මෙතෙක් කතාව: අට හැවිදිරි ග්ලෝරියා රොබී නමින් නම් කරන ලද රොබෝට අසීමිතව ආදරය කලද ඇගේ යහපත සිතූ ඇගේ මව රොබීව උපක්‍රමයකින් අයින් කර සුරතල් බල්ලෙක් ඇයට තිළිණ කරයි. එහෙත් රොබී නැති පාළුවෙන් අසනීප වන ග්ලෝරියාව සුව කිරීමට දෙමාපියන් ඇගේ අවධානය වෙනස් කිරීමට නිව්යෝක් නගරයට යයි. එහිදී ඔවුන් විද්‍යා කෞතුකාගාරයක වැඩ මුළුවක් වෙත ග්ලෝරියා කැඳවාගෙන ගියද ඔවුන්ගේ අවධානය ගිලිහෙන වෙලාවක් සොයා එතැනින් පැන යන ඇය “කතා කරන රොබෝවෙක්“ වෙත ගොස් රොබී ගැන විමසන්නීය. එහෙත් කතා කරන රොබෝට එම පැණය සංකීර්ණ වූ බැවින් එය අකර්මන්‍ය වන අතර මෙම කලබල අස්සේ ඇගේ දෙමාපියන් ග්ලෝරියාව සොයාගන්නට සමත් වෙති.
පසුගිය කොටසින් අපි ග්ලෝරියා කතා කරන රොබෝ අසල සිටියදී වෙස්ටන් යුවල විසින් සොයාගත්තා ඔයාලට මතක ඇති. අද එතැන් සිට..
එම සිද්ධියෙන් පසු සිය බිරිඳගෙන් හා ග්ලෝරියාගෙන් වෙන්ව ගිය වෙස්ටන් මහතා යළි නිවසට පැමිණියේ පැය කිහිපයකට පසුවය. පසුදින උදෑසන සිය බිරිඳට ළංවූ ඔහු අමුතු සතුටකින් ඈ ඇමතුවේය.
“ග්‍රේස් මට හොඳ අදහසක් ආවා.“
“හ්ම්. මොකද්ද?“ බිරිඳ පිලිතුරු දුන්නේ එතරම් උනන්දුවකින් නොවේ.
“ග්ලොරියා ගැන“
“අර රොබෝව ආපහු ගේන එක ගැන නෙවේනෙ ඔයා කියන්න යන්නෙ?“
“නෑ අනේ නෑ.“
“එහෙනම් කියන් බලන්න. මම අහගෙන ඉන්නෙ.“
“අපි කරපු කිසි දෙයක ප්‍රතිඵලයක් තිබුනෙ නැති නිස මට මෙහෙම හිතුනා. මෙහෙම ග්ලෝරියා රොබී මත්තෙම නැහෙන්නෙ එයා රොබීව මනුස්සයෙක් විදිහට හිතාගෙන ඉන්න නිසා. ඒකයි එයාට රොබීව අමතක කරන්න බැරි.දැන් අපි කොහොම හරි එයාට ඒත්තු ගැන්නුවොත් රොබී කියන්නෙ මැෂින් එකක් කියලා; රොබීව හදලා තියෙන්න තඹ වයර් වලිනුයි යකඩ කෑලි වලිනුයි කියලා. එයා ඒක තේරුම් අරන් රොබීව අමතක කරාවි. ඒක එයාට ෂොක් එකක් වුනත් ඇත්ත තේරුම් ගත්තාම හරියාවි.“
“දැන් කොහොමද ඔයා ඒක කරන්න හිතාගෙන ඉන්නෙ?“
“සරලයි. ඊයෙ රෑ මම කොහේ ගියා කියලද ඔයා හිතන්නෙ? මම ඇමරිකා රොබෝ එකට ගිහින් ඒකේ සභාපති රොබට්සන්ව කැමති කරගත්තා කර්මානත ශාලාවෙ රවුමක් යන්න. අපි තුන්දෙනාට පුළුවන් හෙට දවස පුරාම ඒ කර්මාන්ත ශාලාව පුරාම තියන දේවල් දැකගන්න. අපි ඒක ඉවර වෙද්දි රොබෝලට පණ නෑ කියන එක ග්ලෝරියාට අවබෝධ කරවන්න පුළුවන් වේවි.“
මිසිස් වෙස්ටන්ගේ ඇස් ක්‍රමයෙන් විසල් වන්නට විය. ඇගේ දෑස් දීප්තියෙන් දිදුලන්නට වූයේ යෝජනාවට කැමති අයුරකිනි.
“ෂා ජෝජ්, ඔයා නම් දක්ෂයි. ඔයාටත් මාර අයිඩියා එකක්නෙ ඇවිත් තියෙන්නෙ.“
“මම කොහොමත් එහෙම තමා. ඇයි ඔයා දන්නෙ නැද්ද?“
********************
ග්ලෝරියාට තේරුම් ගත හැකි අයුරින් වඩා සරල බසින් විස්තරය කරවා ගැනීමට ඈ උනන්දු වූ බැවින් ස්ටෘදර්ස් මහතා පුම්බා වර්ණනා කිරීමට ඈ පැකිළුනේ නැත. එහෙයින්ම එම මහතා වඩ වඩා කතා කරන්නට පැහැදිලි කරන්නට වූවේය.
එහෙත් ජෝජ් වෙස්ටන් නම් පැහැදිලිවම නොයිවසිල්ලෙන් පසුවන බව පෙණින.
“සමාවෙන්න“
ස්ටෘදර්ස් වෙස්ටන් මහතා ප්‍රභාවිද්‍යුත් කෝෂයක් ගැන කෙරෙමින් තිබූ දේශනයට බාධා කරමින් ඔහු මෙසේ ඇසුවේය.
“අර ඔයාලගෙ කම්හලේ තියනවා නේද රොබෝල විතරක් වැඩ කරන අංශයක්? “
“ආ..ඔව්. ඔව්ම නේනනම් මට කියන්නත් අමතක වුනා.“ඔහු සිනාසෙමින් වෙස්ටන් මහතාට පැවසීය.
“එක අතකට ඒක විෂම චක්‍රයක් වගේ. රොබෝලා තව රොබෝලව හදනවා එයාලා තව රොබෝලව හදනවා. එහෙම රොබෝලගෙන් රොබෝලා හදන එක සාමාන්‍යයෙන් කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙන්නෑ තමයි. ඒ ඉතින් මේ වෘත්තිය සමිති වලින් බේරෙන්න බැරි නිසා. ඒත් අපි රොබෝලා ටික දෙනෙක් යොදාගෙන පර්යේෂණ මට්ටමෙන් මේ වැඩේ කරගෙන යනවා. ඔයාට තේරුනානෙ?“
ඔහු සිය නාසික උපැස ගලවා අත්ලට ගෙන විවාදශිලී ලෙස පැවසුවේය.
“මේ මඟුල් වෘත්තීය සමිති වලට තේරෙන්නැත්තෙ-මම කියන්නෙ මම නිතරම මිනිස් ශ්‍රමය හූරාකනවට විරුද්ද පැත්තෙ ඉන්න කෙනෙක්.-රොබෝල පාවිච්චි කිරීම නිසා සමහර සමහර දේවල් වෙනස් වෙන්න-මම කියන්නෙ ඒක වලක්වන්න පුළුවන් දෙයක්-.. “
“ඔව් ස්ටෘදර්ස්. ඒකට කමක් නෑ“වෙස්ටන් මහතා පැවසුවේය.
“ඒත් ඔයා කිව්ව ඒ අංශය කොයි පැත්තෙද තියෙන්නෙ? අපිට ඒක බලන්න පුළුවන්ද දන්නෑනේ? මම හිතන්නෙ ඒක බලන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා.“
“ආ..ආහ්..ඔව් ඔව් ඇත්තෙන්ම.“ ස්ටෘදර්ස් මහතා තම නාසික උපැස නැවත ගැහෙන අතින් පළඳා ගෙන සියුම් කැස්සක් හා සමඟ පැවති සියුම් අකමැත්තකින් යුතුව එකඟ වූවේය.
“මේ පැත්තෙන් එන්න.“
ඔහු එම අංශයට ඔවුන්ව ගෙන යද්දී අසාමාන්‍ය ලෙස නිශ්බ්ද වූවේය. දිගු කොරිඩෝවක් පසුකරගෙන තරප්පු පේලියකින් බැස ගෙන ගිය ඔවුන් අවසන මනා ලෙස ආලෝකමත් වූ විශාල කාමරයකට පැමිණියහ. යාන්ත්‍රික ක්‍රියාකාරකම් බහුල වූ එම කාමරයට ඇතුල් වත්ම අගුලු වැටී තිබුනු කට ඇරී වේගවත් විස්තර විචාරයක් ගලා එන්නට විය.
“මේ තියෙන්නෙ“ ඔහුගේ කටහඬෙහි ආඩම්බරයක් රැඳී තිබුණි.
“මේකෙ ඉන්නෙ රොබෝල විතරයි. මිනිස්සු පස්දෙනෙක් විතරයි මේකෙ වැඩ බලන්නෙ. ඒත් එයාලා මේ කාමරේවත් ඉන්නෙ නෑ. අවුරුදු පහකින්- ඒ කියන්නෙ අපි මේ ව්‍යාපෘතිය පටන් ගත්ත දවසෙ ඉඳන් අද වෙනකම් එකම එක අනතුරක්වත් වෙලා නෑ තවම. ඔව්. රොබෝලා එකලස් කරන එක එච්චර අමාරු නෑ තමයි. ඒත් මම කිව්වෙ...“
සාමාන්‍යාධිකාරවරයාගේ හඬ ක්‍රමක්‍රමයෙන් ග්ලෝරියාට නෑසී යන්නට විය. ඇත්ත වශයෙන් ගත් කල ග්ලෝරියාටම මම චාරිකාවෙන් කිසිදු පල ප්‍රයෝජනයක් තිබුනේ නැත. එනිසාම ඇයට එය එපාවී තිබුනි. බොහෝ රෙබෝ වරුන් මෙහි සිටියද ඔවුන් එකෙකුටවත් රොබීගේ සමානකමක්වත් තිබුනේ නැත. ඈ දැකිය හැකි රොබෝවන් දෙස උනන්දුවෙන් බලා සිටියාය.
මෙම කාමරය තුල කිසිදු මිනිසකු සිටියේ නැති බව ඈ නිරීක්ෂණය කලාය. කාමරෙයේ අඩක් තැන් දුරින් වට මේසයක් ළඟ යමක් එකලස් කරමින් සිටි රොබෝවන් හය හත් දෙනෙකු වෙත ඇගේ දෑස් යොමු විය. එම දෑස් විශ්මයෙන් මහත් වීමට වැඩි වේලාවක් ගත වූයේ නැත. එය විශාල කාමරයක් වූ බැවින් ඈට හරි හැටි දකින්නට බැරි වුවද එයින් එන රොබෝවෙක් -එක රොබෝවෙක් ඔහු වැනි වු බව ඈට සහතික කර කිව හැකි විය.
“ රොබී..!!“
ඈ යටිගිරියෙන් ඈ කෑ ගැසූ හඬ කාමරයේ වාතයට මුසුව ගියේය. වට මේසය අසල සිටි එක් රොබෝවෙකුගේ අතින් එකලස් කිරීමට පාවිච්චි වූ ආයුධය වැටිනි. ග්ලෝරියා සන්තෝෂයෙන් පිස්සු වැටුනාය. දෙමව්පියන්ට සිතන්නට තත්පරයක් වත් නොදී ආරක්ෂක ගරාදි වැටෙන් රිංගා ගත් ඈ අඩි කිහිපයක් බිම වැටුනද එය ගනනකටවත් ගත් බවක් නොපෙණින. අත් උස්සාගනිමින් ඈ රොබී වෙත දිවීමට පටන් ගත්තාය.
ග්ලෝරියා නොදුටු ඒත් එතැනට පෙනුනු මේ භයානක දර්ශනයෙන් තැති ගැනුනු වැඩිහිටියන් තිදෙන එතැනම ගල් ගැසී බලා සිටියහ. අතිවිශාල ට්‍රැක්ටරයක් සෙමෙන් සෙමෙන් ඇගේ ගමන් මාර්ගය හරස් කරමින් ඉදිරියට ඇදෙමින් පැවතිනි
.
තත්පරයෙන් දාහෙන් පංගුවක් තරම් නිමේශයකදී වෙස්ටන් මහතාට යළි සිහි එළවා ගත හැකි වූවද ඔහුට කරන්නට දෙයක් තිබේද?
ග්ලෝරියා ට්‍රැක්ටරයට කෙසේ මුහුණ දේවිද? අපි අවසාන කොටසින් බලමු.
පින්තූරය : http://www.downloadswallpapers.com/download-robo-12998.htm
සමාවෙන්න යාළුවනේ මේ කතාව දාන්න පරක්කු වුනාට. නිදහසට කරුණු නම් ගොඩක් තිබුනත් ඔයාලා හැමෝම මාත් එක්ක තරහා නෑනේද?
ReplyDelete;)
මම මේ බ්ලොග් එකට පලමු වතාවට ආවේ ජය .........
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා ලහිරු..
Deleteදිගටම එන්න..
තරහ වෙලා කොහොමද රූ නෝනේ, එතකොට ඔයා අපට කතාවේ ඉතුරු ටික නොකියා ඉඳීවි. ඒකෙනුත් අමාරුවේ වැටෙන්නේ අපිම නෙව. ස්තුති පරක්කු වෙලා හරි ලිවුවට. නැත්නම් මම කබලෙන් ලිපට වැටෙනවා.
ReplyDeleteඅනේ මන්දා පාං කෑවොත් ඔහොම්මමයි..!
අපි නම් ඔහොම වෙලාවක කියන්නෙ පුවක් ගහකට නැග්ගොත් ඒකෙත් දෙබලක් කියලා..හික්ස්..
Deleteඔන්න අන්තිම කොටසත් දැම්මා යාළු..ඇත්තටම සමාව ඉල්ලනවා පමාවට..
එන්න එන්නම භයානක වෙනවනේ..බලමුකෝ රොබී එයාව බේරගනියිද කියලා...
ReplyDeleteහොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනේ සයු..
Deleteමම නම් හිතන්නේ කතන්දරේ හොඳම හරිය තමයි ඉස්සරහට එන්නේ. ග්ලොරියා එයාගේ රොබීට හිතන්ට පුලුවන් කෙනෙක් කියලා ඔප්පු කරලා පෙන්නයි.
ReplyDeleteපොඩි ලමයෙකුගේ ආදරේට කරන්ට බැරි දෙයක් නෑ.:)
ම්..අන්තිම කොටසත් දැම්මා පොඩ්ඩි..ඔයා හරි..මිනිස්සු එක්ක ඉද්දි යකඩ ගොඩවල් වලටත් හිතන්න පුළුවන් වෙනවා ඇති..
Deleteරොබී, ග්ලෝරියා ව බේරාගත්තොත් වෙස්ටන් මහත්මියට ලැජ්ජා හිතේවි!
ReplyDeleteම්..අපි බලමු නේද ලහිරු..
Deleteඅපොයි අපි තරහා නෑ.... කොහොමහරි ලිව්වා නේ. ඒ ටිකම මදෑ.. :)
ReplyDeleteතරහ නැත්තම් කමක් නෑ අප්පා..මම බයවෙලා හිටියෙ..
DeleteKalaya gaththata kamak nae...anthima kotasa ? :-(
ReplyDeleteම්..ඔව් වෙනී..පටන් ගත් යමක් ඇත්නම් එය අවසන්වන දිනයක්ද ඇත කියනවනේ..:)
Deleteපළමු කොටස් ටික කියවගෙනම එන්නම් හොදේ...
ReplyDeleteම්..දිගටම කියවගෙන එන්නකෝ එහෙනම්..
Deleteම්... එතකොට ඒ රොබීමද...?
ReplyDeleteඅනිත් කොටසත් කියවන්නකෝ..
Deleteරෝබී පැනලා බේරගනියි.. ඊට පස්සෙ ඉතින් බටහිර නෝනාට රොබීට එරෙහිව මුකුත් කියන්ඩ බැරුව යනවා.. එතනින් කතාව නිමි.. එහෙම වෙයිද කියලා අපි බලමු..
ReplyDeleteම්..ඔයා කොහොමද හරියටම දැනගත්තෙ..:D
Deletehobby
ReplyDelete?
Deleteමේ පාර නම් ගොඩක් කල් ගියා නේද. කමක් නෑ කාරය්‍ය බහුල වෙන වෙලාවලුත් එනවනේ. කතාවෙ හොඳම හරිය වගේ යන්නේ!
ReplyDeleteඅනේ ඔව් ගිම්..තරහා වෙන්න එපා ඒ නිසා..
Deleteකතාවේ හොඳම හරියටත් වඩා අන්තිම හරිය කිව්වොත් හරි..:D
අඩෙහ්...
ReplyDelete