පළමු කොටසට
පසුගිය කොටසේ අපි නතර කලේ රොබීව සොයා දෙන්නැයි ග්ලෝරියා අඬන්න පටන් ගත් තැනදීය.
ග්ලෝරියා රොබීව ඉල්ලා හඬන අයුරු බලා සිටීමට නොහැකි වූ තැන මිසිස් වෙස්ටන් තම ස්වාමියා දෙස බැලුවේ ආයාචනාත්මක බැල්මකිනි. එහෙත් වෙස්ටන් මහතා අහසට උසින් වූ දෙව්ලොව වෙත බලා සිටි උද්යෝගිමත් බැල්ම අහකට නොගත් බැවින් මිසිස් වෙස්ටන් ග්ලෝරියා සැනසීම පිණිස ඈ අසල වාඩි වූවාය.
“ඇයි ඔයා ඔච්චර අඬන්නෙ ග්ලෝරියා? රොබී කියන්නෙ නිකම්ම නිකම් මැෂින් එකක්. පරණ මලකඩ කාපු මැසිමක්. ඒක පණ තියන දෙයක් නෙවිනේ? “
“එයා මැෂින් එකක් නෙමෙයි! ග්ලොරියා හඬ තලන්නට වූවාය. එයා ඔයා මම අපි වගේ. එයා මගේ හොඳම යාළුවා. මට එයාව ඕනේ. අනේ මමී මට එයාව ආපහු ඕනේ.“
පරාජය බාරගත් ඇගේ මවට කෙඳිරි ගෑවිනි. එහෙත් ග්ලෝරියා සැනසීමට ඈ අපොහොසත් වූවාය.
“එයා ඕන තරම් අඬපුදෙන්. මිසිස් වෙස්ටන් ඇගේ ස්වාමියාට පැවසූවාය. කොහොමත් පොඩි ළමයින්ට ඉක්මනට අමතක වෙනවනෙ. තව ටික දවසක් ගිහාම දෝණිට රොබෝවෙක් හිටියද කියලවත් මතක නැති වේවි. “
එනමුදු කාලය විසින් මිසිස් වෙස්ටන් පමණට වඩා මේ ගැන සර්වශුභදායී වී සිටි බව ඔප්පු කැර තිබිණි. සත්‍ය වශයෙන්ම ග්ලෝරයි ඇඬීම නතර කර තිබු අතර ඒ සමඟම ඈ සිනාසීමද නතර කර තිබුනාය. දින ගණන් ගතවුයේ ඈ තව තවත් නිහඬ කරවමිනි. ග්ලෝරියාගේ මේ අසතුටු පෙනුම විසින් මිසිස් වෙස්ටන් මහත් අපහසුතාවයකට පත්කොට තිබුණි. වෙස්ටන් මහතා ඉදිරියේ ඇගේ ක්‍රියා පිළිවෙත නිවැරදි යැයි පෙන්වීමට මිසිස් වෙස්ටන් ගත් සියළු තැත අසාර්ථක විය.
දිනෙක හැන්දෑවක මිසිස් වෙස්ටන් කෝපයෙන් රතු වූ දෙනෙතින් යුතුව වෙස්ටන් මහතා ඉදිරියේ වාඩි වූයේ බැඳ ගත් දෑතිනි.
පුවත් පත මතින් දෑස් යොමා ඔහු බිරිඳ දෙස බැලුවේය.
“ ඇයි ඒ පාර මොකද වෙලා තියෙන්නෙ ග්‍රේස්?“
“අනේ මන්දා ජෝජ්. අපේ දෝණි...හ්ම්..මම අද බල්ලා ආපහු ගත්ත තැනටම යැව්වා. එයාට මේ බල්ලව පේන්න බෑ. මේ ළමයා නිසා මට පිස්සු හැදිලයි තියෙන්නෙ.“
වෙස්ටන් මහතා පත්තරය නමා පසෙකින් තියා බිරිඳ දෙස බැලුවේ බලාපොරොත්තු රැඳි දෑසකිනි.
“සමහර විට- සමහර විට ම්..අපි රොබීව ආපහු ගෙනාවා නම් හරි යාවි මම හිතන්නෙ. එයාව මෙලහට වෙන කොහාට හරි යවලද දන්නෑ. ඔයා දන්නවනේ. මට ඒක හොයලා බලන්න..“
“නෑ.“ ඇය වහාම පිළින දුන්නාය.
“නෑ . අපි මේක මෙච්චර දුර අරන් ඇවිත් අතාරින්න බෑ. එයා කොච්චර අසතුටෙන් හිටියත් මගේ දරුවාව රොබෝ කෙනෙක් බලාගන්නවට මම කැමති නෑ. මම ඒක වෙන්න දෙන්නෙ නෑ.“
මිස්ටර් වෙස්ටන් පසෙක නමා තිබූ පත්තරය යළි අතට ගත්තේ “මේ වගේ අවුරුද්දක් ගියොත් මගේ කොණ්ඩෙ අකලටම පැහිලා යයි“ කියමිනි.
“ඔයාගෙන් මේකට තියන උදව් කියලා නිම කරන්න බෑ ජෝජ්“
උපහාසයෙන් පැවසූ මිසිස් වෙස්ටන් මෙසේ යෝජනා කළාය.
“ග්ලෝරියාට දැන් ඕන කරලා තියෙන්නෙ මේ හැම එක්කම අමතක කරන්න පුළුවන් අළුත් පරිසරයක්. ඇත්තටම එයාට මෙහෙ ඉඳන් කොහොමද රොබී අමතක කරන්නෙ? බලන බලන හැම පැත්තෙම තියෙන්නෙ ඒ දෙන්න එකට එකතු වෙලා ගත කරපු තැන්නෙ. හ්ම්.. ළමයෙක් තමන්ගේ නැතිවෙච්චර රොබෝ වෙනුවෙන් මෙහෙම අඬන එක තමා මෙච්චර කාලෙකට මම දැකලා තියන අහලා තියන මෝඩම වැඩේ.“
“මාතෘකාව වෙනස් කරන්න එපා ග්‍රේස්. දැන මොකද්ද ඔයා ඔය කියන අළුත් පරිසරය?“
“අපි එයාව නිව්යෝක් වලට එක්කං යන්න ඕන.“
“නගරෙට? මේ අගෝස්තුවෙ? දැන් කියන්න එපා ඔයා අගෝස්තුවල නිව්යොක් වල හැටි දන්නෑ කියලා. ඒක මෙලෝ මනුස්සයෙකුට ඉන්න පුළුවන්ද? “
“ඒත් ඔය මිලියන ගාණක් මිනිස්සු ඉන්නෙ?“
“ඒ ඒ මිනිස්සුන්ට මේ වගේ තැන් නැති නිසානෙ. එයාලටත් මෙහෙම තැන් තියනවා නම් නිව්යෝක් වල ඉන්නෑ.“
“ඒත් අපිට එහෙම කරන්න වෙනවා. මම කියන්නෙ අපි දැන්ම යන්න ඕන- අඩුම ගානේ හැම දේම සුදානම් කරගත්තාම හරි. නගරෙදි ග්ලොරියාට අළුත් දේවල් අළුත් යාළුවො හම්බ වෙලා ඔය රොබෝ මැසිම අමතක වෙලා යයි.“
“අනේ දෙවියනේ“ වෙස්ටන් මහතා අකමැත්තෙන් කෑ ගෑවේය.
“ග්‍රීස්මෙට කර වෙලා තියන පේමන්ට් දිගේ යන එක..අයියෝ!“
“අපිට එහෙම කරන්න වෙනවා ජෝජ්.“ නොසැලෙන ස්වරයෙන් පැවසූ මිසිස් වෙස්ටන් “ග්ලෝරියාගෙ බර පහුගිය ටිකට රාත්තල් දහයකින් අඩු වෙලා. මගේ දරුවගේ යහපත ඔයාගේ සැප පහසුවට වැඩිය මට වටිනවා ජොජ්“.
“ඔයා ග්ලෝරියාගේ රොබෝව පැහැර ගෙන ගිහින් එයාව දුකට පත් කරන්න කලින් එයාගේ යහපත ගැන හිතන්න තිබුනෙ.“ වෙස්ටන් මහතා තමාටම කියාගත්තේය.
නගරයට යන චාරිකාව ගැන කියූ සැනින් ග්ලෝරියා සුව වෙන ළකුණු පෙන්වූවාය. ඈ ඒ ගැන කතා කලේ බොහොම කෙටියෙන් වුවද එම වචන බලාපොරොත්තුවෙන් පිරී තිබිනි. ඈ යළිත් සිනාසෙන්නට පුරුදු අයුරින් කෑම කන්නට පටන් ගත්තාය. මිසිස් වෙස්ටන් ග්ලෝරියාව වැළඳ ගත්තේ තම ස්වාමියාගේ සැකයට එරෙහිව ජයග්‍රහණය කිරීමේ ප්‍රීතියෙන් යුතුවය.
“ඔයා බලන්නකො ජෝජ්! මගේ පුංචි සුරංගනාවි බෑග් එක සූදාන්ම් කරන්නත් උදව්වුනා. එයා මේ ලෝකෙ ගැන වගේ වගක් නැතුව කිරිල්ලියක් වගේ කියවනවා. මම ඔයාට කිව්වනේ. අපි එයාගේ අවධානය වෙන පැත්තකට යොදවන්න ඕන කියලා.“
“හ්ම්.. මම හිතන්නෙ“ වෙස්ටන් මහතා කීවේ එතරම් විශ්වාසයෙන් නොවේ.
ගමට අවැසි දෑ ඉක්මනින්ම සැකසිනි. ඔවුන්ගේ නගරයේ නිවසේ සියළු දේ සූදානම් කෙරුනු අතර ගමේ නිවසේ කටයුතු බලා ගැනීම සඳහා දෙදෙනෙක් යොදවන ලදි. ගමනට පිටත් වන දිනය පැමිණෙන විට ග්ලෝරියා සුපුරුදු තත්වයට පැමිණ සිටියාය. ඇගේ මුවින් රොබී පිළිබඳ වචනයකුදු පිට නොවීම සැමටම විමතිය ගෙන දෙන්නක් වුවද කිසිවකු ඇගෙන් ඒ ගැන විමසුවේ නැත.
සතුටන් යුතු කණ්ඩායම කුලී ගයිරෝවක නැගී ගුවන් තොටුපලට පිටත් වූහ. (වෙස්ටන් මහතා නිතරම තමාගේ පුද්ගලික ගයිරෝව පාවිච්චි කිරීමට කැමති වූවද එය ආසන දෙකේ ගයිරෝවක් වූ බැවින් බෑග් දමාගැනීමට ඉඩ තිබුනේ නැත).
“මෙතෙනට එන්න ග්ලොරියා. එන්න ජනේනේ ගාවට. ඔයාට එතකොට හොඳට වට පිට බලා ගත්තෑකි“
ජනේලය අසල අසුනට බරවූ ග්ලෝරියා ගුවන් යානවේ ගනකම් වීදුරු ජනේලයට නාසය තදකොට ඕවලා කාර හැඩේකට නාසය සෑදුවාය. සෙමෙන් සෙමෙන් වේගය වැඩි කරනා ගුවන් යානයේ වේගය ඈ බියට පත් කිරීමට සමත් නොවූ අතර ගුවන් යානය අහසට නගිනා විට දැනෙන බරෙහි වෙනස දරා ගැනීමට ඈට හැකි වුය. පහල පොළව වැඩ දමන ලද කලාලයක් සේ ඈතින් දිස් වෙද්දී නාසය වීදුරුවෙන් මුදාගත් ග්ලෝරියා ඇගේ සිඟිති මුහුණ මව දෙසට හැරවූවාය.
“අපිට ඉක්මනට නිව්යෝක් යන්න පුළුවන්ද මමී?“ ඈ ඇසුවාය. ඇගේ සුසුමන් වැදී සුදු පැහැතිව තිබූ වීදුරු ජනේලය ක්‍රමයේන නැවත පැහැදිලි විය.
ඊළඟට මොකද වුනේ අපි ඊළඟ කොටසින් බලමු.
පින්තූරය: http://www.telegraph.co.uk/
හ්ම්ම්.. ටිකයි....හොඳයි..
ReplyDeleteමිසිස් වෙස්ටන් ටිකක් ගානට වැඩියි...
ඒකනෙ සෙන්නා මම ඔයාට කලින්ම කිව්වෙ..
Deleteමම ඉතින් දන්නෑනෙ.. මම ඒ කොටසෙ තිබුන ටික ගැන තමයි අදහස් දැක්කුවෙ.. ඒත් රොබෝව අයින් කරපු එක ගැන නම් මම අනුමත කරනවා.. කරපු විදිහ තමා හරි නැත්තෙ..ඔයිට වැඩිය උපක්‍රමශීලීව කරන්න තිබුනා.. ළමා මනසත් එක්ක සෙල්ලම් කරන එක හරිම භයානකයි..
Deleteඇත්ත සෙන්නා..තාම මුළු කතාවම හොඳට දන්නෙ මමනේ..හික්ස්..
Deleteඔයාගේ කතාවට මම එකඟයි. දෙමව්පියො ළමයිගැන තීරණ ගනිද්දි හොඳට මොලේ පාවිච්චි කරන්න ඕන..
ඔයා පහුගිය පෝස්ටුවක කිව්වාම තමයි මමත් මිසිස් වෙස්ටන් ගැන වෙනස් විදිහකට බැලුවෙ..ස්තුතියි ඒකට..
මට මතක විදියට ගොඩක් ඉස්සර මේ කතාව විදුසර පත්තරේ කොටස් වශයන් පලවුනා. නැවත මේ විදියට කියවන්න ලැබීමත් සතුටක්.. :)
ReplyDeleteස්තුතියි කැළණිතිස්ස..මේ පැත්තෙ ආවාට..සාදරයෙන් පිළිගන්නවා..
Deleteකලින් කොටසක් බලන්න ආව දිමුතුයි ලහිරුයි දෙන්නම මේ කතාවම කිව්වා..
මේ කතාව ඇසිමොව්ගේ පළවෙනි රොබෝ කතාව නිසා මේ වෙනකොට පරිවර්තන නොවී තියෙන්න අමාරුයි..
ගයිරෝව කියන්නෙ මොකක්ද ? වෙස්ටන් මහත්තයට පිස්සුද කොහෙද!
ReplyDeleteගයිරෝව කියන්නෙ මට තේරුන විදිහට අහසේ යන කාර් වගේ ජාතියක්..හරියට තේරුමක් හොයාගන්න අමාරු වුනා ලහිරු..ඒක නිසා ඇසිමෝව්ගේ වචනෙම පාවිච්චි කලා..
Deleteඔයාලා හැමෝම අහපු නිසා ආයෙත් ගයිරෝව කියන්නෙ මොකද්ද කියලා හෙව්වා..100%ක් හරි නැතිවුනත් මේක බලන්නකෝ..
Deletehttp://en.wikipedia.org/wiki/Autogyro
ග්ලෝරියාට ඉක්මනටම නිව්යෝර්ක් යන්න වේවිද.. බලාගෙන ඉන්නවා ඉතිරි කොටස් කියවන්න..
ReplyDeleteඔන්න ඊළඟ කොටසත් දැම්මා මල්ලි..ග්ලෝරියාගේ නිව්යෝක් ගමන ගැන..
Deleteරොබී හිටියනම් හොඳයි... මිනිස්සුන්ට වැඩිය කේත වලින් පිරිච්ච රොබෝ කෙනෙක් ගැන විශ්වාසය කියන්න පුළුවන්....
ReplyDeleteඅක්කේ 2001 වලදී රිලිස් වුන A.I (Artificial Intelligent) මූවි එක බලන්න. ඒක මාර ලස්සනයි. රොබෝ කොලුවෙක් ගැන තියෙන්නේ... ගොඩක් සංවේදී මූවි එකක්.
චිත්‍රපටිය නම් තාම බලන්න බැරිවුවා යාළු මාළු..අනිවා බලන්න ඕන ලිස්ට් එකට දාගත්තා (ඔයාගේ කියපු චිත්‍රපටි එකක්වත් මගඇරලා නෑ මම තාම :))
Deleteරොබෝලා විශ්වාස කරන්න පුළුවන්ද කියන එක හරියටම තාම කියන්න බැරි ඒ තාක්ෂනය විද්‍යා ප්‍රබන්ධ වලින් කියැවෙන තරමට තවම දියුණු වෙලා නැති නිසා..
කොහොම වුනත් ඔයාගේ කතාවෙත් හිතන්න දෙයක් තියනවා..
බලමු බලමූ..... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
දිගටම එන්න රජතුමනි..:)
Deleteඅදයි මේ බ්ලොග් එක පස්සේ එළවන්ට පටන් ගත්තේ...
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා මල්ලි..
Deleteදිගටම එන්නකෝ..
හැබෑටම මොකක්ද මේ ගයිරෝව කියන්නෙ කියලා කියමුකො රූ.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මටත් ඒ ගැන ලොකු අයිඩියාවක් නෑ ඩූඩ්..
Deleteතේරුම් ගිය විදිහට නම් අහසේ යන කාර් වගේ ජාතියක්..ඇසිමෝව් ගෙ අනිත් කතාවලත් මේ වචනේ අහුවුනේ නෑ..ඒක නිසා මොකද්ද කියලා හරියටම දන්නෙ නෑ යාළු..
ඩූඩි මේක ටිකක් බලන්නකෝ..
Deletehttp://en.wikipedia.org/wiki/Autogyro
හ්ම්ම්...මට හිතෙන්නේ ග්ලොරියාගේ මොකක් හරි ප්ලෑනක් තියනවද කොහෙද. අර රොබී දීපු සමාගම තියෙන්නෙ නිව්යෝක් වලද?
ReplyDeleteමොකෝ සයුරි රොබෝ කෙනෙක්ව ගන්ඩවත් හිතුනද ?
Deleteහෙහෙ..ඉන්න රොබෝ ලා ඇති අප්පා
Deleteසයුරිට ගොඩක් දුර පෙනිලා වගේ..කතාවෙ ඉතුරු ටිකත් කියවන්නකෝ..
Delete@ සෙන්නා,
නිව්යොක් වල රොබෝලා ඉන්නවද කියලා හොයලා බලන්න ඕන..ඔයාගෙ කෙමෙන්ටුව දැක්කාම කතාවක් මතක් වුනා..
දවසක් යාළුවො දෙන්නෙක් ගමනක් යනකොට අලියෙක් ඌව බලාගන්න මනුස්සයා එක්ක ඉස්සරහට එනවා..එක යාළුවෙක් පැනලා ඇහුවලු
“අංකල් ඔය අලියා විකුණනවද“ කියලා.
අලි බලන මනුස්සයා යාළුවා දිහා අමුතු විදිහට බලලා පිස්සුද කියලා අහලා යන්න ගියාලු. එතකොට අනිත් යාළුවා ඇහුවලු
“උඹට පිස්සුද බං. ඇයි උඹ එහෙම ඇහුවෙ“ කියලා. එතකොට අනිත් යාළුවා කිව්වලු
“උඹ නම් කියයි..බැරිවෙලා හරි අලියා විකුන්නොත්!!“
මට හිතෙන්නෙ ග්ලෝරියා නිව්යෝර්ක් යන්නෙ රොබීව හොයන්න හිතාගෙන.
ReplyDeleteසයුරිටයි ඔයාටයි දෙන්නටම එහෙම හිතිලා..අපි බලමු නේද?
Deleteඕනෑම ලමයෙක් තමන් කැමතිම වඩාත් ප්‍රිය කරන දෙයක් අහිමි වුණාම එක්ම ඉල්ලනවා. ග්ලෝරියාත් ඒවගේ කුඩා දරුවෙක් නේ. දරුවන්ගේ අපේක්ෂාවන් හරිම සුන්දරයි.
ReplyDeleteඒක ඇත්ත දයානන්ද..ඇසිමොව් මුළු කතාවටම පාදක කරගෙන තියෙන්නෙ ඔයා කියපු මේ සුන්දර සිතුවිල්ල..ඉදිරි කොටස් කියවද්දි ඔයාටත් එහෙම හිතෙයි..
Deleteකතාව දවස් කීපයක්ම මිස් වුණු නිසා ආයි මුල ඉදන්ම කියවන්න වෙනවා වගේ. හෙමින් සැරේ කියවලා බලන්නම් අක්කේ :)
ReplyDeleteකතාව ඉවර වුනාමම ඇවිත් කියවන්න මලේ..ඔයා මේ දවස්වල බිසිනේ..හැබැයි තව කොටස් කීපයක්ම තියනවා..
Deleteඇහුවට තරහ වෙන්නැත්නම් මම කැමතියි අර වාහනේ මොනවගේ එකක්ද කියලා දැන ගන්න. GPS එහෙමත් තියනවැයි ඒවයේ.
ReplyDeleteහපොයි..දැන් මේ ප්‍රශ්නේ දෝණිගෙද අම්මගෙද තාත්තගෙද? තුන්දෙනාම කතාව කියවන නිසා කාගෙ ප්‍රශ්නයක්ද කියලා හිතාගන්න අමාරුයි..
Deleteඔයාලා හැමෝම අහන නිසා ආයෙත් හෙව්වා ඔන්න..ඇසිමෝව් කිව්වෙ මේ වගේ එකක් ගැනද කියලා හරියටම සුවර් නැතිවුනත් මේක බලන්නකෝ..
http://en.wikipedia.org/wiki/Autogyro
අන්තිමට හාමිනෙ දිනනවා සියලු අවි ආයුද පාවිච්චි කරලා.
ReplyDelete