Sunday, May 27, 2012

සිනෙ රූ: දඟකාර හාදුව 2

දින ෙපාතේ පරණ පිටු..
අද විසි තුන්වෙනිදා
       මමත් මීනුත් සොනුත් චිත්‍ර කාමරේ හිටියෙ හංසයෝ නාට්‍යයේ ඇඳුම් ලෑස්ති කර කර. මට තිවුනෙ හංසයගෙ පියාපත්වල පිහාටු අලවන්න. ඒත් මම තාමත් හිටියෙ සෙනුක්ගෙ ආදරේ ගැන හීන මවමින් හීන ලෝකෙ.
       සෙනුක් ගැන කොච්චර හිතුවත් ඉවර වෙන්නෙ නෑ. ඒත් සෙනුක් මම මේ ලෝකෙ ඉන්නවද කියලවත් දන්නෙ නෑ. ඒකෙන් මට මාවම එපා වෙලයි තිවුනෙ.
“ඔය දැන් ඔයාගෙ ආදරේ සෙනුක්ට කියන්න ඕන.“ සෝනු කිව්වෙ මගේ දුක්බර මූණ දැකලා.
“ආදරේ කියන්න..හ්ම්..“.මම උත්තර දුන්නෙ එච්චර විශ්වාසෙකින් නෙවි.

“අපි ළඟදිම ඉස්කෝලෙන් අවුට් වෙනවා. ඔයා කොච්චර කල් මේ ඒක පාර්ශවික ප්‍රේමය අරන් යන්නද? ඕක කියලා දාන්න.“ සෝනු ආයෙත් කිව්වා.
මම සෙනුක්ට මගේ ආදරේ කියනවාමයි. මම හිතාගත්තා.
“ඒත් මම කොහොමද එයාට මගේ ආදරේ කියන්නේ?..ම්..ම්..“ මම ඇහුවෙ මගේ අතිජාත මිතුරියො දෙන්නගෙන්. අපි කවුරුත් මීට කලින් කාටවත් ආදරේ ප්‍රකාශ කරලා තිවුන්නැති නිසා කවුරුත් මම අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නෑ.
“මගේ ආදරණිය සෙනුක්, මම ඔයාට ආදරෙයි“ සෝනු කෑගැහුවෙ නැටුම් කාමරේ තිවුන තඩි වලහෙක්ගෙ වෙස් මූණක් දාගෙන.
“ඒකත් හොඳ අදහස“ මම කිව්වෙ ඒ ගැන හිතලා බලමින්. මමත් මෙහෙම වලස් මූණ දාගෙන..ම්..
“හොඳ අදහස!! ඉටිගෙඩිය! ඔයාට පිස්සුද?“ සෝනු වෙස්මූණ ගලවලා පැත්තක තියන ගමන් මට සැර කලා
“අනේ මීනු ඔයාටවත් නැද්ද හොඳ අදහසක්?“ මම මීනුගෙන් ඇහුවා.
“ම්..ඔයා දන්නවද සත්තු ආදරේ ප්‍රකාශ කරන්නෙ නැටුමකින්. මාළු, පෙන්ගුයින්ලා , කුරුල්ලෝ වගේම ගොයං මැස්සොත්.“
“ඊයා ගොයං මැස්සො?!!“ සෝනු මැද්දට පැන්නා.
“ඒකට කියන්නෙ මේටින් ඩාන්ස් එක කියලා.“
“මේටින් ඩාන්ස්..ඒක හොඳ අදහස..“
      මම හංසයට මහපු ඇඳුම ඇඳගත්තා. රෝස පාට පිහාටු අල්ලපු ඒ ඇඳුම ඇඳගෙන මම ලස්සනට නටනකොට සෙනුක් ලස්සන හංසයෙක් වගේ ඇඳුමක් ඇඳගෙන මා ගාවට ආවා. මගේ අතින් අල්ලගත්ත එයා මාව කරකවලා එයා ගාවට ගත්තා. ඊට පස්සෙ අපි දෙන්නම ලස්සනට බැලේ නැටුමක් ඉදිරිපත් කලා. ඒ මුළුවෙලාවෙම එයාගෙ ඇස් මගේ ඇස් අතර සිරවෙලයි තිවුනෙ.
“පහන්දි, ඔයා නිදි කිරනවද? අයියෝ නැගිටින්න. මේ ඇඳුමෙ තව පිහාටු අලවන්න තියනවා.“ මීනු කන ළඟ කෑ ගහපු හඬින් මම ආපහු මේ ලෝකෙට ආවා. අයියෝ මේ හීන දකින එකේ කෙළවරක් නෑ. මට සෙනුක්ගෙන් තොර ලෝකයක් හිතන්නවත් බැරිද?
“විභාගෙට තව සති තුනයි තියෙන්නෙ ඇයි ඔයා පාඩම් කරන්නැද්ද?“ අනුපමා ආවෙ මගේ හීනෙට තිත තියලා.
මම මෝඩ විදිහට හිනාවුනා.
“ඔයා වගේ මෝඩ ළමයෙකුට සෙනුක් කැමති නෑ. ඊටත් ඔයාගෙ පපුවෙ හැටි විතරක්. “අනුපමා කියවගෙන ගියා.
සෝනුයි මීනුයි කතාව මැද්දට පැන්නෙ නැත්තං මගෙ පණ යනවා ලැජ්ජාවටම!
       අද අපි මිනිස් ඉරියව් අඳින දවස නිසා චිත්‍ර පාඩමේ ආදර්ශය විදිහට ඉන්න තිවුනෙ සචිතට. සචිත පන්තියට ආවෙ එයාගෙ ගෝලයෝ රොත්ත එක්ක. එයාලා ලොකු බ්‍රීෆ් කේස් එකකට දාලා ගෙනත් තිවුනෙ මං වෙනුවෙන් ම හදාපු චිකන් සුප් එකක්. අනේ මන්දා සචිතගෙ හිතේ මොනවා තියනවද කියලා.
       අද චිත්‍ර පාඩම ඉවර වුනේ ඩිසාස්ටර් එකකින්. මගේ හිතේ මේටින් ඩාන්ස් එක කොච්චර වැඩ කලාද කියනවා නම් මම චිත්‍රෙ ඇඳලා තිවුනෙ සෙනුක්ගෙ මූණ එක්ක. ඒක දැක්ක හැටියෙ සචිතගෙ මූණනම් කළු වෙලා ගියා.
       මෙච්චර දේවල් වෙද්දි වුනත් මම කල්පනා කලේ කොහොමද සෙනුක්ට මගේ ආදරේ කියන්නෙ කියලා.


අද විසි හතර වෙනිදා.
       ඊයෙ දවසමයි අද දවසෙන් බාගයක්ම මම කල්පනා කලේ මගේ මේ ඒක පාර්ශවික ආදරේ සෙනුක්ට කියන්නේ කොහොමද කියලා. අද හවස මම අපේ රෙස්ටොරන් එකට ගිහින් තාත්තගෙන් ඇහුවා අපේ අම්මා එක්ක එයා යාළු වුනේ කොහොමද කියලා. මට අවුරුදු හතරෙදි අම්මා අපිව දාලා ගියාට පස්සේ මම අම්මගෙ විස්තර දැනගත්තෙ තාත්තගෙන්.මේ අපේ තාත්තා අම්මගෙන් යාළුවෙන්න අම්මගෙන් අහපු විදිහ!
//“ඒ දවස්වල මට තිවුන කාර් එක මහ පරණ එකක්. මම ඒක එළවගෙන අම්මා ඉස්සරහට ගියා උපරිම වේගෙන්! කාර් එක් කෑලි ගැලවිලා වැටෙන්න ඔන්න මෙන්න කියලයි තිවුනෙ. අම්මා එකපාරටම මගෙන් ඇහුවා ඔයාට පිස්සුද කියලා! ඊට පස්සෙ එයා මට බනින්න පටන් ගත්තා. මම කාර් එක එළවන ගමන්නම ඇහුවා 
මම ඔයාව කිස් කරන්නද නැත්තං එළියට එක්කං යන්නද 
ඔයා මාත් එක්ක එනවද නැත්තං මාත් එක්ක ඉන්නවද 
ඔයා මාත් එක්ක මැරෙනවද නැත්තං අපි දෙන්නම එක ගෙදරක ජීවත් වෙනවද කියලා. 
“ඉතින් අම්මා කිව්වද මම ඔයාත් එක්ක ජීවිත කාලෙම ඉන්නවා කියලා?“
“නෑහ්.... එයා ඇහුවා ඔයා මැරෙන්නද යන්නෙ? දවල් හීන බලන්නැතුව ගෙදර යන්න කිව්වා“//
‘අයියෝ තාත්තෙ!! “
“හැබැයි ඒ වෙනකොට මම එයාගෙ හදවතෙන් බාගයක් දිනලයි ඔන්න තිවුනෙ. “
“ඇත්තට? “
“ම්.ම්..හ්ම්.“
“හැබැයි මම හිතන්නෙ ලේසිම විදිහ ඇත්තටම ඔයාගෙ හිතේ තියන දේ ලියලා ලියුමක් දෙන එක“
ලියුමක්! ඒක හොඳ අදහස. 
      ඇත්තට මට ඒකෙ හාංකවිසියක්වත් මතක් වුනේ නැති හැටි.


පසු වදන:
   ම්..පහන්දිගෙ දිනපොතට එබුනා ඇති. අපි බලමු සෙනුක්ගේ දිනපොතත් ළඟදිම. ටෙලි සිත්තම ගැන දැනගන්න නම් තව ටිකක් බලන් ඉන්න වෙනවා. එහෙම බලන් ඉන්න ගමන් පුළුවන්ද බලන්න කතාවෙ නම අනුමාන කරන්න. මේ පින්තූරු ඔක්කොම ඒ කතාවෙන් ගත්ත ඒවා ඔන්න. ඒ නිසා ලේසි වෙන්නත් ඉඩ තියනවා.



35 comments:

  1. ඒක පාර්ශ්වික ආදරයක් දරාගෙන ඉන්න එක හරි අමාරු වැඩක්....

    ReplyDelete
    Replies
    1. ඒක පාර්ශවික ආදරයක් දරා ඉඳීම අමාරු වෙන්නේ ආදරය කරන තැනැත්තා/තැනැත්තී අයිති කරගන්ට දරන ආත්මාර්ථකාමී වෑයමේදී.

      Delete
    2. ආදරය කියන එක කොහොමත් සහමුළින්ම ආත්මාර්ථකාමී සිතුවිල්ලක් !

      Delete
    3. @කස්සා,
      ම්..ඒක ඇත්ත සමහර ආදර කතා වලට නමත් නැත්තෙත් ඒ නිසාද මන්දා..;)
      ස්තුතියි මේ පැත්තෙ ආවාට..

      ආත්මාර්ථකාමී කියන එකේ අර්ථ දැක්වීමට අපි දෙන්නගෙම එකයි නම් මම ඔයාගෙ කතාවට එකඟයි..

      @පොඩ්ඩි
      ම්..ඒත් ආදරේ ප්‍රකාශ නොකර ඉන්න එකත් මෝඩයි නේද?
      හැබැයි එහෙම වුනොත් මේ වගේ ලස්සන පැණි වෑහෙන ආදර කතා එකක්වත් ලියැවෙන්නෑ..!!

      කම් ඕ ගෝ චිකාගෝ කියලා ආදරේ ප්‍රකාශ කරන්නයි තියෙන්නෙ..

      Delete
  2. සචිතගේ දින පොතෙනුත් අපට පිටුවක් කියවන්ට ලැබෙනවද? එයත් පහන්දිට ආදරෙයි වගේ. :)

    ReplyDelete
    Replies
    1. එහෙම වුනොත් පොඩ්ඩි මට එපිසෝඩ් ඔක්කොම ලියන්න වෙයි වගේ..
      එතකොට රූගෙ බ්ලොග් එක දඟකාර හාදුවක් වෙයි..

      ඔයාලට කියවන්න ලැබෙන්නෙ පළවෙනි එපිසොඩ් එක විතරයි..ඊට පස්සෙ කතාව යු ටියුබ් එකේ බලන්න පුළුවන්..

      Delete
  3. කස්සා ++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ම්..මෙයා මොකාටද එන්න යන්නෙ?

      Delete
  4. ලස්ස්නය ගලාගෙන යන කතාවක්... බලමුකො..

    ReplyDelete
    Replies
    1. සොරි මලේ ඉතුරු ටික දාන්න පරක්කු වුනාට..
      භුමි කම්පාවෙන් කරදරයක් නෑ නේද? අහන්නත් බැරිවුනා..

      Delete
  5. තාත්තගේ කතාව තමා නියම.

    ReplyDelete
  6. ඒත් දුව කොහොමද තාත්තව ආදර්ශයට ගන්නේ...

    ReplyDelete
    Replies
    1. ඊළඟ කෑල්ලත් බලන්නකෝ..

      Delete
  7. ඒක පාර්ශ්වික ආදර කතා !!
    ඒකත් එක අතකට මරු ඈ... සයිකෝ ගහලා වරුවක් උනත් හිටියෑකි... හික්ස් :)
    පහන්දිගේ දිනපොතේ පලවෙනි කොටසත් කියෝලා එන්නම්.

    ReplyDelete
    Replies
    1. අයියෝ..මෙහෙමත් ආදරවන්තයෝ..
      හිත හිත ඉන්නැතුව කියලා දාන්න..

      Delete
  8. අනේ අම්මෝ ගොඩාක් කාලෙකින් ආවේ... මුලින් කතාවත් කියෝලමයි ආවේ සොරි අක්කේ කාලෙකින් එන්න බැරි වුනාට... අර කලින් කතාවේ හීනෙන් උම්මා එකක් හම්බුවෙන කේස් එක නම් මටත් වෙලා තියෙනවා හයක් හතරක් නොතේරෙන කාලේ මට එක දිගට පෙනුනා චූටි ගෑනු ලමෙක් මගේ අතින් අල්ලන් මල් වත්තක් මැද්දෙන් මාව එක්කන් ගිහින් මගෙ කම්මුලට උම්මා එකක් දෙනවා... සත්තයි මම 5 වසරෙ විතර ඇති වැඩිම වුනොත්... ඒක නම් ඇත්ත වගේමයි කාලයක් මම නිදාගනිද්දි ඒ හීනෙම දකින්න කියලා හිතාගෙනමයි නිදියන්නේ...

    naruto කියලා මම දැනුත් ආසාවෙන් බලන කාටුන් එකක් තියෙනවා.ජපන් කාටුන් එකක් ඒකේ සකුරා කියන කෙල්ල සස්කේ කියන කොල්ලා ගැන හිතන්නෙත් මේ විදියටමයි....

    ෆිල්ම් එක බලනවා වගේම ලියලා තියෙනවා.. මේක ෆිල්ම් එකක් නේ??

    ReplyDelete
    Replies
    1. මමත් ඔන්න කාටුන් සීරීස් එකේ ලින්ක් බුක් මාක් කලා..අරගෙන බලන්න ඕන..
      මේ කතාවෙත් ඔරිජිනල් එක ජපන් කාටුන් එකක්...

      හීනෙ ගැන නම් කියන්න තියෙන්නෙ අපි හැමෝටම එහෙම කාලයක් තියෙන්න ඇති කියලා..වාසනාවට මට හීන මතක නෑනෙ..මතක එකම හීනෙත් ටිකක් විතර භයානක එකක්..
      ඒක මතක් කරලා අපේ අම්මා තාමත් හිනා වෙනවා..දැන් අවුරුදු 10ක් විතර ඇති..

      Delete
  9. ලිපියෙ මුල් ටික කියවනකොට එකපාරටම මතකයට ආවෙ Black Swan කියන චිත්‍රපටිය. මේකෙයි ඒකෙයි කතාව නම් වෙනස්

    ReplyDelete
    Replies
    1. ඔයා සංසංදනය කරලා තියෙන්නෙ සන්නස්ගලගෙ නේත්‍රා නවකතාවයි වස්සානයේ සිහිනව නවකතායි වගේ..!!

      එක ළඟින් තියන්න කොහොමත් බෑ..බ්ලැක් ස්වෝන් චිත්‍රපටිය මාත් රසවිඳලා තියනවා..රංගන වින්‍යාසය නම් උපරිමයි...

      Delete
  10. මේක කොරියන් කතාවක්ද රූ? පින්තුර වලින් නම් ලස්සනයි කියලා හිතෙනවා...ඔයා ලියන විදියෙන් ලස්සන වැඩි වෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයු..
      ම් ඔව් මේක කොරියන් ටීවි සීරිස් එකක්..
      පළවෙනි කොටසෙ ඉඳන්ම මේකට ඇබ්බැහි වෙලා අන්තිමට මගේ හාඩ් ඩිස්ක් එකේ තිවුන පුංචි ඉඩත් ඉවර වුනා..!!

      Delete
  11. අපිටත් ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක් වගේ :D

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා..කියන්න බලන්න මේකේ ආදර්ශය මොකද්ද කියලා..;)

      Delete
    2. හොඳ හොඳ ආදර්ශ තව ඉදිරියට :D

      Delete
  12. මේක බැලූ බැල්මට ජපන් චිත්‍රපට කතාවක් වගේ. ආදර කතාව පරිවර්තනය භාෂාව හැසිරවීමතුළ ලස්සනට ගලපලා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත..මේක ජපාන ලේඛිකාවක් ලියපු කාටුන් සීරිස් එකකින් හදපු කතාවක්..
      හරිම ලස්සනයි..මේ කතාවෙ සැඟවිලා තියන සරල කමට මම හරිම ආසයි..

      ස්තුතියි ඔබට..

      Delete
  13. හරිම ආදරණීයයි ලියලා තියෙන ආකාරය ,පුදුම ලස්සනක් තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රොබින් මේ පැත්තෙ ගොඩ වැදුනටත් කොමෙන්ටුවටත්..

      Delete
  14. අදත් හුගක් ලස්සනයි කතාව නම් රූ...කතාවේ ඉතිරි ටිකත් දාන්නකෝ ඉක්මනටම....

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටසත් බලන්නකෝ..
      ස්තුතියි ඔයාටත්..

      Delete
  15. මම මේ කල්පනා කර කර හිටියේ ඇයි රූ ලඟදි ලිපියක් දැම්මෙ නැත්තෙ කියලා.. බලාගන යනකොට මගේ බ්ලොග් රෝල මඤ්ඥන් වෙලා. ලිපි දෙක තුනක්ම මග ඇරිලා. ඒ ගැන සමාව අයදිමි.

    මේ ලිපි දෙකම එක දිගටම කියවගන ගියා. මට ආපු මුල්ම ගැටලුව තමා ඔයා මේ කතාවට ගැලපෙන පින්තූර කොහෙන් හොයා ගත්තද කියන එක. ඒකට පිළිතුර පලියෙන් තමා හම්බුනේ. ලස්සන කතාව. මේක කොරියන් ටෙලියක්ද ?

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. ආ ඒකට මොකද?
      ඔයාගෙ කොමෙන්ටුව දැක්කාම ආරක්ෂා සහිතව ලංකාවට ඇවිල්ලා කියලා හිතුනා..
      මේක කොරියන් කතාවක් තමයි සෙන්නා..වැඩි විස්තර අන්තිම පොස්ටුවෙන්..

      Delete