පළමු කොටස
පසුගිය කොටසින් අපිට ග්ලෝරියාගේ අම්මා හමුවුනත් ඇය ගැන අපි කාටවත් පැහැදීමක් නම් ඇති වුනේ නැහැ. අද එතැන් සිට...
මිසිස් වෙස්ටන්ට කීකරුව රොබී පිටව යද්දී ග්ලෝරියාගේ පියා ගැන අපි සොයා බලමු.
ජෝජ් වෙස්ටන් සිටියේ සතුටිනි. මෙලෙස සුවපහසු ලෙස ඉරිදාව ගෙවීම ඔහුගේ සිරිත වී තිබිණි. රසවත් රාත්‍රී ආහාර වේලක්,සිසිල් සුළං රැඳි බැල්කනිය, සුව පහසු සෝපාව,ඉරිදා ටයිම්ස් පුවත්පත තරම් වෙන කිසිවක් නිවාඩු දින හවස් වරුව ගෙවෙන්නට ඉස්තරම් නොවන බව වෙස්ටන් මහතා දැන සිටියේය. එනිසාවෙන්ම ඔහුගේ බිරිඳ ඈත එන දැකීම ඔහුට කිසිසේත් ප්‍රිය මනාප නොවීය.
විවාහයෙන් වසර දහයකට පසු වුවද ඔහු ඈට බොහෝ සේ ආදරය කලේය. ඈ දැකීමට ප්‍රිය කලේය. එහෙත් ඉරිදා හැන්දෑවේ සුවපහසුව ඒ ආදරය හා එක්ව ගත නොහැකි තරමට වෙනස් විශයන් දෙකකි. ඈගේ ඉරියව් දුටු වෙස්ටන් මහතා තව පැය දෙකතුනකට තමාගේ නිදහස නැතිවීමට නියමිත බව ඉඳුරා ප්‍රත්‍යක්ෂ කලේය.
එනිසා ටයිම්ස් පුවත් පතේ තිබූ අඟහරු ගවේෂණය පිළිබඳ ලෙෆ්රේ-යොෂිඩා අවසන් වාර්තාව ( චන්ද්‍ර පර්යන්තයෙන් දියත් කිරීමට නිමිතව තිබූ මෙම ව්‍යාපෘතියට අදාල යානාව සාර්ථක වන ළකුණු පෙන්නුම් කලේය) වෙත තමාගේ මුළු අවධානයම යොමු කලේ ඈ ළඟ ඇති බව නොසලකමිනි.
මිසිස් වෙස්ටන් මිනිත්තු දෙක තුනක් ඉවසීමෙන් බලා සිටියේ ඉන්පසුව තවත් මිනිත්තු දෙකතුනක්ම නොඉවසිල්ලෙන් බලා සිටියේ තම සැමියාගේ අවධානය තමා වෙතට යොමු වන තුරුය. ඉවසා නොහැකි වූ තැන ඈ නිශ්ශබ්දතාවය බින්දාය.
“ජෝජ්!“
“හ්ම්..“
“ජෝජ්, මම කියන්නෙ. නෑ---. මම අහන්නෙ ඔයාට බැරිද ටිකකට ඔය මල ඉලව් පත්තරේ පැත්තකට දාලා පොඩ්ඩක් මං කියන දේ අහන්න“
පත්තරය පැත්තකට දැමූ වෙස්ටන් තමාගේ වෙහෙසකාරී මුහුණ තම බිරිඳ දෙසට හැරවූයේය.
“ඇයි මොකද නෝනෙ? මොකද වෙලා තියෙන්නෙ?“
“ජෝජ් ඔයා දන්නවා මොකද වෙලා තියෙන්නෙ කියලා. මම කියන්නෙ ග්ලෝරියයි අර දරුණු මැෂින් එකයි ගැන.“
“දරුණු මැෂින් එක? “
“ආ..ඔයා බබා වෙන්න හදන්න එපා දන්නැති පාට් එක පෙන්නලා. මම කියන්නෙ අර ග්ලෝරියා රොබීද බොබීද කියලා කතාකරන රොබෝ ගැන. ඌ ග්ලෝරියා ගාවින් හෙල්ලන්නෑ තත්පරේකටවත්“
“හොඳයි ඔයාම කියන්න බලන්න ඇයි එයා ග්ලෝරියා ගාවින් අයින් වෙන්න ඕනෙ කියලා? එයාගේ රාජකාරියනේ ඒ. අනිත් එක එයාට දරුණු මැෂිමක් කියලා කියන එක වැරදියි. එයා තමා මගේ අවුරුදු බාගෙක පඩිය වෙන්කරලා ගත්ත හොඳම රොබෝ. එයා ඒ ගානට හොඳටම වටිනවා. අඩුම ගානෙ එයාට මගේ ඔෆිස් ස්ටාෆ් එකෙන් බාගෙකට වඩා මොලේ තියනවා මම හිතන්නෙ.“
ඔහු නැවත පත්තරය ගැනීමට සැරසුනද මිසිස් වෙස්ටන් එය උදුරා ගත්තාය.
“මම කියනදේ හොඳට අහගන්න ජෝජ්, මම කැමති නෑ මගේ දරුවා මැෂින් එකකට බාර දෙන්න. ඌ කොච්චර දක්ෂද නැද්ද කියන එක මට වැඩක් නෑ. ඒත ඌට හිතන්න හදවතක් නෑ. අනිත් එක උගෙ ඔළුවෙ මොනවා තියනවද කියලා කවුද දන්නෙ. දරුවො හදන්නෙ යකඩ ගොඩවල්වලට බලාගන්න දෙන්න කියලා මට නම් හිතෙන්නෑ.“
වෙස්ටන් මහතා රැව්වේය.
“ඔයා කවදා ඉඳන්ද මෙහෙම හිතන්න පටන් ගත්තෙ. රොබී ග්ලෝරියා එක්ක ඉන්න පටන් අරන් දැන් අවුරුදු දෙකකටත් වැඩියි. ඒත් ඒ දවස්වල ඔයා එයා ගැන මෙච්චර කරදර වුනේ නෑනෙ.“
“ඒ දවස්වල එහෙම වුනාට දැන් මෙහෙමයි. ඒ දවස්වල ඌ අළුත්. අමුතුයි. අනික මට තිබුන වැඩ වලින් බාගයක් ඌ ආව නිසා අඩු වුනා. අනිත් එක ඒක ඒ දවස්වල ෆැෂන් එක. ඒත් දැන් නම්. අනේ මන්දා එහා ගෙදර අයත්.-“
“හොඳයි. මේ කතාවට එහාගෙදර මිනිස්සු ගාව ගන්නෙ මොකද? මේ බලන්න. රොබෝ කෙනෙක් මනුස්ස නැනී කෙනෙකුට වැඩයි සීයට සීයක් විශ්වාසයි. අනික රොබී හදලා තියෙන්නෙ එක එක වැඩකට. ඒ ළමයි බලාගන්න. ළමයෙකුට හොඳ යාළුවෙක් වෙන්න. එයාගේ ‘බුද්ධිය‘ සම්පූර්ණයෙන්ම වෙන්වෙලා තියෙන්නෙ ඒකට. ඒක නිසයි එයා කරුණාවන්ත ආදරබර වෙන්නෙ. ඒත් එයා මැෂින් එකක්.“
“ඒත්..ඒත් මොනවා හරි වරදින්න ඉඩ තියනවනේ ජෝජ්. මොනවා හරි.“මිසිස් වෙස්ටන් තැතනුවාය.
“මොනවා හරි කෑල්ලක් බුරුල් වෙලා ඌට තරහා ගිහිල්ලා ළමයට මොනවා හරි කරදරයක් කලොත්. අනික...-“
ඈට මීට වඩා දෙයක් කිව නොහැකි වුයේ ඉකියකින් සියල්ල ගිලගත් බැවිනි.
“පිස්සුනෙ.“
වෙස්ටන් මහතාට කියැවිනි. ඒ සමඟම නොවැලැක්විය හැකි විදුලියක් ඔහුගේ ගත පුරා දිව ගියේය.
“මේක මොන විහිළුවකද? අපි මේ ගැන රොබී ගන්න වෙලාවෙත් කොච්චර කතා කලාද? රොබෝලා හදලා තියෙන්නෙ මූලික සිද්ධාන්ත තුනකට අනුව. පළවෙනි එක ගැන අපි කොච්චර වාද කලාද? ඔයා හොඳටම දන්නවා රොබෝ කෙනෙකුට මනුස්සයෙකුට හානියක් කරන්න බෑ කියලා. මොනවා හරි වරදින්න කලින්ම රොබෝ වැඩ කරන්නැතුව යනවා. ඒක කොහොමවත් වෙන්න පුළුවන් දෙයක් නෙවි. අනිත් එක අවුරුද්දකට දෙවතාවක් යූඑස් රොබොට්ස් වලින් විශේෂඥයෙක් ඇවිල්ලා රොබීව සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරලා බලනවා. ඒක නිසා රොබී පිස්සු නටන්න තියන සම්භාවිතාවය අපි දෙන්නා ඒ වගේ පිස්සුවක් නටන්න තියන හැකියාවටත් වඩා ගොඩක් අඩුයි. ඔයාට තේරුනාද? අනිත් එක අපි දැන් කොහොමද එයාව ග්ලෝරියාගෙන් වෙන් කරන්නෙ?“
ඔහු පත්තරය උදුරා ගැනීමට නැවතත් නිරර්ථක උත්සාහක යෙදුනෙන් ඔහුගේ බිරිඳ එහා කාමරය දෙසට පත්තරය විසිකොට තරහින් පිපිරෙමින් මෙසේ පැවසුවාය.
“එහෙනම් එහෙමයි ඔයා කියන්නෙ. ජෝජ් මතක තියාගන්න ග්ලෝරියාට මීට පස්සෙ රොබීද බොබීද එක්ක සෙල්ලම් කරන්න බෑ. අනික එයාට යාළුවෙන්න පුළුවන් ළමයි දුසිමක් විතර ළඟපාත ඉන්නවා.ඒත් එයා යන්නෑ. මම තරවටු කරලා යැව්වොත් මිසක්. ඒක පොඩි ගෑනු ළමයෙක් හැදෙන්න ඕන විදිහ නෙවි. ඔයාට එයාව සාමාන්‍ය ළමයෙක් වගේ හදන්න ඕන නේද? ඔයා හිතනවද අහල පහල ළමයි එක්ක සෙල්ලම් කරන්න අකමැති ළමයෙක් සාමාන්‍යයි කියලා? එයා ලොකු වුනාම කොහොමද සමාජෙට මූණ දෙන්නෙ?“
“ඔයා වතුර වීදුරුවෙත් කිඹුල්ලු දකිනවා ග්‍රේස්. රොබී නිකම් සුරතල් බල්ලෙක් කියලා හිතන්නෙකො. මම තමන්ගෙ තාත්තාටත් වැඩිය බල්ලොන්ට ආදරේ ළමයි ඕනතරම් දැකලා තියනවා “
“බල්ලෙක් කියන්නෙ වෙනස කතාවක් ජෝජ් ඇයි ඔයාට මම කියන දේ තේරෙන්නැත්තෙ? අපි ඒ එපාකරපු මැෂිම ඉක්මනටම අයින් කරන්න ඕන. ඔයාට පුළුවන් ආපහු ඌව කොම්පැනිවයට විකුණන්න. මම අහලා බැලුවා. එහෙම කරන්න පුළුවන්.“
“මොකක් ? ඔයා අහලා බැළුවා? මේ බලන්න ග්‍රේස්. අපි මේක බරපතල විදිහට හිතන්න ඕන නෑ. අපි ග්ලෝරියා ලොකු වෙනකම් රොබීව තියාගන්නවා. අනික මීට පස්සෙ මම මේ මාතෘකාව ගැන කතා නොකරනවා නම් කැමතියි.“
මෙසේ කේන්තියෙන් පැවසූ ඔහු කාමරයෙන් පිටව ගියේය.
ඊට පස්සෙ මොකද වුනේ? අපි ඉක්මනින්ම දැනගමු.
මට හිතෙන්නෙ ග්ලෝරියාගෙ අම්මා හරි..
ReplyDeleteගිය පාර කතාවෙදි කිව්වනෙ කතාවෙ හොඳම කොටසට එනකොට මධ්‍යම රාත්‍රියත් පහු වුනා කියලා. ඊට පස්සෙ ග්ලෝරියාගෙ අම්මා ඇවිල්ලා බකට් එක දැම්මනෙ. දැන් ආයෙ හැන්දෑව වුනේ කොහොමද ?
ඔයා ආපහු කියවලා එන්න සෙන්නා..ඒ කියන්නෙ සින්ඩරැල්ලා කතාවේ දොලහෙ කණිසම ගැන..අර ලස්සන අශ්වයෝ මීයෝ වෙන්නෙ...හික්ස්..
Deleteඔයා මොකද ග්ලෝරියාගේ අම්මගේ පැත්ත ගන්නෙ දුෂ්ඨයාගේ පැත්ත ගන්න තහනම්..:)
ආ එහෙමද ? මම ඔය සින්ඩරෙල්ලගෙ කතාව දන්නෙ නෑ.. ඒකයි අවුල.. :-)
Deleteඑයා දුෂ්ඨ නෑනෙ.. ඒ අම්මා බයයි තමන්ගෙ ළමයා අසාමාන්‍යය වෙයි කියලා..මට නම් ඒකෙ වැරැද්දක් පේන්නෑ..
මොකද සෙන්නා අල්ලපු ගෙදර අයටත් රොබෝ කෙනෙක් ඉන්නවා කියලා, තමන්ගේ ලමයව ආදරෙන් බලාගන්න රොබීව, විකුණන්ට හදන කෙනෙකුට ඔයා කැමතිවෙන්නේ? :D
Deleteඑයා දුෂ්ටයි...එයාගේ මහත්තයට ඉරිදා පත්තරේ බලන්ට දෙනෙන්ත් නෑ. කොච්චර නුපුරුකමක්ද ඒක...:D:D
මේකනෙ පොඩ්ඩි...
Deleteළමයි හැදිලා තියෙන්නෙ සම වයසෙ අයත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරන්ඩනෙ.. එහෙම සෙල්ලම් කරන්ඩ කට්ටිට්යක් ඉද්දිත් එහෙම නොගිහින් ඉන්ඩ බලපාන හේතුවක් තියනවනම් ඒක වහාම ඉවත් කරන්ඩ ඕනා.. එහෙම බලපුවම ඒ අම්මා සාධාරණයි.. දැන් ඔයා ඒ අම්මට ආරූඩ වෙලා එයා හිතන විදිහට පොඩ්ඩක් හිතලා බලන්ඩකො.. එතකොට වැඩේ නිකන්ම සෙට්ල්.. කට්ටිය සෙන්න කියන අර අහිංසක මනුස්සයව කන්ඩ හදන එකත් නවත්වනවා.. :-)
අනිත් එක තමයි ළමයි හැදිලා තියෙන්නෙ කතන්දර අහන්ඩ මිසක් කතන්දර කියන්ඩ නෙමේ.. කවුද දන්නෑ මේ රොබොට්ටව ඩිසයින් කොරපු එකා.. :-)
//දැන් ඔයා ඒ අම්මට ආරූඩ වෙලා එයා හිතන විදිහට පොඩ්ඩක් හිතලා බලන්ඩකො..//
Deleteපොඩ්ඩි එයාට ආරූඨ් වෙච්ච හැටියේ, එයා ලමය රොබීට දාලා ෂොපින් යනවා ... ඊට එහා දෙයක් මවාගන්ටම බෑ හී හී....
කවුද අනේ ඔය සෙන්න කියන අහිංසක එක්කෙනා...:D:D:D
@ සෙන්නා, ඔයාගේ තර්කය සාධාරණයි..හැම අම්මා කෙනෙක්ම එහෙම හිතනවා තමයි..
Delete@ පොඩ්ඩි,
ඊළඟ කොටසත් දැම්මා පොඩ්ඩි.. ඔයා කියන දේ ඇත්ත වගේ පේන්නේ..මිසිස් වෙස්ටන් ශොපින් යන එක ගැන ගොඩක් හිතනවා වගේ හික්ස්..
//අඩුම ගානෙ එයාට මගේ ඔෆිස් ස්ටාෆ් එකෙන් බාගෙකට වඩා මොලේ තියනවා මම හිතන්නෙ.//
ReplyDelete//ඒක නිසා රොබී පිස්සු නටන්න තියන සම්භාවිතාවය අපි දෙන්නා ඒ වගේ පිස්සුවක් නටන්න තියන හැකියාවටත් වඩා ගොඩක් අඩුයි. //
හී...හී..මම නම් මිස්ටර් වෙස්ටන්ට කැමතී...
මමත් එයාට ගොඩක් කැමති පොඩ්ඩි..ඒත් එයා කියලා අනිත් ස්වාමි පුරුශයන්ගෙන් වෙනස් වෙන්නෑ අප්පා..
Deleteමට හරි දුකයි ඒ ගැන.;)
එතකොට අර නපුරු මිසිස් වෙස්ටන්, මහත්තයටත් හොරෙන් රොබීව ආපහු විකුණයිද...? ග්ලෝරියාට රොබී ළඟට යන්න නොදුන්නොත් රොබීට කතාවෙ ඉතුරු ටික අහගන්න වෙන්නෙත් නෑ... පව්ව්ව්ව්ව්....
ReplyDeleteඔන්න ඊළඟ කොටසත් දැම්මා මියුරු..
Deleteරොබී පව් කියලා මටත් හිතෙනවා..
Kathaawa kiyawamin....meaka Enna ennama kuthuhalaya wedi wenawaa...
ReplyDeleteවෙනී ඉතින් මේ දවස්වල ගෑනු ළමයින්ගේ පොටෝ ගහන්න ගිහින් බිසි වෙලානෙ..
Deleteකොච්චර බිසිද කියනවා නම් සිංහලෙන් කොටන්නත් අමාරුයි..
කොහොම වුනත් අමාරුවෙන් හරි පෝන් එකෙන් කොටලා දාපු කොමෙන්ටුව අගය කරන්නෙපැයි...
ම්.. දිගටම කියවන්නකෝ..
කලිං කොටස් දෙක මගහැරුනා..
ReplyDeleteඔක්කොම කියවලා කමෙන්ට් එකක් දාන්නං..
ඕ..කේ ...තරියා..
Deleteවෙස්ටන් නෝනා වතුර වීදුරුවේ කිඹුල්ලු හොයනවා. කොහොමත් සමහර ගෑණු උදවිය ඔහොම තමයි. මම කිවුවේ සමහර ගෑණු උදවිය හොඳේ.!!
ReplyDeleteඒක තමා වෙස්ටන් නෝනා වගේ ගෑනු උදවිය ඔහොම තමයි යාළු..
Deleteඅපි නම් ඔය අහක යන තොප්පි දාගන්නෑලු..හික්ස්..
ReplyDeleteඔයා කතාව පටන් ගත්තෙ රෝබෝට්ස්ලගෙ ගුන වනලා නිසා, ග්ලෝරියාගෙ අම්මා වැරදි වෙන්න හොඳටම ඉඩ තියෙනවා. බලමු.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ම්..මම ඇසිමෝව් කියපු විදිහ කිව්වා නේද පළවෙනි පෝස්ට් එකෙන්ම..
Deleteමේක පරිවර්තනය කරගෙන යද්දි හිතෙනවා පළවෙනි කතාවෙන්ම එයාට මෙහෙම ලියන්න කොච්චර හැකියාවක් තියනවාද කියලා..
//“මොනවා හරි කෑල්ලක් බුරුල් වෙලා ඌට තරහා ගිහිල්ලා ළමයට මොනවා හරි කරදරයක් කලොත්.//
ReplyDeleteහිහි...අම්ම කෙනෙක්ට මෙහෙම හිතෙන එකනම් සාධාරණයි මම හිතන්නේ :)
ඒත් මමනම් රොබී ට කැමතියි.. මට මතක් වෙන්නේ "රියල් ස්ටීල්" චිත්‍රපටය.
හී හී මටත් මතක් වුණා ඒ ෆිල්ම් එක!
Deleteඇත්තම කියන්න සයූ මම ඒ චිත්‍රපටිය බලලා නෑ..ඔන්න බලන්නොනැ ලිස්ට් එකට දාගත්තා..
Deleteතැන්කූ දෙන්නටම..
මට නම් මතක්වුනේ බයිසන්ටේනියන් මෑන්
Deleteඊට පස්සේ මොකද උනේ බලන්න එනවා.. ඉක්මනට දාන්න..
ReplyDeleteදවසක් ඇර දවසක් පෝස්ටුවක් දාන්න උත්සාහ කරනවා මලේ..දිගටම එන්නකෝ..
Deleteවැඩිය නපුරු වෙන්නත් හොඳ නෑ. ඒත් ලමයි කොම්පියුටර් රොබෝලා එක්කම ජීවත් වෙන්න ඉඩ ඇරීමත් සුදුසු නෑ නේද!
ReplyDeleteඒක ඇත්ත ගිම්..ඒත් මේක ප්‍රබන්ධයක්නේ..
Deleteසමහර වෙලාවට මිනිස්සුත් එක්ක ඉන්නවට වඩා අහිංසක රොබෝලත් එක්ක ඉන්න හොඳයිද කියලත් හිතෙනවා..
ප/ලි: නිතරම යකඩ ගොඩවල් අස්සෙ ගැවසෙන හින්දද මන්දා එහෙම හිතෙන්නෙ..:)
ළමෙක්ව රොබෝ කෙනෙක්ට බාර දෙන්න හොඳ නෑ තමයි අනේ. දැන් මටත් එහෙම හිතෙනව.
ReplyDeleteඕකනේ කියන්නෙ දොස්තර නෝනලා ඔහොමමයි..ඒත් අර කියන්නත් වගේ රොබෝලා හරි අහිංසකයි..රටක් වටි..
Deleteගණන් ගන්න එපා සිඳු ඔයාලා බයෝ කරද්දි මම ගණන්නේ කලේ..ඒකයි රහස..
මග හැරී තිබී කියෙව්වෙමි.
ReplyDeleteඔයා දැන් ගොඩක් බිසි වෙලානෙ..
Deleteකමක් නෑ මල්ලි..කියවලා විතරක් ගියාට මම තරහා නෑ..
කොහොමත් මෙච්චර මහන්සි වෙලා ලියන්නෙ කෙමෙන්ට් වලට වඩා ඔයාලා කියවයි කියලා හිතාගෙන..
අඩ්ඩේ...... අක්කේ මේ මට මතක් වෙන්නේ "බයිසන්ටේනියන් මෑන්" කියන ෆිල්ම් එක.ඒකේ රොබෝ ඒ ගෑණු ලමයට පෙම් කරනවා.අන්තිමේදි රොබෝ මනුස්සයෙක් වෙලා ආයෙම එනකොට ඒ ලමයා බැඳලා ලමෙක් ඉන්නවා.ඒ ලමයත් අර ගෑණු ලමයා වගේමයි... අන්තිමට මට මතක නෑ ඒ ලමයා අර මනුස්සයෙක් වෙච්චි ලමයව බඳිනවද කියලනම්.හෙන ප්‍රසිද්ධ නළුවෙක් ඉන්නේ...
ReplyDeleteම්..කොහොම වුනත් ඒ රොබෝට නම් හොඳටම පව්..ලොකු බූට් එකක්නේ හම්බවෙලා තියෙන්නෙ..හික්ස්..
Deleteකෑවා කෑවා. ලොකු මිනිස්සු එබුනා
ReplyDelete