http://www.sodahead.com/ |
ඉතිං අවසරද
මගෙ ලබැඳි මිතුරියේ
ඔබෙන් වෙන්ව යන්නට
මා ඔබට පෙම් කළත්
තවම මා දන්නෑ
ඔබ
මට පෙම් කළාදැයි
ඒත්
නුඹෙ ලබැඳි සෙනෙහස
මා සිත නිවා සැනසූ හැටි- මගේ තනිකම මැකූ හැටි
මට හැමදාම මතකයි
තවත් මට වරම් නෑ
ඔබෙ ලොවේ රැදෙන්නට
ඇය ඇවිත් මගෙ ලොවට
ඉතිං මා යා යුතුයි ඇය සමඟ ඇගෙ ලොවට??
නෑ........................
අපේ ලොවකට
තවත් මට වරම් නෑ ඔබ ළඟින් හිඳින්නට
ඔබ ලොවේ රැඳෙන්නට
ඔබට කවි ලියන්නට
ඒත්................
හැමදාම අපි හිඳිමු
ලබැඳි මිතුරන් ලෙසින්
෴තරූ෴
ප/ලි
තරූ අයියා මට දුන්න කවි ගොඩකින් දැන් මා ගාව ඉතුරු වෙලා තියෙන්නෙ මම ඔයාලත් එක්ක බෙදා ගත්ත මේ කවි දෙක විතරයි.
කලින් පෝස්ට් එකේ අනිත් අය දැක්ක දේවල් මම එදා දැක්ක නම් ප්‍රතිඵලය ගොඩක් වෙනස් වෙන්න තිබුනා කියලා විතරයි කියන්න තියෙන්නෙ..
කලින් පෝස්ට් එකේ අනිත් අය දැක්ක දේවල් මම එදා දැක්ක නම් ප්‍රතිඵලය ගොඩක් වෙනස් වෙන්න තිබුනා කියලා විතරයි කියන්න තියෙන්නෙ..
කවිය ලස්සනයි. තරු අයියට ලස්සනට කවි ලියන්න පුලුවන් නේ.
ReplyDeleteඇත්තටම..එයාගෙ කවි හරිම ලස්සනයි..
Deleteයෙහෙළියකසේ සොයුරියකසේ ඔබ කියන අයුරින්.......!!!!
ReplyDeleteඑහෙමම කියන්න බෑ..මොකද අපි යාළුවෙලා හිටියෙ නැති නිසා..හික්ස්
Deleteහරි ලස්සන කවි පෙලක් අක්කේ..
ReplyDeleteඒක ඇත්ත..මමත් මේ පද පේලි ටිකට ගොඩක් ආසයි..
Deleteමේක තුන්වැන්නෙකු ගේ කතාවක් නේ!
ReplyDeleteමේ කවියත්, කලින් කවියත් රූ- ට නොතේරුනේ ඇයි ද කියලා මට හිතාගන්න බෑ.
තේරුනේ නැද්ද නැත්නම් තේරිලා නොතේරුනා වගේ හිටියද නැත්නම් වෙන මොකක්වද්ද කියලා දැන් නම් මතක නෑ කතන්දර
Deleteමේ කවි ටික හමුවුනේ ආයෙත් දිනපොත පෙරළද්දි දවසක. දැන් මේ කවි ගැන තියෙන්නෙ වෙනස්ම හැඟීමක්..
ඒ වුනත් හැමදේම වෙන්නෙ හොඳටයි කියලා හිතන එක තමයි හොඳම දේ...... කවිය නම් ලස්සනයි!
ReplyDeleteඒක ඇත්ත...මේ කවිය ලියවිලා ගොඩක් කල් ගිහින් නිසා ඒ දේවල් වුනේ හොඳටයි කියන එක හොඳටම දැනෙනවා..
Deleteතරූ අයියා හොඳ කවියෙක් වගේ...
ReplyDeleteම්..ඔව්..
Deleteමම හිතන්නෙ ඒක එයාගෙ විනෝදාංශය වෙලා තිබුනෙ..
කලින්ම කීවා නම් ඉවරනේ හිතේ තියාගන ඉන්නේ නැතුව. අනෙක් අතට එහෙමනම් ඉතින් මේ වගේ කවි අපට කියවන්ට ලැබෙන්නේ නෑනේ.
ReplyDeleteලියලා තියෙන්නේ ඔයාටද? :D:D:D
කවියෙ ඔරිජිනල් එක මං ගාව තියන නිසා මේක මට ලියපු එකක් වෙන්නෝනැ..ඒකත් මතක නැති හැටි..
Deleteහපොයි...
//මා ඔබට පෙම් කළත්
ReplyDeleteතවම මා දන්නෑ
ඔබ
මට පෙම් කළාදැයි//
ලියන්නෙවත් කියන්නෙවත් නැති වුනත් කාට කාටත් ඔය අත්දැකීම පොදු ඇති.
ම්..අපි හැමෝම හිතින් පෙම් කරපු වාර නම් අනන්තවත් ඇති..
Deleteස්තුතියි මේ පැත්තෙ ආවාට..
මට මේක තේරෙන්නේ නෑ.... අක්කට පුළුවන්නම් අපි හැමෝටම කියලා දෙන්න මේකෙ තේරුම. ඒක ලස්සන පෝස්ට් එකක් වෙයි..!!!
ReplyDeleteම්..සලකලා බලමු මලේ..
Deleteදැන් නම් හිතෙනවා පහුගිය කුණු ඇවුස්ස එක එච්චර ඇඟට ගුණ නෑ කියලා..හික්ස්
හ්ම්... ඔව් නේද... ඉල්ලීම ඉල්ලා අස්කර ගන්නවා... අර පාර්ලිමේන්තුවෙ කරන්නේ ඒ විදියට...
Deleteඅයියෝ..අපි ඉතින් යාළුවොනේ...
Deleteමටත් කාලයක් මෙහෙම හිතුනා.හිතන්න එපා කාලෙකදී හරියනවා ඔක්කොම.
ReplyDeleteඔයා කොල්ලෙක්ද කෙල්ලෙක්ද? කට්ටිය අය්යා කියනවා ටික දෙනෙක් අක්කා කියනවා.මම ඔයාට ඔයා කියනවා.
කැමති විදිහට හිතාගන්න..එක අතකට අසරණයි කියන්නේ ඒකට නේ..
Deleteකොහොම වුනත් පහුගිය පෝස්ට් කීපයක් කියෙව්වොත් තේරුම් ගන්න පුළුවන් වේවි..
කවුද බොලේ තරු කියන්නේ?
ReplyDeleteඅයියෝ..ඔයා කොහෙද මෙච්චර කල් ගිහින් හිටියේ..!!
Delete"මා ඔබට පෙම් කළත් තවම මා දන්නෑ
ReplyDeleteඔබ මට පෙම් කළාදැයි"
මේ කොටස කවිය තුල හරිම කාව්‍යාත්මක යෙදුමක්. රසවත් කවි සිතුවිල්ලක්.
ස්තුතියි රචකයා වෙනුවෙන්..
Deleteමේ දෙපදය තමා මට ගොඩක් ලොකු ප්‍රශ්නාර්තයක් ඇති කලේ..
ලස්සනයි
ReplyDeleteස්තුතියි (රචකයා වෙනුවෙන්..)
Delete