Saturday, May 12, 2012

පිඬු සිඟා වැඩීම හා කාලාම සූත්‍රය

        වෙනදා වගේම මම කඩේට ගොඩ වැදුනෙ ගන්න ඕන බඩු ලිස්ට් එක හිතෙන් කට පාඩම් කරමින්. වෙසක් නිවාඩුව පටන් ගන්නෙ අනිද්දා. හෙට අනිවාර්යෙන්ම ඔෆිස් එකේ වැඩ වැඩි දවසක් නිසා හෙට බඩු ටික ගන්න වෙනවා බොරු. දැනටමත් රෑ වී ඇති නිසා කඩේ ඇන්ටි කඩේ වහන්න බලන් ඉන්නවාත් සිකුරුය. හිතේ එකී මෙකී නොකී දේවල් කරනම් ගහද්දී මම කඩේ ඇතුලට ගියේ අයි ශොපින් පාරක්ද දමාගෙනය.

“ඇන්ටි අද සෙනඟ අඩුයි නේද?“
“හිටියා මිස්. මිස් ආවෙ හොඳ වෙලාවට..දැන් ඉතින් නිදහසේ බඩු ටික කිරලා දෙන්න පුළුවන්.“
        මම මිසිස් වුවද මම කවදාවත් ඇන්ටීට ඒ ගැන කියන්නට නොගියේ ඇයි කියා මම තවමත් කල්පනා කරමි. 
“මිරිස් තුනපහ කුඩු ග්‍රෑම් සීය ගානෙ ..ම්..ලුණු පැකට් එකයි...“මම බඩු ලැයිස්තුව කියාගෙන ගියෙමි. 
“මිස් පිඬු සිඟා වඩින උත්සවේට මොනවත් ගන්නැද්ද?“ මල්ලට බඩු එකතු කරන ගත්මන්ම ඇන්ටී මගෙන් ඇසුවාය. 
“මොකද්ද ඇන්ටි කිව්වෙ..මට ඇහුන්නෑ!“
    ඇන්ටී කිව්වේ මොකක්දැයි හරියටම තේරුම් ගැනීමට නම් මට නැවතත් එය ඇසිය යුතුව තිබිනි. 
“අර ලොකු නුග ගහ ගාව වංගුව ළඟ තියන පන්සලේ හාමුදුරුවරු පිඬු සිඟා වඩිනවා හෙට. උදේම වඩීවි මයෙ හිතේ. මේ හරියට එනකොට හතවිතර වෙයි. දහ නමක් වඩිනවා කියලයි කියාගෙන ගියේ.“
“ආ එහෙනම් මොනවා හරි එළවළු ටිකකුත් ගන්න වෙයි ඇන්ටි..ගෙදර තියන ඒවා මදි දහ නමකට දානෙ දෙන්න නම්. බත් උයලා එක එළවළුවක් හැදුවාම ඇති නේද ඇන්ටි.මම කවදාවත් එහෙම පිඬු  සිඟා වඩින හාමුදුරු නමකට දානෙ දීලා නෑ. “
“ආ..මොනවත් උයන්න ඕන නෑ. ඔය මොනවහරි පිරිකරට දුන්න නම් හරි. ඊටත් ඔච්චර උදෙන් උයන්න පුළුවන් කාටද? හෙට ඉතින් වැඩ කරන දවසක්නෙ. “
“ඒත් ඇන්ටි එහෙම හරි නෑනෙ. ඊටත් මම එහෙම දානයක් තනියම හරිගස්සලා නැති නිසා දුන්න නම් හොඳයි කියලා හිතෙනවා. මොනවද එළවළු තියෙන්නෙ අළුත් ඒවා?“ මම ඇසුවෙමි.
“නෑ මේකයි හාමුදුරුවො වඩින්නෙ අර ලොකු ජීප් වල පිටිපස්සෙ ඉඩ තියන එකේ පුටු දාලා වාඩි වෙලා. කොහොමත් ඒ වෙලාවට එනවුන්ස් කරගෙන යයි. හාමුදුරුවො ඔය මොනවා හරි සුළු දෙයක් නේ බලාපොරොත්තුවෙන්නෙ. සබන්, දත්බෙහෙත් තුවා වගේ මොනව හරි. කවුරුත් කෑම නම් දෙන්නෑ“. 
“ඒ වුනාට ඇන්ටි මේ පිඬු සිඟා වැඩීමක්නෙ. නමේම තියනවනේ හාමුදුරුවන් කෑම ඉල්ලනවා කියලා. එහෙනම් මේක වෙන මොකක් හරි වෙන්නැති.“
“දැන් කාලෙ කවුද මිස් පිඬු සිඟාවඩින්නෙ. ඊටත් ඔච්චර ගානකට මොනව හරි හදන එකත් ලේසිද? මම ඕක නිසාම අළුත් තුවා ටිකක් ගෙන්න ගත්තා මිස්ටත් දෙන්නද? “
“නෑ.. ඇන්ටි ඕන නෑ..මම මේ කල්පනා කලේ බුදුහාමුදුරුවො දන්නවනම් කියලා.“
“ඇයි මිස් ඒ?“
“නෑ. ඇන්ටි බණට අහලා තියනවද දන්නෑ අර දෙව්දත් හාමුදුරුවො බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලීම් පහක් කලා සංඝ භේදය ඇති කරන්න කලින්. “
“ඔව් ඉතින්.“ කඩේ ඇන්ටී අලගු තැබුවාය. 
“ඒකෙ එකක් තියනවානෙ භික්ෂුව ජීවිතාන්තය දක්වා පිණ්ඩපාතික විය යුතුයි කියලා. ඒත් බුදුහාමුදුරුවො ඒක ප්‍රතික්ෂේප කලේ ඇයි කියලා මම තාමත් කල්පනා කරනවා.“
“බඩු ටිකේ ගාණ කීයද ඇන්ටි?“

51 comments:

  1. ජීප් එකේ නැගලා පිණ්ඩපාතේ වඩින්න.. ඒ ගැන මුකුත් නොකියමි.. කාලය වෙනස් වූ අරුම..

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ජීප් තිබුනේ නෑනේ දිනේශ්...:D

      Delete
    2. @දිනේශ්,
      කාලයේ තාලයට හැමදේම වෙනස් වෙන්න ඕන නිසා වෙන්නැති..!!

      @පොඩ්ඩි,
      ඒත් ඒ කාලේ කරත්ත දෝලා තිවුනනේ.. ;)

      Delete
  2. කාලයට ගැලපෙන ලස්සන කතාවක්...:)

    // මම මිසිස් වුවද මම කවදාවත් ඇන්ටීට ඒ ගැන කියන්නට නොගියේ ඇයි කියා මම තවමත් කල්පනා කරමි. //

    මාත් තවමත් කල්පනා කරන්නේ මේ ගැනය.:D

    අර උඩ ඉන්නේ ඇත්තටම කඩේ ඇන්ටිද?

    ReplyDelete
    Replies
    1. තැන්කූ පොඩ්ඩි...

      //මාත් තවමත් කල්පනා කරන්නේ මේ ගැනය.:D//
      හික්ස්..ගොඩක් කල්පනා කරන්න එපා..

      උඩ ඉන්නේ ඉන්ටනෙට් එකෙන් හොයාගත් ඇන්ටී කෙනෙකි..
      මේ කතාව සත්‍ය සිද්ධියට වැඩිය ටිකක් වෙනස්..

      Delete
    2. ඒක නෙමේ වැරදි, නෝනලාට මිසිස් කියලා කතා කලොත් තමයි වැරදි!

      අපේ ආච්චීට ගමේ කාන්තාවක් කිව්වේම මිසිස් කියලායි. ඒ ඉස්කෝලේ උගන්නන කාලේ මිසිස් අහවලා කියලා කතා කරපු එකේ පුරුද්දටයි.

      නමුත් ඇත්තටම මිසිස් වෙන්නේ මිස්ට කෙනෙකුට සාපේක්‍ෂකව නේ.

      එනිසා හබියාගේ නම නැතුව නිකං මිසිස් කියන එක වැරදියි.

      සහමරු "මයි මිසිස්" කියනවා තමන් ගේ හාමිනේට.

      Delete
    3. ඒ විදිහට ගත්තොත් පවුලේ නම නැතුව නිකම් මිස් කියලා කියන එකත් වැරදියි..
      මෙතනදි මම අදහස් කලේ පුද්ගලයා ගැන හොයන්නැතුව ලේසියට මිස් කියන එක ටිකක් විතර අවුල් කියන එකයි..
      ඒත් අනිත් අතට අපි කතාකරන දේ අසන්නාට තේරුම් යනවනම් ව්‍යාකරණ වැරදි හොයන එකේ වැඩක් නෑ..

      Delete
  3. පංචිකාවත්තේ අපේ බෑනාගේ සාප්පුව ඉස්සරහ පිඬු සිඟා වඩින හාමුදුරු නමක් හිට ගත්තම, එයා උදේට කන්න ගෙනත් තිබුන කෑම එක පූජ කරන්න හැදුවලු, හාමුදුරුවො පාත්තරේ අතින් වහ ගත්තලු. අල්ලපු සාප්පුවෙ හිටපු කෙනෙක් සද්ද ඇතුවම කිව්වලු 'ඔය යකා සල්ලි විතරයි ගන්නෙ ' කියල.

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවරු ඉන්නේ මොකටද කියලා ආපහු හිතන්න කාලය ඇවිත්..
      මේ වගේ සිද්ධි මමත් අහලා තියනවා..

      Delete
    2. සති කීපයකට පසු මේ කතාව අද කියවූ මං, සනත් ගේ මූණ දැකලා තිගැස්සුනා!

      සනත් ඔබට නිවන් සුව පතමි!

      Delete
    3. :(
      මගේ බ්ලොගේ ඔහුගේ අන්තිම සටහන..

      Delete
  4. වෙනදා වගේම මම කඩේට ගොඩ වැදුනෙ ගන්න ඕන බඩු ලිස්ට් එක හිතෙන් කට පාඩම් කරමින්. // ඕකනේ කියන්නෙ ෆෝන් එකේ "ගහගෙන" ගියානං ඉවරනේ.....

    අනිත් කමෙන්ට් එකට ටිකකින් එන්නං... දැනුයි පරිගනෙකේ දුවිලි පිහින්නෙ:D

    ReplyDelete
    Replies
    1. ඔයාට නම් මැරියන් ඉන්නවනේ ඕවා පොන් එකේ ටයිප් කරලා දෙන්න..
      රූ මහත්තයට කිව්වොත් ඉතින් මොනව වෙයිද අනේ මන්දා..

      සෑහෙන දුරකට නොවැ ගිහින් තියෙන්නෙ..දුවිලි පිහලම වැඩ පටන් ගන්නකෝ..

      Delete
  5. කතිවකට බදුන් විය යුතු මාතෘකාවක්...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..ඒත් මේ කතිකාවතෙන් පසු අපි වෙනස් වෙන්න කැමති වෙයිද?

      Delete
  6. ජීප්වල? දානෙට ආහාරත් එපා කියන පින්ඬපාතෙ? ඒක යකාගෙ පිඩූසිගා වැඩීමක්නෙ. ඉස්සරහට ඒවි අර KFC, McDonalds වගේ එකකින් දානෙ ගන්න දාන වව්ච්ර් වගේ එවත්. එතව ටික දවසක් යනකොට බුද්ධ ශාසනේට මොනවා වෙයිද?

    ReplyDelete
    Replies
    1. බුද්ධ ශාසනේ රැඳිල තියෙන්නෙ මොනවයින්ද කියලා අපි අපිම හරියට තේරුම් ගන්න කම් මේ ප්‍රශ්නෙ විසඳන්න බෑ..
      ඒ දවස්වල දේශනා කල බුදුදහම අදට ගැලපෙන ලෙස සකස් විය යුතුයි..කොහොම වුනත් මේ වගේ හාමුදුරුවරු නැති වුනත් පන්සල් නැති වුනත් බුද්ධ ශාසනය පවතීවි..බුද්ධිමතුන් අතර..

      Delete
  7. වැදගත් කතාවකට මුල පිරිමක් රූ කරලා තියෙන්නෙ. රේරුකානේ ස්වාමින් වහන්සේ කියන ආකාරයට අපි හුගක් වෙලාවට කරන්නෙ පින් කරන්න ගිහින් පව් පුරෝගන්න එක.

    ස්වාමින් වහන්සේ කෙනෙකුට දානය දෙද්දි මේ ස්වාමින් වහන්සේ "සිල්වතෙක්, ගුණවතෙක්" මේ ස්වාමින් වහන්සේ "දුශ්ශීලයෙක්, අනුපසම්පන්නයෙක්" කියලා සිත හිතමින් දන් දෙනවානම් ඒ දානේ සාංඝික දානයක් වෙන්නෙ නෑ.

    ස්වාමින් වහන්සේ කෙනෙ‍කුට දානය දෙද්දි උන් වහන්සේ කොහොම කෙනෙක් උනත් මේ ගෞතම බුද්ධ සාසනයේ සැරියුත් මුගලන් මහ රහතන් නවස්සේලා ප්‍රධාන සංඝ රත්නට දෙන දානයක් ලෙස සලකලා දීමෙන් මහත් වූ කුසලකර්මක් රැස් කරගන්තා වෙනවා. අසවල් ස්වාමින් වහන්සේට කියා දීමෙන් සිදුවෙන්නෙ උන් වහන්සේට පමණක් දානය දීමේ කුසලය අත් වීමයි.

    දුශ්ශීල භික්ෂුන්ට දෙන දානය -

    තුන්කල් දුටු බුදුපියාණන් අනාගතයේ දුශ්ශීල භික්ෂුන් සසුනට ඇතුල් වන බව දැන සිටියා. දුශ්ශීල භික්ෂුන් සහ සංඝික දානය ගැන බුදුන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ විමසද්දි,

    ආනන්දය, ආනාගත කාලයේ දී ශික්ෂුහුය යන නාමය පමණක් ඇත්තා වූ "කසාවකණ්ඨ" නම් වූ දුශ්ශීල වූ ලාමක ස්වාභාවය ඇත්තාවූ ශ්‍රමණ වේශධාරීහු ඇති වන්නාහ. ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දන් දෙන්නාහුය. ආනන්දය! එකල්හීද මම සංඝගත දක්ෂිනාවේ ආනිසංස අසංඛෙය්‍ය අප්‍රමේය්‍ය වන බව පවසමි. ආනන්දය! කිසිම ආකාරයෙන් සංඝගත දක්ෂිනාවට වඩා පුද්ලික දානය මහත්ථලයයි මම නොපවසමි"කියලා තථාගතයන් වහන්සේ සාංඝික දානයේ ආනිසංස ප්‍රකාශ කලාලු.

    මේ ගැන වැඩි විස්තර "බෞද්ධයාගේ අත්පොතේ" දානය කොටසේ තියෙනවා PDF පිටුව 87

    රේරුකානේ ස්වාමින් වහන්සේ ලියපු පොත් වල PDF අරගෙන කියවන්න මෙතනින්

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++

      Delete
    2. ස්තුතියි කොමෙන්ටුවට බුද්ධි..ඔබේ අදහස සම්පූර්ණයෙන්ම පිළි නොගන්නා නමුත් මම එය අගය කරමි.

      බුදු දහම යනු විචාරශිලි ගවේෂණයකට ඉඩහසර පාදන අපූරු ආගමක් යන මතයේ පිහිටලයි මම පිළිතුරු දෙන්නෙ..

      මම දානය දෙන්නේ ඇයි යන ප්‍රශ්නයට සරලම පිළිතුර නම් කුසල් වැඩීමටයි..මම පරලොව සැප නොපතන අතර මෙම කුසලය නිර්වාණ මාර්ගයේ යෑමට මගේ ඇති කුසලතාවය ශක්තිමත් කිරීමට උපකාරී වන බව විශ්වාස කරන බැවින් මම දාන මාන කරමි. නිවන් මග යෑමට අවැසි අඩුම කුඩුම කුසලතාව මා තුල ඇති ලෝභ මූල තැවීමෙන් වැඩිදියුණූ වන බව විශ්වාස කරමි. එනයින් ගත් කල මාගේ දානයට බඳුන් වන්නා බුදුහාමුදුරුවන් වුවද තිරිසනකු වුවද එම ආනිසංසය මට බලපාන විදිහ සමාන වේ. එනිසා ඔබගේ අදහසට මම එකඟ වෙමි.

      එහෙත් අනිත් අතට දුස්සීල වේශධාරීන්ට දානයක් දෙන්නට මට හිත හදා ගත නොහැක්කේ මගේ දානයේ අවශ්‍යතාව ඇති බොහෝ සිල්වතුන් මිහිපිට ඇති බැවිනි. එනිසා මම වේශධාරීන්ට දානය නොදී මා දන්නා සිල්වතකුට එම දානය දීමට පෙළඹෙමි. ඒ මගේ තර්කානුකූල බුද්ධියට තේරෙන සැටිය. අනිත් අතට චීවර, පිණ්ඩපාත, ගිලන්පස, ආරාම යන ආමිස දානයන් දිය යුත්තේ අවැසි කෙනාටම මිස දෙන්නන් වාලේ නොවේ.

      ස්තුතියි ඔබ දුන් ලින්කුවටත් ප්‍රතිචාරයටත්..කියවා බලන්නම්..

      Delete
    3. ම්ම්ම්... මම හිතන්නේ අක්කා වැරදියට තේරුම් අරන් වගේ. මම උඩ අදහසට සම්පූර්ණයෙන් ම එකඟ වෙනවා. නමුත් අක්කා කියන සමහර දේට නම් එකඟ නැහැ. මොකද කෙනෙකු ගේ සිල්වත්කම කියන දේ අපිට පිටින් බලලා මනින්න බැරි නිසා. එහෙම නේද?
      … වෙලාවක් තිබ්බොත් මේකත් බලන්න...
      http://www.yeslahiru.blogspot.com/2011/01/blog-post_11.html

      Delete
    4. ලහිරු කිව්ව වගේ රූට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන.

      අනිත් අතට චීවර, පිණ්ඩපාත, ගිලන්පස, ආරාම යන ආමිස දානයන් දිය යුත්තේ අවැසි කෙනාටම මිස දෙන්නන් වාලේ නොවේ. /// දානයක් දිය යුත්තෙ කෙසේද, ඊට සුදානම් වන්නෙ කෙසේද, දානයක් දෙන විට අප දැන ගත යුතු කරුණු මොනාද, දානය දුන් පසු අප කල යුත්තෙ කුමක්ද, දානයේ අනුහස් කුමක්ද ආදී දේ පැහැදිලිව මම මුලින් දුන්නු ලින්ක් එකේ ඇති. පැහැදිලිවම!

      මම පිලිතුරු දුන්නෙ ඔබ මට පිලිතුරු ලබා දී තිබු සිව්වන ඡේදයට. තෙවෙනි ඡේදය කියවූ විට මට නම් හැගුනේ ඔබ ලොකු වැරැදි මත රාශියක පැටලි සිටින බවකුයි.

      මේ පැටලීම ඇතිවෙන්නෙ අපි දන්නා තරමින් සියල්ල විනිශ්චය කරන්න යාමයි. මේ අවස්ථාවේ මමත් හිටියා.(මම තවමත් ඉගෙන ගනිමි.)


      ඔබ “බෞද්ධයාගේ අත්පොත“ කියවන්න. ඉන් පසු “පුන්‍යයෝපදේශය“ හා “ධර්ම විනිශ්චය“ කියවන්න. ඔබට වහා වහා සියල්ල අවබෝධ වේවි පියවරෙන් පියවර. බුද්ධ ධර්මය තියෙන්නෙ බුද්ධිමතුන්ටමයි. ඔබ ඊට නියම සුදුස්සෙක්.

      Delete
  8. මේ දුන් ධර්මදානයෙන් යම්කිසි කුසලක් වේ නම් එය මට ද මා මෙන් පින්කැමති සියල්ලන්ටම අනුමෝදන් වේවා. පහසුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා!

    ReplyDelete
    Replies
    1. @ බුද්ධි

      සාදු සාදු අනුමෝදාමි

      Delete
    2. සාදු...සාදු..

      Delete
  9. කිසිවක් නොකියමි.. බුද්ධිගේ අදහසට එකඟ වීම වටනේ යැයි සිතමි!!

    ReplyDelete
  10. ශාසන පරිහානිය තමා මේකෙන් පෙන්නුම් කරන්නේ. බුදුන් වහන්සේ කිව්ව කාශව කණ්ඨක යුගය වැඩි ඈතක නෙමෙයි.

    ඒ වගේමයි බුදු සසුන විනාශ කරන්නේ බාහිර බලවේගයක් නොව ඇතුළේ ඉන්න උදවියමයි කියන කතාව ඇත්ත.....

    ReplyDelete
    Replies
    1. අපි සිහිනුවණින් වැඩ කලොත් බුදු දහම ආරක්ෂා කරන්න අමාරු නෑ හසිත..

      Delete
    2. @ රූ....

      ඒත් අක්කේ බුදු දහම වුණත් සොබාදහමේ නියමයන්ට අවනත වෙන්න ඕනේ නේ

      Delete
    3. බුදු දහමත් සොබා දම් නීතියට අවනත විය යුතු නිසාමයි අපි එහි ආරක්ෂාවට වද විය යුතු නැත්තේ
      “ධර්මය පිළිපැදීමම ධර්මයේ ආරක්ෂාවයි;පිළිපදින්නාගේ ආරක්ෂාවයි. “

      බුදු දහම සොබාදම් නීතියට අනුව ඇතිවීම නැතිවීම සිදුවද්දී අපට ඇත්තේ එම පාරුව කර තියාන යෑම නොව හබලක් සාදා ගඟ තරණය කිරීමයි..

      අද දවසේ බුදු දහම රැක ගැනීමට කරන බොහෝ උත්සාහයන් මට දැනෙන්නේ පාරුව කරතබා යෑමක් ලෙසයි..

      ස්තුතියි හසිත..

      Delete
  11. අබුද්දස්ස කාලේ කිව්වලු....

    ~~~***දඟ මල්ල***~~~

    ReplyDelete
    Replies
    1. හ්ම්..
      ඇත්තටම..ඒත් අපිටත් මේ ගැන තියන වගකීම අමතක කරන්න බෑ.

      Delete
  12. හාමුදුරුවරු කොහොම වැඩියත් ඒ ගැන නොසිතා හැකි පමණින් තුන්සිත පහදවාගෙන දානය දෙන්න. ඒ පින අනුමොදන් කරගන්න. ආයෙ ඒ ගැන හිතන්න එපා.

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ සරළම උත්තරේ.

      Delete
    2. හ්ම්..අවාසනාවට මේකටත් මට එකඟ වෙන්න බැරි හැටි..:)

      සමාවෙන්න මම මහන්සිවෙලා හම්බකරගත්ත දේ වෙන කාටහරි දෙන කොට මට ආපසු ලැබෙන දේ ගැන මම ආයෙත් හිතනවා..මගේ තුන් සිත පැහැදෙන්නේ කොහොමද? භෞතික දෙයක් බලාපොරොත්තු නොවුනත් කලින් කොමෙන්ටුවක කී පරිදි නිවන් මග යෑමට මට ඇවැසි කුසලතාවය වත් ලැබිය යුතුයි..

      කොහොම වුනත් කොමෙන්ටුව අගය කරන අතරම බොහෝ ස්තුතියි..
      ආ ගොඩක් පින් ඔබේ ගීයක් ගැන ලීවාටත්..මම හිතුවේ නිතරම ඒ ගැන මතක් කරන නිසා තරහ ගිහින් ඇති කියලා..

      Delete
  13. වර්තමාන භික්ෂූන් වහන්සේලා ගේ ඇතැම් ක්‍රියාකාරකම් නිසා අපි දුක් වෙන්නවත් තැවෙන්නවත් අපැහැදෙන්නවත් ඕන නැහැ කියන එකයි මගේ මතය නම්. මොකද අපිට තවමත් පිරිසිදු ධර්මය තියෙනවා. අනිත් එක ධර්මය කියන්නේ වර්තමාන භික්ෂූන් වහන්සේලාත් නෙවෙයිනේ...

    ReplyDelete
    Replies
    1. අනිත් එක හැමදෙයකම අනිත්‍යය මෙනෙහි කරන්න හොඳ අවස්ථාවක්!

      Delete
  14. අදට ගැළපෙන විදියට යම් යම් නීති රීති සංශෝධනය වීමේ වරද්දක්නම් මම දකින්නෙත් නැහැ. රාජ් ලිපියක් දාලා තිබුනා ඒ ගැන. ඒත් ඒවා අනවශ්‍ය විදියට වෙනස් වෙන එකයි වැරදි. වැදගත් දෙයක් හිතන්න පොළඹන ලිපියක් රූ....

    ReplyDelete
    Replies
    1. මමත් ඔයත් එක්ක එකඟ වෙනවා සයුරි..
      ස්තුතියි..

      Delete
  15. //මම මිසිස් වුවද මම කවදාවත් ඇන්ටීට ඒ ගැන කියන්නට නොගියේ ඇයි කියා මම තවමත් කල්පනා // අයියෝ මට දැනුන වේදනාව.. ඒත් කමක් නැහැ ඔයා ගෑණු පරානයක් කියල දැනගත්තා.

    ඒ දේ සම්පුර්ණයෙන්ම වැරැද්ද හාමුදුරුවොන්ටම වෙන්න විදියක් නැහැ. මොනවා වුනාත් හිතන්න දෙයක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. //අයියෝ මට දැනුන වේදනාව//
      හික්ස්..මොනවා කියන්නද මේවට..:D
      පොස්ටුවේ තිවුන සීරියස් මෝඩ් එක සම්පූර්ණෙන්ම කෑවා කියන්න තමා වෙන්නෙ...

      දෙවනි කෑල්ල එක්ක මාත් එකඟයි..ඒත් ප්‍රශ්නේ අපි වෙනස් වෙන්න විචාරශීලීව හිතන්න කැමතිද කියන එක..ස්තුතියි

      Delete
    2. රූ නෝනා මහත්තයෙක් ය කියලා බොහෝ දෙනෙක් හිතුවේ අර මුලින්ම කාර් කතන්දර ලියන්න ගිය හින්දානේ.

      අන්න දැක්කා නේද ස්ටීරියෝ ටයිපින් සහ සෙක්සිසම්?

      Delete
    3. ම්..කතන්දරයේ මතකයට ස්තුතියි..ඒක ඔබ වැන්නෙකුට මතක තියේවි කියලා විශ්වාස කරන්න අමාරුයි..

      ස්ටීරියෝ ටයිපින් සෙක්සිසම් ගැන සමකාලීන කළමණාකරණ ප්‍රවනතා විශයෙහි ඉගෙන ගත්තට පස්සෙ හෙව්වෙ නෑ..ආපහු විකිපීඩියා ගිහිල්ලයි රිෆෙෂ් කරගත්තෙ..

      නානත්ථ කායා නානත්ථ සංඥා කියලා මිනිස්සු හිතන විදිහ ගැන කියලා තියන නිසා ඒකේ වැරැද්දක් නෑ..ඒක නිසා මම කොච්චර වෙනස් දේවල් කලත් ඒකට අන් අය දක්වන ප්‍රතිචාර අගතියෙන් තොරව බලන්න පුරුදු වෙලා..(සමහර විට සරසවියේදී ලැබූ අත් දැකීම්වල පන්නරය වෙන්න ඇති)..

      ඒත් මේ ස්ටීරියෝ ටයිපින් නිසා ලෝකයේ ගොඩක් ලස්සන දේවල් ගොඩක් අයට මග හැරෙනවා..

      කතන්දරගේ ආකල්පයේ (ඔබ කැමති දේ පොස්ටු තුල ලියැවෙන නිසා එයින් ඔබේ ආකල්පය පෙන්නවා කියලා උපකල්පනය කලොත්) මම දකින වෙනස මෙයයි. ඔබට ලෝකයේ ඇති සංකීර්ණත්වය පිළිගැනීමට ඇති හැකියාව අගය කරමි..

      Delete
  16. මම ඇත්තටම දැකලා තියෙනවා, තාමත් දකිනවා පිඬුසිඟා වඩින හාමුදුරුවරු කීප නමක්ව. කකුල් වලට සෙරප්පුවක් වත් නැතුව, ඕනේ මඩ තියෙන පාරක වඩිනවා. බිම බලාගෙන, අඩියෙන් අඩිය කල්පනාවෙන් තිය තිය.... දකින්නේ ටික වෙලාවකට වුනාට, ඒක හරි අපූරුයි.

    //මම මිසිස් වුවද මම කවදාවත් ඇන්ටීට ඒ ගැන කියන්නට නොගියේ ඇයි කියා මම තවමත් කල්පනා// කවුරු හරි මංගල යෝජනාවක් කරලද කොහෙද. කෙලින් කියන්න බැරි නිසා ප්‍රසිද්ධියේ බ්ලොග් එකේ දැම්ම නේද..? ඈ...???

    ReplyDelete
    Replies
    1. මංගල සුත්‍රයෙත් තියනවා නේද මනාව පිළිපන් මහණුන් දැකීම මංගල කාරණයක් කියලා..මාළුවගේ කතාව ඇත්ත..

      කසාද බැඳලත් ටික කාලයක් ගිහිල්ලා නිසා මේ නහින දෙහින කාලෙ මොන මංගල යෝජනාද අප්පා..:(
      තව සතියක් ඉන්නකෝ ඒ පොස්ටුව එනකම්..

      Delete
  17. හැම දේම මොඩිෆයි වෙනකොට පිඬුසිඟා වැදීමත් මොඩිෆයි නොවී තියේවිද. සිරිත් විරිත් වලට යන කල දසාවක්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..කාලයේ තාලය..!!

      Delete
  18. නරකද හාමුදුරුවන්ට පීසා හට් එකෙන් ඕඩරයක් යැව්වා නං පන්සලටම ඩිලිවර් කරන්න පුළුවනි නේ?

    ReplyDelete
    Replies
    1. එහෙම කරන එකේ වැරැද්දක් නෑ මට තේරෙන විදිහට..
      වෙලාවට ඩිලිවර් කරන්න පුළුවන්න නම්..එත් එහෙම වුනොත් හාමුදුරුවරුන්ට ආනාගතයේ පීසා විතරයි වලඳන්න වෙන්නේ..!!

      Delete