Wednesday, June 18, 2014

වෙනසට එරෙහිව - ටයිටන් විප්ලවය 1


පූර්විකාව

       සියවැනි පෝස්ටුව කෙසේ විය යුතු දැයි ඡායා මාත්‍රයක් මසිතේ ඇති වූයේ බොහෝ කලකට පෙරය. ජීවිතේ හමුවුනු අපූරු දේ ගැන ලියද්දී සියවැනි පෝස්ටුව අපූර්වතම එකක් විය යුතු යැයි සිතෙහි තිබූ බලාපොරාත්තුව නිසා සිදුවූ එකම දෙය අළුත් පෝස්ටුව දිනෙන් දින කල් යෑමයි. දිගු කාලීන නිහැඬියාවකට පසු පෙර ලෙසම බස හසුරුවන්නට හැකි වේ දැයි සැකයක් ඇතත් උත්සාහය වැඩියෙන් වටී යැයි හැඟුනු නිසාවෙන් මේ තිළිණය ඔබ වෙත පිළගන්වන්නට අවසර...
පෝස්ටු සියයක් ඔස්සේ විවිධ මත අදහස් දරමින් ළඟින් සිටි ඔබට ස්තුතියි කියන්නට මෙයට වඩා හොඳ අවස්ථාවක් කොහිද?..

      වසර ගණනකට එපිට අප අසල්වැසි දේශයේ සිදුවූ කුඩා සිදුවීමක සෙවනැල්ලක් හා එයින් උගත හැකි පාඩම් ගැන මේ ලිපි පෙලෙහි කියැවේ. විජාතීන් කෙරෙහි අප තුල ඇති විවිධාකාර ආකල්ප මදකට පසෙකින් තබා එක් පුද්ගලයකු තමාට ඇතිවූ ගැටළුවකට පිළිතුරු සොයාගත් අයුරු ධෛර්යෙන් අභියෝග ජයගත් අයුරු ගැන කියවන්න හැකි නම් ඔබද වෙනසක් අත්දකිනු ඇත..

picture from: watchalive.wordpress.com


       දකුණු අප්‍රිකාවේදී හා ඉන්දියාවේදි මහත්මා ගාන්ධි සටන් කලේ බ්‍රිතාන්‍යන් එළවා දමන්නට නොවේ. ඔහුගේ සටන වූයේ ,“ යටත් විජිත මානසිකත්වයෙන් මිදී උසස් යැයි සම්මත ජාතීන් ඉදිරියේ සමානව සිතන්නට ඉන්දියානුවන් පොළඹවන්නේ කෙසේද?“ යන්නයි. 100,000 පමණ වූ බ්‍රිතාන්‍යයන් මිලියන 350ක් පමණ වූ ඉන්දියානුවන් පාලනය කරද්දී මෙම සටන පහසු යැයි බලාපොරොත්තුවීම යුක්ති සහගත නොවේ. උසස් තාක්ෂණය, උසස් අවි ආයුධ, යන්ත්‍රෝපකරණ, නිෂ්පාදන පමණක් නොව නීති රෙගුලාසි, ප්‍රතිපත්ති, පලන තන්ත්‍රය බදු ව්‍යුහය යනාදී එකී නොකී මේ හැම දෙයක්ම බ්‍රිතාන්‍යන් නිර්මාණය කර තිබුනේ මේ ගැති වාදී මානසිකත්වය වැඩෙන අයුරිනි.  මෙවන් ජාතියක් තුල සදිස මානය (තමා අන් අය හා සමාන යැයි සිතීම) වපුරන්නේ කෙසේද? 

       ගාන්ධිගේ ලොකුම අපේක්ෂාව වූයේ බ්‍රිතාන්‍ය ජාතිකයින්ගෙන් රට ගලවා ගැනීම නොවේ. එය කල “හැකි“ කාරණාවකි. එහෙත් වසර ගණනක් තිස්සේ ගැතිව සිටි ජාතියක මිනිසුන්ට තමන් අන් අය හා සමාන යන හැගීම නොදී තමන් කිසිදු වෙනත් ජාතියක වැඩි සැලකිල්ලක් දැක්විය යුතු නොවේ යන්න සිත්වල රෝපණය නොකර බ්‍රිතාන්‍යන් එළවා දැමුවොත් සිදුවන්නේ කුමක්ද? එය ඉඟුරු දී මිරිස් ගත්තාට සමාන වනු නිසැකය. එක් පාලක පන්තියක් තවත් පාලක පන්තියකින් පුටු මාරුවෙද්දී ජනයාගේ සිත්වල සහජයෙන් රැඳී තිබූ තමන් පහත් යැයි සැලෙකෙන මානසිකත්වය, පරම්පරාගත සූරාකෑම්, පුහු මාන්නය එලෙසින්ම පවතිනු නිසැකය. ලොකුම අභියෝගය වනුයේ මේ වෙනසට එරෙහි වීමයි.

     එක් අතකට ගාන්ධිගේ මේ විප්ලවය අදටත් වලංගුවේ. ඉන්දියොවෙන් බිහිවුනු බොහෝ විප්ලවීය නිෂ්පාදන වල මූලාරම්භය වූයේ සංවර්ධිත රටවල් කෙරෙහි දක්වන ලද සෙය්‍ය මානයයි. “වෙනසට එරෙහිව“ අභියෝගය විප්ලවීය ලෙස ජයගත් තවත් කතන්දරයකි මේ.

 

විප්ලවයක මුල් බිජුවට

 

       1944දී ටයිටන් ඔරලෝසු සමාගම පිහිටවීමමේදී එවකට සිටි කළමණාකරන අධ්‍යක්ෂ සර්සස් දේසයිට මුහුණ දීමට සිදුවූයේ පෙරකියන ලද හීන මානය උත්සන්න වූ....ඉතිරිය ඊළඟ කොටසින්..

31 comments:

  1. සිය වැනි ලිපියට සුබ පැතුම්. ඒ වගේම අගනා සටහනක් මේක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින්..දිගටම කියවාවි කියා බලාපොරොත්තු වෙනවා..

      Delete
  2. සියවෙනි ලිපියට උණුසුම් සුභපැතුම් රූ අක්කේ.. බලමු ඊළඟ කොටසත් කියවලා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හරී..දිගටම කියවන්න..

      Delete
  3. සිය වැනි ලිපියට මගෙත් සුබ පැතුම් රූ

    ReplyDelete
  4. කතාව කියවන තුරු නොඉවසිල්ලෙන්.....

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් ලියන්නත් නොඉවසිල්ලෙන්..:D

      Delete
  5. සියවෙනි ලිපියට සුබ පැතුම් රූ...ලස්සණ ලිපි පෙලක ආරම්භයක්!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි, ම්..බලමු නේද?

      Delete
  6. නියමයි රූ.. කාලීනයි.. හැබැයි මේ දවස්වලනං අපේ අයියලාට ඔය මාන්නෙ ඉහවහ ගිහිං ලෝකෙට ලොක්කො කියල හිතන් ගොං වැඩමයි කරන්නෙ. ඉගෙනගනිල්ලකො ඉන්දියාවෙන්වත්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සරත්..
      තූත්තුකුඩියෙන් හරි මේ ගොං වැඩ නොකරන්න ඉගෙන ගන්න පුළුවන් නම්..

      Delete
  7. නැවත පැමිණීම ගැන සතු‍ටුයි රූ. සියයට සුභ පැතුම්. මම ඒ ගැන කිව්වා නේද කලින් පෝස්ට් එකේ?
    ටයිටන් ඔරලෝසු හුඟක් ඉන්දියානුවන්ගේ අත් වල තියෙනවා මම දැකලා තියෙනවා. එයාලා නම් කියනවා ඒවා නියමයි කියලා. මම ඒත් එච්චර දුර හිතුවේ නෑ මොකද එයාලට ඉන්දියන් දේවල් වලට වඩා හොඳ දේවල් නැති නිසා. Buy Indian, Be Indian.

    ReplyDelete
    Replies
    1. ඉන්දියානු නිෂ්පාදනයක් ප්‍රචාරය කරනවාට වඩා ඔවුන්ට මුහුණ දෙන්න සිදුවුනු අභියෝග ගැන ලියන්නයි උත්සාහය..

      අපි කොච්චර එයාගගේ ස්වදේශිය හැඟිම ගැන කිව්වත් එයාලත් බටහිටර ආවඩන එක නවත්තලා නැහැ කියලා මේ කතාවෙන් කියවෙනවා..දිගටම කියවන්න එන්න..

      Delete
  8. සුභ පැතුම්... ඔය දේසයිට උනාවගේ නවකතාවක් කුෂ්වන්ත් සිංග් ලියල තිබුනා. මට ඒ පොතේ නම මතක නෑ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට හා සුභ පැතුමට දේශකයා..

      මේ කතාව නම් ඇත්ත සිද්ධියක්..කොටින්ම කිව්වොත් පොතත් කළමණාකරණය යටතේයි වර්ග වෙන්නේ..පොත ගැන විස්තර..http://ru-sirini.blogspot.com/2012/04/blog-post_12.html පෝස්ටුවෙන් කියවන්න පුළුවන්..

      Delete
  9. ඉස්සෙල්ලාම සියවැනි ලිපියට මගෙන් සුභ පැතුම්
    මාත් ඇවිත් තියෙන්නෙ කඩයිමක දවසක නෙ.. හිහි
    අපුරු කතාවක් ඇරඹෙන්න වගේ යන්නෙ...
    අපි බලාගෙන ඉන්නව ඉතිරියත් කියවන්න
    ;ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ්..දිගටම ඒවි කියලා බලාපොරොත්තු වෙනවා..

      Delete
  10. සියවෙනි ලිපිය මරු..
    මේ ජාතියේ චූටි ලිපි ලියනවා නං ශෝක් නෙ.

    ReplyDelete
    Replies
    1. මේ සැරේ චූටි ලිපි ලියන්න පුළුවන් වේවි..මාතෘකා පෙල ගැහිලා තියෙන්නේ ඒ විදිහට..

      Delete
  11. යටත් විජිත මානසිකත්වයෙන් මිදී උසස් යැයි සම්මත ජාතීන් ඉදිරියේ සමානව සිතන්නට "ශ්‍රී ලාංකිකයින් " පොළඹවන්නේ කෙසේද...?

    ReplyDelete
    Replies
    1. වසර 2500ක් පැරණි ප්‍රෞඩඉතිහාසය ගැන කියව කියවා ඉන්නැතිව වර්තමානවේ අගය කල හැකි නිර්මාණ අදහස් නිදහස්ව නිපදවන්නට හැකිනම්..

      Delete
  12. මේවගේ එවුවා කියවන්න මම හරි කැමතියි.. ඊලග එක එනකන් බලාපොරොත්තුවෙන්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේශ්..දිගටම කියවන්න..

      Delete
  13. ටයිටන් විප්ලවය අන්න තියෙනවා මැජෙස්ටික් සිටි එකේ උඩ තට්ටුවක, කොල්ලුපිටිය පැත්තේ. මාර ක්ලැසික් ස්ලීක් ලුක් එකක් තියෙන භාණ්ඩයක් තිබුණා!

    ReplyDelete
    Replies
    1. ම්..මට නිකම් ටියුබ් ලයිට් වගේ..!!! ඔරලෝසුවක් ගැනද මේ කියන්නේ?

      Delete
    2. ඔව්, මාර කොලිටි. ඇත්තටම ලස්සනයි, ඒ වගේම අනිත් ඉඔරලෝසුවල හැටියට ගණං! ඒ නිසා ගන්න අදහස අතහැරියා.

      Delete
    3. එයාලගේ වෙබ් සයිට් එකේ විදිහටත් මේ ඔරලෝසු ගොඩක් ගණන්. කොලිටිය ගැන නම් කියන්න වෙන්නේ පාවිච්චි කරපු කෙනෙකුට තමයි...

      Delete
  14. ටයිටන් කියන්නේ ඉන්දියන් ප්‍රඩක්ට් එකක්ද ? දන්නෙත් අදයි... ඒ නමේවත් නෑ ඉන්දියන් ගතියක්.. මහත්මා ගන්න්ධිගෙ උත්සහය හරි ගිහින් කියලා හිතෙනවා ඒකෙන්නම්.. හැබැයි... අනගාරික ධර්මපාල තුමානම් මහත්මා ගාන්ධිව හැඳින්නුවේ " කාර් එක්ක තරඟ කරන්න කරත්තෙකින් ආපු නිවටයෙක්" කියලා

    ReplyDelete
    Replies
    1. ටයිටන් කියන්නේ ඉන්දියානු නිශ්පාදනයක් තමයි සෙන්නා..බොහෝ දේ ගැන නැවත සිතන්නට පොළඹවන ලිපියක් වේවි කියලා හිතනවා...

      ගාන්ධි ගැන බොහෝ මත තියනවා..කොටින්ම කිව්වොත් ඉන්දියානුවන් පවා එකිනෙකට පරස්පර මතවල ඉන්නවා..කවුරු කෙසේ කීවත් අපිට තීරණය කරන්න පුුළුවන් නම් හොඳයි..

      මම හිතන්නේ 1985 විතර වෙච්ච මේ සිද්ධියට ගාන්ධි තුමාගේ බලපෑම අවම ඇති..ඒත් ලිපියට හොඳ ප්‍රවේශයක්..

      Delete
    2. 100 ට සුබ පැතුම්!
      මමත් හිතාගෙන හිටියේ ඕක ස්ව්ස්ටර්ලන්තෙ කියලා. ඒ කාලේ ලේක් හවුස් එක ගාව ලොකු මෙව්වා එකක් තිබ්බා ටයිග‍ර් වුඩ්ස් ඉන්න. උන්ගේ ඇඩ් දැක්කාමත් හිතෙන්නේ නෑ ඉන්දියාවේ කියලා...

      Delete