Friday, July 4, 2014

වෙනසට එරෙහිව- ටයිටන් විප්ලවය 6

පළමු කොටසට
මෙතෙක් කතාව...

     මේ ඉන්දියාවේ ටයිටන් ඔරලෝසු සමාගමේ විප්ලවීය නිර්මාණයක් වූ ලොව සිහින්ම ජලප්‍රතිරෝධක ඔරලෝසුවේ කතාවයි. ස්වදේශීයත්වය අගයමින් සංවර්ධිත රටවල් කෙරෙහි වූ සෙය්‍ය මාන ආකල්පය ජයගනිමින් තම රට තුල නිපදවූ විස්මිත නිර්මාණයක කතාවයි.  
lifestyle.pricedekho.com

අභියෝගය ජය ගැනීම; ඔරෙලෝසු ආවරණය 
       
ඔරලෝසු චලිතය නිර්මාණය වූ අවසන සර්සස් දේසයි මෙම ආවරණය පිළිබඳ අභියෝගය ජය ගැනීමට ඉංජිනේරු අංශ ප්‍රධානී බී.වී නාගරාජ්හට පැවරුවේය. මිමි 1.15ක් සිහින් තමන්ගේ වැඩකරන ආකෘතිය රැගෙන නාගරාජ් හා ධ්වරකාන්ත් සුප්‍රසිද්ධ ඔරලෝසු නිශ්පාදකයන්ගේ ප්‍රදර්ශනයකට යෑමට තීරණය කළහ. ස්විට්සර්ලන්තයේ බැසෙල් හි පැත්නවුනු මේ ප්‍රදර්ශනයේදී තමන් වෙහෙස වී තැනූ ඔරලෝසු යාන්ත්‍රණය සඳහා ජල ප්‍රතිරෝධක ආවරණයක් සොයාගත හැකි වේ යැයි ඔවුහු විශ්වාස කළහ. අන් සැවොම සේම ඔවුනුත් ඔරලෝසු කප්පිත්තන් සිටින්නේ ස්විස් රටේ බව විශ්වාස කළහ. බී.වී. නාගරාජ්ගේ වචන වලින් කිවහොත් 

“ලෝකයේ ඔරලෝසු තාක්ෂණයේ ගුණාත්මකබව, නිමාව,විලාසිතාවන්, විශ්වාසනීයත්වය සියල්ල සංසන්දනය කරන්නේ ස්විස්ට්සර්ලන්තයේ ඔරලෝසු සමඟ. කවුරු හරි කීවොත් ඔබගේ නිර්මාණය ස්විස් නිර්මාණයක් තරමටම අගෙයි කියලා ඒක තමයි කෙනෙකුට ලැබෙන්න පුළුවන් ඉහලම ප්‍රසංශාව“

      ස්විස් ඔරලෝසු තාක්ෂණය ගැන මේ පැතිරගොස් තිබුනු පුහු කීර්තිය නිසා ධ්වරකාන්ත් හා නාගරාජ් තමන්ගේ ඔරලෝසු යාන්ත්‍රණයට ස්විස් වැඩකරුවන් ජල ප්‍රතිරෝධක ආවරණයක් සොයා දෙතැයි විශ්වාස කළහ. නමුත් ස්විට්සර්ලන්තයේදී ඔවුන්ගේ බලාපොරොත්තු බරපතල ලෙස සුන්විය. නාගරාජ් මේ ගැන අදහස් දැක්වූයේ මෙසේයි. 

“අපි එහේ ගිහිල්ලා ඔරලෝසු නිෂ්පාදකයින් කිහිප දෙනෙකුටම අපේ සිහින් ඔරලෝසු යාන්ත්‍රණය පෙන්නුවා. ඔවුන් අහපු පළවෙනි ප්‍රශ්නය වුනේ “මොකක්, ඔයාලා මේක හැදුවද?“ කියලයි. අපි මේකට මිමි 3.5 ගණකම තියන ජල ප්‍රතිරෝධක කවරයක් ඕන කිව්වාම  කීපදෙනකේම ඇහුවා අපිට පිස්සුද කියලා. සමහරු අපේ ආකෘතිය එයාලගේ වැඩපොළට අරං ගිහින් ආපහු අරන් ආවා ඒක කරන්න බෑ කියලා. අපි සමහර ආයතනවල ඉහලම ප්‍රධානියා පවා මුණ ගැහුනා මේකට විසඳුමක් හොයාගන්න. එයාලා ගොඩක් පුදුම වුනා ඉන්දියානු සමාගමක් ඉස්සෙල්ලාම මේ වැඩේට අතගහපු එක ගැන. අපිට පුදුම හිතුනේ එයාලා මේක කරන්න බෑ කියලා කියපු එක ගැන. මේ වැඩේට ගොඩක් කොටස්වල සැකැස්ම හිතාගන්න බැරි විදිහට වෙනස්කරන්න වෙන නිසා එයාලා වැඩේට අතගහන්න ලෑස්ති වුනේ නෑ.“

            ස්විස් ජාතිකයන්ට ඔරලෝසු යාන්ත්‍රණය මුල සිට නිර්මාණය කල හැකි වුවද ඒ වටා ජල ප්‍රතිරෝධක ආවරණයක් නිර්මාණය කරන්නට නොහැකි විය. 
www.pmwf.com

මෙම ආවරණය අභියෝග තුනක් එකවර ජයගත යුතු විය. 
  • පළමුව මුළු ගනකම මිමි 3.5ක් වන අයුරින් ආවරණය බොහෝ තුනී විය යුතුය.
  • එය ජල ප්‍රතිරෝධක විය යුතුය
  • තෙවනුව එය මනබඳනා නිමාවකින් යුතු විය යුතුය. 
      මෙම කාර්යයන් සියල්ල තෘප්තිමත් කරන්නට නම් ඔරලෝසු ආවරණයයේ ප්‍රධාන කොටස් තුන සඳහාම විප්ලවීය වෙනසක් අවැසි විය. එනම් වීදුරු මුහුණත, පිටුපස කවරය, ක්‍රවුනය (කටු සීරුමාරු කිරීම සඳහා පැත්තෙන් ඇති යතුර) යි.
      උදාහරණයක් ලෙස වීදුරු මුහුණත සලකන්න. සමාන්‍යයයෙන් එය මිමි 1-1.2 අතර ගණකමකින් යුතු වේ. එහෙත් මුළු ඝනකම මිමි3.5 ඉලක්කය සපුරාගන්නට මෙම වීදුරු මුහුණත  උපරිම ලෙස මිමි 0.3ක් ඝණකම් විය යුතු විය. එය සමාන වනුයේ පත්තර පිටු තුනක ඝණකමටය. 
       බලාපොරොත්තු සුන්වූ ධ්වරකාන්ත් හා නාගරාජ් සියරට බලා ආපසු පැමිණ සර්සස් දේසයි වෙත සිදුවූ සියල්ල වාර්තා කර සිටියහ. දේසයි ඔහුගේ ජනප්‍රියම ප්‍රශ්නය ඔවුන් වෙත පෙරළා යොමු කලේය.
“ඇත්තද? දැන් අපි මේකට මොකද කරන්න ඕනෑ? කොහොමද ප්‍රශ්නේ විසඳන්නේ?“
“ස්විස්කාරයන්ට කරන්න බැරි නම් අපි මෙහේ මේක හදමු. එයාලට බැරිවුනාට අපිට පුළුවන්“ ඔවුහු පිළින දුන්හ. 
“හරි එහෙනම් අපි ඒක කරලා පෙන්නමු.“ දේසයි තීන්දු කලේය. 

     දේසයි මේ ගැන විශ්වාසයෙන් යුතු වුවද ආයතනයේ අන් අය මේ ගැන සැකකලහ. මෙවන් සුවිසල් අභියෝගයක ප්‍රථිඵල පෙන්වන්නට කල් ගත වූ බැවින් අන් අය තමන්ගේ අවසාන නිගමනය ප්‍රකාශ කලහ. සරදමකට මෙන් ඔවුන් හේතු දැක්වූයේ

“ස්විස් ජාතිකයින්ට කරන්න බැරි දේවල් අපි කොහොමද කරන්නේ. අන්තිමට අපිට ලෝකයා අනිත් පැත්තෙනුත් හිනාවෙයි“ යනුවෙනි. 
 සමහර අවස්ථාවන්හිදී මෙවන් සරදම් මෙවන් හේතු අප යන ගමනේ වේගය අඩාල කරවයි. අපි දක්ෂ නම් එවන් සරදම් අපේ ගමනට ශක්තියක් කරගත හැකි වනු නිසැකය. ටයිටන්හි සිදුවුනේ දෙවැන්නයි. 

බොහෝ වෙලාවට මෙම ශක්ති උරාබොන්නන් ශක්ති ජනනය කරන්නටද ඉවහල් වේ. ඒ එවා එකම කාසියක දෙපැත්තක් මෙන් එකිනෙකට බැඳීපවතින බැවිනි. ඔබට ඔබගේ අභියෝගය ඒ වෙනුවෙන් කැපවීමට අවැසි කාරණය ගැන සැක සංකා ඇති නම් ඔබ අධෛර්ය වන්නේ‍ කුමකින්දැයි සොයා බලන්න. එය තමන්ගේ දෑත් ශක්තිමත් කරන්නක් බවට පත්කරන්නේ කෙසේදැයි සිතන්න. 


නාගරාජ්ට තමන්ගේ කණ්ඩායම ධෛර්මත් කර හැකි වූවාද? ඉතිරිය ඊළඟ කොටසින්.  


31 comments:

  1. සුපිරිම ලිපි මාලාවක් මචෝ...

    ReplyDelete
  2. අර දෙවනි පින්තූරේ තියෙන ජාතියේ ඔරලෝසුවක් මටත් තිබුනනේ..

    ReplyDelete
  3. පට්ට...
    ඊළග කොටසත් දාන්න
    ජයවේවා

    ReplyDelete
  4. ආසාවෙන් බලා හිදිමි...

    ReplyDelete
  5. අසාවෙන් කියෙව්වෙමි. ගැඹුරු වටිනා විස්තරයක් සරලව රහට කියන්නට ඔබ දස්සය.

    ReplyDelete
  6. මටනම් මේක පිළිගන්න බෑ බෑ වගේ.. තව ටිකක් හොයන්න ඕනා.. පුහු ඉන්දියන් කයිවාරුවක් නෙමේද ? රූ මේ කරුණු වෙනත් මූලාශ්‍ර මගින් තහවුරු කර ගත්තද ? නැත්නම් නිකන්ම පරිවර්තනයක් විතරද ?

    ReplyDelete
    Replies
    1. සෙන්නාගේ ඉන්දියන් විරෝධයේ තරම...හැක් හැක්....

      Delete
    2. මැද පෙරදිග පැත්තෙ කරක් ගහපු ගොඩදෙනෙක්ට ඉන්දියන් කාරයින්ව පක්කන්ව බංගලියන්ව පේන්න බෑ.. :D සමහරවිට මුන ගැහිච්ච උන් මැට්ටො වෙන්න ඇති. මටත් ඉන්දියන් උන් දිරවන්නෙ නෑ.. හේතුව අපේ ඉන්දියන් කස්ටමර්ලා ගාව වැඩ කරන උන්ගෙන් මල වදයක් තියෙන්නෙ. උන් මොකක් හරි කියලා බෝලෙ පාස් කරලා ඉන්න බලන්නෙ..

      Delete
    3. මේ ටික කියන්න අමතක උනා..

      ඇත්තටම මූලාශ්‍ර ඉදිරිපත් කිරීම වටිනවා.. මොකද ඉන්දියාවෙ මේ වගේ තමන් ගැන ගුණ වර්ණනා කරන කතන්දර නම් ගොඩායි. අර අබ්දුල් කාලාම්ට වඩා ඉහළින් මොකක්ද විභාගයක් සමත් වුන කතාව වගේ.. ඔය වගේ කතා අහපුවම එහෙ මිනිස්සුත් හොයා නොබලා උඩ පනිනවා ඇති මෙහෙ වගේම :D පස්සෙ තමයි ඇත්ත එළිවෙන්නෙ..

      Delete
  7. ස්තූතියි රූ. සමහර මෝල්ඩ් හදන්නෙ එයාලගෙ නිවෙස්වල, හොඳ වැඩකාරයො. මෙහේ මැෂින්වලත් ඒ දේ කරන්න අමාරුයි. සමහර දේට උපතින්ම දක්ෂයි.

    ReplyDelete
  8. පෙත්තක් වගේ ඔරලෝසුවක්. නියමයි...ස්විස් කාරයින්ටත් බැරි වැඩක් කරා කියන්නේ..පුදුමයි

    ReplyDelete
  9. මේ ලිපි මාලාවෙන් පුද්ගලික ජීවිතයටත් බොහෝ පාඩම් ඉගෙන ගත හැකියි. අපට අප තුල ඇති සැබෑ හැකියාව හොදින් හදුනාගන්නට හැකි නම් කිසිදා ලතැවුලෙන් ජීවත් වන්නට වනු ඇතැයි මම නොසිතමි

    ReplyDelete
  10. ටයිටන් ගැන මගේ අලුත් ගෞරවයක් ඇතිවේගන එනවා දැනටනම්. නමුත් හැම ඉන්දියන් බඩුවක්ම එහෙම හොඳ නෑ. ඇත්තෙන්ම සමහර ඉන්දියන් බඩු හොඳයි. උදාහරණයක් විදියට ඉන්දියාවේ හදපු මිසර් ග්‍රයින්ඩර් ජපන් ඒවටත් වඩා කල්පවතින බර අදින්න හැකි ඒවා.

    ReplyDelete
  11. අපි හිතනවට වැඩිය ඉන්දියන් අය දක්ෂයි. ඒවගේම උනන්දුයි. ඒ කොහොම වුනත් ඔවුන් කාර්මමීකරනයෙන් ඉස්සරහට එමින් ඉන්නවා

    රූ කම්මැලි නැතිව කියවන්න පුලුවන් විදියට ලියල තියෙනවා.

    ReplyDelete
  12. ඔන්න 6 වෙනි එකත් කියෙව්වා..
    // ස්විස් ඔරලෝසු තාක්ෂණය ගැන මේ පැතිරගොස් තිබුනු පුහු කීර්තිය// මේ ප්‍රකාශය එච්චර සාධාරණ නෑ නේද?

    ReplyDelete
  13. ඔල්ලෝසුව කෝ.. ??

    ReplyDelete
  14. අද මුල ඉදලා සේරම කියෙව්වා. අර කලින් ලිපි මාලාව වගේ බොහෝ පිරිසක් මේක කියේව්වොත් ඒක ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. කොහෙද ? කියවන්න දාන්න එපැයි... grrrrr...

      Delete
  15. මගේ බ්ලොග් එකේ ඔයාගෙ කමෙන්ට් එක දැකලයි මේ පැත්තට එන්න පාර හොයාගත්තෙ. ලිපිය ගොඩක් වටිනවා. ලොව දිනූ මේ වගේ කතා කියවන්න මං හරිම ආසයි. ගොඩක් වටිනවා ඔබේ ලිපිය. බොහෝම ස්තූතියි.

    නිතර එන්න පාර මතක් වෙන්න බ්ලොග් රෝලට දාගත්තා.

    ReplyDelete
  16. ඉතුරු ටිකත් දාන්ඩෝං . ඔය ඔරලෝසුවේ පැහිදිලි පීන්තුර ටිකක් නැද්ද

    ReplyDelete
  17. මොකදෑ වුනේ?
    රෝසපාට සබන්දෝ නිල්පාට සබන්දෝ ගෙනාවේ??

    ReplyDelete
  18. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
    Replies
    1. එක තමා අපිත් හොයන්නේ.....

      Delete
  19. ඔල්ලෝසුව කෝ??????????????????????????????????????????????

    ReplyDelete
  20. අවුරුද්දක් වෙන්න එනවෝ...
    මොකදෝ වුණේ...
    මුහුද පතුල යට ඉඳලවත් කවුරු හරි ආවාදෝ???

    ReplyDelete
  21. ///අපි දක්ෂ නම් එවන් සරදම් අපේ ගමනට ශක්තියක් කරගත හැකි වනු නිසැකය. ටයිටන්හි සිදුවුනේ දෙවැන්නයි. ///

    මාත් මෙන්න මේක සැහෙන තදින් විශ්වාස කරනවා.. මිනිසා විසින් එක එක කාල වල එක එක මිමි වලින් මැනල හදාගත්තු සංකල්පයක් විතරයිනේ කාලය කියන්නෙ, ඒ අදහස හිතේ වැඩ කරන නිසාමද මන්දා වෙලාව බලන්න ඔරලෝසු ඕන කියන තැන මම නැ වැඩිය,, ඔනම ක්‍රමෙකින් බලාගන්න තිබබා නම් ඇති අපි මේ දැන් ජිවත් වන කාලයේ වෙලාව... කොහොම උනත් මෙ වගෙ ලොව දිනූ කතා මාලා වලින් ජිවිතෙට ගත හැකි දෙවල් නම් බොහොමයි..

    ReplyDelete