මීට ටික කලකට කලින් ශ්‍රේෂ්ඨ විදු පබැඳුම් ලේඛක අයිසැක් ඇසිමෝව්ගේ සුරංගනා කතාවක් ඔබ කියෙව්වා මතක ඇති. එතැන් පටන් බොහෝ කලක් තිස්සේ ඔහුගේ පළමු විද්‍යා ප්‍රබන්ධය සෙවීමට මම උත්සාහ කලෙමි. එහෙත් ඔහුම කියනා ආකාරයට සඟරා බොහෝ ගණනකින් ප්‍රතික්ෂේප වී එම කතාවේ අලගිය මුල ගියතැන් සොයාගැනීමටවත් නොහැකි විය. ඔහුගේ රොබෝවන් පිළිබඳ ලියැවුනු කතා පමණක් ඇතුළත් The complete Robot : Foundation වෙළුමේ අයිසැක් ඇසිමෝව් මුල් කාලයේ ලියූ (1938 දී තරම් ඈතකදී) කතා කිහිපයක් කියවූ පසු එයින් එක් කතාවක් ඔබ හා බෙදාගන්නට සිතුවා. ඔව් තෑග්ගක් ලෙස.
ඇසිමෝව්ගේ පළමු රොබෝ කෙටි කතාව රොබී(Robbie) කොටස් කීපයක් ලෙස ඔබ හමුවට එනු ඇති. ඔහු ශ්‍රේෂ්ඨ ලේඛකයකු වූයේ එක රැයකින් නොවේ. එහෙත් ඔහුගේ කතා සියල්ලේම දිවයන සහජ ලේඛක හැකියාව ඔහුව දිනෙක ජනප්‍රිය කලේය.
රොබී ගැන ඔහු මෙසේ කියයි.
“ඉයැන්ඩෝ බයිනඩර්ගේ හා ලෙස්ටර් ඩෙල් රේගේ රොබෝ කෙටිකතා දෙකක් කියැවු මම මගේ පළමු කතාව ලියන්නට ඉටා ගතිමි. මිනිසුන්ගේ කුරිරු හස්තයට හසුවන අහිංසක ආදරණිය රොබෝ තේමාව මගේ පෙළැඹවීම විය. 1938 ජූනි 10වන දින මම කතාව ලියද්දී (ඔව් මම මගේ දින සටහන් ගැන බොහෝ සේ සලකනවා) මගේ උත්සාහය වූයේ රොබෝවන් කෙරෙහි පාඨකයාගේ කරුණාව යොමු කරවීමටයි. එහෙත් එය ලියූ පසු අමුතු දෙයක් සිදුවිය. රොබෝවන් යනු කරුණාවට ලක්විය යුතු හෝ බිය විය යුතු සංකල්ප වීමට වඩා රොබෝවන් යනු නීරස ඉංජිනේරුවන් විසින් තනන ලද කාර්මික නිශ්පාදන සේ කල්පනා ලාංජනක් ඇතිවිය. මම රොබෝ කතන්දර ලියාගෙන යද්දී මෙම කල්පනා ලාංජනය නිතරම මගේ සිතෙහි හොල්මන් කලේය...“
ඇසිමෝව්ගේ පළමු රොබෝ කෙටි කතාව රොබී(Robbie) කොටස් කීපයක් ලෙස ඔබ හමුවට එනු ඇති. ඔහු ශ්‍රේෂ්ඨ ලේඛකයකු වූයේ එක රැයකින් නොවේ. එහෙත් ඔහුගේ කතා සියල්ලේම දිවයන සහජ ලේඛක හැකියාව ඔහුව දිනෙක ජනප්‍රිය කලේය.
රොබී ගැන ඔහු මෙසේ කියයි.
“ඉයැන්ඩෝ බයිනඩර්ගේ හා ලෙස්ටර් ඩෙල් රේගේ රොබෝ කෙටිකතා දෙකක් කියැවු මම මගේ පළමු කතාව ලියන්නට ඉටා ගතිමි. මිනිසුන්ගේ කුරිරු හස්තයට හසුවන අහිංසක ආදරණිය රොබෝ තේමාව මගේ පෙළැඹවීම විය. 1938 ජූනි 10වන දින මම කතාව ලියද්දී (ඔව් මම මගේ දින සටහන් ගැන බොහෝ සේ සලකනවා) මගේ උත්සාහය වූයේ රොබෝවන් කෙරෙහි පාඨකයාගේ කරුණාව යොමු කරවීමටයි. එහෙත් එය ලියූ පසු අමුතු දෙයක් සිදුවිය. රොබෝවන් යනු කරුණාවට ලක්විය යුතු හෝ බිය විය යුතු සංකල්ප වීමට වඩා රොබෝවන් යනු නීරස ඉංජිනේරුවන් විසින් තනන ලද කාර්මික නිශ්පාදන සේ කල්පනා ලාංජනක් ඇතිවිය. මම රොබෝ කතන්දර ලියාගෙන යද්දී මෙම කල්පනා ලාංජනය නිතරම මගේ සිතෙහි හොල්මන් කලේය...“
කතා දහසකට මග පෑදු රොබී මෙතැන් සිට..
“අනූ අටයි..අනූ නමයයි..සීයයි..ඔන්න මම එනවෝ.“
අත්ල දෙකින් මුහුණ වසා සිටි ග්ලෝරියා ඇස් ඇරීමට පෙර කෑ ගැසුවාය. සිඟිති මුහුණේ ප්‍රශ්නාර්ථයක් සඟවාගත් ඈ මොහොතක් වට පිට බැලා නහය මදක් හකුළුවා වේගෙන් ඇසිපිය ගැසුවාය. ඇය මුහුණ වසා සිටි ඔට්ටු ගස ළඟ වට කීපයක් කැරකුණු ග්ලෝරියා මුළු ප්‍රදේශයම සිසාරය යන බැල්මක් හෙලා ප්‍රවේසම්කාරී ලෙස වට පිට පරීක්ෂා කැර බැළුවාය. කොක් කරක් සේ බෙල්ල දික්කොට ඈ ඇගේ විමසුම්කාරී බැල්ම අසල තිබූ පඳුරු හා ගස් වෙත පා කලද කිසිදු ප්රථිඵලයක් නොවීය.පඳුරු අතර ඇති අඳුර වෙත මනා විමසුමක් වෙනුවෙන් ඈ ඔට්ටු ගසෙන් තවත් ඈත් වූවාය. මී මැසි කැලගේ ගුමු ගුමුව හෝ දහවල් ඉරට නිර්භීත කුරුල්ලකුගේ නාදය ඇරෙන්න මුළු පරිසරයම නිශ්ශබ්දව පැවතුනු බව කිව මනාය.
“මම සිය සැරයක් විතර කියලා තියනවා ඒහෙම ඔට්ටු නෑ කියලා.“ ග්ලෝරියා කට උල් කරගනිමින් ඇයටම කියා ගත්තාය. නළල රැළ කරගෙන තොල් දෙක තදින් පියවූ මුහුණින් ඈ මුරණ්ඩු ලෙස පාර පසුකොට ඇති දෙමහල් ගොඩනැගිල්ල දෙසට පිය මනින්නට පටන් ගත්තාය.
ඇගේ පිටුපසින් සර සර ශබ්දයක් ඇසෙන විට ඈ පරක්කු වැඩිය. සර සර ශබ්දයත් සමඟ තම ලෝහමය පාද ආවේණික රිද්මයකින් එකිනෙක ගටමින් රොබී පෙනී සිටියාය. ආපසු හැරුනු ග්ලෝරියා සැඟවූ තැනින් මෑත්ව ඔට්ටු ගස වෙත උපරිම වේගෙයන් එන තමන්ගේ ජයග්‍රාහී මිතුරා දුටුවාය. අමනාපයෙන් මුහුණ හැකිළු ඈ
“ රොබී නවතින්න. ඔයා පොරොන්දු වුනා නේද මම ඔයාව හොයා ගන්නකම් එළියට එන්නෙ නෑ කියලා. ඔයත් එක්ක බෑ. ඒක හරි අසාධාරණයි.“
ඇගේ සිඟති පාද වල ඉදිරි ගමන රොබීගේ විසල් පියවර සමඟ සම කිරීමටවත් නොහැකි වූ බව කිව යුතුයි. ඔට්ටු ගසට නිවැරදිව අඩි දහයක් දුරකදී වේගය අඩු කල රොබී සෙමෙන් සෙමෙන් පියවර තබන්නට විය. ග්ලෝරියා තමන්ගේ හැකි උපරිමයෙන් රොබී පසු කරගෙන කෑගසමින් ඔට්ටු ගස බදාගත්තාය.
“හූ හූ රොබී ඔයාට දුවාගන්නවත් බෑ.මොකද ඇත්තට.?“ ඈ රොබීගේ පරිත්‍යාගය ගැන මඳකුදු නොසලකා ප්‍රීතියෙන් කෑ ගැසුවාය.අට හැවිදිරි ඇගේ උපරිම හඬ ඇනුම් පද ස්වරයෙන් පිරී පැවතිනි.
“ඔයා හැමදාම මට පැරදෙනවා. හැමදාම මට ඔයාව පරද්දන්න පුළුවන්. යේ යේ යේ යේ. “
ග්ලෝරියා තාලයට කියවාගෙන ගියාය. රොබී එයට පිළිතුරු දුන්නේ නැත- වචන වලින්. ඔහු ඒ වෙනුවට ග්ලෝරියාගේන් බේරීමට පිණිස දුවන්න සූදානම් වීම රඟපාමින් ඈ වෙහෙසට පත්කලේය. ඇගේ සිඟිති අත් රොබීව අල්ලාගන්නට අසාර්ථක උත්සාහ යෙදිනී.රොබී.
“ගල් ගැසෙනු.“ ඈ අණ කලාය.
ඇගේ සිනහව පුපුරන්නට ආසන්නව පැවතුනේ රොබී වේගයෙන් හැරී ඇයව වඩාගෙන වටයක් කැරකෙන තෙක් පමණි. එක්වරම ඇගේ ලෝකය නිල් අහසෙන් පිරී යන්නට විය.හරිත පැහැ ගස් මැද විවරයක් සාදා ඈ ගිල ගන්නට මෙන් ඇතුල් අතට නැවිණි. රොබී ඇය බිම තබනවාත් සමඟම ඈ ඔහුගේ කකුලට හේත්තු වී ඔහුගේ ලෝහ ඇඟිල්ල අත්නොහැර සිටියාය.
මදකට පසු ඈ සිඟිති අතින් අඇගේ අම්මා මෙන් කොණ්ඩය පීරන්නට උත්සාහ කලත් එය සාර්ථක වූවා යැයි කිව නොහැක. අවසන ඈ වටයක් කැරකුනේ තමන්ගේ ගවුම ඉරී ඇත්දැයි බලන්නටය. සිඟිති අතින් රොබීට පහරක් ගැසූ ඈ
“ඔයා නම් නරක ළමයෙක්. ඔයාට ගහන්නයි වටින්නෙ.“ යැයි කෑගෑවේ තරහක සේයාවකදු නොපෙන්වමිනි.
එය ඇසූ රොබී බියෙන් වකුටු වී ගියාක් මෙන් තම මුහුණ වසා ගත්තෙන් ග්ලෝරියාට ඇගේ වචන වෙනස් කරන්න සිදුවිය. “නෑ නෑ මම ඔයාට ගහන්නෑ රොබී. ඔයා ඉස්සෙල්ලා මම කිව්ව දේ ඇහුවෙ නෑනෙ. ඔයාට දිග කකුල් තියන නිසා ඔයා පොරොන්දු වුනා මම හොයාගන්නකම් දුවන්නැතුව ඉන්න. ඒත් ඔයා ඇහුවෙ නෑනෙ. දැන් මගේ වාරේ හැංගෙන්න“
රොබී ඔහුගේ ලෝහමය මුහුණ එහා මෙහා හැරවූයේ එකඟ වන්නටය.- එකිනෙකට සමාන්තර ලෝහ පේළි සුමටව පාස්සා ඔහුගේ කය සදා තිබූ අතර කුඩා ප්‍රමාණයේ කැබලි බෙල්ලටද සාපේක්ෂව විශාල ලෝහ කැබලි කයටද පාවිච්චි කොට තිබුණි. ග්ලෝරියාට කීකරු වූ ඔහු ගනන් කිරීමට ඔට්ටු ගසට මුහුණ ලා සිටියේය. තුනී ලෝහමය පටලයකින් ඔහුගේ විදුලියෙන් දිලිසෙන ඇස් වැසී යද්දී ඔහු නිසල විය.
රොබීගේ ඇස් වැසුනු විට සිදු වුයේ කුමක්ද ඊළඟ කොටසින්..
රූගේ සටහන:
රොබී ගේ කතාව තෑග්ගක් වන්නේ මෙතුවක් කල් මා දිරිමත් කල ඔබටය.
ජීවිතේ හමු වුනු ලස්සන දේවල් ගැන ලියන්නට පටන් ගෙන පසුගිය 13වෙනිදාට වසරකි. පුරා වසරක් තිස්සේ මා ලියූ අනේක විධ සටහන් කියවා දිරිමත් කල ඔබ සැමට බොහෝ තුති. පසුගිය සටහන් වලින් සිත රිදෙන්නට යමක් සිදුවූවා නම් ඒ ගැන සමාව අයදින අතරේදී මාගේ ඉදිරි සටහන් කියැවීමට මා සමඟ එක් වේ යැයි බලාපොරොත්තු වෙමි.
පින්තූරය : http://spectrum.ieee.org/image/1749400
ලස්සන , වෙනස් ඇති බ්ලොග් පිටුවක් ...
ReplyDeleteමෙවන් සරු සටහන් තුලින් සිංහල බ්ලොග් පරිශ්‍රය තවත් රසවත් මෙන්ම දැනුවත් වේවි ..
මට මතක විදියට නම් මේ මගේ පළමු පැමිණිම ..කණගාටු වෙනවා මීට පෙර ගොඩවදින්නට නොහැකි වීම පිළිබඳව , ඒ වගේම සුබ පැතුම් “උපන් දිනයට“ ..
ස්තුතියි ඔබට
ස්තුතියි මහේෂ්..සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට..
Deleteඅර කතාවක් තියනවා නේ Better late thank never..කියලා..
:)
මට මතක් වුනේ මායා බන්ධන කතාවෙ රොබෝලාව.. දිගටම ලියන් යන්නකො..
ReplyDelete"ජීවිතේ හමු වුනු ලස්සන දේවල් ගැන ලියන්නට පටන් ගෙන පසුගිය 13වෙනිදාට වසරකි." මම එක පාරටම දැක්කෙ අවුරුදු දහතුනක් වගේ.. :)
ඔන්න අවුරුද්දට සුභපැතුම්.. හැරමිටියෙන් යනකාලෙ වෙනකම් බ්ලොග් ලියන්න ලැබේවා..!
මම අක්කගෙ පෝස්ට් වලින් කැමතිම සුරංගනා කතා සෙට් එකට..
සුරංගනා කතා සෙට් එක ලියලා ගොඩ කාලෙකට පස්සෙ ඔයා ඒක කියවලා කෙමෙන්ට් කරලා තිබුනා මතකයි..
Deleteමමත් ඒකට ගොඩක් ආසයි..ඇසිමෝව් කතා පරිවර්තනය කරන එක හරිම ජොලි වැඩක්..ඉගෙන ගන්න දේවල් ගොඩයි..
සුභ පැතුමටත් ස්තුතියි ගොඩාරියක්..
වෙනස් විදිහේ කතාවක්
ReplyDeleteඅවුරුද්දට සුබපැතුම්
ස්තුතියි අවතාර්..
Deleteදිගටම එන්න කතාව ඉවර නෑ..
මාතෘකාව දැක්ක ගමං මට මතක් උනේ රොබීගේ දියනිය කියන පොතයි..
ReplyDeleteඒකෙත් තියෙන්නේ රොබෝවරයෙක් කුඩා දැරියක් බලා ගන්නා ආකාරයයි..
මේකත් නියමයි.....
බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා..
මේ ඒ කතාවමද කියලා සුවර් නෑ තරියා..ඒ කතාවත් ඇසිමෝව්ගෙමද?
Deleteකොහොම වුනත් දිගටම එන්නකෝ..
රූ ගෙ පරිවර්තන කොහොමත් බොහොම සුපිරියි.. ( කරන්නන් වාලෙ කරන බොරු වැනුමක් නෙමේ හරිද ). මම හරි මනාපයි ඒවා කියවන්ඩ...
ReplyDeleteඅවුරුද්දට සුබ පැතුම් !! චිරාත් කාලයක් බ්ලොග් කෙරුවාවේ නියැලීමට ශක්තිය ධෛරයය පතමි !!
අර පෝස්ට් එක ඇතුලෙ තව බොක්ස් එකක් දැම්මෙ කොහොමද කියලා අපිටත් කියලා දුන්නනම් නරකද ?
ඕං සෙන්නා හින්දම මම හොයලා ගත්තා... :)
Deletehttp://sathsamudura.blogspot.com/2012/08/writing-thinsgs-insidide-another-things.html
සෙන්නා මාව කොහොමත් මුරුංගා අත්තෙ තියන නිසා මම ලෑස්තිවෙලාමයි ආවෙ ඔන්න..
Deleteස්තුතියි ගොඩක්...
හරී උත්තරේ දීලා නිසා මම ආයෙත් කියන්නෑ..සත් සමුදුරෙන් ගොඩක් බ්ලොග් වැඩ කිඩ බලාගත්තෑකි..
අවුරුද්දට සුබ පැතුම්. කතාව ලස්සනයි. මට මතක් උනේ ෆිල්ම් එකක රෝබෝ කෙනෙක් විදියට රඟපාන්ට තනපු චූටි දැරියකගේ කතාවක්.
ReplyDeleteඔයාගේ ඉදිරි සටහන් කියවීමට නොවරදවාම එක් වෙනවා...:D
ස්තුතියි පොඩ්ඩි..දිගටම මේ පැත්තෙ එනවට..
Deleteමේ කතාව නම් ටිකක් වෙනස්..
රසවත් කතාවක් වගෙයි. බලමු දිගටම කියවල.
ReplyDeleteඅවුරුද්දක් පුරාවට රූ සාර්ථක ගමනක් ඇවිත් තියනව. ඉදිරි ගමනත් වඩාත් සාර්ථකව යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනව.
ගොඩක් ස්තුතියි ගිම්..
Deleteඔයාටත් ලස්සනට ලියන්න පුළුවන් කියලා මම කියලා තියනවනේ..
දිගටම මාත් එක්ක ඉඳිවි කියලා හිතනවා..
චිරාත් කාලයක් බ්ලොග් අවකාශයේ රැඳී සිටීමට හැකියාව ලැබේවා.....
ReplyDeleteසද්ද බද්ද නැතුව ටික දවසක් ඉදලා අක්කා කරපු වැඩේ නියමයි. ඉතුරු කොටස් ටිකත් කියවලාම බලමුකෝ....
ගොඩක් ස්තුතියි හසිත..
Deleteමේ දවස්වල ලියන්න වෙලාව හොයාගන්න අමාරුයි..ඒකයි රහස..
බ්ලොග් එක තුල හරවත් සංවාද මතු කරන්න දුන්නු උදව්වට හසිත මල්ලිටත් ගොඩක් ස්තුතියි..
Deleteහරවත් දේට කවදත් මුල් තැන :)
Deleteසුභම සුභ පැතුම්..
ReplyDeleteජය වේවා..
මට අදට වසරයි :)
ඔන්න මමත් සුභ පතන්න එකතු වුනා..ස්තුතියි සුභ පැතුමට සෑම්..
Deleteරොබීගේ කතාව ලස්සනයි !!
ReplyDeleteඒ වගේම තමයි වසරක බ්ලොග් කෙරුවාවට සුබ පැතුම් !!!
ස්තුතියි මධුරංග..
Deleteමට බ්ලොග් එකක් ලියන්න හිතුනෙ මල්ලිගෙ පෝස්ටුවක් කියවලා තමා..ඉතින් ඔයාටත් මේ සුභ පැතුම් වලින් බාගයක් අයිතියි..
සුභ පැතුම් රූ අක්කේ....
ReplyDeleteරොබීගෙ කතාවත් හරිම ලස්සනයි.
ස්තුතියි නිසූ..
Deleteදිගටම එන්න..
අයිසැක් ඇසිමොව් ගෙ තවත් කතා නම් කියවලා තියෙනවා මං, ඒත් නම් නං මතක නෑ, හැබැයි ඒ අතරෙ මේක තිබුණෙ නෑ කියල නම් මතකයි.
ReplyDelete…මගේ බ්ලොගෙ මුල් දවස්වල ඉඳන් මත් අක්කා හිටියා මතකයි. සුබ පැතුම් අවුරුද්දට!
…අක්කා මේ දවස් වල හොඳටම බිසී වගේ නේද!
ස්තුතියි ලහිරු..
Deleteඔව් මල්ලි..මේ දවස්වල ඔපිසියේ වැඩ ගොඩයි..
ඇත්තම කියනවා නම් ඔයාගෙ බ්ලොග් එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගෙන තියනවා..ඒ වගේම මගේ බ්ලොග් එකෙත් වැදගත් සංවාද ගොඩනගන්න දුන්න උත්සාහය අගය කරනවා
සෙන්නා කිව්වා වගේ හෝ පරිවර්තනයක්, අනුවර්තනයක් කිව්වත් නරක නැහැ...
ReplyDeleteසිංහල සබ් දෙන සහෝලට අගෞරයයක් කරනවා නෙවේ. ඒත් ගොඩක් සිංහල සබ් වල තියෙන්නේ අමුවෙන්ම පරිවර්තනය... සමහර අය ෆිල්ම් එක බලන්නේ වත් නැතිව, කථාව දන්නේ වත් නැතිව සබ් කරන්නේ... ඒ වගේ පරිවර්තන එක්ක සසඳලා බැලුවාම ‘රූ‘ ගේ පරිවර්තනය සුපිරි...!!!
අවුරුද්දට සුභ පැතුම්...!!! ජයෙන් ජය !!!
ස්තුතියි චතුරංග දිරිගැන්වීමට..
Deleteපරිවර්තනයක් කරන්න වට පිටාව ගැන අවබෝධයක් තියෙන්න ඕන කියන එක නම් මාත් පිළිගන්නවා..
මේක නම් උත්සාහයක් විතරයි..ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන්ඩේ යූ කැන් ෆ්ලයි ලු නේ.:)
සුභ පැතුම් අක්කෙ.... තව ගොඩක් ලිපි ගොඩක් ලස්සනට ලියන්න....
ReplyDeleteස්තුතියි යාළු මාළුවෝ..
Deleteබ්ලොග් එක පටන් ගත්ත දවසෙ ඉඳලම ඉන්න යාළුවො කීපදෙනාගෙන් ඔයත් එක්කෙනෙක්..තැන්කූ..
රූ, මේ බ්ලොග් එක කියවන්නෙ මම වගෙ අවුරුදු විස්සෙ කොල්ලො විතරක් නෙවෙයිනෙ. ඔය උඩ කමෙන්ට් දාලා තියෙන හරී, තරියා අබේ, අවතාර්, සෙන්නා, පොඩ්ඩි, ගිමන් නිවන්නා,හසිත සෑම්, මධුරංග, නිසූපා, ලහිරු, චතුරංග, ගෝල්ඩ් ෆිෂ් වගෙ වගෙ වයසක ඩයල් ගැනත් හිතලා, උන්ට හතලිස් ඇඳිරිය ඇතිබවත් සලකලා, ගැත්තන්ට අනුකම්පාකරලා මේකෙ අකුරු ටිකක් ලොකු කරමුද? :D
ReplyDeleteකෝ යකෝ මේ හෙල්මට් එක?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
පොඩි නමට බෙදන්ඩ කිව්වලු.. :-)
Deleteඅනිකුත් කතන්දර කොහොම වෙතත් අකුරු නම් පොඩි වැඩී තමා.. මම සෑහෙන අමාරුවෙන් කියෙව්වෙ..
Delete@හෙන්රි,
Deleteඅර චික් මැග්නට්ද මොකද්ද එකකුත් ලියලා ඔය කියලා තියන ලිස්ට් එකෙන් හොඳට අහගෙන ඉන්න හෙන්රි තාම පාඩමක් ඉගෙන ගෙන නෑ නොවැ..
කොහොම වුනත් ඔන්න අකුරු ලොකු කලා..එතකොට මට නිකම් මේක හෝඩි පොත වගේයි පේනේ..හික්ස්..
@සෙන්නා,
++++++
@හරී,
ඔන්න හැදුවා දැන් බලන්නකෝ..ඔයාටත් හෙන්රි වගේ ..නෑ..නෑ ..වැරදුනා අර උඩ කියපු අයට වගේ හතලිස් ඇඳිරියද?
(හෙන්රිගෙන් ගුටි කන්න වේදැයි සිතමින්)
@ Dude
Deleteඅපි නම් "වැඩිහිටි = හිටියා වැඩියි" නෙමේ තමා :P
රූ තැන්ක්යූ වේවා. ඔන්න අකුරු හදලා. බ්ලොගොවර්සරියට උණුසුම් සුබ පැතුම් දිග ගමනකට ආසිරි පැතුම්!
ReplyDeleteඅයිසෙක් ඇසිමෝව්ගෙ කතාවලට මමත් කැමතියි. ඔහොම යං ජයවේවා!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ස්තුතියි ඩූඩ් ද ඉංග්‍රිසි සර්..
Deleteපරිවර්තනයට හොඳ උත්සාහයක් දරන්න පොරොන්දු වෙන්නම්..
අවුරුද්දට සුබම සුබ පැතුම් රූ..කතාවත් නියමයි..ඊ ළඟට ඇත්තටම මොකක් වෙයිද ??
ReplyDeleteගොඩක් ස්තුතියි..
Deleteදිගටම එන්නකෝ වෙනී..එතකොට බලාගත්තෑකි..
අනේ ඔහොම රොබෝ කෙනෙක්ට මමත් ආසයි...අවුරුද්දට සුබ පැතුම් රූ..දිගටම ලස්සනට ලියන්න...
ReplyDeleteගොඩක් ස්තුතියි සයු..
Deleteඔබට ජයෙන් ජය අක්කෝ :)
ReplyDeleteතැන්කූ හිරූ..
Deleteරොබෝ සුරංගනා කතාවත් කතාවක් කියෙව්වමයි.මේ. කෘතිම දෙයක් වුනත් කතාවට අමුතු ජීවයක් හම්බ වෙනවා.
ReplyDelete"රූ සිරිනි" පළමු වසරට සුබ පැතුම්.. තවත් දිගුකල් දිනේවා
නෑ නෑ ඔයාට පැටලිලා..මේක සුරංගනා කතාවක් නෙවි..මේක විද්‍යා ප්‍රබන්ධයක්..
Deleteසුරංගනා කතාව ලිව්වෙ ටික කාලෙකට කලින් දයානන්ද..
දිගටම මේ පැත්තෙ ඇවිත් සරු අදහස් එක්කරලා යනවට ගොඩක් ස්තුතියි ඔබටත්..
නෑවිත් කොහොමද අනිවා, මමත් එනවා. ඒවගේම සුභ පතනවා ඔයාට. ඔයාලගේ ලිපි කියවලානේ මම බ්ලොග් වලට ආවේ. ඒකටත් ස්තුති කරන්න ඕන. ජය..!!
ReplyDeleteස්තුතියි සරත්..
Deleteදිගටම එන්න..
අවුරුද්දට ඉස්සෙල්ලම සුභ පැතුම් රූ අක්කේ..
ReplyDeleteමම පොඩි එකා කාලේ හරි ආසයිනේ මේ රොබෝ කතා බලන්න.. ඒ හින්දා ඔන්න මේක කියවන්න එනවමයි.. :)
ස්තුතියි මල්ලි..
Deleteබ්ලොග් එක පටන් ගත්ත දවසේ ඉඳලා ඔයා නිතරම මේ පැත්තෙ ඇවිත් යනවා ගොඩක් ස්තුතියි ඒකටත්..
අවුරුද්දට සුබ පැතුම් ...!!!
ReplyDeleteගොඩක් ස්තුතියි රොබින්..
Deleteපරක්කුවෙලා හරි ඇවිත් ඔන්න මමත් සුභ පැතුවා අවුරුද්දට.... තව තවත් ලස්සන කතා ලියන්න විවේකය ලැබේවා කියල පතනවා....
ReplyDeleteමේක කියවනකොට මට මතක් උනේ රොබී විලියම්ස්, රොබෝවෙකුට රඟපාපු චිත්‍රපටිය....
තැන්කූ මියුරු..
Deleteචිත්‍රපටිය නම් හොයාගන්න ඕන..
අඩේ අවුරුද්දකුත් වෙලා මම දන්නෙත් නෑ... තව අවුරුදු ගානක්ම ලියන්න සුභ පතනවා අක්කේ.. පහුගිය ටිකේම බ්ලොග් කියවන්න ලැබුනේ නැති නිසයි මේ පමාව වුනේ...
ReplyDeleteමම ආසයි මේ වගේ ප්‍රබන්ධ වලට විශේෂයෙන්ම ඇසිමෝව්ට.මේ කරන වැඩේ නම් සෑහෙන්න පංකාදුයි ඈ...
මුල ඉඳලා කියවලා 7 කොටසට එනකන් කියවන්නයි ගත්තේ.... ජය වේවා ඈ
ම්..ඔයාත් මේ දවස්වල විද්‍යා ප්‍රබන්ධයක් ලියනවා නේද?..
Deleteඒකට පුළුවන් නම් හින්ට් ටිකක් ගන්න මේ කතාවෙනුත්..
විශේශයෙන්ම ශෛලිය ගැන..විද්‍යා ප්‍රබන්ධයක් රසවත් වෙන්නෙ අටුවා ටීකා වලින්..කතාවට කිසිම අදාල නැති දේවල් වලින් මවන චිත්ත රූප කතාවට ආලෝකයක් වෙනවා..
කියවන්න පටන් ගත්තා !!
ReplyDelete