මේ දවස්වල සරසවි ගැන කියැවෙන කතා යහපත් සෞඛයෙන් තොර නිසා මම කතාවෙ තියන පඳුරු තැලිල්ල විස්තරේ ටිකක් විතර වැඩි කරනවා. සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තවත් පැතිකඩක් බලාගන්න පුළුවන් නිසා.
***
සරසවි ගවේෂකයන්ගෙ වාර්ෂික කඳු කාලසටහනේ වැදගත්ම වැඩසටහන් දෙක තුනක් තියනවා. ඒත් ගවේෂන තරඟාවලිය මේ හැම එකකටම වඩා විෂේශ වෙන්නෙ හේතු කීපයක් නිසා.
වාර්ෂික ගවේෂණ තරඟාවලිය කොයි කාලෙ පටන් ගත්ත එකක්ද කියලා මතක නැති වුනත් මම සරසවියෙ හිටපු අවුරුදු හතරෙම ඒකට සක්‍රියව දායක වෙන්න අවස්ථාව මට ලැබුනා. ගවේෂණ තරඟාවලිය පැවැත්වෙන්නෙ මහනුවර අවට පාසල්වල ඉන්න නංගිලා මල්ලිලාට. බාලක බාලකා තරඟ දෙකක් පැවැත්වෙන්නෙ පරිසර ගවේෂණය හුරු කරවන්න. හැම පාසලකින්ම එන දහ දෙනෙකුගෙන් සමන්විත ගවේෂන කණ්ඩායම් සංවිධායකයො නම් කරන ලද පාරකින් හන්තාන කන්දෙ එක කඳු මුදුනකට ළඟා වෙන්න ඕන. (ඒක හන්තාන කන්දෙ කඳු මුදුන් 7න් එකක් නෙවි. එතනට කියන්නෙ CP2 කියලා. )
ඔවුන් ගවේෂනය කරන හැටි නිරීක්ෂනය කරන්න එයාල යන අතරමග නිරීක්ෂකයොත් ඉන්නවා. අන්තිමට කඳු නැගීම ගැන සාමාන්‍ය දැනුමක් ලබා දීලා (කඹ පාවිච්චිය, ගැට වර්ග, සතුන්,ශාඛ නිරීක්ෂණය වගේ දේවල්) එදා දවස ගැන හැම කණ්ඩායමම වාර්තාවක් ලියන්න ඕන. (වාර්තා ලියන්න පොත් පුටු මේස ලැබෙන්නෑ. ගවේෂනයකදි ලැබෙන පහසුකම් විතරයි. ඕන නම් මනෝ පුටු පාවිච්චි කරන්න පුළුවන්!)
නිරීක්ෂකයො ලබා දුන්න ඇගයීම්, කන්ද තරණය කරන්න ගතවුනු කාලය වගේ හැම දේම පාදක කරගෙන එම වසරේ බාලක හා බාලිකා ගවේෂක ශූරතාව තීරණය කරනු ලබනවා. සහභාගි වුනු හැමෝටම වටිනා සහතිකයකුත් ලැබෙනවා.
මේ වගේ වැඩසටහනක් සංවිධානය කරන එක ලේසි පහසු දෙයක් නෙවි. බොහෝ වෙලාවට මේ සඳහා අවැසි මුදල් හොයාගන්න අපි කරන්න පුළුවන් හැමදේම කරනවා. ඒ එක්කම විශ්ව විද්‍යාලයේ පාඨමාලාවත් හදාරන අතරෙ මේ වගේ දේකටත් මහන්සි වෙන එක කොච්චර අමාරුද කියලා මම නම් අත්දැකීමෙන් දන්නවා. මේ තරඟාවලිය සාමාන්‍යයෙන් පැවැත්වෙන්නෙ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගනයෙ එක පැත්තක. අවට පාසල් වලින් එන 700කට ආසන්න වුනු නංගිලා මල්ලිලා වගේම එයාලගෙ ගුරුවරු හසුරුවන්න ඒකටම හරියන දක්ෂතාවයක් තියෙන්න ඕන. කන්දක් නගිනකොට වෙන අනතුරු වලක්වා ගන්න ප්‍රථමාධාර කණ්ඩායම් සීරුවෙන් තියාගන්න ඕන. ඒ ඇරුනුකොට කන්දට යන පාර ගැන විස්තර ලියලා තියන අත්පත්‍රිකාව වැරදියට කියවලා අතරමං වෙන නංගිලා මල්ලිලාව හොයන්න තවත් කට්ටියක් ඉන්න ඕන.ඒ වගේම 700ක් දෙනාට සහතික ලියන්න. ඇවිල්ලා ඉන්න දෙමව්පියො ගුරුවරුන්ගෙ ඕනෑ එපාකම් බලන්න වගේ එකී මෙකී නොකී දාහක් වැඩ කෙරන්නෙ 80ක් තරම් වූ කණිෂ්ඨ හා ජ්‍යේෂ්ඨ ගවේෂකයො අතින්.
අපි හදපු වැල් පාලමේ පින්තූරයක් නැති වුනත් මේ තියෙන්නෙ ඊට කලින් අවුරුද්දෙ අපි හදපු සමරුව |
මේ අතරෙ සරසවියට පය ගහන මේ අමුත්තන්ව පිළගන්න ගවේෂකයො රෑ නිදි මරාගෙන මොනවහරි සමරුවක් ඉදි කරනවා. මම මේ කතාව කියන සැරේ අපි ඉදිකරේ එල්ලෙන පාළමක්. පිට්ටනිය පැත්තකින් ගලා යන දොළ පාර හරහා අනිත් පැත්තට යන්න පුළුවන් විදිහට අපි එල්ලෙන පාලම හැදුවා. පාලම හදන්න පටන් ගන්න දවස්වලම තමා අපිට ආරංචි වුනේ අනධ්‍යන කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයකට සූදානම් වෙනවා කියලා. එදා බ්‍රහස්පතින්දා දවසක් වුනා වගේම එළඹෙන සෙනසුරාදා ගවේෂන තරඟාවලිය පවත්වන්න අපි ඔක්කොම දේවල් සූදානම් කරලයි තිබුනෙ. වැඩ වර්ජනය නිසා අපිට ඒක කල් දාන්න පුළුවන් කමක් තිබුනෙ නෑ. කොහොමත් අභියෝගයක් වෙලා තිබුන වැඩසටහන මේ තීරණයත් එක්ක කරන්න බැරි තත්වයකටම පත්වුනා.
ඒත් වයසෙ වැරැද්ද නිසාද නැත්නම් කොහොමත් ගවේෂකයො ගාව හැමදාම තිබුනු ධනාත්මක ආකල්පය නිසාද මන්දා සෙනසුරාදා වෙනකොට අපි සරසවියට පැමිණෙන 700කට අධික අමුත්තන් පිළිගන්න ලෑස්ති කරන්න පුළුවන් වුනා.
- තමන්ට පැවරුනු කාර්යය තමන්ගෙ උපරිමයෙන් ඉටු කරන්න,
- ඒ ගැන වගකීම දරන්න
- කරන්න බැරි තරම් වැඩ බාර නොගන්න
- ඒ එක්කම අධීක්ෂනයෙන් තොරව අවසන් ප්‍රථිපලය කරා වැඩ කරන්න
- පැහැදිලි නායකත්වයක මගපෙන්වීම
- සංවිධානාත්මක බව
මේ තියෙන්නෙ 2012 ගවේෂන තරඟාවලියෙ සමාරම්භන අවස්ථාව..පින්තූරෙ සොරාගත්තෙ www.peraexplorers.org |
දවස්ගානක් තිස්සෙ නොයෙක් දුෂ්කරතා ජයගන්න අපිට උදව් කරපු හැමෝටම ස්තුති කරන්න ඉස්සරහට ආවෙ සංගමේ ලේකම්තුමා. මේ වැඩසටහන ආවරණය කරන්න ඇවිල්ලා හිටිය කැමරා අයියත් ෆ්ලෑෂ් ලයිට් එක අල්ලන එයාගෙ සහායකත් එක්ක ස්තුති කතාව පටිගත කරන්න ලෑස්ති වුනා.
ස්තුති කතාව පටන් අරන් විනාඩි පහක් ගතවුනා. දහයක් පහලොවක් ගතවුනා. ඒත් කතාව ඉවර නෑ. පාසල් වලින් ආපු කණ්ඩායම් ටිකෙන් ටික නැගිටලා යන්න පටන් ගත්තා. ගොඩක් දුර යන්න තියන නිසා සභාපතිතුමා එයාලට යන්න අවසර දුන්නා. කැමරා අයියත් කැමරාව අල්ලගෙන ඉන්න අමාරු නිසා කැමරාව බිමින් තියලා ඔටෝ පටිගත වෙන්න දාලා තේ එකක් බොන්න ගියා. පිට්ටනියෙ මැද ඉතුරු වෙලා හිටියෙ ස්තුති කතාව කරන ලේකම් තුමාත් ෆ්ලෑෂ් ලයිට් එක අල්ලපු කැමරා අයියගෙ සහයකයාත් විතරයි. විනාඩි හතලිස්පහකට විතර පස්සෙ කැමරාවෙ ෆ්ලෑෂ් ලයිට් එක නිවිලා ගියා. එතකොටම අපිට ඇහුනා
“නම් වශයෙන් නොකීවත් අපිට මේ වැඩසටහන සාර්ථක කරගන්න උදව් වුනු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඔබ සැමට සුභ සන්ධ්‍යාවක්“ කියලා ලේකම්තුමා ස්තුති කතාව ඉවර කරනවා.
එච්චර කාලෙකට අපි හැමෝම අහපු දිගම ස්තුති කතාව ඉවර කරලා ලේකම් තුමා ආපහු එද්දි අපි ඇහුවා මෙච්චර ස්තුති කරන්න හිටියෙ කවුද කියලා.
“උඹලට පිස්සුද ? අරූ ෆ්ලෑෂ් ලයිට් එක නිවන්නෑනෙ. මම හිතුවෙ තාම රෙකෝඩ් කරන නිසා කතාව නවත්තන එක හරි නෑ කියලා. මම හිතන්නෙ උපකුලපති තුමාට විතරක් මම හතර පස් සැරයක්ම ස්තුති කලා..!!“
ප/ලි,
එදා දවස තුල සිද්ධ වුන දේවල් එකතු කරලා හදපු වීඩියෝ සීඩී එක තාමත් මා ගාව තියනවා. ඒ සීඩී එකෙන් බාගයක්ම තියෙන්නෙ මේ ස්තුති කතාව!!
ගවේෂක සංගමේ වෙබ් අඩවිය: www. peraexplorers.org
ෆ්ලෑශ් ලයිට් අල්ලගෙන හිටපු කෙනා සහ සහායකයාට මහන්සි නිසා ඒක ඔෆ් කරලද ? අපොයි..ෆ්ලෑස් ලයිටුත් කොහේ හරි හයි කරලා තියලා ඒ ඩබලත් ගියා නම් එහෙම ස්තූති කතාව තව පැය දෙක තුනක් යන්නත් තිබ්බා..
ReplyDeleteඑහෙම නම් අපි තාමත් එතන..!!මනුස්සයා එහෙම කතා නවත්තන කෙනෙක් නම් නෙවි..
Deleteතව පින්තූර ටිකක් දැම්මා නම් අක්කේ සුපිරියි :)
ReplyDeleteවෙබ් එකේ තියනවා මලේ..ගිහිල්ලා බලන්න..ඒ එක්කම මූනු පොතේ ගෘප් එකටත් එකතු වෙන්න පුළුවන්..
Deleteඑදා දවසේ පින්තූර ගොඩක් මා ගාව තිවුනා ඒත් ඒවා අම්මලාගේ ගෙදර..
අනේ පවු අප්පා කථිකයා. තමන් ගැනම ආත්ම අනුකම්පාවක් එන්න ඇති.
ReplyDeleteඅයියෝ අවාසනාවකට මනුස්සයා පස්සෙ කාලෙක මේ සිද්ධිය මාකටින් කරන්නත් පටන් ගත්තා කොච්චර වෙලා කතා කරන්න පුළුවන්ද කියලා කියන්න..
Deleteඅපිත් ඔය වගේම වැල් පාලමක් හැදුවා ජූනියර් බැච් එක බකට් කරන්න. මට ඒක මතක් වුණා... මේවා මිලට ගන්න බැරි අපූරු මතකයන් තමයි!
ReplyDeleteඒක ඇත්ත ලහිරු..ඒ මතකයන් අමිලයි තමා...
Deleteවැල් පාලම හදන්න ගෑල්ලමයි නම් මහන්සි වුනේ නෑ..වදයක් වුනා මිසක්..අපි හැමදාම එතනට ගිහින් ඕපාදූප කියව කියව ලියන කියන වැඩ තමයි කලේ..ඒ කාලෙ නම් හරිම සුන්දරයි..
පව් අනේ එයා.! ඔයාල හිනා උනාට මත නං හලී දුකයි අප්පා. ජය...!
ReplyDeleteමේ ඔයා ඉන්නේ මෙහෙද..? මම කල්පනා කොරැව්වේ මට මග ඇරුනේ කොහොමද කියලා. අවුලක් නෑ, අද අල්ල ගත්තනේ..
වොව් වොව් අනේ මම ඉන්නෙ මෙහේ..:D
Deleteඅපි එයැයිට හිනා වුනා කියලා මම කියලා තියනවද? ඔයාත් හිනාවෙන්න එපා..:))
අපුරු මතකක්... තව පින්තූර ටිකක් දාමුකෝ අක්කේ.. අඩුගානේ වීඩියෝ එකවත් දාමු..
ReplyDeleteවීඩියෝ එක දැම්මාම මඩ එළිවෙනවනේ මල්ලි..;)
Deleteමේක වුන අවුරුද්ද දැම්මෙ නැත්තෙත් ඒකයි..
අහෝ දුකකි !.. පවු අසරණයා..
ReplyDeleteමේක අසරණයට වුනු දෙයක් නෙවි සෙන්නා..;)
Deleteමේක නිකං බාලදක්ෂ ජම්බෝරියක් වගේ වැඩක්නේ. මේවගේ වැඩසටහන් වලින් ලමයින්ගේ දැනුම, ආකල්ප, සහ කුසලතා වර්ධනය කිරීමකුත් සිද්ධවෙනවා නේද? ආ.. මදැයි ස්තූති කතාවක් ගියපු දුර. වෙලාවට ඒක නිවුනෙ නැත්නම් තවමත් කතාව යනවා
ReplyDeleteඔව්..අපේ බලාපොරොත්තුවත් පරිසරයට ආදරය කරන මනා පෞරුෂයකින් යුතු බාල පරපුරක් බිහිකරන්න පුළුවන් දායකත්වය දෙන්න..මේ වැඩසටහන සංවිධානය කරන්නෙ අවුරුදු 21-26 අතර සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවො කියන එකත් අමතක කරන්න නරකයි..
Deleteකතාව නැවතුනේ නැත්නම් තාමත් අපි එතන...:D
මොනවා උනත් දක්ෂ කථිකයෙක් කියන එක නම් අවිවාදයෙන් පිළිගන්න වෙනවා අක්කේ.....
ReplyDeleteමම ආසාවෙන් බලන කාටුන් එකකත් තිබුනා මෙහෙම කඳු නගින කේස් එකක්(NARUTO).වැස්සේ තෙමි තෙමි සිතියම් දිහා බලාගෙන කූඩාරම් අටව අටව ඒ විදියට කන්දක් නගින්න මටත් මාරම ආසාවක් තියෙන්නේ තාමත්... ඕක මහනුවර කස්ටියට විතරද???
//මේ දවස්වල සරසවි ගැන කියැවෙන කතා යහපත් සෞඛයෙන් තොර නිසා//
මේක ගැන කියන්න තියෙන්නේ ඉතිං සරසවිය නැමැති කිරි කලයට එක්වන දේශපාලනය නැමැති එක ගොම බිංදුවක් නිසා වෙච්චි වැඩක් කියලා.පේරාදෙණියේ ඉන්න මගෙ යාළුවො නම් කියන්නේ එහෙමයි
දක්ෂ කථිකයෙක් බවට නම් සැකයක් නෑ මල්ලි..
Deleteකොච්චර දක්ෂද කියනවා නම් ඊට පස්සෙ තිබුන එක වැඩසටහනකදිවත් අපි වීඩියෝ කරන්න ෆ්ලෑෂ් ලයිට් පාවිච්චි කලේ නෑ..අඩුම ගානෙ ස්තුති කතාවෙදි වත්...!!
මේ වගේ කැලෑ පත්තර ප්‍රසිද්ධ වෙන්නෙ මේ වගේ වැඩසටහන් වලට තියන ප්‍රචාරය මදි නිසා..මේ වගේ වැඩසටහනක් ආවරණය කරන්න මාධ්‍යට එන්න කියලා කොච්චර කෝල් කරත් වැඩක් නෑ..ඒත් රණ්ඩුවක් පටිගත කරන්න නම් අසුරු සැනින් එයාලා එතන..!!
මේක අක්කා රැකියාවට කරන දෙයක්ද? නැත්නම් විනෝදාංශයක්ද?
ReplyDeleteමටත් කන්දක් නගින්න තිබුනානම් කියලා හිතුනා..
මේක විනෝදාංශයක් විදිහට විශ්ව විද්‍යාලයේදි කරපු දෙයක් හරී..
Deleteකඳු නගින සංගම් නම් ගොඩක් තියනවා..ඔයාට ඔන්න නම් nadegura.com සෙට් එකත් එක්ක එකතු වෙන්න පුළුවන් වේවි..
ලස්සනයි.
ReplyDeleteමරු අෆ්පා මාත් ආසයි. තනියම කරන්න බැරි දේවල්නේ :(
ඒක නම් ඇත්ත සෑම්..
Deleteතනියම කරන්න පුළුවන් දේත් කට්ටිය එකතු වෙලා කරද්දි ජොලි..
එන්ට පමා උනා රූ. මම ගෙදර නෑ මේ දවස්වල.
ReplyDeleteකඳු නගින්ට මමත් ආසයි. නියම ස්තූති කතාවක්. තාම හිනා යනවා කතාවට. :D
ම්..ඔයත් කඳු නැගපු හැටි ලියන්නකෝ..
Deleteඅපි තාමත් එයැයිට හිනාවෙනවා කරපු කතාවට..බේරෙන්න බෑ මොකද අපි ගාව සාක්ෂි තියනවනේ..:D
පුදුම ස්තුති කතාවක් නේ !!!
ReplyDeleteකම්පස් එක, පින්තූරෙකින් හරි දකින්න ආසයි. නිවාඩු වෙලාවක ගිහින් එන්න ඕන !!!!
ම්..අවුට් වෙලා ගොඩක් කල් ගිහිල්ලත් තාම පින්තූර දැක්කාම සතුටු හිතෙනවා මල්ලි..
Deleteස්තුති කතාව තම නියමම සිද්දිය. මමත් පරිසර භට කණ්ඩායමේ හිටියා එකෙත් මේ වගේ කෑම්ප් ගහගෙන දවස් 3 විතර හිටියා.
ReplyDeleteමේක නම් එක දවසෙ වැඩක්..
Deleteඒ වගේ ස්තුති කතාවක් අහන්න වටිනවා අසර්..
සුන්දර මතකයක්...වැල් පාලමේ සමරුව හරිම ලස්සනයි...ඊටත් වඩා ස්තුති කතාව තිබිලා තියන හැටි තමයි නියම....
ReplyDeleteම්..අපි ඒක හදන්න මහන්සි වුන තරමක්..!!
Deleteඒ මතකයන් අදටත් සුන්දරයි..
මාර කේස් එක... ස්තූති කතාව නවතන්න ඉඳලා තියෙන්නේ ලයිට් එක නිවුවම...! ඉතිං කලින් ඒක කතා කරගන්න එපැයි...
ReplyDeleteහදිසියට ඕවා කොහෙද මලේ මතක තියෙන්නෙ..කැමරා අයියා කලේ තැනින් තැනට පැන පැන අපි කරන දේවල් මතක තියාගත්ත එක තමා..
Deleteහිහි...ඒකනම් මරු කතාව. ලේකම් තුමා ලයිට් එක නිවනකන් බලාගෙන ඉඳල නේ.
ReplyDeleteහැබැයි ඔහොම ඇද ඇද කතා කරන එකත් හොඳ හැකියාවක්...
ඉලාස්ටික් කතා වලටත් හොඳ හැකියාවක් තියෙන්න ඕන තමා සයු..ඒක ඇත්ත..
Deleteඅපොයි ඒතරම් දිග ස්තූති කථාවක්...වෙලාවට ලයිට් නිව්නෙ නැත්තම් ලෝකෙන්ම දිගම ස්තූති කථාවේ නිර්මාතෘ වෙනවා...
ReplyDeleteඒක නම් ඇත්ත..දන්නවා නම් ගිනස් පොතට දාගන්න ට්‍රයි කරන්න තිබුනා තමා..
Deleteඅපොයි දෙයියනේ සම්මානයක් දෙන්න වටිනවා එච්චර වෙලා කතා කලාට..
ReplyDeleteඅපිටත් තෑග්ගක් දෙන්න වටිනවා එයා කතා කරලා ඉවරවෙනකම් පිට්ටනියට වෙලා හිටියට..
Deleteනංගි, ඔයාගෙ බ්ලොග් සටහන් දැක්කෙ අහම්බෙන්. ඔන්න මාත් එකතු උනා. ලයිට් අල්ලපු කෙනා නිසා හරිම දක්ෂ කතිකයෙක් බිහි වෙන්න ඇති.
ReplyDeleteස්තුතියි අක්කෙ මේ පැත්තෙ ආවාට..සාදරයෙන් පිළිගන්නවා..
Deleteබුද්ධිමතුන් පිටුපස පේලිවලින් බිහිවෙනවා වගේ කථිකයෝ බිහිවෙන්නෙ ෆ්ලෑෂ් ලයිට් වලින් කියලා කියන්න පුළුවන් වෙයි නේද?
ලක්සන කථාවක් වගේම අතීතයක්....
ReplyDeleteඇත්තටම...
Deleteඒ අතීතය නම් හරිම සුන්දරයි..
niyamai niyamaii!! kawuda appa e lekam thumaa??
ReplyDeleteඔයා දන්න කෙනෙක් වෙන්න බෑ චලිත..ඔයාලට වඩා ගොඩක් සීනියර්..
Deleteඔච්චරවෙලා මොනවදකතාකලේ?අනික වටේපිටේ අයගේ මුනුවලින් පෙනුනෙනැද්ද අප්පා...
ReplyDeleteඔයාගෙ ප්‍රශ්නෙ සාධාරණයි..
Deleteෆ්ලෑෂ් ලයිට් එක මූණටම අල්ලලා නිසා එයාට අනිත් අය ඉන්නවද කියලාවත් පේන්නෑ..
ඒකයි මේච්චර මේ කතාව දික් වෙන්න හේතුව..
අනේ මමනම් ගිහිල්ලම නැත්තේ ඔය කඳු නගින්න තමයි :(
ReplyDeleteකඳු නගින්න බැරිවුනත් පුළු පුළුවන් වෙලාවට ලංකාවෙ ලස්සන තැන් බලන්න යන්න නගේ..
Deleteඔය වගේ දේවල් වෙද්දී මට කියවෙන්නේ අයියෝ සල්ලි කියලා. හැබැයි සමහර විට මීට පස්සේ ඒක, අයියෝ ස්තුති කතාව කියලා වෙනස් වෙන්නත් බැරි නෑ..
ReplyDeleteමනෝ පුටුවේ වාඩි වෙලා සටහන් ලියලා හොඳ පුරුද්දක් තියෙනවා වගේ නේ අක්කාට!! :P
ජය වේවා!!
:D
Deleteඅයියෝ ස්තුති කතාව!!
මනෝ පුටුවෙ ප්‍රයෝජන අපි හැමෝම දන්නවනේ..;)
හෙහ් හෙහ්, පට්ටයි!
ReplyDeleteඑයාට නම් සාධාරණ හේතුවක් තිබිලනෙ කතාව කරගෙන යන්න. මේ අනිත් උන් ඔහොම පැය ගනන් කතාකරන්නෙ ඇයි දන්නෙ නෑ නේද රූ?
henryblogwalker the Dude
මමත් ඕක හිතලා තියනවා ඒත් තාම සාර්ථක උත්තරයක් හම්බවුනේ නෑ..
Deleteඅහන්න කට්ටිය නැත්තම් මොකටද දිගටම කතා කරන්නෙ?
මානසික රෝගයක් වෙන්නෝනැ..!!
හෆෝයි...අපි එහෙම කතාව යන ලග පාතක ඔච්චර වෙලා හිටියනම් මොනාගෙන් මොනා වෙයිද දන්නේ නෑ... හික්ස්...කොහොම වුනත් ෆ්ලෑෂ් ලයිට් දාලා තියෙන තැන්වල වැඩිපුර කතා කරන අය ඉන්නවානම් ශේප් එකේ ලයිට් එක ඔෆ් කරන්න තමා තියෙන්නේ...:)
ReplyDeleteඔයාගෙ අදහසත් නරක නෑ..ඇත්තම කියනවා නම් අපි ඔය කතාව අහගෙන හිටියා ..ටික වෙලාවක් ගිහාම අපි අපේ කතාවල් පටන් ගත්ත නිසා ඒක ඇහෙන්නැතුව ගියා..
Deleteස්තුතියි මේ පැත්තෙ ආවාට..