Monday, October 1, 2012

මගදී හමු වූ මල්ලීට....

දෙතොලට ගෙනා ඒ මද සිනා
මදකට මසිත කුල්මත් කලා
එහෙත් සොහොයුර කෙලෙසකින්දෝ
මුවට නැගෙන්නේ ඔය සිනා..


බඩපොත්ත පිටටම ඇළුනු විට
බඩ පණුවන් කිරි ඉල්ලා හඬන විට
සිටගෙන සිටින්නත් වාරු නැති කලට
කෙලෙස නැගෙන්නෙද සිනහා නුඹ මුවට...

සැමදා ලොව එළිය කරනා දෙවිඳුන්ට
නුඹ නෙපෙනුනේ මන්දැයි දැන් කියන් මට
සැමදා අඳුර පෙරවූ නුඹගේ වතට
ලාහිරු කිරණ කවදාවත් වැටේවිද...


සැමදා උදාසන සිට පානා අතට
සතයක් දෙකක් නිරතුරුවම ලැබෙන්නට
නිබඳව දත් දෙපෙල පෙන්වන නුඹට
මහමග දෙවිඳුගෙම සරණයි සැම කලට

සැමදා නුඹේ මුව අග මල් පිපීයන්
පානා අතට සැමදා මිල ලැබීයන්
අහසේ සිටින දෙවියන්වත් බලාපන්
හෙට මගේ ළඟ දෙයක් නුඹ හට තිබීයන්

පින්තූරු අනුග්‍රහය: http://www.shutterstock.com/

33 comments:

  1. අදට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් ලියැවුනකි..

    ප/ලි: රොබී 7 ඉක්මනින්ම..

    ReplyDelete
  2. කවි වලට අකමැති මමත් කියවා රසවිඳ තේරුම් ගතිමි..ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා..මම ඒක ප්‍රශංසාවක් විදිහට බාර ගන්නවා..

      ප/ලි: බලන්නකෝ අද ඔයාට එක වෙන්න බැරිවුනානේ..:)

      Delete
    2. මේකනම් පැහැදිලි කුමන්ත්‍රණයක්... මම ඒ ගැන ප්‍රකාශයක් නිකුත් කරන්ඩත් හදලා ආයෙ නිකම් හිටියා... අනිත් අතට ඇඩ්මින්ගෙ කමෙන්ට් ගනන් ගන්ඩ බෑ.. එහෙම බලපුවම මම ආයෙ එක.. :D

      Delete
    3. පිටරටවල් වල ඉන්න එව්වෝ පළවෙනියට කමෙන්ට් කලාට ඒවා ගණන් ගන්නෙ නෑ. අපි නිදි වෙලාවටනේ උඔලා බ්ලොග් බලන්නෙ. ඉතින් එක වෙන එක පුදුමයක්යැ.

      පලවෙනියට කමෙන්ට් කරලා දිනන්න ඕනෙ නම් හැමෝ ම ග්‍රිනිච් මධහ්න රේඛාව කෙලින් ඉදලා එකපාර කමෙන්ට් කරන්න ඕනෙ. එහෙමයි ඕවා කරන හරි විදිහ.

      Delete
    4. හපොයි හපොයි මට මැවිලා පේනවා බුද්ධියි සෙන්නයි ග්‍රිනිච් රේඛාව උඩ සැරෙසේන් කියලා දුවන්න හදන හැටි..

      Delete
  3. හ්ම්ම්.........අපූරුයි! ජය!

    ReplyDelete
  4. අනේ මංදා රූ...! ඔයාගේ නිර්මාණ හැකියාව අගයනවා හැර මාතෘකාව ගැන මොකුත් නොකියා ඉන්නයි කල්පනා කලේ..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සරත්..
      මේ මාතෘකාව ගැන කතා කරන්න ගියොත් කොහෙන් කොහොම කෙලවර වෙයිද දන්නෑ තමා..

      Delete
  5. ළමා දිනයට අපූරු කවියක්... වීදි දරුවන්! රොබී...ම්ම්ම්ම් කියවල නෑ මම...

    ReplyDelete
    Replies
    1. රොබී තමා මේ දවස්වල නැගලා යන කතාව ඔයා තාම කියෙව්වෙ නැද්ද නගේ..

      ස්තුතියි අගය කිරීමට ඔන්න..

      Delete
  6. උත්සව වෙනුවට මේ ලමයින්ට හොද අනාගතයක් හදලා දෙනවනං...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත තරියා..ගොඩක් අයට වැඩක් කරනවාට වඩා නම ප්‍රසිද්ධ කරගන්නනේ ඕන..

      Delete
  7. ලමා දිනයට වටිනා තිලිණයක්!
    අන්තිමට තියන ප්‍රාර්ථනය අපූරුයි!

    ReplyDelete
  8. මඟදී හමු වූ "මල්ලී" කිමෙන් ම සියල්ල කිව්වා වගේ වෙනවා.

    ළමයි වෙනුවෙන් පුලුවන් හැටියට යමක් කරන්න තමා අපි කව්රුත් බලාපොරොත්තු වෙන්නෙ. ඒ ගැන විශේෂ බලපොරොත්තුවකුත් තියෙනවා. රූටත් කියන්නම්!

    ReplyDelete
    Replies
    1. ම්..ස්තුතියි බුද්ධි..
      අනිවා ඔයාලගේ හොඳ වැඩේට අපිත් පුළුවන් විදිහට උදව් වෙන්නම්..

      Delete
  9. මේ වගේ ළමයි කීදාහක් මහපාරේ ඉන්නවද? ඔවුන්ගේ අනාගතය ගැන හිතනකොට ගොඩාක් දුක හිතෙනවා.. වසරේ හැම දිනයක්ම ළමා දිනයක් වෙනවානම්...

    ReplyDelete
    Replies
    1. ම්..එහෙම වුනත් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ තොටියා..
      ළමා දිනේ කියලා මොනවද වෙනස් වුනේ..

      Delete
  10. අපූරු කවි පෙළක්...

    ReplyDelete
  11. අපි ඊලඟ අවුරුද්දේ ලෝක ළමාදිනය දවසට මොකක් හරි හොද වැඩක් කරමුද...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. ඒක නම් හොඳ වැඩක්! ට්‍රයි කරමු ! අර්ථවත් , කාලීන සටහනක් අක්කේ!

      Delete
    2. ම්..අනිවාර්යෙන්ම මල්ලි..
      අපි එකතු වෙලා හොඳ වැඩක් කරමු..මමත් අත් දෙකම ඉස්සුවා ඔන්න..

      @ ලහිරු,
      ස්තුතියි මල්ලි..

      Delete
  12. පානා අතට සැමදා මිල ලැබීයන්

    මෙන්න මේ ප්‍රථනාවට කැමතිනෑ රූ..... මෙහෙම වෙන්න වෙන්න.. ඒ ළමයි ඒ ජීවිතයට ඇබ්බැහි වෙනවා

    ලස්සන නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. එක අතකට ඔයා හරි මීගොඩයා.
      ඒත් ඉස්කෝලයක් දැකලාවත් නැති කිසිම කරුමානත්යක් කරන්න දන්නැති ළමයෙක් වෙනුවෙන් වෙන කරන්න දෙයක් තියනවාද?

      Delete
  13. හරිම ලස්සන නිර්මාණයක්... මීට කලින් කියවපු වැඩකාර කෙල්ලගේ කවි පන්තිය තරම්ම ලස්සනයි.මට පේන්නේ අක්කා මේ වගේ දෙයක් දැක්කම එයාලගේ මට්ටමට බැහැලා කල්පනා කරනවා වගේ

    ReplyDelete
    Replies
    1. ම්..ඔයාට ඒ කවි පන්තිය මතකද?
      ස්තුතියි මල්ලි..
      මේ ලේබලේ කවි වල විශේෂයක් තියනවා..ඉස්සරහට කියන්නම්..

      Delete
  14. ලස්සනයි අක්කේ කවි පෙල

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රන් මාළුවෝ..

      Delete
  15. Replies
    1. ස්තුතියි ධම්මික..
      මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..

      Delete