Tuesday, September 18, 2012

රොබී 2

      තමන්ගේ රොබෝ නැනී වුනු රොබී එක්ක හැංගි මුත්තං සෙල්ලම් කර කර ඉන්න  ග්ලෝරියාගේ හැංගෙන්න වාරේ ආව බව පසුගිය කොටසෙදි මතක ඇති. අද එතැන් සිට..

“රොබී හොරෙන් බලන්න බෑ. ඉලක්කම් මගෑර ගණන් කරන්න ඔට්ටු නෑ හොඳේ.“       යනුවෙන් අවවාද කල ග්ලොරියා හැංගෙන්නට සුදුසු තැනක් බලා ඒ මේ අත දිව්වාය.          
     සමාන කාල පරතර අතරේ ගණන් කෙරුනු ඉලක්කම් සියය අවසන ලෝහමය පටලය ඉහලට එසවී රොබීගේ දිලිසෙන විසල් දෑස දිලිසෙන්නට විය. එම දෑස අසල තිබූ කළුගල් කුළ පසෙකින් එළීයට ඇදී ලෙලන දිලිසෙන කපු ගවුමේ කොණ අසල නතර විය. එම ගවුමේ අයිතිකාරිය ග්ලෝරියාම විය යුතු යැයි නීර්ණය කල රොබී එදෙසට පියවර එසවූයේය. 
    සෙමෙන් සෙමෙන් ඔට්ටු ගස හා ග්ලෝරියා අතර පරතරයේ රැඳෙමින් ඉදිරියට ඇදුනු රොබී ග්ලෝරියාට සිතාගැනීමටවත් ඉඩක් නොතබා එක් අතක් ඇය මත තැබුයේ අනෙක් අතින් තමාගේ සීනුව නාද කරමිනි. ග්ලෝරියා සැඟව සිටි තැනින් එළියට ආවේ රොබී වෙත බුම්මාගෙනය. 
“එහෙම ඔට්ටු නෑ. ඔයා හොරෙන් බැළුවා“ ඈ අසාධාරණ අමනාපයෙන් කෑ ගැසුවාය..  

“දැන් අපි හැංගිමුත්තං කලා ඇති. මට ඒක ඇතිවෙලා තියෙන්නෙ මාව කොක්ක බිල්ලෙ ගෙනියන්න රොබී“ ග්ලෝරියා ඇවිටිලි කලාය. 

    එහෙත් අසාධාරණ චෝදනාවෙන් අමනාපයට පත්ව සිටි රොබී බිම වාඩි වී සිය ලෝහමය හිස එයා මෙහා හැරවූයේ බැහැයි කියන්නටය. ඒ දුටු ග්ලෝරියාගේ ස්වරය වෙනස්වී ගියේ සිතාගන්නවත් බැරි වේගයකිනි. වහාම චාටු ස්වරයකින් රොබී ඇමතූ ග්ලෝරියා 

“අයියෝ රොබී ඔයා හොරෙන් බැලුවා කියලා මම හිතලා නෙවෙයිනෙ කිව්වෙ. ඕකට ඔච්චර තරහ ගන්න ඕනැයැ. අනේ මාව කොක්ක බිල්ලෙ ගෙනියන්නකෝ.“ 
     
    එහෙත් මෙවන් චාටු බසට රැවටෙන්නේ රොබී නොවේ. දෑස් අහසට යොමු කල රොබී තවත් වේගෙයෙන් ඔළුය එහො මෙහා වැනුවේය. 

 “අනේ රොබී අනේ අනේ අනේ මාව කොක්ක බිල්ලෙ ගෙනියන්නකෝ.“  
    ඈ ඔහුගේ බෙල්ල වටා තමන්ගේ රෝස පැහැ දෙත් යවා තදින් සිප ගත්තාය. ඉන්පසු තමන්ගේ මුහුණ වෙනස් කරගත් ඈ   
“ඔන්න ඔයා මාව කොක්ක බිල්ලෙ අරන් ගියේ නැත්තං මං අඬනවා.“ 
   යැයි කීවේ හැඬුම් ස්වරයෙනි. ගල් වූ සිත් ඇති රොබී තෙවන වරටද වේගෙයෙන් ඔළුව වැනුවේ ග්ලෝරියා හැඬීමෙන් සිදුවිය හැකි අන්තිම බියකරු තත්තවය ගැන නොසලකමිනි. 
     රොබීගේ ප්‍රතිචාරයේ වෙනසක් නොවුනු තැන ග්ලෝරියා තමන්ගේ අන්තිම තුරුම්පුව පාවිච්චි කිරීමට කාලය එළඹ ඇති බව වටහා ගත්තාය. 

“ඔයා එහෙම කලේ නැත්තම් මම ආයේ.“.ඇය කීවේ අවධානම් ස්වරෙයෙනි.  
“මම ආයේ කවදාවත් ඔයාට කතන්දර කියන්නෑ. කියන්නෙ නෑ කියන්නෙ නෑ නෑ නෑමයි. අඩුම ගානෙ එකක්වත්.“ 
    එම වචන ඇසෙනවාත් සමඟම රොබී සිය මුරණ්ඩු මුහුණ වහා වෙනස් කරගත්තේය. මෙතෙක් වම දකුණ දිශාවන්ට වැනවුනු ඔහුගේ ලෝහමය බෙල්ල වහා ඉහල පහල යන්නට වූයේ කිසිදු තර්කයකින් තොරවය. රොබී සම්පූර්ණයෙන්ම ග්ලෝරියාගේ අන්තිම තුරුම්පුවට පැරදුනේය. සෙමෙන් ග්ලෝරියාව ඔසවාගත් ඔහු ඔහුගේ පිටේ ඇයව හෙවාගත්තේය. ග්ලෝරියාගේ කිඹුල් කඳුළු සැනෙන් වියැළී ගොස් තිබිණි. ඇය සතුටින් ඇගේ මිතුරාගේ ලෝහමය සමට පිරිමැද්දාය. 
    විශේෂයෙන් සවිකරන ලද තාප දඟර සහිත රොබීගේ සම ෆැරන්හයිට් 70වට රත්වී ඈට සුවපහසු සනීපදායක හැඟීමක් ගෙන දුන්නේය. දෙපැත්තට වැනී වැනී ඇගේ දෙපා රොබීගේ ඇඟේ වැදී රිද්මයානුකූලව හඬ නැගුවෝය. 
“ඔයා නම් එයා කොස්ටර් එකක් රොබී. ඔයා ලොකු රිදීපාට එයා කෝස්ටර් එකක්. ඔයා අත්දෙක කෙලින් ඉස්සරහට කරගන්න එහෙම කරන්න රොබී එතකොට තමයි ඔයා එයා කොස්ටර් එකක් වෙන්නෙ.“ 
    එම ඉල්ලීම ඉවත හෙළිය නොහැකි සුළු විය. රොබීගේ අත් එසවී ඉදිරියට එන සුළඟට මුහුණ දිය හැකිව සැකසිනි. දැන් ඔහු රිදී පැහැ එයා කෝස්ටර් එකකි. ග්ලෝරියා රොබෝගේ ඔළුව හරවා දකුණට බරවූයේය. ඔහු දක්ෂ ලෙස පසෙකට ඇල වූයේය. එයා කෝස්ටර් එයා කෝස්ටරයට මෝටරයේ හඬ බ්..ර්..බ්..ර්..ර්.. යනුවෙන් ග්ලෝරියාගේ මුවින් නිකුත් වෙන අතරේදී කැරළිකරුවන්ට විරද්ධව ක්‍රියා කරන බල ආයුධ ශ්...ශශ්..ශ්..ශ් හඬින් නිකුත් වන්නට විය. 
     මනඃකල්පිත කැරළිකරුවන් රැගත් නෞකාව එක පිට එක පහර එල්ල කලද රොබී එයා කොස්ටරයේ ප්‍රධාන නියමු ග්ලොරියා දිගටම නොනැවතී උණ්ඩ වරුසා එක පිට එක එල්ල කලාය. ඒ අතරම ඇය එයා කෝස්ටරයට විධි විධාන දෙන්නටද අමතක කලේ නැත. 
"එක නැවක් විනාශ වුනා. තවත් දෙකක් ඉතිරියි.." ග්ලෝරියා කෑ ගැසුවාය. ඉන්පසුව “යානාව වේගවත් කරන්න“ ඈ උඩඟු ලෙස අණ කලාය. 
“අපේ ආයුධ ඉවර වේගනයි යන්නෙ.ශ්..ශ්..බ්ර්..ර්..බ්ර්...ර්“ 
    රොබීගේ උරහිසෙන් සැඟව මනඃකල්පිත නෞකාවලට එල්ලය ගනිමින් ඈ කෑගැසුවාය. ඈ හට එල්ලය ගැනීමට පහසු වනු පිනිස රොබී එයා කෝස්ටරය වේගයෙන් සතුරා වෙත ළඟා වෙමින් පැවතියේය. තණ බිම පසුකොට පෝටිකෝවට පැමිණි රොබී එහි ගමන් කරන්නා තිගැස්මට පත් කරමින් එක්වරම නැවතුනේය. ඉන්පසු සුමට ලෙස ග්ලෝරියා ඔසවා කොළ පැහැ සුමුදු කළාලය මත තැබුවේය. 
    ග්ලෝරියා වේගයෙන් හති දමන අතරේ මෙසේ විස්මය එකතු කලාය. 
“ෂා..ඒක නම් නියමයි.“ 
    ග්ලොරියාගේ හති දැමීම නතර වන තුරු සිටි රොබී ඇගේ හිසකෙස් මෘදු ලෙස පිරිමැද්දේය. 
“රොබී ඔයාට මොනවා හරි ඕනැද?“ 
    ඈ ඇසුවාය. රොබීගේ චාටු වැඩ ගැන හොඳින් දැන සිටි ඇගේ විසල් දෑස රොබෝ නැනී රැවටීමට සමත් වූයේ නැත. රොබී වඩා වැරෙන් ඇගේ හිසකෙස් අදින්නට විය. 
“හරි හරි මම දන්නවා ඔයාට කතන්දරයක් නේද ඕනෑ..“ රොබී වේගයෙන් ඔළුව වැනුවේය. 
“මොන කතන්දරරේටද ඔයා කැමති?“  
   රොබී ඔහුගේ ලෝහමය ඇඟිල්ලෙන් අහසේ අඩකවයක් ඇන්දේය. 
“අයියෝ.....ආයෙත්.... මට බෑ අනේ.. මම ඔයාට සින්ඩරැල්ලා කතාව කියලා දීලා ඇති සිය සැරයකට වඩා. ඔයාට ඒක එපා වෙලා නැද්ද? අනික ඒ කතාව හොඳයි පොඩි ළමයින්ට.“  
සිඟිති දැරිය ඇගේ නොකැමැත්ත ප්‍රකාශ කලාය. අහසේ තවත් අඩ කවයක්. 
“හරි හරි“
ග්ලෝරියා අකමැත්තෙන් හරි බරි ගැසුනාය. සිතෙන් කතාවේ කරුණු ගොනු කරගත් ඈ (ඇයගේ අටුවා ටීකා ටිප්පනි සමඟ- ඇයට එවැනි ඒවා තොගයක්ම තිබූ බව කිව යුතුය) කතාව පටන් ගත්තාය. 
“ඔන්න එකමත් එක රටක හිටියා සින්ඩරැල්ලා කියලා පුංචි ගෑනු ළමයෙක් එයාගෙ අම්මා පොඩි කාලෙම....“
 සිඟිත් මුව උල් කරමින් ග්ලෝරියා කතාව කියවාගෙන යද්දී රොබීගේ විදුලි දෑස් දිලිසෙන්නට විය. 

ඊට පස්සෙ මොකද වුනේ..අපි ඊළඟ කොටසින් බලමු.. 

පින්තූරය : http://gadget-ideaz.blogspot.com/

38 comments:

  1. "රොබෝ "මේ ළමයාගේ නැනීද? මම හිතුවේ යාලුවෙක් කියලා ....

    ReplyDelete
    Replies
    1. ඔව් මේ කියන්නෙ රොබෝ නැනී කෙනෙක් ගැන රොබින්..දිගටම එන්නකෝ..තව විස්තර දැනගත්තෑකි..

      Delete
  2. කොක්ක බිල්ලෙ ??

    ReplyDelete
    Replies
    1. මම තේරුම ඇහුවෙ.. සෙන්නට උත්ටරේ දීල තියෙනවා දැක්ක..

      Delete
  3. අපි කියන්නේ "ලුණු ගෙනියනවා" කියලා.

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙම කියනවා තමයි සයුරි..

      Delete
  4. මොකක්ද කොක්ක බිල්ලෙ කියන්නෙ ? අදමයි ඇහුවෙ. ලුණු ගෙනියන එකටද ?

    ඔය තත්ත්වය නුදුරු අනාගතයේදීම උදා වෙනවා. දැනටත් පටන් අරන් තියෙන්නෙ නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා..ලුණු ගෙනියන එකට තමයි..
      දැනටත් පටන් අරන් තියෙන්නෙ?...!! ඔයා මේ මොනවා කියනවද මන්දා..හික්ස්..

      Delete
  5. අපි නම් අරන් යන්නේ ලුණු ලුණූ කියාගෙන.මගේ දූ ඩිංගත් හරිම ආසයි ඒකට. ඉස්සර අපිත් ඔහොම ගියා නෙව.

    ReplyDelete
    Replies
    1. ම්..ඒක ඇත්ත සරත්..
      අපි හැමෝගේම අතීත මතක පොතේ පිටු ගාණක් වෙන්වෙලා තියනවා නේද ලුණු ගෙනියන එකට..

      Delete
  6. අනේ හරිම ලස්සනයි. හැම පොඩි ලමයෙකුටම මේ වගේ නැනී කෙනෙක් හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. අන්තිමේ නැනීට මිනිස් හැගූම් පහල වෙයිවත්ද?

    ReplyDelete
    Replies
    1. දිගටම ඇවිල්ලා බලන්නකෝ පොඩ්ඩි..
      ඇසිමෝව්ගේ කතා කිවීමේ හැකියාව ගැන නම් කියලා වැඩක් නෑ..

      Delete
  7. කතාවට තියන ලෝබකම වැඩි වෙනව වගේ. ඊළඟ කොටස ඉක්මනට දාන්න.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඊළකොටසත් දැම්මා..ගිම්..
      ගිහින් බලන්නකෝ..

      Delete
  8. කොක්ක බිල්ලෙ ඒ වචනේ අදමයි ඇහුවේ. ලස්සනයි කතාව.

    ReplyDelete
    Replies
    1. ඇසිමෝව්ට පින්සිද්ද වෙන්න මටත් පොස්ටු දෙකතුනක් ගොඩදාගන්න ලැබුනා දිනේශ්..හික්ස්..

      Delete
  9. ෂෝයි කතාව සහ නියම අවසාන තුරුම්පුව :)
    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා හිරූ..ඒත් කතාව තාම ඉවර නෑ..

      Delete
  10. කොක්ක බිල්ලෙ ගෙනියන්නකෝ
    ඔච්චර ඩයලෙක්ට් අහලා තියෙන මමත් හොල්මං වුනා ඕකට. ඕකට බස්නාහිරයො වන අපි කියන්නෙ 'ලුණු ගෙනියනවා' කියලා. රූ මේ කියන්නෙ 'piggy back ride' වෙන්න ඕනෙ නේද?'

    රූ බැලුවද "අයි රෝබෝට්"? විල් ස්මිත් ඉන්නෙ? එතකොට ස්ටාර් වෝර්ස්? ඒකෙත් ඉන්නව රෝබෝට්ලා දෙන්නෙක් R2D2 සහ C3PO කියලා.මරු ඩබල.

    ඊ ළඟ කොටස එනතෙක් බලා ඉන්නවෝ!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඔව් මේ පිගිබැක් රයිඩ් එක තමා ඩූඩ්..මේක ප්‍රාදේශීය වහරක්ද කියලා මට විශ්වාස නෑ හෙන්රි..රූ මහත්තයා මෙහෙමයි ලුණු ගෙනියනවට කියන්නෙ..ඒකයි මම ඒ වචනෙ පාවිච්චි කලේ..

      අපිත් පුරුදු වෙලා හිටියේ ලුණු ගෙනියනවා කියන්න තමා..ඒත් ඒ වෙලාවට කටට එන වචනෙ පාවිච්චි කරන ගතියකුත් තිබුන නිසා ඔය වැඩේට ගොඩක් වචන තිබුනා..

      මම අයි රොබෝ බලලා තියනවා..ඒක නම් මරු..

      ආර්ටුඩීටූ නම් අපේ යාළුවොනේ..හික්ස්..ඔන්න ඊළඟ කොටසත් දැම්මා..

      Delete
    2. R2D2 සහ C3PO කියන එව්වල තේරුම දන්නවාද ළමායි..

      එක්කො ඕනෙ නෑ.. ඔව්වල තේරුම කියන්න රොබොටික්ස් උගන්වන්න වෙයි.. ඒක අමතක කොරාන්ඩ..

      මෙන්න මම රොබාලා ගැන ලියපු ලිපියක්.. හැබැයි මහ සවුත්තු එකක්..

      http://dreamsofharee.blogspot.com/2011/08/blog-post_27.html

      Delete
    3. @හරි,
      ඔයාගේ ලිපිය කියෙව්වා..එකේ R2D2 ගැන තිබුනෙ නෑනේ..!!
      කමක් නෑ ඒ ලිපිය කලින් කියවලා තිබුනේ නෑනේ..
      ගොඩක් නොදැනගෙන හිටි දේවල් දැනගත්තා..තැන්කූ ලින්ක් එකට..

      Delete
    4. ඒකෙ නෑ තමයි..

      සරලව කිව්වොත් රොබෝලගෙ ජොයින්ට් තියෙනවනෙ.. අර නමන්න දිග අරින්න පුලුවන්.. ඒ ජොයින්ට් ජාති දෙකයි.. කැරකෙන එව්වා.. මේවාට R කියනවා.. අනික්වා දිගට දික් වෙන එව්වා.. අර ඒරියල් එක වගේ දික්කරන්නෙ.. එව්වට D කියනවා.. ඉතින් රොබෝටික්කො නම් කරද්දි R2D2 කියන්නෙ ඌට කැරකෙන ජොයින්ට් දෙකයි... දිගඇරෙන ජොයින්ට් දෙකයි කියන්න..

      Delete
  11. නියම කතාව...මටත් එකෙක් හිටියානම් කියලා හිතුනා.

    ReplyDelete
    Replies
    1. හික්ස්..ඇත්තම කියන්න නිසූ..මටත් එහෙමම හිතුනා ඔපිසියේ වැඩ වැඩිවෙද්දී..

      Delete
  12. මටත් මගේ පුංචි කාලේ මතක් වුනා. ඉතුරු කොටස කියවන්න හම්බෙනකම් බලාන ඉන්නවා.

    ඉස්සර මම හිතෙන් ඔහොම රොබෝවෙක් මවාගෙන හිටියා

    ReplyDelete
    Replies
    1. තාම විද්‍යාව එච්චර දියුණු නැති හැටි නේද පැතුම්..
      පොඩි කාලේ රොබෝලා හීන මවපු කට්ටියට මාත් එකතුයි..ඇත්තටම මගේ හිතේ තිබුන රොබෝ ටෙඩී බෙයා කෙනෙක් වගේ..

      Delete
  13. එදාත් කියෙව්ව. හරි ලස්ස්නයි රූ. කියවන් යන්න ආසයි

    ReplyDelete
    Replies
    1. තැන්කූ සිඳූ..දිගටම එන්න..

      Delete
  14. කියවමින් සිටිමි :)

    ReplyDelete
    Replies
    1. :)
      ඔයා ඉතින් මේ දවස්වල බිසිනේ..

      Delete
  15. මගේ කමෙන්ට් එක නෑ... :(

    ReplyDelete
    Replies
    1. දයාබර මධුරංග මහත්මයානෙණි,
      ඔබ විසින් මෙහි පබ්ලිස් කරන ලද කොමෙන්ටුව අතිගරු බහිරවයා උත්තමයා විසින් අනුභව කරන ලද බව කාරුණිකව දන්වා සිටිමු. ඉමහත් පරිශ්‍රමයක් දරා ස්පෑම් පෙට්ටිය පීරා සෙවූවද කොමෙන්ටුවේ සුන්බුන්වත් සොයාගත නොහැකි වූ බව කරුණාවෙන් සලකන්න.

      මෙයට
      ශෝකයට පත්
      බ්ලොගර්..

      Delete
    2. කමෙන්ටුව මලා. භූමදාන කලා. මල්වඩම් අනවශ්‍යයි.

      Delete
  16. ඇයි දන්නෑ රොබී සින්ඩරෙල්ලා කතාවටම ආස... පොරට රොමැන්ටික් හැඟීම්වත් පහළ වෙලාද....

    ReplyDelete
  17. ඔන්න කාට හරි හොඳ අදහසක්.. රොබෝ නැනීලා හදලා නැනී සේවයක් පටන් ගන්න..

    ReplyDelete