Thursday, October 4, 2012

හැම මොහොතෙම ජීවත් වෙන්න. Live, Every Moment

ජීවිතය හරි කෙටියි. කොච්චර කෙටිද කියනවා නම් ට්‍රැෆික් ජෑම් වල හිරවෙලා ඉන්න;එපා කරපු ඔෆිස් වල වැඩ කරන්න; හරියට ප්ලෑන් නොකරපු ෆ්ලැට්වල ජීවිත් වෙන්න; හුළං පොදක්වත් වැදෙන්නැති ක්ලෙස්ට්‍රොෆෝබික් කඩවල්වල ශොපින් කරන්න. පාකින් ස්පේසස් වලට පොර කන්න;නිරුවත් දෙපා වලින් තණ බිම් වල ඇවිද නොයන්න;වතුර හිරවෙලා ඩෙංගු හැදෙයි කියන බයට වැස්සට ශාප කරන්න;
කොටින්ම කියනවා නම් ජීවයක් නැති තැන් වල ජීවත් වෙලා ජීවිතේ නාස්ති කරන්න බැරි තරම් ජීවිතේ හරිම කෙටියි.
එනිසා හැම මොහොතෙම ජීවතය විඳින්න
 
ප/ලි:
අද උදේම පත්තරේ කියවද්දි දකින්න ලැබුනු දැන්වීමක්. T-20 වල නිල අනුග්‍රහට දක්වන HomesteaD සමාගමෙන් නිර්මාණය කරලා තිබුනු මේ දැන්වීම බෙදාගන්න වටිනවා කියලා හිතුනා.. 

55 comments:

  1. හරිම වටිනා දැන්වීමක්!!!

    මේ කියන්නේ ජීවිතය විඳින්ට ක්‍රිකට් බලන්ට කියලත් වෙන්ට ඇතිනේ...
    අනිවාර්යෙන්ම බලනවා. දැන්ම ඉඳන් රෑට ලෑස්තිවෙමින්...:D

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් ගැන නම් මොකුත් තිබුනෙ නෑ පොඩ්ඩි..බ්‍රෑන්ඩින් කියන්නෙ මේකට වෙන්නැති...

      මම මේවට උත්තර දෙන්න ගොඩක් පරක්කුයිනේ..සමාවෙන්න..

      Delete
  2. WELL SAID... ඔව් ඇත්තටම ජීවිතේ කියන්නේ විඳින්න ඕන දෙයක්... පොඩි හරි ඉඩක් ලද විටෙක කාර්යබහුල ලෝකෙන් බැහැර වෙලා සුන්දර ගැමි වට පිටාවකට ඇවිත් නිස්කලංකේ පැය කීපයක් හරි අවම වශයෙන් ගත කරන්න පුළුවන්නම් හිතට මහා චමත්කාරයක් දැනෙනවා... අත්දැකීමෙන් කියන්නේ (දැනුත් මම ඒවන් තැනක ඉන්නේ)

    ReplyDelete
    Replies
    1. ඒ අතින් නම් ඔයා වාසනාවන්තයි..ම්...ගැමි පරිසරයක නගරයේ සුව පහසුව එක්ක ජීවත් වෙන එක අපි හැමෝගෙන හීනයක්නේ ඉතින්..

      ඒත් මේ දැන්වීමෙන් කියන්නෙ තමන්ට ලැබුන දේ ගැන සතුටින් විඳින්න කියලයි මට හිතෙන්නෙ..

      Delete
  3. කොහොමද ඕක කරන්නේ? ඒකනේ රූ තියෙන ප්‍රශ්ණේ... මාත් මේ හිටියට බලන් ඉන්නේ කවදද ගෙදර යන්නේ කියලා... ගෙදර ගිය දවසට විතරයි යන්තම් ජිවිතේ විඳින්න අවස්ථාවක් ලැබෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔයාට තියන ප්‍රශ්නෙ අපි හැමෝටම තියනවා මම හිතන්නෙ..
      ඒත් අපි ජීවත් වෙන හැම වෙලේම අපිට ලැබුන දේවල් ගැන අපිටම ස්තුතිවන්ත වෙමින් ජීවත් වෙන්න පුළුවන්නම්...

      Delete
  4. ඒ උනාට මැච් බලන්ඩ එන්න වෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. මැච් එක නේද? අයියෝ අපි පරාදයිනේ..!!
      ඒත් කමක් නෑ තව එකකින් දිනුවාම දැනෙන සතුට වැඩියිනේ..

      Delete
  5. අද කියෙවුව හොදම පොස්ට් එක. මම මාරම කැමති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාදාරා..
      ඔයා අදද මන්දා මේ පැත්තෙ ආවෙ..කොහොම වුනත් සාදරයෙන් පිළිගන්නවා හොඳේ...

      Delete
  6. බලාපොරොත්තුවක් විතරයි!

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තුවෙන් යථාර්තයට..
      Hope to reality..!

      Delete
  7. ක්ලෙස්ට්‍රොෆෝබික් තේලුනේ නෑ.. ඒත් අදහස නම් වටී.. ආ.. මේ නොකියා කියන්නෙ මැච් බලන්න කියලද?

    අර CSN රෙද්ද පේන්නෙ නෑනෙ..

    ReplyDelete
    Replies
    1. මැච් බලන්නද කියලා නම් මට වැඩි තේරුමක් නෑ..මේ කොම්පැනිය වාස්තු විද්‍යා කොම්පැනියක් නිසා ගෙවල් හදාගන්න කියලා වෙන්නැති..
      ක්ලෙස්ට්‍රොෆෝබික් කියන්නෙ වැහුන තැන්වලට තියන භීතිකාව..

      Delete
  8. නියමයි!

    ReplyDelete
  9. නිර්මාණශීලී දැන්වීමක්. ජීවයක් නැති තැන්වල හිරවෙවී නාස්තිකරන්න කාලයක් නෑ තමයි. ජීවිතේ ඇත්තටම අපි හිතනවට වඩා හරිම කෙටියි තමයි. ඉස්සරට වඩා දැන් දැන් දවස් ගෙවෙන වේගේ වැඩිද මන්දා..

    ReplyDelete
    Replies
    1. ම්..පැතුම් සතුටින් ඉන්න නිසා වෙන්නැති දවස් ගෙවෙන වේගෙ වැඩි..

      Delete
  10. Billy Ocean ගේ සින්දුවක් තියනවා

    "there's beauty up above...
    and things we never take notice are..
    you wake up suddenly... and you're in love.."

    ReplyDelete
    Replies
    1. ම්..සහතික ඇත්ත නෙව බිලි ඕෂන් කියලා තියෙන්නේ.:D

      Delete
  11. ඒක නම් ඇත්ත....

    ReplyDelete
    Replies
    1. ම්..එහෙම කියලා බෑ..අපි උත්සාහ කරන්නත් ඕන මාළු..

      Delete
  12. Easier said than done!

    මේ විදියට අපි සහ මැදපෙරදිග වගේ රටවල් වලට වෙලා කට්ට කන ඔක්කොම ගෙදර එන්න ඕනෙ. වැඩේ පටන් ගන්න නම්. ඊට පස්සෙ මාසෙකින් දෙකකින් විතර වෙන දේ ගැන කියලා වැඩක් නෑනෙ.

    මම ඕක වෙන විදියකට කරනවා. මම මට නීරසයි කියලා හිතෙන පොත්, චිත්‍රපට වගේ දේවල වලට කාලය නාස්තිකරන්නෙ නෑ, කවුරු ඒවා හොඳයි කියලා කිව්වත්.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මම හිතන්න ඩූඩ් කරන විදිහ තමා හරි කියලා මටත් හිතෙන්නෙ..
      තමන්ට වෙනස් කරන්න බැරි දේවල්වලට ශාප කරන්නැතුව තමන්ගේ පාලනයේ තියන දේවල් තමන්ට කැමති විදිහට වෙනස් කරගෙන ජීවත් වුනොත් හැම මොහොතම ජීවිතය විඳින්නට ඇහැකි...

      Delete
  13. බොහොම අපූරු නිර්මානාත්මක දැන්විමක්

    ReplyDelete
    Replies
    1. මමත් එකඟයි..
      කාලෙකට පස්සෙ මේ වගේ එකක් දැක්කෙ..

      Delete
  14. බොහොම වටිනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම සතුටුයි දැන් මේ ගෙවන ජිවිතේ ගැන. ට්‍රැෆික් ජෑම්, හුස්ම ඇහිරෙන තැන් මේ පළාතේ නැති තරම්. මම ඉන්නේ හරිම නිස්කලංක පැත්තක නිසා. ලංකාවේ හිටපු කාලෙත් එක්ක බලනකොට මට බය හිතෙනවා ආපහු ලංකාවට ඇවිත් ඉන්න පුළුවන් වෙයිද කියලත්. එච්චරට එපා උනා කොළඹ රස්සාව කරපු ඒ මාස කීපය.

      Delete
    2. සයුරිට එහෙම හිතුනට මම නම් දැන් කොළඹට පුරුදු වෙලා..ට්‍රැෆික් ජෑම් එකකට වෙලා සින්දුවක් දෙකක් ඇහුවෙ නැත්නම් නිකම් හරි නෑ වගේ..

      :D

      Delete
  15. වටිනා පණිවිටයක් රූ! ඕකට මම කියන්නෙ ජීවිතය විඳින්න එය විඳවන්න එපා කියල.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ගිම්..විඳවන්න නෙවි ජීවත් වෙන්න ඕන..

      Delete
  16. හැමෝද විඳින්න කැමතියි. ඒත් විඳින්න අවස්ථාව නැති හින්දයි ඔව වගේ දැන්වීම් එන්නෙ.....

    මම නම් හිතන්නෙ විඳින්න කිව්වට විතරක් මදි, විඳින්න පුලුවන් ක්‍රමවේදය පෙන්වීමයි වැදගත්.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස් නිසා විඳින ක්‍රමේත් වෙනස් වෙනවා නේද බුද්ධි..

      ඒත් අපි හැමෝම අඳුරට සාප කර කර ඉන්නවට වැඩිය පුළු පුළුවන් විදිහට ඉටිපන්දමක් විදුලිබබුලක් ඔක්කොම බැරිනම් හුළු අත්තක් පත්තු කරන එකයි වැදගත්..

      Delete
  17. ඇත්ත තමා.විදන්න එපැයි ජීවිතේ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත..
      ස්තුතියි ධම්මික මේ පැත්තෙ ආවාට..

      Delete
  18. ජීවිතේ විඳවලා මැරෙන මොහොතේ තමන් මොකද කළේ කියලා හිතලා පසුතැවෙන්නේ නැතුව ජීවිතේ විඳින්න ඕනේ.....

    ReplyDelete
    Replies
    1. පසුතැවෙන්න තියන දේවල් අඩු කරගෙන හෘද සාක්ෂියට එකඟව ජීවත්වෙන්න පුළුවන් නම් වටිනවා හසිත..ඒක ඇත්ත..

      Delete
  19. ඇත්තටම වටිනව

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට අපිටම මේක අමතක වෙන එකනෙ වැඩේ කස්සා..

      Delete
  20. ජීවිතේ සුන්දරත්වය විඳින්න නම් පැහැදිලි මනසක් තියෙන්න ඕනෙ නේද රූ. නිදහස් මනසින් ලෝකෙ දිහා බැලුවහම හැම දේම පේන්නෙ සුන්දරව. ජීවිතය තියෙන්නෙ විඳින්න. විඳවන්න නෙමෙයි. උපෙක්ෂාවෙන් දෙයක් විඳගත්තාම හරි.

    ReplyDelete
    Replies
    1. ම්..චන්දි හරිම ලස්සනට පෝස්ටුවෙන් කියලා තියන දේ කැටි කරලා කියලයි මට හිතෙන්නෙ..ස්තුතියි අපූරු අදහසට..

      Delete
  21. අදයි මේ පැත්තට ගොඩ වුණේ!:)
    පොස්ටුව දැක්කම මතක් උනේ ලේඛකයෙක් කියපු කතාවක්.ලේඛකයාගේ නම නම් මතක නෑ!ඔහු කියල තියෙනවා
    "මම කැමතියි හොඳ දේ සහ නරක දේ කියන දෙකම කියවන්න එත් මට තියෙන්නේ කෙටි කාලයයි"කියල.මෙතනටත් ඒක අදාලයි කියල හිතනව!:)

    ReplyDelete
    Replies
    1. ම්..මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා නුවන්..
      ස්තුතියි සරු අදහසක් එක් කලාට..

      Delete
  22. ඇත්ත.. මේ ජීවිතේ කෙටියි..

    ReplyDelete
    Replies
    1. කෙටි කාලෙත් අපි දුක් විඳිනවා නම් ජීවිතේ තේරුම මොකද්ද නේද මලේ...

      Delete
  23. හරිම වටිනා, හොද දැන්වීමක් අක්කෙ!!

    ReplyDelete
    Replies
    1. ම්..ලොකු තේරුමක් තියනවා හිතූ..කාලෙකට පස්සෙ දැක්කෙ..

      Delete
  24. හැම තත්පරයම ! ඔව්...

    ReplyDelete
    Replies
    1. මමත් අත් දෙකම උස්සනවා එකඟ වෙන්න..:D

      Delete
  25. අපි තාම ජීවත් වෙනවා... කෝ මෙවට උත්තර!

    ReplyDelete
    Replies
    1. පස්වාන් දහසකට සමාවෙන්න යාළුවේ..
      හැම තත්පරේම ජීවත්වෙන්න ගිහාම බ්ලොග් එක ටිකකට අමතක වුනා..

      Delete
  26. දවසක මියැදෙන මේ ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් තව කෙනෙකුට/සමාජයට කරදරයක් නොවී ගත කරන්න උත්සාහ කරන්නෙ කීයෙන් කී දෙනාද...

    ReplyDelete
    Replies
    1. වටිනා අදහසක් එකතු කලාට ස්තුතියි සිරා..

      Delete
  27. රූ සිරි දුටුවා මන්.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගනිමි..

      Delete