Monday, March 19, 2012

කඳු කතා 2: අලට කන්න බැරි අලගල්ලේ කන්ද..-ගලක් ගැන කතාවක්

             සමහර වෙලාවට යාළුවන්ට පොඩි පොඩ් විහිළු තහළු කරලා විනෝද වෙන අවස්ථා බොහොමයි. ඒත් අනුන්ට කපපු වළේ තමන් වැටෙන වෙලාවලුත් නැතිව නොවෙයි. සරසවි ගවේෂකයොත් එක්ක කඳු නගිද්දි මේ වගේ සිදු වුණු සිද්ධි අපමණයි. මේ වගේ විහිළු දුර දිග යන තරම කොච්චරද කියනවා නම් අවුරුද්ද අන්තිමට තියන ගිනි මැලේදි ඇති තරම් මඩ ගහගෙන තව අවුරුදු කීපයක් යනකම් ඒ ගැන කතා කරලා තවත් අවුරුදු ගාණක් ගිහිල්ලා මේ වගේ බ්ලොග් එකකත් ලියවෙන්න තරම් දිගවෙනවා.  අද කඳු කතාව ඒ වගේ සිද්ධියක් ගැන.
            අලගල්ල කන්ද පිහිටලා තියෙන්නෙ මහනුවර දිස්ත්‍රික්කයේ පොත්තපිටිය ප්‍රදේශයේ. සරසවියෙ ඉඳන් පිටත් වුණොත් පැයක එක හමාරක විතර දුරක්. කොළඹ නුවර කෝච්චියෙ යන කෙනෙක් නම් ගංගොඩ කෝච්චි ස්ටේසම හරියෙ පේන කඳු වැටිය තමයි අලගල්ල කියන්නෙ. මේ වට පිටා කතාව කෙසේ වෙතත් රූට නම් අලගල්ල කන්ද මතක තියෙන්නෙ කූඩැල්ලො විමානයක් විදිහට. අනිත් හැම කන්දකම මේ මනින්නො හිටියත් මේ කන්දෙ අයගෙන් නම් කිසිම බේරුමක් නෑ.
http://www.campist.com/archives/the-north-face-patrol-35-backpack.html
         අපි එක සැරයක් අලගල්ල හයික් එක ගිහිල්ලා ඇවිල්ලා මමයි මගේ යාලුවයි ගියා අපිට අමතක වෙලා ගියපු වතුර බෝතලේ ඉල්ලගන්න හයික් එක ගියපු අක්ක කෙනෙක්ගෙ කාමරේට. බලපුවාම මනුස්සයට හොඳටම උණ. කලින් දවසෙ හොඳට හිටිය මනුස්සයාට කොහොමද  උණ හැදුනණෙ කියලා අහපුවාම මනින්නො ගණන් කරලා 28ක්ම(ගණන් කරගන්න බැරිවුණු එවුන් ඇරලා) ලේ බීලා! නිරක්තිය නොහැදුනා පුදුමයි.
         ලස්සනට ඉරපායලා කාලගුණේ හොඳට තිබුණු දවසක අපි හැමෝම අලගල්ලෙ යන්න සරසවියෙ විද්‍යා පි‍ඨෙ ළඟින් පිටත් වුණේ උදේ පාන්දර 9කුත් ගානට. 7ට එන්න කියලා පෝස්ටර් ගහලා තිබ්බත් අපි කතාබහ ඕපාදූප ඉවර වෙලා පිටත් වෙන්නෙ පැය දෙක තුනක් පරක්කු වෙලා.
         මෙහෙම යද්දි කඳු නගිද්දි අපි හැමෝම පොඩි බෑග් මල්ලක් අරන් යනවා. වතුර බෝතලේ, රේනකෝට් එක, කෑම එක,පොඩි බිස්කට් පැකට් එකක් මේ අතරෙ තියනවා. ඒත් හැමෝටම ඕන වෙන දේවල් ඒ කියන්නෙ කන්ද නගින්න ඕන රෝප් එක, ප්‍රථමාධාර පෙට්ටි, අමතර කෑම වගේ දේවල් අරන් යන්න සාමානය්‍යෙන් එකවගේ පෙනුම තියන ලොකු බැක් පැක් දෙකක් අරන් යනවා. මේ දෙක අරන් යන්නෙ කණ්ඩායමේ අන්තිමට ටේල් එකේ යන උදවිය හෝ කණ්ඩායමේ බාබානි. (බඩු බාර නිලදාරි උතුමා!) . මේ බැක් පැක් එක අරන් යන එක්කෙනාට එයාගෙ බඩු ටිකත් ඒකට දාගන්න අවස්ථාව ලැබෙනවා. වෘත්තීය කඳු නගින්නො පාවිච්චි කරන බැක් පැක් නිසා මේවා අරන් යන එක එච්චර අමාරු නෑ. ඒ බෑග් එකේ බර උරහිසට, පිටට සමානව බෙදිලා ගිහිල්ලා තියන නිසා.
            එදා අලගල්ල හයික් එක යන්නත් මේ බැක් පැක් දෙක ලෑස්ති කරලා තිවු‍ණෙ කලින් දවසේ. උදේම මේ දෙකෙන් එකක් අරන් යන්න “බී“ පොරොන්දු වෙලා තිබුනා. අනිත් එක කට්ටිය මාරුවෙන් මාරුවට අරන් යන්න තීරණය කරලා තිබුනා. “බී“ට පුංචි විහිළුක් කරන්න හිතපු “සී“ විද්‍යා පී‍ඨයේ අළුත් වැඩියාවකට ගෙනල්ලා තිබුන ලොකු ගල් ගලක් උස්සගෙන ඇවිත් “බී“ගෙ බැක් පැක් එකේ අඩියට එබුවා. අපි කීපදෙනෙක්ම මේක දැක්කත් විහිළුවේ ගතිය අඩු වෙන නිසා කවුරුත් මේක “බී“ ට කියන්න ගියේ නෑ.
           පුරුදු විදියට පොත්තපිටියෙන් බස් එකෙන් බැස්ස අපි කන්ද නගින්න පිටත් වුනා. “බී“ බැක් පැක් එක අරන් අමාරුවෙන් පෝළිමේ පහුවෙද්දි “සී“ එයාගෙ යාළුවොත් එක්ක හොරෙන් හිනාවෙන්න පටන් ගත්තා. මේ අතරේ අනිත් බැක් පැක් එක වැඩි දුරක් අරන් යන්න වුනේ “සී“ට. කට්ටිය මාරුවෙන් මාරුවට අරන් යන්න මුලදි පොරොන්දු වුනත් ඒකෙ බර නිසා අනිත් අය ඒ වැඩෙන් ටිකෙන් ටික මග ඇරියා. අපිත් කොහොමින් කොහොම හරි පුළු පුළුවන් විදිහට මනින්නොන්ගෙන් බේරිලා අපි අලගල්ල කන්ද මුදුනට ආසන්න වුනා. අපි නැග්ග පැත්තෙන් සිංහ කටක් වගේ ලොකු කුහරයක් ඇතුළින් යන්න ඕන ගල මුදුනට යන්න.
             මේ සිංහ කටෙන් නගින්න අපි කරන්නේ දෙතුන්දෙනෙක් කන්ද උඩට නග්ගලා ලණුව උඩ ගලක ගැට ගහලා ඒක දිගේ අනිත් අය නගින එක. ඉතින් ලණුව ගන්න කියලා “බී“ එයාගෙ බැක් පැක් එක ගලවලා බිම තිබ්බා. දැන්  “බී“ එයාගෙ බැක්පැක් එකේ තියන ගල දැකලා වටේ ඉන්න හැමෝටම බැනුම් කෝටියක් අහගන්න වෙයි කියලා අපි බලාන හිටියෙ හිනාව තද කරගෙන. ඒත් ඒ බැක් පැක් එකේ නෙවෙයි රෝප් එක තිවුනෙ. “බී“ කිසි කරදරයක් නොකර බැක් පැක් එකේ රෝප් එක නැති බව අනිත් අයට කිව්වා. ඒ කියන්න එයා ගල දකින්න නැතුව ඇති. අපි හැමෝම හිතුවෙ එහෙම.
           ලණුව ගන්න “සී“ බැක් පැක් එක ඇරියා. ලණුව ඇරුනාම ඒකේ තව තව ලට පට ටිකක් තිබුනා වුනත් ඒව එච්චර බර නැති නිසා “සී“ හිනාවෙවි බෑග් එක ආයෙත් කරට දාගත්තෙ ලණුව අනිත් අයට දීලා. ඒත් ඒ එක්කම බැක් පැක් එක ආපහු බිමට දාපු “සී“ ඒක අවුස්සන්ට පටන් ගත්තෙ “බී“ට හොඳටම බැණ බැණ. “සී“ ගෙ බැක් පැක් එකෙන් කිලෝ දෙක තුනක් බර ගලක් මතුවුනෙ වටේ හිටපු අපේ තද කරගත්ත හිනාව එළියට පන්නමින්.
         “සී“ උදේම කරපු වැඩේ යාන්තමින් ඉව වැටුනු බී බස් එකෙන් බහිද්දි අනිත් බැක්පැක් එක කරට දාගත්ත බව අපිට කිව්වෙ වෙන දවසක.
          අලගල්ලෙ පින්තූරයක් නම් මට අපේ පින්තූරු ගොඩෙන් හොයාගන්න බැරි වුනා. ඒත් නඩේගුරාගෙ සෙට් එක ගියපු කතන්දරේ මෙතනින් බලන්න. ලස්සන පින්තූරු ගොඩක් ඒකෙත් තියනවා.

47 comments:

  1. කූඩැල්ලන්ට මනින්නෝ කියලා මම් ඇහුවමයි !!!
    අක්කා දැකලා තියෙනවද කූඩැලූ බෝල !!! උන් බෝල වගේ ගුලි වෙලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. අලට කන්න බැරි අලගල්ලේ කන්ද
      බතක කන්න බැරි බතලේගල කන්ද
      ----------------------
      මෙතුන් කඳු වලට අධිපති සමනල කන්ද

      තුන්වෙනි පදේ හොයලා දෙන්න පුලුවන් නම් පින් අයිතිවෙයි !!!

      Delete
    2. .....
      හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
      මෙකඳු තුනට නායක සමනළ කන්ද

      Delete
    3. මිනින්දෝරුවෝ කියලත් කියනව

      Delete
    4. ඇනෝට බොහොම ස්තුතියි !!!

      Delete
    5. @මධුරංග,
      අලගල්ලේ ගිය දවසේ නම් කූඩලු බෝල හිියෙ නෑ..ඒ එදා වැස්ස නැති නිසා වෙන්නැති.
      කූඩලු බෝල දකින්න නම් නකල්ස් යන්න ඕන..!!!

      @ඔබා,
      ඇත්තටම..අපිත් එහෙම කියනවා අප්පා...

      @ඇනෝ,
      ස්තුතියි මේ පැත්තෙ ආවාට..

      Delete
  2. හි..හි.. නියම වැඩේ කරලා තියෙන්නෙ.. ඕකට තමයි කියන්නෙ අනුන්ට කැපූවලේ තමුන්ම වැටෙනවා කියලා..

    නඩේගුරාලගේ බ්ලොගත් නිතරම කියෝනවා මම... ඒකෙ තිබ්බා මනින්නොන්ගෙන් බේරෙන ක්‍රම වගයක්..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත හරී.
      කූඩැල්ලොන්ගෙන් බේරෙන්න අපෙත් ඒ දවස්වල තිබුනා “කෙම් ක්‍රම“...හික්ස්..
      සමහර ක්‍රම නම් දැන් මතක් වෙද්දිත් අප්පිරියයි..

      Delete
  3. හි හි හොඳ වැඩේ "සී" ට. එහෙම තමයි කරන්න ඕන. මේ ගොල්ලන්ට බොරු නම් ටිකක් දැම්මනම් හොඳයි නේ..අකුරු දැම්මම පොඩ්ඩක් ටැපලෙනවා :)

    ReplyDelete
    Replies
    1. අත්හදා බැලීමක් කලේ සයුරි..
      ඊළඟ දවසේ අනිවා උපදෙස අනුගමනය කරන්නම්..තැන්කූ උපදෙසට..

      Delete
  4. සයුරි අක්කත් කිවුවත් වගේ මේයාලට අපේ නම් වත් දාන්න තිබුනේ.. එහෙම නොවුනයි ටිකක් විතර පැටලුනා..

    ReplyDelete
    Replies
    1. සොරි මලේ ඊළඟ දවසේ අනිවා එහෙම කරන්නම්..තැන්කූ මේ ගැන කිව්වට..

      Delete
  5. සිංහරාජේ ගිහිල්ලා දවස් තුනක් හිටියා කැලේ...කූඩැල්ලෝ ඉන්නේ ගුලි ගුලි අප්පා එපා උනා...එකෙක්ගේ තල්ලෙත් එකෙක් හිටියා...සබං ගෑවට උං බය නෑ දැං....

    ReplyDelete
    Replies
    1. සිංහරාජෙත් මනින්නො දරුණුයි තමා...ගමනම එපා වෙනවා එතකොට..
      ලුණු වලින් නම් අයින් කරතෑකි..ඒත් වැස්ස දවසට ලුණු පොට්ටනිය දියවෙනවා නොවැ..

      Delete
  6. අන්තිමට හිනාවෙන කෙනා තමා වැඩියෙන් හිනාවෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ ටියුබ් ලයිට් එකම විහිළුවට තුන් සැරයක් හිනා වෙනවා කියල නම් මාත් අහලා තියනවා..

      Delete
  7. "සී" ට හොඳ වැඩේ කියලා තමයි මටත් හිතෙන්නේ...
    ඊෂ්...කූඩැල්ලන්ට නම් මම හරි බයයි. නෑ නෑ බය නෑ කැතයි. හී හී...

    ReplyDelete
    Replies
    1. අපි දන්නවා ඔයා කුඩැල්ලන්ට බය විත්තිය !!!

      Delete
    2. @පොඩ්ඩි,
      ඉස්සෙල්ලාම නම් කැතයි තමා..ඒත් පස්සෙ පස්සෙ අපි උන්ට පුරුදු වුනා අප්පා..

      @මධුරංග,
      ඔයා දන්න දේවල්..

      Delete
  8. හොද වැඩේ "සී" ට.කල කම් පල දේ කියන්නෙ ඕවට තමා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නගේ..
      ඒත් ඒ වැඩෙන් හොඳම ෆන් එක ගත්තෙ වටේ හිටිය අපි..

      Delete
  9. අපි හයික් එකක් ගියා රිවස්ටර්න් වලට

    ReplyDelete
    Replies
    1. ම්..විස්තර අපිටත් එක්ක දැනගන්න ලියන්න බලන්න..
      රිවස්ටන් හරිම ලස්සන පලාතක්..ඒ ළඟපාත ජීවත් වෙලත් මම ඒ පැත්තෙ හරියටම ඇවිදලා නෑ..

      Delete
  10. අලගල්ලේ ගිය ගමනේ ෆොටෝ මා ලඟ තියෙනවා! මං නං ගියේ කෑමවත් නැතුව. ආපසු එන කොට රේල් පාරේ බිංගෙයකින් ආවා මතකයි!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ගංගොඩ ස්ටේෂන් එකේ ඉදන් සරසවි උයනට දක්වා බිංගෙයක් තියනවා..කතන්දර ගියපු කාලෙත් බහින්න ඇත්තෙ ගංගොඩ ස්ටේෂන් එක ළඟට වෙන්නැති නේද?

      ගංගොඩ ස්ටේෂම ගාව තියන ගල්තලාව උඩට වෙලා කෝච්චිය එනකම් අපි එදා පැය ගාණත් සින්දු කිව්වා.
      සින්දුවට හිත ගියපු පාර එක කෝච්චියක් මිස් වෙලා ඊළඟ එකේ තමා ආවෙ මතක විදිහට..

      Delete
  11. කූඩැල්ලෝ ගැන නම් කතා කරන්න එපා. මට ඇලජික්. 2002 දී සිරිපාදේ යද්දී මාව කාලා, තාම කකුලේ පැල්ලමක් තියෙනවා. එතෙන සංවේදක නියුරෝන නෑ... පිහියකින් ඈන්නත් දැනෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. දැන් අවුරුදු 10ක් ගිහිල්ලා..අයියෝ..මෙහෙම ඇලජික් එකක් නම් ඇහුවමයි..
      කූඩැල්ලා කල් යල් බලා ලෙසටම ප්‍රහාර එල්ල කරලා තියන පාටයි..

      Delete
  12. අවිස්සාවෙල්ල..පුවක් පිටිය පැත්තේ ඉලුක්ඕවිට තියෙන තඩි ගලක් නගිනන ගියා මතක් වුනා. මාර සුපිරි.. කූඩැල්ලෝ සහ වැස්ස නිසා හැරිලා ආව..

    ReplyDelete
    Replies
    1. අපරාදෙ..වැස්ස නිසා ලස්සන බලන්න බැරිව යනවා තමා..
      කාලගුණේ බලලා තමා මේ ගමන් යන්න ඕන මලේ..
      කූඩැල්ලො නම් එපා වෙනවා තමා..හැබැයි පුරුදු වුනාම ගාණක් නෑ..

      Delete
  13. ඒ, බී , සී එපා අක්කේ.. නම් ටිකක් දාමු අනිත් දවසේ... !!!


    කූඩැල්ලෝ ...අම්මෝ මතක් කරද්දීත් බයයි....

    ReplyDelete
    Replies
    1. අනේ සොරි කතාව කියවන්න අමාරු වුනාට..ඊළඟ දවසේ නම් ටිකක් හොයාන දාන්නම්කෝ..
      කූඩැල්ලො කියන්නෙ හරි අහිංසක සත්තු නගේ උන්ට බයවෙන්න එපා..

      Delete
  14. කඳු නැගීම එපා වෙන්නෙ මේ කූඬැල්ලො නිසා.කරදරකාරීම සතෙක්. එල්ලුනොත් මාස ගානක් විඳවන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. හැමෝටම කූඩැල්ලෝ ඇලජික් නෑ..ඒත් ඔය කතාව ඇත්ත..විශේෂයෙන් ලේ කැටි ගැහෙනවා අඩු අයට..
      ඒත් පස්සෙ පස්සෙ අපි කඳු නගිද්දි කූඩැල්ලොන්ට අපිව ඇලජික් වුනා නම් මතකයි..
      හැබැයි ඒ අවුරුදු 3ක් විතර විනෝදාංශයක් විදිහට කඳු නැග්ගට පස්සෙ..

      Delete
    2. අපෙත් කැම්පස් එකේ ගවේශක සංගමයක් නොතිබුණාට අපේ සෙට් එකේ විනෝදාංශය තමයි සංචාරය කරන එක. අපේ අයියත් අක්කා ඉන්න ක්ලබ් එකේ හිටියා මට මතකයි 98-2002 විතර කාලේ. මේ අපි අන්තිමට ගිය තැන, අක්කට වෙලාවක් තිබුණොත් ගිහින් බලන්නකො... http://yeslahiru.blogspot.com/2011/10/baththalangunduwa.html

      Delete
  15. කූඩැල්ලෝ වර්ග ඉන්නවා නේ බෙහෙත් කූඩැල්ලෝ ඇතිකරනවා ඉස්සර වේද මහත්තරු.

    ReplyDelete
    Replies
    1. ම්..ඒක ඇත්ත..කූඩැල්ලො ගැනත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවනේ..

      Delete
  16. කලා කාරයටනම් ඔව්ව හොඳර පුරුදුයි.මොකද ඉතින් කලා කාරයා ඒ දොහේ හිටියෙ ගමේ නොවැ

    ReplyDelete
    Replies
    1. නගරයෙත් කොහෙද අප්පා කූඩැල්ලෙකුටවත් හුස්ම ගන්න පුළුවන්..

      Delete
  17. අම්මෝ හේ හේ අයියෝ බි පව් අනේ

    ReplyDelete
    Replies
    1. තැනට සුදුසු නුවණ නිසා බී නම් බේරුනා..ඒත් ඊළඟ දවසේ බොරු නම් ටිකක්වත් දාන්නම්..නැත්නම් ඔයාලට පැටලෙනවා..

      Delete
  18. කදු නැගිල්ල නං මතක්වෙද්දිත් ආතල් . . . .අන්තිමටම නැග්ගෙ දබ වැස්සක කිරිගල්පොත්ත මුදුනට. තොටපොල කන්ද තාම ලිස්ට් එකේ ඉතුරු වෙලා තියනව

    ReplyDelete
    Replies
    1. කිරිගල්පොත්ත මුදුනටම යන්න නම් මම වාසනාවන්ත වුනේ නෑ..එදා අපිට පාර වැරදුනාද කොහෙද..ඝන මීදුමේ අපි ආපහු බැස්ස..තොටුපල කන්දත් ඒ ළඟම නේද?

      Delete
  19. අපිත් 2002 අවුරුද්දේ බාලදක්ෂ කඳවුරකට ධර්මරාජෙට ඇවිත් අලගල්ල කන්ද නඟින්න ගියා. මම එතකොට 8 වසරේ පොඩි ඉලන්දාරියෙක් :D

    අලගල්ල කන්ද නේද ඈතට අලියෙක්ගේ පිටක් වගේ පේන්නේ

    ReplyDelete
  20. සංචාරක අත්දැකීම් නම් කොහොමත් සුන්දරයි.
    සුන්දරත්වය වැඩි වෙන්නේ වැඩේ අමාරු වෙන තරමටලුනේ.
    කූඩැල්ලත් ඒ පරිසරේම කොටසක් නොවැ.

    මේ වගේ තව අත්දැකීම් ටිකක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. කඳු කතා සීරීස් එක පටන් ගත්තා විතරයිනෙ බලමු ඉස්සරහට ගොඩක් තියෙවි බෙදා ගන්න..
      ස්තුතියි මේ පැත්තෙ ආවාට..

      Delete
  21. අන්න අනුන්ට කැපූ වලේ තමන්ව වැටීමට ජීවමාන උදාහරණයක්!!
    :D :D :D
    henryblogwalker the Dude

    ReplyDelete