විප්ලවයේ මුල් බිජුවට
1994දී ටයිටන් ඔරලෝසු සමාගමේ එවකට සිටි කළමණාකරන අධ්යක්ෂ සර්සස් දේසයි තමන්ගේ අළුත්ම අභියෝගය සඳහා කණ්ඩායම පෙළගස්වද්දී පළමුව මුහුණ දීමට සිදුවූයේ පෙරකියන ලද හීන මානය උත්සන්න වූ ජාතියකින් නැගෙන කණිපින්දම්වලටය. ඔහුගේ අළුත්ම අභියෝගය වූයේ “ලොව සිහින්ම ජල ප්‍රතිරෝධක ඔරලෝසුව“ තැනීමයි. මෙයින් කියැවෙන්නේ ඔරලෝසුවේ ඝණකම උපරිම වශයෙන් මිමි 3.5ක්වත්- ෆ්ලොපි ඩිස්කයක ඝණකම- විය යුතු වූ අතර වතුර යටදී ක්‍රියාකරවිය හැකි විය යුුතුය. ඔවුහු ඔරලෝසු තැනීමේ ශූරයන් ලෙස සැලකෙන ස්විස් ජාතිකයන්ගෙන් මේ පිළිබඳව අදහස් විමසූ විට ඔවුන් කියා සිටියේ එය අසම්භාව්‍ය, කල-නොහැකි නිෂ්පාදනයක් බවයි. සරලව කියතොත් පෙරකී ඝණකමෙන් යුත් ජල ප්‍රතිරෝධක ඔරලෝසුවක් කිසි දිනෙක නිෂ්පාදනය කල නොහැකි බවයි. එක්කෝ ඔරලෝසුවක් සිහින් විය යුතු අතර නැත්නම් ජල-ප්‍රතිරෝධක විය යුතු බව ඔවුහු කියා සිටියහ. එවන් විශේෂාංග දෙකම එක ඔරලෝසුවක පැවතිය නොහැකි බව ඔවුහු තව දුරටත් ඒත්තු ගන්වන්නට විය.
කෙසේවුවද ටයිටන් කණ්ඩාමය අභියෝගය භාරගත්හ. ස්විස් ජාතිකයන්ට නොහැකි නම් අපිට පුළුවන් අපි කර පෙන්නවන්නම් යැයි ඔවුහු කීහ. අගය කල යුතු කාරණය වන්නේ ඔවුන් එය කර පෙන්වීමයි. අවුරුදු 4ක් ගතවූ තැන ඉංජිනේරු විද්‍යාවේ දුෂ්කරතා විප්ලවීය ලෙස ජය ගනිමින් ඔරලෝසු තැනීමේ පාරාමිතීන් සියල්ල නැවත ලියමින් ඔවුහු අභියෝගය ජය ගත්හ.
![]() |
http://titanworld.com/in/watches/products/?id=1250 |
ලෝකයේ සිහින්ම ජල-ප්‍රතිරෝධක ඔරලෝසුවේ සංකල්පය, නිර්මාණය වැඩි දියුණුව හා නිපදවීම සිදුවූයේ ස්විට්සර්ලන්තයේ හෝ ජපානයේ නොවේ. එවකට අවුරුදු 10ක් වයසැති ඉන්දියානු කර්මාන්ත ශාලාවකය. 1998දී නිෂ්පාදනය සඳහා සුදුසුකම් ලබා 2000 වසරේදී වෙළඳපලට නිකුත් කෙරුනු මෙම අපූරු ඔරලෝසුව “Edge“ ලෙස නම්වූයේය. ඉතා නිහඬ ලෙස, නිරහංකාර ලෙස ඉන්දියානු සමාගමක් ඉංජිනේරු විප්ලයක් සිදුකර ඉතිහාසයේ සිය නම රන් අකුරින් ලියුවේය.
අද “Edge“ ටයිටන්හි සාර්ථකත්වයට මග පෙන්වූ අතර සිහින්ම ජල-ප්‍රතිරෝධක ඔරලෝසුව ලෙස ලොව පුරා විකිණෙයි. මෙම සන්නාමය ටයිටන් සමාගෙමේ කෝටි 918ක් වූ පිරිවැටෙුමෙන් 6%ක් තරම් (කෝටි 55ක්) පමණකට දායක වන අතර අදවන විට ඔරලෝසු ලක්ෂ 5කට වැඩියෙන් විකිණි ඇත. මුල්‍යමය බලපෑමට වඩා “Edge“හි සත්‍ය බලපෑම දැනුනේ ටයිටන්හි ඇටමිදුළු වලටය. “Edge“ ටයිටන් හට “නිර්මාණශිලීව යමක් ලොවට දීමට හැකි“ විශ්වාසය ලබාදුන්නේය.
ගෝලීය තරඟකාරී වෙළඳපොලක් කරා: උප්පත්ති කතාව
මෙම විප්ලවයේ මූලාරම්භය සනිටුහන් වනුයේ 1985දී ටයිටන් ඔරලෝසු සමාගම බද්ධ ව්‍යාපාරයක්...ඉතිරිය ඊළඟ කොටසින්...
ඔය මහලොකුවට කයිය ගැහුවට හැබෑවටම ඕක ජල ප්රතිරෝදකද කියලා බලන්න ඕනා.. ඉන්දියන් බඩු කොහොමත් බාලයි.. ටයිටනුත් ඒකෙන් බේරෙයි කියලා මම හිතන්නෑ...
ReplyDeleteමේ කතව ඉවර වෙනකොට පෝස්ට් 200 සනිටුහන් කරන්න පුළුවන් වෙයි නේද ?
එහෙමම කියන්න බෑ සෙන්නා...මගේ ස්කූටරය උදාහරණයකට ගන්න...ඒක දැන් වසර 35 ක් පැරණියි...ඒ උනාට තවමත් උපරිම ක්‍රියාකාරිත්වයෙන් යුක්තයි. එයත් ඉන්දියානු නිෂ්පාදනයක්...ඉතාලි තාක්ෂණය. මම හිතන්නෙ මේ ඔරලෝසුව ඉන්දියාවේ නිෂ්පාදනය කලාට තවත් රටක තාක්ෂණය ඔවුන් උපයෝගී කරගන්නවා වෙන්නත් පුලුවන්. ඔරලෝසුවේ අළෙවි වී ඇති ඒකක ප්‍රමාණය බැලුවාම නම් සාර්ථක නිර්මාණයක් බව පේනවා.
Deleteසෙන්නා, සිරා,
Deleteටාටා, ලේලන්ඩ් ගැනත් ලස්සන කතා තියෙනවා.
අනික සෙන්නා කියන හැටියට ඕක චෙක් කරන්න වෙන්නෙ ටෙනිසන් කුරේ තිටරියට තමයි. මිනිහාගෙන් අහනවනේ, බෝම්බයක් හොදද නැද්ද කියලා දැන ගන්නෙ කොහොමද කියලා. එතකොට මිනිහා කියනවා "ඇයි ඕයි ඒක පිපුරුවාමනේ කියලා.
සිරා, ඔහොම බෑ. ඉන්දියන් විරෝධය කියන පාට කණනාඩිය දාලා ඔය ස්කූටරේ දිහා බලපන්.. එතකොට ඕක හෙන කබලක් වගේ පෙනෙයි.. :D
Deleteබුද්ධි, හැබෑටම නේන්නම්.. වතුරට දාලම බලන්න එපායෑ නේද ? ප්‍රතිරෝධය කැරකුන්නැත්නම් බඩු බනිස් තමා...
සෙන්නා,
Deleteටයිටන් ඔරලෝසු ගණන් කියලා දන්න නිසා ඕවා සල්ලි දීලා අරන් වතුරට දාන එකේ තේරුමක් නෑ..
සිරා,
ගොඩක් අය ගාව තියන පාට කණ්නාඩිය ඔයාට නැති එක ගැන සතුටු වෙනවා. අපි පාවිච්චි කරන බොහෝ ඉන්දියානු නිෂ්පාදන ඉතා සතුටුදායක මට්ටමෙන් තියනවා කියන එක අත්දැකීමෙන් දන්න දෙයක්..
@බුද්ධි, සෙන්නා.
රොලෙක්ස් ඔරලෝසු ජල ප්රතිරෝධකද කියලා බලන වීඩියෝවක් ලැබුනා බලන්න අදහසක් ගන්න පුුළුවන්ද කියලා.මේ සබැඳි දෙකෙන්..
http://www.hodinkee.com/blog/under-pressure-a-look-at-rolex-water-resistance-testing
http://www.prestigetime.com/page.php?water-resistance
ඉන්දියන්කාරයෝ කොහොමත් දක්ෂයි.:)
ReplyDeleteනැතුව... අර විජේ කියන පරයා, මෙහෙ හිටිය යක්කු සෙට් එකටම බැස්ටිය දීලා සිංහාස්නාරූඩ උනේ නේද, පොරත් ඉන්දියාවෙනේ... :D
Delete@පොඩ්ඩි, බුද්ධි,
Deleteම් ඒකත් ඇත්ත..ලංකාවේ අය ඉන්දියන් කාරයෝ පේන්න බැහැ කියන්න නම් දක්ෂයි..!!
මෙහි ජල ප්‍රතිරෝධය සහතික කරන්නට ඔවුන් කල පරීක්ෂණ ගැන සඳහනක් තියෙනවද?
ReplyDeleteතාක්ෂණික කරුණු ගැන මේ පොතේ ගොඩක් විස්තර පෙන්නලා නෑ ඉවාන්. මොකද මේ පොත නායකත්වය කළමණාකරනය ගැන ලියැවුනු පොතක් නිසා.
Deleteඋඩ සෙන්නට දීලා තියන සබැඳියෙන් දල අදහසක් ගන්න පුුළුවන් වේවි..
අර ඉවාන් අයිය කියපු අඩුපාඩුව හැර අපූරු ලිපියක්...
ReplyDeleteස්තූතියි අපි වෙනුවෙන් බෙදාගන්නවට
තව ලියන්න කොටස් ගොඩක් තියන නිසා ඊළඟ කොටස් වලින් මේ ගැන කතා කරමු.
Deleteදෙකම කියවන්න ලැබුනේ අදයි. ස්තූතියි! සටහනට.
ReplyDeleteස්තුතියි චාන්දි..
Deleteඅපූරු ලිපියක් මිත්‍රයා...මේ වගේ යම් දැනුමක් අප වෙත කාන්දු කරවන ලියවිලි කියවන්න මම ඉතාම මනාපයි. වැඩි වැඩියෙන් එවැනි දේ ලියමු.
ReplyDeleteමීට කලිනුත් ඔහොම කාන්දු වෙන ලිපියක් ලිව්වා මේ නෝනා. මම බටොන් එකකුත් හදලා දුන්නා. දැන් ඒක තියනවද දන්නෑ. Phone එකෙන් බලන හන්දා පේන්නේ නෑ.
Deleteසිරා,
Deleteස්තුතියි..දිගටම ලියන්න උත්සාහ කරන්නම්..ඒත් එක වගේ ඒවා දිගටම ලීවමත් එපා වෙනවා නේද?
බුද්ධි,
ඔය ළමයාගේ උනන්දුව අගය කරනවා. ඒ බටොන් එක ලස්සනට තාම තියනවා පැත්තක. මේකටත් ඒ වගේ බටොන් එකක් ලැබෙයි කියලා හිතනවා..!!
කියවගෙන යද්දි හිතට ආ අදහස් ඒ විදියටම කියන්නම්/අහන්නම්.
ReplyDelete3.5 ෆ්ලොපි ඩිස්ක් එකට එහෙම කියන්නේ ඒකේ විශ්කම්භය අඟල් 3.5ක් නිසා කියලයි මම මේ මොහොත වෙනකල් විශ්වාස කලේ. මම වැරදිද? අනික 1948දි කරපු නිශ්පාදනයක් ගැන විස්තර කරන්න ෆ්ලොපි ඩිස්ක් උදාහරණය පාවිච්චි කලේ ඇයි කියලා මට හිතුනා.
ඔයා පාරාමිතීන් කියලා පරිවර්තනය කලේ පරෑමිටර්ස් (parameters) කියන එකද?
>>ඔරලෝසු ලක්ෂ 5කට වැඩියෙන් විකිණි ඇත<< මේ ගාන හරිද රූ? මට හිතෙන්නේ ඒක ඔර්ලෝසු සමාගමකට මහ ලොකු ගානක් නෙවෙයි කියලා. ඊට වැඩි නැද්ද?
ස්තුතියි හෙන්රි අදහස් වලට..
Delete1. 3.5 ෆ්ලොපි ඩිස්ක්.
ඔබ නිවැරදියි. ෆ්ලොපි ඩිස්ක් එකක විෂ්කම්භය අඟල් 3.5 බව ඇත්තයි. මේ කියා ඇත්තේ මුළු තැටියේ ඝනකම ගැන. මිලි මීටර 3.5
2.1944
මේක බරපතල වැරදීමක් එය 1994 ලෙස නිවැරදි විය යුතුයි.
3. පැරාමිතීන්
ඔව් Parameters කියන අදහසින් තමයි. ඊට වඩා සුදුසු වචනයක් තියේද?
4. ඔරලෝසු ලක්ෂ 5
පොතේ තියෙන්නේ ඒ ගණන තමා. මේ ගැන වැඩිදුර තොරතුරු සෙව්වත් ලැබුනේ නැහැ. මේ නිෂ්පාදනය නිසා ඉන්දියානු සමාගමකට තම රටෙන් ඔබ්බට හිතන්න ආත්ම විශ්වාසය ලැබුනා කියන්නයි මේ ලිපි පෙලෙන් උත්සාහ කරන්නේ..
මේ ලිපිය හරියට රු.40/- කිරි පැකට් එකක් වගේ... දෙපාර අදිද්දි හිස් වෙලා. කොට වැඩියි. ඒත් මොකවත් කියන්නෙ නෑ. කවදා හරි කතාව කියවලා ඉවර වෙයි නෙව...
ReplyDeleteකට කට... එහෙම නොකර 200 දාන්නෙ කොහොමද ? මේ නෝනා මේ ලිපිය ලියන්ඩ කලින් ශ්‍රී මහ බෝධියට ගිහින් බාරයක් වුනාලු, මේ ලිපිය ලියලා ඉවර වෙනකොට කොහොම හරි 200ක් පෝස්ට් දාගන්නවා කියලා... ආන්න ඒකයි ඔය... :D
Deleteබුද්ධි,සෙන්නා,
Deleteඔය ඉතින් ආයෙත් පටන් ගත්තා කකුලෙන් අදින්න. කාලෙක පස්සේ අස්පස් කරලා ලියන්න පටන් ගන්නකොට ඔහොම කියන එක වැරදියිනේ..ඉහි ඉහි..
මේකේ පෝස්ටු කඩලා තියෙන්නේ එක එක අනු මාතෘකා අනුව. ඒ නිසා තව ටිකක් ඉවසලා ඉන්න හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනේ..
පෝස්ටු 200 නේද..මේ ලිපි සෙට් එකෙන් ගොඩ දාගන්න පුළුවන් නම් වටිනවා..සලකලා බලන්න වටින කාරණාවක්..තැන්කූ සෙන්නා බුද්ධි..