පූර්විකාව
සියවැනි පෝස්ටුව කෙසේ විය යුතු දැයි ඡායා මාත්රයක් මසිතේ ඇති වූයේ බොහෝ කලකට පෙරය. ජීවිතේ හමුවුනු අපූරු දේ ගැන ලියද්දී සියවැනි පෝස්ටුව අපූර්වතම එකක් විය යුතු යැයි සිතෙහි තිබූ බලාපොරාත්තුව නිසා සිදුවූ එකම දෙය අළුත් පෝස්ටුව දිනෙන් දින කල් යෑමයි. දිගු කාලීන නිහැඬියාවකට පසු පෙර ලෙසම බස හසුරුවන්නට හැකි වේ දැයි සැකයක් ඇතත් උත්සාහය වැඩියෙන් වටී යැයි හැඟුනු නිසාවෙන් මේ තිළිණය ඔබ වෙත පිළගන්වන්නට අවසර...
පෝස්ටු සියයක් ඔස්සේ විවිධ මත අදහස් දරමින් ළඟින් සිටි ඔබට ස්තුතියි කියන්නට මෙයට වඩා හොඳ අවස්ථාවක් කොහිද?..
වසර ගණනකට එපිට අප අසල්වැසි දේශයේ සිදුවූ කුඩා සිදුවීමක සෙවනැල්ලක් හා එයින් උගත හැකි පාඩම් ගැන මේ ලිපි පෙලෙහි කියැවේ. විජාතීන් කෙරෙහි අප තුල ඇති විවිධාකාර ආකල්ප මදකට පසෙකින් තබා එක් පුද්ගලයකු තමාට ඇතිවූ ගැටළුවකට පිළිතුරු සොයාගත් අයුරු ධෛර්යෙන් අභියෝග ජයගත් අයුරු ගැන කියවන්න හැකි නම් ඔබද වෙනසක් අත්දකිනු ඇත..
![]() |
picture from: watchalive.wordpress.com |
සිය වැනි ලිපියට සුබ පැතුම්. ඒ වගේම අගනා සටහනක් මේක.
ReplyDeleteස්තුතියි නලින්..දිගටම කියවාවි කියා බලාපොරොත්තු වෙනවා..
Deleteසියවෙනි ලිපියට උණුසුම් සුභපැතුම් රූ අක්කේ.. බලමු ඊළඟ කොටසත් කියවලා..
ReplyDeleteස්තුතියි හරී..දිගටම කියවන්න..
Deleteසිය වැනි ලිපියට මගෙත් සුබ පැතුම් රූ
ReplyDeleteස්තුතියි සිඳු..
Deleteකතාව කියවන තුරු නොඉවසිල්ලෙන්.....
ReplyDeleteඉක්මනින් ලියන්නත් නොඉවසිල්ලෙන්..:D
Deleteසියවෙනි ලිපියට සුබ පැතුම් රූ...ලස්සණ ලිපි පෙලක ආරම්භයක්!!!
ReplyDeleteස්තුතියි පොඩ්ඩි, ම්..බලමු නේද?
Deleteනියමයි රූ.. කාලීනයි.. හැබැයි මේ දවස්වලනං අපේ අයියලාට ඔය මාන්නෙ ඉහවහ ගිහිං ලෝකෙට ලොක්කො කියල හිතන් ගොං වැඩමයි කරන්නෙ. ඉගෙනගනිල්ලකො ඉන්දියාවෙන්වත්..
ReplyDeleteස්තුතියි සරත්..
Deleteතූත්තුකුඩියෙන් හරි මේ ගොං වැඩ නොකරන්න ඉගෙන ගන්න පුළුවන් නම්..
නැවත පැමිණීම ගැන සතුටුයි රූ. සියයට සුභ පැතුම්. මම ඒ ගැන කිව්වා නේද කලින් පෝස්ට් එකේ?
ReplyDeleteටයිටන් ඔරලෝසු හුඟක් ඉන්දියානුවන්ගේ අත් වල තියෙනවා මම දැකලා තියෙනවා. එයාලා නම් කියනවා ඒවා නියමයි කියලා. මම ඒත් එච්චර දුර හිතුවේ නෑ මොකද එයාලට ඉන්දියන් දේවල් වලට වඩා හොඳ දේවල් නැති නිසා. Buy Indian, Be Indian.
ඉන්දියානු නිෂ්පාදනයක් ප්රචාරය කරනවාට වඩා ඔවුන්ට මුහුණ දෙන්න සිදුවුනු අභියෝග ගැන ලියන්නයි උත්සාහය..
Deleteඅපි කොච්චර එයාගගේ ස්වදේශිය හැඟිම ගැන කිව්වත් එයාලත් බටහිටර ආවඩන එක නවත්තලා නැහැ කියලා මේ කතාවෙන් කියවෙනවා..දිගටම කියවන්න එන්න..
සුභ පැතුම්... ඔය දේසයිට උනාවගේ නවකතාවක් කුෂ්වන්ත් සිංග් ලියල තිබුනා. මට ඒ පොතේ නම මතක නෑ...
ReplyDeleteස්තුතියි අදහසට හා සුභ පැතුමට දේශකයා..
Deleteමේ කතාව නම් ඇත්ත සිද්ධියක්..කොටින්ම කිව්වොත් පොතත් කළමණාකරණය යටතේයි වර්ග වෙන්නේ..පොත ගැන විස්තර..http://ru-sirini.blogspot.com/2012/04/blog-post_12.html පෝස්ටුවෙන් කියවන්න පුළුවන්..
ඉස්සෙල්ලාම සියවැනි ලිපියට මගෙන් සුභ පැතුම්
ReplyDeleteමාත් ඇවිත් තියෙන්නෙ කඩයිමක දවසක නෙ.. හිහි
අපුරු කතාවක් ඇරඹෙන්න වගේ යන්නෙ...
අපි බලාගෙන ඉන්නව ඉතිරියත් කියවන්න
;ජයවේවා
ස්තුතියි මහේෂ්..දිගටම ඒවි කියලා බලාපොරොත්තු වෙනවා..
Deleteසියවෙනි ලිපිය මරු..
ReplyDeleteමේ ජාතියේ චූටි ලිපි ලියනවා නං ශෝක් නෙ.
මේ සැරේ චූටි ලිපි ලියන්න පුළුවන් වේවි..මාතෘකා පෙල ගැහිලා තියෙන්නේ ඒ විදිහට..
Deleteයටත් විජිත මානසිකත්වයෙන් මිදී උසස් යැයි සම්මත ජාතීන් ඉදිරියේ සමානව සිතන්නට "ශ්රී ලාංකිකයින් " පොළඹවන්නේ කෙසේද...?
ReplyDeleteවසර 2500ක් පැරණි ප්රෞඩඉතිහාසය ගැන කියව කියවා ඉන්නැතිව වර්තමානවේ අගය කල හැකි නිර්මාණ අදහස් නිදහස්ව නිපදවන්නට හැකිනම්..
Deleteමේවගේ එවුවා කියවන්න මම හරි කැමතියි.. ඊලග එක එනකන් බලාපොරොත්තුවෙන්..
ReplyDeleteස්තුතියි දිනේශ්..දිගටම කියවන්න..
Deleteටයිටන් විප්ලවය අන්න තියෙනවා මැජෙස්ටික් සිටි එකේ උඩ තට්ටුවක, කොල්ලුපිටිය පැත්තේ. මාර ක්ලැසික් ස්ලීක් ලුක් එකක් තියෙන භාණ්ඩයක් තිබුණා!
ReplyDeleteම්..මට නිකම් ටියුබ් ලයිට් වගේ..!!! ඔරලෝසුවක් ගැනද මේ කියන්නේ?
Deleteඔව්, මාර කොලිටි. ඇත්තටම ලස්සනයි, ඒ වගේම අනිත් ඉඔරලෝසුවල හැටියට ගණං! ඒ නිසා ගන්න අදහස අතහැරියා.
Deleteඑයාලගේ වෙබ් සයිට් එකේ විදිහටත් මේ ඔරලෝසු ගොඩක් ගණන්. කොලිටිය ගැන නම් කියන්න වෙන්නේ පාවිච්චි කරපු කෙනෙකුට තමයි...
Deleteටයිටන් කියන්නේ ඉන්දියන් ප්රඩක්ට් එකක්ද ? දන්නෙත් අදයි... ඒ නමේවත් නෑ ඉන්දියන් ගතියක්.. මහත්මා ගන්න්ධිගෙ උත්සහය හරි ගිහින් කියලා හිතෙනවා ඒකෙන්නම්.. හැබැයි... අනගාරික ධර්මපාල තුමානම් මහත්මා ගාන්ධිව හැඳින්නුවේ " කාර් එක්ක තරඟ කරන්න කරත්තෙකින් ආපු නිවටයෙක්" කියලා
ReplyDeleteටයිටන් කියන්නේ ඉන්දියානු නිශ්පාදනයක් තමයි සෙන්නා..බොහෝ දේ ගැන නැවත සිතන්නට පොළඹවන ලිපියක් වේවි කියලා හිතනවා...
Deleteගාන්ධි ගැන බොහෝ මත තියනවා..කොටින්ම කිව්වොත් ඉන්දියානුවන් පවා එකිනෙකට පරස්පර මතවල ඉන්නවා..කවුරු කෙසේ කීවත් අපිට තීරණය කරන්න පුුළුවන් නම් හොඳයි..
මම හිතන්නේ 1985 විතර වෙච්ච මේ සිද්ධියට ගාන්ධි තුමාගේ බලපෑම අවම ඇති..ඒත් ලිපියට හොඳ ප්රවේශයක්..
100 ට සුබ පැතුම්!
Deleteමමත් හිතාගෙන හිටියේ ඕක ස්ව්ස්ටර්ලන්තෙ කියලා. ඒ කාලේ ලේක් හවුස් එක ගාව ලොකු මෙව්වා එකක් තිබ්බා ටයිගර් වුඩ්ස් ඉන්න. උන්ගේ ඇඩ් දැක්කාමත් හිතෙන්නේ නෑ ඉන්දියාවේ කියලා...