Monday, August 5, 2013

ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස්ගසකට සමයි..1



      පිරිමි ළමුන් තමන්ගේ ගෑනු ළමයාට පණ ඇති තුරු ආදරය කිරීමට පොරොන්දු දෙන්නේ ආදරය පැවසීමත් සමගය. ගෑනු ලමුන්ද ඊට දෙවනි නැත. කොල්ලන් කෙල්ලන් මිනිසුන් ගැහැනුන් වද්දී තමන්ගේ ලෝකය ලිං ගැට්ටෙන් ඔබ්බට ලොකු වද්දී පෙර කී ආදරය පෙර මෙන් රසවත් නොවෙයි. මෙය ඔබට මට සැමටම සිදුවිය හැකි පොදු කතාන්දරයකි.
      විරහව ආදරය තරම්ම ජීවිතයේ කොටසකි. එයින් විඳින වේදනාවද කාහටත් පොදුය. කවීන් කතුවරුන් දම්මි -සුගත්, රෝමියෝ-ජුලියට් සිට දේව්දාස්-පාරෝ, සිඩ්නි කාර්ටන්-ලුසී මැනට් දක්වා වූ ජනප්‍රිය චරිත හා සිත් හඬවන කතාපුවත් ලියුවේ දිනූ ආදරයට වඩා ආදරයේ ආශාව සහ පරිත්‍යාගය පදනම් වූ විරහව පදනම් කැරගෙනය.
     පර්නැන්දු ශේකර්,බාලිකා වාඩු නම් ටෙලි වෘතාන්තයේ තිර රචකයා නොදිනූ ආදරය මෙතරම් ජනප්‍රිය වීමට හේතු මෙසේ විස්තර කරයි.
“දිනූ ආදරය කෙතරම් බොළඳද? නීරසද? ටිකකට හිතන්න ලයිලා-මජ්නු විවාහ වුනොත් කොහොම වෙයිද කියලා? නොදිනූ ආදරය සදහටම පවතිනවා. එහි ආදරයේ ආශාව කවදාවත් වියැකී යන්නෑ.ආදරය බිඳීයන තරමටම එයට හිතේ ඇති රුචිය මනදොල සංසිදෙන්නේ නැහැ. විරහව කියන්නේ තිත්ත රසැති බීමක් වගේ. ආදරය විවාහයෙන් එකතුවීමෙන් සම්පුර්ණ වුනාම එහි සුරංගනා ගතිය නැතිවෙනවා.ඒ නිසා තමයි නොදිනූ ආදර පුරාවෘත්තවලට ලෝකයම ආදරය කරන්නේ.“
    කෙසේ වුවත් මෑත යථාර්තය ඉහත කියන ලද රොමෑන්ටික් සංකල්පයෙන් බැහැරව සාහසික ස්වරූපයක් ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. පුවත් පත් රූපවාහිනි වැඩසටහන් ආදරයෙන් පැරදුන් ආදරවන්තයින්ගේ පිහි ඇණුම්, පීඩා කිරීම්, බිය වැද්දීම්, ඇසිඩ් ගැසීම්,සියදිවි නසාගැනීම්,  මිනීමැරුම් වලින් පිරී ඇත. මේ සියල්ල ආදරයේ නාමයෙන් ඇතිවන වෛරය, ආදරය නැතිවේ යැයි ඇතිවන බිය හෝ ලැජ්ජාව නිසා සිදුවන දේවල්ය.


  • හීන වූ ජීවන කුසලතා
      තමන්ගේ මුළු ජීවිත කාලය තුල ආදරයකින් ප්‍රතික්ෂේප නොවී සිටීමට  ඇති අවස්ථා ඉතා අල්පය. පරිණාමවාදී මනෝවිද්‍යාඥ ඩේවිඩ් බස් ඔහුගේ “The Dangerously Passion “ පර්යේෂන කෘතියේදී මෙසේ සඳහන් කර ඇත.
“පුද්ගලයන් විසිදෙනෙකු ගත් කල විරහව අත්දැක නොමැත්තන් ඇත්තේ එක් අයෙකු පමණි.“
   පොත්වල පිටු අතර හෝ සිනමාවේ තිරය මත විරහව රොමෑන්ටික වන තරමටම සැබෑ ජීවිතය තුල විරහය ප්‍රචන්ඩ වේ. මෙසේ පවසන්නේ විසි හතර හැවිදිරි ඌරජ් කුමාර්ය. 
“අවුරුදු 13දී මම ආදරය කල ගෑනු ළමයා මාව දාලා ගියා. මට පිස්සු හැදුන්නැති එක විතරයි. මම එයාගේ පස්සෙන් ගියා ඇවිටිලි කලා එයාගේ ෆේස්බුක් ගිණුම හැක් කලා, තර්ජනය කරලා ඇමතුම් දුන්නා. අන්තිමට මටම තේරුනා මට පිස්සු හැදීගෙන එනවා කියලා. මගේ යෙහෙළියන්  බොහොමයක් එයාලා පිරිමි ළමුන් අතින් ප්‍රතික්ෂේප වුනාම සියදිවි නසාගන්නවා කියලා තර්ජනය කරලා තියනවා. මට දකින විදිහට දැන් කාලේ කවුරුත් බැහැ කියන දේ අහන්න කැමති නෑ.“
      වෛද්‍ය කනිකා කන්දෙවාල්, දිල්ලියේ ශ්‍රී රාම් කාන්තා විද්‍යාලයේ මනෝ විද්‍යා මහාචාර්ය වරිය මෙයට හේතු මෙසේ සඳහන් කරන්නීය.
“ආදරයේ බිඳ වැටීම් ලොකු වුවත් පොඩි වුවත් මේ පරම්පරාවේ බොහොමයකට එය දරාගන්න බැහැ. එයට හේතු වී ඇත්තේ ඔවුන් හැදී වැඩෙන කාලය තුල එවන් අවස්ථා ඉතා අඩුවීමයි.“
Can Love Happen Twice පොතේ කතෘ රවීන්ද්‍ර සිං මෙසේ කියයි.
“දැන් ඇත්තේ දුටු ගමන් ඇතිවුනු ආදරයකට වඩා දුටු ගමන් ඇතිවුනු කැමැත්තක්. එදා තිබූ තරුණ ආදරය වෙනුවට දැන් ඇත්තේ එක් මවුස් ක්ලිකයකින් ඇතිවුනු ආදරයක්. දැන් ආදරය ඇතිවීමට දෙදෙනා හැබැහින් දකින්නටම උවමනා නැහැ. ප්‍රේමය හුදෙක් මවුස් ක්ලිකයක් තරම් පහසුයි ලේසියි.“
      එසේ ඇතිවන සෝඩා බෝතල් ආදරය මවුස් ක්ලිකයකින් පමණක් එකිනෙකා අතර හුවමාරු නොවද්දී ප්‍රතික්ෂේපය යනු ලෝකය කඩා වැටීමක් වනු වලක්වන්නට බැරිය.

ඉතිරිය දෙවන කොටසින්...

ජූලි 14 ටයිම්ස් ඔෆ් ඉන්දියා හි පලවූ නෝනා වාලියා විසින් ලියන ලද I don't love you ඇසුරින් සැකසිනි.

පින්තූරු අනුග්‍රහය:
http://ibnlive.in.com

27 comments:

  1. හිතින් නම් පෝස්ටු සියගණනක් ලියලා ඇති ඇත්තටම බ්ලොග් එකේ ලියන්න බැරිවුනාට..නිදහසට කරුණු නොකීවත් බ්ලොග් යාළුවෝ ඉස්සර වගේම සමාව දේවි කියලා හිතනවා..

    ReplyDelete
  2. ඇත්ත ඒක. ප්‍රේමය හා වෛරය අතර වෙනස ලොකු හිඩැසක නෙමෙයි තියෙන්නේ. තමන් ආදරය කරපු කෙනා තමන්ව දාල ගිහාම දරා ගන්න බැරි එකයි එකම හේතුව. හිතින් විඳවන්න පුලුවන් කෙනා විදවනවා. බැරි කෙනා දාල ගිය කෙනාටත් ඒ විඳවීම දෙනවා. නමුත් පලමු ආදරේ දි කොල්ලෙක්ගෙ රැවටිලි නෑ. හැබෑවටම ඔහු ආදරේට ආදරේ කරනවා. මම කිවේ ගොඩක් කොල්ලෝ ගැන සලකලා බලලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දමිත් මේ පැත්තේ ආවාට..
      ඔයා කියපු පලවෙනි කොටසට මමත් 100%ක් එකඟයි..ඒත් කොල්ලො සාමාන්‍යයෙන් මෙහෙමයි කෙල්ලො සාමාන්‍යයෙන් මෙහෙමයි කියලා වෙන් කරලා අපි තීරණය කරන එක අසාධාරණයි..
      ඒක හරිම පුද්ගලයානුබද්ධයි කියලයි මට හිතෙන්නේ..

      Delete
    2. නෑ මම කොල්ලො ගැන කිවේ මමත් ඒ වර්ගෙම එකෙක් නිසාවෙන් උන්ගෙ අදහස් උදහස් බොහොම ලගින් ඇසුරු කරන්න ලැබිමෙන් ඇති වු කල්පනාවක් නිසා. අනික තමයි ආදරය පැරදුනාම වෛරය, තරහව, හිමි කරගැනීමේ ආශාව, පලිගැනීමේ චේතනාව යන හැමදේමත් විවිධ සිතුවිල විදිහට ඔවුන්ගේ හිත්වල ඇතිවෙනවා ගැහැනු ලමයින්ගේ හිත්වලට වඩා.

      Delete
    3. ආයෙත් මේක සාපේක්ෂයි දමිත්..ඔයා ගෑනු ළමයි වැඩිපුර ආශ්‍රය කරන්න ගත්තාම තේරේවි හැමෝගෙම සිතුවිලි විවිධාකාරයි කියලා..

      මම සමාන්‍යයෙන් යාළුවෙකුගේ මේ වගේ ප්‍රශ්නයකදී එයා ගෑනු ළමේක්ද පිරිමි ළමේක්ද කියන රාමුවෙන් එළියට ඇවිත් බලන්න උත්සාහ කරනවා..

      Delete
  3. ලෝබ ද්වේශ මෝහ තුනම දරේ කියන මයාවෙ තියෙනවා.. හැබෑ ආදරේ නම් අයිති කර ගන්න ඕනෑකමක් නැතිවෙන්න ඕනෙ. අපි කතාකරන ආදරෙ ද්වේශයට හැරෙන්නෙ අයිතිකරගන්න බැරි උනාමයි.. ඒ දෙකම වෙන්නෙ මෝහය නිසා..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..
      ඒත් මේ මෝහය නැතිකරගන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ කාගෙන්ද? හැම කෙනාටම සිතින් දියුණු වෙන්න සමාජයෙන් උදව් ඕන කියලයි මට හිතෙන්නෙ..ඒත් අද අපි ගැටෙන සමාජය මේ වගේ පොඩි දේකටත් උදව් කරනවද කියන එක ප්‍රශ්නයක්..

      Delete
  4. මං කැමති මෙන්න මේකට,

    //“දිනූ ආදරය කෙතරම් බොළඳද? නීරසද? ටිකකට හිතන්න ලයිලා-මජ්නු විවාහ වුනොත් කොහොම වෙයිද කියලා? නොදිනූ ආදරය සදහටම පවතිනවා. එහි ආදරයේ ආශාව කවදාවත් වියැකී යන්නෑ//

    පස්සෙන් ගිහිල්ල බෑ කිව්වම පිහියෙන් අනින්නෙ නං මානසික රෝගීන්.

    ReplyDelete
    Replies
    1. :D
      මේ ලිපියට අනුව නම් මේ මානසික රෝගීන් වැඩිවෙන්න හේතුවත් අපේ කලාව/සිනමාව..

      Delete
  5. The grass is always greener on the other side of the fence.
    මම නෙවෙයි කිව්වේ. නමුත් මේ කතාවටත් යම් අදාලත්වයක් නැත්තෙම නෑ නේද?

    ReplyDelete
    Replies
    1. :D :D
      ඒක ඇත්ත..එහෙමත් කියන්න පුළුවන්..

      Delete
  6. True love is such that you make sure the person you love is happy where ever they are with or without you. Its not about being together always. Sometimes its about letting go!

    ReplyDelete
    Replies
    1. Exactly that's the point..this article tries to point out that fact that the younger generation does not understand this bitter truth. They simply can not adopt to "NO".

      Delete
  7. නූතනයේ ආදරය කියන්නේ පත්තුකර අහසට යැවු අහස්කූරක් වගේ විටෙක ආදරෙයන් දැල්විලා වේගයෙන් ඇදී ගොස් ලෝකයට පේන්න පුපුරා යනවා අන්තමේදි ඉතිරිවන්නේ තැවුල් පමණයි.

    බ්ලොග් ලිවිල්ල ගැන කරුනු කියන්න දෙයක් නෑ.ජීවිතේ හැටි එහෙම තමා. කාර්ය බහුල විම සේරටම මුලයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත දයා..ඒත් අද සමාජයේ වේගයත් එක්ක ආදරය වේගවත් නොවුන නිසා තමයි ඒක තැවුල් ගොඩකින් අවසන් වෙන්නේ..

      Delete
  8. ආදරය කියන්නෙ සෙක්ස් වල මනුස්ස පාට් එක කියලයි මට නම් හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. එතකොට විරහව කියන්නේ?

      Delete
  9. දුක වුනත් හිත හදාගන්න පුළුවන් වෙන්න ඕන .

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බින්දි..

      Delete
  10. මට මතක් වුණා රත්න ශ්‍රී සර් අපේ ඉස්කෝලෙට ඇවිදින් කරපු කතාවක කිව්ව දෙයක්.කිරිඇල්ල සෙන්ට්‍රල් එකේදි තමන්ව ප්‍රතික්ෂේප කරපු ගැහැණු ළමයට පිහියෙන් ඇනපු ශිෂ්‍යයාට පුළුවන් වුණා නම් ඇය තමන්ව ප්‍රතික්ෂේප කළාට පස්සෙ නන්නාදුනන ලෙසේ මග තොට යළිත් හමු වෙලා මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා.. කියලා හිතන්න,හිතලා ඇයට සුබ පතලා පිටවෙලා යන්න ඒ දේ සිදු වෙන්නෙ නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. මේ පරිණතබාවය වර්තමාන පරපුරට ලැබෙන්නේ කොහොමද කියන එක අපි ආපහු කල්පනා කරන්න ඕන වර්ෂා..
      ඔයා රත්න ශ්‍රී මහත්මයාගේ මේ කතාව අහලා හිතන විදිහ වෙනස් කලා..ඒත් අද අපේ වට පිටාවෙන් මේ වගේ පරිණත විදිහට ජීවිතේ දකින්න උගන්නවනවද?

      Delete
  11. පණ ඇරලා ආදරේ කරපු බුද්ධිමත් මිනිස්සුත් එකනේ විරහව දරාගන්න බැරි වුනාම සාහසික වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත පැතුම්..බුද්ධිමත් කියලා කීවත් එයාලගේ ලෝකය හරි පොඩියි නේද ඒකනේ මේ වගේ දෙයක් දරාගන්න අමාරු..

      දැනුම තියන්නේ පොතේ විතරක් නෙවි..

      Delete
  12. බිඳුණු ආදරේ විතරක් නෙවෙයි..... නොගැලපෙන කසාදෙත් දර්ශනිකයෝ බිහිකරනවා කියන්නේ... හි. හි...

    ReplyDelete
    Replies
    1. හික්ස්..සහතික ඇත්ත..
      ගොඩක් අය දාර්ශනික වෙන්නේ තමන්ගේ මේ වගේ දේවල්වලින් තමයි...!!

      Delete