මදකට මසිත කුල්මත් කලා
එහෙත් සොහොයුර කෙලෙසකින්දෝ
මුවට නැගෙන්නේ ඔය සිනා..
බඩපොත්ත පිටටම ඇළුනු විට
බඩ පණුවන් කිරි ඉල්ලා හඬන විට
සිටගෙන සිටින්නත් වාරු නැති කලට
කෙලෙස නැගෙන්නෙද සිනහා නුඹ මුවට...
සැමදා ලොව එළිය කරනා දෙවිඳුන්ට
නුඹ නෙපෙනුනේ මන්දැයි දැන් කියන් මට
සැමදා අඳුර පෙරවූ නුඹගේ වතට
ලාහිරු කිරණ කවදාවත් වැටේවිද...
සැමදා උදාසන සිට පානා අතට
සතයක් දෙකක් නිරතුරුවම ලැබෙන්නට
නිබඳව දත් දෙපෙල පෙන්වන නුඹට
මහමග දෙවිඳුගෙම සරණයි සැම කලට
සැමදා නුඹේ මුව අග මල් පිපීයන්
පානා අතට සැමදා මිල ලැබීයන්
අහසේ සිටින දෙවියන්වත් බලාපන්
හෙට මගේ ළඟ දෙයක් නුඹ හට තිබීයන්
පින්තූරු අනුග්‍රහය: http://www.shutterstock.com/
අදට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් ලියැවුනකි..
ReplyDeleteප/ලි: රොබී 7 ඉක්මනින්ම..
කවි වලට අකමැති මමත් කියවා රසවිඳ තේරුම් ගතිමි..ස්තූතියි...
ReplyDeleteස්තුතියි සෙන්නා..මම ඒක ප්‍රශංසාවක් විදිහට බාර ගන්නවා..
Deleteප/ලි: බලන්නකෝ අද ඔයාට එක වෙන්න බැරිවුනානේ..:)
මේකනම් පැහැදිලි කුමන්ත්‍රණයක්... මම ඒ ගැන ප්‍රකාශයක් නිකුත් කරන්ඩත් හදලා ආයෙ නිකම් හිටියා... අනිත් අතට ඇඩ්මින්ගෙ කමෙන්ට් ගනන් ගන්ඩ බෑ.. එහෙම බලපුවම මම ආයෙ එක.. :D
Deleteපිටරටවල් වල ඉන්න එව්වෝ පළවෙනියට කමෙන්ට් කලාට ඒවා ගණන් ගන්නෙ නෑ. අපි නිදි වෙලාවටනේ උඔලා බ්ලොග් බලන්නෙ. ඉතින් එක වෙන එක පුදුමයක්යැ.
Deleteපලවෙනියට කමෙන්ට් කරලා දිනන්න ඕනෙ නම් හැමෝ ම ග්‍රිනිච් මධහ්න රේඛාව කෙලින් ඉදලා එකපාර කමෙන්ට් කරන්න ඕනෙ. එහෙමයි ඕවා කරන හරි විදිහ.
හපොයි හපොයි මට මැවිලා පේනවා බුද්ධියි සෙන්නයි ග්‍රිනිච් රේඛාව උඩ සැරෙසේන් කියලා දුවන්න හදන හැටි..
Deleteහ්ම්ම්.........අපූරුයි! ජය!
ReplyDeleteස්තුතියි හිරූ..
Deleteඅනේ මංදා රූ...! ඔයාගේ නිර්මාණ හැකියාව අගයනවා හැර මාතෘකාව ගැන මොකුත් නොකියා ඉන්නයි කල්පනා කලේ..!
ReplyDeleteස්තුතියි සරත්..
Deleteමේ මාතෘකාව ගැන කතා කරන්න ගියොත් කොහෙන් කොහොම කෙලවර වෙයිද දන්නෑ තමා..
ළමා දිනයට අපූරු කවියක්... වීදි දරුවන්! රොබී...ම්ම්ම්ම් කියවල නෑ මම...
ReplyDeleteරොබී තමා මේ දවස්වල නැගලා යන කතාව ඔයා තාම කියෙව්වෙ නැද්ද නගේ..
Deleteස්තුතියි අගය කිරීමට ඔන්න..
උත්සව වෙනුවට මේ ලමයින්ට හොද අනාගතයක් හදලා දෙනවනං...
ReplyDeleteඒක ඇත්ත තරියා..ගොඩක් අයට වැඩක් කරනවාට වඩා නම ප්‍රසිද්ධ කරගන්නනේ ඕන..
Deleteලමා දිනයට වටිනා තිලිණයක්!
ReplyDeleteඅන්තිමට තියන ප්‍රාර්ථනය අපූරුයි!
ස්තුතියි ගිම්..
Deleteමඟදී හමු වූ "මල්ලී" කිමෙන් ම සියල්ල කිව්වා වගේ වෙනවා.
ReplyDeleteළමයි වෙනුවෙන් පුලුවන් හැටියට යමක් කරන්න තමා අපි කව්රුත් බලාපොරොත්තු වෙන්නෙ. ඒ ගැන විශේෂ බලපොරොත්තුවකුත් තියෙනවා. රූටත් කියන්නම්!
ම්..ස්තුතියි බුද්ධි..
Deleteඅනිවා ඔයාලගේ හොඳ වැඩේට අපිත් පුළුවන් විදිහට උදව් වෙන්නම්..
මේ වගේ ළමයි කීදාහක් මහපාරේ ඉන්නවද? ඔවුන්ගේ අනාගතය ගැන හිතනකොට ගොඩාක් දුක හිතෙනවා.. වසරේ හැම දිනයක්ම ළමා දිනයක් වෙනවානම්...
ReplyDeleteම්..එහෙම වුනත් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ තොටියා..
Deleteළමා දිනේ කියලා මොනවද වෙනස් වුනේ..
අපූරු කවි පෙළක්...
ReplyDeleteස්තුතියි මල්ලී..
Deleteඅපි ඊලඟ අවුරුද්දේ ලෝක ළමාදිනය දවසට මොකක් හරි හොද වැඩක් කරමුද...
ReplyDeleteම්ම්ම්.. ඒක නම් හොඳ වැඩක්! ට්‍රයි කරමු ! අර්ථවත් , කාලීන සටහනක් අක්කේ!
Deleteම්..අනිවාර්යෙන්ම මල්ලි..
Deleteඅපි එකතු වෙලා හොඳ වැඩක් කරමු..මමත් අත් දෙකම ඉස්සුවා ඔන්න..
@ ලහිරු,
ස්තුතියි මල්ලි..
පානා අතට සැමදා මිල ලැබීයන්
ReplyDeleteමෙන්න මේ ප්‍රථනාවට කැමතිනෑ රූ..... මෙහෙම වෙන්න වෙන්න.. ඒ ළමයි ඒ ජීවිතයට ඇබ්බැහි වෙනවා
ලස්සන නිර්මාණයක්
එක අතකට ඔයා හරි මීගොඩයා.
Deleteඒත් ඉස්කෝලයක් දැකලාවත් නැති කිසිම කරුමානත්යක් කරන්න දන්නැති ළමයෙක් වෙනුවෙන් වෙන කරන්න දෙයක් තියනවාද?
හරිම ලස්සන නිර්මාණයක්... මීට කලින් කියවපු වැඩකාර කෙල්ලගේ කවි පන්තිය තරම්ම ලස්සනයි.මට පේන්නේ අක්කා මේ වගේ දෙයක් දැක්කම එයාලගේ මට්ටමට බැහැලා කල්පනා කරනවා වගේ
ReplyDeleteම්..ඔයාට ඒ කවි පන්තිය මතකද?
Deleteස්තුතියි මල්ලි..
මේ ලේබලේ කවි වල විශේෂයක් තියනවා..ඉස්සරහට කියන්නම්..
ලස්සනයි අක්කේ කවි පෙල
ReplyDeleteස්තුතියි රන් මාළුවෝ..
Deleteම්ම්.. ලස්සන වදන් ටික
ReplyDeleteස්තුතියි ධම්මික..
Deleteමේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..