Sunday, March 4, 2012

පුස් තකා 4: තෙල් බිංදු අතර රැඳි සතුටේ රහස

               එක්තර කඩ කාරයෙක් තමංගෙ පුතාව ලෝකෙ ඉන්න ඥාණවන්තම මිනිහා ළඟට යැව්වා සතුටේ රහස දැනගෙන එන්නයි කියලා. කාන්තාරය හරහා දවස් හතලිහක් තිස්සේ ඇවිදං ගිය ළමයා අන්තිමේදි කඳු ගැටයක් මුදුනේ ඉදිකරලා තිබුණ අලංකාර මාළිගාවක් ළඟට ආවා. අන්න ඒකේ තමයි ලෝකෙ හිටපු ඥාණවන්තම මිනිහා ජීවත් වුණේ.
               ශාන්තුවර මනුස්සයෙන් හමුවීම කොහොම වුනත් අපේ වීරයා මාළිගාවේ ප්‍රධාන කාමරයට ඇතුල් වෙනකොටම දැක්කා මහ කඩිසර කමක ගිලුණ වටපිටාවක්. වෙළෙන්දො ඇතුළට යනවා එනවා. මුළු මුළු වල මිනිස්සු කතා බහේ පැටලිලා ඉන්නවා. ඒ වගේම කුඩා සංගීත කණ්ඩායමක් බොහෝම ළයාන්විත වාදනේක යෙදිලා. ඒ විතරක් නෙවෙයි ඒ පළාතෙ තියෙන රසවත්ම කෑම බීම පිරුණ පිඟන් වලින් වැහිලා ගිය මේසෙකුත් එතන තිබුනා.


                මේ අතරෙ ලෝකෙ ඉන්න ඥාණවන්තම මිනිහා එතන උන්න හැමෝම එක්ක කතාබස් කළා. ඉතිං අපේ යාලුවට සිද්ද වුනා ඔහුගේ අවධානය ලබාගන්න හරියටම පැය දෙකක් තිස්සේ බලා ඉන්න.
ළමයා මෙහාට ආපු කාරණාව බොහොම සාවධානව අහං හිටිය ඥාණවන්තම මිනිහා කිව්වා එයාට දැන්නම් ඔය සතුටේ රහස ගැන කීයා දෙන්න වෙලාවක් නැතිය කියලා. ඒ නිසා එයා ළමයාට කිව්වා මාළිගාව ඇතුලෙ ඇවිදලා විස්තර බලා කියාගෙන දෙපැයකින් ආපසු එන්න කියලා.
http://www.foodpictures.org/

                 හැබැයි එහෙම ඇවිදින ගමන් ඔයා පොඩි වැඩක් කරන්නත් ඕනෑ. තෙල් බිංදු දෙකක් දාපු හැන්දක් ළමයගේ අතට දෙන ගමන් ඥාණවන්ත මිනිහා කිව්වා. ඇවිදින අතරේ ඔයා මේ හැන්දත් අතේ තියාගන්න ඕනෑ. හැබැයි තෙල් බිංදුවක්වත් බිම වැටෙන්න දෙන්න බෑ.
                ඔන්න ඉතින් මේ විදිහට ළමයා තෙල් හැන්ද දිහා බලාගෙනම මාළිගාව ඇතුලෙ තිබ්බ හැම පඩිපෙළකින්ම නැග නැග බැහැ බැහැ ගියා. දෙපැයක්ම ගෙවුනාම එයා ආයිත් ආවා ඥාණවන්ක මිනිහා හිටපු කාමරේට.
“හරිම අපූරුයි නොවැ.“ ඥාණවන්නත මිනිහා කිව්වා. 
“මගේ කෑම කාමරේ එල්ලල තියන අර පර්සියානු බිත්ති සැරසිලි ටික දැක්කද? උද්‍යාන ශිල්පියෙකුට හදන්න විතරක් දහ අවුරුද්දක් ගතවෙච්ච මගේ උද්‍යානෙ දැක්කද? මගේ පුස්තකාලෙ තිබ්බ කදිම කඩදාසි හෙම දැක්කද?“
             අපහසුවට පත් ළමයා තමා මේ කිසිම දෙයක් නොදුටු බව හෙළිදරව් කළේය. ඔහුගේ සම්පූර්ණ අවධානය යොමුව තිබුනේ ඥාණවන්ත මිනිසා විසින් විශ්වාසයෙන් භාරදෙන ලද හැන්දේ තිබූ තෙල් බිංදු දෙක ඉහිරෙන්නට නොදී රැක ගැනීම කෙරෙහිය.
“හොඳයි,දැන් එහෙනම් ආපහු ගිහින් මගේ ලෝකයේ තියන ආශ්චර්යයන් දැක බලාගෙන එන්න.“
ඥාණවන්ත මිනිසා කිව්වා.
“මිනිහෙකුගේ ගේ දොර ගැන දන්නෙ නැත්නම් ඔයාට බෑ ඒ වගේ කෙනෙක් ගැන විශ්වාසය තියන්න.“
            ඥාණවන්ත මිනිහගේ කතාවෙන් සැනසීමට පත්වුන ළමයා දෙවැනි වතාවෙදි හැන්දත් අතේ තියානම බිත්තිවල තිබුණ ලස්සන චිත්‍ර දිහා බල බලා මාළිගාව පුරා ඇවිද්දා. උද්‍යාන වටේට තියෙන කඳු,මල් අලංකාරය මේ හැමදේම දැක බලාගත්ත ළමයා ඒවා තේරීමට සමත්වූ රසිකත්වය ගැන පුදුම වුනා. අන්තිමේදි ආපහු ඥාණවන්ත මිනිහා ළඟට ආව ළමයා තමුන් දැකපු හැමදේම විස්තර කරලා කිව්වා.
“එත් කෝ මං අර ඔයාට පරිස්සම් කරගන්නය කියලා දුන්න තෙල් බිංදු දෙක?“ ඥාණවන්ත මිනිහා ඇහුවා.
හැන්ද දිහා එතකොට බලපුවාමයි ළමයා දැක්කෙ තෙල් ටික ඉහිරිලා ගිහින්ය කියන එක.
“බොහොම හොඳයි. මට ඔයාට දෙන්න තියෙන්නෙ එකම එක අවවාදයක් විතරයි.“
ඥාණවන්තයින් අතර ඥාණවන්තයෙක් වුණ ඒ මිනිසා කිව්වා.


“සතුටේ රහස කියන්නෙ වෙන මොකවත් නෙවෙයි. තමුං අතේ තියන තෙල් බිංදු ඉහිරවා ගන්නෙ නැතිව ලෝකෙ තියන අසිරිය බලාගන්න එකටයි. “

(අද පුස්තකාව උපුටා ගත්තෙ චූලානන්ද සමරනායක විසින් පරිවර්තනය කල විදර්ශන ප්‍රකාශන ප්‍රකාශයට පත් කල පවුලො කොයියෝ විසින් රචිත ද ඇල්කෙමිස්ට් කෘතියේ සිංහල පරිවර්තනය “සන්තියාගේ නම් සැරිසරන්නා“ පොතේ 37-40 පිටුවලින්)

2012/04/19
පවුලො කොයියෝගේ බ්ලොග් අඩවියේ අද මෙසේ පළවී තිබුනා.

48 comments:

  1. ආදර්ශයට ගත්තා..

    තෙලුත් දන් ගණන් නේද?

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ..තෙල් ටික පරිස්සං කරගන්න කියලා..
      ස්තුතියි මේ පැත්තේ ආවාට

      Delete
  2. හරි අපූරු උපුටාගැනීමක්. මේ කතාව තුළ ඉගන ගන්න තියෙන දේ බොහෝමයි. අවට විසිතුරු දැක විඳිගැනීමත්, තමා සතුදේ ආරක්ෂා කර ගැනීමටත් කියා‍දෙන හොද කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම..
      රස්සාවට ලංකාව පුරා සැරිසරන්න අවස්ථාව ලැබිලත් සමහර ලස්සන තැන්වල අසිරිය විඳගන්න ඉඩ හසරක් නොලැබුනු එක මතක් වෙලයි මේ කතාව ලිව්වෙ..

      Delete
  3. හැබැයි ඉතින් දෙකම එකට කරන්ට බෑ නේද? :D

    ReplyDelete
    Replies
    1. අමාරුයි තමයි..ඒකනෙ සතුට රැක ගන්න අමාරු වෙන්නෙ..:D

      Delete
  4. තෙල් ගණන් නේ අප්ප ඒක නිසා කොහොමත් ඒක ඉහිරෙන්නේ නැහැ...අවට විසිතුරු නම් කොකොමත් බලනවානේ හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මේ වගේ ළමයින්ටත් කියවන්න මමත් දත කාගෙන පෝස්ටුවක් ලිව්වනේ..
      මටම ගහගන්න හිතෙනවා..

      හික්ස් ස්තුතියි පුබුදුවා මේ පැත්තෙ ආවාට..

      Delete
    2. අපි හොද ලමයින් වෙමු

      Delete
    3. අපි නොදන්න චෙස්..නෑ..නෑ.. පුබුදුවා කිව්වලු..මම නම් අයියගෙ පෝස්ටුව කියෙව්වා..

      Delete
  5. කරන්න පුලුවං වෙයිද ඔය දෙකම එකට ???

    ReplyDelete
    Replies
    1. ගොඩක් අමාරුයි ඕනයා..ඒත් අපි උත්සාහ කරොත් බැරි නෑ....
      ඒත් ගොඩක් වෙලාවට තෙල් බිංදුව බලාගන්න ගිහින් ලෝකයක් තියනවද කියලත් අමතක වෙනවා..

      Delete
  6. කාලෝචිතයි නොවැ.. තෙල් ගණන් කාලේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..තවත් ගණං යයි නොවැ ඉස්සරහට

      Delete
  7. ආදර්ශමත් කතාවක්... අපූරුයි... ඔයත් ලියන්න මේ වගේ කතා...

    ReplyDelete
    Replies
    1. තැන්කූ නගේ..මෙහෙම කතා ලියන්න උත්සාහ කරන්න නම් තෙල් හැන්ද අතේ තියන් ඇවිදින් නැතුව ඉදින්න වෙයි..හික්ස්..

      Delete
  8. හැන්ද තියලා සිරි නරඹලා ඊට පස්සේ හැන්ද අරගෙන යන්න බැරිවෙයිද දන්නෑ....

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරලා බලන්නකෝ..බැරිවෙන එකක් නෑ..

      Delete
  9. තෙල් ටික සුරයකට දාගත්තා නම් ඉවරයි නෙව.
    මාත් මේ කතාව ආදර්සෙට ගත්තා ඕං

    ReplyDelete
    Replies
    1. එහෙනම්..මල්ලි හොඳටම ආදර්ශෙ හිතට අරන් නොවැ..
      මල්ලිගෙ මොලේ තමා දවසකට වත් මොලේ..පව්ලෝ කොයියෝ මසුරං ඔබාවි කටේ..

      Delete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ගෙදර ඉස්සරහා බල්ලෙක් ජරා කලාම එහෙමම තියන සිරිතක් නැති නිසා මම හෝදලා දැම්මා ඔන්න..

      Delete
    2. පව් අප්පා ඒකා ඕක දිහා සැරින් සැරේ බලල උගෙ වීර ක්‍රියාව ගැන කොයි තරං සන්තෝෂ වෙන්න ඇද්ද ? ඔයා උගෙ සතුට විනාස කරල කාලකන්නි සතුටක් ලැබුව එක කොයි තරං වැරදිද ?

      Delete
    3. අපොයි..ඒක තමා..වස වැරැද්ද..!!

      Delete
  11. අපූරු ඔවදනක් අක්කේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මලේ..ගොඩක් දේවල් හිතන්න ඉතුරු කරපු කතාවක්

      Delete
  12. ශ....කථාව කියවල ඉවර වෙලා, කොමෙන්ට් බලන කොට තෙල් ටික හැලුනනේ එකපාටටම, ඇනෝ කොමෙන්ට් එක දැකල තිගැස්සුන පාර :-)

    ReplyDelete
    Replies
    1. හික්ස් අයියෝ අපරාදෙ..ඇනෝලව ඔච්චර සීරියස් ගන්න නරකයි..
      කොහොම වුනත් අළුත් තෙල් ටිකක් අරගෙන ආයෙත් රත්තරං ආකරයක් බලන්න ගියොත් නරකද?

      Delete
  13. “සතුටේ රහස කියන්නෙ වෙන මොකවත් නෙවෙයි. තමුං අතේ තියන තෙල් බිංදු ඉහිරවා ගන්නෙ නැතිව ලෝකෙ තියන අසිරිය බලාගන්න එකටයි. “

    මට නං මේක එච්චර දිරවන්නැ. මං හිතන්නෙ හොඳම විදිහ තෙල් හැන්ද පැත්තකින් තියලා ලොකෙ අසිරිය බලලා නැවත තෙල් හැන්ද අරගන්න එක. අසිරිය බලන්න වෙනම වෙලාවක් තියාගන්නවා. එතකොට හරිනෙ. දෙකම එකට කරන්න ගියාම එකකවත් හරියට කරගන්න බෑනේ....

    ReplyDelete
    Replies
    1. මේ කතාව එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස් බුද්ධි,
      මම මේ ගැන හිතුවෙ තෙල් බිංදුව කියන්නෙ අපිට ජීවත් වෙන්න තියන ජීවනෝපාය හැටියට..එහෙම බැලුවොත් මට නම් හැන්ද බිම තියලා ජීවත් වෙන්න අමාරු වෙයි..
      ඔයත් හිතලා බලන්නකෝ..

      Delete
  14. දෙකම එක පාර කරන එක තමා අමාරු නේද???

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නිසූ...
      අපි හැමතිස්සෙම සතුටෙන් නැත්තෙත් මේ හේතුව නිසා වෙන්න ඇති..

      Delete
  15. මේ කරන දේ නම් නියමයි අක්කේ....

    ReplyDelete
    Replies
    1. තැන්කූ මලේ..මේ පොත් හොයාගෙන කියවන්න උදව්වක් වෙයි කියලා හිතනවා..

      Delete
  16. ඉස්සර නම් කැම්පස් එකේදි අළුතෙන් එන උන් ට තෙල් ගහන්නේ බවුසර් පිටින්, හැලිලා ඔහේ අපතේ යනවා... අර තෙල් ටික ඔලුවට දාගෙන වටපිට බලබල ගියානම් ඉවරයිනේ! නියම කතාවක් අක්කේ!

    ReplyDelete
    Replies
    1. ඒක සැබැයි..මොනවා කියන්නද මේවට..මේ කස්ටිය ඔක්කොම හොයන්නෙ තෙල් ටික ළඟ තියාගන්න විදියක්..

      Delete
  17. "සන්තුෂ්ඨි පරමං ධනං" කීවේ නිකං යෑ නේද රූ නෝනේ...?

    ඉතින් ඒ වගේ ලොකු ධනයක් ලේසියෙන් ලැබෙන්නෙ නෑ නෙව...

    මේ ඩිංගටත් හැන්ද පැත්තකින් තියල පින්තූර බලන්න, තෙල් සුරවලට දාගන්න, වාගේ කෙටි ක්‍රම හොයන හැටියක් අම්මපල්ල :-)...

    ඔය කෙටි ක්‍රම වලට ලස්සන බලන්න ගිය අපේ අයට නවාතැන් කිහිපයක් තියේ.. එකක් බෝගම්බර...

    ReplyDelete
    Replies
    1. වැඩ කරලා හති වැටුනු හැම වෙලාවෙම මහන්සිය නිවා ගන්නෙ මේ කතාවෙන්..
      අපි එක එක්කෙනාට මේ කතාව දැනෙන විදිහ වෙනස් තිස්ස..

      කොහොම වුනත් ඔබ කියපු දෙයින් මේ කතාවෙ අළුත් පැත්තක් පෙනුනා..

      Delete
  18. මේ වැඩේ කරන්න අපහසුයි කියලා පේන එකෙන්ම තේරෙනවා සතුට ලබාගන්නත් කොච්චර අමාරුද කියලා....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..ඒ නිසා තමයි අපි සතුට රැක ගන්න මහන්සි වෙන්න ඕන..

      Delete
  19. මොන තෙල්ද දන් නෑ :) මොනදේ කලත් අවධානය, ඉලක්කය නැති කර ගන්න එපා කියන දේ තමා බූඩි හිතුවේ.
    ලස්සන කතාව බූඩි මීට ඉස්සෙල්ලා අහලා නෑ, කාලේ පොඩ්ඩක් මැනේජ් කර ගත්තොත් දෙකම එකපාර කරන්න පුලුවන් වෙයි !

    ReplyDelete
    Replies
    1. උත්සාහවන්තයා ජය ගනී කියලා කතාවක් තියනවනේ බූඩි..

      Delete
  20. උගන්වනවාට වඩා ඉගෙන ගන්න හරින එක තමා වඩාත් සාර්ථක :)

    පාවුලෝ කොයියෝගේ පොත්වල මේ විදිහට ජීවන දර්ශනය කියන එක හරි අපූරුවට උගන්වනවා. ඒක අපි ඉගෙන ගැනීමයි වටින්නේ

    ReplyDelete
    Replies
    1. හසිතගෙ කතාවට 100%ක් එකඟයි..
      අපිම ඉගෙන ගත්තොත් මිසක් ලෝකෙ ඉන්න හොඳම ගුරුවරයා ආවත් වැඩක් නෑ..

      Delete
  21. අදමයි ආවෙ මේ පැත්තට. ආදර්ශමත් කතාවක් නේ. ජය!!

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වෙල්කම්..
      ගොඩක් ස්තුතියි...

      Delete
  22. කලින් අහලා තිබ්බෙ නැති කතාවක්. මටනම් හිතෙන්නේ ඔය දෙකම එක පාර කරන්න බෑ. මම නම් තෙල් බිංදු අමතක කරලා සිරි විඳිනවා! :)

    ReplyDelete
    Replies
    1. කියන්න ලේසියි..ඒත් සතුටේ රහස දැනගන්න පුළුවන් වෙන්නෙ මේ කියන විදිහට කලාම..

      Delete