Thursday, September 20, 2012

රොබී 3

පළමු කොටස
    ග්ලොරියා රොබීට කතන්දරයක් කියන්න පටන්ගත්තා කියලනෙ අපි පහුගිය කොටසෙදි ඉවර කලේ.....අද එතැන් සිට...

“ඔයා ලෑස්තියි නේද? ඔන්න එකෝමත් එක රටක එලා කියලා පුංචි ගෑණු ලමයෙක් හිටියා. එයාට ගොඩක් නපුරු පුංචි අම්මෙකුයි ඊටත් වඩා නපුරු කැතම කැත අක්කලා දෙන්නෙකුයි...“
       ග්ලොරියා කතාවේ හොඳම කොටසට පිවිසෙන විට රෑ දොළහේ කණිසම නාද විය. සුදු අශ්වයක් බැඳි කරත්තය මීයන් සිටිනා වට්ටක්කයක් බවට පත් විය. රොබී ගේ අවධානය මුළු මනින්ම කතාව කෙරේ ඇදී තිබුණි. ඔහුගේ විදුලි ඇස් කතාවේ ආලෝකයෙන් දිලිසෙද්දී එක් වරම බාධාවක් පැමිණිනි. 
“ ග්ලෝරියා“ 
          උච්ච ස්වරයෙන් නැගුනු ඒ හඬ එක් වරක් නොව කිහිප වරක්ම හඬ ගෑ ගැහැණු කටහඬක් විය. ඉවසීමේ පරතෙරටම ගොස් රතුකට්ට ඔන්න මෙන්න යැයි ආකාරයේ කෑ ගැසීමක් විය. 
“ අන්න මමී මට කතා කරනවා.“ ග්ලෝරියා කීවේ එච්චර සතුටකින් නොවේ. 
“ ඔයා මාව ආපහු ගෙදර අරන් ගියා නම් හොඳයි රොබී.“ 
       ග්ලෝරියාගේ ඉල්ලීම යුහුසුළුව ඉටු කිරීමට රොබී දෙවරක් නොසිතුවේ මිසිස් වෙස්ටන්ට කීකරු වීම තම ශරීර සෞඛ්‍යයටද ගුණ බව රොබීගේ රොබෝ කෘතිම මොළය පවා අවබෝධ කරගෙන සිටි බැවිනි. ග්ලෝරියාගේ පියා අද වැනි ඉරිදා දිනවල හැර සාමාන්‍යයෙන් දවල් වරුවේ නිවසේ රැඳෙන්නේ කලාතුරකිනි. ඔහු ගෙදර සිටිනා විට සාමාන්‍යෙන් ප්‍රසන්න තැන්පත් යමක් කමක් තේරුම් ගත හැකි චරිතයක් බව පෙනීගොස් තිබිණි. 
       එහෙත් ග්ලෝරියාගේ මව ඊට හාත්පසින්ම වෙනස් කලබල උල්පතකි. රොබී පවා හැකි තරම් ඇගේ ඇස් මානයෙන් ඈත්වී සිටීමට උත්සාහ කලේය. මවට හමු නොවී තණ පඳුරේ සිට ගේ ඇතුළට යෑමට ඔවුන් ගත් උත්සාහය වැරදී ගියේ මිසිස් වෙස්ටන් ඔවුන් ඉදිරියේ පෙනී සිටි බැවිනි. 

“ මම පණ දාගෙන කතා කරනවා ඔයාට ඇහුනෙ නැද්ද ග්ලොරියා. කොහෙද ඔයා හිටිය? කන් බීරි වෙලාද?“ 

“මම රොබී එක්ක හිටියෙ මමි මම එයාට සින්ඩරැල්ලා කතාව කියලා දෙන ගමන් හිටියෙ. ඒක නිසා මට රෑට කෑම වෙලාව අමතක වෙලාම ගියා. සොරි මමී.“ 

“පුදුමයි රොබීටත් අමතක වුනු එක.“ 
       මිසිස් වෙස්ටන් උපහාසයෙන් පැවසූයේ රොබී එතැන නැතැයි සිතාගෙන මෙනි. එහෙත් එක් වරම රොබී එතැන සිටිතැයි සිතා ඈ රොබීට මෙසේ අණ කලාය. 
“දැන් ඔයාට යන්න පුළුවන් රොබී. ග්ලෝරියාට දැන් ඔයාව ඕනි නෑ.“  
    තමන්ගේ ස්වරය තවත් දැඩි කරගත් මිසිස් වෙස්ටන් මෙසේද එකතු කලාය. 
“මම ආයෙ කතාකරන කම් මේ පැත්තට නාවට කමක් නෑ.“ 
     ඇගේ අණට කීකරු වී රොබී යෑමට සැරසුනද නැවත හැරුනේ ග්ලොරියා රොබී වෙනුවෙන් කතා කිරීමට ඉදිරිපත් වූ බැවිනි. 
“අනේ මමී එයාට ඉන්න දෙන්නකෝ. මම එයාට සින්ඩරැල්ලා කතාව කියලා ඉවරත් නැහැ. මම එයාට පොරොන්දු වුනා ඒක කියලා ඉවර කරනවා කියලා. මම මේ කතාව කියලා ඉවර වෙලාම එන්නම්“

“ග්ලෝරියා.....!“ 

“මම ඇත්තමයි කියන්නෙ මමී. එයා කතාකරන්නැතුව සද්ද කරන්නැතුව ඉඳීවි. ඔයා දැනගන්නෙවත් නැති වේවි එයා ඉන්නවා කියලා. එයා වචනයක්වත් කතා කරන්නැතුව අර කොනේ පුටුවෙ වාඩිවෙලා ඉඳීවි. පුළුවන්. එයා මොනවත් කරන්නෑ. එහෙම නේද රොබී?“
    රොබී ඔහුගේ හිස එක්වරම ඉහල පහල යැව්වේ ග්ලෝරියා සමඟ එකඟවන බව පෙන්වන්නටය. 
“ග්ලෝරියා ඔයා මේ සෙල්ලම නතර කලේ නැත්තම් මම ඔයාට රොබී එක්ක තියන ගනුදෙණු නවත්තනවා සතියක් යනකම්. තේරුනාද?“
    ග්ලෝරියාගේ දෑස කඳුළින් පිරී ගියේය. 
“හරි මමී කමක් නෑ. ඒත් සින්ඩරැල්ලා කියන්නෙ රොබී ආසම කතාව. මම ඒක එයාට කියලා ඉවර කරනකම්වත්......“
    රොබී කකුළ අද්දවමින් ඈතට යද්දී ග්ලෝරියාගේ ඉකිබිඳුම කඳුළු ගංගාවක් බවට පත්විය. 


මිසිස් වෙස්ටන් රොබීට කැමති නැත්තේ ඇයි? අපි ඊළග කොටසින් බලමු. 

පින්තූරය: http://gadget-ideaz.blogspot.com
 

30 comments:

  1. රොබීට කතා කරන්ඩත් පුලුවන්ද ? මොනවද හලෝ පොඩි පොඩි කෑලි දදා අපේ කුතුහලය අවුස්සන්නෙ.. එකපාර ටිකක් ලොකු කොටසක්වත් දානවකො.. පටන් ගන්නකොටම ඉවරයි..

    ඔය හැමදාම පින්තූරය කියලා ඉරි දෙක තුනක් දාන්නෙ ඇයි ? පින්තුර ඉල්ල ගන්නෙ ලේනෙක්ගෙන්ද ?

    ReplyDelete
    Replies
    1. අයියෝ යාළු මේ කතාවෙන් මම පොස්ටු විස්සක් තිහක් ගොඩදාගන්නයි බැළුවෙ..කෝ ඔයාලත් එක්ක බෑ අනේ..ඔන්න මම දිගගගගගග කොටසක් දැම්මා..හික්ස්..

      පින්තූරය කියලා ලියලා ඒක ගත්ත තැන ලින්කුව දාලා තියෙන්නෙ ඔයාට පේන්නැද්ද? හපොයි.

      Delete
    2. කෝ මටනම් පේන්නෑ ලින්ක් එකක්.. ඉරි දෙකක් විතරයි පේන්නෙ. ඒකයි ලේනෙක්ගෙන් පින්තූර ඉල්ල ගන්නවද කියලා ඇහුවේ :-)

      පෝස්ට් ගාන වැඩක් නෑ ලිපි ගානයි වැඩි වෙන්න ඕනා. ලිපි ගානයි ගනින්ඩ ඕනා.. පෝස්ට් නම් ඉතින් ඕන තරම් වැඩි කරන්ඩ පුළුවන්නෙ කිසිම ගින්නක් නැතුව.

      Delete
    3. අයියෝ එහෙම කියන්න එපා යාළු
      මට ඇඬෙනවා අප්පා..:)

      Delete
  2. මට හිතුනේ රොබීට පුලුවන් ඔලුව වනන්ට විතරයි කියලා. ලස්සනයි කතාව රූ...

    එක දිගට කියවගෙන යන්ට පුලුවන් නම් හොඳයි කියලා හිතෙනවා.ඒ කීවේ මුලු කතාවම එක පාරට හී හී...

    ReplyDelete
    Replies
    1. මම සෙන්නටත් කිව්වනේ පොඩි පොඩි කෑලි දාන එකේ රහස..කොහොම වුනත් පොඩ්ඩි මේ කතාවේ දර්ශන අතර නැවතීම් තියනවා..ඉතින් මම පෝස්ටුව කඩන්නෙ එතැනින්..මීට පස්සෙ දිගගග කෑල්ලක් දාන්නම්කෝ..

      රොබීට කතා කරන්න පුළුවන් කියලා නම් තාම හමු වුනේ නෑ..ඉස්සරහට බලමුකෝ.;)

      Delete
  3. ඔයාට මතකද රූපවාහිනියේ විකාශනය වෙච්ච "ටූ මච්" කියලා රොබෝ කෙනෙක්ගේ කතාව ?
    ඒකත් ජපන් කතාවක්. මේ වගේම කතාව !

    ReplyDelete
    Replies
    1. ලොකු මතකයක් නෑ මල්ලි..ඇස්දෙකෙන් කන්දෙකෙන් වතුර විදින්න පුළුවන් රොබෝ ගෑනු ළමේක්ගෙ කතාව නම් මතකයි..ඒක ඉංග්‍රීසි එකක්..

      Delete
    2. නෑ නෑ... ඒක නෙමෙයි... ඒ රොබෝ නෙමෙ !

      Delete
  4. 97, 98 වගේ කාලෙ මේ කථාව විදුසර පත්තරේ කොටස් වශයෙන් පල උනා කියල මතකයි...ඒක කියවල තිබීම මේක රසවිඳින්න බාදාවක් නම් වුනේ නෑ.
    ඔබේ පරිවර්ථනය නියමයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි එහෙනම් මටත් නිකම් කියවලා තියෙනවා වගේ දැනුනේ.. ඒත් දැන් නම් මතක නෑ මොනවත් ම ! ඒ නිසා ආයෙත් කියවන්නෝන මේක!

      Delete
    2. @දිමුතු,
      ස්තුතියි මේ පැත්තෙ ආවාටත් පැසසුමටත්
      ඔය කියන කාලේ විදුසර පත්තරේ අකුරක් නෑර කියෙව්වත් එච්චර මතකයක් නෑ..

      @ලහිරු
      දිගටම එන්නකෝ..

      Delete
  5. හයියෝ මම හිතුවේ ග්ලොරියාගේ අම්ම කතාව කියල ඉවර කරන්න දේවි කියලා.

    ReplyDelete
    Replies
    1. ග්ලෝරියාගේ අම්මත් එක්ක ලේසි වෙන්නෑ..දිගටම බලන්නකෝ..

      Delete
  6. අපි ඊළග කොටසින් බලමු එහෙනම්.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඊළඟ කොටසත් දැම්මා..

      Delete
  7. රූ, මේ කතාව කියවනකොට මට මතක් වෙන්නෙ අපේ දුව පොඩි කාලෙ අපි එයාට ගෙනත්දුන්න පොත් සෙට් එකක්. Roger the Robot කියලා. ඒ කතා එයාට කියවලාම එයා කතාව මතක තියාගෙන පි‍ටු පෙරල පෙරලා කතාව කියනවා අකුරු හඳුනා ගන්න බැරි කාලෙත්. When he was happy his eyes were green. When he was angry his eyes turned red...
    මරු ඈ ඔහොම යං. :)

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ අපි රොබෝලට කොච්චර කැමතිද?
      ඔයා කියපු රොබෝ ගැන ඉන්ටනෙට් එකේ හොයලා බැලුවා..දෝණි ඒ වගේ රොබෝ කෙනෙකුට ආදරේ කරපු එක අහන්න දෙයක් නෑ..
      http://www.jimslater.org.uk/childrens-books/
      මේක වෙන්නැති කියලා හිතනවා..

      Delete
    2. අන්න හරි රූ. ඒ සෙට් එක තමයි දැන් දැක්කහමත් ආසයි. ස්තුතියි ඔයාගෙ උනන්දුවට.
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
  8. එතකොට ග්ලෝරියට රොබීව ලැබුනේ කොහොමද? තාත්තගෙන්ද?

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටසේ ඒ විස්තරේ තියනවා සයූ..ගිහින් බලන්නකෝ..

      Delete
  9. ෂෝයි අනේ කතාව..:) ඉක්මනට ලියන්නකෝ එහෙනම් ඉතිරියත්..
    ජය!

    ReplyDelete
  10. දන්නවද රූ, මගේ දූ ඩිංග ස්කයිප් ආපු ගමන් කියන්නේ තාත්ති මට කතන්දරයක් කියන්නකෝ කියලා. ඉතින් මම මාර අමාරුවක වැටෙන්නේ ඇයි දෙයියනේ හැමදාම කියන්න කෝ ඔය හැටි කතන්දර. පහුනු දවස්වල මලිත්තිගේ කතන්දර කියලා දුන්නා. ඒවත් ඉවර වෙලා නහය ගාවටම යටවෙලා ඉන්නකොට ඔයා මටනම් කලේ ලොකු උදවුවක් රොබීගේ කතාව ලියලා. දැන් මම හැමදාම මේ කතාව කියලා දෙනවා එයාට. "ඒ නැන්දා තාම දාල නැද්ද තාත්ති අලුත් කතාවක්." ඕක තමයි එයාගේ අලුත්ම පුරස්නේ.
    පව් ඔයාද මමද මං දන්නේ නෑ, ඒ උනාට නංගි බබා නම් පැත්තක ඉඳන් හිනාවෙනවා. ස්තුතියි රූ ඔයාට ගොඩාක්..!!

    ReplyDelete
    Replies
    1. තාත්ති අමාරුවෙ වැටෙන්නයි යන්නෙ..රොබී කතාව නම් දෝණිට කියලා දෙන්න වටින කතාව..ඒත් කොටස් වශයෙන් කතාව කියන්නත් පුළුවන්ද?
      අනික මම දවසක් ඇර දවසක් වගේනෙ ලියන්නෙත්..

      දැනට මේ වගේම මම ලියපු සතුටු කුමරු හා ගිනි නැති මකරා සුරංගනා කතාව කියලා දෙන්නකෝ..

      Delete
  11. කතාව පොඩ්ඩ පොඩ්ඩ දැම්මත් මහන්සිවෙලා කතාවෙ රසය අඩු නොවෙන්න පරිවර්තනය කරල තියනවා. බලමු ඊළඟට මොකද වෙන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. ඊළඟට දිග කොටසක් දාන්නම් ගිම්..ගොඩක් ස්තුතියි පැසසුමට..

      Delete
  12. අනේ පව් රොබී.... ග්ලෝරියගෙ අම්ම නම් හරිම නෝටි...

    ReplyDelete
    Replies
    1. ම්..අම්මලා හැමෝම ඔහොම තමයි මියුරු..

      Delete
  13. රොබෝ කෙනෙක් තේරුම් ගැන පුලුවන් කුඩා දරුවෙකුට විතරයි.. දෙන්නගෙම හිත් පිරිසිදු හින්දා.

    ReplyDelete