නව සොයාගැනීම් බොහෝවිට
සොයාගත්තේ වෙළඳපල පිළිබඳ හැදෑරීම් වලින් නොව හිත අවුල් වූ අවස්ථා වලදීය. මම එසේ
කියන්නේ ඇයි
- සෝවියටය ලෝකයේ මුලින්ම අභ්‍යවකාශ ගතවූ විට කෙනඩිට තරහ ගියේය;
- මැරිට්ස්බර්ග් දුම්රිය පොළේදී දුම්රියෙන් විසි වූ විට ගාන්ධිට තරහ ගියේය;
- ඉන්දියානුවන් පහත්කොට සලකනු ලැබූ විට ජේ එන් ටාටාට තරහා ගියේය;
ඉන්පසු
- මිනිසුන් හඳට ගියෝය
- අළුත් රටක් ඉපදුනේය
- ඉන්දියොවේ යකඩ හා හෝටල් ක්ෂේත්‍ර අවධිය ආරම්භ විය.
එසේම වර ප්‍රසාද් රද්දි ද
කුකුල් කෙන්ති කාරයෙකි. හොස්ස ළඟින් මැස්සෙක් ගියොත් ඉවරය. ඒත් ඔහු එසේ කේන්ති ගත්
එක හොඳය. මක්නිසාද යත් ඔහුගේ කේන්තිය ඉන්දියාවේ ජීවතාක්ෂණයේ (BioTechnology) විප්ලවයක් ඇති කල බැවිනි.
1991දී 340,000කට ආසන්න
ඉන්දියනුවන් සංඛ්‍යාවක් මියගියේ හෙපටිටිස් බී (Hepatitis B) සුව නොවීම නිසාවෙනි. ඒ හෙපටයිටිස් බී සඳහා වන එක එන්නත් වේලක් රුපියල් 750ක්
වූ නිසාත් එන්නත් වේල් තුනක් සහිත මුළු
බෙහෙත් වඩියම රුපියල් 2250ක් වූ නිසාත්ය. එය බොහො සාමාන්‍ය ඉන්දියානුවන්ට දැරිය
හැක්කක් නොවිනි. බටහිර ලෝකයේ බොහෝ රටවල් හෙපටයිටිස් බී සුව කිරීමට සඳහා එන්නත්
යොදාගනිද්දී අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එය මැඩලිය නොහැකි දුෂ්කර
කාර්යයක් විය.
ඉන්දියාව වැනි රටවල්
සඳහා බටහිර ලෝකයට අවශ්‍ය ප්‍රමාණයට වඩා එන්නත් ප්‍රමාණයක් අවශ්‍යව තිබුනි. එහෙත්
එය මිල කර තිබුනේ බොහො තෙවැනි ලොව රටවල්වලට මිලදී ගත නොහෙන තරම් ඉහලනි. මේ දුක්බර
සත්‍යය දශකයකට වැඩි කාලයක් තිස්සේ දෝලනය වෙමින් පැවති අතර වානිජ වශයෙන් නිශ්පාදනය
වන මෙවන් බෙහෙතක් තවත් ඉදිරි දශකයකටද එවන් මිලකට අලෙවි වීමට නියමිතව තිබිණි.
වරප්‍රසාද් රද්දි |
එහෙත් එක මිනිසෙක්, එක්
සිතුවිල්ලක් මේ දුක්බර තිත්ත ඇත්ත වෙනස් කලේය. එන්නත් ගැන නොව බැටරි සහ ඉලෙක්ට්‍රොනික
පරිපථ ගැන පළපුරුද්දක් තිබූ මිනිසෙක් රුපියල් 750ට තිබූ එන්නතක මිල හත කපා දමා
රුපියල් 50ක් කලේය. ඒ අනුව මුළු බෙහෙත් වේලම රුපියල් 2250කට නොව රුපියල් 150කට මිල
කලේය! එනයින්ම නොනැවතී ලොකයේම මිල අඩුවන විට ඔහු එය රුපියල් 15කට බැස්සූයේය.
1991දී 80,000 ක්ව පැවති එන්නත් වාර්ෂික
අලෙවිය වසර 2008 වන විට මිලියන 100 පැන තිබිණි.
වරප්‍රසාද් ඔහුගේ සිහින
සැබෑකර ගත් ගමන් මග දැවැන්ත බහුජාතික යෝධයන් හෙල්ලීමට සමත් වූ අතරම ලෝකයේම
හෙපටයිටිස් බී එන්නතෙහි මිල සීඝ්රයෙන් පහත බැස්සේය.
වරප්‍රසාද්ගේ සිහිනය ඉපදුනේ කෙසේද? අපි ඊළඟ කොටසින් බලමු.
පින්තූරු අනුග්‍රහය : http://biospectrumindia.ciol.com/content/BSTOP20/11006148.asp
වරප්‍රසාද්ගේ සිහිනය ඉපදුනේ කෙසේද? අපි ඊළඟ කොටසින් බලමු.
පින්තූරු අනුග්‍රහය : http://biospectrumindia.ciol.com/content/BSTOP20/11006148.asp
අනිවාර්යයෙන් කියවනවා. මම හිතුවා පටන් ගත්තිම කතාව ඉවරයි කියලා. බලදදි යටින් තිබුනා කලින් ලිපිය.
ReplyDeleteමේක තමා හොඳම අවුරුදු තෑග්ග.... දැනට මම හිතන්නෙ එහෙමයි.
ම්..ඉන්දියානුවන්ගෙ මම අගය කරන (එකම)ගතිගුණයක් ගැන කියවෙන කතාවක් බුද්ධි..දිගටම එන්න..
Deleteලෝකයේ හැම වෙනසක්ම ඇති කරන්න හේතු වෙන්නේ එක් සිතුවිල්ලක් පමණයි. අපි බලමුකෝ කතාව කොහොමද කියල!
ReplyDeleteඒක ඇත්ත..ඒත් අපි ඒ සිතුවිල්ලට හරිම බයයි..
Deleteස්තුතියි මේ පැත්තෙ ආවාට..
කියවල නිකා ඉඳලා බෑ කවුරු කවුරුත් මේවා ආදර්ශයට ගන්න ඕනා.
ReplyDeleteහරී
Deleteආදර්ශයට ගන්න පුළුවන් නම් හොඳයි..ඒත් රසවිදින්න නම් බාධාවක් නෑ කාටවත්
Deleteදිගටම එන්නකෝ..ගොඩක් දේවල් තියේවි ඉගෙන ගන්න..
වරප්‍රසාද්ගේ සිහිනය ඉපදුනේ කෙසේද?
ReplyDeleteපොර වරප්රාසද ලබපු කෙනෙක්. අහන්නත් දෙයක්ද?
හික්ස්..ඒකත් ඇත්ත බලාන ගිහාම..
Deleteවරප්‍රසාද ලබපු හැමොටම සිහින නැති එකයි ප්‍රශ්නෙ..
ඊළග ලිපිය ඉක්මනට දාන්න අක්කේ.....
ReplyDeleteදවසට එක ලිපියක් තියේවි මලේ සීරීස් එක ඉවර වෙනකම්..
Deleteආසාවෙන් ඉන්නවා ඉතුරු ලිපියත් කියවන්න`
ReplyDeleteම්..ඔන්න ඊළඟ එකත් දැම්මා..
Deleteකාලෙකට පස්සෙ දැක්කෙ..ඉතින් කොහොමද?
ඇත්තටම ඉන්දියන් ජාතිකයො තමන්ගෙ රට වෙනුවෙන් කැපවෙලා වැඩකරනවා. මහත්මා ගාන්ධි, ශ්‍රී නේරු රවීන්ද්‍රනාත් තාගෝර් වැනි අයගෙ ජාතිමාමක හැඟීම් ඉන්දියන් ජන ජීවිතයට පොවලා තියෙන්නෙ.ඒකයි දියුණුවෙන ලෝකෙත් එක්ක තරඟකාරීව ඔවුන් ඉන්නේ.
ReplyDeleteහොඳ ලිපිපෙළක් අපිටත් අපිගැනම තව හිතන්න පුළුවන්.
ස්තුතියි සරු අදහසක් එක් කලාට..
Deleteඉන්දියානුවො වගේ වෙන්න අපිට බැරි නම් අපේ ශක්තීන් අඳුන ගන්නවත් අපි මහන්සි වෙන්න ඕන..
ඊළඟ ලිපියත් ඉක්මනට දාන්න අක්කේ, දැනගන්න වටින කථාවක් !
ReplyDeleteඔන්න පබ්ලිෂ් කලා..බලන්නකෝ..
Deleteමොකක්ද රහස.. !
ReplyDeleteබලා සිටිමි.
රහස දැන ගන්න දිගටම එන්න..:D
Deleteඉතුරු ටිකත් ඉක්මනට දාන්නකෝ!
ReplyDeleteඅනිවා...
Deleteඒ කතාව ඉක්මනින්ම ලියන්නකෝ... හෙපටයිටිස් බී එන්නත් කොච්චර පාවිච්චි කලත් ඒකෙ සැගවුනු කතාව දැනගෙන නොහිතපු එක ගැන ලැජ්ජාවක් ඇති උනා... ඉතාම වටින ලිපියක්....
ReplyDeleteහෙපටයිටිස් බී එන්නත හොයාගත්තෙ මෙයා නෙවෙයි..
Deleteඒත් ඉන්දියාවෙ පළමුවෙන්ම මේක නිපදවූයේ වරප්‍රසාද්..
එයාගේ සිහිනය දැක බලා ගන්ට අපිත් සිහින මවමින් ඉන්නවා.:D
ReplyDeleteහික්ස්..ඕකේ ඕකේ..
Deleteඔන්න ඊළඟ ලිපියත් දැම්මා..