Tuesday, October 23, 2012

මෙගා කවිය


චින්තන 
චුයින්ගම් 
බුලත්විට
බ්‍රේස්ලට්
ආශ්චර්යය
දුටු ගැමුණ 
පරාක්‍රමබාහු
අචාර්ය
අබා
පබා
මෙගා
කිරිපිටි
හාල්
පොල්
එළවළු
ගෑස්
මයිටා
දෙමුහුන් හරක්
අර බද්ද
මේ බද් 
අහේනියටම
මල බද්ද
දාහ දාහ
අටදාහ
සීයට පහ
ආයුබෝවේවා
සාදුකින් පෙළෙන වුන්
දැන් ඉතින් අඬපියව්

-අංගොඩ ළමයා.


රූ ගේ සටහන:
    කෑම ඔතාගෙන ආපු ලංකාදීප පත්තෙරේ දිනේ තියන කෑල්ල ඉරිලා ගිහින්. ඒත් මේ කවිය උපුටා දක්වලා තිවුන ලිපියෙ කියවුනේ මෙම කවියෙන් ධ්වනිතාර්ථ වෙන කවියාගේ ප්‍රශස් හැකියාව සම්මානයට ලක් නොවුන එක ගැන.
   සම්මානයකට වඩා කවියෙකුට වටින්නෙ තමන්ගෙ කවිය වැඩි දෙනෙක් කියවන එක නිසා කවියෙ කතෘ කවුද කියලා නොදන්නවා වුනත් මම මේක බ්ලොග් එකේ අකුරු කරන්න සිතුවා.
   කාට හරි පුළුවන්නම් මේ කවිය ලිව්වෙ කවුද කින්ද මන්ද කියලා ලියලා යන්න.

68 comments:

  1. සමස්ත දේෂපාලනයම එකමිටකට අරගෙන.....

    දැන් ඉතින් දේෂපාලනය කියන්නේ හොරකම බොරුව වංචාව විතරක් හින්දා.. ඒක ට්කක් ලේසියි...


    සුපිරි කවි හැකියාවක්.. විශිෂ්ටයි

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සහෝ..ඒත් කවිය ලියපු නිර්මාණකරු ගැන තාමත් දැනගන්න ලැබුනෙ නැති එක කණගාටුයි..

      Delete
  2. 2500
    ලෙමන් ෆෆ්

    වගේ එව්වත් තියෙන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. ඇයි

      සීයට හය
      ළිං බද්ද
      පෙම් හසුන්..

      තව ඉවර නෑ..

      Delete
  3. එල තමා. තාමත් අපි ඕවට හිනා වෙවී ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඕවටද අපි අපිටමද හිනාවෙන්නෙ?

      Delete
  4. ඒක නම් මෙගා කවියක්ම තමයි, කවිය ලියපු අංගොඩ ළමයා හොයාගත්තා නම් හරි.

    ReplyDelete
    Replies
    1. තාම නම් උත්සාහය හරි ගියේ නෑ..

      Delete
  5. කියවගෙන යනකොට මමත් මේ කවිය පත්තරේක තිබිලා කියෙව්ව බව මතක් වුණා..
    අම්මා පල්ලා මං හිතුවේ පත්තරේට මේක ලියන්න ඇත්තේ රූ අක්කි කියලයි.. :D

    ඇත්තටම මෙගා කවිය නම් සුපිරියි!

    ReplyDelete
    Replies
    1. මම ලියපු එකක් නම් නෙවි..
      ඒත් වචන ගැලපීම ගැන නම් කියලා වැඩක් නෑ.

      Delete
  6. සියල්ලම රටේ කාගේත් කථාවට ලක් වූ මාතෘකා...ලියපු කෙනාගෙ නිර්මාණාත්මක හැකියාව ගැන කියන්න වදන් නෑ... අපි වෙනුවෙන් උපුටා දැක්වූවාට තුති...

    ReplyDelete
  7. ඇත්තටම නියම කවියක්..මම මුලින් හිතුවේ රූ ලියපු එකක් කියලා..

    ReplyDelete
    Replies
    1. ම්..ලංකාවෙ ඉද්දි මේ වගේ කවියක රස හොඳටම දැනෙනවා සයු..

      Delete
  8. ලිවුවේ කවුරු උනත් නියම කාලෝචිත කවිය..!

    ReplyDelete
  9. ඇත්තටම හොඳ නිර්මාණයක්!

    මමත් ඉස්සර කරවල ඔතාගෙන ආපු පත්තර කොලෙත් කියවනවා අප්පා! :D

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මගෙත් තියන සවුත්තු පුරුද්දක් අප්පා..පත්තර කෑලි කියවන්න ගිහින් ඔපිසියේ හරියට එක එක කතා අහගන්නවා..

      Delete
    2. පරණ පත්තර කෑලී කියවීම මටත් තියන හොද පුරුද්දක්

      "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්

      Delete
  10. මරු කවිය. මේකට තව තව දේ එකතු වෙයි ඉස්සරහට

    ReplyDelete
    Replies
    1. ඉවර වෙන එකක් නෑ සිඳූ..

      Delete
  11. මාර ලියවිල්ලක්!

    ReplyDelete
  12. දේශපාලනේ ගැනනම් මොනා කියන්නද? කෝම උනත් හැමදේම කවියේ තියෙනව..

    ReplyDelete
    Replies
    1. පද පේලි අතර තියන නොකී කතාව කොච්චර ලොකුද?

      Delete
  13. 'අංගොඩ ලමයා' කියන්නේ බ්ලොග් එකක් කරන කෙනෙක් නෙමේද? ඒ නම් පුරුදුයි වගේ.

    අංගොඩ කෙනෙක් උනත් , ලියලා තියන කවිය නම් සුපිරි...:D

    ReplyDelete
    Replies
    1. අංගොඩ අයට විතරයි පොඩ්ඩි මෙහෙම ලියන්න පුළුවන්..:D

      බ්ලොග් එකක් තියේද කියලා හොයලා බැලුවා ඒත් හොයාගන්න බැරිවුනා..

      Delete
  14. මේවා දැකලා අහක බලාගෙන ඉන්න අපිත් ඉන්න ඕන අංගොඩ ද මන්දා!
    …අංගොඩ ළමයා ට Hats off!

    ReplyDelete
    Replies
    1. එහෙම ගියොත් අංගොඩ ඉඩ මදිවෙයි ලහිරු..
      කතා දෙකක් නෑ කවිය නම් නියමයි තමයි..

      Delete
  15. Z/ජ්‍යාමිතිය ?

    අංගොඩ වුනත් දරුවා දක්සයා !

    ReplyDelete
  16. වචනේ වචනේ උනත් හැම දේම ගැබ්වෙලා...

    ReplyDelete
  17. පත අටට එකට හින්දලා එක මිටට අරන් මේ කැකෑරෙන දේශපාලනය.. කවුරු ලිව්වත් ලස්සනට ලියලා

    ReplyDelete
    Replies
    1. ම්..ඒක ඇත්ත..
      ඒත් අවැසි තැන් මේ ගැන කියවන්නැති එක ගැන දුකයි..

      Delete
  18. දැන් බැලුවම හැම කෙනෙකුටම තේරෙනවා. නොතේරෙන්නේ අපටමද මන්දා. එතකොට කවුදෑ බොලල්ලා මේකලව ලොකු තැන්වලට යැවුවේ, තවමත් ඒතැන් වලම තියාගෙන ඉන්නේ. මේ මමද....,.,?

    ReplyDelete
    Replies
    1. සරත් අහලා ඇති නේද එතකොට පූසා නෑ කතාව..
      බලාගෙන ගිහාම ඕකලව ඔය තැන්වලට යවපු කවුරුත් නෑ..!!

      කාට කියන්නද මේවා නඩුත් බඩුත් හාමුදුරුවන්ගෙ වෙච්චි කොට..

      Delete
  19. නිර්මාණාත්මක සිතිවිල්ලක්... වචන ටිකකින් ලොකු දෙයක් කියනවා

    ReplyDelete
    Replies
    1. ම්..ඒක ඇත්ත තොටියා..

      Delete
  20. මෙගා කවියත් මරු !
    තව කෑලි තියෙන්ඩ ඕන ඕකට..

    ReplyDelete
    Replies
    1. අනන්තය දක්වා දික්වෙයි හරියට ඉවර කරන්න ගියොත්..

      Delete
  21. මෙගා කියන්නෙ ඕක කෙලවර වෙන කවියක් නෙවෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. ම්..ඉවර කරන්න බැරි කවියක්..ඒත් එක තැන කැරකෙන එක විතරයි..

      Delete
  22. මරු පද ගැලපිල්ලක් නේ. ලිව්වා කෙනා ඇත්ත ඇති සැටියෙන් දකින කෙනෙක් වෙන්න ඕනි.සාදුකින් පෙළෙන වුන් තමයි අනිත් ඔක්කොම ටික දරාගෙන ඉන්නේ. ඒක හිතලම දැම්මද දන්නේ නෑ. සැබෑ ලෝකෙත් ඕකනේ වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත චන්දන..ස්තුතියි මේ පැත්තෙ ආවාට..

      සාදුකින් පෙලෙන අපි හැමදාම මේවා දරාගෙන ඉන්න ඕන ඇයි කියන එකයි මගේ ප්‍රශ්නෙ..අපි මේවට හිනා වෙවී ඉන්නවා ඇරෙන්න වෙන මොනවත් කරන්න බැරිද?

      Delete
  23. නියම කවියක්නේ.....ඔන්න මාත් අවා මේ පැත්තට.... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමනලී..වෙලකම් කිව්වා ඕන්න..:)

      Delete
  24. අහ්හ්හ්.. ආශ්චර්‍යා.. ;) මම හිතුවෙත් රූ අක්කි ලියලා කියලා, කොහොම වුනත් සුපිරි කවියක්...

    //දැන් ඉතින් අඬපියව්// තමා ඉතින්...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත හිතූ..
      අපිට ඇඬිලා තමා ඉන්නෙ..

      Delete
  25. ලංකාවේ වෙන දේවල් වලට තනි ඇහැට තමයි ඇඬේන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත..ඇඬෙනවා අප්පා..

      Delete
  26. කව්රු කියුවත් කතාව ඇත්ත


    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්

    ReplyDelete
    Replies
    1. ම්..අද කාලෙට ගොඩක් ගැලපෙනවා..
      ස්තුතියි යාළු මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..

      Delete
  27. අංගොඩ ළමයාගේ බුද්ධිමත් කවිය.

    ReplyDelete
    Replies
    1. ඕනවට වඩා බුද්ධිමත් වුනාම පිස්සු හැදෙනවද දන්නෑ..

      Delete
  28. අද ලංකාවේ තත්වය කදිමට කලවම් කරලා අරගෙන තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඉවර වෙන කවියක් නෙවී හසිත..

      Delete
  29. ඕකයි දැන් ලංකාවේ තත්වය.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඒත් අපි අත කට පියාන හිටියාම හරිද?

      Delete
  30. අන්තිමට අඬන්නත් බද්දක් ගහයිද.. ;D
    කතාව ඇත්ත..
    ආශ්චර්‍ය..

    ReplyDelete
    Replies
    1. ආශ්චර්යය දොරේ ගලන හැටි තමයි මේ..:)

      Delete
  31. ළමයා අංගොඩ උනාට කථාව නම් අංගොඩ නෙමෙයි.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..
      අංගොඩ වුනත් කතාව ඇත්ත..

      Delete
  32. කාලෙකින් මොනාත් ලියලා නැහැනේ! :)

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න යාළු..ඉක්මනට මොනවා හරි ලියන්න තමයි හිතාන ඉන්නෙ..

      Delete
  33. කවියක් වගේ නොපෙනුනත් එයා එකෙන් කරන විග්‍රහය පට්ටයි නේද?
    ජය වේවා...මේ වාගේ ඒවා තවත් දාන්න යාලු...

    මම
    උමා ලියන දසුන්

    ReplyDelete
    Replies
    1. ඇත්ත දසුන්..මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..

      Delete