Thursday, April 12, 2012

සිහිනය සැබෑ කරගත් කුකුල්කේන්තිකාරයා: පූර්විකාව


“දැන් මේක කියවේවෙ නැත්තන් අපේ මේ සැරේ සේල්ස් කමිශන් එක නැතිවෙනවද?“
        ප්‍රසන්න ශෆාක්ගෙන් ඇහුවෙ විහිළුවට වගේ. දවස් කීපයක් තිබුනු අලෙවිකරණ හමුව ඉවර වෙලා අපි හැමෝම ලස්සන රූෆ්ටොප් ඩිනර් එකකට ලෑස්ති වෙලයි හිටියෙ. ඒ අතරෙ මේ හමුව සංවිධානය කරන්න සම්පූර්ණ වගකීම දරපු ශෆාක් අපි හැමෝම ළඟට ඇවිත් පොතක් ගානෙ බෙදල දුන්නා. ඉලක්ක, අලෙවිකරණ උපක්‍රම, වෙළඳපල ගාහනය (Market Penetration) ගැන වාද විවාද කරමින් ගෙවුන පහුගිය දින කිහිපය නිසා ප්‍රසන්න උඩින් අහපු ප්‍රශ්නෙ අමුත්තක් මට දැනුනෙ නෑ. අපි කරන සැලසුම්, සාධනය, වෙළඳපල ආවරණය කියන හැමදේම අවුරුද්ද අන්තිමට හම්බවෙන කොමිශන් එකට බලපාන බව අපි හැමෝම හිත යටින් දැනගෙන හිටියා. ඉතින් මේ හමුව අලෙවිකරණ කණ්ඩායමේ අපිට නම් සේල්ස් කමිශන් එක ගැන තියන හමුවක්.

“අපොයි නෑ. ඒත් මේක වෙනස් පොතක් කියවලා බලන්නකෝ.“
http://gnlogic.blogspot.com
         ශෆාක් හිනාවෙවී කිව්වෙ අපි කාටත් ඇහෙන්න. මගේ වයසෙම වුනත් ආයතනයේ අළුත්ම අලෙවිකරණ උපායමාර්ගය ඉදිරියට ගෙනයන්න අපි හැමෝම එක ඉලක්කයකට ගොනු කරලා අළුත් වෙළඳපලවල් හොයා යන්න ඇයව පත් කරලා තිබුනෙ හේතුවක් ඇතිවයි. ඒ ඇගේ ශක්තිමත් නායකත්ව හැකියාව නිසා. මේ පොතත් ඇගේ තේරීමක් බව නම් පැහැදිලියි.
        දවස් ගානක් ගෙවපු ඒ ලස්සන පූනා (Pune) නගරයෙන් සමුගෙන මම කොළඹ බලා එන්න ගුවන්තොටුපලට ඇදුනෙ ඉන්දියාවෙ අනිත් නගර කරා යන අනිත් යාළුවන්ට අතවනමින්. ඒ අතරෙ ශෆාක් දුන්න පොත මගේ ඇඳුම් බෑගයේත් මගේ කියවීම් ලැයිස්තුවෙත් උඩින්ම රැඳිලා තිබුනා.
පෝරස් මුන්ෂි
         අද මේ පොස්ටුව ලියැවෙන්නෙ අළුත් සොයාගැනීම් වෙනුවෙන් අළුත්ම විදිහට ලෝකය දැකපු ඉන්දියානුවෙක් ගැන විස්තර බෙදාගන්න. ඒරේවන් ඉනොවේෂන් කන්සල්ටින් පදනමේ අධ්‍යක‍්ෂ පෝරස් මුන්ෂි විසින් ලියපු Making breakthrough Innovation Happen – How 11 Indians pulled off the impossible පොතේ මා සිත් ගත් පරිජ්චේදයක පරිවර්තනය අදත් ඉදිරියට දින කිහිපයකුත් ඔයාලට කියවන්න ලැබේවි.
       කළමණාකරනය ගැන හදාරන  ඒ අංශයේ රැකියාව කරන හැමෝම ආදර්ශයට ගන්න පුරුදුවෙලා හිටියෙ මයිකොසොෆ්ට්, ඇපල්, වොල්මාට් ඉදිරියට ගියපු උපක්‍රම ඒවා මෙහෙයවපු නායකයින් ගැන. අද දවස වෙද්දි වෙළඳ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම ඉන්න ඉන්දියානුවො චීන්නු ගැන අපි තාමත් කතා කරන්නෙ නෑ.
        ඉතින් ඉදිරි දින කිහිපයේදි තමන්ගෙ හිතේ තියන තරහව කෝපය රටකට කීර්තියක් ගෙන දෙන්න පුළුවන් තරම් නිශ්පාදනයකට මුල පුරන්න හැකියාව තිබුනු කුකුල් කේන්තිකාර වරප්‍රසාද් රද්දි (Varaprasad Reddy) ඔයාලත් එක්ක ඉදිවි. 

පළමු කොටසට..

ප/ලි
ලබන්නාවූ අළුත් අවුරුද්ද ඔබගේ සිහින සැබෑ කර ගැනීමට අවැසි ශක්තිය සිත තුල පොදි ගැසෙන ලස්සන අළුත් අවුරුද්දක් වේවා..





 

18 comments:

  1. අයියෝ අද කතාවක් නෑනෙ...

    කමක් නෑ ඊළඟ කොටසෙ ඉඳලා එන්නම්..

    මට තියෙන එක ලෙඩක් තමා කොයි තරම් ඔය වගේ කතා ඇහුවත් ජීවිතේට ඇප්ලයි කරගන්න බැරි එක...

    ReplyDelete
    Replies
    1. සුභ නව වසරක් වේවා!

      Delete
    2. කතාව හෙට පටන් ගන්නවා..ඇවිල්ලම බලන්නකෝ..
      අහන හැම කතාවම ජීවිතේට ඇප්ලයි කරන්න ගියොත් පිස්සු හැදෙයි හරී..
      ඒත් ඒවා අගය කරන්න පුළුවන්නේ..

      ඔබටත් සුභම සුභ නව වසරක්..

      Delete
  2. යහපත් වු පින් සිතිවිලි ම වැඩෙන නව වසරක් වේවා අක්කටත්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි
      එසේම වේවා මල්ලි..

      Delete
  3. බලමු කොහොම කතාවක්ද මේ කියලා..

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා පතමි !!

    ReplyDelete
    Replies
    1. හෙටත් එන්නකෝ..
      ඔබටත් සුභම සුභ අළුත් අවුරුද්දක් සෙන්නා..

      Delete
  4. මමත් කැමතියි කුකුල් කේන්තිකාරයන්ට :-)

    සුභ අලුත් අවුරුද්දක් වේවා සොයුරිය...!!!

    ReplyDelete
    Replies
    1. හපොයි..උතුරන කේතලයක් ළග ඉන්නවා වගේනෙ..
      තිස්සටත් පවුලේ හැමෝටමත් සුභම සුභ අළුත් අවුරුද්දක්..

      Delete
  5. චීන්නු ගැනනම් කියවනන්නම්.. ඒත් අපි දැන් ඉන්දියන් ඒවා කියවන්නේ නෑනේ.. :)

    සුභ අළුත් අවුරුද්දක් අක්කේ...

    ReplyDelete
    Replies
    1. හික්ස්..ඇත්තටම අපි දැන් ඉන්දියාවත් එක්ක තරහයි නේන්නම්..
      සුභ අළුත් අවුරුද්දක් වේවා මල්ලි..අවුරුද්ද පුරාවට සතුටින් ඉන්න හැකියාව ලැබේවා..

      Delete
  6. හොඳයි හොඳයි අපි රද්දි එනකල් බලන් ඉන්නම්කෝ.:)

    ඔයාටත් සුබ අලුත් අවුරුද්දක්!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි..
      ඔයාටත් එසේම වේවා..

      Delete
  7. මම අලෙවිකරණය ගැන නම් මෙලෝ හසරක් දන්නෙ නෑ. බලමු මේකෙන්වත් ඉගනගන්න පුළුවන් වේවිද කියලා.

    අනික ඔය අලෙවිකරනය කියන්නෙ මේ අපේ ගෙවීයන ජීවිතම නෙවෙයිද?

    අලුත් අලුත් සිතුවිලිවලින් සපිරි සුබ අලුත් අවුරුද්දක්ම වේවා ඔබටත්..

    ReplyDelete
    Replies
    1. කතාව නම් අලෙවිකරනය ගැන නෙවි..දිගටම එන්නකෝ..
      ඔබටත් සුභම සුභ අළුත් අවුරුද්දක්..

      Delete
  8. රූ,

    කථාව කියවලා කමෙන්ට් කරන්නම්කෝ.

    ඔබට සුභ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තෙ ආවාට..
      කියවන්න කොටස් හතරක්ම තියනවා ඔන්න..

      Delete
  9. අද තමා කතාව කියවන්ඩ නිවනක් ලැබුනේ. ඉතුරු ටිකත් කියවලාම එන්නම්

    ReplyDelete