එක්තර කඩ කාරයෙක් තමංගෙ පුතාව ලෝකෙ ඉන්න ඥාණවන්තම මිනිහා ළඟට යැව්වා සතුටේ රහස දැනගෙන එන්නයි කියලා. කාන්තාරය හරහා දවස් හතලිහක් තිස්සේ ඇවිදං ගිය ළමයා අන්තිමේදි කඳු ගැටයක් මුදුනේ ඉදිකරලා තිබුණ අලංකාර මාළිගාවක් ළඟට ආවා. අන්න ඒකේ තමයි ලෝකෙ හිටපු ඥාණවන්තම මිනිහා ජීවත් වුණේ.
ශාන්තුවර මනුස්සයෙන් හමුවීම කොහොම වුනත් අපේ වීරයා මාළිගාවේ ප්‍රධාන කාමරයට ඇතුල් වෙනකොටම දැක්කා මහ කඩිසර කමක ගිලුණ වටපිටාවක්. වෙළෙන්දො ඇතුළට යනවා එනවා. මුළු මුළු වල මිනිස්සු කතා බහේ පැටලිලා ඉන්නවා. ඒ වගේම කුඩා සංගීත කණ්ඩායමක් බොහෝම ළයාන්විත වාදනේක යෙදිලා. ඒ විතරක් නෙවෙයි ඒ පළාතෙ තියෙන රසවත්ම කෑම බීම පිරුණ පිඟන් වලින් වැහිලා ගිය මේසෙකුත් එතන තිබුනා.
මේ අතරෙ ලෝකෙ ඉන්න ඥාණවන්තම මිනිහා එතන උන්න හැමෝම එක්ක කතාබස් කළා. ඉතිං අපේ යාලුවට සිද්ද වුනා ඔහුගේ අවධානය ලබාගන්න හරියටම පැය දෙකක් තිස්සේ බලා ඉන්න.
ළමයා මෙහාට ආපු කාරණාව බොහොම සාවධානව අහං හිටිය ඥාණවන්තම මිනිහා කිව්වා එයාට දැන්නම් ඔය සතුටේ රහස ගැන කීයා දෙන්න වෙලාවක් නැතිය කියලා. ඒ නිසා එයා ළමයාට කිව්වා මාළිගාව ඇතුලෙ ඇවිදලා විස්තර බලා කියාගෙන දෙපැයකින් ආපසු එන්න කියලා.

![]() |
http://www.foodpictures.org/ |
හැබැයි එහෙම ඇවිදින ගමන් ඔයා පොඩි වැඩක් කරන්නත් ඕනෑ. තෙල් බිංදු දෙකක් දාපු හැන්දක් ළමයගේ අතට දෙන ගමන් ඥාණවන්ත මිනිහා කිව්වා. ඇවිදින අතරේ ඔයා මේ හැන්දත් අතේ තියාගන්න ඕනෑ. හැබැයි තෙල් බිංදුවක්වත් බිම වැටෙන්න දෙන්න බෑ.
ඔන්න ඉතින් මේ විදිහට ළමයා තෙල් හැන්ද දිහා බලාගෙනම මාළිගාව ඇතුලෙ තිබ්බ හැම පඩිපෙළකින්ම නැග නැග බැහැ බැහැ ගියා. දෙපැයක්ම ගෙවුනාම එයා ආයිත් ආවා ඥාණවන්ක මිනිහා හිටපු කාමරේට.
“හරිම අපූරුයි නොවැ.“ ඥාණවන්නත මිනිහා කිව්වා.
“මගේ කෑම කාමරේ එල්ලල තියන අර පර්සියානු බිත්ති සැරසිලි ටික දැක්කද? උද්‍යාන ශිල්පියෙකුට හදන්න විතරක් දහ අවුරුද්දක් ගතවෙච්ච මගේ උද්‍යානෙ දැක්කද? මගේ පුස්තකාලෙ තිබ්බ කදිම කඩදාසි හෙම දැක්කද?“
අපහසුවට පත් ළමයා තමා මේ කිසිම දෙයක් නොදුටු බව හෙළිදරව් කළේය. ඔහුගේ සම්පූර්ණ අවධානය යොමුව තිබුනේ ඥාණවන්ත මිනිසා විසින් විශ්වාසයෙන් භාරදෙන ලද හැන්දේ තිබූ තෙල් බිංදු දෙක ඉහිරෙන්නට නොදී රැක ගැනීම කෙරෙහිය.
“හොඳයි,දැන් එහෙනම් ආපහු ගිහින් මගේ ලෝකයේ තියන ආශ්චර්යයන් දැක බලාගෙන එන්න.“
ඥාණවන්ත මිනිසා කිව්වා.
“මිනිහෙකුගේ ගේ දොර ගැන දන්නෙ නැත්නම් ඔයාට බෑ ඒ වගේ කෙනෙක් ගැන විශ්වාසය තියන්න.“
ඥාණවන්ත මිනිහගේ කතාවෙන් සැනසීමට පත්වුන ළමයා දෙවැනි වතාවෙදි හැන්දත් අතේ තියානම බිත්තිවල තිබුණ ලස්සන චිත්‍ර දිහා බල බලා මාළිගාව පුරා ඇවිද්දා. උද්‍යාන වටේට තියෙන කඳු,මල් අලංකාරය මේ හැමදේම දැක බලාගත්ත ළමයා ඒවා තේරීමට සමත්වූ රසිකත්වය ගැන පුදුම වුනා. අන්තිමේදි ආපහු ඥාණවන්ත මිනිහා ළඟට ආව ළමයා තමුන් දැකපු හැමදේම විස්තර කරලා කිව්වා.
“එත් කෝ මං අර ඔයාට පරිස්සම් කරගන්නය කියලා දුන්න තෙල් බිංදු දෙක?“ ඥාණවන්ත මිනිහා ඇහුවා.
හැන්ද දිහා එතකොට බලපුවාමයි ළමයා දැක්කෙ තෙල් ටික ඉහිරිලා ගිහින්ය කියන එක.
“බොහොම හොඳයි. මට ඔයාට දෙන්න තියෙන්නෙ එකම එක අවවාදයක් විතරයි.“
ඥාණවන්තයින් අතර ඥාණවන්තයෙක් වුණ ඒ මිනිසා කිව්වා.
(අද පුස්තකාව උපුටා ගත්තෙ චූලානන්ද සමරනායක විසින් පරිවර්තනය කල විදර්ශන ප්‍රකාශන ප්‍රකාශයට පත් කල පවුලො කොයියෝ විසින් රචිත ද ඇල්කෙමිස්ට් කෘතියේ සිංහල පරිවර්තනය “සන්තියාගේ නම් සැරිසරන්නා“ පොතේ 37-40 පිටුවලින්)
2012/04/19
පවුලො කොයියෝගේ බ්ලොග් අඩවියේ අද මෙසේ පළවී තිබුනා.

“සතුටේ රහස කියන්නෙ වෙන මොකවත් නෙවෙයි. තමුං අතේ තියන තෙල් බිංදු ඉහිරවා ගන්නෙ නැතිව ලෝකෙ තියන අසිරිය බලාගන්න එකටයි. “

ආදර්ශයට ගත්තා..
ReplyDeleteතෙලුත් දන් ගණන් නේද?
--
හරී
http://dreamsofharee.blogspot.com/
--
ඒකනේ කියන්නේ..තෙල් ටික පරිස්සං කරගන්න කියලා..
Deleteස්තුතියි මේ පැත්තේ ආවාට
හරි අපූරු උපුටාගැනීමක්. මේ කතාව තුළ ඉගන ගන්න තියෙන දේ බොහෝමයි. අවට විසිතුරු දැක විඳිගැනීමත්, තමා සතුදේ ආරක්ෂා කර ගැනීමටත් කියාදෙන හොද කතාවක්.
ReplyDeleteඇත්තටම..
Deleteරස්සාවට ලංකාව පුරා සැරිසරන්න අවස්ථාව ලැබිලත් සමහර ලස්සන තැන්වල අසිරිය විඳගන්න ඉඩ හසරක් නොලැබුනු එක මතක් වෙලයි මේ කතාව ලිව්වෙ..
හැබැයි ඉතින් දෙකම එකට කරන්ට බෑ නේද? :D
ReplyDeleteඅමාරුයි තමයි..ඒකනෙ සතුට රැක ගන්න අමාරු වෙන්නෙ..:D
Deleteතෙල් ගණන් නේ අප්ප ඒක නිසා කොහොමත් ඒක ඉහිරෙන්නේ නැහැ...අවට විසිතුරු නම් කොකොමත් බලනවානේ හෙහ් හෙහ්
ReplyDeleteඅනේ මන්දා මේ වගේ ළමයින්ටත් කියවන්න මමත් දත කාගෙන පෝස්ටුවක් ලිව්වනේ..
Deleteමටම ගහගන්න හිතෙනවා..
හික්ස් ස්තුතියි පුබුදුවා මේ පැත්තෙ ආවාට..
අපි හොද ලමයින් වෙමු
Deleteඅපි නොදන්න චෙස්..නෑ..නෑ.. පුබුදුවා කිව්වලු..මම නම් අයියගෙ පෝස්ටුව කියෙව්වා..
Deleteකරන්න පුලුවං වෙයිද ඔය දෙකම එකට ???
ReplyDeleteගොඩක් අමාරුයි ඕනයා..ඒත් අපි උත්සාහ කරොත් බැරි නෑ....
Deleteඒත් ගොඩක් වෙලාවට තෙල් බිංදුව බලාගන්න ගිහින් ලෝකයක් තියනවද කියලත් අමතක වෙනවා..
කාලෝචිතයි නොවැ.. තෙල් ගණන් කාලේ..
ReplyDeleteඒක ඇත්ත..තවත් ගණං යයි නොවැ ඉස්සරහට
Deleteආදර්ශමත් කතාවක්... අපූරුයි... ඔයත් ලියන්න මේ වගේ කතා...
ReplyDeleteතැන්කූ නගේ..මෙහෙම කතා ලියන්න උත්සාහ කරන්න නම් තෙල් හැන්ද අතේ තියන් ඇවිදින් නැතුව ඉදින්න වෙයි..හික්ස්..
Deleteහැන්ද තියලා සිරි නරඹලා ඊට පස්සේ හැන්ද අරගෙන යන්න බැරිවෙයිද දන්නෑ....
ReplyDeleteට්‍රයි කරලා බලන්නකෝ..බැරිවෙන එකක් නෑ..
Deleteතෙල් ටික සුරයකට දාගත්තා නම් ඉවරයි නෙව.
ReplyDeleteමාත් මේ කතාව ආදර්සෙට ගත්තා ඕං
එහෙනම්..මල්ලි හොඳටම ආදර්ශෙ හිතට අරන් නොවැ..
Deleteමල්ලිගෙ මොලේ තමා දවසකට වත් මොලේ..පව්ලෝ කොයියෝ මසුරං ඔබාවි කටේ..
This comment has been removed by a blog administrator.
ReplyDeleteගෙදර ඉස්සරහා බල්ලෙක් ජරා කලාම එහෙමම තියන සිරිතක් නැති නිසා මම හෝදලා දැම්මා ඔන්න..
Deleteපව් අප්පා ඒකා ඕක දිහා සැරින් සැරේ බලල උගෙ වීර ක්‍රියාව ගැන කොයි තරං සන්තෝෂ වෙන්න ඇද්ද ? ඔයා උගෙ සතුට විනාස කරල කාලකන්නි සතුටක් ලැබුව එක කොයි තරං වැරදිද ?
Deleteඅපොයි..ඒක තමා..වස වැරැද්ද..!!
Deleteඅපූරු ඔවදනක් අක්කේ..
ReplyDeleteඒක ඇත්ත මලේ..ගොඩක් දේවල් හිතන්න ඉතුරු කරපු කතාවක්
Deleteශ....කථාව කියවල ඉවර වෙලා, කොමෙන්ට් බලන කොට තෙල් ටික හැලුනනේ එකපාටටම, ඇනෝ කොමෙන්ට් එක දැකල තිගැස්සුන පාර :-)
ReplyDeleteහික්ස් අයියෝ අපරාදෙ..ඇනෝලව ඔච්චර සීරියස් ගන්න නරකයි..
Deleteකොහොම වුනත් අළුත් තෙල් ටිකක් අරගෙන ආයෙත් රත්තරං ආකරයක් බලන්න ගියොත් නරකද?
“සතුටේ රහස කියන්නෙ වෙන මොකවත් නෙවෙයි. තමුං අතේ තියන තෙල් බිංදු ඉහිරවා ගන්නෙ නැතිව ලෝකෙ තියන අසිරිය බලාගන්න එකටයි. “
ReplyDeleteමට නං මේක එච්චර දිරවන්නැ. මං හිතන්නෙ හොඳම විදිහ තෙල් හැන්ද පැත්තකින් තියලා ලොකෙ අසිරිය බලලා නැවත තෙල් හැන්ද අරගන්න එක. අසිරිය බලන්න වෙනම වෙලාවක් තියාගන්නවා. එතකොට හරිනෙ. දෙකම එකට කරන්න ගියාම එකකවත් හරියට කරගන්න බෑනේ....
මේ කතාව එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස් බුද්ධි,
Deleteමම මේ ගැන හිතුවෙ තෙල් බිංදුව කියන්නෙ අපිට ජීවත් වෙන්න තියන ජීවනෝපාය හැටියට..එහෙම බැලුවොත් මට නම් හැන්ද බිම තියලා ජීවත් වෙන්න අමාරු වෙයි..
ඔයත් හිතලා බලන්නකෝ..
දෙකම එක පාර කරන එක තමා අමාරු නේද???
ReplyDeleteඒක ඇත්ත නිසූ...
Deleteඅපි හැමතිස්සෙම සතුටෙන් නැත්තෙත් මේ හේතුව නිසා වෙන්න ඇති..
මේ කරන දේ නම් නියමයි අක්කේ....
ReplyDeleteතැන්කූ මලේ..මේ පොත් හොයාගෙන කියවන්න උදව්වක් වෙයි කියලා හිතනවා..
Deleteඉස්සර නම් කැම්පස් එකේදි අළුතෙන් එන උන් ට තෙල් ගහන්නේ බවුසර් පිටින්, හැලිලා ඔහේ අපතේ යනවා... අර තෙල් ටික ඔලුවට දාගෙන වටපිට බලබල ගියානම් ඉවරයිනේ! නියම කතාවක් අක්කේ!
ReplyDeleteඒක සැබැයි..මොනවා කියන්නද මේවට..මේ කස්ටිය ඔක්කොම හොයන්නෙ තෙල් ටික ළඟ තියාගන්න විදියක්..
Delete"සන්තුෂ්ඨි පරමං ධනං" කීවේ නිකං යෑ නේද රූ නෝනේ...?
ReplyDeleteඉතින් ඒ වගේ ලොකු ධනයක් ලේසියෙන් ලැබෙන්නෙ නෑ නෙව...
මේ ඩිංගටත් හැන්ද පැත්තකින් තියල පින්තූර බලන්න, තෙල් සුරවලට දාගන්න, වාගේ කෙටි ක්‍රම හොයන හැටියක් අම්මපල්ල :-)...
ඔය කෙටි ක්‍රම වලට ලස්සන බලන්න ගිය අපේ අයට නවාතැන් කිහිපයක් තියේ.. එකක් බෝගම්බර...
වැඩ කරලා හති වැටුනු හැම වෙලාවෙම මහන්සිය නිවා ගන්නෙ මේ කතාවෙන්..
Deleteඅපි එක එක්කෙනාට මේ කතාව දැනෙන විදිහ වෙනස් තිස්ස..
කොහොම වුනත් ඔබ කියපු දෙයින් මේ කතාවෙ අළුත් පැත්තක් පෙනුනා..
මේ වැඩේ කරන්න අපහසුයි කියලා පේන එකෙන්ම තේරෙනවා සතුට ලබාගන්නත් කොච්චර අමාරුද කියලා....
ReplyDeleteඒක ඇත්ත..ඒ නිසා තමයි අපි සතුට රැක ගන්න මහන්සි වෙන්න ඕන..
Deleteමොන තෙල්ද දන් නෑ :) මොනදේ කලත් අවධානය, ඉලක්කය නැති කර ගන්න එපා කියන දේ තමා බූඩි හිතුවේ.
ReplyDeleteලස්සන කතාව බූඩි මීට ඉස්සෙල්ලා අහලා නෑ, කාලේ පොඩ්ඩක් මැනේජ් කර ගත්තොත් දෙකම එකපාර කරන්න පුලුවන් වෙයි !
උත්සාහවන්තයා ජය ගනී කියලා කතාවක් තියනවනේ බූඩි..
Deleteඋගන්වනවාට වඩා ඉගෙන ගන්න හරින එක තමා වඩාත් සාර්ථක :)
ReplyDeleteපාවුලෝ කොයියෝගේ පොත්වල මේ විදිහට ජීවන දර්ශනය කියන එක හරි අපූරුවට උගන්වනවා. ඒක අපි ඉගෙන ගැනීමයි වටින්නේ
හසිතගෙ කතාවට 100%ක් එකඟයි..
Deleteඅපිම ඉගෙන ගත්තොත් මිසක් ලෝකෙ ඉන්න හොඳම ගුරුවරයා ආවත් වැඩක් නෑ..
අදමයි ආවෙ මේ පැත්තට. ආදර්ශමත් කතාවක් නේ. ජය!!
ReplyDeleteවෙල්කම් වෙල්කම්..
Deleteගොඩක් ස්තුතියි...
කලින් අහලා තිබ්බෙ නැති කතාවක්. මටනම් හිතෙන්නේ ඔය දෙකම එක පාර කරන්න බෑ. මම නම් තෙල් බිංදු අමතක කරලා සිරි විඳිනවා! :)
ReplyDeleteකියන්න ලේසියි..ඒත් සතුටේ රහස දැනගන්න පුළුවන් වෙන්නෙ මේ කියන විදිහට කලාම..
Delete