ටීටා හා පේඩ්රෝ |
මෙක්සිකෝවෙ ඈත ගමක ජීවත් වුනු ටීටා ළූණු කපද්දි ඇස්වලින් කඳුළු කැට කඩා වැටුනේ....
- දුටුව ගමන් ආදරයෙන් බැඳුනු (love at first sight) පේඩ්රෝ තමන්ගේ එකම සොයුරිය හා විවාහ වුනු නිසාද?
- පවුලේ බාල දරුවා විවාහ නොවී අම්මාව බලාගෙන සිටිය යුතු යැයි කියන අසාධාරණ පවුල් සම්ප්‍රදාය නිසාද?
- තමන් හදන කෑම වලට තමන්ගේ සිතුවිලි මුසු කොට රස වෙනස් කල හැකි බව ටීටාට මතක් වූ නිසාද?
- තම සොයුරිය රොසලීන් තම ආදරවන්තයා සමඟ විවාහ වූ දවසේ ඇගේ කඳුළින් පිළියෙල වූ කෑම වේල නිසා එයා අනුභව කල හැමෝටම වමනය ගිය නිසාද?
- රොසලීන් හා පේඩ්රෝ තමන්ගේ ඇඳ මත එක්වෙනු මනසින් දුටු නිසාද?
- ඉඳහිට නිවසේ තනිවනු මොහොතක පේඩ්රෝගේ උණුසුම් සුසුමන් යළි යළි සිහියට නැගුනු නිසාද?
- සෑම විටම තමා දෙස සැකයෙන් බලන මමා එලීනාගේ රකුසු දෑස් මතක් වූ නිසාද?
- කුස්සියේ ඉපදී කුස්සියටම සින්න වූ ජීවිතය එපා වූ නිසාද?
- කොමඩු ගෙඩිය හරි සමාන කෑලි වලට බිඳින්න වගේම ආදරය කරන තමන්ගෙ හදවත බිඳින්න පුළුවන් මමා එලිනාගේ නපුරු උකුසු ඇස් මතක් වූ නිසාද?
- රොසලීන්ට ලැබුනු දරුවාට ආදරයෙන් තමාගේ ලෙය කිරි වූ අයුරු සිහිවූ නිසාද?
- ආදරය බලාපොරොත්තු වූ දෑස් තමන් වෙත රඳවාගෙන තමන්ගේ සිත සුවපත් කරන්න පුළුවන් වූ දොස්තර ජොන්ට තමන්ගේ ආදරය දෙන්න නොහැකි වූ නිසාද?
- තමන් ගැන මේ තරම් අපූරුවට ලෝරා එස්කුවෙල් ලියපු පොත කියවන්න බැරිවෙන නිසාද?
- පේඩ්රෝ වෙනුවෙන් තමන්ගේ හිතේ කැකෑරෙන ආදරය ලෝරා චොකලට් බීමකට ගැලපෙන වතුරකට සමාන කරපු නිසාද?
- තමන් ජීවත් වුනු කාලයෙන් අවුරුදු සීයකට දෙසීයකට පස්සෙ තමන්ගෙ මුළු ජීවිත කතාවම ලෝකෙටම බලන්න පුළුවන් වෙයි කියලා හිතේ කොනක පුංචි බලාපොරොත්තුවක් තිවුන නිසාද?
චිත්‍රපටියෙ පින්තූරු |
ඒක බලන්න කලින් මේ බූන්දියෙ තිවුන මේ පොස්ටුවත් ටිකකට කියවලා ඉන්නෝ..
පින්තූරු අනුග්‍රහය:
http://www.motionpictureart.com/Como-Agua-para-Chocolate-Like-Water-for-Chocolate-Lobby-Card-Se-p-10174.html
http://odessa.ie/event/movie-club-like-water-for-chocolate/
film එක බලලා පොත හොයාගෙන කියෝනවා...
ReplyDeleteඒක හොඳයි අනිත් පැත්තට කරන්න එපා..
Deleteස්තූතියි මේ ගැන කිව්වට..
ReplyDeleteචිත්‍රපටිය බැලුවා වගේ තමා උඩ සමරිය කියවපුවම.. දීලා තියනවා රිදෙන්ඩ..
සම්පූර්ණ සමරිය නෑ සෙන්නා..බාගෙනම බලන්නකො...
Deleteස්තුතියි මේ පැත්තෙ ආවාට..
ෆිල්ම් එක නම් බැලුවා.
ReplyDeleteමම හිතන්නේ ස්පේන් ෆිල්ම්ස් වල තියෙන අර අමුතු ගතියත් ඔය ආදර කතාව අස්සේ තියෙනවා.
ඇත්ත රංගි..
Deleteමම බලපු පළමු හා එකම ස්පාඥ්ඥ චිත්‍රපටියද කොහෙද..
පිස්සු වගේ.. ඕක බලන්ටම වෙයි..
ReplyDeleteම්..පිස්සු වගේ කිව්වෙ මගේ ලියවිල්ලටද සොරි සෑම්..
DeleteEla kiri
ReplyDeleteතැන්කූ..
Deleteආ මේ ෆිල්ම් එකක සමරියක් නේ දීලා තියෙන්නේ..නියමයි. හොයාගෙන බලන්න ඕන...
ReplyDeleteචිත්‍රපටියෙ මැදක් වෙනකම් විස්තර විතරයි සයුරි..
Deleteබලල රසවිදලම කියන්නකෝ..
ඔන්න ඉතින් කුතුහලය ඉස්මත්තටම ගෙනාව
ReplyDeleteබාන්න ගත්ත
තුති
.
ලස්සනම ලස්සන චිත්‍රපටියක්..
Deleteපුළුවන් නම් පොතත් කියවන්න..පොතේ තියන ලස්සන දේවල් හැම දේම විනාඩි ගානකට කෙටි කරන්න බෑනෙ..
ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නැහැ.
ReplyDeleteඅයියෝ..ඒ මොකද?
Deleteමම නම් සතියකට දෙකක්වත් බලනවා..!!!
මගේ ඔළුව විකාර උනානේ.. මේක බලන්නම ඕන..
ReplyDeleteබලලම විස්තඑ කියන්නකෝ මලේ..
Deleteමම මේ කියන්ට හැදුවේ ලූනු කපන කොට කොහොමත් කඳුලු එනවා කියන්ටයි. හී හී....
ReplyDeleteෆිල්ම් එක බලන්නම්. ලස්සන ඇති. විස්තරේට ස්තූතියි රූ.
ලූනු කතාව නම් ඇත්ත පොඩ්ඩි..ඔයා මම වගේ කුස්සිය පැත්තේ “නිතරම ගැවසෙන“ උදවිය ඕක දන්නවනේ..;)
Deleteනයි කයිද රෝස් පාන් ?
ReplyDeleteඅනේ මේ ඔය කතාවේ තේරුම කියලා දෙන්ටකෝ හොඳ ඔබා වගේ. මට ඔය කතාව තේරෙන්නේම නෑ.:D
Delete@රූ,
red onions කපන කොට කඳුලු එනවා අඩුයි. අත් දුටුවයි. සත්තයි.:D:D
කුමාරිහාමි,
Deleteනයි කයිද රෝස් පාන්? තේරුම් ගන්ඩ ලේසිම විදිහ තමා මේක.
"තණ නොඹුදිති සිංහ පැටව්!"
අරක කියන්නෙ එක ලෙවල් එකකින්, මම කිව්ව එක තව ලෙවල් එකකින්....
'ඊළඟ වංගුවෙ චාරුලතා'
Delete'ඊළඟ වංගුවෙ චාරුලතා' මම දැක්ක ඔබා මාමා මේකත් දාලා තියෙනවා..
Deleteතේරුම කියන්ඩෝ...
@ඔබා,
Deleteඅනේ මන්දා මටත් මේ කතා තේරුන්නෑ..ඇත්තමයි..හරිම ප්‍රාථමිකයි නේද?
@ පොඩ්ඩි,
රතු ළූනු ගැන කියලා මාව කඩේ යවන්නයි යන්නෙ නේද? මම අහුවෙයි ඕවට..:D
@බුද්ධි,
මට නම් ඔය තේරුම ගැන විස්වාසයක් නෑ..ඔයා ඔය ඇත්තමද කිව්වෙ..
@හරි,
මටත් තේරුනේ නැතෝ
AC/DC වගේ තේරුමක්
Deleteහැට පන්නත් වඳුරා යන්නෙ උඩින් කියන එක අහලා තියෙනවාද?
Deleteඒ වගේ තේරුමක් ගන්ඩ තමයි නයිකයිද රෝස්පාන් කියන්නෙ..
"AC/DC වගේ තේරුමක්" ඒත් තේරුනේ නෑ...
එක්කො අපි මේ තේරුම් ඇහුවා ඇති වගේ..අර අන්ධයා කිරිවල පාට ඇහුව වගේ වෙයි..
Deleteගංගා නිරෝෂනී සුදුවැලිකන්ද නෝනට මං සලකන්නෙ දේවතාවියකට වගේ. ලෝරා ඉංගල්ගෙ ලිට්ල් හවුස් පොත් ටික පරිවර්ථනය කරලා තියෙනවා බලාගෙන හිටියා වගේ...
ReplyDeleteමටත් මේ නම දැක්කම මතක් වුනේ තැනිතලාවේ පිහිටි කුඩා නිවස වගේ නමකින් පරිවර්තිත පුංචි පවුලක ලස්සන කතා පෙලක්...මම ඒක කියන්න එද්දි බුද්ධි අයියා මට කලින් වැඩේ දීලා
Delete@බුද්ධි,
Deleteමම අවවාද කරනවා පොත කියවන්න කලින් චිත්‍රපටිය බලන්න කියලා..පොතේ ලස්සන කෑලි එතකොට චිත්ත රූප මවාගෙන කියවතෑකි..
මම නම් ගංගා නිරෝශනීගෙ කැමතිම දඟමල්ල සීරීස් එකට..
@ගැමියා,
ගංගා නිරෝෂනීගෙ ප්‍රසිද්ධම සීරිස් එක ඒක තමයි..ඒත් තවත් ලස්සන පොත් තියනවා නේද?
මම ආසම කතුවරියක් තමා මේ හැබැයි මම කියවලා තියෙන්නේ තැනිතලාවේ කුඩා නිවස පොත්පෙල විතරයි ඒකෙත් තුනක්ද කොහෙද කියෙව්වේ...මේ නම දැක්ක ගමන් මතක් වුනා යෝගට් හදන හැටි,එයාලගේ අන්ධ සොහොයුරිය ගැන එහෙම...ඔයා ලියපු ටික කියවද්දි මට හිතුනා හරි හරි මේ කියන්නේ ෆිල්ම් එකේ සිද්ධිය දුවන හැටි තමා කියලා....බාගන්න ඕනේ ලස්සන ඇති...
ReplyDeleteඅයියෝ ඔයා හොඳටම පටලෝගෙන...
Deleteමේ ඒ පොත නෙවේ අප්පා..වෙන එකක්...ලුනු හා කඳුලු..
මේකෙ කියන්නේ මෙක්සිකෝවෙ සිද්දවුනු කතාවක් ගැන..උඩ තියන ලින්කු ටික බලන්නකෝ..
ෆිල්ම් එක බලලා පොතත් කියවන්න වෙනවා...
ReplyDeleteපුළුන්නම් පොත හොයාගෙන බලන්න හිතූ..ආදරය ගැන අළුත් විදිහකට දකින්න පුළුවන් වෙයි..
Deleteඅපිට මේ පෝස්ට් එක කියෙව්වට පස්සේ ගෙදර වැඩ ගොඩක් කරන්න දීලා !!! මේවායින් එකක් හරි කරලා බලමු ඈ...
ReplyDeleteටිටෝ ප්‍රෙග්නන්ට් වෙච්ච කාලෙක ගත්ත ෆොටෝ එකක්ද කොහෙද !!! හික්ස් :)
පුළුවන් එකක් කරන්නකෝ මලේ..
Deleteඅනේ කතාවෙ විදිහට ටීටා කවදාවත් ගැබ් ගන්නේ නෑ..ඒත් ආදරය අයිති කරගැනීම කියලා හිතන අපිට අළුත් දැක්මක් පෙන්නවා..
ආ... මම ඒත් බැලුවා මොකක්ද මේ කියලා ! ෆිල්ම් බලනවට වඩා මම කැමති පොත් කියවන්නයි... බලමු ලයිබ්‍රරිය පත්තේ ගිහින්වත්!
ReplyDeleteපොත තමා ලස්සනම ලහිරු..මමත් ඉස්සෙල්ලාම පොත කියවලා වැඩිපුර විස්තර හොයන්න ගිහිල්ලා තමයි ෆිල්ම් එක ගැන දැනගත්තේ..
Deleteඇත්තටම ළුෞනු කපද්දි කඳුලු එන්නෙ මොකෝ?
ReplyDeleteඅනේ මම නම් දන්නෑ හරී..
Deleteබලන්නකෝ මේ ලින්කුවෙන්වත් උත්තරයක් ලැබේද කියලා..
http://www.customs.go.jp/ccl/e_kids/4.htm
අනිවාර්යෙන්ම මේක බලන්න හිතෙන විදියට ඔයා මේක ලියල තියෙනවා රූ..කොහොමහරි මේ ෆිල්ම් එක හරි පොත හරි හොයාගන්නම ඕනි..ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට..
ReplyDeleteස්තුතියි සිත්රූ මේ පැත්තෙ ආවාට..
Deleteඋඩ තියන එක කියවගෙන යත්දී තේරුනේ නෑ. පස්සේ කියවන එක නවත්තල යටම බැලුවා. එහෙනම් චිත්‍රපටිය බලල පොත හොයාගෙන කියවන්නම වෙනවා
ReplyDeleteකියවන්න නම් ලස්සනම පොතක්..ඉවුම් පිහුම් ගැන තියෙන්නෙ..දවසක් අත්හදා බලන්න ගිහින් බඩ විරේක නොවී 99න් බේරුනේ..දකුණු ඇමරිකානු කෑම අපිට හරියන්නෑ..
Deleteස්තුතියි මේ පැත්තෙ ආවාට..
මම මේ පොත කියෙව්වා.... සිංහල පරිවර්තනය "ලූණු සහ කඳුලු"
ReplyDeleteලස්සන පොතකනේ...චිත්‍රපටියත් ඒ වගේම ලස්සනයි..
Deleteෆිල්ම් එක නම් බලන්නම වටිනවා වගේ ලිපිය කියෙව්වම....
ReplyDeleteබාගෙන බලන්න ඒත් නංගිලා මල්ලිලා අයියලා ඉන්නවා නම් පරිස්සමෙන්..;)
Deleteඔන්න මම ටොරන්ට් එක බාන්න දැම්මා.. බලලා ම බලමුකෝ...
ReplyDeletemokakda film eke nama, please, link eka open wenne nehe
ReplyDelete