නුහුරු සිනා මල් ගොන්න
එක රොත්තට පරවෙන්න නොදී
කම්බි වැට මායිමේ රඳවන
සිඟිති නගේ නුඹ..
සිඟිති වදන් පොඩි
මුවින් ගිලිහෙන්න නොදී
තල්වැට මායිමේ රඳවන
සිඟිති මලේ නුඹ..
යුද සාපයෙන් වියරු වූ
අඳ මිනිසුන් හට
කිසිදා පෙනේවිද
කාගේ හදවතේ කඳුළු බිඳු
නැගුනිද නුඹලා වෙනුවෙන්
කාගේ දෑත් එසවිනිද
නුඹලා වෙනුවෙන්
හාල් පරිප්පු පෝලිමට
ජීවිතේ දියකර
කඳවුරු මායිමට සතුට මිරිකා හැර
පැමිණි දුක් පැණි රසයැ
දිවිගෙවන නුඹලාට
සිනා මල් නුපුරුදුද සත්තකට...
හඬක් නැති මිනිස්සු !
ReplyDeleteවෙලාවකට ඔය වගේ කට්ටිය දැක්කම හිතෙනවා මේ අයට කවදා නම් සැනසීමක් ලැබේවිද කියලා.
දුක හිතෙන, හිතන්ඩ යමක් ඉතුරු කරපු කවි සිතුවිල්ලක් !
එයාලට වගේම උවමනාව තිබුනත් අපිටත් හඬක් නෑ නේද?
Deleteස්තුතියි මල්ලි..
මට දීපිකා මහත්මිය ගයන සරෝජා ගීය මතක් වුනා... ඔය රූපයේ ඉන්නවා වගේ බලාපොරොත්තු දල්වාගෙන ඉන්න දෑස් කොතෙකුත් දැකලා තියනවා.. මේ දවස් ටිකට උතුරු කොණ ගැන කට්ටිය ලියපු ලිපි කීපයක්ම දැක්කා..
ReplyDeleteමටත් ඒ ගීතය මතක් වුනේ !
Deleteමාත් ඒ ගීය මතක් කර ගත්තා !
Deleteමටත්
Deleteකවිය ලියන්න මුල් වුනෙත් ඒ ගීයම තමා..:)
Deleteකාගේවත් වැරදිවලට පව් ගෙවන අහිංසක ජීවිත රැසක්...
ReplyDeleteමේ චූටි පැටවුන්ගේ අනාගතය කොහොම වෙයිද?
කමෙන්ට් එකක් ලියන්ට හරිම අමාරුයි. හිතට එන අදහස් ගලපා ගන්නට බැරි හන්දා. මේ මකලා ලීව තුන්වෙනි එක.
අනාගතය තියා මේ පැටවුන්ට එදා දවස ගෙවෙන හැටි වත් හිතාගන්න බැරිව ඇති පොඩ්ඩි.. :(
Deleteයුද්දේ සාපය නිසා මේවගේ හිනාවක් නොදැකපු ළමයි ගොඩක් දෙනෙක් අද නම් ස්කොලේ යනවා මං හිතන විදිහට. ඒත් අතලොස්සක් දෙනා තවමත් මේ විදිහටම ඇති. යුද්දේ හින්ද නැතිවෙලා ගිය දෙමාපියෝ, ගෙවල් දොරවල් ඒ ළමයින්ගේ හිත්වල කොච්චර දේවල් ඇත්ද...? අළු ගසා දාල නැගිටින්න තවත් කාලයක් යාවි
ReplyDeleteයුද්දෙටම පුරුදු වෙලා හිටිය හිත් ආපහු හැදෙන්න ටික කාලයක් යනවා පැතුම්..ඒත් සමහර අය තාමත් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ (ඒකට උතුර දකුණ කියලා වෙනසක් නෑ)...
Deleteහ්ම්ම්ම්ම්
ReplyDeleteඕ..
Deleteහ්ම්ම්..දැන් යුද්ධේ නැති නිසාම හොඳයි ..
ReplyDeleteඒක ඇත්ත හිරූ..එත් අපි හිතන විදිහ වෙනස් වෙලා තියනවාද?
Deleteලස්සනම පද වැලක්.... කාටවත් වරැද්දක් නොකරපු අහිංසක ජීවිත.
ReplyDeleteස්තුතියි මී ගොඩයා..
Deleteකාටවත්ම වරදක් නැති අනුන් කල වැරදි වලට හැමදාම වන්දි ගෙවන අපේ රටේ අනාගතය නේද ඔය.
ReplyDeleteඒක ඇත්ත සරත්..අපිත් මේ වෙලාවෙ හරිම අසරණයි..
Deleteඅපූරුයි කවි පෙල අක්කේ..
ReplyDeleteස්තුතියි මල්ලි..
Deleteහරි හැඟීම් බරයි අක්කේ...
ReplyDeleteතැන්කූ කිව්වාම ඇති නේද?
Deleteයුද්දයක අතුරු විපාක පරම්පරා ගානකට විඳවන්න වෙන හැටි. පද ගෙතුම අපූරුයි!
ReplyDeleteමිනිසුන් කිහිප දෙනෙක්ගේ බල ලෝභ කම නිසා රටක් අනාගතය අවිනිශ්චිත වෙන හැටි..
Deleteකාගෙවත් වැරදි වලට දුක් විඳින්නෙ අහිංසකයෝ, ඒ වුණත් වැරදි කරපු සමහරක් මිනිස්සු සැප විඳිනවා, හැබැයි ඒ එයාලගෙ පින ඉවරවෙනකල් විතරයි. ඊටපස්සෙ.... ?
ReplyDeleteමේ වගේ දේවල් අහලා ඒ වෙනුවෙන් හඬක් නගන්න බැරි වෙන්න අපිත් මොනවා හරි පවක් කරලා ඇති..
Deleteපද පෙලක් අස්සෙ හංගපු කඳුළු කතාවක් !
ReplyDeleteම්..කතාවකට වැඩිය දැවෙන ප්‍රශ්නයක් වෙනී..
Deleteයුද්ධයෙන් ඉතින් කොහෙදිත් තැලෙන්නෙ ඒකට මැදිවෙන අහිංසකයොයි තමා...
ReplyDeleteඕක අතීතයට එකතු වෙච්ච එක ගැන සතුටුයි..
ඇත්තටම මේ ප්‍රශ්නෙ අතීතයට එකතු වෙලාද කියලා නම් මට සැකයි සෙන්නා..
Deleteඅනාගතයට ඉතුරු වෙන එකක් නැතිවෙයිද?
ගුරුතුමී මා සිසුවියයි නුඹ ඒත් අපි එක පන්තියේ...
ReplyDeleteමේ හිත් කවදාවත්වම හදන්න බැරි වේවි.
ඒක ඇත්ත දයානන්ද..ඒත් අපිට පුංචිම උත්සාහයක්වත් ගන්න පුළුවන්නම්..
Deleteඔය අපිට දැනෙන අනුකම්පාව මුලින්ම ඕක දැනිය යුතු උන්ට නොදැනුනේ මොකද?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මගෙත් කණගාටුව ඒක තමා හෙන්රි..උන්ව හිරිවැටිලා යන්න හඬක් නගන්න අපිට බැරි හැටි..
Deleteමේ පෑරුණ හිත් සුවපත් කරන්න කවදා අපිට හැකිවෙයිද? කියලා නම් කියන්න අමාරුයි. උතුරුකරයට ගිහාම දැනෙන්නේ පුදුම දුකක්. මම සටන් විරාම කාලෙ ගියා. ඒ කාලෙ බයෙන් බයෙන් ගියාට හරිම සංවේදී සටහන් ටිකක් මනසේ තාම සටහන් වෙලා තියෙනවා. අපි මෙහෙම වත් එකට හඬක් නගන එක කොච්චර දෙයක් ද? රූ........
ReplyDeleteස්තුතියි චන්දි සටහනට..
Deleteඒ හිත්වල තියන සැක බිය නැතිවෙන්න තව ගොඩක් කල් යාවි..
යුද්ධය කියන එක විසඳුමක් නෙමේ වගේම හැමදාම සාකච්ඡා කර කර ප්‍රශ්න දිග් ගස්සන එකෙන් කොච්චර හානියක් වෙනවද කියන එක වැටහෙන්නේ නැහැ නොවැ :(
ReplyDeleteජනතාව හඬක් නගනා මෝඩයන් වන තරමට පාලකයින්ට පහසුය...
Deleteකියෙව්වා.. කොයි කවුරුත් උදම් ඇනුවාට යුද්ධය සාපයකි... අනාථවූයේ මියගියේ සිංහලයන් වුවත් දමිළයන් වුවත් ඔවුන් මිනිසුන්ය...
ReplyDeleteඇත්ත හරී..මේ පුංචි හිත් තාමත් ජාතිවාදී හැඟීම් වලින් කිලුටු වෙලා නැහැ..ඒත් ඒ දවස වැඩි ඈතක නෙවි..
Delete