තමාට වැදගත් වූ තැන්වලදී පා සටහන් සදාකාලිකවම තබා යෑමට මිනිසාට බැරි ඇයි?
දුයිෂෙන් සහ මා කඳුකරයේ සිට ආ ඒ අඩි පාර සොයා ගන්නට හැකි නම්, ගැරුතුමාගේ පා සටහන් සොයා ඒවා සිපගැනීමට මා සූදානම්ය. ඒ අඩිපාර සියළුම මාර්ග හා මාවත්වලට වඩා මට අගනේය. මා යළි ජීවිතයට ගෙනැවිත් මට අළුත් විශ්වාසයක් දී අළුත් බලාපොරොත්තු සහ ආලෝකය ලබාදුන් ඒ දවසටත් අඩිපාරට සහ මාවතටත් දේවාශිර්වාද ලැබේවා. එදා පෑවු ඉරටත් එදා පැවති කාළගුණයටත් කෘතඥතාවය හිමි වේවා.
දවස් දෙකකට පසු දුයිෂෙන් මා දුම්රිය පොළට කැඳවාගෙන ගියේය. එම සිද්ධියෙන් ඉක්බිතිව අයිලයේ නැවතී සිටීම නුවණට හුරුනැති බව පෙණිණි. අළුත් ජීවිතයක් පටන් ගත යුත්තේ අළුත් තැනතිනි. මගේ තීරණය නිවැරදි බව ජනතාව කීහ. මා සමඟ දුම්රියපළට ගිය අනිත් දෙදෙනා සයිකාල් හා කරකේය.
ඔවුහු කුඩා ළමයින්සේ හැඬූහ. අතරමගදී කෑමට ගන්නයැයි කියමින් අහාර වර්ග පිරවූ කොට්ට උරයක් සහ පැකට් කීපයක්ද මට තෑගි කළහ. අපේ අසල්වැසි, නිතර වාද කිරීමෙහි සමත් සතිම්කුල්ද මට ආයුබොවන් තීමට ආවේය.
“අනේ දුවේ නුඹට දෙවි පිහිටයි. සුබ ගමන්“ යැයි ඔහු කීය. “බය වෙන්න එපා. දුයිෂෙන් ගුරුන්නාන්සේ කියන විදියට වැඩ කරපන්. උඹට හරියාවි. මොනවට කියනවද අපිටත් කාරණා කාරණා තේරෙන්ට පටන් අරගෙන තියනවා. “
ගමේ සිට දුම්රිය පොළට එනපිට මා ගමන් කල ගැන පිටුපසින් දුව ආ පාසල් ළමයි අත වැනූහ.
...........
ඊට පසු කී වාරයක් මම ඒ කුඩා කඳුගැටය සහ පොප්ලර් ගස්දෙක අසලැති දුම්රිය පොළ පසුකර ගියෙම්ද, මගේ හදවතෙන් හරි අඩක් මා එහි තබා ගිය බවකි මට දැනෙන්නේ.
මලානික නිල්වන් වසන්තයේ සැන්දෑව කණගාටුදායන බවක් සහ හදවත පාළු කරන ගතියක් කියා පෑවේ අපේ වෙන්වීම කල්ඇතිව හැඟවීමට මෙනි. සිය ගැඟීම් ප්‍රකාශ නොකිරීමට දුයිෂෙන් මහන්සි ගත්තේය. ඔහුගේ හදවත කොතරම් දැඩි වේදනාවකින් පෙළෙන්නේද යන්න මම දනිමි. ඔහු මා දෙන ඕනෑ කමින් බැළුවේය. ඔහු නිතර මගේ හිසද,ඉඳහිට මගේ මුහුණද අත ගෑවේය. වරක් මා හැඳ හිටි ගවුමේ බොත්තමක් පවා හරිගැස්සුවේය.
“අල්තීනායි, උඹට අඩියක්වත් මා වෙතින් හෙලවෙන්නට ඉඩ හරින්නේ නෑ. ඒ වුනාට එහෙම කරන්නට මට අයිතියක් නෑ. තේරුණාද? මම එතරම් උගතෙක් නෙවි. නගරයට යන එක හොඳයි..උඹ සමහරවිට නියම ගුරුවරියක් වෙන්ට පුළුවන්. එදාට අපේ ඉස්කොලෙ අමතක කරන්න එපා එදාට උඹ හිනාවේවි. උඹ යන එක හොඳයි බොහොම හොඳයි.“
අද පුස්තකාව උපුටා ගැනීම:
"ගුරු ගීතය", චිංගීස් අයිත්මාතව, අනුවාදය:දැදිගම වී රුද්රිගු, කවුඩුල්ල ප්‍රකාශන 2003, පිටු 99-100
ගුරු ගීතය පොත කියවන්න මේ බ්ලොග් පෝස්ටුවෙන් පිළිවන් වේවි..
http://piyawi.blogspot.com/2009/09/blog-post_04.html
දුයිෂෙන්ව දැකපු ගමන් මට හිතුනා ගුරු ගීතය තමා කියලා..
ReplyDeleteම්..සිත් ගත්ත පොතක කොටසක් පෝස්ටුවකට ලියද්දි ගුරු ගීතය තමා හැමදාම හිතාගෙන හිටියෙ...
Deleteදුයිෂෙන් කියන්නෙ අපි හැමෝගෙම හීන වල ජීවත්වෙන කෙනෙක් වෙන්න ඕන..
මොකක්ද මේ පුස් තකා කියන්නෙ ? මම තේරෙන්නැති හින්දා අනිත් පැත්තත් හරවලා බැලුවා.. :-)
ReplyDeleteපුස් කතා නෙවෙයි අය්යේ පුස්ත කතා.... මටත් ටැපලුනා .. හික් හික්
Deleteමමත් ආසම කතාවක් තමා ගුරු ගීතය
කොහෙද ! "පුස් තකා" කියලා තියෙන්නෙ..ඒ කියන්නෙ "පුස් වෙනුවෙන්" කියන එකද..?
Deleteමාත් මුලින්ම කරේ ඕක අනිත් පැත්ත හරවලා බලපු එක :ඩි
Deleteමාත් ඉස්සර ඕකට රැවටුනා...
Deleteපස්සේ තමා හොයා ගත්තේ..
පුස් තකා = පුස්තක (පොත්)
මෙයා (රූ) අපිව දාන අමාරුවක තරම .හික්ස් :)
සීරීස් එකේ හයවෙනි කතාව කියවද්දිද ඔයාලා මේක විශ්ලේෂනය කරන්නේ..:)
Deleteමේ නම දාන්න නම් විශේෂ හේතුවක් තිබුනෙ නෑ...හැබැයි කියවන අයට වෙන් කරලා අඳුන ගන්න පුළුවන් වෙන්න තමයි අකුරු ටිකක් එහෙ මෙහෙ කරලා නම හැදුවේ..
ඒ වුනාට මට නම් ඒක දැක්කම හිතෙන්නෙ " පුස් වෙනුවෙන් " කියලා...
Deleteසෙන්නාට නම් ඉතින් මගේ ඇදයක්මයිනේ පේන්නේ..
Deleteපොඩ්ඩක් පොසිටිව්ලි හිතනන්නකෝ යාළු..
අයියෝ රූ ඔයා ටිකක් සීරියස් ගන්නවා වගේ... ඔයා හිතන්ඩකො මම විහිලුවක්නෙ කෙරුවෙ කියලා.
Deleteඔන්න විහිළු ඉවරයි.
ජය !!
ම්..එක එක ට්‍රික්ස් පාවිච්චි කරලා සෙන්නා මාව අවුස්සන එක නවත්තන්න හැදුවත් මේ සැරේ තමයි හරියටම වැඩේ අල්ලගත්තෙ..
Deleteඅයියෝ හරි සිම්පල්නෙ..:))
ජය පිට ජය..!!
ගුරු ගීතය මම කියවන්නේම නැතුව ඉදලා කියෙව්වේ ගිය අවුරුද්දේ..... ඊට කලින් ඒක කියවන්න බැරිවුණු එක ගැනයි මට කණගාටුව...
ReplyDeleteමේ පොත කියවන වයස අනුව රසවිදින විදිහ වෙනස් හසිත...
Deleteඉස්කෝලෙ යන කාලෙ ඉඳන් අද වෙනකම් මේ පොත මම කිහිප සැරයක්ම කියවලා තියනවා..
එදා මේ පොත දැනුනු විදිහයි අද ඒ ගැන හිතන විදිහයි වෙනස්..
කියවපු කිසිම කෙනෙක් නරකයි නොකියවපු පොතක්. මේක මට දුන්නෙ මගෙ හොඳම යාලුව මගෙ උපන්දිනේකට. එයාට එදා එන්න වෙන්නෙ නැති නිසා මල්ලි කෙනෙක් අතේ පොත එව්වෙ.
ReplyDeleteපුදුම පොතක්. නොහඬා කඳුලු ගේන පොතක්
//ආදරණිය නංගී,
Deleteළබැඳියාව පෙරැළී ආදරයකට
අද නුඹ මට සෙයුරියකව දැනේ...
එසේ...
මා නුඹට ආදරය කරන්නේ
නුඹ ඉතා යහපත් යැයි
සිත සුදු පිරියම් ගා පිළිසකර කොට
නොවේමය....//
සිඳුගෙ කමෙන්ටුව දැකලා මම ආයෙත් පොත පෙරළුවෙ උපන්දිනේට මේ පොත තෑගි දුන්න යෙහෙළිය ලියපු නිසඳැස කියවන්න..
උඩ තියන නිසදැස මගේ පොත් ඇතුල් කවරේ ලියලා තියනවා එයාගෙම අත් අකුරෙන්..
මම ගුරු ගීතය බැලුවේ යාලුවෙක් ළඟ තිබිලා. අදටත් මට හමු වෙලා නෑ මේ පොතට අකමැති කිසිම කෙනෙක්.
ReplyDeleteම්..මේ පොතේ ආකර්ශනයට වශිවෙනවා ඕන කෙනෙක්..
Deleteඅද තියන සංකීර්ණ ආදර කතා එක්ක මේ කතාව ගොඩක් වෙනස්..
ලස්සනයි රූ. 'ගුරු ගීතය' කියවලා නෑ. කොහොමත් පරිවර්තනයක තියන භාෂාවේ, පරිසරයේ වෙනස්බව කතාවට ලොකු රසයක් එකතු කරනවා කියලා මට හිතෙනවා. වෙලාවක හොයාගෙන කියවන්ට ඕනේ.
ReplyDeleteහැබෑට පුස් තකා කියන්නේ මොකක්ද? ඇහුවමයි.:)
රූ ලියපු වචනියේ "ඉස්පිල්ල" අඩුවෙලා වගේ පුස්තකා කියන්නේ පුස්තිකාව එහෙමත් නැත්නම් පොත යන අරුතින්
Delete@පොඩ්ඩි,
Deleteකියවන්න ඕනම පොතක් පොඩ්ඩි...හොයාගන්න බැරිවුනොත් කියන්නකෝ..
@දයානන්ද,
ම්..මේ වචනේ ඔච්චර විශ්ලේෂනය කරන්න එපා..මම හිතන්නෙ මෙහෙම වචනයක් නෑ සිංහල භාෂාවේ..පොතකින් කියවපු ලස්සන කොටසක් තමා මේ සීරිස් එකේ තියෙන්නෙ..
ඔන්න ගුරු ගීතය ඩවුන්ලෝඩ් කරගෙනම බලන්ඩ
Deleteමෙන්න ලින්ක් එක
http://www.mediafire.com/?m4o1m4m52my
මන් ඕක කියවන්නම හිටියේ.. කොහෙද අමතක උනා.. එල වෙලාවට මේ පොස්ට් එක කියෙව්වේ.. තැන්ක්ස් .. අදම ලයිබ්‍රිය පෙරලනවා :)
ReplyDeleteකියවලා දැනුනු දේත් කියන්න ජනියා...
Deleteපරිවර්තනය විශිෂ්ඨයි කියලා කියන්න බැරිවුනත් ගොඩක් දේවල් හිතන්න ඉතුරු කරපු කතාවක්..
කට පාඩම් වෙන තුරු කියෙව්ව පොතක්!
ReplyDeleteමාත් මගේ යාළුවොත් කඩපාඩම් වෙනකම් කියෙව්වා..
Deleteඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ අපි කාටවත් හැබෑ ජීවිතේ අල්තීනයිවත් දුයිෂෙන්වත් මුණ නොගැහුනු එක..:)
ගුරු ගීතයේ මම ආසම වාක්‍යය දෙකක් තියෙනවා පුලුවන් නම් හොයලා දෙන්න පුළුවන්ද ? මම ෆෝන් එකෙත් සේව් කරගෙන හිටියා. කවුද මන්දා එකෙක් ඒක මකලා දාලා.
ReplyDeleteමෙහෙමයි ඒ වාක්‍යය දෙක පටන් ගන්නේ..
නපුරු සුලි සුළං හමාවි....බ්ලා බ්ලා... එහෙත් වසන්තය එනවා සත්තකයි !
ඔය වාක්‍යය දෙක(හෝ තුන) කමෙන්ට් කරන්ඩ පුලුවන් නම් හොදයි... :)
ගුරු ගීතය කියන්නේ මම ආසම පොත් වලින් එකක්. අපේ වලෙත් ඔය නාට්ටිය පෙන්නද්දි මම් බලන්ඩ ගියා. ඔය නාට්ටියට රඟපෑවේ ලලිත කලා අධ්‍යනාංශයේ කට්ටිය. මට මටත විදිහට අල්තිනායිට හිටියේ ඒ අධ්‍යනාංශයේම ඉගෙන ගත්ත නෙප්චූන් කියලා කාඩ් එක තිබ්බ අක්කා කෙනෙක්.. හික්ස් :)
පස්සේ කාලෙකදි මම් දුයිෂෙන්ට රඟපාපු අයියත්තෙක්ක ඔය නාට්ටිය ගැන එක එක විස්තර කතාත් කලා. :)
එකකොට මම් අහපු එක ප්‍රශ්නයක් තමා අල්තිනායි ඇත්තටම දුයිෂෙන්ට ආදරේ කලාද කියලා ? (ගුරු ගෝල ආදරයක් නෙමේ.)
මට දැන් නම් ඉතින් මේක කියවන්ටම ඕනි.:)
Deleteඅල්තිනායි විතරක් නෙවෙයි ඒ දෙන්නම දෙන්නට ආදරේ කලා... මට දැනුන ව්දියට නම්.
Delete@මධුරංග,
Deleteපළවෙනි කාරනේ ඔය එක එක අයට ෆෝන් එකේ දේවල් මකන්න දෙන්න එපා..දැන් ඉතින් ආපහු සේව් කරගන්නකෝ..
“ඔව්..ශිත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තකයි...“
ඔයා නම් වාසනාවන්තයි මේ නාට්‍ය බලන්න ලැබුනු එක ගැන..මම නම් පොත කියවලා විතරයි..
ඇත්තටම දුයිෂෙන් හා අල්තීනායි දෙන්නට දෙන්නා ආදරය කලාද කියලා හිතන්න ඉතුරු කරලා තමයි අයිත්මාතව් මේ කතාව ලියලා තියෙන්නේ..
මට නම් හිතෙන්නෙ ඒ දෙන්නා ගොඩක් ආදරය කලා..ඒත් තමන්ගෙ ජීවිතේ ඉස්සරහට ගලාගෙන යන්න මේ ආදරය බාධාවක් කරගත්තෙ නෑ..මම හිතන්නෙ ඒ දෙන්නගෙ ආදරේ ඒ දෙන්නටම ජීවත්වෙන්න ශක්තියක් ගෙනාවා කියලා..
ආදරේ කියන්නෙයි හිමිවීමම නෙවෙයි කියලා මම හිතන නිසයි මේ විදිහට මේ කතාව ගැන මම හිතන්නෙ..
@පොඩ්ඩි,
ම්..ඔයාගෙ කුතුහලය ඇවිස්සුවානේ..පොත නම් ගොඩක් ගණන් නැහැ..ඒත් ඒක ඔයා ඉන්න පැත්තට එවන්න පුළුවන් නම් කියන්න..උදව්වක් දෙන්නම්..
@ඇනෝ,
ම්..මමත් එකඟයි ඔයා කියන එකට..
ඒක ටීචර්ස්ලා කියපු සිංදු පොතක් ද...
ReplyDeleteමේකව වැලි ගොඩේ දනගස්සලා තියන්ඩ එපැයි...
Delete@ඇනෝ,
Deleteමමත් ඔයාට සපෝට්..ලංකාවට එනකොට එයාපෝට් එකේදිමයි අල්ලගන්න ඕන..
@ඔබ නොදුටු ලොවක්,
අදට බේරිලා යන්න දෙනවා..තාමත් පරක්කු නෑ පොත හොයාගෙන කියවන්න..
එත්කොට “ටීචර්ලා කියපු සින්දු“ ගැන දැනගන්න පුළුවන් වේවි..
වැලි ගොඩේ නෙමේ කොස් කට්ටෙ කොස් කට්ටෙ.. හැක හැක
Deleteමෙන්න ගුරු ගීතය ඩවුන්ලෝඩ් කරගෙනම බලන්ඩ !!
Deletehttp://www.mediafire.com/?m4o1m4m52my
හ්ම්ම්..මමත් කියවල තියනෝ.......:)
ReplyDeleteහ්ම්..ලස්සන කතාවක් නේද?
Deleteචිංගීස් අයිත්මාතෙව්ගේ ගුරැ ගිතය පොත නැවත නැවත කියවන්න හිතෙන ඉතාමත් අපූර්ව පොතක්. යම්කිසි විප්ලවයක් කරන්න සැරසෙන කොනක් වේනම් ඔහුට හො ඇයට හොඳ මග පෙන්විමක්. මට දැනෙන්නේ දේශපාලනය සම්බන්ධයෙන් ගත්තාම හෝඩි පොත, ආදරය සම්බන්ධයෙන් හොඳ මග පෙන්වීමක්.
ReplyDeleteදේශපාලයයේ හෝඩි පොත කියන කතාවට නම් මමත් එකඟයි..
Deleteවිප්ලවක් පටන් ගන්නෙ තමන් ජීවත් වෙන වටපිටාවෙන්..දුයිෂෙන් වගේ චරිත ලෝකයේ හරි අඩුයි..
මේ පොත නැවත නැවත කියෙව්වම දැනෙන රසය වෙනස් වෙන්නෙ ලේඛකයාගේ දක්ෂතාවය නිසා කියලයි මට හිතෙන්නෙ..
ගුරු ගීතය කියවන්න ඕන අප්පා.... :)
ReplyDeleteඅයියෝ ඔයත් කියවලා නැද්ද..
Deleteහොයා ගන්න බැරි නම් කියන්න මල්ලි..
අනේ මම කියවලා නෑනේ..මටත් කියවන්න ආසයි දැන්නම්..ලස්සනයි අක්කියෝ....
ReplyDeleteමේ සීරිස් එකේ අරමුණත් කියවන්න ආසාවක් ඇති කරන එක තමා..
Deleteමේ පොතේ මොන කොටසද ලියන්නෙ කියලා හිතාගන්න බැරි තරමට හැම පිටුවම ලස්සනයි..
හොයාගෙන කියවන්න වටින පොතක්..
මෙන්න ගුරු ගීතය ඩවුන්ලෝඩ් කරගෙනම බලන්ඩ !!
Deletehttp://www.mediafire.com/?m4o1m4m52my
ස්තුතියි යාළු කියවන්න ඕනේ අද ඉඳලවත්
Deleteගුරු ගීතය කියන්නේ මමත් කැමතිම පොතක්.. කියවනකොට හරිම හැඟුම්බර ගතියක් එනවා....!
ReplyDeleteම්..ඇත්ත තොටියා..පොත කියවලා සංවේදී හිත් අවධි කරගත් ගොඩක් අය දැන ගැනීමත් සතුටක්...
Deleteදහ දොළොස් වතාවක් කියෙව්වත්, කතාව අවසන් වෙද්දී ඇහැට කඳුලක් එන එක වලක්වන්න බැරි, මා කියවූ එක ම පොත ගුරු ගීතය යි!!
ReplyDeleteජය වේවා!!
ම්...ඒක ඇත්ත රැංගෝ..100%ක් එකඟයි..
Deleteමමත් ඔය පොත බාගත්තා, තාම කියවන්න නම් බැරිවුණා හැබැයි. බලමුකෝ! බිසී බී !
ReplyDeleteකියවන්න බැරි වුන අයට කියවන්න ලින්කුව දෙන්න බැරිද?
Deleteමම මේ පොත කියවල නැහැ. ජයලත් මනෝරත්නගේ ගුරු ගීතය නාට්‍ය හැදුවේ මේ පොතෙන්ද?
ReplyDeleteගුරු ගීතය ද? ගුරු තරුව ද?
Deleteම්...මනෝරත්නගෙ වේදිකානාට්‍ය ගුරු තරුව..ඒකේයි මේ කතාවෙයි සම්බන්ධයක් නෑ..
Deleteගුරු තරුවත් ඇහැට කඳුලක් ගේන අපූරු වේදිකා නාට්‍යක්..පුළුවන් වෙලාවක බලන්න..
මම නම් දෙසරයක්ම බැළුවා..
ස්තුතියි සයුරි රූ.. මට ඒ දෙක පැටලුනා. අපේ ඉස්කොලෙටත් ආව ඒත් එදා බැලුවේ නැහැ අපරාදේ. නාට්‍ය බලන්න යනවා කියල කොහේදෝ ගිහින් කට්ටියත් එක්ක නෑවා..
Deleteමේ දවස්වල මනෝරත්න මහත්තයා ආයෙත් එයාගෙ නාට්‍ය පෙන්නන්න පටන් අරන්..
Deleteගුරු තරුව ගැන හෝඩුවාවක් තිබුනොතින් කියන්නම්කෝ..
ගුරු ගීතය...ඒ පොත දැනුත් මා ළඟ... මෑතකදී කියෙව්වේ... හරිම ලස්සනයි... මෙච්චර කල් ඒක නොකියවුයේ ඇයි කියල මට හිතුණා...
ReplyDeleteම්..කියවන හැමෝම මේ කතාවට වශිකරගන්න තරම් මේ ලේඛකයා කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා..
Deleteකතාව පොඩි වුනත් හිතන්න ලොකු දේවල් ටිකක් අපිට ඉතුරු කරනවා..
මුලින්ම ගුරුගීතය කියවද්දි මං පහ වසරෙ.එදා දැනුනාට වඩා වෙනස් මං අද.. ඒ කිව්වෙ අවුරුදු දහසයේදි ඒක කියවද්දි දැනෙන හැගීම.තව ඉස්සරහට ඒ හැගීම තවත් වෙනස් වේවි.දුයිෂෙන්ගෙත් අල්තීනායිගෙත් අප්‍රකාශිත ප්‍රේමයට මම දැන් පුදුම විදියට ආදරේ කරනවා..මට පොතේ වැඩිපුරම දැනෙන තැන තමයි දුයිෂෙන් අල්තීනායිව කෝච්චියට නග්ගලා අල්තී-නායි කියලා කෑගහන තැන.
ReplyDeleteඔයා චින්ගීස් අයිත්මාතව්ගෙ අම්මා සහ මිහිකත,වේලාසන කොක්කු ඇවිත්,ජමිලා එහෙම කියවලා ඇතිනේ.ඒ ඔක්කොම එක වගේ ලස්සන පොත්!
වර්ෂා කියපු දේ ඇත්ත..මම උඩ උපුටා දක්වපු පිටුවට පස්සෙ තමයි ඔයා ආසම කොටස තියෙන්නෙ..ඇත්තටම මට ඕන වුනේ ඒ කෑල්ල ලියන්න..ඒත් ටිකක් කල්පනා කරනකොට පොත කියවලා නැති අයට ඒක spoiler එකක් වෙයි කියලා හිතුනා..
Deleteජමීලා, වේලාසන කොක්කු ඇවිත් පොත් දෙක කියවලා තියනවා..අම්මා සහ මිහිකත ගැන කිව්වට ස්තුතියි..මේ සැරේ ප්‍රදර්ශනේදි බලන්න ඕන..