Monday, June 30, 2014

වෙනසට එරෙහිව-ටයිටන් විප්ලවය 5

පළමු කොටසට
මෙතෙක් කතාව...

     මේ ඉන්දියාවේ ටයිටන් ඔරලෝසු සමාගමේ විප්ලවීය නිර්මාණයක් වූ ලොව සිහින්ම ජලප්‍රතිරෝධක ඔරලෝසුවේ කතාවයි. ස්වදේශීයත්වය අගයමින් සංවර්ධිත රටවල් කෙරෙහි වූ සෙය්‍ය මාන ආකල්පය ජයගනිමින් තම රට තුල නිපදවූ විස්මිත නිර්මාණයක කතාවයි. 
සර්සස් දේසයි 

අභියෝගය ජය ගැනීම: ඔරලෝසු චලිතය
    සුබ්‍රමන්යා භට් හා බී.ජී ධ්වරකාන්ත්ගෙන් අත්පොත් තැබූ පර්යේෂණ කණ්ඩායම ඔරලෝසු චලිතය නිර්මාණය ආරම්භ කළහ. එහෙත් ඒ වන විට ඔරලෝසු චලිතය කෙසේ විය යුතුද ලෝකයේ දැනට පවතින මිමි සහ පැරාමිතීන් මොනවාද යන්න පිළිබඳව ඔවුන්ට වැඩි අවබෝධයක් තිබුනේ නැත. ඔවුන් ඔරලෝසු චලිතය මුල සිට නිර්මාණය කරන්නට පටන් ගන්නා තනිව සැදුනු කණ්ඩායමක් විය. කිසිදු අයුරකින් ඔවුන්ට කොපි කිරීමට හෝ වෙනස් කිරීමට ආකෘතියක් ලැබී තිබුනේ නැත.
    එනිසාවෙන්ම මෙම අභියෝගය අති දැවැන්ත එකක් විය. දැනට පවතින මිමි 3.4 සිට මිමි 1.15 දක්වා ඔරෙලා්සු චලිතයේ ඝණකම අඩුකිරීමට සුසමාදර්ශිය වෙනසක් අවැසි වී තිබිණි. (Paradigm Shift) එය නිර්මාණය, සැලසුම් කිරීම, නිෂ්පාදනය, එකලස් කිරීම හා තත්ව පරීක්ෂාව යන සියලු අංශයන් නැවත සිතන්නට පොළඹවන වර්ගයේ තාක්ෂණික අභියෝගයක් ජයගත හැකි වෙනසක් විය යුුතු විය. වෙනත් ලෙසකින් කියනවා නම් මෙතෙක් නිපදවූ සියලු අංගෝපාංග විශේෂයෙන් බැටරිය හා ස්ටෙප් මෝටරය තවත් කුඩා කර දී ඇති කුඩා ඉඩ තුළට රිංගවිය හැකි ආකාරයෙන් තැනිය යුතු විය. බැටරිය ගත්කල අපි සැවොම දන්නා උභතෝකොටික ප්‍රශ්නය වන්නේ බැටරිය කුඩා වද්දී එයට ගබඩා කල හැකි ශක්තියද එයට සමානුපාතිකව අඩු වීමයි. එය දෙකින් එකක් ආකාරෙය් අභියෝගයකි. බැටරිය කුඩා කල හැකිය නැතහොත් අවශ්‍ය විද්‍යුත් ශක්තිය ගබඩා කරගත හැකි විශාල බැටරියක් යොදාගැනීමට සිදුවේ. එම කාරණා දෙකම සම්පූර්ණ කරගැනීම කල නොහැකි දෙයකි. එහෙත් ඔබද මමද එය දනිමි. නිර්මාණශීලීත්වය යනු දෙකින් එකක් නොව දෙකම කරන්නේ කෙසේද යන්න සොයාගැනීමයි. 
     ඔවුන්ගේ සුපුරුදු බැටරි නිෂ්පාදකයින් සියලු දෙනාම පැවසුයේ එය කල නොහැකි දෙයක් යනුවෙනි. තමන්ගේ සුපුරුදු හවුල්කරුවන්ගෙන් මිදී නැවත ඉතා පරීක්ෂාවෙන් සොයා බැලු විට ඔවුන්ට සෑහීමකට පත්විය හැකි ශක්තියක් ගබඩා කරගතහැති මිමි 1.05 ක ඝනකමකින් යුතු බැටරි නිෂ්පාදකයෙක් ඇමරිකාවෙන් හමුවිය. 
එහෙත් එයත් සෑහුණේ නැත. ඔරලෝසුවක ජල ප්‍රතිරෝධක තත්වය බොහෝ කාලයක් පවතින්නට නම් එහෙි පිටුපස කවරය නිතරම ගලවන්නට සිදු නොවිය යුතුය. බැටරිය මාරුකිරීම සඳහා පිටුපස කවරය ඉතා අඩුවෙන් ගලවන්නට සිදුවන තාක් කල් ජල ප්‍රතිරෝධකතත්වය සුරැකිව පවතී. එය සත්‍ය වන්නේ බැටරියේ ශක්තිය බොහෝ කාලයක් භාවිතා කිරීමට හැකි අයුරින් සුරැකිව තිබුෙණොත් හා එහි ගබඩා කිරීමේ හැකියාව වැඩි වුවහොත් පමණි. 
බැටරියේ ජීවත කාලය හා එහි ගබඩා කල හැකි ශක්තිය අවැසි ලෙස වැඩි කල නොහැකි නමි ඉතිරි වන අනෙක් විසඳුම වන්නේ මෙම ශක්තිය වැය කෙරෙන සිඝ්‍රතාවය අඩු කිරීමයි. ඒ සඳහා ඔරලෝසු චලිතයට අවැසි ශක්තිය අඩුකල යුතු ක්‍රමයක් සිතා බැලිය යුතු විය. ඔරලෝසුවක වැඩිපුරම ශක්තිය වැය වන්නේ එහි හදවත බඳුවූ ස්ටෙප් මෝටරයයි. ඔරලෝසු කටු කරකැවෙන්නේ ස්ටෙප් මෝටරය මගිනි. ඔරලෝසු බැටරියෙන් වැඩි ශක්ති ප්‍රමාණය් වැය වන්නේද ස්ටෙප් මෝටරය ක්‍රියා කරවීමටයි. මෙම මෝටරයේ ශක්ති පරිභෝජනය අඩු කරන්නේ කෙසේද? තවත් අළුත් ගැටලුවක් ඔවුන් ඉදිරියේ ඇත.
     ස්ටෙප් මෝටරය වෙනම ගත්තත් එය ඉතා සංකීර්ණ කොටස් වලින් සැදූවක් වූ අතර ඒවා කුඩා කරනවාට අමතරව එහි ශක්ති පරිභෝජනයත් අඩකින් අඩු කල හැක්කේ කෙසේද? 
     ඔවුහු බැටරියේ ආයුකාලය දිගු කිරීමට හැකි සිිලිකොන් චිපයක් නිර්මාණය කරන අතරේම ස්ටෙප් මෝටරය දැනට වැය කරනා ශක්තිය අඩකට අඩු කර හැකි ක්‍රමයක්ද සොයන්නට පටන්ගත්හ. අවසන ඔවුන් අපේක්ෂා කලේ බැටරියේ ආයු කාලය දෙගුණයක් කිරීමයි. 
      පර්යේෂණ කණ්ඩායම මගින් ගන්නා ලද තීරණයට අනුව මෙම ස්ටෙප් මෝටරය නිර්මාණය හවුලේ සිදුකිරීමටත් එහි කොටස් නිෂ්පාදනය ස්විට්සර්ලන්තයට භාරදීමටත් තීරණය කෙරිනි. ඉතා කුඩා මේ ස්ටෙප් මෝටර් කොටස් තමන්ගේ කර්මාන්තශාලාවේදී එකලස් කිරීමට අවැසි යන්ත්‍රෝපකරන ලහි ලහියේ ටයිටන් තුල නිශ්පාදනය කෙරිණි. 
මෙම කණ්ඩායමේ ආකල්පය ගැන මදක් සිතා බලන්න. ඔවුන්ට හමුවුනු තරමක් හමුවූයේ ජය ගැනීමට අපහසු අන්දමේ අභියෝගයි. එහි එක් සාමාජිකයෙකු පසුව පැවසූ අන්දමට ජය ගැනීමට අපහසු කල නොහැකි අභියෝග ගැන කණිපින්දම් කියාගෙන ඔවුන් සර්සස් දේසයි ලඟට ගිය විට ඔහු පළමුව ඔවුන් සමඟ එක්ව කඳුළු සැලුවේ මෙය කෙතරම් ලොකු අභියෝගයක්දැයි පිළිගනිමිනි. දෙවනුව ඔහු ඔවුන්ගෙන් ඇසුවේ “දැන් මේකට මොකද කරන්න හිතාගෙන ඉන්නේ?“ යන්නයි. එයට පිළිතුරු සපයනුවස් ඔවුහු විසඳුම් සොයාගත්හ. නැතහොත් විසඳුම් නිර්මාණය කළහ. 

       දැන් ලොව සිහින්ම ජලප්‍රතිරෝධක ඔරලොසුවේ චලිතය බොහෝ දුරට නිර්මාණය කර අවසන්ය.  ලොව සිහින්ම ඔරලෝසු චලිතයේ සංකල්පනාවේ සිට නිෂ්පාදනය දක්වා තිබූ දිර්ඝ ගමන් මගේ ඔවුහු බොහෝ නිර්මාණශීලී සොයාගැනීම් කලහ. විටෙක ඔවුන් ඒ සඳහා අවැසි උපකරණ, මෙවලම් හා නිශ්පාදන පහසුකම් පිළිබඳව නැවත අධ්‍යනය කරමින් අළුත් දෑ සොයාගත්හ. ඔවුන් හට පිළිපදින්නට එම කර්මාන්තයේ සම්මත මිනුම් තිබුනේ නැත. තිබුනත් ඔවුන් හා එක්වන්නට වෙනත් තරඟකරුවන් එකතු නොවනු ඇත. සියල්ලම ඉතා සුක්ෂම අයුරින් තමන්ගේ කණ්ඩායම තුලම නිර්මාණය කරගත යුතු විය. 
     අවසන මිමි 1.15 ක ගණකමින් යුතු ඔරලෝසු චලිතය නිර්මාණය කර සම්පූර්ණ වූ අතර එයට අලංකාර මුහුණතක් හා ආවරණයක් අවැසි විය. මෙම ආවරණය ජල ප්‍රතිරෝධක විය යුතු විය. 

අභියෝගය ජය ගැනීම; ඔරෙලෝසු ආවරණය 
ඔරලෝසු චලිතය නිර්මාණය වූ අවසන සර්සස් දේසයි මෙම ආවරණය පිළිබඳ අභියෝගය ජය ගැනීමට ඉංජිනේරු අංශ ප්‍රධානී බී.වී නාගරාජ්හට පැවරුවේය. මිමි 1.15ක් සිහින් තමන්ගේ වැඩකරන ආකෘතිය රැගෙන නාගරාජ් හා ධ්වරකාන්ත්... ඉතිරිය ඊළඟ කොටසින්..


පින්තූරය: http://titanworld.com/in/the-brand/titan-story/

18 comments:

  1. රූ.. මේ විස්තර ටික නං පංකාදු පහයි... තැන්කුයි. උම්මා...

    ReplyDelete
    Replies
    1. :)
      යූ ආර් වෙල්කම් දේශකයා..

      Delete
  2. අභියෝග ජයගන්නා හැටියනම් කදිමයි.. විස්තරනම් මදි මදි වගේ...

    ReplyDelete
    Replies
    1. අවාසනාවට තාක්ෂණික විස්තර ගොඩක් මේ පොතේ නැහැ. ආකල්ප වෙනසක් සිදුවන්නේ කොහොමද කියලා විස්තර කරලා තියනවා මිසක්..

      Delete
  3. >>කිසිදු අයුරකින් ඔවුන්ට කොපි කිරීමට හෝ වෙනස් කිරීමට ආකෘතියක් ලැබී තිබුනේ නැත.<<
    මම නම් කරන්නේ අර ඔයා කලින් කිව්ව හීනි නමුත් ජලප්‍රතිරෝධය නැති ඔරලෝසුවක් ආදර්ශයට ගන්න එක.
    මම නම් දන්න විදියට ඔය ජලප්‍රතිරෝධය තනිකරම සඳාපවතින්නේ පිටිපස්සේ ප්ලේට් එකට සහ නොබ් එලියට එක තැන්වල තියෙන උසස් තත්වයේ සිලිකෝන් රබර් මුද්‍රා සහ ඒවායින් එකට එකතු කරන ලෝක කොටස් වල සුමට නිමාව මතයි. ඒ එක්කම ඕක තද කලයුතු එක්තරා ප්‍රමාණයක් ඇති. අපි ජලප්‍රතිරෝධක ඔරලෝසුවක් ගලවලා බැටරිය දැම්මාම ජලප්‍රතිරෝධයේ වගකීම නැතුව යන්නෙ ඔය නැවත දාන රබර් කොටසෙයි, තදකරන්න යොදන පීඩනයෙයි අවුල නිසායි.

    ReplyDelete
    Replies
    1. ඩුඩ් බොහෝ දුරට හරි. ඒත් එයාලගේ ඉලක්කය වුනේ සිහින්ම ඔරලෝසුව නිර්මාණය කරන එක නිසා ඊළඟ කොටස් වලින් අදහසක් ගන්න පුළුනන් වේවි ඇයි තිබුණ ආකෘති ප්‍රායෝගික නැත්තේ කියලා..

      Delete
  4. අභියෝගයක දැකල හැංගිල යනවුන්ට හොදම පාඩමක්...
    අපූරඅු විස්තර ටික.. ඊළග කොටස.ත් දාන්න...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ්..

      Delete
  5. සුපිරිම ලිපියක අගනා තවත් කොටසක්... ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කියේව්වාට..

      Delete
  6. බොහෝ වටිනා සටහනක් රූ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චාන්දි..

      Delete
  7. දිරියෙන් ලොව ජයගත් මිනිසුන්....අසල්වැසි රටේ ඉන්න සැබැම දක්ෂයෝ

    ReplyDelete
    Replies
    1. බාධක එන්න එන්න මිනිස්සු ශක්තිමත් වෙනවා කියනවනේ..ස්තුතියි අදහසට..

      Delete
  8. ශා ලස්සනයි රූ. මම කොටස් පහම කියෙව්වා.
    ඒක නෙමෙයි ඔයාගේ පුතු පැටියට දැන් අවුරුද්දක්වත් ඇති නේද? එයාගේ නම මොකද්ද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ මිත්‍රයා...
      මේ කතාව කියවලා මොනවා හරි දැනුමට එකතු කරගන්න පුළුවන් නම් වටිනවා..

      Delete
  9. කතාව ඇතුලෙන් ගලායන ආදර්ශයට මම ඉතාමත් කැමතියි. මිලිමීටර් 1.5 කියන්නේ ඇත්තෙන්ම විශ්වකර්ම වැඩක් , ඒ ගැන සිතීමට පවා උත්සාහ කිරීම එසේමයි

    ReplyDelete
    Replies
    1. මිමි 1.15ක් ඉවාන්.
      කවදා හරි දවසක මේ ඔරලෝසුවක් හැබහින් දකින්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න ඕන..

      Delete