Saturday, March 31, 2012

සිඟිති නුඹට..

නෙතඟ ගිලිහුනු කඳුලු වැල්
මුවග පොපියන සිනා මල් වී
පිපෙන දිනයක
සිඟිති නගේ මලේ...
නෙතු කඳුළු පිසදා 
දෙතොලඟ වචන පොඩි රන්දා
කතා කරපන් ලෝකයට
නිදා සිටිනා ඇස් කන් පියා...

සිතුවම් කරපන් කඳුළු සායමෙන්
ජීවන සිත්තම නුඹගේ 
දිනයක තුටු කඳුළු වසින තුරු
සිඟිති සිත් දවනා 
ගිනියම් වු සිතුම් රැල් නසා
දිනා ලෝකය යම් දිනක
සිනාවෙයන් එක්ව
අත් පටලලා....

පින්තූරු අනුග්‍රහය: http://www.realworldimage.com

28 comments:

  1. දිනූ ලෝකයේ එක්ව අත් පටලලා සිනාවෙන එම දිනය කවදා උදාවෙයිද???

    ReplyDelete
    Replies
    1. ඒ දවස එකනම් අපිත් උදව් කරමු නේද?

      Delete
  2. කුරිරු ලෝකය වෙත
    …ඔබ නො ඒවි නම්
    …ඔබේ සිනා වැල්
    …සදා මුවගේ රැඳෙනු ඇත...

    ReplyDelete
  3. දුක හිතෙනවා ඒ පුංචි මූනු පොඩ්ත්ත දැක්කාම.

    ReplyDelete
    Replies
    1. මේ පොඩ්ත්තිව නම් මම හොයාගත්තෙ හයිටි වලින්..

      Delete
  4. ඒත්..ඇත්තටම ඔවුන්ට ජීවිතේ කවදකමහරි හිනාවෙන්න දවසක් උදා වෙයිද?

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට සිනාවෙන එක ගැන එයාලට අමතක වුනු දවසක..

      Delete
  5. එහෙම දවසක් උදා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු අක්කේ..

    ReplyDelete
    Replies
    1. අපිටත් මොනවහරි කරන්න පුළුවන් නම්...

      Delete
  6. එහෙම දවසක් කවදාවත්ම ඒවිද කියල හිතෙනවා..........

    ReplyDelete
    Replies
    1. ඒකට වගකියන්න ඕනෙත් වැඩිහිටි අපිම නේද?

      Delete
  7. එහෙම දවසක් උදාවෙන්නම ඕනෙ ඒ අහිංසක ජීවිත වලට..

    ReplyDelete
  8. "නැති බැරි කම හතර අතේ පාවෙනවා සුලඟවගේ"
    මේ ප්‍රේමකතා නවතා මොහොතක් අපි අවට බලමු ඇස් ඇරලා..

    ReplyDelete
    Replies
    1. හ්ම්..මේ විදිහට ගියොත් ප්‍රේම කතා ඉවර වෙන පාටක් නෑ..

      Delete
  9. මේ පින්තූරේ ඕන උනත් අපිට ගන්න වෙන්නෙ සල්ලි ගෙවලා. ඒත් මේ පොඩි එකා ඒවා දන්නෙ නෑ!!!!!

    ReplyDelete
    Replies
    1. පොඩි එකා දැනගත්තත් කරන්න දෙයක් තියනවද බුද්ධි...?
      ඒ අතින් බැලුවත් එයා වගේම අපිත් අසරණයි..

      Delete
  10. එහෙවු දවසක් ලගදීම උදා වේවා.........

    ReplyDelete
    Replies
    1. ම්..මමත් ඔයත් එක්ක එකතුවෙලා ප්‍රාර්ථනා කරනවා

      Delete
  11. හැමෝම වගේම මමත් ඒ දවස එනකන් බලාගෙන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ම්..බලා හිදිමු අපි දෑස් දල්වා..

      Delete
  12. ලස්සනයි අක්කේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලේ..මේ සීරීස් එකේ කවි තව ටිකක් තියනවා..

      Delete
  13. ඔන්න මතක් කරගන්නත් එක්කම ඔයාගේ බ්ලොග් එකේ මුලටම ගිහින් ආවා අක්කේ

    ReplyDelete
    Replies
    1. කොහොම වුනත් ගොඩක් ස්තුතියි..අනේ මන්දා විභාගෙ ළං වෙද්දි ඔයත් කරන වැඩ..!!

      Delete
  14. එහෙම දවසක් එනකන් අපිත් බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අපි මහන්සි වුනේ නැත්තං එහෙම දවසක් එයිද දන්නෑ මලේ.

      Delete