Thursday, July 26, 2012

මම නොදන්නවා නොවෙයි දන්නවා..නොදන්නවා වගේ ඉන්නවා..


  Tharu Pata - Dushan Jayathilake & Uresha Ravihari by user7461189


“අයියෝ අද හොඳටම පරක්කුයිනෙ ..“ සෙනුරි හිතුවෙ අත බැඳි ඔරලෝසුව දෙස තරහින් බලමින්. 
            උදේ හතරේ ඉඳන් එන මේ ගමන තවමත් නිමාවක් නෑ. සුධර්මාරාමයේ රසායනික විද්‍යා පන්තියේ ඉස්සරහ පේලියක් අල්ලගන්න හැම ඉරිදම විඳින වදේ දන්නෙ සෙනුරි විතරමයි.
            සුපුරුදු යාළුවන්ගෙ කච කචේ ඕපාදූප මලු මගෑරලා සෙනුරි හැමදාම පන්තියට උදෙන්ම එන්නෙ ඉස්සරහ පේළිවල වාඩි වුනේ නැත්නම් පාඩමට අවධානය යොමු කරන්න අමාරු බව දන්න නිසා. ඒත් අද නම් සෙනුරි පරක්කුයි. හතරේ ඉඳන් බස්හෝල්ට් එකේ ඉඳලා නැග ගත්ත බස්එක පැය ගානක් ගාටනවා දැනුනම සෙනුරිට දැනුනෙ ඉවසන්න බැරි කේනතියක්. එත් කරන්න වෙන දෙයක් නැති කමට බස් එකේ පන්තිය ගාවට ආව සෙනුරි ත්‍රිත්ව විද්‍යාලය ගාව බස්හෝල්ට් එකේ බැහැගත්තා. බස්එකේ සෙනඟ අතර තෙරපිලා සිටි සෙනුරිට බස් එකෙන් බැස්ස එකම අස්වැසිල්ලක් ගෙනාවා.
           සුධර්මාරාමයේ කන්ද පාමුල ඉඳන් සෙනුරි හීල්ලුවෙ කොච්චර හයියෙන් ගියත් අද නම් පිටිපස්සෙ පේළි ඇරෙන්න වෙන පේලියක් ලැබෙන්නැති බව දන්න නිසා. සුළඟට පාවුන සුසුම නිසා හෑල්ලු වෙච්ච සෙනුරි අළුත් හිනාවක් මූණට අරන් සුධර්මාරාමයේ කන්ද නගින්න පටන් ගත්තා.
වෙනදා ඇය යන විට ඇදෙන මහා සිසුගඟ අද නැත්තටම නැති තරමට හිඳී ගොසිනි. සුධර්මාරාමය පන්සලක් වුවද එහි අවාස ගෙය මෙන් දහගුණයක් තරම් දේශන ශාලා තිබේ. අඩි බාගයකට පොඩිත්තක් වැඩියෙන් පළල එහෙත් අඩි 8ක් පමණ දිග ඩෙස් බංකු පේලි සියගනනක් ඇති දේශන ශාලාවේ බාගයකටත් වැඩියෙන් ළමුන්ගෙන් පිරී ඇති අයුරු සෙනුරි සිහිකලේ ශෝකයෙනි. අද නම් පාඩම ඉගෙන ගන්නවා වඩා පිටුපස පේළිවල උකුළු මුකුළු බැලීමට සිදුවෙනු ඇති බව සිහිවෙත්ම සෙනුරිට පන්තියට යෑමේ අශාව සිඳී ගියාක් මෙන් දැනුණි.
“අයියො, මගෙ සෙරෙප්පුව..“ කල්පනාව මැද කන්ද නැගි සෙනුරි ගලක පැටලී වැටෙන්නට ගියාය.
                හැමෝටම නැතිවුවත් අහල පහලින් කන්ද දිගේ උඩට ඇදුනු කිහිපදෙනාට සෙනුරිගේ වදන් ඇසුනා වන්නට ඇත. එහෙත් කිසිවෙකුට පමා වෙන්නට තත්පරයක් නැති බැවින් සෙනුරිගේ කැඩුනු සෙරප්පුවට දෙස ඔවුන්ට කල හැකි වුයේ බැල්මකින් උදව්වක් පමණි.
              කැඩුණු සෙරෙප්පුව අතට ගත් සෙනුරි පාරේ පසෙක ඇති තාප්පය හේත්තු වූයේ සෙරෙප්පුවට ගසා ගැනීමට කටුවක් සොයන්නටය. බෑගය ඇති පොකට්ටු සියල්ල පීරා බැලුවත් හැට්ට කටුවක් නම් සොයාගන්නට නොහැකි විය. බෝරිච්චි අත් ඇති මල් මල් දිගු ගවුමක් ඇඳ සිටි හෙයින් ගවුමේවත් හැට්ට කටුවක් ගසා තිබුනේ නැත. සෙරෙප්පුව සාදාගන්නට නම් නැගි කන්ද නැවතත් බැසිය යුතුය. මේ වෙලාවට සෙරෙප්පු සාදන්න් අවට සිටීදැයි සැකයක්ද සෙනුරිට ඇතිවිය. කැඩුනු සෙරෙප්පුව දැන් හදානොගත්තොත් හැල්මේ එකකට පසු එකක් හැල්මේ දිවයන්නට ඇති පන්තිවලට යැවෙනවා බොරුය.
        සෙනුරි දෑස් අගින් පනින්නට ආ කඳුලක් ආයාසයෙන් නවතා ගෙන වට පිට බැලුවේ කවුරුත් දකීදැයි සැකයෙනි. කැඩුනු සෙරෙප්පුවක් අතැතිව බෑගයකුත් අතින් එල්ලාගෙන අඬන ගෑනු ළමයෙකු දෙස පයින් යන්නන් කෙසේ බලාවිදෝ යැයි සියුම් ලැජ්ජාවකින් සෙනුරි ඇකිල ගියාය. සෙරෙප්පුව හදා ගන්වාද නැතිනම් පන්තියට යනවාද යැයි අතීරණයක පැටලුනු සෙනුරි මොහොතක් සිතුවායත
“අද නම් මහ වාත දවසක්“ කැඩුනු සෙරෙප්පුවට සුසුමක් හෙළු සෙනුරි ආපසු හැරුනේ සෙරෙප්පුව සාදාගැනීමට පහලට බැසීමටය.
“සෙරෙප්පුව කැඩුනා නේද?“ පිටුපසින් පැමිණි නිල් ටී ෂර්ට් කාරයකු සෙනුරි ඉදිරියෙන් නතර විය.
“ම්..ඔයා මොන පන්තියටද යන්නෙ? කෙමිස්ට්‍රිද?“
“ඔ.ඔ...ඔව්“
“මමත් යන්නෙ ඒකටම තමයි. ඔය සෙරෙප්පුව මට දෙන්න. මම හදාගෙන පන්තියට ගෙනත් දෙන්නම්. ඔයා හෙමින් පන්තියට යන්න. ඉන්ටවල් එකේදි මම ඔයාට සෙරෙප්පුව ගෙනත් දෙන්නම්.“
         පුදුම වෙන්නද නැත්නම් ස්තුති කරන්නද යන්න ගැන සිතීමට සෙනුරිට තත්පරයක්වත් නොසිතා සෙරෙප්පුව උදුරාගත් නිල් ෂර්ට් කාරයා අතුරුදහන් වී සිටියේය. මද වෙලාවක් ඔහු අතුරුදහන් වු දිශාව දෙස බැලූ සෙනුරි නැවතත් පන්තියට යන්නට හිත හදාගත්තාය.

“එයා මාව දන්නවද? පන්තියෙදි නම් දැකලා පුරුදු ගතියක් තියනවා ඒත් අපේ ඉස්කෝලෙ නෙවෙයි. හදිසියෙ හරි මාව හොයාගන්න බැරිවුනොත් මට සෙරෙප්පු දෙකක්! දවසම තනි සෙරෙප්පුවෙන් නොන්ඩි ගහන්න බෑනෙ. එහෙම වුනොත් යාළුවෙක්ගෙ සෙරෙප්පුව ඉල්ලගෙන ආපහු ටවුන් එකට ඇවිත් බාටා දෙකක්වත් ගන්න ඕනෑ. එතකොට හරි.
වෙනදේ වුනානෙ. දැන් ඉතින් ආපහු හැරේන්. “තනිවම තමාටම කියාගත් සෙනුරි තනි සපත්තුවෙන් නොන්ඩි ගසමින් පන්තියට ගියාය.

            දේශක තුමා පැමිණ එතරම් වෙලා ගතවී නොමැති බව සෙනුරි තේරුම් ගත්තේ තවමත් හිස් කළු ලෑල්ල දෙස බලමිනි. පිටුපස පේළි වල ඉඩ ඇති තැනක් තැනක් බලා වාඩි වූ සෙනුරි පොත් ටික එළියට ගත්තේ සටහන් ලියාගන්නට සැරසෙන්නටය. කළු ලෑල්ල පෙනන තැනක වාඩි වීමට හැකිවීමම සෙනුරිට සැනසුමක් ගෙනොවේය. පේළියෙන් පේළිය සටහන් පොතේ අකුරු ඇමිණු සෙනුරි මද වෙලාවක් කල්පනා කොට පොත අස්සේ තිබූ නිල් කාබන් කොලය අතට ගත්තාය. වරක් පන්ති නොපැමිණි  යහළුවෙකුට සටහන් ලියාදෙන්නට පාවිච්චි කල නිල් කාබන් කොලය තවමත් පොත අස්සේ සුරැකිව තිබිණි. කිසිදාක පොතේ මැද පිටු නොකැඩූ සෙනුරි සිතුවිල්කින්වත් සැකයක් නැතිව මැද පිටු හතරක් ඉරුවාය. කාබන් කොලය ඊට උඩින් තබා නැවතත් සටහන් ලියන්නට පටන් ගත්තේ ඒ දෙස පුදුමයෙන් බලා සිටි  වටේ සිටි නාඳුනන  මුහුණු කිහිපයට පිටුපාමිනි.  පිටුවෙන් පිටුව සෙනුරියේ අකුරින් සටහන් පිරෙද්දී නිල් කාබන් කොලය යටින් තවත් නාඳුනන මිතුරෙකුට සටහන් පිරෙන්නට විය. ටික වෙලාවක් ගත වෙත්ම පාඩම තුලම ගිලුනු සෙනුරිට සෙරෙප්පුවේ ප්‍රශ්නය අමතක විය.
         කොළ කැබලි,සූ පාරවල්,වැඩකට නැති ප්‍රශ්න ලියූ චිට් මැදින් මිනිත්තුවෙන් මිනිත්තුව කාලය ගතව ගියේය.පන්තියේ විවේක කාලය ළං වෙත්ම පිටුපස පේළිවල ළමුන්ගේ කලබල ගතිය වැඩි වන්නට පටන් ගත්තේය.
“හරි දැන් හැමෝම විනාඩි පහලොවක විවේකයක් අරන් ඉක්මනට එන්න.“ සර් පන්තියට දැනුම් දුන්නේ කළු ලෑල්ලේ ලියපු දේ මකන්නට සූදානම් වෙමිනි. 
          සටහන් පොත වැසූ සෙනුරි වතුර බෝතලය අතට ගෙන වට පිට බැළුවාය. සෙරෙප්පුවේ අලකලංචිය නැවත මතකයට ආවෙන් සෙනුරිට අසරණ බවක් දැනුනි. යාළුවන් ඉන්නේ කොහේදැයි බලන්නට දහස් ගණනක්වන ළමුන් මැදින් සෙනුරි සිටගත්තාය. ඉස්සරහා පේළියේ ශම්මි සිටිනවා දුටු සෙනුරි ඇගේ සෙරෙප්පු දෙක ඉල්ලා ගන්නට සිතා ඉඳගෙන සිටි බංකුව මදක් ඈත් කලාය.
“මොනවද බලන්නෙ?“ නිල් ෂර්ට් කාරයා ඇගේ ඉදිරියෙන් ප්‍රාදූර්භූත වූයෙන් සෙනුරි මදක් ගැස්සී ගියාය.
“මෙන්න ඔයාගෙ සෙරෙප්පුව. ගාණ රුපියල් විස්සයි.“ සිනාසෙන ඇස් දෙකක් ඇති නිල් ෂර්ට් කාරයා දැනුම් දුන්නේය.
“ආ..ගොඩක් ස්තුතියි. මෙන්න සල්ලි“ වචන ගැට ගසා ගන්නට ඉසිඹුවක් ලද විගස සෙනුරි බෑගයෙන් මුදල් ගෙන නිල් ෂර්ට් කාරයාට දුන්නේ ඔහු වෙනුවෙන් ලියූ සටහන් දෙනවාද නැද්ද යන්න සිතමිනි.
“කොයි වෙලාවෙද පන්තියට ආවෙ. ඔයා මාව දන්නවද?“ සෙනුරි ඇසුවේ ස්තුතිපූර්වක දෑසක් ඇතිවය.
“මම ඔයාව ඉස්සර පේළිවල ඉන්නවා දැකලා තියනවා.මම ආවේ දැන් පැයකට විතර කලින්. ඇයි දැක්කෙ නැද්ද මම එනවා. “
“නෑ..මම දැක්කෙ නෑ“ පිටුපස පේළිවල සිටි ගැණු ළමයෙක් පිටුපස හැරී බැලුවොත් වෙන සන්තෑසිය නැවතත් අමුතුවෙන් පැහැදිලි කරගත යුතුනොවේ. තරමට දන්නා සියළු වැඩ කෑලි දමමින් අන්තිම පේළිවල පිරිමි ළමුන් නැවතත් ඒ ගෑනු ළමයා පන්තියට එනතාක් කල් පිටුපස හැරී නොබලන බවට වග බලා ගනී.
“ඔයාගෙ නම?“
“මම අනුහස්. ධර්මරාජෙ.ඔයා?“
“මම සෙනුරි. ගොඩක් ස්තුතියි කරපු උදව්වට. මම නිසා ඔයාට පන්තිය මග ඇරුනා නේද? ආ මෙන්න මම උදේ නෝට්ස් ටික ලිව්වා.“
“ෂා මාරයිනේ. ඔයා නීට් එකට ලියලනේ. මේ සල්ලි එපා කොහොමද උදව්වට උදව්වක් හැටියට ඉන්ටවල් එකට පස්සෙ නොට්ස් ටිකත් ලියලා දෙන්න පුළුවන්ද?. මම ඔයාට කොළ ටිකක් ගෙනත් දෙන්නම්.“ අනුහස් පැවසුයේ ඇස්දෙක පුංචි කරමිනි.
“ආ..කමක් නෑ මා ගාව තියනවා“
“තැන්කූ..තැන්කූ. මේ ක්ලාස් එක ඉවර වෙලා ඔයා ගාමිණී සර්ගෙ පන්ති එනවා නේද? මම පෝළිම ගාවට එන්නම්. “
“ආ..හරි“ 
          සිදුවුනු දේ ගැන සිතන්නටත් කලින් අනුහස් අතුරුදහන් වුයේය. දඟකාරයෙකු වූ ඔහු කිසිදිනෙක මෙම පන්තිවල සටහන් ලියාගත්තේ නැත. ඉගෙන ගැනීම සෙල්ලමක් වූ ඔහුට කිසිවෙකු සටහන් ලියා දුන්නේ පළමු වතාවටය.
“සෙනූ ඔයා පරක්කු වුනාද? කමක් නෑ අපි ඉන්න තැන ඉඩ තියනවා එතනට යමු“ ශම්මි ළඟට පැමිණ තට්ටු කරන තෙක්ම සෙනුරි සිටියේ සිතිවිල්ලේය.
         විවේක කාලය අවසන් වී නැවතත් පන්තිය පටන් ගැනින. සෙනුරිගේ ඉතිරි සටහන්ද නිල්පාට කාබන් කොළය යටින් ලියැවින.
“කොහොම වුනත් හොඳ ළමයෙක්..නැත්නම් දුරගෙවාගෙන ගිහින් මට සෙරෙප්පුව හදලා දේවි යැයි“ සටහන් ලියන අතර සෙනුරි සිතුවාය.
පන්තිය අවසන් වී අනිත් පන්තිය පටන් ගන්න තුරු පෝළිමට වී කල්මරද්දී නැවතත් අනුහස් සෙනුරි සොයා ආවේය.
“ආ මෙන්න ඔයාගෙ නෝට්ස් ටික. “සෙනුරි අනුහස් වෙත සටහන් ලියූ පිටු කිහිපය දිගු කලාය.
“ඔයාගෙ උදේ නොට්ස් ටික කියෙව්වා. එත් මෙතන මේ ගාණ හදන හැටි නැහැනේ.“ අනුහස් සෙනුරිගෙන් ඇසුවේ උදේ ඔහුට දුන් සටහනක් පෙන්වමිනි.
“ආ සොරි ඒක මම හිතෙන් හදලා උත්තරේ දැම්මෙ. ඔක්කොම පියවර ලිවුවේ නෑ මම දැන් ලියලා දෙන්නද?. “ සෙනුරි පැවසුවේ කලබලයෙනි.
“ආ ඒකට කමක් නෑ. මොනවා හරි තේරුනේ නැත්නම් මම ඊළඟ සතියෙ පන්තියට කලින් එන්න. මම අහගන්න එන්නම්. ආ..තව එකක් ඊළඟ සතියෙ නම් සෙරෙප්පුව කඩා ගන්න එපා එතකොටම මට මේ ගාණ අහගන්න වෙන්නෙ නෑ. “ අනුහස් සිනා සෙමින් පවසා සෙනුරිගෙන් සමුගත්තේය.
එහෙත් එය සමුගැනීමක්ම නොවිනි.


රූගේ සටහන:


    මගේ රැකියාවේ මම කැමතිම දේ හරියට දවස සැලසුම් කලොත් දවසම සින්දු අහන්න හැකි වීමයි. දවසෙන් බොහෝ වෙලාවක් පාරේ ගතකරන විට කච කචයක් වූ රේඩියෝවද සිනාවක් ගෙන දෙයි. දවල් එකේ සිට හතර දක්වා සිරස රේඩියෝ හි විකාශය වෙන ආදරේ හිත පිරෙන තරම් ගුවන් විදුලි නාට්‍යයේ  තේමා ගීතය ඇහෙන වාරයක් පාසා මගේ හිතේ මැවුන සිතුවමක් ඔයාලා හැමෝම එක්ක බෙදාගන්න හිතුවා. 



ලස්සන සිංහල සින්දු ගොඩක් තිබුනත් ගී සිරිනි වල ඒවා ලියැවෙන්නැත්තෙ මට වඩා ලස්සනට සිංහල සින්දු ගැන ලියන බ්ලොග් සහෘදයො ඉන්න නිසා. ඒත් කාලකෙට කලින් ලියූ මේ වගේම ගෙත්තමක් මෙතනින් බලන්න පුළුවනි.


2012/07/26:
මේ සින්දුවේ වටපිටාව මෙහෙමයි
පද සිත්තම: සමන් එදිරිමුණි
නාද සිත්තම: දුශාන් ජයතිලක
හඬ සිත්තම: දුශාන් ජයතිලක, උරේශා රවිහාරි




68 comments:

  1. නොදන්නව වගේ ඉන්න එකෙත් ගතියක් තියෙනවා ;)

    ReplyDelete
    Replies
    1. හ්ම් ඒකත් එහෙමද?
      හැබැයි ගොඩක් කල් නම් හැංගි හොරා වැඩ කරන්න එපා පෙරහැර යාවි..

      Delete
  2. නියමයි.ඊට පස්සේ ආදරයක් ඇති උනාද?? :)

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ වුන දේ ඔයාලට හිතන්න බාරයි..

      Delete
  3. හික්ස්...
    මරු මරු මරු...
    මට පුසාගෙ ක්ලාස් එක මතක් උනා..
    පට්ට..

    ReplyDelete
    Replies
    1. ම්..අපි හැමෝටම උසස්පෙළ පන්ති ගියපු රසබර කාලයක් තියනවා නේ..
      පූසා කියන්නේ කාටද?

      Delete
  4. හරිම ලස්සන කතාවක්! හරියට ටෙලිඩ්‍රාමා එකක ආසම කොටසක් බැලුවා වගේ. ඉස්කෝලේ යන කාලේ ආදරේ තරම් සුන්දර, අහිංසක ආදරයක් ආය කොහෙන්වත් හොයන්ට බෑ නේද?:D

    ආපහු මතක තියෙන විදියට නුවරට හිතිනුත් ගියා. දැන් නුවර ඒ හිතේ තියන මතකයට වඩා ගොඩාක් වෙනස් වෙලා. ඒත් මම ආසා ඒ පරණ නුවරටයි.

    ReplyDelete
    Replies
    1. ඉස්කොලේ කාලෙ ආදරේ හරිම බොළඳ අහිංසක ඒවා තමයි පොඩ්ඩි..ඒත් ඒවා හරියට පෙණ බුබුළක් වගේ කියලා මට හිතෙනවා..
      අපේ ඉස්කෝලෙ කාලෙ ආදර අන්දර එකක්වත් විවාහයක් තරම් නම් දුර ගියේ නෑ..

      නුවරට ආදරයක කරන ගොඩක් අය අතරට මාත් එකතුයි..ලස්සන සැමරුම් ගොඩක් තියනවා..ඒත් මම නම් දැන් තියන නුවරටත් ආසයි..එපාම වෙන වැඩේ තමා කොළඹ පාරේ ට්‍රැෆික් එක..!!

      Delete
  5. මේ කතාවනම් සුපිරි.... මටත් ක්ලාස් ගිය කාලෙ මතක් වුනා :(

    ReplyDelete
    Replies
    1. ම්..ඒ කාලෙ කියපු කරපුවා මතක් කර කර තාම රසවිඳින්න පුළුවන් නේද මාළු..

      Delete
  6. ඉතුරු ටික ප්‍රේමනීය වෙයි නෙහ්

    ReplyDelete
    Replies
    1. ම්..එහෙම වුනොත් හොඳයි..ඒත් කතාව මෙතනින් ඉවරයි..

      Delete
  7. කතාව කියවන් යද්දි අපි හිතින් ගියේ අපේම අතීතෙට..

    ReplyDelete
    Replies
    1. ටියුෂන් පන්ති සංස්කෘතියේ නොමැකෙන මතක..
      අද ගොඩක් අය මේ ඉගැන්වීම් ක්‍රමයට බැන්නට අපි නම් ඇත්තටම හොඳට ඉගෙන ගත්තා මතකයි...

      Delete
  8. මම නම් කවදාවත් පන්තියේ ඉස්සරහා පේලියකට යන්නේ නෑ. වැරදිලා හරි ගියපු දාට එක්කෝ නහුතෙට ගුටි කනවා නැත්නම් බැනුං අහනවා... මට හරියන්නෙම අන්තිම පේලි සෙට් එක !!!

    මොනා උනත් අනුහස් කියන්නේ හොද කොල්ලෙක් !

    ReplyDelete
    Replies
    1. ඔයාට නම් ඉස්සරහා පේළිවල අපලයක් තිබිලා වගේ..
      ඇත්තටම කියනවා නම් මම ඉස්සරහා පේළිවල වාඩි වෙන්නෙ උස ළමයි වාඩි වුනාම අපි වගේ දොඩං ගෙඩි දෙකක් උස නැති අයට අමාරුවේ වැටෙන නිසා..

      දැන්නම් පුරුදු වෙලාම කොහේ ගියත් ඉස්සරහා පේළියේ වාඩි වෙන්න බලනවා..හැබැයි ඔහොම ගිහිල්ලා අමාරුවේ වැටුනෙ චිත්‍රපටියක් බලන්න ගියපු වෙලාවක..

      Delete
  9. ආව් ආව්........ ඔය එන්නේ.. :-)))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මොනවද රජෝ එන්නේ?

      Delete
  10. හරිම ලස්සනයි අක්කියෝ කතාව..අනේ තව කොටස් තියනවා නේද ඉවරවුනේ නෑනේ....

    ReplyDelete
    Replies
    1. කතාව ඉවරයි නගේ..
      අයියෝ මට සමාප්තයි කියලා දාන්න බැරි වුනානේ...:D

      Delete
  11. ලස්සනයි! අහෝ මාගේ ටියුෂන් කාලය! :)සූ ගගා කෑගගා ඉන්නව ඇරෙන්න කෙල්ලෙක්ට ලයින් එකක් දාන්නවත් කල්පනාවක් තිබ්බෙ නැති හැටි :)

    ReplyDelete
    Replies
    1. අයියෝ මේ ඉන්නෙ අන්තිම පේළිවල පිස්සෝ..
      ඒ දවස්වල නම් අපේ ගොඩක් අය කලේ ලයින් දාන එක විතරයි..

      Delete
  12. නියම කතාව, මම හිතුවෙ දිගටම යන කතාවක් වෙයි කියල!
    උඩ සබිත් සහෝ කිව්ව වගේ ක්ලාස් ගිය කාලේ ඔහොම දේකට උනන්දුවක් ඇති වුනෙ නෑනෙ අපරාදෙ කියල හිතුනා :D

    ReplyDelete
    Replies
    1. නැ ගිම් මේ කතාව මෙතනින් ඉවරයි..ඔයාලට කැමති අවසානයක් දෙන්න පුළුවන් හොඳේ...

      ඒ කාලේ ඒවා ගැන හිතුවා නම් අද මෙහෙම ඉඳියිද ගිම්..?

      Delete
  13. බලමුකෝ ඉස්ස්සරහට මොකෝ වෙන්නේ කියලා ...

    ReplyDelete
    Replies
    1. බලන්න දෙයක් නෑ සහෝ..හිතලා බලන්නකෝ..
      (සොරි යාළු..කතාව මෙතනින් ඉවරයිනේ)

      Delete
  14. මාත් ඔය කන්ද නැගලා තියෙනවා.
    හිත අතීතයට ඇදිලා ගියා.
    රූ ට ඒ ගැන බනින්නද, ස්තුති කරන්නද මන්දා?

    ReplyDelete
    Replies
    1. සුධර්මාරාමේ විතරක් නොවෙයි සුබෝධාරාමෙත්!

      Delete
    2. ම්..සුධර්මාරාමයේ කන්ද උඩවත්ත කැලේ බලන්න යන හැමෝටමයි පන්ති ගියපු දහස් ගණන් සිසුසිසුවියන්ටයි කවදාවත් අමතක නොවේවි..

      කතන්දරගේ අතීත මතකයන් මේ හා බැඳී තිබීම ගැන සතුටුයි..ස්තුති කලත් බැන්නත් මගේ අමනාපයක් නෑ..

      සුබෝධාරාමය තියෙන්නෙ කොහෙද?

      Delete
  15. මමත් ඒ කාලෙ පන්ති යනකොට උදේ පහටවත් පිටත් වුනා.සින්දුව අහන්න විදිහක් නෑ නෙ.

    ReplyDelete
    Replies
    1. අයියෝ සින්දු අහන්නම ඕනෑ එකක්..උරේශාගෙයි දුෂාන්ගෙයි කටහඬවල් අපූරුවට මුසුවෙලා තියනවා..

      පන්ති යන්න ඒ දවස්වල නැගිටින එකත් වාතයක් වුනා නේද? අපේ අම්මා නම් තාම කියන්නෙ අපිට වැඩිය එයා ඒ ලෙවල් කරන්න මහන්සි වුනා කියලා..ඇයි උදේට ඇහැරවන්න කෑම හදන්න අපිව බස්එකට ඇරලවන්න එකී මෙකී නොකී දාහක් දේවල් කලේ එයානේ..

      Delete
  16. හරි ආසයි මම මේකට

    ReplyDelete
    Replies
    1. සින්දුව නම් ගොඩක් ලස්සනයි තමා සිඳු..මම නිතරම අහන එකක්..

      Delete
  17. කතාව පටන් ගත්ත විදිහ නම් හොඳා. කරුමෙට අපි ඔය වගේ චාන්ස් වදින්නේ නැහැනේ :(

    ReplyDelete
    Replies
    1. හික්ස්..
      කැළණිය කැම්පස් එකෙත් නගින්න කන්දක් තියනවා නේද? ටික දවසක් බලන් හිටියොත් සපත්තුවක් කැඩුන නංගි කෙනෙක් හොයාගන්න බැරිවනෙ එකක් නෑ..

      Delete
  18. මේ කතාව මම කියවන්න පටන් ගත්තෙ කම්මැලි කමින්. මම හිතුවෙ කොටස් වශයෙන් යන එකක් කියලා. නමුත් කියවලා ඉවර උනාට පස්සෙ හිතුනා අපරාදෙ මේක මෙතනින් ඉවරවුනොත් කියලා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මේ සින්දුව අහන හැම වෙලේම මම අපි උසස්පෙළ කරපු ටියුෂන් ගියපු කාලය මතක් වෙනවා..එහෙම වෙලාව හිතුනු සිතුවිල්ලක් මේක..ඒත් එතනින් එහාට මම ගොතනවාට වඩා ඔයාලා තම තමන්ගෙ වර්ශන් එක හිතන එක ලස්සන වේවි..

      ස්තුතියි හෙන්රි..ඔයාගෙ කොමෙන්ටුව මම ප්‍රශංසාවක් හැටියට පිළිගන්නවා හොඳේ..;)

      Delete
  19. බොරු කියන්න ඕනි නෑ අක්කි!! මේක කියවලා මාව පිස්සු වැටුනා.. ඔය ව්අගේ නිල් ශර්ට් කාරයෝ ඉන්නෙ කතා වල විතරයි හෆ්ෆා.... :( :( :D

    නියමයි!! ලස්සනට ලියලා.. මට මැවිලා පෙනුනා... සුධර්මාරාමෙ නෙවෙයි හැබැයි!!! රොටරිය...:p

    ReplyDelete
    Replies
    1. තැන්කූ නගේ..
      ඇත්තම කියනවා නම් ඔය නිල් ෂර්ට් කාරයෝ ඉන්නෙම ෆැන්ටසි කතාවල විතරයි..ඔයත් එක්ක 100%ක් එකඟයි..:P
      ඒක නම් හරිම අවාසනාවන්තයි..

      ටියුෂන් මතක පොතේ පිටු නම් අනන්තයි නේද?

      Delete
    2. මටත් මතක වුනා මම ගියපු ගණන් ක්ලාස් එකේ පොඩි කඳු ගැටේ එතන කෙල්ලෙක් ගේ සෙරෙප්පුවක් කැඩුනා ඒත් ඒ කාලේ අපි එච්චර ප්‍රමාන්විත නැහැ නේ.

      Delete
    3. ඒ දවස්වල අපි මේ වගේ දුර දිග හිතන්නෑනේ නේද?

      Delete
  20. කතාව නියමයි. පැහැදිලියි, නිරවුල් කියන දේ තේරෙනවා. මම සින්දුව අහලා නෑ. ඒත් මට මතකේ හැටියට සින්දුව ලියල තියෙන්නේ සමන් එදිරිමුණි කියන ලේඛකයා. මම වැරදිනම් නිවැරදි කරන්න. තව එකක්, සමන් එදිරිමුණි කියන ලේඛකයාගේ ගොඩක් නිර්මාණ සුපිරි ඝනයේ එව්වා වුනත්, ඔහුට ඒවාට ඇගයීමක් නොලැබෙනවා කියල තමයි ඔහු කියන්නේ. මේ ගීතය ගැන නම් දන්නේ නෑ. මං කිව්වේ ඔහු අතින් ලියවෙච්ච අනික් සමහර ගීත. "ඉලන්දාරියෝ/ ලියු කවිපද" වගේ ගීත

    ReplyDelete
    Replies
    1. මේ සින්දුව විකාශය වෙන්නෙ සිරස රේඩියෝ එකේ ආදරේ හිත පිරෙන තරම් කතාව යන වෙලාවට විතරයි..හැමදාම සතියෙ දවස්වල හවස 1-4 දක්වා අනිවාර්යෙන්ම සිරස රේඩියෝ එකේ යනවා..

      ස්තුතියි කතාව ගැන පැසසුවාට..

      ඔව් මේ ගීය ලියලා තියෙන්නෙ මේ රේඩියෝ නාටකයේ පිටපත ලියපු සමන් එදිරිමුණි තමා..ස්තුතියි පැතුම් ඒ ගැන මතක් කලාට..ඔන්න මම පෝස්ටුව ආපහු හැදුවා..එයාගෙ සින්දු ගැන ආයෙත් වෙලාවක හොයන්න ඕන..

      Delete
  21. Machan. Patta. Puluwna nam meka digatama liyanna. mama bookmark dagannam. please

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළු..මේ පැත්තෙ ආවාට..
      හැබැයි මේ කතාව මෙතනින් ඉවරයි..බලමු වෙන කතාවකින් එකතු වෙන්න..

      ඒක නෙවි ඔයාට පුළුවන්ද මේ කතාව දිගටම ලියන්න?

      Delete
    2. Try akak dennam machan. liyaganna puluwan unoth mama oyata mail akak dannamko.

      Delete
  22. I like this song but hate these type of dramas.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හරී කොමෙන්ටුවට..
      අපි හැමෝගෙම වෙනස් රසවින්දන මානයන් තියන නිසා මේ කතාවට හැමෝමටම ආසවෙයි කියලා මම බලාපොරොත්තු වුනේ නෑ..
      කතාව කෙසේ වෙතත් මට ඕන වුනේ සින්දුව හරහා අතීත මතකයන් අවදි කරන්න..

      Delete
    2. පෝස්ට් එක නම් කියෙව්වෙ නෑ.. ඔය අර රේඩියෝ එකේ යන කතාවනෙ.. අමුතුවෙන් කියවන්න දෙයක් නෑනෙ නේද?

      "අනේ අනුහස්" කිය කිය කෙඳීරිගානවා ඇහෙද්දි මට රේඩියෝ එක පොළේ ගහන්න හිතෙන්නෙ.. මගෙ රේඩියෝ එකක්නම් වහලා නිකන් ඉන්නවා.. බස් එකක නම් හිතින් බැන බැන යනවා..

      Delete
    3. රේඩියෝ කතාවෙ නම් ටිකක් විතර රබර් ගතියක් තියනවා තමා..ඒන නිසයි ඒ කතාව එපා වෙන්නෙ..නැත්නම් ටිකක් කෙටි කලොත් කතාව හරි ලස්සනයි..

      ඔයා මගේ පෝස්ටුව කියවන්නෙත් නැතිවද කෙමෙන්ට් කලේ..හයියෝ සල්ලි..
      මේ ඒ කතාව නෙවියි හලෝ..ඒ චරිත වල නම් අරගෙන මම ලියපු කතාවක්..හ්ම්..දැන් ගිහින් කියවලා එන්න..

      Delete
  23. මරු, එළ, පට්ට, විශිශ්ඨයි, සුපිරියි, සිරා, ටොප්, ශෝක්... ජය !!

    ReplyDelete
    Replies
    1. සෙන්නා,
      අයියෝ මේ මොකද මේ..සමාන පද හොයනවද?

      තැන්කූ..ස්තුතියි..ශුක්රියා..ප්‍රණාම්..කොනිචිවා..කුමස්මිතා
      :P

      Delete
  24. ශා ලස්සන සින්දුවක්...ඊට වඩා ලස්සනයි කතාව. රූප ටික හිතේ ඇඳිලාම පෙනුනා. රූ ට තියෙන්නේ හොඳ හැකියාවක්. තවත් මේ වගේ ඒවා ලියන්න කියලා ඉල්ලනවා.

    ReplyDelete
    Replies
    1. තැන්කූ සයු..දිරිමත් කිරීමට..

      Delete
  25. සිදුව මම ඇහුවේ ඉස්සෙල්ලම.. මාරම ලස්සනයි.. කතාවත් ඒ වගේමයි අක්කේ..

    ReplyDelete
    Replies
    1. ම්..සින්දුවේ අමුතු ලස්සනක් තියනවා නේද?
      මමත් ගොඩක් ආසයි මේ සින්දුවට..

      Delete
  26. මම ආසම සින්දුවක්....රූ.....හැබැයි ඒකටම හරියන්න ලස්සන කතාව...හරිම ලස්සනයි...මම හිතුවෙ දිගටම කතාව ලියයි කියලා....

    ආසම සින්දු අතරින් ලස්සනම සින්දුවක් හැබැයි අදයි දැනගත්තේ ලිව්වෙ කවුද කියලා...සමන් එදිර්මුණි කියන්නෙ ආදරේ ගැන ගොඩක් දන්න කෙනෙක් වගේම ආදරේ නොදන්න අයට කියල දෙන්න පුළුවන් කෙනෙක්...ඉතින් සින්දුව ගැන කවර කථාද?....

    පෝස්ට් එකනම් නියමයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිත්තමී..දිගටම ලියන්න තරම් නම් මගේ පරිකල්පන ශක්තිය මදි..ඒක නිසා මේකෙ ඉතුරු ටික ඔයාලම හිතාගන්නකෝ..

      සින්දුවේ ඇත්තටම වෙනසක් තියනවා..ඒක හරිම සරලයි ඒ වගේම ප්‍රේමණියයි..

      ස්තුතියි ඔයාට ආයෙත්, මේ පැත්තෙ ආවාට..

      Delete
  27. අදමයි මේ පැත්තට ආවේ..:))
    නියම කතාව අක්කේ.ඒ'ලෙවෙල් පන්ති ගිය කාලේ මතක් වුනා මට.
    මේක දිගටම ලියන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රමුදි මේ පැත්තෙ ආවාට..ඒ ලෙවල් කරන කාලෙ තමා අපේ තරුණ වයස පටන් ගන්න කාලෙ
      ඒ කාලෙ ආදරණිය මතක නිමක් නෑ..මේ වගේ කතාවක් නොවුනත් මේ වගේ මතක ගොඩක් මගේ පෙට්ටියෙත් තියනවා...

      Delete
  28. හොඳ ප්‍රේමණීය සිහිවටනයක් ආරම්භ වෙන්නෙ මේවගේ සිදුවීමකින්. ඒ අනුව මේ කතාව පුංචි සිදුවිමක් වටා ගෙතුනත් ඒතුල මවා ගන්න පුළුවන් විවිධ පැති සහ මානයන් ගනනාවක් තියෙනවා. එක් එක්කෙනාට තමන්ට රිසි සේ ඒ සිතුවිල්ල ඉදිරියට ගොඩ නගා ගත හැකියි. ඒ නිසා මේකතාවට මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දයානන්ද..ඇත්තටම මට ඕන වුනේ ඉතුරු කතාව කියවන පාඨකයාට ගොඩනගා ගන්න දෙන්න..
      ඒක් පෝස්ටුවේ දැම්මෙ නැත්තෙ කෙමෙන්ට් කරන අය හිතන විදිහ වෙනස් වේවි කියලා..
      කොහොම වුනත් හැම ප්‍රේම කතාවම පටන්ගන්නේ මේ වගේ පොඩි සිදුවීමකින්..

      Delete
  29. මේ කතාව ගොඩාක් ලස්සනයි මේ තවත් කතාවක ආරම්භයක්ද? මේ වගේ කොල්ලෙක් ඒ වගේ දෙයකට ඉදිරිපත් වෙන්නේ ෆිල්ම් එකක විතරයි.

    අය්ර්ත් සැරයක් කියනවනම් කතාව එළ..

    ReplyDelete
    Replies
    1. කතාව දිගටම ගොතන්න පුළුවන් ඔයාලට..
      ඔන්න මම පටන් අරන් දුන්නා..:)

      තැන්කූ යාළු...

      Delete
  30. මම ගැන කියන කතාවක් ද කොහෙද... මටත් ඔහොම වැඩක් වුණා සුධර්මාරාමයේදි ම. තිලක් සර් ගෙ ක්ලාස් ඉවර වෙලා හවස ඩෙස් උඩින් පැන පැන දුවද්දි සෙරෙප්පුව කැඩුණා, ටික දුරක් ඇද ඇද ආවත් එක එකා බල බල යන හින්දා සෙරෙප්පු දෙක ගලවලා ගත්තා අතට. කලිසම හොඳටම පාත්කරගත්තා. දැන් කාටවත් හොයන්න බෑ සෙරෙප්පු නැහැ කියලා. හේමමාලි එක ළඟින් බස් එකට නැඟලා බස් එකේදී ආයෙමත් සෙරෙප්පුව දාගත්තා...
    …අනිත් වැඩේ තමයි ඔය විදියට සුදර්මාරාමෙදි මමත් ඔහොම ගෑණු ළමයෙක්ගේ සෙරෙප්පුව කැඩිලා හදාගන්න කියලා සල්ලි දුන්නා, (හදලා නම් දුන්නෙ නැහැ ). එයා තමයි අද මගේ ආදරණීය ______!!!!

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම් ඉස්සෙල්ලාම..ඇත්තමට කියනවා නම් මේ කතාව මට හිතුන දෙයක්..අඩුම ගණනේ මගේ යාළුවෙකුටවත් සිද්ධ වුනු දෙයක් නෙවියි..
      ඒත් ඇත්තටමත් එහෙම ළඟින් යන කතාවක් වෙලා තිබුනා කීවහම සතුටුයි..

      මේ වගේ පුංචි පුංචි සිද්දිවලින් මුළු ජීවිතේම හැරවුම් ලක්ෂ්‍ය තීරණය කරනවා කියන්න තවත් උදාහරණයක්..

      තැන්කූ ලහිරු කතාව කිව්වාට..

      Delete
  31. ඇත්තටම මේ post එක කියවන්න මම සෑහෙන දවසක ඉදලා බලා ගෙන හිටියා ඒත් අමතක වෙලා ගියා. ඔන්න කොහොම හරි කිවලා ඉවර කලා. ලස්සන post එකක් අක්කී. අපි මේ වගේ කථා සෙට් එකක් එකතු කරලා පොඩි පොකත් print කරමු. මගෙන් උපරිම සහයෝගය.

    ReplyDelete
    Replies
    1. තැන්කූ මකල් දිරි ගැන්වීමට..

      Delete