පළමු කොටසට..
විය නොහැකි යමක් සිදු කිරීමට නම් ඒ ගැන මනා චිත්ත ශක්තියක් තිබිය යුතුය.
1991 දී වරප්‍රසාද් තමන්ගේ සිත තුල ග්‍රහණය කරගත් අදහස ක්‍රියාත්මක කිරීමට පටන් ගනිද්දී
ඉන්දියාව සිටියේ පසුගාමී අවදියකය. නරසිංහ රාඕ ඉන්දියානු ආර්ථිකය විවෘත කලා පමණි. එහෙත්
නුවමනා අටෝරාසියක් නීති රෙගුලාසි, දුප්පත්කම, සම්පත් ඌනතාවය සහ බංකොලොත්බාවය
කරපින්නාගත් ඉන්දියාව කාගේවත් විශ්වාසයට ලක් නොවිනි. එහෙත් උත්සාහවත්
ධෛර්යමයත් මිනිසුන් පිරිසක් අඬගාගත් වරප්‍රසාද් අධි තාක්ෂණික එන්නතක් නිපදවා,විය
නොහැකි ඉන්ද්‍රජාල පණ ගැන්වූයේය. ඉන්දියාව මුළු ජීව තාක්ෂණ ලෝකයම හෙල්ලුවේය. එහෙත්
සියල්ල ඇරඹුනේ වරප්‍රසාද් ගේ කේන්තියත් සමගය.
සැබෑවන සිහිනයක් අභියස |
එහෙත් ඔහු කවදාහෝ ඇල්ප්ස් කඳුවැටිය දුටුවාදැයි කියන්නට මම නොදනිමි. එහෙත්
ඔහු සම්මන්ත්‍රණයේදි දුටු යම් කිසිවක් ඔහුගේ කේනතිය ඇවිස්සීමට සමත්ව තිබූ බව
කියන්නට නම් මම දනිමි. ඉන්දියාවට එන්නත් අවශ්‍යතාව තදින් දැනුනද ඒ සඳහා අවශ්‍ය
ඩොලර් ඔවුන් අත නොවූ බැවින් ඉන්දියානු දොස්තරවරු මෙම සම්මන්ත්‍රණ නොමිලේ හෝ සහන
මිලට එන්නත් ආධාර ඉල්ලීම සඳහා අවස්ථාවක් කොටගෙන තිබුණි. එහෙත් බටහිරයන්ගේ තාඩන
පීඩන කෙනෙහිලිකම් වලින් අඩුවක් නොවිනි. ඔවුන් නිතරම මදි පුංචිකම් වලින් අපව
පාගාගෙන සිටියහ.
“ආ ඔය එන්නෙ දකුණු ආසියාතිකයො හිඟන පාත්තරේ අරගෙන. උන්ගෙ පැටව් ගහන ජනගනයට
බෙහෙත් දීලා කොච්චර කල් අපි මේ බර අදින්නද?“
ඔවුන් මෙසේ පවසද්දී අපට කල හැකිවූ කිසිවක් නොවු බව සහතිකය. ඒත් වරප්‍රසාද්
මේ ගැන බොහෝ කේන්ති ගත්තේය.
“මම මේක වෙනස් කරනවා“. ඔහු සිතුවේ එලෙසය. ඔහුගේ සිහිනය ඉපදුනේ එලෙසය.
අනෙක් තුන්වැනි ලෝකයේ රටවල් බටහිර ජාතින්ගේ මෙවන් කුරිරු වදන් වලට පුරුදු වූහ.කවුරුවත් ඒ පිළිබඳ කනගාටු වූයේ නැත. එහෙත් රැළට පිටින් ආ එක් මිනිසෙක් තම සගයන්ට සලකන ආකාරය ගැන කෝප වූයේය. තමන්ව පහතට හෙලා කතා කිරීම ඔහුට කිසිසේත්ම රිස්සුවේ නැත. විප්ලවකාරී සොයාගැනීම් කරන්නන් සතු එක ගුණාංගයක් වන්නේ සියල්ල පුද්ගලිකව සැලකීමය. එනිසා ඒ ගැන ඔවුන් මොනවා හෝ පියවරක් ගැනීමට පසුබට නොවේ. මේක මේ ක්‍රමේ වැරැද්ද යයි කියා ශේප් වීම ඔවුන්ගේ සිරිත නොවේ. ඔබ ඔබේ ආයතනව ලැන චෝදනා කට කතා ඇසෙන විට කරන්නේ කුමක්ද? හැමදාම චෝදනා කරනවා යැයි කියා උරහිස සොලවීමද නැත්නම් ඒ ගැන කුමක් හෝ කිරීමට තරම් කේන්ති ගැනීමද?
සිහිනයක් ඉපදීමම සැබෑ වීමක් නොවේ.ඒ තුල ජීවත් වීම අනිවාර්ය වේ. ඔහු සිහිනය තිර කර ගත්තේ කෙසේද? අපි ඊළඟ කොටසින් බලමු.
පින්තූර අනුග්‍රහය: http://archives.digitaltoday.in/businesstoday/20010806/feature3.html
පින්තූර අනුග්‍රහය: http://archives.digitaltoday.in/businesstoday/20010806/feature3.html
මරු..
ReplyDeleteටිකක් දිග කොටස් දාන්ඩ බැරිද ? ඔන්න මටත් කේන්ති ගියා හොඳේ..
ඇත්තෙන්ම අපි හැමෝම ඔහු වගේ හිතනවනම් අපිට බටහිරයන්ව අල්ලෙ නටවන එක කජ්ජක් නෙමේ...
මේ කොටස කොට වුනාට සොරි..තාම කියවන් පහසු දිග කොච්චරද කියලා හිතා ගන්න අමාරු වුනා
Deleteම්..ඔයාගෙ කතාව ඇත්ත..ප්‍රශ්නෙ තියෙන්නෙ අපි තාමත් හිතන්න පටන් ගෙන නැති එක..
කුතුහලේ වැඩිකොරන්න කොටස් ටික ටික දානව වගේ නෙ?? කමක් නෑ ඉතිරි කොටසත් ඉක්මනින් දෙන්නකෝ..
ReplyDeleteකුතුහලයත් වැඩි කරන්න ඕන තමා..ඒත් ඊළඟ දවසෙ ඉදන් දිග කොටසක් දාන්නම්..
Deleteගොඩක් දිග වුනොත් නම් කවුරුත් මේක කියවන්නෑ..
අපි හිතන විදියෙයි වරද තියෙන්නේ.. එකට විසඳුම කිව්වත් වගේ මේ රටාවේ වැරැද්ද කියලා මග හරින එක නෙවෙයි. විසඳුමක් හොයන එක. ඉතිරි ටිකත් බලමුකෝ..
ReplyDeleteඒක ඇත්ත...
Deleteඅපි හිතන විදිහ වෙනස් වෙන්න කාලය හරි..
ඇත්ත තමයි, කෙනෙකුට වේදනාව දැනෙන්නේ තමන්ටත් තුවාලයක් වුණ වෙලාවටනේ. බලමුකෝ ඊළඟ කොටස් ටිකත්...
ReplyDeleteගැලපෙන උපමාවක්..
Deleteස්තුතියි ලහිරු..
බටහිර රටවල් දකුණු ආසියාතික රටවල් පිලිබඳව දක්වන ආකල්පය පැහැදිළියි. මේවගේ ඉන්දියානුවෝ නිසා තමයි ඉන්දියාව ආර්ථික අතින් දියුණුවෙලා තියෙන්නෙ.
ReplyDeleteඅපිටත් පුළුවන් ඒ වගේ හැදෙන්න හැබැයි අපේ චින්තනය මුල ඉඳලම වෙනස් කළ යුතුයි.
අපි අපිවත් එකතු වුනොත් අපිට වෙනසක් කල හැකි වේවි නේද?
Deleteස්තුතියි අදහසට...
නියමයි අක්කේ...
ReplyDeleteස්තුතියි මලේ..
Deleteසුරංගනා කතාවට වගේ මේකත් කියවන්න එන්න..
අරහෙම කියද්දි කේන්ති යන එක සාධාරණයි නේ.. තාමත් බටහිරයෝ ආසියාව ගැන හිතන්නේ ඔහොම තමයි ඉතින්..
ReplyDeleteඒක ඇත්ත..සල්ලි තියෙද්දි කවුරුත් දුප්පතාට කොකා පෙන්නනවා..
Deleteමේකනමි බොහොම වටින වැඩක් නගේ,
ReplyDeleteඑක හුස්මට කියවන්න තිබුනානම් තවත් අගෙයි.
ම්..ස්තුතියි
Deleteඑක දිගට කියවන්න නම් ඒකාකාරී වෙයි..
ඒ නිසා දවසට එක පෝස්ටුවක් දාන්නම්..
ඉතුරු ටිකත් ඉක්මනට දාමුකෝ එහෙනම්
ReplyDelete