පළවැනි කතන්දරය
මේ දිනවල සිංහල බ්ලොග් අවකාශයේ වැඩි පුර කතාවෙන්නේ බිග් මෑඩ් පිල් ගැජට් එක ගැනය. ඒ ගැන කිව්වාට යුරෝ දෙකේ වීරයාට බොහෝ පින්ය. ඒ ගැජමැටික් එකෙන් අපි කියන දේවල් ටයිප් කරලා දෙනවාය. ඊට එහාට ගොස් අපි කියන ඒවා කරලා දෙන ගැජමැටික් වලට අපි කියන්නේ රොබෝ බබලා කියාය. ඒත් අපිට කරන්න දේවල් කියලා දෙන ගැජමැටික්ද දැන් දැන් ජනප්‍රිය වී ඇත. පාර හොයාගන්න සොෆ්ට්වෙයා හාඩ්වෙයා වැඩකෑලි දැන් මේ පුංචි මුතු ඇටයේද ප්‍රසිද්ධය. මේ ළඟදී රූගේ යාළුවෙකු අවුරුදු විසිගාණක්ම තිස්සේම විඩින් විඩේ ගිය තම මහගෙදරට යන පාර සුවර් කර ගත්තේ ගූග්ල් මැප් වලට පින්සිදු වන්නටය. මීට අමතරව අතේ ගෙනයා හැකි හෝ වාහනේට සවිකරගත හැකි සැටලයිට් නැවිගේශන් සිස්ටම් හා එකී මෙකී නොකී ගැජමැටික් අටෝ රාසියක් ඇත. ඒ අපේ ජීවතේ පහසු කරදෙන්නටය. මේ වගේ ගැජමැටික් නිසා මිනිස්සු මොළයෙන් කියන දේට වඩා ගැජමැටික් කියන දේ ගැන විශ්වාස කරන්නට ගොස් අමාරුවේ වැටෙති. පහළ තියන කතන්දර ඒ අමාරුවේ වැටීම් ගැන මට ආපු මේල් එකකින් කොපි කර පරිවර්තනය කරපු ඒවාය. මේවා කතන්දර පමණක් බැව් කරුණාවෙන් සලකන්න.
Saturday, April 7, 2012
සාමාන්‍ය බුද්ධිය ගැන ‘ලු‘ කතන්දර දහයක් සහ තවත් කතාවක්..
Saturday, March 31, 2012
සිඟිති නුඹට..
නෙතඟ ගිලිහුනු කඳුලු වැල්
මුවග පොපියන සිනා මල් වී
පිපෙන දිනයක
සිඟිති නගේ මලේ...
නෙතු කඳුළු පිසදා
දෙතොලඟ වචන පොඩි රන්දා
කතා කරපන් ලෝකයට
නිදා සිටිනා ඇස් කන් පියා...
සිතුවම් කරපන් කඳුළු සායමෙන්
ජීවන සිත්තම නුඹගේ
දිනයක තුටු කඳුළු වසින තුරු
සිඟිති සිත් දවනා
ගිනියම් වු සිතුම් රැල් නසා
දිනා ලෝකය යම් දිනක
සිනාවෙයන් එක්ව
අත් පටලලා....
පින්තූරු අනුග්‍රහය: http://www.realworldimage.com

Friday, March 23, 2012
සිනෙ රූ: ලූනු කපද්දි කඳුළු එන්නෙ ඇයි?
![]() |
ටීටා හා පේඩ්රෝ |
මෙක්සිකෝවෙ ඈත ගමක ජීවත් වුනු ටීටා ළූණු කපද්දි ඇස්වලින් කඳුළු කැට කඩා වැටුනේ....
- දුටුව ගමන් ආදරයෙන් බැඳුනු (love at first sight) පේඩ්රෝ තමන්ගේ එකම සොයුරිය හා විවාහ වුනු නිසාද?
- පවුලේ බාල දරුවා විවාහ නොවී අම්මාව බලාගෙන සිටිය යුතු යැයි කියන අසාධාරණ පවුල් සම්ප්‍රදාය නිසාද?
Monday, March 19, 2012
කඳු කතා 2: අලට කන්න බැරි අලගල්ලේ කන්ද..-ගලක් ගැන කතාවක්
සමහර වෙලාවට යාළුවන්ට පොඩි පොඩ් විහිළු තහළු කරලා විනෝද වෙන අවස්ථා බොහොමයි. ඒත් අනුන්ට කපපු වළේ තමන් වැටෙන වෙලාවලුත් නැතිව නොවෙයි. සරසවි ගවේෂකයොත් එක්ක කඳු නගිද්දි මේ වගේ සිදු වුණු සිද්ධි අපමණයි. මේ වගේ විහිළු දුර දිග යන තරම කොච්චරද කියනවා නම් අවුරුද්ද අන්තිමට තියන ගිනි මැලේදි ඇති තරම් මඩ ගහගෙන තව අවුරුදු කීපයක් යනකම් ඒ ගැන කතා කරලා තවත් අවුරුදු ගාණක් ගිහිල්ලා මේ වගේ බ්ලොග් එකකත් ලියවෙන්න තරම් දිගවෙනවා. අද කඳු කතාව ඒ වගේ සිද්ධියක් ගැන.
Wednesday, March 14, 2012
වින්ඩ් ස්ක්‍රීන්..සුළඟින් ඔබ සුරකියි..
අපි ගමන් කරන වාහන වල වින්ඩ්ස්ක්‍රීන් එක කොච්චර වැදගත්ද?
වින්ඩ්ස්ක්‍රීන් එක නැතුව වාහනේක යන්න වුනොත් මොකක් වෙයිද?
මේ වගේ අමුතු ප්‍රශ්න ගොඩක් හිතට ආවෙ ගිය සතියෙ නිවාඩු දාලා ගැරේජ් එකේ රස්තියාදු වුනු වෙලාවෙ. වින්ඩ්ස්ක්‍රීන් නැත්නම් වින්ඩ්ශීල්ඩ් කියන්නෙ වාහනේක ඉස්සරහ තියන වීදුරු කවුළුවට. වාතයේ පාවි පාවි තියන අපද්‍රව්‍ය, ගල්, දූවිලි වලින් ඇතුලෙ ඉන්න අයව ආරක්ෂා කරන්න හා අනතුරකදී මගීන්ගේ ආරක්ෂාව සලසන්නත් වින්ස්ක්‍රීන් එක කටයුතු කරනවා.

Friday, March 9, 2012
Alithina....ඇත්තෙන්ම
ගිම්හානයද සිසිරයද එකසේ මැ
සිනෙසිත්තමක රැදි රූපයක් මෙන්
පියාඹායයි සැනෙන්
නුඹගේ සෙනෙහෙ විල ගැලූ සඳ උතුරාම
ඇත්තෙන්ම දැනුනෙ මට එලෙසින්ම
සිනෙසිත්තමක රැදි රූපයක් මෙන්
පියාඹායයි සැනෙන්
නුඹගේ සෙනෙහෙ විල ගැලූ සඳ උතුරාම
ඇත්තෙන්ම දැනුනෙ මට එලෙසින්ම
Sunday, March 4, 2012
පුස් තකා 4: තෙල් බිංදු අතර රැඳි සතුටේ රහස
එක්තර කඩ කාරයෙක් තමංගෙ පුතාව ලෝකෙ ඉන්න ඥාණවන්තම මිනිහා ළඟට යැව්වා සතුටේ රහස දැනගෙන එන්නයි කියලා. කාන්තාරය හරහා දවස් හතලිහක් තිස්සේ ඇවිදං ගිය ළමයා අන්තිමේදි කඳු ගැටයක් මුදුනේ ඉදිකරලා තිබුණ අලංකාර මාළිගාවක් ළඟට ආවා. අන්න ඒකේ තමයි ලෝකෙ හිටපු ඥාණවන්තම මිනිහා ජීවත් වුණේ.
ශාන්තුවර මනුස්සයෙන් හමුවීම කොහොම වුනත් අපේ වීරයා මාළිගාවේ ප්‍රධාන කාමරයට ඇතුල් වෙනකොටම දැක්කා මහ කඩිසර කමක ගිලුණ වටපිටාවක්. වෙළෙන්දො ඇතුළට යනවා එනවා. මුළු මුළු වල මිනිස්සු කතා බහේ පැටලිලා ඉන්නවා. ඒ වගේම කුඩා සංගීත කණ්ඩායමක් බොහෝම ළයාන්විත වාදනේක යෙදිලා. ඒ විතරක් නෙවෙයි ඒ පළාතෙ තියෙන රසවත්ම කෑම බීම පිරුණ පිඟන් වලින් වැහිලා ගිය මේසෙකුත් එතන තිබුනා.

Subscribe to:
Posts (Atom)