Monday, September 24, 2012

රොබී 5


පළමු කොටසට
    පසුගිය කොටසින් ග්ලෝරියාගේ අම්මා රොබීව පන්නන්න කුමන්ත්‍රණ කලා අපි දැක්කා. ඒත් ග්ලෝරියාගේ තාත්තා වූ වෙස්ටන් මහතා නම් ඒ ගැන වැඩි එකඟතාවයක් පල කලේ නැහැ. අද එතැන් සිට.. 

    තමන්ගේ උත්සාහය ව්‍යර්ත වූ තැන මිසිස් වෙස්ටන් ආපසු වෙස්ටන් මහතා සමඟ මේ ගැන කතා කිරීමට මඟක් පාදා ගැනීමට නැවත උත්සාහ කලාය. ඇගේ උත්සාහය සාර්ථක වූයේ දෙදවසක් ගතවූ තැන නානකාමරයේ දොර අසලදීය. වෙස්ටන් මහතා දොර ගාවින් මතුවද්දී මිසිස් වෙස්ටන් නැවත තම හඬ අවදි කලාය. 

“ඔයාට මම කියන දේ අහන්නම වෙනවා ජෝජ්. මේ දවස්වල වටේ පිටේ අය නරක ආරංචියක් ගෙනියනවා“ 

“නරක ආරංචියක්? මොකක් ගැනද?“ 

  වෙස්ටන් මහතා ඇසුවේය. එහෙත් උත්තරය ලැබීමට පෙර ඔහු වතුර පහරකින් මුහුණ තෙමාගත්තෙන් උත්තරය නෑසී ගියේය. එහෙත් මිසිස් වෙස්ට් පසු නොබැස්සාය. වෙස්ටන් මහතාගේ අවධානය නැවත ලැබුනු විගස ඈ උත්තර බැන්දාය. 

“රොබී ගැන“ 

තුවායෙන් මුහුණ පිසදාගත් වෙස්ටන් මහතා නාන කාමරයෙන් පිටතට ආවේ කෝපයෙන් රතුවූ මුහුණින් යුතුවය. 

“මොන පිස්සුවක්ද ඔයා මේ දොඩවන්නෙ?“  

“මේක එන්න එන්නම වැඩිවෙනවා ජෝජ්. මම ඒත් ගණන් නොගෙන ඉන්නයි බැලුවෙ එත් දැන් මට ඉවසලා ඇති වෙලා. අහල පහල ගොඩක් අය රොබී අනතුරුදායකයි කියලයි හිතන් ඉන්නෙ. ඒක නිසා එයාලගෙ ළමයි රොබී ළඟටවත් එන්න දෙන්නෙ නෑ.“

“ඒත් අපි අපේ ළමයා එයාට බාර දීලා තියෙන්නෙ.“ 

“එත් ඔයා දන්නවනේ මිනිස්සු මේවගේ දේවල් දිහා බලන හැටි ඒ නිසා“ 

“එහෙනම් එයාලට ඕන කුදයක් ගහගන්න කියන්න!“ 

“එහෙම කියලා ප්‍රශ්න විසඳන්න බෑනෙ ජෝජ්. අපිත් එයාලත් එක්ක ජීවත් වෙන්න ඕනි. මට සුපර් මාකට් එකට ගිහින් නිදහසේ ෂොපින් කරන්න ඕන. අනිත් එක නගරේ මේ දවස්වල රොබෝලා ගැන තියෙන්නෙ හොඳ ආකල්පයක් නෙවි. ඔයා දන්නවද නිව්යෝක් වල පනතක් පාස් කරලා තියනවා දවල් කාලේ රොබෝලා පාරවල් වලින් ඈත් කරලා තියන්න“ 

“හරි. ඒත් එයාලට බෑනෙ අපේ රොබෝව අපේ ගෙදරින් එළවන්න.- ග්‍රේස් මේක ඔයාගේ කුමන්ත්‍රණයක් කියලා මම නොදන්නවයි කියලා හිතනවද? ඒත් වැඩක් නෑ මම තාම කැමති නෑ. අපි රොබීව අයින් කරන්නෑ. මම කිව්වොත් කිව්වා ඔන්න“ 

**********************
    එහෙත් ජෝජ් වෙස්ටන් තමන්ගේ බිරිඳට බොහෝ සේ ආදරය කල බව මම පෙරත් කීවා ඔබට මතක ඇතැයි සිතමි. වඩා නරකම දෙය වූයේ ග්‍රේස් වෙස්ටන් මේ බව දැන සිටීමයි. අවසාන වශයෙන් ගත් කල ඔහු ද අනෙක් බොහෝ ස්වාමි පුරුශයන් මෙන් අසරණ විය.මායම් හැට හතර තවත් හැට හතරකින්ම වැඩි කර එවා මනා සේ යෙදවීමෙන් තමන්ගේ අදහස මුදුන් පත් කරවා ගැනීමට ඔහුගේ බිරිඳ වගබලා ගත්තාය. 

 “අපි රොබීව තියාගන්නවා ඒත තමයි අන්තිම උත්තරේ!“ 

   ඊළඟ සතියේ ජෝජ් වෙස්ටන්ට මෙම කතාව දහසැරයක් කීමට සිදුවු අතර යටි ගිරියෙන් කෑ ගැසීම අන්තිම වටය දක්වා ඒමේදී කෙඳිරිල්ලක් බවට පත්ව තිබූ බව කණගාටුවෙන් යුතුව කිව යුතුමය. 
    අවසන වෙස්ටන් මහතා ඉතා අකමැත්තෙන් ග්ලෝරියා වෙත පැමිණ “ලස්සන“ විසිවොක්ස් එකක් (සිනමා විත්‍රපටයක් ) බැලීමට යෑමට යෝජනා කැර සිටියේය. ග්ලෝරියා සතුටින් අත්පුඩි ගැසුවාය. 

“රොබීටත් යන්න පුළුවන්ද?“ 

“බෑ වස්තුවේ“ වේදනාවෙන් යුතුව පැවසූ වෙස්ටන් මහතා. 

“ එයාලා රෙබෝලව ඇතුලට ගන්නෙ නෑනෙ ඒත් ඔයා ගෙදර ආවාම ඔක්කොම එයාට කියන්න“ 
   පැකිලීමෙන් යුතුව අවසන් වචන එකතු කලේය. ඔහුට තමන්ගේ දියණිය ගේ ප්‍රීතිමත් දෑස දෙස කෙලින් බැලිය හැකි වූයේ නැත. විසිවොක්ස් එක බැලීමෙන් අනතුරුව ග්ලෝරියා පැමිණියේ සතුටින් ඉපිලෙමිනි. ඇත්ත වශයෙන්ම විසිවොක්ස් එක සතුටුදායක අත්දැකීමක වී තිබිණි. 
     පියා ජෙට් කාරය ගරාජය තුල නවත්වන තුරු ග්ලෝරියා නොයිවසිල්ලෙන් බලා සිටියාය. 

“බලන්නකෝ ඩැඩී, රොබී මේකට හැම එකටම වඩා කැමතිවෙයි. මට ඉවසිල්ලක් නෑ එයාට ඔක්කොම කියනකම්. අර ෆ්‍රැන්සිස් ෆ්‍රෑන් හිමින් සීරුවේ කිට්ටු කරලා ලෙපඩ් මෑන් ඉස්සරහටම පනිනකොට එයාට දුවන් ඉඩ නැතිවෙච්ච එක.“ ඇය නැවතත් සිනාසුනාය. 

“ඩැඩී, ඇත්තටම හඳේ ලෙපඩ් මෑන්ලා ඉන්නවද?“ 

“මම හිතන්නෑ වස්තුවේ“ වෙස්ටන් මහතා උත්තර දුන්නද සිටියේ වෙන කල්පනාවකය. 

“ඒක අපිව රවට්ටන්න විහිළුවට හදපු එකක්“  
   කොපමණ ගරාජය තුල පරක්කු වූවද අවසානයේදී සත්‍යයට මුහුණ දිය යුතු බව වෙස්ටන් මහතා අකමැත්තෙන් සිහිකලේය. තණ තීරුව දිගේ දිවගිය ග්ලෝරියා රොබීට අඬ ගැසුවාය. 

“රොබී..රොබී..“ 

   ඈ එක් වරම නැවතුනේ ලස්සන කෝලී බල්ලෙකුගේ ජායාව දැකීමෙනි. ග්ලෝරියා දුටු ඌ සතුටින් නගුට වනමින් ඈ පිළිගත්තේය. 

 “ෂා..ලස්සන බල්ලෙක්නෙ“ පඩිපෙල නැග ඌ වෙත ආ ග්ලෝරියා උගේ හිස අතගා සුරතල් කලාය.  

“මෙයා මගේද ඩැඩී?“ 

 “ඔව් වස්තුවේ ඌ ඔයාගේ තමයි. බලන්නෙකා උගේ සිනිඳු ලෝම දිහා. ඌ හරිම හොඳයි. ගෑනු ළමයන්ට හරි කැමතියි“ 
ග්ලෝරියාගේ මව පිළින දුන්නේ නිවසේ සිට එළියට එමිනි. 

 “එයාට සෙල්ලම් කරන්නත් පුළුවන්ද?“ 

“ඔව්. මොකද බැරි? එයාට ගොඩක් දේවල් පුළුවන් ඔයා බලන්න කැමතිද?“ 

“ෂා මාරයිනේ අපි දැන්මම බලමු. පොඩ්ඩක් ඉන්න රොබීත් කැමතිවෙයි. 
රොබී...රොබී..“    
   ග්ලෝරියා අවිශ්වාසයෙන් යුතුව කෑ ගෑවාය. තරහින් මුහුන කළු කරගත් ඈ මෙසේ කීවේ පියා දෙසට සිඟිති ඇඟිල්ල දික්කරමිනි.

“ මම දන්නවා ශුවර් එකට රොබී මාත් එක්ක තරහා ගිහින් කාමරේ ඇති. එයාව විසිවොක්ස් එකට එක්කං ගියේ නෑනෙ. තාත්තෙ ඔන්න මම නම් දන්නෑ. ඔයාට තමයි එයාට තේරුම් කරලා දෙන්න වෙන්නෙ. එයා මම කියන අහන්නෑ. ඔයා කිව්වොත් නම් හරි තමයි. “  

   වෙස්ටන් මහතා ගේ දෙතොල් තද විය. ඔහු බිරිඳ දෙස බැලූවද ඈ ඉවත බලා ගත්තාය. ග්ලෝරියා ආපහු හැරී ඉක්මනින් යට තට්ටුව වෙත පිය නැගුවේ කෑ ගසමිනි. 

“රොබී..අනේ එන්නකෝ ඇවිත් බලන්න මමීයි ඩැඩීයි මොනවද මට ගෙනත් තියෙන්නෙ කියලා. එයාලා මට බල්ලෙක් ගෙන්නලා රොබී“ 

ඊළඟ මිනිත්තුවේදී ඈ ආපසු ආවේ බියමුසු දෑසකිනි. 

“මමා රොබී කාමරේ නෑනේ. එයා කොහෙද ගියේ? “ 

   ඈට උත්තර කාගෙන්වත් ලැබුනේ නැත. ජෝජ් වෙස්ටන් හදිසියේ ආ කැස්සක් නිසා ඈත තියන වලාකුලක් දෙස අරමුණකින් තොරව බලා සිටින්නට විය. ග්ලෝරයාගේ ස්වරය හැඬුමට ආසන්න වී තිබුනි. 

“මමා රොබී කොහේද?“ 

මිසිස් වෙස්ටන් ග්ලෝරියාගේ මුහුණ තම මුහුණ හා එක මට්ටමට සිටින තෙක් වාඩි වී ඇගේ ඔළුව පිරිමැද්දාය. 
“තරහා වෙන්න එපා ග්ලෝරියා. රොබී යන්න ගිහින් මම හිතන්නෙ“  

“යන්න ගිහින් ? කොහෙද? එයා කොහෙද ගියේ මමී?“ 

“කවුරුත් දන්නෙ නෑ වස්තුවේ. එයා නිකංම යන්න ගිහින්. අපි එයාව හෙව්වා හෙව්වා එත් හම්බ වුනේ නෑ“ 

“ඔයා කියන්නෙ ආයෙත් එයා එන එකක් නෑ කියලද? “ ඇගේ ඇස් බියෙන් පිරී තිබිණි. 

“අපිට සමහර විට එයාව ඉක්මනට හොයාගන්න පුළුවන් වේවි. අපි එයාව දිගටම හොයමු. ඒත් එතකං ඔයාට මේ ලස්සන බව්වා එක්ක සෙල්ලම් කරන්න පුළුවන්නේ. බලන්නකෝ එයා දිහා. එයාගේ නම විජ්ජු. එයාට-“ 
   එහෙත් ග්ලෝරියාගේ දෑස් කඳුලින් පිරී තිබිණි. 

“මට මේ කැත බල්ලා ඕනි නෑ. මට රොබීවයි ඕන. අනේ මට රොබීව හොයලා දෙන්න“ 

ඇගේ සිතුවිලි වචන වලට හරවන්න බැරිතරම් ගැඹුරු වූ බැවින් ඈ ඉකිගසමින් වැලපෙන්නට වූවාය. 

ඊළඟට මොකද වුනේ? මිසිස් වෙස්ටන් මොකද කරන්නෙ? අපි ඊළඟ කොටසින් බලමු. 

පින්තූරය : http://robotics.youngester.com/2011_12_08_archive.html

49 comments:

  1. මට මෙහෙම කතාවක් හීනෙන් වගේ මතකයි... කාලෙකට ඉස්සර කියවලා තියනවද මංදා.. හොඳයි වැඩේ රූ..

    විජ්ජු ??? ඔයාද මේ නම දැම්මෙ ?

    ReplyDelete
    Replies
    1. ම්..මේ කතාව කියවලා තියෙන්න ඉඩකඩ හොඳටම වැඩියි සෙන්නා..මොකද ඇසිමෝව්ගේ පළවෙනි රොබෝ කතාවනේ..

      මේක එයා ලියලා තියෙන්නේ අවුරුදු 19දී..පරිවර්තනය කරගෙන යද්දි එයාගේ ඒ දක්ෂතාවයට අපිට අලගු තියන්නත් බෑ..

      විජ්ජු කියලා නම දැම්මට ඉංග්‍රීසියෙන් තියෙන්නේ lightning කියලා..:)

      Delete
    2. ඔහ් හෝ... විජ්ජු කියන්නෙ ඒකද ? දන්නවද විජ්ජුලතාවිය ගැන..?

      Delete
    3. විජ්ජුලතා කියන්නෙත් අකුණු වලටම තමා මධුර කියන විදිහට නම් ඔන්න..

      Delete
    4. නෑ නෑ මම කිව්වෙ මෙයා ගැන..

      http://www.youtube.com/watch?v=ifIPdvWAB1Q

      අහලා තියනවද ?

      Delete
    5. අම්මෝ..හරි බයානකයිනේ..මෙච්චර දරුණු වචනයක් කියලා නම් මම දැනං හිටියේ නෑ..:D

      Delete
  2. // මට සුපර් මාකට් එකට ගිහින් නිදහසේ ෂොපින් කරන්න ඕන. //

    හැක් හැක් මෙන්න මෙයාට දැම්මම පොඩ්ඩිව ආවේස වෙලා... :-)

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නෙ..ඔයත් එක්ක බෑ සෙන්නා..
      නෑ මේක ඇත්තටම කතාවෙ තියන කෑල්ලක්..

      ඔයා පෝස්ටුව දානකම් බලන් ඉන්නවද? හැමදාම පෝස්ටුව දාන පමාවෙන් කමෙන්ට් කරන්නෙ කොහොමද?හික්ස්..

      Delete
    2. අපි රොබීව ඔයා පස්සේ පන්නනවා. එයා එක්ක ඔය රහස් බෑ...:)

      Delete
    3. ම්..මොකද්ද මේ රහස..
      @පොඩ්ඩි,
      ම් එහෙම කරන්න වෙයි වගේ..:-)

      Delete
  3. අනේ මට නම් රොබී ගැන දුකේ බෑ. ලමයින්ට ඕනේ විදියට හැදෙන්ට දෙනවා පොඩ්ඩි නම්....

    අර වෙස්ටන් නෝනා මහ නපුරු කෙනෙක්...:(

    ReplyDelete
    Replies
    1. ළමයින්ට ඕන විදිහට ඉන්න තියෙන්න ඕන අඩුම ගානෙ පොඩි කාලෙදිවත්..මාත් එකඟයි පොඩ්ඩිට..
      වෙස්ටන් නෝනට මාත් කැමති නෑ අප්පා..:)

      Delete
  4. කතාව ඔක්කොට ඉවර වුනා පස්සේ , එකතු කරගන්නයි හිතාගෙන ඉන්නේ ..වැඩියත්ම අපේ ලොක්කිට මේ කතාව රසවැටිල ...

    දිගටම ලියන්න අපි එනවා කියවන්නට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ්..
      ඔන්න පරක්කු වෙලා වුනත් ඊළඟ කොටසත් දැම්මා..

      Delete
  5. // ජෝජ් වෙස්ටන් තමන්ගේ බිරිඳට බොහෝ සේ ආදරය කල බව මම පෙරත් කීවා ඔබට මතක ඇතැයි සිතමි. වඩා නරකම දෙය වූයේ ග්‍රේස් වෙස්ටන් මේ බව දැන සිටීමයි. අවසාන වශයෙන් ගත් කල ඔහු ද අනෙක් බොහෝ ස්වාමි පුරුශයන් මෙන් අසරණ විය.

    …අයියෝ... මේක හරිම අසාධාරණ ලෝකයක් නේද අක්කේ?

    ReplyDelete
    Replies
    1. හික්ස්..ස්වාමි පුරුෂයෝ ඒ කාලේ ඉඳන්ම අසරණයි වගේ..මේක ලියලා තියෙන්නෙ 1939දි නේ..

      අනේ ලහිරු මාව ඕවට ගාව ගන්න එපා ඔන්න..

      Delete
  6. මට මේ කතාවම මග ඇරිලා අක්කේ... මුල ඉඳන් කියවනවා අද ගෙදර ගිහිං....

    ReplyDelete
    Replies
    1. කතාව ඉවර වෙන්න තව ටිකක් තියනවා යාළු මාළු..ඉවර වුනාමම කියෙව්වොත් ලේසි වේවි..

      Delete
  7. AI eke aheta kanndhulak inuwaa ...robee wenuwen aayimath...

    ReplyDelete
    Replies
    1. රොබීගෙ චරිතෙ තව ඉවර නෑ..දිගටම එන්නකෝ..

      Delete
  8. රූ සිරිනි;
    අද තමයි ඔන්න මට වෙලාවක් ලැබුනෙ මේ ටික කියවන්න. හරිම ලස්සනයි. රොබී ගැන මටත් දුකයි. අපිවත් පොඩි කාලෙට අරන් ගියා වගේ. //“මට මේ කැත බල්ලා ඕනි නෑ. මට රොබීවයි ඕන. අනේ මට රොබීව හොයලා දෙන්න“ //

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දි..
      දිගටම එන්නකෝ..ලස්සන සරල කතාවක්..

      Delete
  9. මේ දවස්වල කොළඹ බුක් ෆෙයාර් එක නිසා වැඩිය බ්ලොග් කියවන්න බැරිවුනා.මේ දවස්ටිකේම අතරමං වෙලා හිටියේ පොත් අතරේ..ඒ නිසා..රූ ගෙත් පෝස්ට් කීපයක්ම මග හැරුනා.

    රොබී ජිවමාන කරලා ලියලා රොබී වගේ කෙනෙක් පැනල ගිහින් සමාජයට එකතු වුනාම මොනවා වෙයිද? අර පිනෝකියෝ ට වුනා වගේ කරදරේක වැටෙයිද මංදා..

    ReplyDelete
    Replies
    1. පරණ කතාව කියවලා එන්නකෝ..බිසි අඩු වුනාම..
      අනේ මන්දා දයානන්ද..ඔය ප්‍රශ්න එකකටවත් උත්තර දෙන්න බෑ..දිගටම එන්න කියන්න විතරයි පුළුවන්..

      Delete
  10. අනේ මත නං එපා මේ කැත බල්ලා.මත මගේ රොබීමයි ඕනේ. දුන්නැත්තං ඕං මං තලාම තලායි, හලී..!!

    ReplyDelete
    Replies
    1. අයියෝ ඔයා අඬන්න ඔට්ටු නෑ..

      Delete
  11. හ්ම්හ්, සම්ප්‍රදායික දුශ්ඨයා සහ වීරයා වීරයා චරිත මාරු කරගෙන...!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හෑ...ඒ මොකද එහෙම කිව්වෙ?..
      බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා..

      Delete
  12. :) පරක්කු උනා එන්න ටිකක්..කොටස් දෙකක්ම තිබුනා කියවන්න.
    හ්ම්ම්..හ්ම්ම්..ඔහොම ලියමු.මම කැමතියි කතාවට.ජය! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරූ..දිගටම එන්නකෝ..ඉතුරු ටිකත් කියවන්න..

      Delete
  13. කොහොම හරි කුමන්ත්‍රණකාරි දිනුවා.

    ReplyDelete
    Replies
    1. ඒක තමා ගිම්..ඒත් හැමදාම නරක අයට දිනන්න බෑනේ..

      Delete
  14. Replies
    1. ස්තුතියි සංජය..

      Delete
  15. අපෝ අර වෙස්ටන් නෝනා නම්.... යූක්... ඩිස්ගස්ටින් !

    ReplyDelete
  16. මන් හිතුවා ඕක වෙයි කියලා...බලමුකෝ ඊ ලඟට වෙන දේ..

    ReplyDelete
    Replies
    1. හික්ස්..බලමු බලමු සයු..

      Delete
  17. හිතුවේ නැති දෙයක් උනේ.. බලමු මොකෝ වෙන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ්..අපි බලා ඉමු රොබීට මොකද වෙන්නෙ කියලා..

      Delete
  18. කතාව මග ඇරුනා.මුල ඉඳන් කියවන්න ඕන!

    ReplyDelete
    Replies
    1. Onna ruu adai mama awe oyawa balanna. Oyalage post hamadama mata ayya kiyawanawa. Ape panchita oyage kathath kiyala denawa. Onna dan eya kiyanna kilin mama panchita kiyala denawa. Eya hari asawen ahagena inne. Aththatama lassanai me kathawa.

      Delete
    2. කියවලා එන්නකෝ සහෝ..

      Delete
    3. @ නංගි බබා,
      ගොඩක් සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට..ඔයා ගැන නම් අපි ගොඩක් විස්තර දන්නවනේ..:)
      චූටි දෝනිත් මේ කතාවට ආසයි කියලා දැනගත්තාම හරිම සතුටු හිතුනා..
      දිගටම එන්න..කතාවෙ තව කොටස් කීපයක්ම තියනවා..ඉඩ ලැබුනු හැම වෙලේම පළකරන්නම්..

      Delete
  19. කතාව මම හිතාගෙන ඉන්නවට වඩා වේගෙන් ඇදෙනවනේ අප්පා.. අර ෆිල්ම් එකේ නම් තිබ්බා බයිසන්ටේනියන් මෑන් ලී වලින් වඩු වැඩ කරන සිද්ධි එහෙමත්.ඒකක තිබ්බා ඇඟිල්ල කපලා යන සිද්ධියකුත්...

    අනික ඒ ෆිල්ම් එකේ හැටියට රොබෝ හදපු විද්‍යාඥයෝ හොයාගන්නවා මේ රොබෝට හිතීමේ හැකියාව ඉබේ ඇවිත් කියලා.ඒක එයාලා බලාපොරොත්තු වෙන දෙයක් නෙමේ නිසා එයාව ගෙන්නගෙන පරික්ෂා කරනවා... තව කොටස් දෙකකින් මොකක් වෙයිද මන්දා හැබැයි අක්කේ මටනම් හිතෙන්නෙම මේ කතාව අර ෆිල්ම් එක වගේමයි

    ReplyDelete
    Replies
    1. මේ චිත්‍රපටිය හොයාගන්න ඕන..ලස්සන එකක් වගේ..

      ම් මේක ඒ චිත්‍රපටිය නෙවි මල්ලි..පළවෙනි පෝස්ටුව බලන්නකෝ..මේ කතාවෙන් චිත්‍රපටියක් හදන්න අමාරුයි..එච්චර දිග නෑ..

      Delete
  20. පස්සේ ආ එක හොඳයි.. මට ඔක්කොම එක හුස්මට කියෙවුවහැකි..

    ReplyDelete