Monday, June 23, 2014

වෙනසට එරෙහිව-ටයිටන් විප්ලවය 3

පළමු කොටසට
මෙතෙක් කතාව...

ගෝලීය තරඟකාරී වෙළඳපොලක් කරා: උප්පත්ති කතාව
     
      මෙම විප්ලවයේ මූලාරම්භය සනිටුහන් වනුයේ 1985දී ටයිටන් ඔරලෝසු සමාගම ටාටා සමූහය හා තමිල්නාඩු කාර්මික සංවර්ධන සමාගම සමඟ බද්ධ ව්‍යාපාරයක් පටන් ගැනීමත් සමඟිනි. ප්‍රංශ සහයෝගීතාවය මත ඔරෝසුවේ කටු කැරකෙන තාක්ෂණය පිළිබඳ දැනුමෙන් සන්නද්ධ වූ ඔවුහු 1987 මාර්තු මාසයේදී මුල් වරට වෙළඳපල සඳහා ඔරලෝසු නිශ්පාදනය ඇරඹූහ. ඉතා සුළු කාලයකින් ප්‍රංශ සහයෝගීතාවයෙන් ලැබූ තාක්ෂණය අභිබවා ගිය ඔවුහු තමන්ගේම නිර්මාණ තාක්ෂණයක් දියුණු කිරීමට වෙහෙසෙන්නට විය. මේ වන විට ප්‍රංශ සහයෝගීතාවයේ වලංගුකාලය අවසන් වී තිබුනු අතර සර්සස් දේසයි හට සියල්ල මුල සිට පටන් ගැන්මට සිදුවී තිබිනි. ඔරලෝසු චලිතය නිර්මාණය,සංවර්ධනය හා නිශ්පාදනය මුල සිට පටන් ගන්නට ඔවුන් තීරණය කලෝය.  ඔවුන් තුල තිබූ ලොකුම අභිප්‍රාය වූය ගෝලීය වෙළඳපලතුල තරඟකරුවකු වීමයි. ලෝකයේ විෂේශඥයන්ගෙන් ගෞරවය බලාපොරොත්තු විය හැක්කේ හොඳම තාක්ෂණය සොයාගැනීමෙන් මිසක කාගේවත් තාක්ෂණයක් විකිණීමෙන් නොවන බව ටයිටන් කණ්ඩායම දැන සිටියේය. 
     බී.ජී.ධ්වරකනාත් මූලීකත්වය දැරූ පර්යේෂණ කණ්ඩාම අළුත් ඔරලෝසු චලිත තාක්ෂණයක් දියුණු කල අතර 1994දී සර්සස් දේසයි මෙම කණ්ඩාමයට අළුත් දූස්රාවක් එවුවේය. ඒ ලෝකයේ සිහින්ම ඔරලෝසු චලිතය නිර්මාණය කිරීමේ අභියෝගයයි. එම අභියෝගය එවකට වෙළඳපල තිබුනු ප්‍රවණතා සමඟ ගැලපුනද එය ජය ගැනීම අතිශය දුෂ්කර එකක් විය. සිහින්ම යන්නෙන් කියැවෙන්නේ කුමක්ද? මුලින්ම එය පහදා ගත යුතු විය. ඔවුහු තම කණ්ඩායම ඇතුලෙන්ම මිණුම් ලකුණ නිර්මාණය කැරගත්හ. ඔවුහු තමන් විසින්ම පනවා ගත් අභියෝගය වූයේ මිලි මීටර් 1.15ක් සිහින්-ඔව්,ණයපතක් තරම් සිිහින්- ඔරලෝසු චලිතයක් නිර්මාණය කිරීමයි. මෙය ලෝකයේ සිහින්ම,ගණකම අඩුම ඔරලෝසු චලිතය නොවුනත් එය ඔවුන්ගේ සිහිනය කරා යාමට මග සලසනු ඇත. එහෙත් අති විශාල භාරදූර අභියෝගයකි. තමන් දැන් නිශ්පාදනය කරන මිලිමීටර 3.4ක ඝනකම එයින් භාගයකයටත් වඩා අඩුවෙන් නිර්මාණය කිරීම ලේසි පහසු නොවේ. එය කොයි අතින් ගත්තත් සුවිශේෂ අභියෝගයකි. විශේෂයෙන්ම තමන්ගේ දෙවන ඔරලෝසු චලිතය අත්හදා බලන කණ්ඩායමක් සඳහා මෙය අති දැවැන්ත අභියෝගයක් විය.
    
http://titanworld.com/in/watches/collections/edge/
ඔවුන් ඒ වෙනුවෙන් වැඩ ආරම්භ කරද්දී, දේසයි කඩුල්ල තවත් ඉහලට එසවීය. ඒ මෙම ඔරලෝසු චලිතය කවරයකට බහා එය මනරම් ඔරලෝසුවක් කිරීමයි. එපමණකින් නොනැවතී ඔහු මෙම ඔරලෝසුව ජල ප්‍රතිරෝධක විය යුතු බව නිවේදනය කලේය. ඉන්දියානුවන් ජල ප්‍රතිරෝධ ඔරලෝසු භාවිත කිරීමේ හැකියාව අවම වීම නිසා මෙම අභියෝගය මුළුමනින්ම කල නොහැක්කක් බවට පත් විය. එවකට පැවති කිසිදු ජල ප්‍රතිරෝධක ඔරලෝසුවක් සිහින් ඒවා නොවීය. ඒවා දිනපතා රළු පාවිච්චිය සඳහා නිපැයූවක් නොවීය. එනිසා මෙම කණ්ඩායම කෙතෙක් වෙහෙස දරා සිහින්ම ජල ප්‍රතිරෝධක ඔරලෝසුව නිර්මාණය කලද එය කෞතුකාගාර වල හා ප්‍රදර්ශනාගාරව වල ලස්සනට තැබෙන වටිනා ප්‍රදර්ශන භාණ්ඩයක් වීමේ හැකියාව ඉතා ඉහල විය. එහෙත් ඒ හේතු කිසිවක් අභියෝගය වෙනස් කිරීමට සමත් නොවින්. දිනපතා පාවිච්චියට සුදුසු ඉතා සිහින් ජල ප්‍රතිරෝධක ඔරලෝසුවක් නිර්මාණය කිරීම ඔවුන්ට පැවරී තිබුණු කාර්යයි. 


අභියෝගය ජය ගැනීම කරා

සුදුසු ඉංජිනේරු තාක්ෂයන්හි අඩුපාඩඅ නිසා “Edge“(එජ්) නිර්මාණය කිරීම ලෙහෙසි වූයේ නැත. එහෙත් සැබෑ අභියෝගය පැවතුනේ....ඉතිරිය ඊළඟ කොටසින්...

18 comments:

  1. කදිම කතාවක් නොවැ තියෙන්නෙ ඔරලෝසු හදන එකත් ලේසි නැහැ නේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..ඔරලෝසු කතාව තවත් දැනගන්න දිගටම කියවන්න..

      Delete
  2. ඔන්න දෙවන කොටහ මඟහැරිලා අදයි කියෙව්වෙ.

    ReplyDelete
    Replies
    1. ම් හතරවෙනි කොටසත් කියවන්නෙකෝ..

      Delete
  3. අනේ අද කතාව චුට්ටයි...:(

    ReplyDelete
    Replies
    1. මේ මාතෘකාවේ විස්තරය කොටයි පොඩ්ඩි..ඊළඟ ඒවා නම් ටිකක් දිගයි ඔන්න...

      Delete
  4. ටෙලි නාට්‍ය වල මතු සම්බන්ධයි කියලා දානවා වගේ අදනම් නවත්තලා තියෙන්නේ , බලමු ඊළඟ කොටසින්, මිලි මීටර් 1.15ක් කියන්නේ ඇත්තටම විශ්වකර්ම වැඩක්

    ReplyDelete
    Replies
    1. හතරවෙනි කොටසත් දැන් කියවන්න පුළුවන්..ඔරලෝසු චලිතය ගැන වැඩිපුර කියවන්න පස්වෙනි කොටසින්..

      Delete
  5. කොටස් කොට වැඩියි රූ...........................

    ReplyDelete
    Replies
    1. ඔයාගේ බ්ලොග් රෝලේ සොඳුරු සුව අසපුව දෙපාරක් තියෙන්නේ මොකෝ?

      Delete
    2. හෙන්රි, පොතේ තියන අනු මාතෘකා අනුවෙනේ පෝස්ටු වෙන් වෙන්නේ..ඒක නිසා ඉවසලා ඉන්න..පුළුවන් ඉක්මනට ලියන්නම්...

      Delete
    3. සොඳුරු සුව අසපුවට වෙබ් ලිපින දෙකක් තියනවනේ..මම පරණ එක තාම අයින් කලේ නෑ..

      Delete
    4. නැ‍තෝ.
      දෙකම එකයි මේ බලන්න

      http://www.nursinglk.com/
      http://www.nursinglk.com/

      ඒක නෙවෙයි රූ. පරිච්ඡේද දෙකක් එකට දාන්න.

      Delete
    5. හෙන්රි වගේ ඉංග්‍රීසි විශේෂ‍්ඥයන්ට එහෙම පුළුවන් වුනාට අපි කෝමද එච්චර දෙයක් කරන්නේ!!
      ඊටත් අර සෙන්නා කියනවා වගේ පෝස්ටු 200ක් කොහොම හරි කොටාගන්නත් එපැයි..!!

      තැන්කූ වැරැද්ද පෙන්නලා දුන්නට.මම හිතං හිටියේ දෙකෙන් එකක් පරණ බ්ලොගර් වෙබ් අඩවිය කියලා.!!

      Delete
  6. ඔක්කොම ඉන්දියන් නිෂ්පාදන ඔහොම තමා නේද ? මුලින්ම කාත් එක්ක හරි එකතු වෙලා පටන් අරන් ඊට පස්සේ ඒගොල්ලන්ගෙම... ඉතිරිය ඊළඟ කොටසින්...

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටසින් මතක ඇතුව ඉතුරු ටික කියන්න..;)

      ඉන්දියන් නිෂ්පාදන වල සාර්ථත්වය පිටුපස තියෙන්නේ මේ කොපි කිරීමේ කලාව කියලායි මමත් හිතන්නේ..

      Delete
  7. බලාගෙන යද්දී ඒකත් ලේසිම වැඩක් නෙමෙයි නේද..

    ReplyDelete
    Replies
    1. අමාරුම වැඩේ මිනිස්සුන්ගේ හිත් වෙනස් කරන එකයි දිනේෂ්..

      Delete