව්‍යාපෘති දෙකේම ආකෘති තිබුනා.
උඩ තියන පින්තූරේ අළුතින් ඉදිවන හම්බන්තොට වරායේ ආකෘතිය.පහල එක කොළඹ වරාය විශාල කිරීමේ ව්‍යාපෘතිය.
-----------------------------------------------------------------------------------------------------------
ගෙදර තියන ලයිට් සෙට් එක ඒ වෙලාවෙ තියන මූඩ් එක එක්ක ආලෝක ප්‍රමාණය (intensity) වෙනස් කරන්න පුළුවන් විදිහෙ ප්‍රෝග්‍රෑම් එකක් මේ ගැජට් එකේ තියනවා. දැනටත් මේකෙ පාටි මූඩ් එකටයි, රොමැන්ටික් මූඩ් එකටයි ප්‍රෝග්‍රෑම් සෙට් කරලා පොඩි simulaition පාරක් දාලා තිබුනෙ.
(මමත් කල්පනා කලා ඒ අයිඩියා එක හොරකම් කරලා අපි දෙන්නා රණ්ඩුවෙන වෙලාවට ගෙදර බල්බ්ටික නිවි නිවී පත්තුවෙන්න ක්‍රමයක් හදන්න. ඒත් තාම රූ මහත්තයා යෝජනාව අනුමත කලේ නෑ.)
--------------------------------------------------------------------------------------------------
අන්තිමට මේ පින්තූරෙත් බලන්නකො.
මේකත් ගත්තෙ ප්‍රදර්ශනය වෙලාවෙම තමා.
ප/ලි
මාධවත් Techno ගැන ලිපියක් දාලා තියනවා දැක්කා.

Subscribe to:
Posts (Atom)