Wednesday, June 25, 2014

වෙනසට එරෙහිව-ටයිටන් විප්ලවය 4

පළමු කොටසට
මෙතෙක් කතාව...
 

අභියෝගය ජය ගැනීම කරා

        සුදුසු ඉංජිනේරු තාක්ෂයන්හි අඩුපාඩ නිසා “Edge“(එජ්) නිර්මාණය කිරීම ලෙහෙසි වූයේ නැත. එහෙත් සැබෑ අභියෝගය වූයේ ඒ හා බැඳුනු මිනිස් සන්තානයන්හි අභ්‍යන්නතරයන්හි කා වැදී තිබූ හීන මානයයි. එවකට ඉංජිනේරු අංශයේ ප්‍රධානියාව සිටි බී.වී. නාගරාජ් මහතාගේ වචන වලින් කිවහොත් දුෂ්කරම කාර්යය වූයේ කණ්ඩායමේ, සමාගමේ වැඩ කල මිනිසුන්ගේ සිත්වලට මෙය කල හැකි දෙයක් යන ආත්ම විශ්වාසයන කා වැද්දවීමයි. නාගරාජ් මහතා එය මෙසේ විස්තර කරයි. 
1. පළමුව ආයතනයේ බොහෝ ස්ථරවල මේ ගැන බොහෝ සැකසංකා මතුවී තිබිණි.
2. දෙවනුව දුෂ්කර වූයේ මේ සඳහා වැදගත්වන ප්‍රධාන පුද්ගලයින් එකට එක්කර ගැනීමයි.
3. තෙවැන්න මේ දුෂ්කර කාර්යයේ ඇති තාක්ෂණික අභියෝගයයි. නිර්මාණය වැඩිදියුණු කිරීම, නිෂ්පාදනය හා මේ වෙනුවෙන් අවැසි වූ මෙවලම් (tools) තැනීම වෙනනම කතා කල යුතු අභියෝගයන් විය. විශේෂයෙන් ඔරලෝසු චලිතය හා ඔරලෝසු කවරය (case) සඳහා කණ්ඩායම වෙන වෙනම වෙහෙසිය යුතු විය. 
http://titanworld.com/in/titan-care/warranty/

නාගරාජ් මහතාට අනුව පළමු හා දෙවන අභියෝගය ජය නොගත්තේ නම් තෙවැන්න එනම් තාක්ෂණික අභියෝගය ජයගැනීම ගැන සිතිීමටවත් නොහැකි වනු ඇත. කුමන හෝ විප්ලවීය නිර්මාණයක් සඳහා ඇති විශාලම අභියෝගය වනුයේ කණ්ඩායම තුල ඒ සඳහා ආත්ම විශ්වාසය ජනනය කිරීමයි. මෙවන් විශාල කඩඉම නිවේදනය කල විට ටයිටන් ආයතනයේ බොහෝ දෙනා මතුකල ප්‍රශ්නය වූයේ “ස්විස්කාරයොන්ටත් බැරි දේවල් අපි කරන්නේ කොහොමද?“ යන්නයි. ඔවුන් තරඟය පටන් ගන්නටත් පෙර තරඟයේ අවසානය තීරණය කර තිබුණේ ස්විස් ජාතිකයන් හට බැරි දෙයක් කිිසි ලෙසක කරන්නට බැරිබව කියාපාමිනි. 

මෙය ඔබ අසන හාස්‍යජනකම අතාර්කිකම නිගමනය වන්නට ඉඩ තිබේ. “වෙන කිසිවෙකුත් එය මීට පෙර කර නොමැති නම් එය කිසි කලෙක කිසිදු තත්වයක් යටතේ වෙන කිසිවෙකුත් අනාගතයේ නොකරනු ඇත. කවුරුන් හෝ යම් දෙයක් කර තිබේ නම් ඒ අප නොව වෙන තැනක වෙනත් කණ්ඩායමකි. “
සංවර්ධිත රටවල් හා අප අතර ඇති මේ සිතීමේ වෙනස අපට බලපා ඇති අයුරු ඛේදජනකය. ටයිටන්හි ප්‍රධානීන්; තාක්ෂණික කළමනාකරු ධ්වාරකාන්ත්, පර්යේෂණ කළමණාකරු නාගරාජ් හා සර්සස්  දේසයි හට විසඳන්නට සිදුවූ මුල්ම හා පසුව තේරුම්ගත් පරිදි විශාලතම ගැටළුව වූයේ ආත්ම විශ්වාසයෙන් යුතු කණ්ඩායමක් ගොඩ නැගීමයි.
ඔරලෝසු නිෂ්පාදනය කරන්නේ ප්‍රධාන ලෙස අංශයන් තුනක ගැලපීමෙනි. පළමුව ඔරලෝසු චලිතය නිෂ්පාදනය කිරීම,දෙවනුව ඒ සඳහා සුදුසු අලංකාර ආවරණයක් නිපදවීම හා ඒවා එකලස් කිරීමයි. මේ සියළු අංශයන් හට වැඩියෙන් අළුත් මුහුණු එකතු කල යුතු වූ අතර ඊට අමතරව පර්යේෂණ කණ්ඩායමත් ශක්තිමත් කල යුතු විය. නව මුහුණු බඳවාගැනීමෙන් පමණක් මෙම අභියෝගය දිනිය නොහැක. ඔවුන් අළුත් දෙයක් අත්හදා බැලිය හැකි තරඟයේ නිමාව තෙක් එක හැල්මේ දිවිය හැකි ආත්ම විශ්වාසයෙන් යුතු වූ තමන්ගේ වගකීම තම මේසයෙන් පුටුවෙන් ඔබ්බටද පවතින බව අවබෝධ කරගත් කණ්ඩායමක් වියු යුතු විය.

ඔබ ඔබේ කණ්ඩාම සාර්ථක ලෙස ස්ථාන ගතකොට ඔවුන් හට තමන්ගේ වගකීම හා දායකත්වය හොඳින් අවබෝධ කරගන්නට සැසලුවේ නම්  නම් ඔබට කිසිවිටෙක ඔවුන් පසු පස සිට මෙහෙය වන්නට සිදු නොවනු ඇත. ඔවුන් තමන්ගේ පාඩුවේ සාර්ථක ලෙස නිවැරදි ලෙස තම කාර්යය ඉටු කරනු ඇත. ඔබගේ කාර්යාලයේ ඉන්නා සගයන් හා යටත් සේවකයින් ලෙස හොඳින් බලන්න. ඔබට නිතරම ඔවුන් කරන්නේ කුමක්දැයි විමසිය යුතු නම් ඇන ඇන මගපෙන්විය යුතු නම් එයින් බොහෝවිට කියැවෙන්නේ ඔබ කණ්ඩායම සාර්ථක ලෙස තම අරමුණ වෙනුවෙන් ස්ථාන ගත කොට නොමැති බවයි. ඔවුන්ගේ දායකත්වය නිසි ලෙස ස්ථාපනය කොට නොමැති බවයි.
 එම කණ්ඩායමේ සාමාජිකයකු පසුව උදාහරණයක් ගෙනහැර පෑවේ මේ යථාර්තය පෙන්වන්නය.
සාමාන්‍යයෙන් අළුත් දෙයක් වෙනුවෙන් නිෂ්පාදන කණ්ඩායමේ ප්‍රතිචාර වන්නේ  “ මේ බලනවා. තමුසේ සැලැස්ම දෙනවා. මම ඒකට නූලට හදන්නම්. ඒක වැඩකරොත් හොඳයි නැත්තම් මට ඒක අදාල නෑ“ යන්නයි.
තමන්ගේ කාර්යෙයහි වැදගත්කම හා ඒ වෙනුවෙන් කැපවීම වැදගත්බව දන්නා මූලික පෙළගැස්ම සාර්ථක කාණ්ඩායමක ප්‍රතිචාරය ඒසේ නොවනු ඇත. තම වගකීම අවබෝධ කරගත් පෙරකී කණ්ඩායමක් නම් ඔවුන් පවසනු ඇත්තේ මෙසේය.
“තමුසේ සැලැස්ම හදලා ඒක අපිට දීලා අමතක කරලා දානවා. අපි බලාගන්නම් ඉතුරු ටික. අපි කොහොම හරි ඒක වැඩකරන විදිහට හදන්නම්.“

අභියෝගය ජය ගැනීම: ඔරලෝසු චලිතය

    සුබ්‍රමන්යා භට් හා බී.ජී ධ්වරකාන්ත්ගෙන් අත්පොත් තැබූ පර්යේෂණ කණ්ඩායම ඔරලෝසු චලිතය නිර්මාණය වෙනුවෙන්...ඉතිරිය ඊළඟ කොටසින්.

21 comments:

  1. ඇත්තටම රූ වැරදි අදහස් කිහිපයක් හිතින් ඉවත් කරගන්න මේ ලිපියත් පළමු ලිපියත් ඉවහල් උනා. දෙක හා තුන පසුව කියවමි..

    ReplyDelete
    Replies
    1. දැන් නම් 5වෙනි කොටසක් දාලා තියන එකේ දිගටම කියවන්න...

      Delete
  2. කොතනටත් වැදගත් උවදෙස් මාලාවක් ස්තුතියි මේ අගනා සටහනට.

    ReplyDelete
    Replies
    1. අදහස අගය කරමි නලින්..

      Delete
  3. මේ කතාවට සම්මන්ත්රව දිවෙන ආදර්ශය ඉතාමත් අගෙයි , බොහෝ දේවල් මතකයට නැංවූ කොටසක් ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවාන්..

      Delete
  4. හයියෝ හිමීට පටන් අරන් ගියර් ටික මාරු කරන් වේගය වැඩිකරන කොට පාර ඉවරයි වගේනෙ.. :) කමක් නෑ රූ අක්කා පුළුවන් විදිහට ලියන්නකො..

    මම අද අහපු කතාවක් තමයි පිරිමි අය තමන්ගේ තත්වය පෙන්වන්නෙ පළඳින අත් ඔරලෝසුවෙන් කියලා.. හරිද කියලා දන්නෙ නෑ.. හොයලා බලන්න ඕනා..

    ReplyDelete
    Replies
    1. ඒ රොලෙක්ස් නේද හරී?

      Delete
    2. ඒක නම් හරියට දන්නෙ නෑ.

      Delete
    3. @හරී,
      තැන්කූ ළමයෝ.
      පෑන ඔරෙලෝසුව සැන්ට් ජාතිය මහත්තයා මහත්මයෙක් කරනවාලුනේ..ඒත් පිට ඔපේට වැඩිය සැබෑ ගතිගුණ වටිනවා..කොහොම වුනත් කවුරුහරි තමන්ගේ පැත්තට නම්මගන්න යනවා නම් ජැන්ඩියට ඇඳලා යන එක නුවණට හුරුයි..

      @හෙන්රි,
      ස්විස් ජපන් ඔරෙලෝසු මෙහෙම පාවිච්චි කරනවා දැකලා තියනවා හෙන්රි..
      මෙහේ සිටිසන් ඔරෙලෝසු ගොඩක් ජනප්‍රියයිනේ..

      Delete
  5. ලංකාවේ මයික්‍රෝ කාර් සමාගමත් දැනට ඉන්නේ ඔය වගේ අවස්තාවක කියලා රූට හිතෙන්නේන් ඇද්ද? දැනට ඇත්තටම වෙන්නේ කොරියන් චීන වාහන මෙහෙ එකලස් කරලා මයික්‍රෝ බැජ් එක ගහන එකනේ. ටික ටික ඒකත් අර සම්බන්ධතා හලලා ඉන් පස්සේ දේශීයව ඒ ඒදේ නිශ්පාදනය කරන්න පටන්ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා, බය නැතුව කට ඇරලා මේ අපේ රටේ හදන වාහනයක් කියලා. ඒ වගේම තවත් තරඟකාරී සමාගම් ඇතිවුනොත් හොඳයි දේශීයව හොඳ ත්‍රඟයක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. ඒත් අඩුවට දෙන්නෙ නෑනෙ..

      Delete
    2. ඩූඩ්, මට හිතෙන්නෙ මයික්‍රෝලගෙ තියෙන්නෙ නෙගටිව් ටර්න් එකක්.. ඒ ගොල්ලො පටන් ගත්තෙ කාර් මෙහෙ හදලා.. හැබැයි දැන් එකලක් කරනවා විතරයි.. ඉස්සරහට නිකන්ම ගෙන්නලා විකුණයිද දන්නෙත් නෑ.. හැබැයි මම කැමතියි සහ බලාපොරොත්තු වෙනවා ඩූඩ් කියන විදිහට වෙනවනම්.

      Delete
    3. මාත් එහෙම බලාපොරොත්තු වෙනවා සෙන්නා. නමුත් අර මුලින්ම හදපු හෙන කැත මයික්‍රෝ කාර් එකෙත් එන්ජිම හෙම ගෙනාපු එකක්නේ?

      අඩුවට දෙන්නේ කොහොමද බං හරී අර ගහන බදුත් එක්ක? අමෙරිකාවේ අලුත්ම කාර් එකක් ගන්න මුදලට අපිට ගන්න වෙන්නේ රීකන්ඩිෂන් මගුල්නේ. ඒ අතින් අපි අමෙරිකන්කාරයින්ට වඩා ආර්ථික අතින් ඉදිරියෙන් ඉන්නේ, නැද්ද?

      Delete
    4. හෙනරි, හරී , සෙන්නා,

      මේ කතාවෙත් අපි නොකියපු දේ තමයි තමන්ගේ රටේ නිෂ්පාදන වලට ප්‍රමුඛතාවය දෙන්න රජයෙන් ලැබුනු අනුග්‍රහය. මේ සියළු නිර්මාණ බිහිවුනේ රජයේ ප්‍රතිපත්ති වල ඇතිවුනු වෙනස නිසා..

      මම හිතන්නේ අපි ඒ සම්බන්ධයෙන් නම් සෑහෙන ඈතයි.

      Delete
    5. ඔව් ඒක හරි. ලංකාවේ නිපදවපු කාර් එක රෙජිස්ටර් කරන්න ඉම්පොර්ට් පර්මිට් එකක් ඉල්ලපු රටක් මේක.. එහෙව් රටේ මෙහෙම හරි කාර් එකක් හැදෙන එක ගැන අපි ලෝරන්ස් මහත්මයට තුති පුදන්න ඕනා..

      Delete
  6. කතාවට එහා ගිය උපදේශයක් තියෙන සටහනක්...
    ඇත්තටම8 කෙනෙක්ට වටිනව...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ්..

      Delete
  7. බොහොම රසවත් ලිපියක් රූ...මේ මානසික තත්වය අපේ වගේ රටකට නිදහසෙන් පස්සෙ ලැබිලා අද දක්වාම අඛණ්ඩව නඩත්තු කරන්න හැකි උනා නම්...ලාංකිකයො අද ලෝකෙට ලොක්කො වෙන්නත් ඉඩ තිබුනා.

    ReplyDelete
    Replies
    1. ලොක්කෝ නොවුනත් තමන්ගේ දේවල් අගය කරන පිරිසක්වත් වුනා නම් කොච්චර අගේද?
      ස්තුතියි සිරා..

      Delete
  8. පරක්කු උනත් ඔන්න ඔක්කොම කොටස් කියෙව්වා. බටහිර රටක් නොවෙන ඉන්දියාව වගේ රටකින් බිහි වෙච්ච තාක්ෂණයක් ගැන අහන්න ලැබීම එක අතකට සතුටක්..

    ReplyDelete